❤💞ආදරෙ මා රැවටුවා💞❤
"කොහොමද නංගි....මොකො මෙි තනියම....."
"ඕන හින්ද....."
"අම්මෝ.....ඔච්චර තරහ ගන්න එපා වයසට යයි...."
"හා...."
"අයියෝ....අයියෝ මෙි....මොකද අනේ මෙි තරහ ගන්නෙ...."
"මෙි.....ප්ලිස් මට වද නොදි යනවකො හලෝ.....මොන විකාරයක්ද....."
මම සදිනි......A/L කරල ඉවර වෙලා ගෙදරට වෙලා නිකන්ම ඉන්න බැරි නිසාමයි ග්‍රැෆික් ඩිසයිනින් කොස් එකකට යන්න හිතුවෙි........
ඒ කෝස් එකට යන කාලෙදි තමා මගෙ පස්සෙන් එයා එන්න පටන් ගත්තෙ.එයා මාධව.එයත් අපේ කෝස් එකටම ආව 3rd shy exam කරපු කොල්ලෙක්........ක්ලාස් එකට ගියපු පලවෙනි දවසෙ ඉදල හැමදාම මගෙ පස්සෙන් එන්න පටන්ගෙන මට මහ කරදරයක් වෙලයි තිබුනෙ......ඔහොම මාස දෙකක් විතර පස්සෙන් ආව නිසාම මටම දුක හිතිල තමා මම එයා එක්ක කතා කරෙ......
"කොහොමද ඉතින්....මම නංගි නංගි කිවට නමවත් දන්නෑනෙ ඔයාගෙ....."
"කමක්නැ....නංගිම කියන්න....."
"හා....හා....එක ඉතින් ඔයාගෙ කැමැත්තක්....නම කියන්න අකමැතිද ඇයි....."
"නැ....එහෙම නැ....අපි යන්නම්....බායි...."
"ආ....හරි...හරි....බායි....පරිස්සමින් යන්න....."
මෙහෙම කතා කර කර යනකොට කාලයක් එක්කම අපි හොදම යාලුවො උනා...ඒ එදා මගෙ පස්සෙන් කවුදො නොදන්න කොල්ලො වගයක් එක එක ඒවා කිය කිය පස්සෙන් ආවදවසෙ....මම බයෙ බයෙ ඉක්මනට ඉක්මනට එනකොට බිම බලාගෙනම ආව නිසා නොදැනිම හැප්පුනෙ එයාගෙ ඇගේ.....මම එක පාරම සොරි කියන ගමන් එයාගෙ මුන දිහා බලනකොට තමා දැක්කෙ ඒ මගෙ යාලුව කියල.එයාට විස්තරෙ කියකොට මගෙ පස්සෙන් ආව කොල්ලො දිහා එයා බැලුවෙ යකෙක් වගෙ....එදා ඇතිවෙච්ච යාලුකම නිසාම අපි නම්බස් පවා මාරු කරගත්ත.........
එක දවසක් උදේ පාන්දරම මොකක්ද කියල හරියටම නොදන්න නම්බර් එකකින් මට මැසේජ් එකක් තිබුනා.....අදුරන්නැති නම්බස් වලට මැසේජ් ආවම රිප්ලයි නොකරන නිසාම මම ඒ මැසේජ් එකත් බලල රිප්ලයි නොකර ෆෝන් එක පැත්තකින් තියල තිබ්බෙ කවුරු හරි කරදරකාරයෙක් වෙන්න ඇති කියල හිතුන නිසාමයි......මට උදේ මැසෙජ් කරපු ඒ නම්බර් එකෙන්ම දවල් වෙලත් මැසේජ් ඇවිත් තිබුනා...ඒ මැසේජ් වල තිබුනෙ....
"Nngiyooo....online enna ko...."
