❤💓💞බැජ් ට්‍රිප්💞💓❤
"මෙි මචං කමල් අපිත් යමුද මචං ට්‍රිප් එකක්......."
"අන්න....ඒක මරු අයිඩියා එක දුෂානයා.....මෙි එක නෙවෙි කොහෙද බං යන්නෙ කියපන්කො....."
"අපට පලවෙනි ට්‍රිප් එක නිසා අනිවා රිවස්ටන් යන්ඩ වෙනවනෙ.එක ඉතින් මෙහෙ නීතියක්නෙ මචං.....අවුලක් නැනේ....."
"ඕ....ඕ....එක නම් අවුලක් නැ.මන් නම් ගිහින් නැ මචං තාම එක පාරක්වත්....."
"මාත් ගිහින් නෑ තමා බං එක පාරක් වත්.අපේ මෙි බැජ් එකේ සෙට් එක ඔක්කම එකට ෆිට් කරවන්නත් එක්ක මෙික යමු......"
"ඕවු බං දුෂාන්.එක ඇත්ත.මොකද අපේ මෙි අලුතෙන් ආපු සමහර උන් හෙන ලොකු ලයින්.එවා සේරම හරියයිනේ මෙික ගිහින් ආවම....."
සති දෙක තුනක් තිස්සෙ ඉදලම අපේ හිත් වල තිබුනේ ට්‍රිප් එක විතරමයි.මොකද පොඩි කාලෙදි ඉස්කොලෙන්,ගෙවල් වලින්,යාලුවො යාලුවෝ එකතු වෙලා ට්‍රිප් යනවට වඩා කැම්පස් එකක් ඇතුලෙදි කැම්පස් එකේ යාලුවෝ කට්ටිය එකතු වෙලා යන ට්‍රිප්එකක තියෙන්නෙ වෙනනම විනෝදයක් නිසාමයි.කට්ටියම ට්‍රිප් එක යන්නකලින් දවසෙදි හම්බෙලා කතා කරගත්ත විදිහටම පහුවදා උදේ 6.30වෙනකොට කැම්පස් එක ගාවට එකතු උනා.එත් එතනදි තමා.......
"හෙලො මලින්ද එනවද බං උබ....."
"අනේ බං චානු ඔයාල යන්න.මට එන්න බෑ බං....."
"අඩෝ මෙි පිස්සු කතා කරන්න හදන්න එපා හරිද ඊයෙ එනව කියල දවසට වෙනස් වෙන්නෙ ඇයි බං....."
"අඩෝ එහෙම නෙවෙි බං.....වරෙන් කිවම අහල.....මම චරිත්ව එවන්නම් උබව එක්කගෙන එන්ඩ...."
"අනේ මන්ද බං.....උබල යමල්ලකෝ...."
"මෙි...මෙි....ඔයා දැන් ඔය එන්නැතුව ඉන්න හදන්නෙ මොකද???ඔයාට අපි කිවනෙ.එයාව ඔයාට සෙට් කරල දෙනව කියල.ඔයා එන්ඩකො....."
මලින්ද ට්‍රිප් එක යන්න අදි මදි කරත් කට්ටියම එකම බැජ් එකක් නිසා එක්කෙනෙක්ව දාල යන්න බැරි නිසාමයි චානුක චරිත්ට බයික් එකේ යතුරත් දිලා මලින්දව එක්කගෙන එන්න කිවෙි.චරිත් බයික් එකත් අරගෙන ගියෙ පුදුම වෙිගෙකින්.ලයිසන් එකක්වත් නැතුව බයික් එක අරගෙන යන්න ගියෙ යාලුවව අමතක කරල යන්න බැරි නිසාමයි......කොහොමින් කොහොම හරි අපි 6.30ට යන්න හිටපු ට්‍රිප් එක අන්තිමටම ගියෙ උදේ 8.00විතර.යන්න පටන් ගත්තු වෙලාවෙ ඉදලම කට්ටිය සිංදු කිවත් ඒ කිසිම සිංදුවක් කවුරුත් අවසාන වෙන කම් නම් කිවෙම නැ.මොකද හැමෝටම වගෙ සිංදුවෙ මුල් පද පේලි මතක තිබුනත් අවසන් කොටස් කාටවත් මතක තිබුනෙ නැති නිසාමයි.....
****************************************************
පැය දෙකක තුනක විතර ගමනක අවසානෙන් පස්සෙ තමයි අපි රිවස්ටන් වලට ආවෙි.රිවස්ටන් වලට ආව ගමන්ම අපිත් එක්ක ගියපු අපේ සර් අපෙන් ඇහුවෙි......
"මෙි....ළමයි.....ඔයාල සේරා ඇල්ලෙන් නාල ඉවර වෙලා කන්ද නගිනවද??නැත්තන් කන්ද නැගල ඉවර වෙලා සේරා ඇල්ලෙන් නාන්ඩ යනවද....."
"කන්ද නැගල ඉවර වෙලා යමු සර් සේරා ඇල්ලට....."
අපි හැමෝම එකම හඩින් එහෙම කියල යන්න ගියෙ රිවස්ටන් වල කන්ද නගින්නයි.රිවස්ටන් වල කන්ද නගින වෙලාවෙ ඉදල තමා.........
"බට්ටි ඔන්න කූඩැල්ලො ඉන්නව ඈ....අනිවා ඔයාගෙ ඇගේ නම් එල්ලෙනවමයි....."
"අනේව්.....එහෙම කියන්ඩ එපා අප්ප.....මගෙ නෙවෙි ඔයාගෙ ඇගෙ තමා කූඩැල්ලො එල්ලෙන්නෙ.ඔන්න බලන්ඩකො ඈ........"
"කූඩැල්ලො එල්ලුනාම කවුද බලමුකො කෑගහන්නෙ ඈ....."
අශේන් කියන්නෙ අපේ බැජ් එකේ ඉන්න හැන්සම් කොල්ලෙක්.එතකොට බට්ටි කියන්නෙ අපේ බැජ් එකේ ඉන්න කොටම වගේම හරිම හොද කෙල්ලක්.ඒත් ඉතින් පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටෙි කියනව වගෙ හරිම වසයි.කොටින්ම කිවොත් අපි එයාට බට්ටි කියල කතා කරනකොටත් එයා අපි දිහා බලන්නෙ හරියට මොහිනි වගෙයි.අශේන්,බට්ටි,අයෝධ්‍යා,පසිදු,කමල්,නිපුනි,අනුශ්කා,අපේ මැතිස් සර්,IT මැඩම් අපි කට්ටියම කන්ද නැගගෙන උඩට හිමිහිට හිමිහිට ගියා.ඒ යන අතර මගදි මහ හයියෙන් කෑගහන සද්දයක් ඇහුන නිසාම අපි ආපහු හැරිල බැලුවා.........
"අයෝධ්‍යා මොකො අවුල......"
"අනේ....අනේ.....මෙි.....කූඩැල්ලෙක්.....අනේ......මම බයයි උන්ට
........"
කූඩැල්ලෙක් සපත්තුවෙ එල්ලිලා ඉන්නව දැකල බය වෙලා කෑගහපු නිසා අපේ බැජ් එකේ ඔක්කමල වගේ සපත්තු ගලවල බැලුවෙ බැරිවෙලා හරි කූඩැල්ලෙක් සපත්තුව ඇතුලට ගිහින්ද කියලයි.කට්ටියම ටවර් එක ගාවට ආවත් එතනින් උඩට යන්න තවත් පාරක් තිබුන නිසා එක බලන්නත් යන්න ඕනද කියල අහපු ගමන්ම.....
"අනේ යමුකෝ.....අපෝ....එතන්ටත් ගිහින් යමු......."
අනිත් අය කාටත් කලින් බට්ටි කැගහන්න ගත්තා.අනිත් අයත් ආස නිසාමයි අපි කට්ටියම ආයෙත් ගල් ගොඩවල් උඩින් ගස්වලින් අල්ගෙන එහෙම උඩට නගින් ගියෙ.උඩට නගිනකොටඅපේ සමහර අයට නගින්න අමාරු උන නිසාම කොල්ලො කෙල්ලො කියල වෙනසක් නැතිව හැමෝම එකටම ගියෙ.....
"ඇයි.....අමාරුයිද උඩට යන්න....."
"හම්ම්ම්ම්ම්.....මහන්සි අප්ප.....අනේ බැ....අයෙනම් බැ......"
"හරි....හරි....චුට්ටක් රෙස්ටි කරල ආයෙත් යමු....හෙල්ප් එකක් ඕනද.....??? "
"හම්ම්ම්ම්ම්ම්....ඔව් අනේ.....අමාරුයි....."
"ආහ් හරි එන්න එහෙනමි....."
එහෙම කියන ගමන්ම උඩට නගින්න අමාරුවෙන් හිටපු අපේ යාලුවොන්ගෙ අතින් අල්ලගෙන අපි උඩට එයාලවති ඇදගෙන වගේ ගියෙ අපේ බැජ් ෆිට් එක වැඩි වෙන්නමයි........ඒ වෙලාවෙදි තමා අපිත් එක්ක ගියපු අපේ කටිටියගෙ ෆොටොග්‍රැෆි වලට තියෙන හැකියාව දැක්කෙත්.මොකද අපිත් එක්ක එකට ඉන්න කෙල්ලෙක්ට බැජ් ෆිට් උදවු කරනකොට අපේ ෆොටොග්‍රැෆි ටීම් එක එවගෙ ෆොටෝ අරන් අපිව බයිට් කරෙ එතකොට කට්ටියගෙම ගමන් මහන්සිය පොඩ්ඩක් හරි අඩු වෙන්න හිනස්සවපු නිසාමයි............
****************************************************
අපි උඩටම ගියත් වෙනද තරම් සීතලවත්,මිදුමවත් හුලගවත් තිබුනෙ නම් නැ.අපි කට්ටියම ආපහු පහල බහිනකොටත් කොල්ලො කෙල්ලො කියල වෙනසක් නැතුව හැමෝම එක වගෙ බය වෙලයි හිටියෙ.කොයි වෙලේ කූඩැල්ලෙක් එල්ලෙයිදෝ කියල.පහලට බැහැල ඇවිදගෙන යනකොටම තමා........
"ඒ.....බට්ටි......අත මොනා වෙලාද ඔය....."
"ඇයි මොකො....."
"ටීෂට් එකේ අතේ ලේ ගැවිලා....."
එහෙම කියනකොටම බයවෙලා බැලුවත් කිසිම තුවාලයක් වෙලා තිබුනෙ නැ....එත් එක්කම අයොධ්‍ය කෑගහුවෙි.......
"හනේ......මෙි බලන්නකො අප්පා.....කූඩැල්ලෙක් අතේ එල්ලිලා ඉදල වැටිල.........."
"හරි හරි දැන් බයවෙන්ල එපා.ඌ නැනේ....."
"අනේ....ඒ උනාට මෙි......ලේ එනවනෙ එතනින්......"
"හරි හරි ඉතින්.....එතන ටික වෙලාවකින් හරියයි.......අඩන්න එපා....."
"අනේ......"
ටක් ගාල ලෙන්සුවක් අරගෙන අත ගැට ගැහුවෙ ලේ එනව දැක්ල බයවෙලා කෑගහපු නිසාමයි.පැය දෙකක් විතර ගියපු නිසාම ශෝට්කට් එකකින් එන්න හිතාගෙන අපි කැලැව මැද්දෙන් ටික දුරක් ආවත් එක තැනකදි බහින්න තිබුන තැනින් කොල්ලො ටික බැස්සත් ගැවුලමයින්ට බහින්න බැරි නිසාමයි එයාලට බහින්ව පොඩි හෙල්ප් එකක් දුන්නෙ.ඒත් ඉතින් එතනින් බහිනකොටත් තනියම බහින්න පුලුවන් කියල බහින්න ගිහින් අයොධ්‍යා ලිස්සල ගියත් තුවාල නොවි බෙිරෙන්න පුලුවන් උනා.....
ට්‍රිප් එකේ හොදම වැඩෙි කරන්න ගියෙ තනුරයි මාධවයි.දෙන්නත් එක්ක එකතු වෙලා හිස් වතුර බොතලයකුත් අරන් කූඩැල්ලො එකතු කරන්න ගියෙ බස් එකට ගෙනිහින් කට්ටියව බය කරන්න හිතාගෙනයි.ඒත් එක කූඩැල්ලෙක් වත් අල්ලගන්න බැරි උන නිසාම බස් එකට ආවෙ බලා පොරොත්තු සුන් වුන විදිහටයි.කට්ටියම කොච්චර මහන්සි වෙලා ආවත් ඒ මහන්සිය නැති වෙන්නත් එක්කම සිංදු කිවෙි හරිම විනොදෙකින්.
හවස 3.00වෙනකොට අපි සේරා ඇල්ල ගාවට ගියේ හරිම ආසාවකින්......
"ළමයි ඔයාලට අපි පැයක් දෙන්නම් මම පෙන්නන තැනින් නාන්ඩ.වැඩිය ඇතට යන්ඩ එහෙම එපා හරිද......."
"ආ.....හරි....හරි....සර්......අපි නාන්නම්....."
"මෙි හරියටම පැයයි ඇ දෙන්නෙ......"
සර්ගෙ අවසර ලැබුන ගමන්ම කමල්,මම,අශේන්,බුද්ධි,තනුර,රුක්ෂාන් අපි කට්ටියම නාගන්න ගියත් අපේ තවත් කට්ටියක් දිය ඇල්ලෙ උඩහට ගියෙ දිය ඇල්ලෙ ලස්සන බලන්නමයි.....මෙි වෙලාවෙදි තමා මලින්ද මාස ගානක් හිතේ තියාගෙන හිටපු එයාගෙ ආදරෙ ගැන දේදුනුට චානුකයි චරිත්ටයි කියල කියන්නෙත්.........
"මෙි දේදුනු අපි මෙි සිරියස් කියන්නෙ.මලින්ද ඔයාට කැමති.ඔයා මොකද කියන්නෙ......"
"මන්දන්නැ....."
"ඉතින් ඔයා දන්නැත්තන් අපිද දන්නෙ....කියන්ඩකො....මොකක්ද මලින්දට කියන්නෙ......"
ඒ වෙලාවෙදි කිසිම උත්තරයක් නොදි ගියත් පස්සෙ ටික වෙලාවකින් මලින්දට කැමැත්ත දිල තිබුනා.අපේ පලවෙනි බැජ් ට්‍රිප් එකෙ අපි හැමොම තව තවත් ෆිට් උනා වගේම මලින්දගෙ යාලුකම ආදර කතාවකට පෙරලෙනකොට තවත් කිපදෙනෙක්ගෙම ආදර කතා වලට අත්පොත් තිබ්බෙත් එදාමයි.......
ලියන්නෙ : දුෂාන්
#අපේ කැම්පස් එකේ පලවෙනි බැජ් ට්‍රිප් එක ගැන කියන්න හිතුනා.තව ගොඩක් ලස්සන මතකයන් තිබුනත් ඒ හැමදේම ලියන්න දැන්ම බැ.මොකද මෙික ලිවෙත් හරිම අමාරුවෙන්.තවමත් ට්‍රිප් එක ගිහින් ඇවිත් ඇගට මහන්සි.කට්ටිය ඔක්කොම ගැන කියන්න නම් බැරි උනා.එකට සමාවෙන්න.අපේ බැජ් ට්‍රිප් එක ගැන ලියන්න හිතුන නිසා හදිසියට ලිවෙි.වෙන දවසක අපි කරපු හැම දේම එක්ක අපේ සුන්දර මතකයන් කියන්නමි.
උපුටා ගැනීමකි
No comments:
Post a Comment