💞💞සෙල්ලක්කාර ආදරෙ💞💞
"අන්න මචං බැස්සා කෑලි සෙට් එක......"
"එක තමා බං.හොයපන් බලන්ඩ මගෙ ලයින් එකත් ඉන්නවද කියල...."
"කොයි එකද බං....උබට එකක් කියල නෑනේ......උදේට එකයි හවසට තව එකයි....."
"අනේ අනේ මෙි බයිල ගහන්නැතුව හිටු....."
"ආන් එනව ගියසතියෙ ලයින් කරපු එකි.....පලයන් අදත් පස්සෙන්....."
"එලම එලම මම ගියා....."
සසිදු කියන්නෙ සාමාන්‍යපෙල ලියල උසස්පෙල කරන්න රිසාල්ට් නැති නිසා ටවුන් එකේ ශොප් එකක වැඩට හිටපු කොල්ලෙක්.පුංචි කාලෙදිම අම්ම නැති උනාට පස්සෙ අම්මගෙ හත්දවසෙ දානෙ දෙන්නත් කලින් සසිදුගෙ තාත්ත කොහෙන්ද මන්දා ගෑනු කෙනෙක් එක්කගෙ ආවෙි ගමෙි හැමෝම එක එක එවා කියල බනිද්දියි......සසිදුගෙ තාත්ත මහලොකු රස්සාවක් නොකරත් යන්තන් එදා වෙිල පිරිමහගන්න පුලුවන් වෙන්න කීයක් හරි හොයාගත්තත් ඒකෙනුත් බාගෙට බාගයක් කසිප්පු තිප්පොලේදි කසිප්පු බීලා බූරු ගහල වියදම් කරගෙනයි ගෙදර ආවෙ.සසිදුගෙ තාත්ත අලුතෙන් එක්කගෙන ආව ගෑනු කෙනා මුල් දවස් වලදි සසිදුට ආදරෙන් හිටියත් පස්සෙ පස්සෙ ඒ ආදරෙ වෛරයක් උනේ සසිදුලගෙ පවුලට තතවත් සාමාජිකයෙක් එකතු උන නිසාමයි.එදා ඉදන් ගෙදර ගැරහුම් ඉවසන්නම බැරිව සසිදු ආච්චිලගෙ ගෙදර යන්නෙ ගෙදර ඉන්න බැරි නිසාමයි......ආච්චි අම්මගෙ ආදරෙ යටතේ හැදිච්ච සසිදු ඉගන ගන්න නම් කිසිම උවමනාවක් තිබුනෙම නෑ.....සසිදුට උගන්නගන්න තරම් වත් කමක්වත් නොතිබ්බ නිසාමයි සසිදුගෙ ආච්චිත් වැඩිය සසිදුට බල කරේ නැත්තෙ.සාමාන්‍යපෙලින් පස්සෙ ඉස්කොලෙ ජිවිතේට සමුදීපු සසිදු තොරගත්තෙ යාලුවොත් එක්ක රස්තියාදු ගහගෙන සෙල්ලක්කාර විදිහට ඉන්නයි.....ඒ කාලෙදිම තමා යාලුවො එක එක ලස්සන ලස්සන ඇදුම් එහෙම අදිනකොට ඒවට සල්ලි ඕන නිසයි සසිදු ටවුමෙි කඩෙික වැඩට යන්නෙ.....ඒ වැඩ යන කාලෙදි තමා සසිදු දිලිනිගෙ පස්සෙන් ගන්නෙ.....
දිලිනි කියන්නෙත් දුප්පත් පවුල අහිංසක කෙල්ලක්.ලස්සන දිග කොන්ඩයක් තිබුන හුරුබුටි පෙනුමක් තිබුන කෙල්ලක් තමා දිලිනි.දිලිනි ඉස්කොලෙ 10වසරෙ හිටපු කෙල්ලක්.කොච්චර කොල්ලො පස්සෙන් ආවත් දිලිනි ඒ හැමෝටම ගනන් උස්සල ගනන් ගන්නැතුව හිටියෙ දිලිනිට පිටස්තර ආදරයක් කියල දෙයක් ඕන උනේ නැති නිසාමයි.දිලිනි කුරුණෑගල ක්ලාස් එන්න පටන් ගත්තෙ යාලුවත් ගනන් පංතියකට යන නිසා දිලිනිටත් යන්න හිතුන නිසාමයි.එදත් සුපුරුදු විදිහටම දිලිනි බස් එකෙන් බැහැල යනකොට........
