#මගේ_පණ_ඔබ
"අතුල මාමේ..චුට්ටක් වාහනේ නතර කරනවද.."
"හා චූටි මහත්තයා.."
අතුල කාරය අයිනට කර නැවැත්තුවා .අයෝධ්‍ය කාරයෙන් බැහලා පාර අයිනෙ තිබුනු පේන්ටින් විකුණන තැනට ඇවිදගෙන ගියා.
ගිය ගමන් කොල්ලා අත තිබ්බෙ නිල් පාටින් කල සිතුවමකට.ඒකෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි තව බලු පැටියෙකුත් හිටියා.
"මේක කීයද මල්ලි?"
කොල්ලා ඇහුවෙ එතන හිටපු කෙනෙක්ගෙන්.
"අයියේ ඕක නම් 2500ක් වෙනවා."
"මට මේක දෙන්න"
කොල්ලා ඒක මිලදීගෙන එනවා.
"යමු අතුල මාමෙ.."
කාරයට නැගලා කොල්ලා කිව්වෙ පේන්ටින් එක ශීට් එක උඩ තියන ගමන්.
"ඇයි..?"
අතුල කොල්ලා දිහා ආපස්සට හැරිලා බලාගෙන ඉන්නවා දැකලා කොල්ලා ඇහුවා.
"චූටි මහත්තයා ආයෙත් චිත්‍ර අදින්න පටන්ගන්නකෝ"
අතුල කිව්වෙ ඇස් දෙකේ කදුලු පුරවගෙන.
"ආයෙත් මේ අතින් චිත්‍රයක් ඇදෙන්නෙ නෑ අතුල මාමෙ.මාමා දන්නවනෙ ඉතින්.."
"හ්ම්....."
"අපි යමු මාමෙ..ඔය ඉතින් අඩන්න එපා.."
කොල්ලා කිව්වෙ අතුලගෙ අතිනුත් අල්ලලා.
අවුරුදු 10කට පස්සෙයි අයෝධ්‍ය මේ ලංකාවට එන්නෙ.මෙච්චර කාලයක් කොල්ලා හිටියෙ ඉංග්ලන්ඩ් වල.කොල්ලගෙ පුංචි ගාව.අවුරුදු 10ක් ගතවෙලත් ලංකාව තාමත් වෙනස්වෙලා නෑ නේද කියලා කොල්ලාට හිතුනෙ පාර දෙපැත්ත බලබල යද්දි..මොනවා වෙනස් නොවුනත් ආයෙත් ලංකාවට ආවෙ තමන්ගෙ වෙනස් උනු අලුත් උනු හිතත් අරගෙනමයි කියලා කොල්ලා හිතුවා.
ගේට්ටුවෙන් ඇතුල්වෙනකොටම දොර ලගට වෙලා කදුලු පිහිද පිහිද ඉන්න අම්මව කොල්ලා දැක්කා.මොනවා කවදා කොහොම වෙනස් උනත්,කවදාවත් වෙනස් වෙන්නෙ නැති එකම දේ අම්මගෙ ආදරේ කියලා කොල්ලා දන්නවා.
"අම්මා.."😘😘😘😘😘😘😘😘
අම්මාව බදාගෙන ඉඹලා කොල්ලා කකුල් දෙක අල්ලලා වැන්දා.
"චූටි පුතේ..."
අම්මා කොල්ලගෙ මූන ආදරෙන් අතගෑවා.
"සනීපෙන් ඉන්නවා නේද අම්මා.."
අයෝධ්‍ය ඇහුවෙ අම්මගෙ කරට අතකුත් දාගෙන ගේ ඇතුලට යනගමන්.
"ඔයා රට ගියෙ මගෙ සනීපෙත් අරගෙන මගෙ පුතේ..දැන් මම් ලෙඩ ගොඩක්"
"මම් ආවනෙ සුදු අම්මෙ.දැන් මම් අම්මාව ඇස් දෙක වගේ බලාගන්නවා."
"හ්ම්....යමු කාමරේට.මම් ඒක අස්කලා".
අම්මා අයෝධ්‍ය වත් එක්කගෙන උඩ තට්ටුවේ ඇති එයාගෙ කාමරයට යනවා.
"ඒක තිබුනු විදියමයි"
කාමරේට ඇතුල් වෙනකොටම කොල්ලට කියවුනා.
"හැමදේම කලින් වගේමයි මගෙ පුතේ.."
"ඔව් අම්මා.."
"ඉන්න මම් ඉක්මන්ට කහ දාලා සුදු කිරි එකක් හදාගෙන එන්නම්"
"හා.."
කහ දාලා සුදු කිරි බොන්න පොඩි කාලෙ ඉදලම කොල්ලා ගොඩාක් ආසයි.ඒ නිසාම කොල්ලා
අම්මා පිටවී යන දෙස බලාගෙන හිටපු කොල්ලාගෙ ඇස් වලට කදුලු උනනවා.තමන් වෙනුවෙන් අම්මා කොයිතරම් දුක් වෙන්න ඇතිද කියලා කොල්ලාට හිතුනා.
කොල්ලා එද්දි අරගෙන ආපු පේන්ටින් එක අතට ගත්තා.පස්සෙ ඒක දිහා බලාගෙන හිටියා.කොල්ලගෙ හිත අතීතෙට දිව්වෙ තත්පරේට දෙකට.
🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶🐶
"කෝ මගේ තෑග්ග.."
"මොන තෑගිද අනේ..මේ මම් ඉන්නෙ.ඒ ඇතිනෙ."
"බම්බුව.ඔයා ඉතින් හැමදාම ඉන්න එකනෙ.කෙල්ලගෙ උපන්දිනේට තෑග්ගක් ගේන්න බැරි කොල්ලෙක් ඔයා.මම් තරහයි.."
😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
කෙල්ල තරහින් අහක බලාගත්තා.
"කෝ එන්න ටිකක්"
කොල්ලා කෙල්ලගෙ අතින් ඇදගෙන එහාට එක්කගෙන ගියා.එයාලා හිටියෙ අවන්හලක.අයෝධ්‍ය කෙල්ලව එක්කගෙන ගියේ අවන්හලෙන් එලියට.පාර අයිනෙ ලොකු පෙට්ටියක් තිබුනා.
"අනේ..මේ මටද..."
"හ්ම්...ඇරලා බලන්න".
කෙල්ල ආසාවෙන් පෙට්ටිය ඇරියා.
"අනේ.............."
බුල් පිරුනු ලස්සනම ලස්සන බලු පැටියෙක්.
"අනේ අයෝධ්‍ය ....ශෝයි.."
කෙල්ල බලු පැටියාව වඩාගෙන තුරුලු කරගත්තා.
"ආදරෙයි මැණික."😘
අයෝධ්‍ය කෙල්ලගේ නළළ සිපගත්තා.
අයෝධ්‍ය වසර තුනක් ආදරේ කරපු මේ කෙල්ල මලී..කෙල්ල අයෝධ්‍ය ට වඩා අවුරුදු 5ක් බාලයි.ඒ නිසාමද කොහෙද කෙල්ලට තිබුනෙ හරිම පුංචි පුංචි ආසාවල්..
"බබා..අයිස් ක්‍රීම් ඕනි"
දෙන්නත් එක්ක බයික් එකේ යනකොට දවසක් කෙල්ල කිව්වා.
"ඉන්න.."
බයික් එක නවත්තලා කෙල්ල එක්ක පාර අයිනෙ හිටපු අයිස්ක්‍රීම් කාරයා ගාවට ගියා.
"අයියේ අයිස්ක්‍රීම් එකක් ."
"දෙකක්ම දෙන්න අයියේ.."
"පිස්සියෙක් ඔයා"
කෙල්ල අයිස්ක්‍රීම් දෙකම එකපාර කැවා.
"යමුද එහෙනම්.ක්ලාස් එකට පරක්කු වෙනවනෙ"
"හා.."
දෙන්නම ආපහු යන්න පිටත් උනා.
"බබා..".
"ම්ම්..."
"මට චුයිංගම් එකක් අරන් දෙන්නකො"
"අනෙ අම්මේ මේ කෙල්ල නම්..."
කොල්ලා තමන්ගෙ ඉන වටා තිබුනු කෙල්ලගෙ අත කොනිත්තලා කිව්වා.
"ඌයි මැට්ටෝ..රිදුනා.."
කෙල්ල එහෙමම කොල්ලාගෙ පිට හැපුවා..
"ඌයි මටත් රිදුනා මැට්ටියේ.."
😂😂😂😂😂😂😂😂😂
කෙල්ලට හිනා....
"බබා.."
"ම්ම්..."
