සුදු ඇද ඇතිරිල්ල

කෙටි කතාව ..

   සුදු ඇඳ ඇතිරිල්ල...

    දිල්කි අනුරාධා වන ඔබ හා මිතුම් දම්සර යන ඔබව මෙතැන් පටන් ස්වාමිපුරුෂයා හා භාර්යාව වශයෙන් ...........................

    මා දෙසවන තුළ රැව් දුන්නේ පූජකතුමා මා⁣ගේත් මිතුම්ගේත් විවාහ චාරිත්‍ර කටයුතු කරන ආකාරයයි.දිගුම දිගු සුදු පාට ලේස් ගවුමකින් සැරසී හිටපු මට එහා පැත්තෙන් හිටියේ සුදුපාට බ්ලේසර් එකක් සහිත වෙස්ටර්න් විඳිහට සැරසී ලස්සන විහිදාපාන මාගේ ස්වාමිපුරුෂයයි.

    අවුරුදු දහතුනක ප්‍රේමයේ ප්‍රතිඵලයක් විදිහටයි අද අපේ විවාහ මංගල්‍යය සිදුවුණේ .දෙපාර්ශවයෙන්ම ආශිර්වාද මැද අද දක්වා මේ ගමන එන්න අපි ගොඩක් දුක් වින්ඳා.

     එකම පංතියේ පොඩි කාලේ ඉඳන් එකට ඉගෙන ගත්තු අපි දෙන්නා ඉගෙනුම සාර්ථක ලෙස සම්පූර්ණ කර රැකියාවල් ද ලැබුණු පසුවයි විවාහ වන්න තීරණය කළේ.ඒ දක්වා අවුරුදු දහතුනක කාලයක් මිතුම් මා සිප වැළඳ ගත්තා මිසක එතැනින් ඔබ්බට නොයා මා මලක් මෙන් පරිස්සම් කරනු ලැබුවේ දැඩි ආදරයෙන්.

     මදුසමය සඳහා අපට සූදානම් කර තිබුණේ නුවරඑළියේ ඉහළ පෙළේ හෝටලයකි.අද දින රාත්‍රියේ මා පෙරුම් පිරූ මගේම මිතුම්ගේම සඳහටම හිමි වීමට මා හට සිදුවන බව හැඟීමෙන් මා හටම දැණුනේ අමුතුම ආශාවක්.

    මැණික අද තමයි අපි අවුරුදු දහතුනක් බලන් හිටපු දවස...අද ඔයා මගේම වෙනවා..මට ආදරෙයි නේ ද...

   ඔව් මගේ මහත්තයෝ ..මෙච්චර කල් මං රැකන් හිටපු හැමදෙයක්ම ඔයාට දෙන්න මං ලෑස්ති ..

    පිස්සි දැනටමත් පණ්ඩිත වෙලා..

    හී...එහෙම තමයි මං..

     ඉන්නවකෝ ඒනම්....

    එම මංගල රාත්‍රියේ මිතුම් මා ඔහුගේම කරගත්තේ මා සිතට සතුටක් ගෙන දෙමිනි .නමුත් අප යහනේ සැනසී අවසන් වනවාත් සමගම ඔහු ලයිට් එක පත්තු කර සුදු ඇඳ ඇතිරිල්ලේ සෙව්වේ මගේ පිවිතුරුභාවයයි.

     දිල්කි මට ඇත්ත කියනවා..තමුසේ මාව රවට්ටලා මොකා එක්ක ද ලැග්ගේ..

    අනේ මොනව ද මිතුම් මට මේ කියන්නේ ..ඔයා දන්නවනේ මං ගැන...

    මේ බලපන් හොඳට ....මේ සුදු රෙද්ද උබේ අම්මා එවපු විදිහටම තියෙයි .තෝනම් වේසකමේ ගියපු වේසියක්.

    අනේ මගේ මහත්තයෝ එහෙම නෑ .අනේ මාව විශ්වාස කරන්න ප්ලීස් .

    කටවහපන් ...මට තෝ වගේ කාලකණ්ණි වේස ගෑණියක් එපා...

     හෙලෝ මං මිතුම් කතා කරන්නේ .දිල්කිගේ අම්මා ද මේ.මේං තමුන්ගෙ දෝණි ඇන්ඳගේ හපන්කම් අද පෙන්නුවා.ඇවිත් මේකිව එක්ක යන එකයි ඇත්තේ සුදු රෙද්දත් එක්කම.

    එදා මිතුම් මගෙන් කිසිම දෙයක් අහන්නැතුව මාව විශ්වාස නොකර මගේ නෑදෑයන් යහළුවන් හිතවතුන් සේරම ඉස්සරහ මාව ලැජ්ජා කරලා ආපහු ගෙදර එව්වා.අවුරුදු දහතුනක් පන වගේ ආදරේ කරපු මිතුම්ම ද මට මෙහෙම කරේ කියලා හිතාගන්න බැරි තරම් මං අසරණ වුණා .මගේ අම්මයි අප්පච්චි  කවදාවත් මාව අවිශ්වාස කරේ නෑ .

    දෝණි ඔයාව අපිට බරක් නෙවේ.දැන්වත් වුණ දේවල් ගැන හිතන්නැතුව අනාගතේ ගැන හිතලා තීරණ ගන්න.

   අම්මා කීව දේ ඇත්ත.මා දැන් අතීතය ගැන සිතා වැලපීමෙන් පලක් නැත .මා අනාගතය ගැන සිතීමට තීරණය කළෙමි .

    මගේ උපාධියට ගැළපෙන රැකියාවක් මම නැවත සොයා ගත්තෙමි .ඒ අතරතුරදී දිනුෂ මගේ ජීවිතේට ආවේ.ඔහු තමා මම වැඩ කළ ආයතනයේ ප්‍රධානියා .

    අප දෙදෙනා විවාහ වීමට පෙර සියලුම දේ මම ඔහුට කීවේ බියෙන් .නමුත් ඔහු සිනාසුණා පමණයි.

    කවදාවත් ආදරේ⁣ට ලේ බින්ඳුවක් බලපාන්නෑ දිල්කි .එවා ආදි කාලේ මිනිස්සු හිතපු මිත්‍යා විශ්වාස විතරයි .මට එහෙම නෑ ...

     නැවතත් සියල්ලෝගේම ආශිර්වාද මැද්දේ අපි විවාහ වුණි .එදින රාත්‍රියේ මා ඔහුත් සමග එකතු වූයේ පෙර දිනකදී මිතුම් සමග සිට ඇති වූ බියත් එක්කමයි .එක්වරම යටිබඩ දෙසින් ආ වේදනාවකින් මා වත පෙළෙද්දී මා කිසිවක් නොකියා දිනුට සහය වූයේ ඔහුව අසතුටු කිරීමට ඇති අකමැත්ත නිසාමයි.

    දිල්කි මේ...බලන්නකෝ...

    මොනවා .....ලේ.....

    දැක්ක ද මැණික පාපතුර මිනිහෙක් ඉස්සරහ ස්වභාව ධර්මයම ඔයාට එරෙහි වුණේ ඒ මනුස්සයව තේරුම් ගන්න මිසක් ඔයාගෙන් පළි ගන්න නෙමෙයි .

     අනේ මගේ මහත්තයෝ ...අවුරුදු දහතුනක් ආශ්‍රය කරලා මං ගැන විශ්වාස නොකරපු මිතුම්ට වඩා මාස හයක් ආශ්‍රය කරලා මං ගැන විශ්වාස කරපු ඔයාව මට මේ මුළු ලෝකෙටත් වඩා වටිනවා...

     එතැන් පටන් හැමදා මා ඔහුගේ ආදරණීය පතිනිය වුණි .අවුරුදු දෙකක් යන විට අප දෙදෙනාට පුතු පැටව් දෙදෙනෙක් ලැබුණි.මිතුම් නැවත විවාහ කරගත් තරුණිය ඔහුව අතහැර වෙනත් අයෙකු සමග ගොස් තිබුණේ මිතුම් මට කළ දේට ස්වභාව ධර්මය ද දඩුවම් දෙමිනි.

      නිමි...
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment