"මේ කවි කතා ඔක්කොම ලියන්නේ මට නේද....?"
"ආපෝ නෑ...මට වෙන වැඩක් නෑ කියලා හිතුවද?"
"යනවා යන්න මෝඩයා....මම දන්නවා...මේවා ලියන්නේ මට තමයි"
"කවුද කිවුවේ....?"
"කවුරුත් කියන්න ඕනේ නෑ...මම ඔයාව දන්නවනේ"
"කවද ඉදන්ද..."
"දන්න දවසේ ඉදන්..."
"ඒ වුනාට මිනිස්සුන්ව විශ්වාස කරන්න එපා"
"ඇයි...?"
"පිටට පෙන්නන තරම් මිනිස්සු ලස්සන නෑ ඇතුලට"
"ඒ මිනිස්සුනේ...මේ ඔයා"
"ඇයි....මම මනුස්සයෙක් නෙමෙයිද?"
"නෑ...ඔයා මගේ මිනිහනේ"
"එතකොට ඔයා මගේ ගෑනිද....?"
"ඇයි...එහෙම නෙමෙයිද? මරනවා තෝව...."
"ඒත් එපා...ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බවෙයි...."
"ඔවු....සමහරවිට...ඒත් මට හොද ඔයාවනම්....?"
"මාව දැනට හොදවුනාට පස්සේ කාලෙක නරකට පෙනෙයි ඔයාට"
"ඇයි එහෙම හිතන්නේ....?"
"මම ආදරේදී හරි ඊරිසියාවයි....මට ඕනේ ඔයාව මගේම විතරක් කරගන්න...."
"ඉතින් මෝඩයෝ මටත් ඕනේ ඔයාගෙම විතරක් වෙන්න තමයි..."
"ඔයාට තේරෙන්නේ නෑ මම කියන දේ...."
"තේරෙන විදිහට කියන්නකෝ එහෙනම්....හබැයි මම ඔය ඔඩොක්කුවේ ඔළුව තියාගත්තට පස්සේ...."
"හම්ම්ම්..."
"හරි...දැන් කියන්න...මේ ඔළුව ටිකක් අතගානවකෝ බුම්මට්ටාවගේ ඉන්නැතුව...අන්න එහෙම...කියන්නකෝ ඉතින්"
"මට ඕනේ ඔයා මගේ ගාවටම වෙලා ඉන්න...හැම තිස්සෙම මගේ ඇගේ ගෑවි ගෑවි ඉන්න...මොන වැඩේ තිබුනත් මගේ අස්සටම වෙලා ඉන්න....ඉතින් මට බයයි,මම බලාපොරොත්තුවෙන ඒ දේ ඔයාට වදයක් වෙයි කියලා.එහෙමවුනොත් ඔයාට මාව එපාවෙයි.දන්නවද....මම පාළුවෙන් ඉන්නකොට ඔයා තමයි මගේ පාළුව මැකුවේ.මුලදී එච්චරටම නොදැනුනත් පස්සේ පස්සේ මම ඔයා එනකම් බලන් හිටියා.ඔයා ආපුනැති සමහර දවස්වල මම රෑ වෙනකම් පාර දිහා බලන් හිටියා ඔයා එයි කියලා හිතාගන.ඒත් පහුවෙනිදට කතාකරනකොට ඒ මොනවත් මම ඔයාට කිවුවේ නෑ.සමහරවෙලාවට මම ,මගෙන්ම ඇහුවා මම ඔයාට ආදරේ කරනවද කියලා...ඔවු...මම ඔයාට ආදරේකලා.දැනුත් කරනවා.ඒත් ඒක කියන්න මම කැමති නෑ.මම බයයි ඔයා මට අකමැතිවෙයි කියලා...මේ විදිහට ඉන්නකොට අඩුමගානේ මට ඔයා එක්ක කතාකරන්න හරි පුළුවන්.ඒත් ඔයා මට අකමැතිවෙලා මාත් එක්ක තරහවුනොත් මට ඒකත් නැතුව යනවා.එතකොට ආපහු මට ඉන්නවෙන්නේ තනියම පාළුවෙන්.මම දැන් ඒ පාළුවට බයයි.අපි දවසකට හම්බවෙලා මහ ලොකු වෙලාවක්, මහලොකු දෙයක් කතාකරන්නේ නෑ තමයි.ඒ වුනාට ඒ ටික මට මහමෙරක් වෙලා.ඉස්සර ඉදලම මම ආදරේට හරි පෙරේතයි.දැන්නම් ආදරේට බඩජහරියෙක් වෙලා.මට එහෙමකලේ ඔයයි.ඉතින් මට ඕනේ නෑ මේ ආදරේ, ලෙංගතුකම නැතිකරගන්න.අපි මේ විදිහට හිටියොත් අඩුමගානේ ඔයා වෙන කොල්ලෙක් එක්ක යාළුවෙනකම් හරි මට ඔයා එක්ක මේ විදිහට ඉන්න පුළුවන්.හදිස්සියේ හරි ඔයා තරහවුනොත් මට ඒකත් නෑ."
"ඉතින් මෝඩයෝ මාත් කැමතියිනම් ඔයත් එක්ක එහෙම ඉන්න....?"
"ඔයා තාම පොඩි එකෙක්.මම තරම් ජීවිතේ අත්විඳලා තියන එකෙක් නෙමෙයි.ඒ නිසා ඔහොම කියයි.ඒත් ඔයා ජීවිතේ අත්විඳිද්දී ඔයාටම හිතෙයි මේ මිනිහා මාව හිරකරන්න හදනවා කියලා.මට ඔයාව හිරකරන්න ඕනේ කමක් නෑ.ඒ වුනාට මේ ජීවිතේ හැම විනාඩියකටම, හැම තප්පරේකටම මට ඔයාව ඕනේ.මම රස්සාවකට යන්න එපා කිවුවොත් ඔයා දැන් ඒක පිළිගනියි.ඒත් පහුවෙනකොට ඔයාට හිතෙයි මේ මිනිහා මාව එයාගේ යටතේ තියාගන්න මේ දේවල් කලා කියලා.මට ඔයාව යටත් කරගන්න ඕනේ නෑ.ජීවිතේ හැමදාම එකවගේ නෑ. අගහිග අඩුපාඩුකම් ඕනේ තරම් එයි.ඒ වෙලාවට ඔයාට හිතෙයි මේ මිනිහා මට රස්සාවකට යන්න දුන්නනම් මෙහෙම වෙන්නේ නෑනේ කියලා.එහෙමවෙනවට මම කැමති නෑ.අපි දෙන්නගේ හිතේ අපි දෙන්න ගැන තියන ආදරේ හැමදාම මේ විදිහටම තියනවට මම කැමතියි.අපි දෙන්නා මේ විදිහටම හිටියොත් අඩුමගානේ ඒ ආදරේ කිළුටුනොවී තියේවි හැමදාම...."
'ගොන් බූරු මීහරක් මීමිනි වස්සෝ....ඔච්චර දේවල් තේරුම්ගන්න පුළුවන්, ඔච්චරදේවල් හිතන්න පුළුවන් එකාට හිතාගන්න බැරිද මම රස්සාවක් කලා කියලා තොට තියන ආදරේ වෙනසක් වෙන්නේ නෑ කියන එක....මගේ ආදරේ ගැන එච්චර අඩු තක්සේරුවකින් හිතන්නේ ඇයි...?අහපිය මේකත්...මමත් ආසයි රස්සාවක් කරන්න.මම ඉගනගත්තු දේකින් ප්‍රයෝජනයක් ගන්න.මගේ මහන්සියෙන් කීයක් හරි හම්බකරගන්න.පඩි අරන් එන ගමන් ගෙදරට බඩු මල්ලක් උස්සන් එන්න.මගේ සල්ලිවලින් ඔයාට ඇදුමක් අරන් දෙන්න.ඔයාට සල්ලි ප්‍රශ්නයක් ආවහම මගේ අතේ තියන සල්ලි ඔක්කොම දීලා ඔයාගේ ප්‍රශ්නේ බර හෑල්ලුකරන්න.ඒ ඔක්කොටම වඩා මැරෙනකම්ම ඔයාට ආදරේ කරන්න.ඔයාට මාව තුරුල්කරගන්න හිතෙන හිතෙන වෙලාවට මම ඔයා ලග නැතිවෙයි.ඒ වුනාට මම පොරොන්දුවෙන්නම් ගෙදර ආපු වෙලාවේ ඉදලා ඔයා මාව එලවනකම් ඔයාගේ ඇගේ ගෑවි ගෑවි ඉන්නවා කියලා.නිවාඩු දවස්වලදී ලගින් හෙල්ලෙන්නේ නෑ කියලා.ජීවිතේ තියනකම් ඔය කළු අත්දෙක අතාරින්නේ නෑ කියලා.දැන්වත් මාව ඔයාගේ කරගන්නවද...? කියනවකෝ වදේ....කවුද වගේ බලන් ඉන්නේ නැතුව"
"හැමදාටම ලගට ගත්තොත් මට මොනවද දෙන්නේ.....?"
"ම්ම්ම්....දවසකට උම්මා 24ක්...පැයකට එක ගානේ...."
"මදි...72 ඕනේ.පැයකට 3 ගානේ...."
"ආපෝ...වැඩියි වැඩියි....48ක්...?"
"බෑ...බෑ....72 තමයි අවම....ඊටවඩා අඩුවෙන්නම් බෑ....මොකද කියන්නේ....?"
"අනේ ඉතින්....අපි දෙන්නා යාළුයිනේ....48ක් ඇති..."
"නෑ...නෑ...උම්ම එක්ක කිසි යාළුකමක් නෑ.72ක'කට වැඩේ කරනවනම් කරමු...."
"හම්ම්...මොනව කරන්නද ඉතින්....මේ උණහපුළුවව දාලා යන්නත් බෑනේ....
"හරි...දාන්න 5ක්....මේ අහන්නකෝ...ඇඩ්වාන්ස් එකක් විදිහට ඔය උම්මා වලින් 3-4ක් දැන් ගන්න බැරිද?"
"3-4ක්....?ඇද්ද දන්නේ නෑ 3-4ක්?බෑ...බෑ...ඕනෙමනම් 1ක් දෙන්නම්...."
"අනේ ඉතින්...."
"අනේ පනේ නෑ උම්ම වලට.ඕනෙමනම් එකක් දෙන්නම්.යාළුවුන පළවෙනි දවසෙම 3-4ක්....ඒවා වානා.අපි සිංහළ කුල සිරිතට අනූව හැදිච්ච වැදගත් ගෑණු ළමයි...."
"අනේ පල යන්න බැල්ලි....හා එහෙනම්...ඒකවත් දෙනවකෝ...."
"හම්ම්...අන්න එහෙම එන්න ...කෝ..ඇස් පියාගන්න..."
"ඒ මොකටද....?"
"උම්මා එක දෙන්න...."
"ඇයි ඇස් ඇරගන බැරිද.....?"
"බෑ...බෑ...උම්මා ඔනෙනම් ඇස් පියාගන්න.අපිට ලැජ්ජයි..."
"ඉතින් මායි උඹයි විතරනේ ඉන්නේ...."
"මේ...උම්මා ඕනෙද එපාද...?ඕනෙනම් කටවහගන ඇස් පියාගන්නවා..."
"නොදකින් මුන්ගේ ගනන්....හරි පියා ගත්තා...."
...........................
...........................
"චූටි පුතා.....චූටි පුතා...නැගිටිනවා....බලනවා වෙලාව කීයද කියලා....අද යන්නේ නැද්ද....?"😂😂
Gishantha Bandara
උපුටා ගැනීමකි
No comments:
Post a Comment