නිල් කැට වැස්ස

#නිල්_කැට_වැස්ස.....💞💞💞

🌬කෙටිකතාව_____°•°•°•°•°•°.....

        හැම තැනම වැස්ස මිනිස්සු නොතෙමෙන්න  තැනක් හො⁣යාගන්න හොස්පිටල් එක වටෙිම දුවනවා....වැස්සෙන් මුවා වෙන්න පලතුරැ කඩයකට මුවා වුනු #සිතුමි ගිටාර් එක අතේ තියන් මෙි දිහා බලාගෙන හිටියා...තිබිබ හැමදේම විකුනලා ගත්ත මෙි ගිටාර් එකට ඔහු හුගාක් ආදරේ කරා..ඒ ජිවිතයේ ගැට ගහ ගන්න තියෙන එකම මග වුන හින්දා. ⁣කොහෙ හරි සින්දුවක් කියලා හොයා ගන්න සොචිචමි මුදලින් සිතුමි ජිවිතය ගෙනගියා..

ලොකු බලාපොරොත්තු ඒ හිතේ නැතුවම නොවෙයි..ඒත් මෙි දුක්බර ජීවිතේ ඒ හැමදෙයක්ම හීනයක් විතරයි කියලා ඔහුට දැනුනා..ඉතිං ඒ හැමදෙයක්ම ඔහු හිතාමතාම  අමතක කර⁣ා. ..
⁣වැස්ස පායනකොට කවුරැත් හොස්පිටල් එක ගාව හිටියේ නෑ...ගිටාර් එකත් අරන් මුඩුක්කු පාර දිගේ සිතුමි යන්නට ගියා..සිතුමිගේ අතේ කීයක්වත් තිබුන් නෑ,බඩගින්නට වඩා #හිතේ_අසරණකම හුගාක් ලොකු වුනා.
වැස්සෙන් තෙමිලා තිබිබ පොලොව මඩ බටා වල ඇලුනා.
.මෙි විදිහට සිතුමි යනකොට රෝසපාටට හුරු ලියුමි කවරයක් පාරේ තිබිබා.සිතුමි ඒක අතට ගත්තා.ඒත් කවරේ  නමක් ගමක් සදහන්ව තිබුන් නෑ..මුඩුක්කුව අවසානේ තියෙන ලෑලි වලින් හදලා තියෙන සිතුමිගේ නිවසට ගියා..
ලියුම කඩලා තිබිබ කඩදාසිය සිතුමි දිගහැරියා.
ඇත්තටම ඒකේ තිබ්බෙි සින්දුවක්..පුංචි අත්අකුරින් ලස්සන සිංදුවක්...
සිතුමි ඒ සින්දුවට තනුවක් හැදුවා...හුගාක් මහන්සි වෙලා...ඒත් ඒ සින්දුව කාගෙද කියලා සිතුමි දැනගෙන හිට්යේ නෑ...

උදේට දුම්රියපොල,දවල්ට හොස්ප්ටල් එක ලග තියෙන ගේටි එක ලග ගිටාර් ගහලා සින්දු කියන්න සිතුමි පුරැදු වෙලා හිටියා..හමිබෙන මුදලින් ජීවිතේ ගැටගහගන්න එක සිතුමිගේ දින චර්යාව වුනා...
මෙි විදිහට සිතුමි ඒ සින්දුව කියන්න ගත්තා...සින්දුව ලස්සන වගේම මිනිස්සුන්ගේ දාඩිය මහන්සියේ රැපියල් ගනන් සිතුමිගේ හිසට හව් හරනක් වෙන්න ගත්තා...

"මෙි බලපන්කො උඔගෙ සින්දුව මෙයා කියන්නෙ එයා ලිවිවා වගේනේ..."
"පොඩිඩක් ඉන්නකො අනේ..බලන්න එයා කියන ලස්සන...මම ඔය සින්දුව ලිවිවත් ඔය තරමි ලස්සනට කියන්න බැරි වෙයි."

දවසක් හොස්පිටල් එක ගාව්න් දෙදෙනෙක් මෙහෙම කතාවෙනවා සිතුමිට ඇහුනා...සිතුමි ඒ දිහා බැලුවා..පුංචි ඇස් දෙකක් සිතුමි දිහා  බලාගෙන හිටියා..

සිතුමි සින්දුව අවසන් කරලා හිසේ තිබිබ තොප්පිය පාත් කරගෙන හැම ⁣ෙකනා ගාවටම ගියා...තොප්පිය පිරෙන්න සල්ලි හමිබුනා...සිතුමි දිහා බලාගෙන හිටපු ඇස් ලග සිතුමි නැවතුනා..කුමාරියක් සිතුමි දිහා බලාගෙන ඉන්නවා වගේ සිතුම්ට දැනුනා..සිතුමි බිම බලාගත්තා...
සුදු පාට පුංචි කොල කෑල්ලක් සිතුමිගෙ තොප්පියට දාලා ඇය යන්න ගියා...

සිතුමිට දැනුනා මේ සින්දුව ඇයගේ කියලා..ඒ ඇය දුන්නු කොල කෑල්ල සිතුමි දිග හැරියා..
දුරකථන අංකයක් ඒ කොලේ තිබිබා.#ස්නේහා කියලා නමකුත් එක්කම .සිතුමි පුදුම වුනා..මෙි දුප්පත් හිගන්නට මොකද කුමාරකාවක් අනුකමිපා කරන්නේ කියලා.ඒත් සිතුමිට මේ ලියුම ඇයට බාර දෙන්න වුවමනා වුනා.ඒ වගේම සමාවගන්නත්.....සිතුමි පුංචි කොල කෑල්ල උඩ සාක්කුවෙි රදව ගත්තා...ඒ දුරකථන ඇමතුමක් ගන්න සල්ලි තිබුන් නැති හන්දා.

ඊලග දවසෙ සිතුමි එතෙන්න එනකොට සෙනග අතරේ අර ගෑනු ලමය එතන හිටියා..ඒත් ඒ සින්දුව සිතුමි කිවිවෙි නෑ..පුංචි රෝස ලියුමි කවරෙත් එක්කම සිතුමි ඒ සින්දුව එතනින් තිබිබා.ඇයගෙන් සමාවගන්නට හිතක් සිතුමිට තිබුන් නෑ....සල්ලි එකතු කරන් ගෙදර යන්න බෑග් එක දාගත්තා..

"මෙි ඔයාගේ දෙයක් බැරි වෙලා යනවා.."සිතුමි ඒ හඩට  අපාහු හැරැනා...
"මෙික මගේ නෙවෙයි මැඩමි...ඔයාගේ සින්දුව...මම නොදැන කරපු වැරැද්දක්.මට සමාවෙන්න..."සිතුමි කිවිවා.
"සමාව ඉල්ලන්න දෙයක් ඔයා කරේ නෑ..මේක මගේ තමයි..ඒත් මට වඩා හොදට මෙික ඔයා කියනවා...ඉතිං මම කැමතියි මෙි සින්දුව  ඔයාට දෙන්න..."තොල්පට හීනි කරලා ඇය කියන්න ගත්තා..

"එපා මැඩමි ඒක ගැලපෙන් නෑ...මම වගේ කෙනෙක්ට.."අසරන වුනු හදවතින් සිතුමි කිවිවා.
"එහෙම ක්යන්න එපා ඔයාට හොදට සින්දු කියන්න පුළුවන්...අපේ ඩැඩීගේ යාලුවෙක් ක්ල්බි වල සින්දු කියන්න කෙනෙක් හොයනවා...ඔයා කැමතියි නමි මට පුළුවන් ඔයාට ඒ තැන සින්දු කියන්න හදලා දෙන්න..."
"හොදයි මැඩමි..ඒත් ජීවිතේටවත් මම ඒ වගේ තැනක සින්දු කියලා නෑ..."
"ඒක පුරැදු වුනහම හරියයි...ඔයාගේ පෝන් නමිබරය කියන්නකෝ..."සිතුමි ඇය දිහා බලාගෙන හිනාවුනා.
"එදා වෙීල හමිබකරන් කන මම වගේ හිගන්නෙකුට කොහෙද මැඩමි පොන්....😢...මැඩමිලට වගේ මට සල්ලි නෑ මැඩමි...මෙි ගිටාර් එක තමා මගේ හැමදේම..."ඇය සිතුමි දිමා අහිංසකව බලාගෙන හිට්යා..පුංචි හිනාවකින් මුවග සරසාගත්තා....

"හෙට උදේ 9ට මෙතෙන්න එන්න..මම එන්නමි ඔයාව එක්ක යන්න..."
"හොදයි මැඩමි...."
"මම මැඩමි නෙවෙයි මටත් නමක් තියෙනවා.."ඇය කීවාය..
"සමාවෙන්න මැඩමි..මම සිතුමි..."
"මට ස්නේහා කියන්න.."🙂ඇය යනදිහා සිතුමි බලාගෙන හිටියා.
ජිවිතයේ වෙන්න යන විපර්යාසය ගැන සිතුමි හිතුවා...

උදේ කිවිව වෙලාවට සිතුමි ගිටාර් එකත් අරන් එතෙන්න ආවා..ඇය සිතුමි දිහා බලලා හිනා වුනා..

"අපි යමු සිතුමි..."
කාර් එකක ජීවිතේටවත් ගිහින් නැති සිතුමිට ඒ ගමන අලුත් අත්දැකීමක් වුනා...අසරණකම තදින් දැනුනත් ඒ හැමදෙයක්ම සිතුමි දරාගත්තා.

කිවිව ව්දිහට සිතුමිට එතන කරන්න රස්සාවක් හමිබුනා..⁣ඒ හැමදාම හවසට ඇවිත් සින්දු කියන්න...පාරේ අවිවත් වැස්සත් එක්ක කරන ගනුදෙනුවට වඩා මෙි දෙයට සිතුමි කැමති වුනා..මෙි විදිහට දවස් ගෙවුනා.

ස්නේහා හැමදාම සිතුමිගෙ සින්දු අහන්න ආවා..හිතුවට වඩා වැඩි මුදලක් සිතුමිට හමිබුනා..සිතුමි ඇයව මිතුරියක් කරගත්තා.ඒත් ඇය ගැන සිතුමි ක්සිම දෙයක් දැනන් හිට්යේ නෑ..

"ගොඩාක් පිං ස්නේහා.ඔයා කරපු උදවිවට.."
"අනේ ඔික මොකක්ද..ඔයාට සුදුසු තැනයි ඔයාට ලැබුනේ..."ස්නේහා කිවිවෙ සිතුම් ද්හා බලාගෙනමයි...
"ඒ උනාට ඔයානේ මාව මෙි තැනට ගෙනාවෙි."සිතුමි කිවිවා...
සිතුමිගේ හිතේ කොනක ආදරය දලුලන්න ගත්තා.ඒ #ස්නේහාගේ_නමින්.....

මුඩුක්කුවෙි ඉන්න මෙි වගේ හිගන්නෙක්ට ඒ වගේ කෙනෙක්ට ලන් වෙන්නවත් පුළුවන් වෙයිද කියලා සිතුමි දුක් වුනා...

දවසක් ටවිමෙදි ස්නේහාව සිතුමිට හමිබුනා...
"සිතුමි..."
"ස්නේහා...ඇයි මෙි ටවින් එකේ??"
"පොඩි වැඩකට ආවා."
"මටත් දැන් වැඩත් ඉවරයි..මම ඔයලගේ ගෙදර ගිහින් නෑ..අද මම එනවා ඔයලගේ ගෙදර..."සිතුම්ගේ පපුව හෝස් ගලා ගියා.
*ඒ මුඩුක්කුවට කොහොමද මෙයාව එක්ක යන්නේ කියලා.මම මොකක්ද කියන්නේ එයාට..සිතුමි හිතින් තැවුනා...අසරණකම හදවත පුරාම පැතිරැනා..සිතුමි  ස්නේහා දිහා බැලුවා..ඒ ඇස් වල ආදරේ තිබිබා.ඒත් ඊට වඩා අසරණකම හුගාක් ඇස් වල ස්නේහාට පෙනුනා.

"එතන ඔයාට ගැලපෙන් නෑ ස්නේහා...."සිතුමි කිවිවා.
"බෑ බෑ මට යන්නම ඔිනේ..."ස්නේහා එහෙම කිවිවෙි විහිලුවට.ඒත් ඇත්තටම සිතුමි ඇයව එහෙට එක්කන් ගියා.
"හොදයි එහෙනමි...."සිතුමි ඇය දිහා බැලුවා හුගාක් අසරණකමින්....ඒ අසරණකම ඇයට දැනුනා...ඒ හිතත් සිතුමිගේ මෙි අසරණකමට හුගාක් ආදරේ කරනවා කියලා සිතුමි දැනගෙන හිටියේ නෑ....

පටු මුඩුක්කු පාර දිගේ දෙදෙනාම ගමන් කරා...
ස්නේහා සිතුමි දිහා බැලුවත් සිතුමි අහක බැලුවා...කුනු කදුවල ගද නාස් පුඩු දිගේ ඉහලට ගියා..ස්නේහා නාස් වසා ගත්තත් සිතුමි එහෙම කරේ නෑ...හැමදාමත් එතනින් යන ඔහුට එය දැන් පුරැද්දක් වෙලා තිබුනා...ස්නේහා සිතුමිගේ අතින් අල්ලා ගත්තා.

"මට සමාවෙන්න සිතුමි..."ස්නේහා කිවිවා.
"ඇයි ඒ??"
"මම ඔයාව අසරණ කරාට..ගෙදර යන්න ඔිනේ කියලා."
"මෙි මුඩුක්කුව තමා ස්නේහා මගේ ජීවිතේ වෙලා ත්යෙන්නේ..මෙි තමයි මගේ ගෙදර.මෙහෙ ඉන්න අපිට කිසිදෙයක් හිමි නෑ...අනුකමිපාව,ආදරේ කිසිදෙයක් නෑ.ඒත් දුක තියෙනවා ඔින තරමි...ඒක තමයි හැමකෙනාම උරැම ⁣වුනේ..හැමකෙනාටම...
ස්නේහා හැමදෙයක්ම අහන් හිට්යට මුකුත් කිවිවෙි නෑ....

පුංචි පෙටිටි ගෙදරට ස්නේහා ගියා..එකම එක කාමරයක් විතරක් තිබුනා..ලෑලි ඇදක් තිබුනා.ගිටාර් එක එල්ලන්න ලෑලි බිත්තියේ ඇන තුනක් ගහලා තිබිබා.ගරා වැටිලා තිබිබ ලෑලි වල පලුදු වුනු තැන් ස්නේහා දැක්කා..ස්නේහාගේ ඇස් වලින් කදුලු කැට වැටෙන්න ගත්තා..
සිතුමි දොර ගාවට වෙලා අහස දිහා බලාගෙන හිටියා..හැමදෙයක්ම ඉවරයි කියලා සිතුමිගෙ හිත මිමිනුවා.

"අනේ සිතුමි මට සමාවෙන්න...අනේ....."ඇය අඩන්නට විය...
"ඔයා මුකුත් වැරැද්දක් කරේ නෑ ස්නේහා..."ස්නේහ⁣ාගේ පුංච් ඇස් වලින් වැටෙන කදුලුකැට පිහින ගමන් සිතුමි කිවිවා.
ස්නේහාගේ හිතේ තිබිබ අ⁣ාදරේ සිතුමිට ඇස් වලින් පේන්න ගත්තා..

"ඇයි සිතුමි ඔයා අහක බැලුවෙි??"
"මට බෑ ස්නේහා ඔයා ඉල්ලන දේ දෙන්න.."
"ඇයි සිතුමි බැරි???"
"මෙි පේනවනේ ඔයාට..මේ වගේ තැනක් ඔයාට ගැලපෙන් නෑ ස්නේහා..#කුමාරියක_ඉන්න_ඔිනේ_ලොකු_මාලිගාවක_මුඩුක්කුවක_නෙවෙයි ස්නේහා...."

"ගැලපීම නෙවෙයි සිතුමි ඒ ආදරයයි  මට වටින්නේ...ඔවි සිතුමි මම ඔයාට ආදරෙ කරනවා..ඒ මෙි ගිටාර් එක ගහපු ඒ සිතුමි තමා..මට වැඩක් නෑ එයා ඉන්නේ කෙහෙද ක්යලා...😘."අහක බලපු සිතුමි ස්නේහා  දිහා බැලුවා...

*කොචිචරක් ආද⁣රේ හිතේ තිබිබත් මෙි දුප්පත් පපුව ⁣සෙල්ලක්කාර සල්ලි ඉස්සරහ හුගාක් අසරණ වෙනවා රත්තරං...සිතුමි හිතුවා..

"මට ඒක ලොකු ගෞරවයක් ස්නේහා..#ඒත්_මෙි_දුප්පත්_මුඩුක්කු_කාරයට_ආදරේ_උරැම_නෑ_ස්නේහා...ආදරේ උරැම නෑ..."

ස්නේහා අඩන්නට ගත්තා..සිතුමිට කරන්න කිසිම දෙයක් තිබුන් නෑ..සිතුමිගෙ හිත හුගාක් අසරණ වුනා..ස්නේහාව තුරැලු කරගත්තා පුංචි කෙල්ලගේ නලල සිප ගත්තා..ඒ ඇස් වල කදුලු ස්නේහාගේ දෙතොල් මතට වැටුනා....🌷

  ටික ටික මේ ආදරේ දවස් ගෙවිලා ගියා..තිබිබ සල්ලි වලින් සිතුමි දුරකථනයක් ගත්තා...ඒ ස්නේහාට කතාකරන්න...

සිතුමිගේ ආදරේ සුවද ස්නෙහාගේ හදවතේ දැවටුනා.මෙි අතරේ ස්නේහාට විවාහ යෝජනාවක් ඇවිත් තිබුනා..ගොඩාක් ලොකු පවුලකින්..ඒත් ඒකට ඇය කැමති වුන් නෑ...තාත්තා හුගාක් බල කරත් අැය  කැමති වුන් නෑ..

"සිතුමි මට ගෙදරින් බදින්න කියනවා..අපි මොකද සිතුමි කරන්නේ..."
"මට වඩා එයා ඔයාව බලාගනී ස්නේහා..ඔයා සතුටින් ඉන්න එකයි මගේ එකම දේ..."
"මට බෑ සිතුමි...ආයේ කෙනෙක්ට ලං වෙන්න.."
"අපි කාලයට ඉඩ දෙමු.....ඔයාගේ උපන්දිනේත් ලගම එනවා නේද..එදාටත් මෙතනදීම අපි හමිබෙමු.."
දෝරේ ගලන ආදරය පපුවෙ රදවගෙන ස්නේහා යන්න ගියා..

සිතුමි ගෙදර ගිහින් තිබිබ සල්ලි ඔක්කොම එකතු කරා...ඒත් තිබිබ සල්ලි වලට ඇයට ඇදුමක්වත් ඇරන් දෙන්න බැරි බව ඔහු දැන ගත්තා...කරන්න කිසිම දෙයක් නැතුව සිතුමි දුක් වුනා..
හිතේ හයියට තිබිබ එකම දේ විකුනන්න ඔහු තීරනය කරා..ගිටාර් එක අරන් ගිහින් විකුනුවා.මෙි කිසිදෙයක් ස්නේහා දැනන් හිටියේ නෑ....
ස්නේහාගේ උපන්දිනෙත් ලං වුනා...සිතුමි තිබිබ සල්ලි වලට ස්නේහාට #පා_සලබක් ගත්තා...

"හෙලෝ කෙහෙද ලමයෝ ඉන්නේ..."
"මම එන ගමන් ඉන්නේ...."ඒ එක්කම දුරකථනය විසන්දි වුනා..සිතුමි හුගාක් වෙලා බලාගෙන හිටියා ඒත් ස්නේහා ආවෙි නෑ..

ටික වෙලාවකින් සිතුමිට දුරකථන ඇමතුමක් ආවා.ස්නේහා ඇක්සිඩන්ට් වෙලා කියලා..සිතුමි රෝහලට දුවගෙන ගියා...

ස්නේහා වාටිටුවෙ ඇදක හිට්යා..නලල ටිකක් තුවාල වෙලා තිබුනා..ඇය සිතුමි දිහා බලල හිනා වුනා..සිතුමි ඇය ලගට ගියා..

"හැපි බර්ත්දේ මගේ මැට්ටි.."ඇය හිනාවුනා ඒත් සිතුමි එක්ක කතා කරේ නෑ...
"මම ඔයාට දෙයක් ගත්තා ස්නේහා..."
"මටත් දෙයක් කියන්න දෙයක් තියෙනවා සිතුමි..මට ආපු යෝජනාව දැන් ටිකකට කලින් ඉවර වුනා.."
"ඒක නමි පුදුම කාරනයක් තමයි..ඇයි එහෙම වුනේ." සිතුමි ඇහුවා.ඒත් ඇය හිස හෙලෙව්වා මොකක්දෝ දෙයක් හිතේ හන්ගනවා වගේ.ඒත් උත්තර දුන් නෑ.
"මේ බලන්න මම ඔයාට පා සලඹක් ගත්තා..ඔයාගේ සුදුකකුල් වලට මෙික ලස්සනට තියෙයි.."
ස්නේහාගේ ඇස් වලින් කදුලු කඩා වැටුණා..එකපාරටම..ස්නෙහා අඩන්න ගත්තා.සිතුමිට කිසි දෙයක් හිතා ගන්න බැරි වුනා...අතේ තිබිබ පා සලඹ අයින් කරා..ස්නේහාගේ කකුල්  ගාව ඉදලා පපුව ගාවට තිබිබ සුදු පාට රෙද්ද අයින් කරා..😢

ස්නේහාගේ ඒ තිබිබ කකුල් දෙක දනිස ගාවින් අයින් කරලා තිබුනා..සිතුමිගේ අතේ තිබිබ පා සලඹ අතින් ගිලිහුනා.ඇක්සිඩන් එක හින්දා ස්නේහාගේ කකුල් දෙක අයින් කරලා කියලා සිතුමි දැනගත්තා.
සිතුමි ස්නෙහාව බදාගෙන ඇඩුවා...😢😢😢

ඒත් සිතුමිගේ හිතේ තිබිබ ආදරය අඩු උන් නෑ....
"ඔයාට කිසිදෙයක් නැති වුන් නෑ රත්තරං..හැමදාම මම ඔයාට ඉන්නවා."
"මම දන්නවා සිතුමි..මෙි මගේ නැති වුන කකුල් දෙන්න ඒ සල්ලි වලට බෑ..ඔය⁣ා⁣ාග් දුප්පත් ආදරේ මෙි අහිංසකීට දැන් කොචිචර වටිනවාද කියලා ඔයාට දැනෙනවාද සිතුමි.."සිතුමි මුකුත්  කිවිවෙි නෑ..හිතේ තිබිබ ආදරේ සිතුම්ගේ තවත් වැඩි වුනා..

ස්නේහාගේ තාත්තා දුවට අැත්තටම ආදරේ කරන කෙනාට දුවව දුන්නා.ඒ සිතුමිට..

රෝද පුටුවක ඉදගෙන හිටපු ස්නෙහා තිබිබ කකුල් කොට දෙකත් එක්ක ජීවිතේ සොදුරැම දවස වින්දා..ඒ ස්නේහා #මනමාලියක්_වුනු_දවස..චුටි කුමාරිය හැමදාමත් සිතුමිගේ වුනා...සිතුමි මුඩුක්කු ජිවිතයට සමුදුන්නා.ස්නේහාගේ පියා සිතුමිට  හොද රැකියාවක් ලබා දුන්නා...
ඒත් ගිටාර් ගහන එක සිතුමි නැවැත්තුවෙි නෑ...ස්නේහාත් එක්ක සිතුමි සින්දු කිවිවා..ඒ ගිටාර්කාරයාගේ #ආදරේ ඇයගේ හදවතට හැමදාම දැනෙන්නත්,පුංචි කුමාරියව හැමදාමත් සතුටින් තියන්නයි...❤️❤️❤️❤️❤️😘😘😘😘

___________________නිමි________________________

❤️👉 ප්‍රදීප් සුමේධ 👈❤️
උපුට ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment