💀💀👊💣 වලිය 💣👊💀💀
C O O L M A C H A N C O O L
"මුහුදේ යමු මසුන් මරන්න
වෙරලේ ඔරුව දියත් කරන්න
වේලි වේලි ඉන්න අපට කෙල්ලො
ලබා දෙන්න දෙවියනේ
අප රැකග... "
නවත්තපං යකෝ ඕක ... සිංදුව කියලා ඉවර කරන්නත් කලින් මගෙ අතේ තිබ්බ ප්ලාස්ටික් බෝතලෙත් උදුරගෙන තිසරයා කෑ ගහපි
නොදකින් ගල් මූසලයා සිංදුවක්වත් කියන්න දෙන්නෑ.. මැරියන් තෝ.. තිසරයට වඩා සද්දෙට කලුවා කෑ ගහපි..
තෝ දන්නවද යකෝ අද තමා අපේ දවස.. අද සිංදුවක් නොකියා කවද සිංදු කියන්නද බං .. කෑවනෙ ආතල් එක .. මූත් එක්ක බෑ බං රෙද්ද .. අච්චර ලස්සනට කියපු සිංදුව කෑවනෙ.. උලමා .. දෙන්න හිතෙනවා මූණ සම්බෝල වෙලා යන්න ..
හරි ඔන්න පටන් ගත්තා වලිය.. කලුවා තිසරයට බනිනව .. තිසරයා කලුවට බනිනව අපි කට ඇරං බලන් ඉන්නවා ..
ඔව් ඔව් මං දන්නවා හු#*$@ අද වැඩිහිටි දිනේ කියලා ..
සක්කිලියො වැඩිහිටි දිනේ ගැන නෙවේ කිව්වේ ළමා දිනේ ගැන .. පොල් බූරුවා..
කලුවට මල පැනලා ආයෙත් කෑ ගහපි තිසරයට
සිංදුව පස්සෙ කියාගනින් ප#%.. කොමස් එකේ වලියක් ... පැට්ටා නෙලනවා අරූට අම්බානකට .. යමං..
තිසරයගෙ කතාව ඇහුන විතරයි කුලප්පු වෙච්ච මී හරක් ටික වගේ ළඟ ඉන්න උන්වත් තල්ලු කරන් අපේ උන් ටික නැගිට්ටෙ වලියට යන්න .. ඇත්තටම කිව්වොත් ඔක්කොම උන් නැගිට්ටා නෙවෙයි නැගිට්ටුනා..
අඩෝ නෙලමු බං යමං ..
ගොඩ කාලෙකින් වලියක් සෙට් උනෙත් නෑ .. යමං යමං ...
ඉවර වෙන්න කලින් යමං යකෝ ..
කියාගෙනම කලුවයි , තිසරයයි, ජෙමායි,තඩියයි අහක හිටපු උන්වත් ඇදගෙන දිව්වා කොමස් 1 පැත්තට
අදුරනවද නැද්ද කියන එක අදාළම නෑ .. වලිය කොහෙද අපේ උන් එතන .. අන්න ඒකයි තියරිය.. අනික ඉතින් බ්ලොක් වෙලා වගේ තිබ්බ අත පයවල හිරිඇරගන්න මීට වඩා හොද චාන්ස් එන්නෙ නෑ කියලා දන්න නිසාම ඩෙස් එකත් පෙරලගෙනම මාත් නැගිට්ටා .. මං නැගිටිනවත් එක්කම මොකාද මන්දා පිටට තට්ටුවක් දාලා
අයියෙ ඔයා නේද දිනුක අයියා .. ඔයාට ප්‍රින්සිපල් එන්න කියන්න කිව්වා ..
නොදකින්.. කොටියම කාපිය ...
ලබු ඇට දෙකක් උස නැති පොඩි එකෙක් එහෙම කියද්දිම මට මල පැන්නෙ පිනා එක්ක .. ඇයි යකෝ මටම මේ වෙලාවෙම කතා කරන්නෙ .. මූත් ඇවිල්ලා මටම තට්ටුව දාලා කිව්වනෙ ඒකත්.. ශිට් .. දැන් ඉතින් කරන්න දෙයක් නෑ වලිය මිස් කරගන්නත් බෑ පිනා ළඟට නොයත් බෑ .. පිනාට මූණ පෙන්නලම වලියට යනවා හිතාගෙන මං පිනාගෙ රූම් 1ට ගියා .. නැත්තං ඕකා පන්න පන්න පලි ගන්නවා .. මං දන්නෙ නැද්ද පිනාගෙ හැටි..
...........................................
C O O L M A C H A N C O O L
අඩෝ දිනුක තෝ කොහෙද හු#&$ ගියෙ .. අපි හෙව්වා හැමතැනම ..
බලපං තිසරයා පිනා කතා කලා .. ඒකට බෙල්ල දාලා ඉක්මනට එන්න හැදුවෙ වලියට .. කොහෙ එන්නද බං අරූ කියවන කියවිල්ලට බෙල් එක ගහපු නිසා නැවැත්තුවෙ නැත්තං ඌ තව කියවනව.. හෝතඹුවා..
අපෝ ...කමක් නෑ බං ඒක ගැන හිතන්න එපා.. තව වලියක් පෙන්ඩිං. ඉවසලා හිටපන් ටිකක්
හම්මට ඒ මොකෝ ..ඇයි උබලා ගැහුවෙ නැද්ද ..
ඒ තිසර ඊට කලින් කියපන්කෝ උබලා මොකාටද ගහන්න ගියෙ මොකක්ද දැන් උනේ කියලා ..
හරි .. උබට මං සෝට් ඇන්ඩ් සුවිට් කියන්නම්..
මේකයි උනේ..
මුන් ටික පැට්ටා ළඟට ගිහින් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව අතට අහුවෙන හැම එකාටම නෙලන්න ගත්තා ඇපත් නැති වෙන්න .. මං ශේප් එකේ පැට්ටව පැත්තකට යවලා ආයෙ එන්ටර් උනා වලියට .. නැත්තං පැට්ටා අරූව මරලා තමා නවතින්නෙ ඒ තරමට මල පැනලා ඌට ..
පොල් බූරුවෝ..
යකෝ තෝ අරූ .. අරූ කියන්නෙ මොකාටද කියලා ඉදපිය සේරටම කලින්..
අගක් මුලක් නැතුව තිසරයා කියන කතාව අහන් ඉන්න බැරිම තැන මාත් කෑ ගැහුවා ..
හුටා ... සමාව දීපං කෝප්පෙකට හරි බැරල් 1කට හරි දාලා. මට ඒක කියන්න අමතක උනා නෙ කලින් .. සොරි වෙන්න ඕනෙ..
අරූ කියන්නෙ අර කොමස් 1ට අලුතෙන් ආව දිනේෂ්ට බං ..පැට්ටා වගේම ඩයල් 1ක් ඉන්නෙ.. අන්න ඌ ඇගේ හැප්පිලා පැට්ටගෙ. ඒකට යකා නැගලා තමා අරූ නෙලුවෙ..
ටහුඩු. යකෝ ඌද.. මටත් ඕකව පේන්න බෑ බං ගහමු ආයෙත්. කලුවා මොකෝ කියන්නෙ ගහමුද.
අනේ යකෝ තෝ හිතුවද ආයෙ ඌට එක දවසින් නැගිටගන්න මං ඉඩ තියයි කියලා.
වලිය මැදදි දෙයියො දැක්කා වගේ උගෙ ෆේස් කට් 1 දැක්කා යකෝ මං.දැක්ක සැනින් ඇදලගත්තා මං ඌව කොලර් එකෙන්. ඔලුව උගෙ කකුල් අස්සටම ඔබලා ඇස් වහගෙන යකෝ ගැහුවෙ. මං ඌට ගැහුවා ගැහිල්ලක් නසරානි වෙන්නම..