"මතකද අපි මුලුන්ම හම්බුනු දවස.."
"හ්ම්..ඔයා මගෙ චිත්‍ර ක්ලාස් එකට මුලින්ම ආපු දවසෙනෙ."
"හ්ම්ම්...එදා ඔයා හරි ලස්සනයි"
"අපි ඉතින් කවදත් ලස්සන කොල්ලොනෙ.."
"ඔව් ඔව්...ඒක එහෙම තමයි ඉතින්.."
"චිත්‍ර උගන්නන සර් කෙනෙක් එක්ක යාලුවෙලා ඉදලාවත් තාම හරියට චිත්‍රයක් ඇදගන්න බෑනෙ කලර්ස් මැච් කරලා.."
"අනේ යන්න....ඉතින් මම් තාම ඉගෙනගන්නවනෙ..ඕලෙවල් වලට වඩා මට පුලුවන් හැබැයි"
"හ්ම්ම්..ඔව් ඔව් .."
"ක්ලාස් එකේ ලමයින්ට හරි ඉරිසියයි අපි ගැන"
"ඉරිසියාවට වඩා දුක ඇති මම් මේ උරචක්කරමාලෙව කරගහගත්තට"
"අනේ...."
ඊටපස්සෙ කෙල්ලගෙ සද්දයක්නෑ..කොල්ලා බයික් එක නවත්තලා හැරිලා බැලුවා..
අයියෝ...ටැප් දෙකම ඇරගෙන කෙල්ල අඩනවා..
"අනේ මොකෝ මේ...විහිලුවක්නෙ කලෙ ඉතින්..."
"දුකයිනෙ.."
"කෝ කෝ නාඩා ඉන්න..අපෝ.....කදුලු වලට වඩා ගලන්නෙ හොටුනෙ..."
කොල්ල කිසි කැතක් නැතුව කෙල්ලගෙ කදුලුයි හොටුයි අතින්ම පිහිදුවා.
"ආදරෙයි මහත්තයෝ..ඔහොම කියන්නෙපා මට.."
"ඉතින් මම් දන්නවනෙ වස්තු..ම්ම්...කෝ දැන් හරි..ම්ම්....මම් මොනවහරි අරන් දෙන්නද..ආ...."
"හා....".
කෙල්ල උඩපැනලා කිව්වා..
"මොනාද.... .. "
"ම්ම් ...... බයිට් පැකට් එකක්.."
"හා.."
කොල්ලා එතන තිබුනු කඩයකට ගිහිල්ලා කරකරස් පැකට් 5ක් ගත්තා.
"ශා...කරකරස්...මම් මේවාට ආසයි.මේවගෙ උම්බලකඩ ගොඩාක් තියෙනවා.."
කෙල්ල එතනදිම එක පැකට් එකක් කඩාගෙන කෑවා.
"නගින්න.අපි යමු.."
"හා..."
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
"අහ්...තමුසෙ ආවද.."
"ඔව් ඇයි..තමුසෙ හිතන් හිටියෙ ගෙදර තනියම රජ කරන්නද?"
"අනේ මේ මට රජ කරන්න උවමනාවක් නෑ.."
"ඇයි නැත්තෙ.ඉස්සර ඉදලම තමුසෙ තමයි අම්මා ලග හුරතල් වෙවී හිටියෙ.එකට එකම වෙලාවෙ ඉපදුනත් අම්මා උනත් වැඩිපුරම ආදරේ කලේ තමුසෙටනෙ චූටි මල්ලි."
"මට විතරක් නෙමි අම්මා ඔයාටත් ආදරේ කලා අයියෙ.ඒත් ඔයාගෙ මුරණ්ඩුකම් වලට ඒවා පෙනුනෙ නෑ.පොඩි කාලෙ ඉදලම මට අරන් එන දේත් ඔයා ගත්තා.මම් ආස හැම දෙයක්ම ඔයාට දෙන්න උනා.හැම දෙයින්ම තැලුනෙ මම.....දැන් ඒවාගෙන් වැඩක් නෑ.ලංකාවට ආවා විතරයි මාත් එක්ක රණ්ඩු වෙන්න තියාගත්තද"
"හරි හරි මම් යනවා"
ඒ මනෝධ්‍ය.අයෝධ්‍යගෙ නිවුන් සොහොයුරා.එයා නපුරුයි.හැමදාම අයෝධ්‍යව රිද්දපු එක තමයි කලේ.අයෝධ්‍යට නපුරුකම් කරලා එයා ලොකු සතුටක් ලැබුවා..
"අහ්..එහෙනම් මූට කෙල්ලෙකුත් ඉන්නවා..හරි බලමුකො මල්ලී...."
අයෝධ්‍යගෙ ෆෝන් එකේ කෙල්ලගෙ ෆොටෝ එක බලලා මනෝධ්‍ය නපුරු කල්පනාවකට වැටුනා.
"බබා..."
"ම්ම්.."
"ඔයා අද හරි වෙනස්..වෙනදා වගේ නෙමෙයි.."
"එහෙන නෑ ස්වීට්හාට්.."
"නෑ ඔයා වෙනස්..මම් දවස් දෙක තුනක ඉදලා බලන් හිටියෙ.ඔයා අමුතුයි.."
"අනේ නෑ.මගෙ ප්‍රින්සස් .. එහෙම මුකුත් නෑ.අපි යමුද.."
"හා...කෝ අද බයික් එක?"
"අහ් .ඒකෙ පොඩි ලෙඩක්.මම් ඒක ගරාජ් එකට දාලා කා එක අරන් ආවා."
"මේ...මට අර සීනි පොල්කොහු අරන් දෙන්නකෝ"
"ශික්..මොන ජරා කෑමක්ද ඒ..මම් ඔයාට හොද හොටෙල් එකකින් ලන්ච් එක අරන් දෙන්නම්.ඔය ජරාව කන්නෙපා.".
"අනේ.....එහෙනම් කරකරස් එකක්"
"කරකරස්...ඒ මොනවද අප්පා.."
"ඇයි අනේ..මට හැමතිස්සෙම අරන් දෙන බයිට් එක..".
"අහ්..ආ...මෙ.මේ....ඒකද..හා බලමුකො අරන්දෙන්න"
කෙල්ලට දුකයි.දැන් කොල්ලා වෙනස් වෙලා කියලා කෙල්ලට හිතුනා.
"අපි අද පොඩි ගමනක් යමුද."
"කොහෙද.."
"ම්ම්...අපිට නිදහසේ ඉන්න පුලුවන් තැනකට..".
"අනේ ඉතින් දැනුත් අපි නිදහසේ නේද මේ ඉන්නෙ"
"ඔව් ඔව්..ඒත් අපිටම කියලා තැනක්,අපේ ආදරේ විදින්න පුලුවන් තැනක්.."
"කොහෙද.."
"යමුකො"
කොල්ලා කෙල්ලව එක්කගෙන ගියේ ගෙස්ට් හවුස් එකකට.
"අනේ...මේ කොහෙද අයෝධ්‍ය .මට බයයි.අපි කවදාවත් මෙහෙ ඇවිත් නෑනෙ."
"බයවෙන්නෙපා ස්වීට්හාට් .මම් ඉන්නවනෙ"
කොල්ලා කෙල්ලවත් එක්කගෙන කාමරයකට ගියා.
"කෝ එන්න මගෙ කෙල්ල ලගට"
"අනේ....මේ මොකද...කෝ මට යන්න දෙන්නකෝ...රිදෙනවනෙ.."
කොල්ලා කෙල්ලව තද කරලා බදාගෙන ඉඹින්න ගත්තා..
"අනේ බබා මට බයයි.අපි යමු.."
"බෑ...අද මට ඔයාගෙ තුරුලෙම ඉන්න ඕනි.කෝ..මගේ ප්‍රින්සස් එන්න....".
කෙල්ල අඩාවැටෙද්දි කොල්ලා එයාට ඕනකරන හැමදේම කෙල්ලගෙම් ගත්තා."
"මාව අතෑරලා යන්නෙ නෑ නේද බබා"
කෙල්ල අඩ අඩම කොල්ලගෙ පපුවට ඔලුව තියාගෙන ඇහුවා..
"නෝ..බේබි නෝ..."
කෙල්ලට බයයි.මේ වෙන දේවල් කෙල්ලට අමුතුයි.ඒ අතරෙ කොල්ලා බාත්රූම් එකට ගියා..
"මගේ බබා වෙනස්වෙලා"
කෙල්ල ඇදුම් එකින් එක ඇන්දෙ ඇස් වටින්අහ වරුසාවකටත් වඩා කදුලු කඩාවැටෙද්දි.