"ආ නංගි....කොහොමද ඉතින්....."
අදුරන්නැති කොල්ලෙක් කතා කරපු නිසා දිලිනි ගස්සගෙන යන්න ගියා....
"ඕ....හො....හො....මෙි.....ගස්සන්න කරන්න යන්න එපා.....ඔහොම ගස්ස ගස්ස යන්න එපා නංගි.....අම්මෝ....මුන රතු වෙල ජම්බු ගෙඩියක් වගෙ......"
"මෙි කවුද තරූ මෙි පිස්සා....."
"අනේ මංද බං....නොහෙ හරි යන මානසික රෝගියෙක්...."
"ඔයා තමා නංගි මාව පිස්සෙක් කරේ.....එකනෙ මෙච්චර පස්සෙන් එන්නෙ....."
"අනේ මෙි ප්ලීස් වද නොදි යනවකො අයිසෙ යන්න....මොන විකාරයක්ද මෙි......"
එදා දිලිනි එහෙම කියල ගස්සගෙන යන්න ගියත් සසිදු දිලිනිට පිස්සු වැටිලයි හිටියෙ.ඒ නිසාම සසිදු දිලිනිගෙ පස්සෙන් යන එක නතර කරේම නෑ.....
"ඒ මචං....අඩො මෙි හෙට උබෙි ඩෙනිමයි ශු දෙකයි ඕන ඈ....ලස්සන ටී ෂට් එකක් තියේ නම් එකත් දියන්..."
"මොකටද බං අලුත් එකක්ද...."
"දන්නවනෙ ඉතින්.....බයික් එකත් ඕන ඈ....."
"හරි හරි සසිදුවා....අහන්න එපා ඇරන් පල...."
"එලම....එලම බ්‍රෝ....මෙික දාගත්ත කියන්නෙ ගොඩම තමා ඈ...."
සසිදු එහෙම කියන ගමන් යාලුවගෙ ඇදුම් ටිකයි බයික් එකයිත් ඉල්ලගෙන ගියෙ පහුවදාටත් දිලිනිව බලන්න යන්නමයි.වෙනදට හැමදාම පස්සෙන් ආවත් එදා ආවෙ නැති නිසා දිලිනිත් හිටියෙ පොඩි දුකකිනුයි.මොකද ඒ කාලෙදි කෙල්ලෙක් පස්සෙන් කොල්ලෙක් එනව කිවම ඒ කෙල්ල හිතන්නෙ එ් කෙල්ල තරමි ලස්ස වෙන කවුරුත් නෑ කියලයි......ඒත් එදා ක්ලාස් එක ගාවට යනකොට.......
"අඩෝ....දිලිනියා....බලපන්කො කවුද ඉන්නෙ කියල...."
"කො....කොතනද බං...."
"අර අර....නිල් පාට හොනට් එකක් උඩ ඉන්න කොල්ල...."
"අඩෙි අර මගෙ පස්සෙන් ආව එකා නේ...."
"ඔවු බං....ඌ තමා....සුපිරි දතක් වගෙ....බලපන්කො දවසගානෙ අලුත් ඇදුම්.ඒ මදිවට අද බයික් එකක....."
"ඌ අද කතා කරොත් නම් අනිවා කතා කරනව ඈ මමත්....."
****************************************************
"ආ....නංගි....good morning...."
"Good morning...."
"මොනවද අද clz..."
"ගනන් අයියේ...."