කවුද කියල බලන්න හිතුන නිසාමයි මම නිකමට වගෙ වයිබර් ඔන්ලයින් ගියෙ....ඒ වෙන කවුරුත් නෙවෙි....එදා මගෙ පස්සෙන් කොල්ලො කට්ටයක් එනකොට මම බයෙ බිම බලාගෙන යනකොට ගිහින් හැප්පුන කෙනා......වයිබර් වල දාල තිබුන ෆොටො එක නිසයි අදුරගන්න පුලුවන් උනෙත්..එයා මාධව.එදා තමා මම එයාගෙ නම දැනගත්තෙත්.....
Madhawa : hi nngi....khmd itn....
Me : hi...hi....hndai anew....
Madhawa : mk nnga...
Me: mukuth ne anew....oheee innw....
අපි මුලදි එහෙම චැට් කරා...කාලයත් එක්කම අපේ යාලු කම එන්න එන්නම වැඩි උනා....ඒ යාලුකම ආදරේකට පෙරලෙන්න වැඩි කාලයක් ගියෙ නැ.....ක්ලාස් ඉවර වෙලා එනකොට දවසක් එයා.....
"නංගි දෙයක් අහන්නම්....ප්ලිස් බෑ කියන්න නම් එපා....."
"හම්ම්ම්ම්ම්.....මොකක්ද???? "
"තරහ වෙන්නැ කියල ප්‍රොමිස් වෙනවද....."
"හමිම්ම්ම්.....ඔවු....ඔවු වදේ....මොකක්ද කියන්නකෝ....."
"මම ඔයාට කැමති නංගා......"
"හම්ම්මිමිම්ම්....."
"අනේ ඉතින් හම්ම්ම්...හම්ම්ම්ම් ගාන්නැතුව උත්තරයක් දෙන්නකො....."
"මට දැන්ම කියන්න බැ....එකට කල් ඕන....."
"හරි හරි එකට කමක්නැ....ඔයා කැමති කාලයක් අරන් මට උත්තරයක් දෙන්න....මම බලාන ඉන්නව....."
මාධවට උත්තරයක් දෙන්න කාලයක් ඕන කිවත් මගෙ හිතේ එයාට කැමැත්තක් තිබුන නිසම ගෙදර ආව ගමන්ම මම ෆෝන් එක ඇරගෙන එයාට මැසේජ් කරේ මම එයාට මගෙ හිතේ තිබුන කැමැත්ත කියන්නමයි......
****************************************************
Madhawa : nngi ptyoooo....oya khd inne menika....
Me :maga enagmn aiya....twa winadi 10n twn ekt enw....
Madhawa : hri ptyo prissmin enna.....
Me : hmmmmmm....hri....
අපි දෙන්නම ක්ලාස් එකට ගියෙත් ක්ලාස් ඇරිල ආවෙත් එකටමයි........අපේ ආදරේ දැකපු හැමෝම වගෙ අපි වගෙ ආදරෙ කරන්නත් පටන් ගත්ත.එච්චරටම ලස්සන ආදරයක් තමා අපට තිබුනෙ....අපේ ආදරෙ එන්න එන්නම ලස්දනට දලු දානකොට එකට ඊරිසියා කරපු කට්යත් හිටියෙ නැත්තෙම නැ......මෙහෙම කාලයක් යනකොට දවසක්......
"මැණික.....අද ක්ලාස් යන්න බෑ වගෙ සත්තලන්....."
"අනේ.....ඇයි ඒ......"
"ඔයා යන්න...මට එන්න බෑ වගෙ පැටියො...."
"අනේ එහෙම කියන්න එපා...ඔයා නැත්තන් මම යන්නෙත් නැ....."
"හම්ම්ම්ම්ම්.....අනේ මන්ද ඔයානම්....."
"ක්ලාස් යන්නැතුව අපි කොහෙද අයියෙ යන්නෙ ඉතින්......"
"ම්ම්ම්ම්ම්ම්.....අපි ෆිල්ම් එකක් බලන්න යමු...."
"ඒත් සල්ලි....."
"එක මම දෙන්නම්කො....ඔයා එන්නකො....."
ජිවිතේ කවදාවත් තනියම පිරිමි කෙනෙක් එක්ක ෆිල්ම් හොල් එකක තනි නොවුන මම එදා තනි උනේ ජිවිතේ පලවෙනි වතාවටයි.එදා තමා එයාගෙ පලවෙනි කිස් එක ලැබුනෙ.එයා මගෙ නොඉදුල් දෙතොල එයාගෙ කරගත්තෙ හරියට පිස්සෙක් වගෙ.........මම මුකුත්ම නොකියා ඉවසගෙන හිටියෙ අපේ ආදරෙ ගැන හිතලමයි......
කාලයත් එක්ක එයා ක්ලාස් කට් කරන එක එන්න එන්නම වැඩි කරා.....එයාගෙ බල කිරිමටමයි මම එදා එයා එක්ක බිත්ති හතරකට තනි උනේ.....
"අනේ අයියෙ මට යන්න බැ....ප්ලිස්....."
"ඔයාට මාව විස්වාස නෑ නේ....එකනෙ නේ බෑ කියන්නෙ....."
"අනේ නෑ මහත්තයෝ....."
"මෙි අංජලි බොරු කරන්න එපා....මට ආදරෙයිනම් මාත් එක්ක එනවනෙ...."
"අනෙ අයියෙ......."
එයාගෙ ඒ වචන නිසාම මම එදා අසරණ උන විදිහ දන්නෙ මම විතරයි....එදා එයා කෙල්ලො සිය ගානක් තමන්ගෙ ආදරෙ රැකගන්න පිරිසිදු කම පුජා කරපු ඒ මෙට්ට උඩ මාත් අන්ත අසරන උනේ ආදරේ කියන අකුරු හතර නිසාමයි.......එයා මාත් එක්ක හිටපු හැම දවසකම ෆොටො ගත්තෙ මතක සටහන් විදිහට තියාගන්න කියලයි......
අපේ කොස් එක ඉවර වෙනකොටම වගෙ තමා අපේ රිසාල්ස් ආවෙත්.එයා A3ක් අරන් කැම්පස් යන්න පාස්වෙලා තිබුනා....එදා තමා මගෙ හිතට පුංචි බයක් දැනුනෙ......
"මාව තනි කරන්නැ නේද අයියෙ...."
"කවදාවත්ම නෑ මැණික......"
"කැම්පස් ගියාම මෙි පොඩි කෙල්ල නිකන්ම නිකන් කෙල්ලෙක් විතරක් වෙයිද ඔයාට...."
"පිස්සු කියවන්නෙපා මැට්ටි....ඔයා දැන් මගෙ වයිෆ්...."
"වෙනස්වෙන්නෑ....සත්තයි කියල පොරොන්දු වෙන්න....."
"සත්තයි මැනික....කවදාවත්ම නෑ......"
එදා එයා මගෙ ඔලුවෙ අත තියල දිවුරල පොරොන්දු උනා වගේම එයා කැම්පස් ගියත් මට කිසිම වෙනසක් කරෙ නැ.....එත් කැම්පස් එකේ ටික කාලයක් යනකොට එයාගෙන් ආව කොල් මැසේජ් අඩු උනා.....මම කොල් කරත් කට් කරනව.....හෙතුව අහපු හැම දවසකම කිවෙි ලෙක්චස් වල කියලයි....මම එයාට වචනයක් වත් නොකියා එයාගෙ ඒ හැම වෙනසක්ම ඉවසන් හිටියෙ මගෙ තිබුන අසරන කම නිසාමයි......
ඒත් දවසක් මම කොල් කරනකොට ආන්ස කලේ එයා නෙවෙි....වෙන ගැනුලමයෙක්.....
"මාධව අයියෙ....."
"කවුද මෙි...."
"මම අංජලි අයියෙ....ඔයාගෙ පිස්සු කෙල්ල...."
"ආපෝ....තමුසෙද...ලැජ්ජ නැද්ද අනුන්ගෙ කොල්ලන්ට කොල් කරන්න....මාධව මට කිවා.....තමුසෙ මහ ජරා එකියක්ලු.....බලෙන් එල්ලෙන්න එනවලු නේ මගෙ මාධවගෙ ඇගේ....."
"ඔයා කවුද..."
"මම මාධවගෙ gf...."
"අනේ සොරි....."
ඒ වචන ටික මට දැනුනෙ හරියට උල් පිහියකින් මගෙ පපුවට අනිනව වගෙයි.....එත් මම ඒ හැමදේම ඉවසගෙන හිටියෙ කරපු මොඩ වැඩ ගැන දුක්වෙලා වැඩක් නැති නිසාමයි.......ඒත් දවසක්........
"අංජලි.....බලහන්කො මෙි උබ නේ බං ඉන්නෙ අරු එක්ක....."
"කෝ පෙන්නපන් බං....."
මගෙ දැස් නිලන්කාර උනේ ඒ දැකපු ෆොටො නිසාමයි.....ඒ ෆොටො මාධව අයියා මාව රූම් වලට එක්කන් ගිය දවස් වල ගත්ත ෆොටොස්........
"කොහෙද බං තිබුනෙ....."
"යකො මෙි fb එකේ....."
"අනේ බං...."
මම මාධවගෙන් ඒ ගැන ඇහුවත් එයා කිවෙි එයා ඒ කිසිම දෙයක් දන්නෑ කියලයි.......මට දැනි ක්ලාස් එකකටවත් යන්න බෑ.....මම යනකොට.....
"ආ.....නංගි.....ලොකු අතු වලට විතරද අපට බැයිද......"
"මචං අරකිනේ ලගදි ෆොටො වගයකි ලික් කරගත්තෙ....."
"ආපො....ඕකි මහ ජරා බං...."
හැම තැනින්ම එක එක වචන ඇහුනත් ඒ හැමදේම ඉවසගෙන මැරි මැරි ජිවත් වෙන්නෙ මගෙ අම්මයි තාත්තයි වෙනුවෙන්....මං එදා අසරණ උන තරමටම මට ඒ කතා කියන කාගෙ හරි සහොදරියක් අසරන උනානම් එයාලත් දැනගනි මගෙ අසරණකම ගැන....ප්‍රශ්න තමන්ගෙ වෙනකන් දාර්ශනික උත්තර තිබුනට තමන්ට උනාම කිසිම උත්තරයක් නැ......
ලියන්නෙ : දුෂාන්
#ආදරෙ කියල අහිංසක කෙල්ලෙක්ගෙ ජිවිතෙ නාස්තිකරනවට ආදරෙ කියල කෙල්ලෙක්ට ආරක්ෂාව දෙන්ඩ පුරුදු වෙන්ඩ....ආදරෙ ඉස්සරහදි ඕනම කෙල්ලෙක් අසරන වෙන්නෙ ඒ වෙලාවට හිතන්නෙ "මෙයා තමා මගෙ උරුමක්කාරයා....මෙයා නැි උනොත් මට වෙන කෙනෙක් නැති වෙයි....මෙයාට මම හැමදේම දුන්නත් මගෙ ලග ඉන්නව නම් මට අැති " කියල හතන නිසයි කෙල්ලො ගොඩදෙනෙක් අසරන වෙන්නෙ.ආදරේ කියල බිත්ති හතරට තනිවෙන්ඩ කතා කරන එකාට බය නැතුව කෙලින්ම බෑ කියන්ඩ...මොකද ඒ කෙනා නැති උනාට ඊට වඩා හොද කෙනෙක් ලැබෙනවාමයි....ආදරෙ බොලද උනාට තිරන ගන්නකොට දෙවතාවක් වත් හිතන්න...නැත්තන් දුකක් විතරයි ජිවතෙ....#
උපුටා ගැනීමකි
No comments:
Post a Comment