එතකොටම කොල්ලගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.ඒක වයිබ්‍රේට් කරලා තිබුනෙ.
"අයෝධ්‍ය..".
කෙල්ල ස්ක්‍රීන් එකේ තිබුනු නම කියෙව්වා.පස්සෙ වෙවුලන ඈතින් කෝල් එක ආන්සර් කලා.
"හෙලෝ...හෙලෝ අයියා..තමුසෙ කොහෙද ඉන්නෙ..මොකෝ තමුසෙ මගෙ අල්මාරියෙන් මගේ ඇදුම් දෙකතුනක් අරගත්තෙ.. හරි ඒක අවුලක් නෑ..මම් මේ ගත්තෙ තාත්ති කියන්න කිව්වා.ඉක්මන්ට ගෙදර එන්න කියලා.අද රෑට පාටි එකක් තියෙනවලු.තමුසෙ රට ඉදලා ආපු සතුටට.. එනවා හොදේ ඉක්මන්ට."
කෝල් එක කට් උනා.කෙල්ල මුකුත් හිතාගන්න බැරුව ඒ ෆොන් එක දිහා බලාගෙන හිටියා.ඒක කොල්ලා ගාව තිබුනු එක නෙමි නේද කියලා කෙල්ලට හිතුනා.ඒත් එක්කම කෙල්ලට කෝල් එකක් ආවා..අයෝධ්‍යගෙන්...
"හෙලෝ...පැටියා...කොහෙද පණ ඉන්නෙ..."
"මේ...මම්..මම්...."
"මේ...අද රෑට අපේ ගෙදර පොඩි පාටි එකක් තියෙනවා.ලස්සනට ලේස්තිවෙලා ඉන්නවද...මම් එන්නම් ඔයාව ගන්න.".
"ම්...හ...හා..."
කෙල්ලට මුකුත් හිතාගන්න බෑ..කවුද එතකොට මේ ඉන්නෙ
එතකොටම මනෝධ්‍ය බාත්රූම් එකේ ඉදන් එලියට ආවා...
"කවුද තමුසෙ..තමුසෙ කෝමද මගේ අයෝධ්‍ය වගේ උනෙ.කියනවා."
කෙල්ල මනෝධ්‍ය ගහන්න පටන්ගත්තා..
"අහ්...තමුසෙ දැනගත්තද එහෙනම්...ඔව් මම් අයෝධ්‍ය නෙමෙයි.මම් එයාගෙ ට්වින්.මනෝධ්‍ය ."
😃😃😃😄😄😄😅😅😅
කැත හිනාවකුත් දාලා මනෝධ්‍ය කෙල්ලට කිව්වා..
"ඇයි තමුසෙ මට මෙහෙම කලේ.කියනවා.ඇයි මගෙ අයෝධ්‍ය වගෙ රගපාලා මාව විනාස කලේ...කියනවා."
"මට ඕනකලේ උගෙන් පලිගන්න.පොඩිකාලෙ ඉදලා අපි ඉන්නෙ නයයි මුගටියයි වගේ.මට ඌව පේන්න බෑ..ඌ පාවිච්චි කලේ මම් පාවිච්චි කරපු බඩු.දැන් තමුසෙවත් ඌ පාවිච්චි කරන්නෙ මම් පාවිච්චි කලාට පස්සෙ..හහ් හහ්.........😃😅😅😅
"ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් තමුසෙ දන්නවද...අද වෙනකම් මගේ බබා මට අතක්වත් තියලා නෑ..ඒ එයා මට අවන්කවම ආදරේ කරපු නිසා.තමුසෙ වගේ ජරා මිනිහෙක් මගෙ බබාගෙ අයියා උනේ කොහොමද කියලාවත් මට හිතාගන්න බෑ.ශික්..
මට දැන් මගෙ බබාට මූණදෙන්න බෑ...තමුසෙ මාව නොමරා මැරුවා.මීට හොදයි මිනිහෝ අපිට එකපාර පිහියෙන් ඇන්නානම්..."
මනෝධ්‍යගෙ හිනා හඩ මැද්දෙ කෙල්ල එතනින් දුවගෙන යන්න ගියා..
"මට සමාවෙන්න මහත්තයෝ .මට ඒ මිනිහාව අදුනගන්න බැරිඋනා.අනේ මැණික..."