අන්තිම ශොට් එක නම් වදින්න ඇති බං සුපිරියටම.. මොකක්ද මංදා එකක් මේසෙ උඩ තිබිලා අතට අහු උනා දීලා ඇද්දා මං ඒකෙන් ඔළුවටම.. ඊට පස්සෙ ඉතින් ඉතුරු වෙලා හිටපු අනිත් උන්ව පතුරු ඇරියා. අරූට විතරක් ගහන්න බෑ නෙ බං අනිත් උනුත් පව් නෙ..
මගෙ අම්මේ මූ ඒක රස කර කර කියන හැටි විතරක් ..කලුවා නෙවෙයි මූ නම් මරුවා..එසේ මෙසේ මරුවෙක් නෙවේ මඟ මරුවෙක්. නෑ නෑ මිනීමරුවෙක් ..
(නෑ නෑ ඕක මට හිතිච්ච දෙයක් විතරයි ඌට කියන්න ගියෙ නෑ .. එහෙම කියලා තියෙන දත් ටිකත් නැති නාස්ති කරගන්න මට ඕනෙ නෑ )
හරි දැන් කෝ එතකොට පැට්ටා??
මෙච්චර වැදගත් කතාවක් මිස් කරලා ඌ කොහෙවත් යන්නෙ නෑ කියලා දන්න නිසාමයි මං කලුවා දිහා බලලා එහෙම ඇහුවෙ..
ඌට වලිය මැදදි පාරක් වැදිලා ජෙමා දැකලා බෙහෙත් දාන්න අරං ගිහින් බං .. ශිට් ඌට ගහනවා දැක්කෙ නෑ නෙ බං. ගහපු එකා මොකා උනත් කෑලි කපනව මං නම් ..පාහරයා.
හෆොයි.. කලුවගෙ යක්ෂ පාට් එක ෆුල් ක්ලීන් වෙලා පේනවා මූ බෙරිහන් දෙන විදියට.. කලර් එකේ නම් වෙනසක් නෑ තව පොඩ්ඩක් දිව දිග වෙලා ඉස්සර දත් දෙකත් එලියට ආවා නම් ෆට්ට..
දිනුක .. තෝ මොකෝ ඒ පාර මගෙ මූණ දිහා බලන් ඉන්නෙ ..
දැන් ඉතිම් කාලා වරෙන්කො මූ ඒකත් දැකලා..
නෑ බං මං මේ ... මේ .. මං බැලුවෙ බං උබෙ ෆොටෝ 1ක් දාලා කැලන්ඩරයක් ගහන්න සිස්ටම් 1ක් නැද්ද කියලා ..
ඇයි උබලගෙ මාමාගෙ කම්පැණියටද??
අනේ නෑ බං අපායෙ පෝස්ටරේකට..
(හුටා .. ඒක නම් හිතුවා නෙවේ කියවුනා ඇත්තටම .. දැන් ඉතින් තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගෙ පිහිට ආරක්සාව තමා )
මොකක්ද ගස් හිවලො තෝ කිව්වෙ ..
කියාගෙන පුටුවත් පෙරලගෙන මූ ආපි මගෙ ළඟට මූව කූල් ඩවුන් කරන්නෙ කොහොමද කියලා හිතනකොටම දෙයියො බේරුවා වගේ
ජෙමා ආව එතනට .. හැබැයි ආවෙ තනියම ..
පැට්ටා කෝ බං .. කියාගෙන සේරම උන් ජෙමාව වට කරගත්ත නිසා මං බේරුනා.. නැත්තං අරූ මාවත් කෑලි කපලා ගඟක මුහුදක දානවා ශුවර් ඒ තරමට අණක් ගුණක් නැති එකා ඕකා ...
