💜💙 කෙටි කතාව❤️💛
(සත්‍ය කතාවක් ඇසුරින් නම් ගම් සියල්ල මනකඃල්පිතයි..නිර්මානාත්මක හේතු සදහා පමනක් යම් සිදුවීම් වෙනස් කොට ඇත)
ඒයි අර බලහන් ඒකි උඹ දිහා බලනවා බන්....
උඹට පිස්සුද බං උන් බැලුවත් මට මොකෝ මගෙ ඇගෙ ඇලෙන්නෙ නෑනෙ...මට ඕකුන් ඇලජික්...තූ ආයෙ කෙල්ලො එපා...
එක මකුනයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුනො මරන්නෙ...😂😂
හු&% කට වහගනින් බන් ඕකුන් ඔක්කොම එකයි...ඒක නෙවේ අඩියක් ගහමු අද
අනේ මගුල තමා බන්....බිබීම හිටහම් බෙබා වගේ තෝ පව් යකෝ තොගෙ අම්මා...
යකෝ මන් අරන් දෙනවනම් උඹට මොකද වේදනා බැරිනම් කියහන් මන් තනියම ගහන්නම්....
බෑ බන් වෙන දවසක සෙට් වෙමු අද මට වැඩක් තීනවා බන්...එහෙනම් මන් කැපෙනවා පරිස්සමින් පලයන් හාද කගවේනා වගේ යන්නෙ නැතුව ....
අහ් ඉන්න ඉන්න කලබල වෙන්න එපා ළමයි කියන්න තමා හදන්නෙ ඒ මගේ යාලුවා රුශ්...ආදරේට එහෙම කියන්නෙ...එතකොට මන් දහම්..නම දහම් උනාට පෝයකටවත් මන් පන්සල් ගියේ නෑ.... ජීවිතේ එක පාරක් ආදරේට රැවටුන මන් ආයෙ ආදරේ කරන්න ඇත්තටම මන් බය උනා...මගේ ජීවිතේ උනේ ජොලියෙන් ඉන්න එක...බොන එක ඒක තමා මගේ ජීවිතේ...මගෙ අම්මා නෑ එයා ඉතින් මේ කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ...දැනගන්න ඉඩ තියන්නෙත් නෑ...මන් බොන එකට දැන් එඩිට් වෙලා..ඒක නවත්ත ගන්නම බෑ...
@&#*#&@**@&@&#&#%@
අහ් හ්.....
ශිට් ගෝඩ් හැප්පුනා නේද...කොහේ බලාගෙනද හලෝ පාර පනින්නෙ උඩ බලාගෙනද ...අහ් ඇස් දෙක කටේ දාගෙනද යන්නෙ...පෙන්නෙ නැත්ද පාරෙ වාහන යනවා කියලා....මට ඒ වෙලාවෙනම් හොදටම මල පැනලා හිටියේ..පාර මැද්දෙ මගේ බයික් එකට හැප්පිලා වැටිලා හිටියෙ කෙල්ලෙක්...අනික මේ මහ රෑ කොහේ මගුලේ යනවද මන්දා...
ඔය බනින එක පැත්තකින් තියලා පොඩ්ඩක් නැගිටින්න උදව් කරනවද මිස්ටර්...
බලාපල්ලකො වැරැද්ද කරලත් තව කට නෑ නෑ හිතුවට මන් එහෙම කියන්න ගියේ නෑ...මම කෙල්ලට නැගිටින්න උදව් කලා
තෑන්ක්ස්...ඒකි කිව්වෙ මන් දිහාවත් නොබලා ඕනාවට එපාවට නිකන් ඔලොක්කුවට වගේ...
හරි දැන් ඔයාට තුවාල නෑ නේද..
මේ මිස්ටර් දැන්ද ඔයාට ඒක අහන්න මතක් උනේ...
යකෝ මේකි මාර කටර් එකක්නෙ...නෑ නෑ නංගි ඔයානෙ මෙ උඩ බලාගෙන පාර පැන්නෙ පොඩ්ඩක් බලන්න එපැයි වාහන යනවනෙ...අනික මේ මහ රෑ...අනික ඔයා වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැත්ද ඉස්කෝලෙ 2 වසරෙදි කියා දෙන්නෙ පාර දෙපැත්ත බලලා පනින්න කියලා...
අනේ මේ ඔයාට මන් ඉස්කෝකෙ ගියපු නොගියපු එකෙන් වැඩක් නෑනෙ මිස්ටර්...
මිස්ටර් නෙවෙයි දහම්...
හරි මොකා උනා මට වැඩක් නෑනෙ...අනික ඔයා බීලනෙ මම නෙවේ වැරදි පොලීසි ගියොත් ඔයාට තමා කූඩුවෙ ලගින්න වෙන්නෙ තේරුනාද අන්‍තිම ටිකනම් කෙල්ල කිව්වෙ ඇගිල්ල දික් කරලා...හම්බේ මේකි කොච්චි කරලක් වගේනෙ...ලේසි වෙන්නෑ වගේ...එයිට හොදයි ශේප් වෙලා යන එක...
හරි හරි මන් බීලා තමයි ඔයත් වැරදීනෙ උඩ බලාගෙන පාරෙ යන එක...දෙන්නම වැරදී..දැන් හරිනෙ ඔයාට සතුටුයිද??..දැන් ඔයාට තුවාලද රන්ඩු කර කර ඉන්න බෑනෙ මෙතන...කමක් නෑ තුවාල උනත් නැතත් මන් පාරෙ ගිය ත්‍රී වීල් එකකට අත දාල නතර කලා
නගින්න මන් ගිහින් දාන්නම්..
ඔයා ඔයා මොකටද එන්නෙ ඔයා එන්න ඕනෙ නෑ මන් යන්නම්...අනික ඔයාගෙ බයික් එක..
ඒක ඔහොම තිබුන දෙන් මන් නිසානෙ ඔයා හැප්පුනේ නගිනවා මෙතන කෝලම් කරන්නෙ නැතුව...තනියම යවන්න බෑනෙ...තමුසෙව මොකෙක් හරි උස්සන් ගියොත්...අහ් නෑ ඉතින් මේ කපුටෙක් වගේ කෙල්ලෙක්ව මොකෙක්වත් උස්සන් යන්නෑ ඉතින්..ඒ උනාට මන් ගිහින් දාන්නම්...
මේ මිස්ටර්...කෙල්ල ආයෙත් ඇගිල්ල දික් කලා මට
හා හා...දහම්..දහම් කියන්න...මන් කෙල්ලගෙ අත පාත් කලා...ඉස්සරහා 3 වීල් එකේ අයියත් සැරින් සැරේ පිටිපස්ස බලනවා මොකද මුන් දෙන්න රන්ඩු කරන්නෙ කියලා...
අපෝ මේ කොච්චි කරල ඔච්චර හයියෙන් කෑ ගහන්න එපා බන් මේ අයියා මොනවා හිතයිද මන් හෙමින් කනට කරලා කිව්වා..
අයියේ ඔතන ඉස්සරහින් නතර කරන්න...කෙල්ල මන් දිහාවත් නොබල බැග් එක කරට දාගත්තෙ...
මේ ඔයාගෙ ගෙදරද??? මන් ඒ ගේ දිහා කටත් ඇරන් බලන් ඉන්න විදිහ දැකලද මන්දා කෙල්ලට හිනා..නෑ මේ අපේ නැන්දිගෙ ගෙදර...තෑන්ක්ස් පරිස්සමට ගෙනත් දැම්මට...
ඉට්ස් ඕකේ..නමවත් කියලා යන්න කොච්චි කරල...
මායා...
අහ් ඕකේ මායා...බායි...
එන ගමනුත් මන් කල්පනා කලේ වෙච්ච දේ ගැන...සංසාරේ පුදුම කෙල්ලො...කොච්චි වගේ මුන්...කිසිම අහිංසක කමක් නෑ එන මග දිගටත් මන් හිතින් බැන බැන ආවා...
*@&%@&#*$*#*@@&&@&$&@@
සතියකට පසු....
මොකද යකෝ උඹ නිකන් යකෙක්ට බය වෙලා වගේ...
ඔව් යකෝ මෝහිනීට බය උනේ...උඹට මතකද රුශ් අර මන් කිව්වෙ අර මගේ බයික් එකට හැප්පිච්ච කෙල්ල..ඔව් බන් ඒකි කොහෙද බන් මෙහෙ වැඩ කරන්නෙ...
කෝ කොයි එකීද පෙන්නහන්...
අඩෝ ඔහොම බලන්න එපා බන් ශේප් එකේ බලහන්...
අම්මටහුඩු ඒකිද ඒකි මෙහෙ නෙවේ බන් හිටියෙ ලගදි මෙහෙට ආවෙ සාම්පල් චෙක් කරන්න ඉන්නෙ...
යකෝ අච්චර ලොකු ගෙයක් තීන කෙල්ලෙක්..මෙහෙම වැඩ කරයිද බන්...නෑ නෑ මන් කිව්වෙ ඉතින් ඒකිගෙ නැන්දගෙ ගෙදර බන්ගලාවක් වගේ බන් මන් උඹට කිව්වෙ...
ඒවගෙන් උඹට වැඩක් නෑනෙ බන්...දැන් අපේ චාන්ස් එක අපි සුපවයිසර්ලනෙ යමන් ඕකිව පොඩ්ඩක් බයිට් කරලා ගමු...
අඩෝ එපා බන් ඔන්න ඔහේ ඉන්න දියන්...
අහ්.හා කෙල්ලො ඇලජික් උඹට මොකෝ මේ සත්ව කරුනාව පහල වෙලා...
අනේ මේ කුනුහරුප අහගන්නෙ නැතුව හිටහන් මගෙන්...පාඩුවේ හිටියම ඉවරයිනෙ බන්..එච්චරයි ...
යමන් ලන්ච් ටයිම් එක...
දහම් ....දහම්.... මගේ නම සාමාන්‍යෙන් මන් වැඩ කරන තැන කියවෙනවා අඩුයි මොකද හැමෝටම අන්වර්ත නමක් තියෙන නිසා...ඒ නිසා මම එකපාරට බැලුවා කව්ද මගේ නම කිව්වෙ කියලා...
ඔයා මාවද හොයන්නෙ මගේ උරහිසට දැනුන ස්පර්ශයෙන් මන් හැරිලා බැලුවා...ඔයාලා හිතන්නෙ කවුරු කියලද..😉😉
කොච්චි කරල තමා..
අහ් ඔයා...මන් ගනන් නොගෙන කිව්වා..
ඔව් පොඩ්ඩක් කතා කරන්න ඕනෙ එනවද අරෙහෙට...
ඈ යකෝ මේ මොකක්ද වෙන්න යන්නෙ...හයියෝ මන් තාම පතිවත රැකගෙන ඉන්න කොල්ලෙක්...😂රුශ් ඌ නිකන් ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ මන් දිහා බලන් ඉන්නවා..ඌව දැක්කම මටම හිනා..
තෑන්ක්ස් ඔයාට මාව එදා ගෙදරට ගිහින් දැම්මට..ඒ වගේම සොරී එදා ඕනවට වැඩිය කියෙව්වට..
කොච්චි කරලා ඔයා මාව ශේප් කර ගන්න නෙහ් හදන්නෙ මොකද මමනෙ ඔයාගෙ සුපවයිසර්..හම්බේ ඉතින් මේ කෙල්ලන්ගෙ කපටිකම් මම අතකුත් නිකටට තියන් කිව්ව විදියට කෙල්ලට හිනා ගියා..
අනේ නෑ එහෙම දෙයක් නෙවේ දහම්...ඇත්තටම සොරී...
ඉතින් ඔහොම පටන් ගත්ත කතාව මාස දෙක තුනක් යනකොට ආදරයක් බවට පත් උනා... කෙල්ලොන්ව ඇලජික් වෙලා තිබ්බ මට එයාගෙ ආදරේ හොදටම හිතට දැනුනා...වැඩ කරන තැනදිනම් මන් එයා දිහා නිකමටවත් බැලුවෙ නෑ මොකද වැඩ කරන තැනින් අපි දෙන්නගෙම ජොබ් එකට කේස් එකක් වැටෙයි කියලා හිතුන නිසා..ඒත් ඉතින් මේක කොච්චර යාලුවන්ගෙන් හන්ගන් ඉන්න හැදුවත් කොහෙද උන්ට හොරෙන් යට ඇදුමක්වත් අදිනවා බොරු..😂
අඩෝ උඹ අරකි එක්ක යාලුයි නෙහ්..තෝබම් බල්ලෙක් නිකමටවත් මට කිව්වෙ නෑ පරයා..රුශ් ඌනම් ෆුල් අසට් වෙලා වගේ...
ඇයි යකෝ මන් තොට කිව්වෙ..අර එදා අපේ ගෙදර සෙට් උන වෙලාවෙ..කොහෙද ඉතින් තෝ කරටි කැඩෙන්න ගහලනෙ හිටියෙ මෙලෝදෙයක් මතක නෑනෙ..යන්තම් මන් බොරුවක් කියලා ශේප් උනා..
අනේ පලයන් බොරු නොකිය..ඒක නෙවෙයි ඕක අතෑරලා දාපන් බන්...වැඩක් නෑ..බන් උඹ මගේ බොක්ක නිසයි මේ කියන්නෙ...
මොනාද හු&% කියන්නෙ ....මන් හොල්මන් උනා..මූ ගංජා ගහලවත්ද.... නැත්නම් ගුලි කාලද...මොනාද බන් කියවන්නෙ...
මොන ල#$%වත් කාලා නෑ බන් මන් ඒකි ගැන ආරංචි වෙන කතා එච්චර හොද නෑ බන්...ඕක හිතින් අතෑරලා දාපන්...
නෑ බන්...ඒකි එහෙම නෑ..බන්...
උඹ ඕනෙනම් අහලා බලපන්..හැබැයි ඉතින් හොරාගෙන් ඇහුවට ඌ හොරකන් කලා කියන්නෑනෙ බන්...
රුශ් කියපු දෙයින් පස්සෙ හිත එක තැනක තියන් මට වැඩ කරන්න බැරි උනා... ගිනිපෙල්ලෙන් බැට කාපු මිනිහා කනාමැදිරි එළියටත් බයයි කියන්නා වගේ මාත් ආදරේට ගොඩක් බයෙන් හිටියේ..ඒත් මායා එයා තමයි මගේ ලෝකෙට පුංචි හරි එළියක් ගෙනාවෙ..මන් බොන එක ටිකක්වත් අඩු කලේ එයා..එයා මට මේ මාස දෙක තුනට කොච්චරක්නම් ආදරේ කලාද ...ඒත් මේ රුශ් කියපු කතාව ඒක ඇත්තක්ද මායා එහෙම කෙනෙක්ද...එහෙම වෙන්න බෑ...ඒත් මන් ඒක එයාගෙන්ම අහලා බලනවා...
හෙලෝව්...මායා බබා ඔයා කොහෙද ඉන්නෙ...
මම ගෙදරනෙ දහම් අයියේ අද නයිට්..ඔයා ඩේ එක නේද...
ඔව් මගේ ඔලුව රිදෙනවා බබා ඒ නිසා ශෝර්ට් ලීව් දාලා ආවා...
මායා...බබා ඔයා මට ආදරෙයිද???
ම්ම්ම් ඔව් මෝඩයෝ ගොඩක්...
ඇයි දැන් ඔහොම අහන්නෙ...
මන් දෙයක් අහන්නද ඔයාගෙන් හැබැයි ප්ලීස් ඔයා අප්සට් යන්න එපා හරිද ඒත් මට මේක දැන ගන්නම ඕනෙ බබා..
හරි ඉතින් අහන්නකෝ අයියේ...
ඔයා මීට කලින් කවුරු හරි එක්ක ඉදලා තීනවද...අහන්න අමාරු දෙයක් උනත් මන් එකපාරින්ම අහලා දැම්මා...
නෑ එහා පැත්තෙන් කිසිම සද්දයක් නෑ...මට ඇහුනෙ මායා හයියෙන් හුස්ම ගන්න හඩ විතරයි...
බබා ප්ලීස් ඔහොම ඉන්න එපා මොනා හරි කියන්න...
ඔ..ඔව් අයියේ...මට එහෙම උනා ලෝකෙටත් වඩා ආදරේ කරපු කලින් කෙනාගෙන්...
මගේ ඔලුවට අකුනක් ගැහුවා වගෙයි මට දැනුනෙ... ඒත් මට එයාගෙ අතීතය වැඩක් නෑ..මොනා උනත් එයා මට ඇත්තම කිව්වා... සුදු රෙද්දක තියෙන ලේ පැල්ලමෙන් කෙල්ලෙක්ගෙ ආදරේ පතිවත මනින කොල්ලෙක් වෙන්න මට ඕනෙ උනේ නෑ...ඒක මන් එයාට කිව්වා...
මායා ප්ලීස් බබා ඔයාගෙ අතීතෙ අහලා මන් ඔයාව රිද්දුවනම් මුලින්ම මට ඒකට සමා වෙන්න..ඒත් මේ අහන්න...
නෑ අයියේ ඕනෙ නෑ...ඔයා කියන්න හදන්නෙ මාව දාල යනවා කියලනම් ඔය වගේ සැනසිලි වචන ඕනෙ නෑ..ඒක මට කියන්න...මන් යන්නම්...මොන කොල්ලෙක්වත් පිරිසිදුකම නැති කෙල්ලෙක්ව බාර ගන්න කැමති වෙන්නෙ නෑ මන් දන්නවා...කවුරුත් කැමති නෑනෙ කාල ඉවර උන බත් පිගානක් කන්න...
මායා ප්ලීස් අහන්න ඔය කිසි දෙයක් නෙවේ අඩන එක නතර කරලා මන් කියන දේ අහන්න...නෑ රත්තරං මට ඔයාගෙ අතීතෙන් වැඩක් නෑ...කලින් හිටපු විදිය නෙවේ ඉස්සරහට ජීවත් වෙන විදියයි වැදගත්..
මන් ඔයාට ගොඩක් ආදරෙයි ඔයාව මැරිකරන්නමයි මන් ඔයාට ලං උනේ දාල යන්න නෙවේ...ඉතින් මට ඔයාගෙ ආදරේ ඔය ලේ පැල්ලමකින් මනින්න ඕනෙ නෑ වස්තු...අනික මාව හොද මිනිහෙක් කලෙත් ඔයාමයි...දැන් අඩන්නෙ නැතුව ඉන්න..දැන් අපි අතර රහස් නෑනෙ...ආදරෙයි මන් ගොඩාක්...
&#-#&@*@*#&&#*-@*@*@-@&@&
කාලය ගෙවිලා ගියේ හරි පුදුම ඉක්මනට අදුරුද්දක් ගෙවිලා ගියාද කියලත් මට සැක හිතුනා...
මේ අවුරුද්ද පුරාවටම මගේ යලුවො මට බන කියනවා වගේ කිව්වෙ මායා හොද කෙල්ලෙක් නෙවෙයි කියන එකමයි..එහෙම කියන්නෙ මායා මට කියපු හේතුව නිසා වෙන්න ඇති මම එහෙම හිතුවා ඒයිට්ත් වඩා මන් මායව ගොඩාක් විශ්වාස කලා...මගෙ පුංචි කෙල්ල...
සංසාර සිහිනේ පෙර මග මා සිටියා...අහ් සනුක අයියා කෑගහන්න ගත්තා...
හෙලෝව්.. අහ් බබා කියන්න...
දහම් අයියා කියන්න බැරි උනා බබා හෙට මම උදේ 6ට වැඩ හොදේ..
ඇයි බබා ඔයා කිව්වෙ 2ට කියලනෙ ...
නෑ බබා 6ට වැඩ...ඔයා නයිට් එක නේද
ම්ම්ම්ම් ඒකනෙ...
බබා මට කෝල් එකක් මන් ඔයාට පොඩ්ඩකින් ගන්නද?? රුශ් කතා කරනවා බබා...
අහ් කමක් නෑ අයියේ..එහෙනම් මන් නිදිය්න්නම් දැන් ගොඩක් රෑ වෙලානෙ උදේට මැසේජ් එකක් දාන්නම්කෝ පරිස්සමින් ඉන්න බබා..ගොඩාක් ආදරෙයි...
ආදරෙයි මැණික...මම කෝල් එක කට් කරලා රුශ්ගෙ කෝල් එක ආන්ස් කලා...