කෙල්ල මහපාරෙ වාඩිවෙලා හොදටම ඇඩුවා...පස්සෙ නැගිටලා දුවගෙන යන්න ගියා..
🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊
එදා රෑ ආරන්චි උනා කෙල්ල ගගට පැනලා කියලා.ඒත් බොඩි එක හම්බ උනේ නෑ..
"කියපන් මිනිහෝ මගෙ කෙල්ලට මොනාද උඹ කලේ කියලා.මගෙ කෙල්ල පොඩි එකෙක් වගේ.මට මගෙ දරුවෙක් වගේ.උඹ ඒ කෙල්ලව නැතිකලා.ඇයි උඹ එහෙම කලේ...ඇයි..පලිගන්න ඕන නම් උඹ මගෙන් පලිගන්න තිබ්බා.ඇයි මගෙ කෙල්ලට මෙහෙම කලේ..කියපන් මිනිහෝ"
තරහා නිවෙනකම්ම අයෝධ්‍ය අයියාට ගැහුවා.ඌ හෙල්ලෙන්නෙවත් නෑ..ඌත් මැරිලා ඇති කියලා කොල්ලාට හිතුනා.කොල්ලා පිස්සුවෙන් වගේ ගෙදරින් යන්න ගියා.
දින තුනක් යනකනුත් කෙල්ලගෙ මිනිය හම්බුනේ නෑ.ගගේ කිඹුල්ලු ඉන්න නිසා මිනීය කිඹුල්ලු කන්න ඇති කියලා පොලීසියෙනුත් කිව්වා..
හිත හදාගන්න බැරුව කොල්ලා පිස්සෙක් වගේ පාරක් පාරක් ගානෙ ඇවිද්දා..
අන්තිමට හිත හදාගන්න හිතාගෙන කොල්ලා ඉංග්ලන්ඩ් වල ඉන්න පුංචි ලගට ගියා..
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
"චූටි මහත්තයෝ"
කොල්ලා පියවි ලෝකෙට ආවෙ අම්මා කිරි එකත් අරගෙන ඇවිත් කොල්ලගෙ පිටට අත තියපු නිසා.
"අම්මා...."
"අනේ...අඩලද.."
"නෑ අම්මා..."
කොල්ලා ඇස් වල පිරිලා තිබුනු කදුලු පිහිදගත්තා.
"ලස්සන පේන්ට් එකක්.කොහෙන්ද ගෙනාවෙ"
"එනගමන් පාරෙ දැකලා තිබිලා ගත්තෙ අම්මා".
"පුතා ආයෙත් පේන්ටින් කරන්නෙ නැද්ද.."
"නෑ අම්මා...මට මේ සේරම එපාවෙලා තියෙන්නෙ.."
"මගෙ කොල්ලා පව්.
"පව් මම් නෙමි අම්මා...මගේ කෙල්ල.."
"අනේ පුතේ...අරූ මහ තිරිසනෙක්..ඒ කරපුවට ඌට පඩිසන් දුන්නානෙ.මගේ කුසින් වදාපු එකෙක් කියන්නත් ලැජ්ජයි මට."."
"කවද්ද අම්මා එයාගෙ දානෙ?"
"ලබන මාසෙ 10 පුතේ..දැන් අවුරුදු 8කුත් වෙනවනෙ..
මනෝධ්‍ය කාර් රථ අනතුරකින් මෙලොව හැරගොස් තිබුනා..
කොල්ලා කිරි එකත් බිබී ගෙනාපු පේන්ටින් එක බිත්තියෙ එල්ලන්න හැදුවා..
"මලී...."
චිත්‍රෙ ගහලා තිබුනු නම කොල්ලා කියෙව්වා..
"දෙයියනේ....මේ මගෙ මලී වත්ද..."
කොල්ලා චිත්‍රෙත් අරගෙන දුවගෙන ගියා.කාර් එකත් අරන් ඉක්මන්ට ඒ චිත්‍රෙ ගෙනාපු තැනට කොල්ලා ගියෙ ඉතාමත් වේගෙන්...
"මල්ලි.මේ චිත්‍ර අදින්නෙ කවුද.."
"අපේ ගමේ අක්කාකෙන්නෙක් අයියේ.."
"අනේ..මට එයව ටිකක් හම්බෙන්න පුලුවන්ද."
"පුලුවන්..යමු.."
