මුතු කදුලු

මුතු කදුලු  - කෙටිකතාව

👉 මේ හලෝ... කට වහගන්නව තමුසෙ බබාද ආ...

👉 අනේ ඇයි අයියෙ ඔයා ඔහොම කියන්නෙ... ඒ මගෙ නෑ වෙන අයිය කෙනෙක්... බොරු නම් අම්මගෙන් අහන්න ...

👉 අනෙ මේ මට තමුසෙ එක්කයි අම්මල එක්කයි කතා කර කර තමුසෙගෙ හොර මිනිස්සු ගැන හොයන්න උවමනාවක් නෑ.. අනික මට ඕවට වෙලා නෑ...

වෙලා නෑ කියල ඔයාමයි මේ වගේ මං එක්කල රණ්ඩු වෙන්නෙ... ඒත් ඒකට වෙලාව ඕන තරම්ම්ම්
මට ආදරෙන් කතාකරන්න තමා වෙලා නැත්තෙ නේද අයියා...  ඒත් ඔයාට එෆ්.බී එකේ කෙල්ලොන්ගෙ ප්‍රශ්න නම් විසදන්න ඕන තරම් වෙලා තියෙනව නේද...

ඔව් ඒ මගෙ ආදරේ ......

මහමෙරක් තරම් බොරු චෝදනා දෙන්නෙ මං අවන්කවම පන වගේ ආදරේ කරන ඒ හිත...

ලගදි ඉදන් ඒ වෙනස... මගෙ බාප්පගෙ පුතාගෙ නම්බර්  එක ෆෝන් එකේ සේව් වෙලා තියෙනව දැකලයිමේ රණ්ඩු ....

හේතු අහේතු හදාගන උපරිමයෙන් රණ්ඩු වෙනව...

👉 මේ ඕයි මට ආයෙ කතාකරන්නවත් මැසේජ් කරන්නවත් එපා... මට තමුසෙ වගේ වටේ ගිය එකියක් එපා... උඹට වඩා හොඳ රත්තරං කෙල්ලෙක් මට දැං ඉන්නව... ...  ආයෙ වද දෙන්න එන්න එපා...

ඔව් එහෙම කියල මගෙ ආදරේ මාව දාල ගියා.... සත්තයි මේ හිත ඇඩුව ගොඩක්...

රැයක් දවාලක් නොබලම මගෙ ඇස් වලට උනන කදුලු වලට හේතු උනෙ මගෙ කුලුදුල් ආදරේ ....

ඒ තරමටම මං ආදරේ කලා සත්තයි රත්තරං මං අදටත් ආදරේ ඔයාට....

ලස්සන අක්කියෙක් එක්කල කපල් ෆොටෝ එකක් තිබුන ඔයාගෙ එෆ්. බී එකේ....

ඉතින් රිදුන හිත හොඳටෝම...

නොකා නොබී කදුලු විතරක් බීව...

ලස්සනට හිටපු මම ඇදිල දිරල ගියා...

දුකටම...

අවුරුදු දෙකහමාරක් මගේ හිතේ දුක අඩුවෙන්න ගත උනා...

ඔයා කීවෙ මං වටේ ගියා කියලනේද අයියෙ... වටේ ගිය හිතක් මට කවදාවත් තිබුනෙ නෑ...  ඈත් වෙන්න ඕනකමටම මේ හිතට දරාගන්නබැරි දුකක් දුන්න ඔයා...  තවමත් රිද්දනව ඒ මතකයන්....

ඒත් ඒ මතකයන්.... මට තාම සැනසීම ගේනව...
දින සති මාස ගෙවි ගෙවී මතකය යටපත් උනත් මේ හිතට කාටවත්ම එන්න බැරි උනේ ආදරේ මතකයන් අදටත් හිත රිද්දපු නිසා.....

අවුරුදු දෙකහමාරක් මං මලකදක් වගේ හිටිය... තවත් දුක් දෙන්න බෑ මගෙ රත්තරං අම්ම තාත්තට....

මගෙ හිත මම හදාගත්ත...

👉 මැඩම් මේ ඕඩර් එක ඕකේ කරන්න සයින් එක ඕනි..
👉 ආහ් කෝ දෙන්න ... කොතනද..

👉 මේ මෙතන...

👉 හරි නිතූ... තෑන්ක්ස්..

ඔව් ඒ මම එදා අවුරුදු ගානක් දුකේම ඇලිල ගැලිල හිතම කඩාගන අඩා වටුනු මම...

අද වෙද්දි මගෙම කියල ජුවෙලරි ශොප්ස් දෙකක්...

ෆැශන් සෙන්ටර් දෙකක් වගේම...

ලග ලගම පටන්ගත්ත ෆැන්සි ශොප් එක..

පුදුම වෙන්න එපා.. මේ එදා වැටිල හිටපු කෙල්ලම තමයි...

ඔව් අවුරුදු දෙකහමාරක්  මං විදෙව්ව.... මගෙ වටිනාකමක් නොදැනුන ආදරේකට ආදරේ කලාට මං අවුරුදු දෙකහමාරක් කදුලු බීව...

හිත හදාගත්ත මම පොඩියට ජීවිතේ පටන්ගන්නත් මතකයන්ගෙන් ඈත් වෙන්නත් පිටරටක ජොබ් එකකට ගියා....

හිත හදාගන්න පුලුවන් උනා වගේම ඒ වටපිටාව මගෙ හිතම ගිනි ගත්ත ගින්න නිවල දාන්න සමත් උනා....

හීනියට හීනියට එකතු කරගත්ත සල්ලි වලින්ම මං ඒ රටින්ම ලංකාවට ජුවෙලරි ආනයනය කරන්න පටන්ගත්ත...

ඒ පටන්ගත්ත මගෙ ජීවිතේ අද වෙද්දි මං කාටවත් අත නොපාන තැනකට ඇවිත්....

දන්නවද මේ කාලය පුරාවට ආදරේ කියන නමටවත් මං මගෙ හිතට එන්නවත් දුන්නෙ නෑ...

අප්පිරියයි ආදරේ ඒත් ජීවිතේම ආදරේ කරගන්න මං බය උනා...

මගෙ තිබුන එකවුන්ට් ප්‍රශ්න වගයක් කම්ප්ලීට් කරගන්න මං බෑන්ක් එකට ගියේ....

ඒ එනගමන් කා එකට එන්න ඩ්‍රයිවින් සීට් එක පැත්තට එද්දිම කාගෙදෝ ඇගක හැපුන...

👉 ඔහ් සොරි අනේ මට සමාවෙන්න ...

ඒ මනුස්සයගෙ අතේ තිබුන මොනවදෝ මගෙ සුදු බ්ලේසර් එකෙත් හැලුන...

👉 අනේ මැඩම් සොරි ...👉

මං දාගන හිටපු කූලින් ග්ලාස් එක නලලට අරගන ඒ මනුස්සය දිහා බැලුව...

ඔව් ඒ එයා.... මං අවුරුදු ගානකට පස්සෙ උනත් ඒ ඇස් අදුනගත්ත.... කලින් තිබුන පෞර්ශය ඒ වතේ නෑ දැන්... මූණ පුරා රැවුල වැවිල..  ඒත් පාට උලාගත්ත කෙනෙක් ඒ අතක එල්ලිලා හිටියෙ මතකයි ඒ මූණත්.... ඒ ඇස් මගෙ දිහා උකුසු ඇසින් බලාගන...

👉 ඔයා... මතකද අයියෙ මාව.. මං ඒ කාලෙ ඔයාගෙ හොඳ යාලුවෙක් ...... 👉

👉 ඔයා...👉

ඒ ඇස් පුදුමයෙන් විසල් උනා... පසුතැවීමක් එක්කම...

👉 ඔව් අයියෙ මං තමයි... මතකද ඒ කාලෙ මට මගේ බෝයිෆ්‍රෙන්ඩ් බොරු චෝදනා කරල මාව දාල ගියා... අන්න එදා ඉදන් හරියටම අවුරුදු දෙකහමාරක්ම මං විදෙව්ව අයියෙ... මලනිනියක් වගේ... පස්සෙ මං හිත හයිය කරන් නැගිට්ට.. අද මං හොඳ තැනක... 👉

👉 ඕ එහෙමද....👉

තවමත් පිලිගන්න අකමැති ඒ හිත ඒත් කම් නෑ මට නම්... මොකද එයා මගෙ ජීවිතේ නෑ දැන්...

👉 වයිෆ්👉

ලග හිටපු ගෑනු කෙනා දිහාට ඇගිල්ල දිගු කරල හිනාවෙලා මං ඇහුවත් ඒ ඇස් ඉරිසියාවෙන් දිලිසෙනව...

👉 ඔව්....👉

👉 එහෙනම් මං යනව අයිය අක්ක බායි ... 👉

එතකොටයි මං දැක්කෙ ඒ අතක තියෙන මගෙ ෆැශන් සෙන්ටර් එකෙ බෑග් එක...

👉 අහ් ඔයාල මගෙ ශොප් එකටද ගියේ... ගුඩ් ආයෙ එන්නකො ඔයාලට මගෙ ගානෙ ඩිස්කවුන්ට් දාල දෙන්නම්කෝ... එහෙනම් මං ගියා... බායි..👉

👉 කෝ නංගි හස්බන්ඩ්👉

එකපාර එයා එහෙම ඇහුවම මට හිනා ආව...

👉 ඔයා දන්නවනෙ අයිය ඒ කාලෙ ඉදන් මගෙ හිතේ හිටියෙ එක්කෙනයි... එයා මාව දාල ගියා.. ආයෙ මගෙ ජීවිතේට ආදරේ මං ලං කරගත්තෙ නෑ.. ඒ නිසයි මගෙ හයියෙන් මං මෙතන ඉන්නෙ...

කොහොම උනත් මං අද මෙතන ඉන්නෙ එයා මාව දාල ගිය නිසා.. එන්නම්...👉

මං දැක්ක ඒ ඇස් වල පසුතැවීම..හිසින් යනව කියල දෙන්නටම කියල මං මගෙ වාහනේට නැගල එන්න ආව... සයිඩ් කන්නාඩියෙන් දැක්ක මගෙ වාහනේ යන දිහාම ඒ ඇස් බලන් ඉන්නව...ඒත් එක්කම එයාගෙ වයිෆ් ඒ අතින් හයියෙන් අදිනව දැක්ක

මට සතුටක් දුකක් කිසිම දෙයක් නෑ .... මොකද මං ආදරේ ගැන දැන් හිතන්නෙ නෑ... එහෙම උනා නම් මං අද මෙතනත් නෑ...

ජීවිතේම ආදරේ කරගන්නෙ නම් නෑ මං ආයෙ..

(ජීවිතෙ කඩාවැටෙන තරමට තව තවත් වැටෙන එකයි වෙන්නෙ...
වැස්සෙ තෙමි තෙමීම ඉන්න ඕන නම් තෙමෙන්න ඒත් අසනීප එන්නෙ ඔයාටමයි... නොතෙමී තමන්ගෙ ගමන යන්න නම් වලාකුළු උඩින් යන්න උත්සාහ කරන්න... ජීවිතේ හම්බවෙයි)

Sheri Sof
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment