හඩන සිතක්

#හඬන_හිතක්...
තාරුණ්‍යයේ අදෝනාව
( කෙටිකතාවක් )
=======================================

*මට ජීවිතය වැරදුනා රත්තරං .. කවදාවත් හීනෙකින්වත් හිතපු නැති දෙයක් උනේ මට ඔයාවත් සමාව දෙනවනම් මම ජීවිතය හදාගන්නම්.. ඔයා එක්ක හැමදාම සතුටින් ඉන්නම් .. මට සමාව දෙනවද රත්තරං..?

*මම ඔයාට අවන්කවමයි ආදරය කරේ මම ඔයාට අවසාන වතාවට සමාව දෙන්නම්.. ආයෙ ඔහොම දේවල් වෙන්නෙ නෑ කියල මට ප්‍රොමිස් වෙන්න..

*ප්‍රොමිස් රත්තරං ප්‍රොමිස්.. i love you පනහ්...

======================================

*අම්මේ තාත්තෙ මට සමාවෙන්න අම්මෙ මම ජීවිතය වරද්දගත්ත ආයෙ එහෙම වෙන්නෙ නෑ අම්මෙ..
තාත්තෙ මට සමාව දෙන්න ආයෙ මම ඔය වැරැද්ද කරන්නෙ නෑ අම්මෙ තාත්තෙ..

*නැගිටපන් පුතේ උබ තේරුම් ගත්තනම් හැදුනනම් මටයි අම්මටයි ඒ ඇති.. ජීවිතේ විහින් විනාස කරගන්න එපා රත්තරනේ.. අපි සමාව දෙන්ව..

*ස්තූතියි තාත්තෙ.. මම ආයෙ ඒ වරද කරන්නෙ නෑ..

=====================================

මම කලිදු ගයාශාන් .. ඇත්තටම මම ගොඩක් වාසනාවන්ත කොල්ලෙක් මට පනටත් වඩා ආදරය කරන අම්ම තාත්ත දෙන්නෙක් කෙල්ලෙක් මට ඉන්නව..  ඒ උනත් මම අනිත් පැත්තෙන් ගොඩක් අවාසනාවන්ත කෙනෙක්.. ඒකට හේතුව ඔයාලට තේරෙයි මගෙ කතාව ඇහුවම.. මගේ කෙල්ල සදනි නිසන්සලා...මම සාමාන්‍ය පෙල සාමාන්‍ය ලෙස සමත් වෙලා කලා අන්ශයෙන් උසස් පෙල කරල උසස්පෙල අන්‍තෙටම අනාගත්ත කොල්ලෙක් මේ මගේ කතාව...

-------------------------------------------------------------------------

* මචන් මේ කව්ද අර බස් හෝල්ට් එකේ ඉන්න කෙල්ල බන් . බලපන්කො  පට්ට කෑල්ලක් බන් ...

* ටෞකන්න යකෝ ඒකිට තමයි මම ටෝක් කරන්නෙ.. තෝවත් ඇදන් ආවෙ ඒකි බලන්න තමයි උට්ටො.. තෝ නිකන් ඒකිට පැනි හලන්න එපා ගෙවලය වගේ...

* ඉතින් උට්ටො කලින් දැනුවත් කරන්න එපයි මට දිවැස් නෑනෙ ඒකි තෝ ටෝක් කරන කෑල්ල කියල කියන්න...

* හා හා දැන් දැනගත්තනෙ ටිකක් වැදගත් වෙයන් මම අද ඒකිට නම්බර් එක දෙනවමයි.. තෝ මාත් එක්ක එනවනම් වැදගත් විදියට වරෙන්..

* මූ යකෝ එක්කන් ආවෙ මාව වැදල වැදල මෙතන මාව බල්ල මාක් එකට දැම්ම හු##...

* කට කට උබ කට වහන් හිටපන් දැන් මම ඒකි ලගට ගීන් ටෝකක් දාලා නම්බර් එක දෙන්නම් දීපු ගමන් මම අතින් තොට ෆිට් එකක් දාන්නම් එතකොටම උබ වරෙන් අපි දෙන්න මාරු වෙමු හාද ..

* හා හා දැන් පලයන් පුරුශ මෙව්ව එක අතනට අරන් පල දැන්...

=======================================

* ස්ස්... ස්ස්ස්... නංගි...
නංගි නංගි ...

* මේ උබට අර අයිය කතා කරනව පොඩ්ඩක් බලපන් මොකද කියල...

* හෑ මට..?

* නැ නෑ එයාට නෙමෙයි ඔයාට කතා කරේ නංගි ..

* අහ් මටද කතා කරේ අයියෙ.. සාමාන්‍යයෙන් කොල්ලො ස්ස් ස්ස්ස් කියල කතා කරන්නෙ මෙයාට මට කතා කරන්නෙ සදු කියල .. ඉතින් ඇයි දැන් අයිය මට කතා කරේ ..?

* මේ මේ මේකයි නංගි මේ චිට් එක ඔයාගෙ බෑග් එකෙන් බිමට වැටුන මම ඒක දෙන්න ආවෙ ආ ගන්න..

* අහ් එහෙමද මම දැක්ක අයිය ඔය චිට් එකම අතේ තෝ තියාගෙන මාස 3ක් විතර  මේ බස් හෝල්ට් එකේ කැරකෙනව  මාස ගානකට කලින් අහුලපු එක දෙන්න මෙච්චර පරක්කු ඇයි කියල මම බැලුවෙ... කෝ දෙන්න තෑන්ක්ස් අයියා...

(හෑ හම්මට බොල මේකි පට්ට චරිතයක්නෙ.. ඔහොම්මම වචනයක් දාල බලන්න ඕන..)

* යූ ආ වෙල්කම් නංගි.. මේ සදු ඔයාගෙ ගෙවල් කොහෙද ?

* මේ අයිය මට මේ ඔයා දුන්න චිට් එකේ තියෙන්නෙ ඔයාගෙ යාලුව මට මාස තුනකට කලින් දුන්න නම්බර් එක මම හවසට එයාට කෝල් කරල සේරම විස්තර කියන්නම් ඔයා එයාගෙන් අහගන්නකො.. හොදද.. අහ් අපේ බස් එක එනව හී හී අපි යනව ඒනම්...

*හෑ.. ම්ම්.. හා හා ඒනම්...

* අඩෝ මෙහෙ වරෙන් පරය තෝ මට කලින් අරකිට නම්බර් එක දුන්න නේද මිත්‍ර ද්‍රෝහිය.. වල් බ...

* හෝව් හෝව් හෝව් තොට මොන්ගල්ද උට්ටො අදමයි මම ඒකි දැක්කෙ .. ඇයි තෝ මට එහෙම අබූත චෝදනාවක් එල්ල කරේ..

* නෑ බන් ඒකි කීවනෙ මම ඒකිට දුන්න චිට් එක උබ ඒකිට දුන්න චිට් එක කියල මාස 3කට කලින්.. ඒකි බොරු කිවද එතකොට ...

* නොදකින ගොන් ලබ්බ.. තොගෙ මොලේ තියෙන්නෙ ##ද යකෝ.. ඒ චිට් එකේ තියෙන්නෙ තෝ ලියපු නම්බර් එකනෙ ගොන් උට්ට..

* අඩේ සිරාවටම නේද බන්.. එතකොට ඒකි කියල තියෙන්නෙ මට හවසට කෝල් කරන්නම් කියල අඩො...හුකෑස් දාපන් පහක් ... මේ මගේ මේ ටියුබ්ලයිට් සීන් එක තාම හරි ගිහින් නෑ බන් බලපන්කො සැක්...

* තෝ කවදත් ටියුබ්ලයිට්නෙ බන් දැන් වරෙන් යන්න ගෙදර යමන් බස් එකේ යන්නවත් සත පහක් අතේ නෑ පයින් යමන් ..

* හම්මේ මම අදනම් යන්නම් බන් යාපනේට උනත් පයින්..