අඩෝ ගේ ඉස්සරහා ඉන්නෙ වරෙන් ගමනක් යන්න තොට කීයෙ ඉදන්ද ගන්නෙ...
හරි බන් හරි කොහෙද යන්නෙ...
කටවහන් වරෙන්න්කො යන්න....
යන ගමනුත් මම මුගෙන් කොච්චර ඇහුවත් මූ කියන්නෙම කටවහන් වරෙන් කියලා...
යකෝ තෝ මාව මේ මහරෑ අරන්‍යන්නෙ සමූහ දූශනේකටවත් ලක් කරන්නද...😂😂
රුශ් එක පාරටම අතුරු පාරකට දාලා මහ පාරට පේන්නෙ නැති වෙන්න නැවැත්තුවා...
මචන් ඇයි බන් සිරා ගේමක්ද කවුරු එනකන්ද අපි මේ ඉන්නෙ...එහෙම කියලා තප්පර දහයක් යන්න හම්බුනේ නෑ....ඈතින් දැක්ක දෙයින් මගේ කකුල් දෙකත් එක්කම පන නැති වෙලා මාව එහෙමම බිම ඉන්දුනා...
මායා...ඔව් ඒ මගේ කෙල්ල... දැන් ටිකකට කලිනුත් මාත් එක්ක කතා කරලා මට ගොඩක් ආදරෙයි කියපු කෙල්ල වෙන කොල්ලෙක් එක්ක තුරුලු වෙලා මේ මහ රෑ මන් දැක්කෙ රූම්ස් කියලා ගහලා තිබ්බ තැනකින් එළියට එනවා...
විශ්වාස කරන්න පුලුවන්ද නෑ මගේ ඇස් දෙක බොරු කියන්නෙ..මන් අත් දෙකින්ම ආයෙ ඇස් දෙක පිහදැම්මා...
අනේ බන් මායා...
හිත හයිය කරගනින් මචන්...ඒකි සල්ලිවලට ඩීල් යන කෙල්ලෙක් බන්
රුශ් තවත් මොනවදෝ කිව්ව්ත් මට ඒ එකක්වත් ඇහුනෙ නෑ...
නෑ දෙයියනේ එහෙම වෙන්නෙ කොහොමද මගෙ කෙල්ල නෑ එහෙම කෙනෙක් නෙවේ අනේ එහෙම වෙන්න බෑ බන්...
මම අත් දෙකෙන්ම ඔලුව බදාගෙන කෑ ගැහුවා...කවුරු ඉස්සරහවත් කදුලක් නොවැටුන මගේ ඇස් වලින් රුශ් ඉස්සරහා කදුලු වැටුනා...
නංගි මන් ඔයාට කොච්චරක්නම් ආදරේ කලාද....ඒත් ඇයි රත්තරං මේ තරම් මාව රැවැට්ටුවේ...ඇයි මට ඔයා මෙහෙම කලේ..එක පාරක් විනාස උන මගේ ජීවිතේ ඇයි ඔයා විනාස කරලම දැම්මෙ...ඔයාගෙ හැම වැරැද්දකටම මන් සමාව දීලා මෙච්චර ආදරේ කරපු එකට ඔයා දුන්න තෑග්ගද රත්තරං මේ....ඇයි මට මෙච්චර ලොකු බොරුවක් කලේ..සමාවක්නම් නැති වෙයි නංගි ඔයාට මේ ජීවිතේ ආයෙමත් සැරයක් විනාස කලාට....😢😢😢
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතුදිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා..
ඔබෙන් ලද ආදරය මන් හිතේ සගවාන හැමකල්
නැවත ඔබ හා සසරෙ මතු දා එක් වෙන්න දින ගනිනා...
ලගින් ඔබ තියන් මගේ පන කියන් එකට හිටිය දිනයේ..මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනෙ හිතට දැනුනේ..
යලිත් ඔබව හිමි නැතිනම් මගේ සෙනෙහේ අඩුනම්..
නැවත ඔබ හා සසරෙ මතු දා එක් වෙන්න දින ගනිනා...
දහම්😢😢
...................
මෙහන්සි
(උපුටාගැනීමකි )
................
No comments:
Post a Comment