පැට්ටගෙ ඔළුව පැලිලා මැහුම් දාන්න උනා බං .. ඌට හොදටම ගහලා බං ක.....
ජෙමාගෙ කතාව ඉවර වෙන්න කලින් කලුවා සුපුරුදු විදියටම මැද්දට පැන්නා ..
මොකක් මැහුම් දාලා .. එතකොට දිනේෂයට මොකෝ ඌගෙත් ඔලුව පැලෙන්න ඕනෙ හරි නම් මං ගහපු ගැහිල්ලට...
දිනේෂ් ගැන නම් මං දන්නෙ නෑ බං පැට්ටට මැහුම් අටක් විතර දාලා .. ගහලා තියෙන් ....... කියලා ජෙමා කියද්දිම
මැහුම් අටක්??.. මොකාද යකෝ ඌට මැහුම් දාන්න තරම් ගහපු පාහර බල්ලා.. ඇත්තමයි ඕකව නම් මං ඉතුරු කරන් නෑ මොකා උනත්.. පැට්ටට අත උස්සන්න තරම් හයියක් තිබුන එකා මොකාද..
කියපං මොකාද ගහලා තියෙන්නෙ කියලා.. කොයි ලෝකෙ හිටියත් මං ඕකව නම් හොයාගෙන ගිහින් බාවනවා අරූට කරපු දේට.. පරයා ...
මොකා උනත් අද නම් ඒකා ඉවරයි කියලා විතරයි මං දන්නෙ කලුවා ආවේස වෙලා හොදටම .. දැන් ඉතින් මුගෙන් බේරෙන එක කරන්න අමාරු වැඩක් නෙවෙ කරන්න බැරි වැඩක්.. ලෝකෙ පෙරලලා හරි පැට්ටට ගහපු එකා හොයන් ගිහින් මූ නෙලනවා ශුවර් ..
ඌට ගහන්න බෑ බං උබට..
එකපාරටම ජෙමා කියපි..
මොන අපබ්බ්‍රංස කතාවක් ද යකෝ ඇයි ඒ බැරි .. මොකා උනත් මට අදාළ නෑ මං ගහනවා .. අනික ඌව නිකන් අතඅරින්න කියලද උබ කියන්නෙ.. අනේ බං මේ මගෙ යක්ෂයා ආරූඪ කරන් නැතුව කියපන් මොකාද පැට්ටට ගැහුවෙ කියලා .
ඉක්මනට කියපං මොකාද කියලා ..
මූව පුපුරලා මැරෙන්න කලින් කියපං යකෝ මොකාද ගැහුවෙ කියලා ..
ඉවසන් ඉන්න බැරිම තැන මං ආයෙත් කෑගැහුවෙ කලුවට තව යකා නැග්ගොත් වෙන දේ මං දන්න නිසා..
හරි උබලට දැන ගන්න ඕනෙ ගැහුවෙ මොකාද කියලා නෙ .. මං කියන්නම්.. පැට්ටට ගහලා තියෙන්නෙ කලුවා .. දිනේෂ් කියලා හිතාගෙන තෝ ඔලුව පලලා තියෙන්නෙ අපේ පැට්ටගෙ යකෝ .. උබ මෙච්චර වෙලා කුනුහර්පෙන් බැන ගත්තෙත් උබටම තමා ..
හරි හරි ඉතින් පොඩි පොඩි මිස්ටේක් වෙනවා තමා බං .. මීට පස්සෙ මං ඇස් වහගෙන ගහන්නෙ නැතුව අයි ඩී එක චෙක් කරලා ගහන්නම්.. කියලා කලුවා ශේප් එකේ එතනින් මාරු වෙලා ගියෙ අපේ උන් මොනා කියයිද කියලා හිතාගන්න බැරුව...
C O O L M A C H A N C O O L
කොහොමද ඒක..ඇ..
..
Hashi weerasekara..
No comments:
Post a Comment