එතන හිටපු කොල්ලා ඉතිරි චිත්‍ර ටික එහා වෙලෙන්දාට ටිකක් බලාගන්න කියලා අයෝධ්‍ය එක්ක ගියා..
"මේ ගෙදර තමයි එයා ඉන්නෙ.."
කොල්ලව ඒ ගෙදරට එක්කගෙන ගියා..
"මලී අක්කේ....මලී අක්කේ.."
කොල්ලා කෑගහගෙන ගෙට ගියා.
ටික වෙලාවකින් රෝදපුටුවකින් තරුණියක් එලියට ආවා..
"දෙයියනේ...මගෙ මලී...."
කොල්ලා දුවගෙන ගිහින් කෙල්ල ලග බිම දනගහගත්තා..
"අනේ....ඔයා ජීවත්වෙනවාද....මම් ඔයාව හොයන්න කොච්චර මහන්සි උනාද...අනේ...දෙයියනෙ....මගෙ කෙල්ල..."
කොල්ලා කෙල්ලගෙ කකුල් අතගගා ඇඩුවා ..
"බබා..."
කොල්ලා එකපාරටම ඔලුව ඉස්සුවා..
"ඔතන ඉන්නෙපා.නැගිටින්න.කෝ..මට පව් පිරෙයි.."
කෙල්ල අඩ අඩම කොල්ලාව නැගිට්ටෙව්වා..ඒත් එක්කම බලුපැටියෙක් දුවගෙන ආවා.
"මේ ටිමීද.."
"නෑ...මේ එයාගෙ පැටියෙක්..මෙයත් ටිමී.."
කෙල්ල හිනා උනා.
"වෙච්ච හැමදේම මම් දැනගත්තා පැටියෝ..ඒත් මම් පරක්කු වැඩියි.."
"එයාට දැන් දඩුවම් ලැබුනනේ.ඒ ඇති"
කෙල්ල කිව්වෙ කොල්ලගෙ කදුලු පිහිදමින්
"ඔයා දැනගත්තද.."
"හ්ම්..නිවුස් වලින් දැක්කා"
"මගෙ පැටියාගෙ කකුලට මොකද මේ උනේ.."
"ගගේ පාවෙලා යද්දි උල් ලීයකට හිල්වෙලා තිබිලා..මාව හොයාගත්තෙ දවස් දෙකකින් නිසා මස් දියවෙලා තුවාලෙ නරක්වෙලා තිබුනා.දැන් මට ඇවිදින්න බෑ."
"අනේ මගෙ අහිංසකී..."
කොල්ලා ආදරෙන් කෙල්ලගෙ කකුල් අතගෑවා.
"ඔයා දැන් යන්න අයෝධ්‍ය .."
"යන්න.ඔයාව දාලා...නෑ...මම් කොහේවත් යන්නෙ නෑ..."
"මම් වගේ අබ්බගාත කෙල්ලෙක් ඔයාට ගැලපෙන්නෙ නෑ බබා.අනික දැන් ගෑනියෙක්."
"අදටත් ඔයා මගේ මැණික..මම් නිසයි ඔයාට මෙහෙම උනේ.දැන් මට ඔයාව ඕනි.මගේම කරගන්න ඕනි.ඉස්සර වගේ ඔයාගෙ ආදරේ මට ඕනි.මාව බදිනවද මැනික.ප්ලීස් "
"අනේ බබා..."
"ප්ලීස්...මාව බදිනවද කියන්න.."
"එත්..."
"ඒත් මේත් බෑ..අපි බදිනවා.හෙටම බදිනවා..
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
"බබා..."
අයෝධ්‍ය යි මලීයි හිටියෙ බණ්ඩාරවෙල රෙසෝට් එකේ..
"ම්ම්..."
"මට සමාවෙන්න..."
"ඇයි.."
"මේ වගේ ලස්සන දවසකත් මට ඔයාට දෙන්න දෙයක් නෑ රත්තරං ."
"මට ඔයාගෙ ආදරේ තියෙනවා..ඒ හොදටම ඇති..මම් ඔයාය ගොඩාක් ආදරෙයි පණ.ගොඩාක්..."
කොල්ලා එහෙමම ඇදේ හාන්සිවෙලා හිටපු කෙල්ලට තුරුලු උනේ පපුව පුරවාදැමූ ආදරයත් සමගිනි..
නිමි..
*************එශ්***********
උපුටා ගැනීමකි
No comments:
Post a Comment