💛❤️👫ආදරෙයිනේ මං👫❤️💛
චූටි පුතා..
එලාම් එක ඕෆ් කරලා චූටි නින්ඳක් දාන්න හැදුවා විතරයි.
අම්මා කතා කළා.
අම්මගේ හිත මට නින්ඳ ගිහිල්ලා කියළා.
චූටි පුතා....
දොර ඇරලා තියෙන්නේ අම්මා එන්න ඇතුලට.(නොනිමි කඳුළ.)
අනේ අනේ හතත් පහු වෙළා.
මේ කොල්ලා අද වැඩට යන්නේ නැද්ද ?
සීතයි අම්මා තව චුට්ටක් නිදාගන්නම්ඳ?
මම එහෙම කියන ගමන් අම්මගේ උකුලෙන් ඔලුව තියා ගත්තා.
පරක්කු වෙයි චූටි පුතා අද ඉන්ටෙව් එක නේද?
අම්මා මතක් කරනකම් මට නිකමටවත් මතක් වුනේ නෑ අද අපේ කම්පැනි එකේ අලුතින් ඇසිස්ටර්න්ල තෝර ගන්න ඉන්ටෙව් එක කියලා..
අමතක වුනා අම්මා..
ම්ම්ම්..
මට හිතුනා.
කොල්ල පහලට ආවෙ නැති වුනාම.
අප්පච්චී ලංකාවට එනකම් පුතාට තමා සේරම තනියම බලා ගන්න වෙන්නේ.
අම්මා මගේ ඔලුව අත ගාන ගමන් කියනවා.
මම සනීපෙට ඇස් දෙක පියා ගත්තා.
ආයෙම නිදිද පුතා?
නෑ අම්මා ඔලුව අත ගාද්දි හරි සනීපයි.
අම්මට කියළා හැමදාම ඔලුව අත ගා ගන්නේ කෙල්ලෙක් ගේන්නේ නැද්ද?
ආ චූටි පුතා.
අම්මා දන්නවනේ..
මම හය්යෙන් හුස්මක් දාලා කිව්වේ..
එක කෙල්ලෙක් ඔයාව රවට්ටල දාල ගියා කියළා හැම කෙල්ලම එහෙම නෑ චූටි පුතා..
අම්මා මගේ පිටට තට්ටුවක් දාල යන්න ගියා.(නොනිමි කඳුළ.)
------*****--------
වෙලාව හත හමාරයි.
අටට ඉන්ටෙව් එක පටන් ගන්න ටයිම් එක ගැසට් එකේ දැම්මේ.
ලෑස්ති වෙලා පහලට ආවා.
ආ ඔය ඉන්නේ කොල්ල හැන්ඩියට.
ඇයි අම්මා මම ලස්සන නැද්ද ?
මගේ කොලු පැටියා ලස්සනයි තමා..
කෝ මේ බත් කටක් කාල යන්න..
අම්මා බත් පිඟානත් අරන් මම ලඟට ආවා.
බෑ අම්මා පරක්කු වෙනවා..
කෝ කෝ එක කටයි...
අම්මා බලෙන්ම කැව්ව බත් කටත් කාලා,
එහෙමම ඔෆිස් එකට ආවා..
-------*******------
ගුඩ් මෝනින් පොඩි සර්..
ගුඩ්මෝනින් සුමනේ අංකල්..
අදනම් පොඩි සර්ට උස්මක් කටක් ගන්න වෙන එකක් නෑ වගේ...
ඇස් දෙක ලොකු කරල සුමනේ අංකල් මොකද්ද මේ කියන්නේ කියළා මම බැලුවේ.
ඉන්ටෙව් එකට පන්සීයක් විතර ඇවිත් පොඩි සර්.
අම්මෝ එච්චර..
මට කියවුනා.
ඔව් පොඩි සර්..
මම ගේට්ටුව අරින්න එද්දිත් පෝලිම.
ආපු පිලිවෙලට එවන්න ඇතුලට ..
ආ පොඩි සර් ලොකු සර් කතා කළා..
මොනවද අප්පච්චී කිව්වේ.?
පොඩි සර්ව ඇහැක් වගේ බලා ගන්න කිව්වා..
ම්ම්ම්....
මම හිනාවෙළා මගේ ඔෆිස් රූම් එකට ආවා..
-------****-------
රෑ හතත් පහු වුනා.
බඩගිනි, මහන්සියයි දෙකම.
හෙට ඉරිදනේ හොඳට නිදා ගන්න පුළුවන්..
පොඩි සර් ඇයි කතා කළේ..
මම කෝල් එකක් දුන්නම සුමනේ අංකල් දුවගෙන ආවා.
අම්මෝ මටනම් හොඳ ගනන් අංකල්.
ගෙදර යන්න ඕන.
අංකල් දැම්ම යනවද?
මම ටයි එකේ ගැටේ බුරුල් කරළා ෆෝන් එක අතට ගන්න ගමන් කිව්වේ..(නොනිමි කඳුළ.)
අනේ පොඩි සර් එක ගෑණු ළමයෙක් ඉන්නවා.
හවස තුනට විතර දාඩිය පෙරාගෙන ආවේ.
මට පව් කියලත් හිතුනා..
අය්යෝ....
එන්න කියන්න අංකල්..
ආයේ ඒසී එක ඔන් කරලා මම පුටුවෙන් වාඩි වෙළා ලැප් එක ඔන් කළා.
එක්ස්කියුස් මී සර්..
අහිංසක කටහඬක්.
යර්ස් කමින්..
මම මූණ දිහා බලන්නේ නැතුවම කිව්වේ.
ගිව් මී යුඅර් සටෆිකේට්.
කෙල්ල කලබලෙන් වගේ අතේ තිබුන බෑග් මල්ල ඇතුලෙ තිබුන රෝස පාට පයිල් එකක් එලියට ගත්තා..(නොනිමි කඳුළ.)
නිකිනි සමුදිනී සූරියසිංහ.
නිකිනි හරි ලස්සන නමක්...
ගමක කෙල්ලෙක් වෙන්න ඇති කියළා මට හිතුනා..
ඒ අතරෙ ෆෝන් එකත් රින්ග්ස් යනවා..
හලෝ චූටි පුතා කොහෙද ඉන්නෙ ආ?
ගෙදර එන්නෙ නැද්ද ?
අම්මා සැරෙන් කතා කළේ..
අම්මගේ හිත මම අදත් යාළුවො එක්ක බොන්න ගිහින් කියළා.
ගිය සතියේ සෙනසුරාදා..
ක්ලබ් ගිහින් යාළුවො එක්ක එකතු වෙළා බීලා යාළුවො ගෙදරට ගෙනත් දැම්මේ උස්සගෙන.
බොනකොට මම එහෙමයි ආයේ ඉතින් නසරාසි වෙන්නම බොනවා.
අම්මා කොච්චර කිව්වත් මගේ සිගරට් අරක්කු නම් නතර කරන්න බැරි වුනා.
නසීරා මාව දාලා ගිය දවසේ ඉඳලා හිතේ දුක නිවාගත්තේ බෝතලෙන් සිගරට් එකෙන්.
අද විතරයි අම්මා බොන්නේ ..
බීලා ගෙදර ගිය හැමදවසකම අම්මට කී පාරක්නම් පොරොන්ඳු වුනාද..
සර්..
මගේ කල්පනාව බිඳුනේ කෙල්ලගේ හඬින්.
ෆෝන් එක මේසේ වුඩින් තියන ගමන් කෙල්ලගේ මූණ දිහා බැලුවේ..
දෙවියනේ..
මගේ උගුර කට වේලිලා ගියා..
ලස්සනම ලස්සන පුංචි කෙල්ලෙක්..
දැක්කම ලෝබ හිතෙන තරම් ලස්සනක්.
තොල උඩ හීනියට කලුපාට බර්ත් මාක් එකක්..
කෙල්ල මගේ දිහා බලලා ඇස් වලින් හිනාවෙනවා.
මගේ හිත නතර වෙළා.
පොඩි සර්..
සුමනෙ අංකල් පිටට තට්ටුවක් දැම්මන් මම පියවි සිගියට ආවේ..
ඇයි අංකල්?
බීපු මනුස්සයෙක් ඇවිත් සර්..
ඒ මොකටද?
මම නලල රැලි කරන ගමන් ඇහුවේ.
අනේ මන්ඳ පොඩි සර්..
යමු බලන්න.(නොනිමි කඳුළ.)
ඇයි මොකද්ද වෙන්න ඕන?
සර් නිකිනි කියළා කෙනෙක් ආවද එයාව එක්ක යන්න ආවේ?
කවුද තමුන්.
සර් නිලූෂා කියළා කෙනෙක් තමා මාව එව්වේ..
බීලා ඇවිද ගන්නවත් බැරි මේ මනුස්සයට අර අහිංසක කෙල්ලව දෙන්නේ කොහොමද කියළා හිත හිතා මම ඇතුලට ආවේ..
කෙල්ල මගේ ඔෆිස් රූම් එකේ වටේටම ඇහැ යවනවා..
මට තේරුනා කවදාවත් මේ වගේ තැනකට ආපු කෙල්ලෙක් නම් නෙමෙයි කියළා.
මම රූම් එකට එන අඩි සද්දෙ ඇහිලද කොහෙද කෙල්ල ආයේ බිම බලා ගත්තා..
------*****------
පැය කීයක් බස් එකේ ආවද?
ටිකක් වෙළා කෙල්ලගේ පයිල් එක එහෙට මෙහෙට පෙරල පෙරලා බලලා මම ඇහුවේ.
පැය නමයක් විතර ආවා..
අම්මෝ..
කෙල්ල අහිංසක විදියට හිනාවුනා..
කාලද ඉන්නේ?
කෙල්ල නෑ කියන්න වගේ දෙපැත්තට ඔලුව වැනුවා..
සර් මට වෙලාව කියනවද?
කෙල්ල අහිංසක විදියට ඇහුවේ..
ම්ම්ම්..
නවයයි කාලයි.
මම ෆෝන් එක බලන ගමන් කිව්වේ..
(නොනිමි කඳුළ.)
කෙල්ල එකපාරටම කලබලෙන් නැගිට්ටා..
අනේ..
මගේ යාළුවා නිලූෂා හතට මාව එක්ක යන්න එනවා කිව්වා..
වාඩිවෙන්නකෝ..
මම හරි සංසුන් විදියට කෙල්ලට කිව්වේ..
බය වෙච්ච මුව පැටියෙක් වගේ කෙල්ල මගේ දිහා බලන ගමන් ආයේ වාඩි වුණා.
ඔයාගේ යාළුවා මෙහේ මොකද කරන්නේ?
එයා ගාමන්ට් එකක වැඩ කරනව සර්.
එයා කොළඹ ගැන හොඳට දන්නවා..
වෙච්ච දේ මම කෙල්ලට කියද්දි කෙල්ලගේ ඇස් දෙකට කඳුළු ආවේ මම බලාගෙන ඉද්දිමයි..
හිතන්න එපා සමහර විට ඇත්තටම ඔයාගේ යාළුවගේ හිතවත් මනුස්සයෙක් වෙන්නත් ඇති.
ඒත් ඔයාව යැව්වේ නැත්තේ බීපු කෙනෙක් එක්ක ඔයාව යවන්න බැරි නිසා...
දැන් කොහොමද ගෙදර යන්නේ?
කෙල්ල වාඩි වෙලා ඉඳපු තැන ටේබල් එකේ කොනක ඉඳගන්න ගමන් මම ඇහුවේ..
බස් එකක් තියෙන්නේ හෙට උදේ හතට.
ඒත් මම ඇඳුම් අරන් ආවේ නිලූෂා කිව්වා මේක හරි ගියේ නැතොත් වෙන ජොබ් එකකට හරි දානව කියළා.
කෙල්ල අහිංසක විදියට කිව්වම මට ගොඩාක් දුක හිතුනා.
අද රෑ කොහෙද ඉන්නේ?
කෙල්ල බය වෙළා වගේ මගේ දිහා බැලුවේ..
සර්ට පුළුවන්ද මාව බස් එකට දාන්න?(නොනිමි කඳුළ.)
පොඩ්ඩක් ඉන්නකෝ..
මම එහෙම කියළා එලියට ආවා..
-----*****-------
සුමන සිරි අංකල් අලුතින් අපි ගත්ත හොස්ටල් එකට ගර්ස්ල දැම්මද?
තුම්මන් හංඳියේ එකටද පොඩි සර්?
ඔව්..
ඒකට කවුරුවත් දැම්මේ නෑ..
ඇයි පොඩි සර් ..
අර ගර්ව එතනට ගිහින් නවත්තලා අවෂ්‍ය ඔක්කම දේවල් අරන් දෙන්න සුමනේ අංකල්ට පුළුවන්ද?
පුළුවන් පොඩි සර්රුත් ආවනම් තමා හොඳ..
ම්ම්ම් ..
යමු මාත් එන්නම්කෝ...
-------******-------
මම ආයේ ඔෆිස් කාමරේට ආවා.
ඒ එද්දී කෙල්ල ටේබල් එකට ඔලුව ගහන්.
මට හිතුනා කෙල්ල අඬනව ඇති කියලා.
නංඟී..
මම කෙල්ලට කතා කළා..
යමු..
කොහේද?
කෙල්ල කඳුළු පිහිදාන ගමන් ඇහුවේ.
අපේ හොස්ටල් තියෙයි වැඩ කරන ගර්ල්ස්ලට නතර වෙන්න.
ඒකෙ ඔයාට ඉන්න පුළුවන්.
හෙට ඉඳලා වැඩට එන්න....
අනේ සර් සර්ට ගොඩාක් පිං.
කෙල්ල මගේ කකුල්දෙක අල්ලලා වැන්ඳ..
පිස්සු වැඩ කරන්න එපා ළමයෝ කෝ නැගිටින්න..
-----******-----
කෙල්ල කාර් එකේ පිටිපස්සේ ෂීට් එකේ වාඩි වුනා.
සුමනසිරි අංකල් මම එක්කම ඉස්සහින් වාඩි වුනා.
මම සිගරට් එකක් අරන් පත්තු කරන ගමන් ග්ලාස් එක පහලට කළා..
(නොනිමි කඳුළ.)
පුංචි මහත්තයා..
ඕක තාම නවත්තලා නෑ නේද?
පිස්සුද අංකල්.
සිගරට් අරක්කු කියන්නේ මගේ දකුනු අතයි වම් අතයි වගේ දන්නවනේ.
සිගරට් එකෙන් දුම් කාර් එක පුරා..
කෙල්ල කහින්න පටන් ගත්තා..
අනේ මට වතුර ටිකක් දෙනවද?.
මට තේරුනා කෙල්ලට දුම අවුල් කියලා.
මම සිගරට් එක කාර් එකෙන් එලියට විසික් කළා.
------****------
පොඩි සර් ඔහොම වාහනේ පොඩ්ඩක් ඉන්න.
මම හොස්ටල් එක ඇරලා පොඩ්ඩක් අතු ගානකම්.
දූවිලි ඇති හොඳටම.
පුදුම පාලුවක් කාර් එක ඇතුලේ ..(නොනිමි කඳුළ.)
මම සයිඩ් කන්නාඩියෙන් කෙල්ල දිහා බැලුවා.
බය වෙලා වගේ කෙල්ල වට පිට බලනවා.
නංඟී ඇයි කොළඹ ආවේ.?
කෙල්ල හය්යෙන් හුස්මක් දැම්මා.
අප්පච්චී අසනීපයි සර්.
එයාට ඇදුම දැන් කුඹුරු වැඩ කරන්නෙත් නෑ.
නංඟී ස්කෝලේ යනව ඒවට අඩු පාඩු ඕන..
කෙල්ල එකින් එක කියද්දි කෙල්ලට වඩා අසරණ වුනේ මම.
පොඩි සර් යමු..
------*****-------
පුතා..
දොර ඇරපු ගමන් අම්මා දුවගෙන ආවා.
ඇයි රෑ වුනේ?
ආ එකටත් කිට්ටුයිනේ..
පොඩි වැඩකට ගියා අම්මා..
මම එහෙම කියාගෙන කාමරේට ඇවිත්, වොෂ් එකක් දාන් ඇඳේ හාංසි වුනේ සිගරට් එකකුත් පත්තු කරගෙන.
කවදාවත් නැති තරම් හිත කලබල වෙලා.
මතකෙට ආවේ අර කෙල්ලමයි..
ඒ එක්කම ආදරේ අමිහිරි මතකෙත් සිහියට ආවා.
නසීරා..
මගේ පස්ට් ලව් එක.
මාව නාස්ති කලේ ඒකි.
මාව බේබද්දෙක් කළේ ඒකි.
මම කොච්චර ආදරේ කළාද..
මගේ සබ්බ සකලමනාවම අරන් ඒකි මාව දාල වෙන එකෙක් එක්ක ගියානේ.
අම්මට පේනවට ඇඳ යට හංඟල තිබුන අරක්කු බෝතලේ එක හුස්මට බීලා දැම්මා.
එතකොට තමා මට නින්ඳ ගියේ..
-----*****-----
වෙනදට කලින් අවදි වෙලා ලෑස්ති වෙලා ඔෆිස් එකට ආවා.
මම යනකොටත් ට්‍රාන්ස්පෝට් එකේ,
කෙල්ල ඔෆිස් එකට ඇවිත්.
එන්න යමු ඇතුලට..
මම කෙල්ලව මගේ ඔෆිස් කාමරේට එක්කරන් ආවා..
කෙල්ල බිම බලාගෙනම මගේ පස්සෙන් ආවේ.
සුමනේ අංකල්ට කතා කරලා කෙල්ලව බාර දුන්නා.
ටේනින් කරන්න රේනු මිස්ට බාර දෙන්න කියළා..
------****------
තේනුවර එක්ක ක්ලබ් එකට ආවා අද සැටඩේ නිවාඩුනේ...
අදනම් මචන් බොනව කරටිය කැඩෙන්න..
මම එහෙම කියළා අරක්කු වීදුරුව අතට ගත්තේ..
ඒ අතරෙ කෝල් එකක් නොදන්න නම්බර් එකක්.
මම කව්ද මේ කියළා හිතන ගමන් ෆෝන් එක අතට ගත්තේ..
හලෝ සර්..
කතා කලේ කෙල්ලෙක්..
කවුද මේ?(නොනිමි කඳුළ.)
සර් මම නිකිනි..
හම්මට සිරි මගේ නෝ එක කොහෙන් හොයන්ඳ?
කියන්න නංඟී.
මම සුමනේ අංකල් එක්ක ගිහින් ෆෝන් එකක් ගත්තා සර්.
තාත්තටත් සල්ලි යැව්වා.
සර් අද මගේ පලවෙනි පඩියනේ...
ඉතින්..
මම සැරෙන් කතා කළේ..
සර්ට ස්තුති කරන්න කතා කලේ..
මේ හලෝ ඔෆිස් එකේ ප්‍රශ්න ගෙදර අරන් යන්න එපා.
කියන්න තියෙන දෙයක් තියේනම් අනිද්දා ඔෆිස් එකේදි කියනවා..
කෙල්ල ආයේ මොකුත් කියන්න කලින් මම ෆෝන් එක කට් කළා.
කවුද විහංඟ කෝල්?
අලුතින් වැඩට ආපු කෙල්ලෙක් .
උඹ ඒකිට ලව්..
මොකක්.
උඹට පිස්සුද තේනුවර..
මම ආදරේ කරන්නෙ නෑ කාටවත්..
එක පාරක් ආදරේ කරලා මේ ඒ කාපුව තමා මචං දිරවන්න බැරුව විඳවන්නේ...
උඹ ඒකිට ලව්.
උඹ බයයි ඒ වුනාට.
උඹ මේ හොඳටම කලබල වෙලානේ මචං ..
ආ....
නෑ ඕයි නෑ..
ආයෙත් කෝල් එකක්..
නෝ එක බිනරි..
කෝ ඕක ස්පීකර් දාපන්..
සර්..
ඇයි හලෝ..
බොන එක නවත්තන්න සර්...
තමුසෙ කවුද ඕයි මට බොන්න එපා කියන්න..
මම ෆෝන් එක කට් කළා..
-----*****------
සිගරට් එකකුත් පත්තු කරන් පුටුවට වෙලා කරකැවි කරකැවි හිටියේ..
කෙල්ල දොර ලඟ හිටන් ඉන්නවා..
මං අත වැනුවම ඇතුලට ආවේ..
මොකද තමුසේ දොර ලඟ හිටන් ඉන්නේ දොර ලඟ හිටන් ඉඳියම දොර ඇරෙනව කියළා හිතුවද?
සර් සිගරට් බොන නිසා ආවේ නැත්තේ.
මට සිගරට් දුමට කැස්ස එනව සර්..(නොනිමි කඳුළ.)
ම්ම්ම්..
මම සිගරට් එක නිවලා පැත්තකින් දැම්මා..
ඇයි ආවේ..
සර් කනික එකේ ප්‍රොජෙක්ට් එක සර්...
ආ ...කෝ බලන්න...
ඉඳගන්න..
මං කෙල්ලට කියන ගමන් පයිල් එක දිහා බලුවේ..
කෙල්ල අද ලා නිල් පාට සාරියක් ඇඳලා ලස්සනයි.
මම හොරාට
දෙතුන් පාරක් මූණ දිහා බැලුවේ..
මටත් හොරා මම කෙල්ලට ආදරේ කරන්න පටන් අරන් තිබුනේ...
ඒත් මම ආදරේට බයයි එක පාරක් කාපු කට්ට..
අම්මෝ..
මතක් වෙද්දී ඇඟ සීතල වෙලා යනවා..
කෙල්ලොන්ගේ ඔක්කම අහිංසක කම් යාළු වෙනකම් විතරයි.
ඊට පස්සේ උන් යක්කු වගේ..
සර්...
ම්ම්ම්ම්..
මගේ හිත ගිය දුරක්...
ආ මෙන්න පයිල් එක ආයේ චෙක් කරලා කලානි මිස්ට බාර දෙන්න..
හා සර්..
කෙල්ල යන්න ගිහින් ආයේ හැරුනා..
සර් පොඩි දෙයක් කියන්න තරහා වෙන්නෙ නැද්ද ..
ම්ම්ම්..
කියනව බලන්න..
මම නැගිටලා කෙල්ල ලඟට ආවා..(නොනිමි කඳුළ.)
සර් සිගරට් බිව්වම ලෙඩ බබාල හැදෙන්නේ..
කෙල්ල එහෙම කිව්වම මම ගැස්සිලා ගියා.
මොකොද්ද තමුසෙ කිව්වේ .
මම කෙල්ල ලඟට යද්දී කෙල්ල පස්සෙන් පස්සට ගියා හොඳටම බය වෙලා..
කෙල්ල බිත්තිය ලඟ හිර වුනා.
මම අත්දෙක දෙපැත්තට දාලා කෙල්ල ලඟ ..
මොකද ආ..
කෙල්ලගේ පපුව මගේ පපුවෙ ගෑවෙනවා..
මාස හයක් විතර හිතේ හිර කරන් ඉඳපු ආදරේ
මම කෙල්ලගේ තොල් දෙක මගේ තොල් දෙකට චුට්ටක් ලං කලා..
ආයේ උඹට විඳවන්න වෙයි විහඟ මගේ හිත කෑ ගැහුවා..
ඒත් මට හොඳටම දැනිලයි තිබුනේ කෙල්ල මට ආදරේ කරනව කියළා..
යනවා තමුසේ මෙතෛන් මට ආයේ පේන්න එන්න එපා..
කෙල්ල අඬාගෙනම දිව්වා..
මට මේ මොකද්ද වෙලා තියෙන්නේ..
ඇයි මම මේ කෙල්ලට බය..
ආදරේ නිසාද ...
-----*****------
සර් ...
ආයේ දවසක් කෙල්ල මගේ දොර ලඟ සුපුරුදු සිගරට් එක මගේ අතේ..
(නොනිමි කඳුළ.)
මම සිගරට් බොද්දී කෙල්ල කවදාවත් ඇතුලට ආවේ නෑ..
මම සිගරට් එක නිව්වම තමා කෙල්ල ඇතුලට ආවේ..
අදනම් කෙල්ලට හොඳින් කතා කරනව කියළා හිතා ගත්තා..
සර් සාගර එකේ පොජෙක්ට් එකට ඉෂූ කරපු කෑෂ් වල ප්‍රශ්නයක් තියෙයි සර්...
කෙල්ල ඒලෙවල්ස් වලට කොමස් කරල තිබුන නිසා වැඩ ටික ඉක්මනට අල්ලගෙන.
ම්ම්..
මේ නිකිනි..
කියන්න සර්..(නොනිමි කඳුළ.)
කවද හරි නිකිනිට සිගරට් බොන මහත්තයෙක් ලැබුනොත් නිකිනි මොකද කරන්නේ?
මම එයාව හදා ගන්නවා..
හරි එයා ඒ වැරැද්ද හදා ගත්තේ නැතොත්...
ම්ම්ම්ම්ම්..
මම එයා එක්ක තරා වෙලා තනියම දොය්යනවා..
ලඟටවත් එන්න දෙන්නෙ නෑ..
ඒත් එයා ඒ වැරැද්ද දිගටම කලොත්...
නෑ සර් ආදරේ කරල මැරි කලාම එක දවසක් කෙල්ල ලඟ නැතුව කොල්ලට නින්ඳ යන්නෙ නෑලු සර්..
ඒව සුරංඟනා කතා නිකිනි..
නෑ හැමෝම එහෙම නෑ.
ඔන්න මං වගේ කෙල්ලෙක්ට නම් ආදරේ කරලා මැරි කලොත් මගේ මහත්තයාගේ තුරුල්ල නැතුව නින්ඳ යන්නේ නැති වෙයි..
කෙල්ල හුරතලෙන් කතා කරද්දී මම ඒ ඇස් දෙක දිහාම බලන් හිටියා..
ඒ ඇස් වල තියෙන ආදරේ මට කියළා මට හොඳටම දැනිලයි තිබුනේ..
ඒත් ආයේ විඳවන්න මට බෑ..
මං ඒත් නිකිනට ගොඩාක් ආදරේ කළා..
ගොඩාක්..
ආදරේ කරලා නසීරා වගේ දාල ගිය දවසට ආයේ විඳවන්න බෑ මට.....
-------*****-------
තේනුවර අද කොළඹින් පිට ගිහිල්ලා.(නොනිමි කඳුළ.)
මම තනියම ක්ලබ් එකට ආවේ..
කවදාවත් නැති තරම් බිව්වා..
ඒ නිකිනිට මං ආදරේ කරන්න පටන් අරන් නිසා..
මට ඕන වුනේ ඒ ආදරේ මරලා දන්න.
ඔලුව උස්ස ගන්න පණ නෑ.
එහෙමම ටේබල් එහෙකට ඔලුව ගහ ගත්තා..
උදේ ඇස් ඇරලා බලද්දී මම හිටියේ නිකිනිගේ ඇඳ උඩ.
කෙල්ල ඇඳ ලඟ බිම වාඩි වෙළා නිදි....
නිකිනි..
මම සැරෙන් කතා කලේ..
කෙල්ල බය වෙලා වගේ මගේ දිහා බැලුවේ.
අනේ සර්..
කාගෙන්ඳ මේ පලි ගන්න හදන්නේ..
බීලා නාස්ති වෙන්න එපා සර්..
ඊයේ රෑ කෝල් එකක් ආවා සර් බීලා ක්ලබ් එකේ වැටිලා ඉන්නවා කියළා
සුමනෙ අංකල්ටත් කතා කරන් ගිහින් එක්කරන් ආවා.
මොකොටද තමුසේ මම ගැන දුක් වෙන්නේ ආ...
තමුසෙ මගේ කවුද ආ?
මගේ පාඩුවේ ඉන්න දෙනව හලෝ..
අනේ සර්...
කෙල්ල ඉකි ගහ ගහා අඬනවා.
මම එහෙමම දොර ඇරන් එලියට ආවා..
කෙල්ල මොන මොනදෝ කියද්දි මම ඇහුනෙ නෑ වගේ එහෙමම ආවා..
--------******-------
කෙල්ල දවස් ගානක් ඔෆිස් ආවෙ නෑ..
මම සැරින් සැරේ කෙල්ලගේ ටේබල් එකට ඇවි ඇවිත් බැලුවා.
සතියක් මම පුදුම විදියට විඳෙව්වා..
මම මේ තරම් නිකිනිට ආදරේ කරනවද...
මට නොදැක ඉන්න බැරි තරම්..
ඉවසන්නම බැරි තැන මම හොස්ටල් එකට ආවා...
කෙල්ලගේ රූම් එක වහලා දාලා..
මම ඩුප්ලිකේට් යතුර අරන් ආපු නිසා කාමරේ දොර ඇරියා කෙල්ලගේ ඇඳුම් මොකුත් නෑ..
සුදු පාට හතරට නවපු කොලයක් ඇඳ උඩ..
මම ඒක අතට ගත්තා..
සර් මම යනවා ආයේ කවදාවත් එන්නෙ නෑ.
සර්ගේ නපුරු කම් වල සීමාවක් නෑ .(නොනිමි කඳුළ.)
මම සර්ට ගොඩාක් ආදරේයි සර් හිතනවටත් වඩා.
මට සර්ගේ නපුරුකම් දරාගන්න පුළුවන් ඒත් සර් හසිනි මිස් එක්ක මගේ ඉස්සරහා කතා කර කර ඉද්දි මට තවත් ඉවසන්න බෑ මම යනවා..
ආයේ සිගරට් අරක්කු බොන්න එපා..
මම නිකිනි..
------*****-----
තේනුවර මචන්..
ඕ කියපන් විහඟ..
මචන් මට දැන් උඹ එක්ක ගමනක් යන්න තියෙයි..
මේ රෑ කොහෙද මචං .
පැලැස්සේ..
යකෝ පට්ට දුරනේ..
ඔව් කමක් නෑ..
උඹ එනවද?
උඹ දන්නවනේ උඹ මගේ බොක්ක මැරෙන්න හරි මම එනවා කියලා..
මේ දැම්ම ගියොත් අපිට පාන්ඳර වෙද්දි යා ගන්න පුළුවන් වෙයි..
------****------
උදේ හතරයි.(නොනිමි කඳුළ.)
කෙල්ලගේ ගෙදර එද්දී.
අමාරුවෙන් ගේ හොයාගත්තෙත් ..
ඇඩ්‍රස් එක කෙල්ලගේ සටෆිකේට් පයිල් එකේ තිබුන නිසා වැඩේ ගොඩ දා ගත්තේ...
කටු මැටි පුංචි පැලක් ලඟ වාහනේ නතර කලේ..
පව් දුප්පත් කෙල්ල..
එද්දි මගදි මම තේනුවරට විස්තරේ ඔක්කම කිව්වා..
වාහනේ හෝන් එක එක දිගටම ගහද්දී දොර ඇරන් එලියට ආවේ කෙල්ල.
මාව දැකලා බය වෙලා.
මට දුකයි..
කේන්තියි..
කෙල්ලට මෙච්චර ආදරේ කරනවද කියළා මටම පුදුමයි..
කෙල්ල මං ලඟට ආවා..
මගේ කම්මුල කෙල්ලගේ කනේ..
චටාස්...
කෙල්ල කම්මුල අල්ලා ගත්තා..
තමුසෙට මෙච්චර ආදරේ කරන නිසාද මට දුක් දෙන්නේ..
නොකියම එන්න තරම් තමුසෙට හය්යක් කොහෙන්ඳ ආ.
හසිනි මිස් මැරි කරපු කෙනෙක්..
මම කෙල්ලව ඇදල අරන් පපුවට තුරුල් කර ගත්තේ කමිමුලට රිදෙන්න උම්මා එකක් දෙන ගමන්..
සර් මට ආදරේ කරලා..
කෙල්ල ඔලුව උස්සලා කඳුළු අතරින් කතා කරනවා..
ඔව් මගේ රත්තරං ඔව්.
මහා ගොඩාක්..
මං බය වුනා දෙය්යෝ..
මට ආයේ දුක් විඳින්න වෙයි කියලා..
මාත් ආදරෙයි මගේ සුදු මහත්තයො ..
මම දන්නවා පණ..
ලෑස්ති වෙන්න ගෙදර යමු..
හෙට මැරි කරමු අපි..
හෙට..
කෙල්ල පුදුම වෙලා ඇහුවේ..
ඔව්....
ඉවසන් ඉඳියා හොඳටම ඇති මැණික..(නොනිමි කඳුළ.)
මම කෙල්ලගේ තොල් දෙක හපන ගමන් කිව්වේ ..
ඌයි මැට්ටා....
-----******-----
පුංචි පාටියක් දාලා අපි දෙන්න මැරි කළා..
හැමදේම මට ලැබුන වගෙයි..
ආයේ කවදාවත් ජිවිතේ දුකක් දැනෙන එකක් නෑ ආදරේදි..
නුවර එලියේ පුංචි හෝටලේ මම නිකිනි එක්ක..
කෝ ඉක්මනට එන්නකෝ මැණික..
කෙල්ල බාත් රූම් එකේ ඉඳලා එලියට ආවේ..
මොකොද මේ සිගරට් අතේ ආ..
ඔයා කිව්වේ ලෙඩ බබාල හැදෙනව බොන්න එපා කියළා..
අදම ඉතින් බබාල හදන්නෙ නැති නිසා බොන්න හැදුවේ..
කෙල්ලගේ ඇස් වල කඳුළු..
ඇයි මගේ අම්මී මේ?
ආයේ සිගරට් බොන්න එපා මහත්තයො..
නෑ මගේ දෙය්යෝ පොරොන්ඳු වෙන්නම්..
මම සිගරට් පෙට්ටිය ලඟ තිබුනු ඩස් පින් එකට දැම්මා..
ආයේ කවදාවත් ඔයා එපා කියන දේවල් කරන්නෙ නෑ මැණික..
මම කෙල්ලව හරි ආදරේන් තුරුලු කර ගත්තා..
එපා කියන කිසිම දෙයක් කරන්නේ නැද්ද ?
කෙල්ල හුරුතලෙන් ඇහුවේ..
හැබැයි මැණික උඹ හිතපු එක නම් එපා කිව්වත් කරනවා..
මැට්ටා මැට්ටා..
කෙල්ල මගේ පපුවට ගහගෙන ගහගෙන ගියා...
කෝ එපා රිදෙනවනේ මැණික මට.
මම කෙල්ලව තද කරලා තුරුලට කර ගත්තා...
.....---නිමි---.....
උපුටා ගැනිමකි
No comments:
Post a Comment