එහෙම ටිකක් වෙලා කතා කරල දෙන්නම යන්න ගියත් දිලිනිගෙ හිත තිබුනෙම සසිදු ගාවයි......එදා හවසත් සසිදු ඇවිත් ඉදල දිලිනිට නම්බර් එක දුන්නෙ.ඒ වෙලාවෙදි පොඩ්ඩක් ලැජ්ජාවෙ ඇබරුනත් නම්බර් එක අරගෙන පර්ස් එකට දාගත්ත නිසා සසිදුත් හිටියෙ ලොකු සතුටකින්.....එදා හවස ගෙදර ගියපු ගමන්ම අම්මගෙ ෆොන් එක අරගෙන....
"Hi aiya...."
"Kauda me???"
"kauru kyd htnne"
"Htagnna bee....."
"Ai godak aya innwd..."
"Aiyo....ne metti...mm dnnw oya kyl.itn mekd numb eka"
"Ne aiya.me ammage 4n eka."
"Ah emth ekk."
"Hmmmmm...."
එදා එහෙම වචන ටිකකට සිමා උනත් දිලිනගෙ මුලු ලොකකෙම වෙලා හිටියෙ සසිදුයි.ඒත් සසිදුට නම් දිලිනි කියන්නෙ තවත් එකකෙල්ලක් විතරයි.ඒ උනත් ඒ බව අගවන්නැතුව දිලිනිට බොරු ආදරයක් පෙන්නගෙනයි සසිදු හිටියෙ......ඉතින් මෙි ආදරෙ මෙහෙම කලෙයක් යනකොට තමා.....
"නංගි බබෝ....අපි කැන්ඩි යමු මැණික...."
"ඒ ඇයි...."
"නිකන් පැටියො....අර හර්ෂයි එයාගෙ gf නමි අඩුම ගානෙ සතියකට සැරයක් වත් කොහෙ හරි යනව....එකට පින නැනෙ මට...."
"අනේ...එහෙම නෑ....හරි....මම ඊලග සතියෙ ක්ලාස් කට් කරල එන්නම් පන......මම කැමති නෑ මගෙ අයියා දුක් වෙනවට...."
සසිදු කියපු දේ නිසාම දලිනිට දුක හිතුනෙ දිලිනි මහමෙරක් තරම් ආදරේ කරේ සසිදුට නිසාමයි.අම්මා ගාමන්ට් එකේ මැශින් පාගල තාත්ත අත් දෙකේ කරගැට එනකන් කුලි වැඩ කරල පංති යන්ඩ කියල දෙන සල්ලි දිලිනි සසිදු ගාවදි වියදම්කරන්නෙ ආදරෙ තරම පෙන්නන්න වගෙයි.ජවිතේ කවදාවත්ම ප්‍රතම හාදුවක් කියල පිටස්තර පිරිමි කෙනෙක්ගෙනන් හාදුවක් ලැබෙන්නෙ ඒ සසිදුගෙන්මයි.සසිදුගෙන් ඒ ලැබෙන උනුහුම නිසාම දිලිනි පිස්සු වැටිල වගෙයි ඉන්නෙ...කාලයක් මෙහෙම ක්ලාස් කට් කරගෙන බස් වල ගිහින් එපා වෙලා නිසාමයි සසිදු ෆිල්ම් එකක් බලන්න යන්න කතා කරන්නෙ.එකටත් දිලිනි කැමති වෙන්නෙ ආදරෙ කරන කෙනාට දුකක් දෙන්න බෑ කියලයි.......
***************************************************
"නංගා අද ක්ලාස්ෆීස් දෙන්න තියේ නේද...."
"ඔවු අයියෙ....."
"තව මාස දෙකනෙ.....මෙි මාසෙට නොයා ඉන්නකො....."
"අනේ අයියා වස්තු....."
"ආ....හා....හා.....බැයිනමි මොකද....අනිත් උන්ට වගෙ මටත් ගොඩක් ආදරෙ කරන කෙල්ලක් හිටියනම්...."
"ඇයි මම ඉන්නෙ පන...."
"ඒ උනාට ආදරෙයි නමි ඉතින් මාත් එක්ක ඉන්න එපැයි...."
"අනේ පැටියො......ආ....හා....හා....මෙි මාසෙ විතරයි හැබැයි ඈ.....ආය බෑ...."
"හරි....හරි බබබෝ....."
"කොහෙද යන්නෙ අපි...."
"ටිකක් නිදහස් තැනකට යමු මැනික.....මගෙ නංගි පැටියා බොනික්කියක් වගෙ....හපන්න හිතෙනව...."
"අනේ....මැට්ටො...තරහයි මම....."
එදා සසිදු දිලනිව ආදරෙ කියන අන්ද මායාවෙන් රවට්ටල හොටෙල් රූම් එකකට ගිහින් ආදරෙ නිසා කෙල්ලො සිය ගනනක් පතිවත පුජා කරපු මෙට්ටෙක දිලිනිගෙ හැමදේම උදුරගන්නෙ ආදරෙකියන අකුරුහතර ඉස්සර කරලයි.........ඉතින් කාලයක් මෙහෙම සසිදු දිලිනිව සසිදුගෙ ඕන එපාකම් වලට පාවිචි කරනකොට තමා දිලිනිට දැනෙන්නෙ සසිදු දිලිනිව මගඅරිනව කියල......
"අයියේ....ඇයි ඉයේ මැසේජ් කරාම රිප්ලයි නොකරෙ......"
"මට වැඩ....තමුසෙ හුරතල් කරන්න වෙලා නෑ...."
"අනේ ඇයි අයියෙ මෙි....."
"මෙි හොටු පෙරාන අඩන්නැතුව පලයන්කො යන්ඩ...."
සසිදුගෙ ඒ වචන නිසාම දිලිනි වැලහින්නක් වගෙ අඩන්නෙ අසරන කම නිසාමයි.සසිදුට කොල් කරත් ෆෝන් ආන්ස කරන්නෙත් නෑ.....ඉස්සර දවසට මැසේජ් 100ක් විතර ආවත් පැයකට දැන් දවසටම මැසේජ් දෙකයි.මෙි හැමදේම දරාගෙන ඉන්න කාලෙදි තමා දවසක් සසිදු දිලිනිට කතා කරන්නෙ.......
"හෙලො.....මෙි එනවකො මට තමුසෙව හම්බෙන්න ඕන...."
"කොතන්ටද රත්තරන් එන්න ඕන...."
"ස්ටෑන්ඩ් එකට එනවකො....."
දිලිනි එදා සසිදුව බලන්න හරිම ආසාවෙන් ගියත් සසිදු පරක්කු නිසා සසිදුට මැසේජ් කරත් රිප්ලයි ආවෙි නෑ....ඒත් එක්කම වගෙ සසිදුගෙ යාලුවෙක් වෙච්ච අශේන් එතන්ට ඇවිත් දිලිනි එක්ක කතා කරේ අදුරන නිසාමයි.දිලිනියි අශේනුයි කතා කර කර ඉන්නව දැකපු සසිදු දිලිනිට බැනල එලවගන්නෙ සතෙකුට වගෙයි.
"තමුසේ අශේන් එක්ක මල් කඩනව නේ...මට හොරෙන්....තමුසේ මහ ජරා එකියක්....."
"අනේ මොනාද අයියෙ මෙි කියන්නෙ....."
"කියන්නෙ....කියන්නෙ ඇත්ත....මට වැඩක් නැ තමුසෙ වගෙ එකියක්....."
සසිදු එදා දිලිනිට නිකන් නිකරුනෙ බැනල එලවගත්තෙ සසිදුට දිලිනිගෙන් වැඩක් නැති නිසාමයි.අශේන්ව එතන්ට එවල දිලිනි වැරැද්දක් කරා කියල දිලිනි පිට වැරැද්ද දාල සසිදු දිලිනිව එලවගත්තෙ හිතක් පපුවක් නැති ගානටයි......දිලිනිට මැරෙන්න තරමි හිතුනත් ජිවත් උනේ අම්ම තාත්තගෙ ඇස් වලට කදුලක් දෙන්න බැරි නිසාමයි.....
ලියන්නෙ : දුෂාන්
#Dushan D Ekanayake
උපුටා ගැනීමකි
No comments:
Post a Comment