❤💞පාසල් ප්‍රේමය💞❤
මම අරුණ....අරුණ ප්‍රභාත්.පිරිමි ළමයි දෙන්නෙක් හිටපු පවුලක බාලම ළමයා උනේ මම.අම්මගෙයි තාත්තගෙයි අයියගෙයි තුන්දෙනාගෙම ආදරේ මැද හුරතල් විදිහටයි මම හැදුනෙ වැඩුනෙ.මම ඉස්කොලෙ ගියෙත් අයියා ගියපු ඉස්කොලෙටම නිසා අයියා හොද නම තියාගෙන හිටපු නිසාත් මට ඉතින් ඉස්කොලෙන් අමුතුවෙන් ගොඩනගා ගන්න කියල දෙයක් තිබුනෙම නෑ.ඉස්කොලෙ ගුරුවරු පවා අයියා තියපු හොද නම නිසා මටත් අයියට වගේම ආදරෙ කරා.මම මිශ්‍ර ඉස්කොලෙකට ගියපු නිසා ගෑණු ලමයි පිරිමි ලමයි කියල වෙනසක් තිබුනෙම නෑ....අපි ඔක්කමල හිටියෙ එකටමයි.ඒත් ඒ ගෑණු ළමයි අතරෙ තමා මගෙ හිත හොරකම් කරපු කෙනත් හිටියෙ....
සිත්මි....සිත්මි අයේෂා....ඉස්කොලෙ කොච්චර ගෑණු ළමයි හිටියත් මගෙ ඇස් හෙව්වෙම සිත්මිව විතරමයි.මගෙ හිත ඉල්ලුවෙත් සිත්මිව විතරමයි.හැමදාම ඉස්කොලෙට ගියාම උදේ පාන්දරම මම බලන් ඉන්නෙ සිත්මි එනකන්....සිත්මි කියන්නෙ සුදු ලස්සන කෙට්ටු කෙල්ලක්.සුදු ගවුම ඇදල කොන්ඩෙ කරල් දෙකට ගොතල පොත් ටික පපුවට තුරුල් කරන් එනකොට මට සිත්මිව මැවිල පෙනුනෙ සුරංගනාවියක් වගෙයි.මට හීනෙන් පවා මැවිල පෙනුනෙ සිත්මිවයි.ඒත් මන් මගෙ ආදරේ හිතේ තියාගෙන හිටියෙ ආදරෙ ගැන කියල සිත්මිගෙයි මගෙය යාලුකම නැතිකරගන්න බැරි නිසාමයි........
"ආ....good mornig අරුණයා...."
"Good morning මචං....."
"මොකද බං හැමදාම උදේ පාන්දරම ඇවිත් මෙතන්ට වෙලා හිටගෙන පබයා වගෙ ඉන්නෙ...."
"අඩෝ....එහෙම නෑ බං...."
"නැත්තෙ මොකද???කෑල්ලක්වත් ලයින් කරනවද???"
"එහෙමත් සීන් එකක් තමා ලාවට වගෙ...."
"ලාවට වගේ....අඩෝ....අඩෝ.....කවුද???...කවුද කියපන්කො....."
"අඩෝ උබල චාටර් කරන්න නම් එපා ඈ....."
"පිස්සුද බං.....අපි එහෙම කරනවද බං....පුලුවන්නම් සප් එකක් දෙනව ඇරෙන්න චාටර් කරයිද බූරුවො....."
"නෑ....නෑ....හරි...හරි ඉතින්....."
"හරි නෙවෙි....කියපන්කො....කවුද කෑල්ල කියල...."
"සිත්මි බං....අනේ කෑගහල ආතල් දීලා චාටර් කරන්න නම් එපා....."
"පිස්සුද බං.....සිත්මි කීවෙ අර සුදු ලස්සන පට්ට කෑල්ල නෙ....හැබැයි බං....ලයින් කරන්න නම් ටිකක් අමාරු වෙයි....."
"අමාරුයි කියල බෑනෙ බොක්ක....කොහොම හරි කරගන්න ඕන....."
"එල....එල....අපි ෆුල් සප් එක දෙනව....."
කාලයක් තිස්සෙ මම විතරක් දැනගෙන හිටපු ඒ රහස මම යාලුවන්ටත් කීවෙි උන් මගෙන් බල කර කර අහපු නිසාමයි.......එදා ඉදන් මම හැමදාම උදේට සිත්මි එනකන් බලන් ඉන්නකොට.....
"ආ....මල් කුමාරයා....එල...එල....බලන් හිටපන් අපි ගියා....."
මෙි වගේ එක එක විහිලු කරේ මාව අවුස්සන්නමයි.ඒත් සිත්මි සිත්මි එක්ක හිටපු කිසිම වෙලාවකදි මට වචනයක් වත් උන් නොකියා හිටියෙ සිත්මි කියන්නෙ ටිකක් ආඩම්බර කාර කෙල්ලක් නිසා මට සිත්මිව මගෙ ආදරී කරගන්න බැරි වෙයි කියල හිතපු නිසාමයි......
කාලයක් තිස්සෙ සිත්මි ගැන මගෙ හිතේ විතරක් මම අදහස තියාගෙන හිටියත් සිත්මි නිකන්වත් ඒ ගැන නොදන්න නිසාම මම ඒ ගැන එයාට දැනෙන්න ඇරියත් එයා මාව වැඩිය ගනන් ගත්තෙම නෑ.....කාලයක් තිස්සෙ පස්සෙන් ගියපු නිසාම මටත් එපා වෙලා තිබුන නිසාමයි වෙන දෙයක් වෙන්ඩ කියල හිතාගෙන මම සිත්මි එක්ක කතා කරේ.......
"සිත්මි....පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද???"
"ම්ම්ම්....කියන්න ඉතින්...."
"හැබැයි මට දෙයක් ප්‍රොමිස් වෙන්න ඕන ඔයා....."
"හම්ම්ම්ම්....මොකක්ද ඒ...."
"මාත් එක්ක තරහ වෙන්නෑ කියල....."
"හරි ඉතින් කියන්නකො....."
"මගෙ හිතේ ඔයා ගැන අදහසක් තියෙනව....."
"ඉතින්...."
"අපෝ....ඇයි අනේ....ඉතිං කියන්නෙ.....ඔයා මොකද කියන්නෙ....."
"මන් දන්නෑ ඕව....අනික මට දැන්ම කා ගැනවත් හිතන්න බෑ....."
එදා එයා ඒ කියල ගියපු වචන වලට මට කොච්චර ලොකු දුකක් දැනුනත් මම ඒ දේවල් ගැන වැඩිය හිතන්න ගියෙ නැත්තෙ ආදරෙ නිසා මට පිස්සෙක් වෙන්න බැරි නිසාමයි....ඒත් ගෙදරදි..............
"චූටි පුතා.....මොකද මෙි....."
"ඇයි අම්මෙි...."
"මමයි අහන්න ඕන ඇයි කියල....ඉස්කොලෙ ඇරිල ආව වෙලේ ඉදන් කල්පනාවක....මොකද ප්‍රශ්නෙ......"
"ම්ම්ම් ....නැ...නැ....අම්මෙ මුකුත් නෑ....."
"එහෙනම් ඔය කල්පනා කරන්නෙ....."
"නිකන් අප්පා...."
"නිකන් නම් වෙන්ඩ බෑ පුතේ......"
"අනේහ්....අම්මට පේන හැටි...."
අම්මට එහෙම කියන ගමන් මම යන්න ගියෙ තවත් මොනවත් කියල බෙිරෙන්න බැරි නිසාමයි......ඒත් අම්මට එහෙම කියල බෙිරිල ගියත් මගෙ හිත ඉල්ලුවෙම සිත්මිව විතරමයි.......
**************************
දින සති මාස ගෙවිල දහය වසරෙ අන්තිම වාරෙ වෙනකන්ම මම සිත්මි පස්සෙන් ආදරෙ ඉල්ලගෙන ගියෙ හරියට හිගන්නෙක් වගෙයි.......
"අනේ.....අරුණ මට කරදර කරන්නෙපා.....ප්ලීස්....යන්නකො වද නොදී....."
"අනේ සිත්මි....ප්ලීස්....එකම එක පාරක් කතා කරන්නකො....."
"මට බෑ.....මට බෑ කියන්නෙ බැරි නිසා.හේතු අහන්න එපා.....එච්චරයි....."
"හරි...හරි....මෙි එහෙනමි මෙි අන්තිම පාර මම ඔයාගෙ පස්සෙන් එන....ආය කවදාවත් එන්නෙ නෑ.....සොරි කරදයක් උනා නම් පස්සෙන් ඇවිත්......මෙි පාර විතරයි අහන්නෙ.....ඔයාමට කැමතීද කියන්නකො.....මට දැන්ම කියන්න ඕන නෑ....මට හීමිහිට පස්සෙ නිදහසෙ හිතල කියන්න.......මම හිතනව ඔයා හොද උත්තරක් දෙයි කියල....නරත්තන් ඉතින් මම ජිවත් වෙන අන්තිම දවස වෙයි මෙික....."
එදා මම එහෙම කියල එයාගෙ බෑග් එකට මගෙ නම්බර් එක දාල එන්න ආවෙි එයාගෙන් මට මැසේජ් එකක් හරි කොල් එකක් හරි එයි කියල මම විස්වාස කරපු නිසාමයි.......මම හිතුව වගේම එදා හවස මට මැසේජ් එකක් ආවා.....
"Aruna....mt dnm oyat adre krnna bee....eth api hnd yaluwo.yaluwo wge imu twa tika kalyk.mt twa kal ona......"
එදා එයා ඒ එවපු මැසේජ් එක නිසා මම හිටියෙ පුදුම සතුටකිනුයි.......
**************************
විනාඩි පැය දවස් ගෙවිල සතියක් ගෙවිල ගියෙ හරිම පුදුම ඉක්මනකටයි......ඉස්කොලෙ අන්තිමට නිවාඩු දෙන දවසෙදි එයා මට එයාගෙ ආදරෙ දුන්නා.එදා ඉදන් මගෙ සිහින ලොකෙ සිහින කුමාරිකාව උනේ එයයි.......
ඉතින් ඔහොම හරි ලස්සනට අපේ ආදරෙ ගෙවිල ගියෙ එයත් අපේ ඉස්කොලෙම නිසා අපි හැමදාමහම්බෙන නිසාමයි......අපි දෙන්නම ආදරෙ කරේ අපේ ගෙවල් වලට හොරෙනුයි.....අපි o/L ඉවර වෙලා දෙන්නම ඉංග්‍රිසි කොස් එකකට ගියෙත් එකටමයි.ඒ කාලෙදිම තමා සිත්මිට.....
"නංගි....මට ඇත්ත කියපන්....කවුද ඒ කොල්ලා...."
"මගෙ යාලුවෙක්....."
"ආ....යාලුවෙක්ද....යාලු කම නිසා වැටෙයි කියලද අල්ලන් යන්නෙ.....වරෙන් යන්නඩ.....තො ගැන කියනව මම අද...."
එදා සිත්මිලාගෙ අයියා ටවුන් එක මැද මගෙ කනටත් ගහල සිත්මිටත් ගහල සිත්මිව ඇදගෙන යන්න ගියෙ සිත්මි ඉකි ගගහ අඩපු වෙලාවෙදීයි.........
එදා ඉදල දවස් කිපයක්ම අපි හම්බුනෙ ක්ලාස් එක ඇතුලෙදි විතරමයි......ඒත් වැඩිය කතා නොකරෙ කාඩ් මාක් කරන අයියා පවා සිත්මිගෙ අයියව අදුරපු නිසා ප්‍රශ්නයක් වෙයි කියල හිතලයි.......
කාලයක් යනකන් අපි කතා නොකර හිටියෙ අපට තිබුන ප්‍රශ්න නිසාමයි.....ඒ කාලෙදිම තමා අපේ රිසාල්ට් ඇවිත් තිබුනෙ.එයාට A9ක් තිබුනත් මට තිබුනෙ A7 B2යි.එයා රිසාල් එක නිසා වෙන ඉස්කොලෙකට ගියෙ උසස්පෙල කරන්නයි......ඒත් මන් හිටපු ඉස්කොලෙම හිටියෙ මන් කරන විශයන් ඉස්කොලෙ තිබුන නිසාමයි........ඒ කාලෙදිම තමා.....
"අරුණ පොඩ්ඩක් ඉන්නකො....."
"ඇයි සිත්මි...."
"අපි මෙි එෆෙයා එක නතර කරමු....."
"අනේ....ඇයි රත්තරන් ඒ....."
"අපේ අයියා ඔයා ගැන ගෙදරට කීවට පස්සෙ ගෙදර කට්ටිය ඔයා ගැන හොයල...."
"ඉතින්....."
"ඔයාලගෙ තාත්තයි අපේ තාත්තයි තරහයිලු.ඒක ලොකු ප්‍රශ්නයක්ලු.ඉතින් එහෙම නිසා මට ඔයාව ආශ්‍රය කරන්නත් එපාලු....එ්ත් මටත් ඔයාව අමතක කරන්න බෑ....."
"අනේ....අපි ගෙවල් වලට හොරෙන් ආදරෙ කරමු...."
"බෑ අරුන....අයියා දැන් මගෙ පස්සෙන්මයි......ඒ නිසා බෑ....මට බෑ ඔයාව අමතක කරන්න.....ඔයා හොදට ඉගන ගෙන ඩොක්ට කෙනෙක් වෙන්න.....එදාට අපිට එකතු වෙන්න පුලුවන් වෙයි....මම පොරොන්දු වෙනව ඔයා කවදාවත් අමතක කරන්නෑ කියල...."
"හම්ම්ම්ම්....හරි සිත්මි මැණික....අපිට කවද හරි එකතු වෙන්න ලැබෙයි.ඒත් අපේ ආදාරෙ අමතක කරන්න එපා......"
එදා ඉදල මම ටික කාලයක් දුක් උනත් පස්සෙ අපේ ආදරෙ ගැන හිතලම අපි දෙන්නම හොදට උසස්පෙල කරන්න හිතාගත්තෙ කවද හරි අපට එකතු වෙන්න ලැබෙන් කියල ප්‍රාර්තනා කරගන්න ගමනුයි.....
ලියන්නෙ: දුෂාන්.
උපුටා ගැනීමකි
No comments:
Post a Comment