=====================================

හවස්වෙනකන් නොඉවසිල්ලෙන් බලන් හිටිය මට එකපාරටම අදුරන්නෙ නැති නම්බර් එකකින් කෝල් එකක් ආව මම ඉතින් සතුටින් පිනා ගිහින් පැන්න ගමන් කෝල් එක ආන්සර් කරා.

* හෙලෝව්....

* ආයුබෝවන් හිතවත් පාරිභෝගිකය ඔබගේ ජංගම දුරකතනයට රිඟින් ටෝන්...

* මුන්ගෙ අම්මලට ....
නෙදකින ..

ඉතාම කුජීත ලෙස රැවටුන මම මීලග ඇමතුම එනතුරු නොඉවසිල්ලෙන් බලාගෙන හිටිය.. ටික වෙලාවකින් මට ආයෙ කෝල් එකක් ආව..

* හෙලොව්...

* හෙලො මිස්ටර්... මම දැන් ඉන්නෙ විජේරාමෙ බෝඩ් වෙලා , මගෙ ගම නුවර , නම සදනි නිසන්සලා, වයස 22යි , මම මහරගම කොමශල් බෑන්ක් එකේ වැඩ කරන්නෙ .. හරි නේද එහෙනම් .. බායි බුදුසරණයි ..

* හ්..හෙලෝ හෙලෝ හෙලො....

අම්මට සිරි වෙනව මාර කෙල්ලෙක්නෙ මේකි..

කොහොමහරි මම රෑ කෝල් එකක් ගත්ත අපි ගොඩක් වෙලා කතා කරා.. එයත් මට කැමති කියල ඕන ගොනෙකුට තේරුනත් අපි දෙන්නම දවස් තුන හතරක් යනකන් ආදරය ප්‍රකාශ කරේ නෑ.. හරියටම හතර වෙනි දවසෙ මම එයාට ආදරෙයි කීව එයත් මට කැමැත්ත දුන්න.. සරලවම කියනවනම් අපි පෙම්වතුන් උනා.. මේ විදියට අපි ගොඩක් ආදරේ කරා...

ඒත් එයාවත් මගෙ අම්ම තාත්තවත් නොදන්න රහසක් මගේ ජීවිතයේ තිබුන ඒ තමයි මම තදින්ම මත් පෙති වලට ඇබ්බැහි වෙලා හිටියෙ.. ඇපල් , ටැමඩෝල්, සූඩෝල්, ට්‍රැෆික... මේ වගේ අතට අහුවෙන ඕනම මත්ද්‍රව්‍යක් පාවිච්චි කරා මම...
මම වැඩ කරෙත් පන්නිපිටියේ කූල් ප්ලැනට් එකේ  ස්ටෝස් සුපවයිසර් විදියට.. මම මේවට හුරු උනේ ගමේ ඉදල පන්නිපිටියට ආවට පස්සෙ ඒ මගේ යාලුව කවිදුගෙන්.. ඌයි මායි තමයි බෝඩිමේ ඉන්නෙ අපි දෙන්නටම සැටඩේ ලීව් එක එන විදියට අපි සෙට් කරන් ඉන්නෙ මොකද එදාට තමයි අපේ ඩ්‍රග්ස් ඩේ එක.. ඔව් මම සතියකට සැරයක් ඩ්‍රග්ස් යූස් කරනව.. ඒත් ටැබ්ලට්ස් වලට මම තදින්ම හුරු වෙලා තියෙන්නෙ.. අනිත් එක මායි කවියයි දෙන්න බෝඩිමේ ඉදන් අමතර ආදායමක් අතට එන වැඩකුත් කරා අපි ටැබ්ලට්ස් විකුනුව... අපි ලග හැමවෙලේම අනිවාර්යයෙන් ටැබ්ලට්ස් වර්ග 4කින් පැක් දෙක දෙක වෙන්න තියෙනව..

මේ දේවල් කිසිම දෙයක් සදු දැනගෙන හිටියෙ නෑ අපි ගොඩක් ආදරෙන් හිටියෙ අම්ම තාත්ත උනත් හිතන් ඉන්නෙ තවමත් මම ගමෙන් ගියපු අහින්සක පුතාමයි කියල අපි ටැබ්ලට්ස් වලින් ලැබෙන ගානෙන් තමයි අපිට ආතල් දාන්නත් වෙන් කරගන්නෙ.. එතකොට සැලරි එකෙන් කොටසක් ගෙදරට යවල ඉතුරු ටිකෙන් කෑමට බීමට වෙන් කරල ඉතුරු වෙන ගාන බෑන්ක් එකේ ඩිපොසිට් කරනව..මම කොයිතරම් මතට ඇබ්බැහි උනත් මගෙ අනාගතය වෙනුවෙන් ඉතුරු කරනව ගානක්... සමහරවිට ඒ අපේ අම්ම තාත්තගෙ පුරුද්ද වෙන්න ඇති..  කොහොමහරි අපි එක සෙනසුරාදාවක ඩ්‍රග්ස් ගහන ගමන් ඉද්දි අපේ බෝඩිමට පොලීසියෙන් පැන්න.. මායි කවියි පොලිසියට අතේ මාට්ටු උනා අපේ සිවිලිමේ කැඩුන කෑල්ලක් අස්සෙන් උඩ හන්ගල තිබුන ටැබ්ලට්ස් පැක් 8ම පොලිසියෙන් හොයාගත්ත නඩුව ගොඩක්  බරපතල උනා . අපිට පොලීසියෙන් නොසෑහෙන්න ගැහුව ගගහ ඇහුව අපිට බඩු දෙන්නෙ කව්ද කියල අවසානයෙ මටයි කවීටයි සේරම කියන්න උනා.. අපි මුල ඉදන් අගට සේරම විස්තර කිව්ව..

=======================================

* කියපන් පරයො තොපිට කව්ද මේ දේවල් දෙන්නෙ.... කියපන්.... ගහපන් මුන්ට...

*අහ් අහ්... සර් ගහන්න එපා සර් මම සේරම කියන්නම් බුදු සර් ගහන්න එපා සර්...

* ඕක නවත්තන්න ... ඔයාල එලියට යන්න..
ඔව් කියපන් තොපිට කව්ද දෙන්නෙ?

* ස්....සර්.. අපි ටැබ්ලට්ස් ගන්නෙ... වලව් වත්තෙ සරත් අයියගෙන් සර්... අනේ සර් අපේ ගෙවල් වලට මේ ගැන කියන්න එපා සර් අපිට සමාවෙන්න සර් අපි ආයෙ මෙහෙම දේවල් කරන්නෙ නෑ...

* උබල හිතනවද ටැබ්ලට්ස් පැක් 8ක් කියන්නෙ සාමාන්‍ය දෙයක් කියල උබල මත්ද්‍රව්‍ය විකුනන උන් උබලට උසාවි යන්නම වෙනව .. ගෙවල් වල නම්බර්ස් දියන් ඉක්මනින් .. ලබන අගහරුවාදා උබල උසාවි දානව...

* අනේ බුදු සර් එපා සර් අපිට සමාවෙන්න සර් අපි ඇත්ත කීවනෙ සර්...

=======================================

අපි කොයිතරම් අඩ අඩ කීවත් අපි කියන දේවල් කනකට ගත්තෙ නෑ පොලීසියෙ අය.. අවසානයෙ ගෙදරට කෝල් කරල කීව.. අම්මයි තාත්තයි එදාම ආව මාව බලන්න... අම්ම එක වචනයක් කතා කරේ නෑ ඇඩුව එක විතරයි කරේ තාත්තනම් මට කවදාවත් කතා කරපු නැති විදියට බැන්න...

අවසානයෙ සදුත් දැනගෙන මාව බලන්න ආව.. මට අම්මට තාත්තට වගේම සදූට මුහුණ දෙන්ත් පුලුවන් කමක් තිබුනෙ නෑ එයා දාහක් ප්‍රශ්න අහද්දි මම කරේ අනිත් පැත්ත හැරිල අඩපු එක.
අවසානෙට එයත් මාව අතාරිනව කියල ගියා....

උසාවි දවසත් ආව.. මගෙ අම්ම තාත්ත ආව මාව ඇප දීල ගන්න හිතාගෙන ඒත් මටයි කවිටයි ඇප ලැබුනෙ නෑ . අපිව මාස 6කට ඇතුලට යැව්ව... ඇතුලෙදි අපි විදපු දුක කවුරුත් දන්නෙ නෑ.. ඒක ඇතුලෙ ඉන්නෙ ගොඩක්ම අසහනකාරයො උන්ගෙන් බේරිලා අමාරුවෙන් ගුටි කාගෙන අපි මාස 6ක් ඉදල ආව.. මම එලියට එනකොටම හිතාගත්ත ආයෙ කවදාවත් ඒ ජරාව දිහාවත් බලන්නෙ නෑ කියල... මුලින්ම ඔයාල කියෙව්වෙ මම එලියට ආවට පස්සෙ උන සිදුවීම... 👇👆
( මට සමාවෙන්න රත්තරං ...........)

මම ගොඩක් වාසනාවන්තයි මට ගොඩක් ආදරය කරන අම්ම තාත්ත ඉන්නව කෙල්ලෙක් ඉන්නව.. එයාල මාව විස්වාස කරා වගේම මමත් මාව විස්වාස කරනව ආයෙ කවදාවත් මම ඒ ජරාව දිහා ඇහැක් ඇරලවත් බලන්නෙ නෑ කියල...

ඒත් වාසනාව අවාසනාවක් උනේ කවුරුවත් නොහිතපු විදියට... මම ආයෙ මහරගම ගියා ජොබ් එකක් හොයාගෙන.. මට කීල්ස් එකේ ජොබ් එකක් ලැබුන ටික දවසක් ඔහොම ඉද්දි මගේ බෝඩිමට අමුත්තො ටිකක් ආව... ඒ වෙනකවුරුත් නෙමෙයි  වලව් වත්තෙ සරත්ගෙ ගැන්ග් එක .. මම අහල තිබුන සරත් පාතාලෙ කෙනෙක් කියල ඒත් උනුත් එක්ක ගනුදෙනු කරල මෙහෙමවෙයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නෑ මට මතක උන් ටික කිනිසි අමෝරගෙන ඇගට පනිනව විතරයි... මට සිහිය එද්දි මට බොද වෙලා වගේ පෙනුන අම්මයි තාත්තයි අඩ අඩ මගේ අත අල්ලන් ඉන්නව අනිත් පැත්තෙන් මගෙ සදු කදුලු බේරෙන ඇස් වලින් මගෙ ආදරය ජීවිත කාලයටම ඉල්ලනව... මම දන්නෙ නෑ මට මොනාද වෙලා තියෙන්නෙ කියල ඒත් මට කතා කරගන්න බෑ . බෙල්ල ලගින් හිරි වැටිල තිබුනෙ මුලු ඇගම තියනවද නැද්ද කියල දැනෙන්නෙ නෑ.. එක පාරටම මට හුස්ම ගන්න අමාරුයි වගෙ තේරුනා මට සෙට් කරල තිබුන මැෂින් වල හාට් බීට් එක වේගෙන් ටීක් ටීක් ගාන සද්දෙ ඇහුන එක පාරටම කන් දෙක ලොක් වෙනවත් එක්කම අම්ම තාත්ත සදූ කෑගහන සද්දෙ යන්තමින් ඇහුන ඇස් බොදවීගෙන යනකොටම අම්ම තාත්ත සදූ මට මැවිල පෙනුන... මුලු ලෝකයම අදුරෙ ගිලුන...

=======================================

නිමි......

කොටි වලිගය අල්ලගන්න පෙර ඔබත් සිතන්න... කවදාවත් මේවට පුරුදු වෙන්න එපා..  පුරුදු වෙලා ඉන්න කෙනෙක්නම් තවම ප්‍රමාද නැත ජීවිතය අවාසනාවන්ත ඉරනමක් අත්වීමට පෙර සියලු දේ අත් හරින්න...

   මත්ද්‍රව්‍යයත් පාතාලයත් වැලද ගන්නා පුද්ගලයාගේ ආයුෂ ගොඩක් අඩුයි..

බුදුසරණයි...!

#විරාජ්_උදාර_අබේතුංග...
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment