රැඩිකල් කාරයා

රැඩිකල් කාරයා...
.................................
රැඩිකල් මතවාද දාරී සේවක සංගමයක ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන් අචින්ත කලේ මහගු සේවයක්..රජයේ පත්වීමත් සමගම ආයතනයේ පරිපාලන පටිපාටිය වෙනස් කිරීම හේතුවෙන් මහත් අපහසුතාවයට පත් සේවක මඩුල්ල වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වලට එලඹීමටත්, පිකටින් සහ වැඩවර්ජන සැලසුම් සමග රාජකාරියට වඩා දිගු කාලයක් සේවය කරන ස්ථායේ ඔහුට රැදී සිටීමට සිදුවුනේ එලෙසින්..සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ විශාල වැටුප් විශමතා කීපයක් විසදීමේ සැලසුමක අච්න්ත නියැලී සිටියා..ඉතා කාර්යබහුල වුනේ ආදරයක් ගැනවත් කෙල්ලෙක් ගැනවත් තුන් හිතකවත් නොතිබුන නිසයි..

මේ විදියට කාලය ගලාගෙන යද්දී දවසක් අචින්ත හම්බෙන්න ආන්‍යා ආවේ අහම්බෙන් ..ඒ මොනවටවත් නෙවෙයි පරිවාස කාලය ඉවරවෙනකන් වසර 2කට ආසන්න කාලයක් අඛණ්ඩව යහපත් සේවයක් පවත්වාගෙන තිබුනත් ආන්‍යා ගේ පත්වීම ස්ථිර නොකලේ එතන පන්දමකට ආව සචිනි ඉක්මනට ස්ථිර කරන්න...

රැඩිකල් විදියට වවාගත්ත ලස්සන රැවුලක් සමග හැමදාම සුදු ශර්ට් එකට කලු කලිසම ඇදලා ටයි පින් එක ගහලා එන අචින්තට ලැබුණේ මනා කඩවසම් බවක් සමග මුසුවුනු තේජාන්විත බවක්..රාජ්‍ය පරිපාලනය පිළිබඳ උසස් ඩිප්ලෝමා දාරියෙකු වූ අචින්තට තිබ්බෙ පුදුම දැනුමක් ඒ වගේම ආයතන සංග්‍රහය , චක්‍රලේඛන ඔහුට කට පාඩම්..

Excuse me : මට මිස්ටර් අචින්ත හම්බෙන්න පුලුවන්ද ?
කොළඹ ප්‍රදාන කාර්යාලයේ අචින්ත වැඩ කරද්දී , ආන්‍යා වැඩකරේ නුවර , ඇය උපන් ගම නුවර නිසා..නුවර කෙල්ලන් ගැන අටුවා ටීකා ඕනි නෑනේ ඉතින් ලස්සනයි කියලා විස්තර කරන්න ඒවා ප්‍රසිද්ධ රහස් . සාම්ප්‍රදායික නුවර ලස්සන ආන්‍යා තුල අරක් ගෙන තිබුනා..

ලස්සන දම් පාට මිශ්‍ර නිල් හෑන්ඩ්ලූම් ඔසරියකින් සැරසී ආන්‍යා අචින්තගේ කාර්යාල කාමරය දෙසට යද්දී වටේ පිටේ හිටපු කොල්ලන්ට මරුකතරට දිය පොදක් ඉස්සා වගේ..වැඩිය ලස්සන කෙල්ලන් නැති ප්‍රධාන කාර්යාලයේ ඈනුම් ඇර ඇර බැන බැන වැඩ කරන නාකි ඇන්ටිලා ටික කොල්ලො කට්ටිය දරුකමට හදාගන්න අරන් තිබ්බෙ ..බෝඩිං නැති අයට නවාතැන් පහසුකම්, කන්න නැති අයට කෑම ලෙඩදුක් වලට බෙත් හේත් ඒවට තමයි ඒ අය පිහිට උනේ..

ඉදගන්න , අචින්ත එහෙම කීවේ ෆයිල් එකටම එබිලා මූණ දිහා නොබලාමයි..
කියන්න මිස් අචින්ත ආන්‍යා ගෙ මූණ දිහා බැලුවේ එතකොට  ලස්සන ඔසරියකින් සැරසුණු කැන්ඩි ලමිස්සී...අචින්තගේ නික්න් උගුර හරියෙන් මොකක්ද හිරවෙනවා වගේ දැනුනා කෙල්ල දැක්කාම ..ඒත් රැඩිකල් හිතකට කොයින්ද ආදරයක් ...ඇයි රැඩිකල් හිත්කට ආදරය කරන්න බැයිද ? පුලුවන් ඒත් ඒ ජීවන රටාව පිළිගන්න කාන්තා පාර්ශ්වය සූදානම්ද කියන ප්‍රශ්නේ මතුවෙනවනේ..
ආන්‍යා තමන්ගේ ප්‍රශ්නේ අචින්ත එක්ක කිවුවා..තියන වැඩ ඔක්කොම පැත්තට කරලා මේ කෙල්ලට උදව් කරන්න හිතුනෙ ඇයි දන් නෑ ..
"සර් මගෙ අම්මා අසනීපෙන්, නංගී තාම ඉගෙනගන්නවා, තාත්තට හරි හමන් රස්සාවක් නෑ ..ඉහලටම ඉගෙනගන්න බැරි උනේ සල්ලි නැති නිසාමයි ..මට මේක කොහොම හරි හදලා දෙන්න පිහිට වෙන්න ..ආන්‍යා  අත් දෙක අල්ලාගෙන වදින්න හදද්දී අචින්ත එක පාරටම එපා කියලා ඒ අත් දෙක අල්ලා ගත්තා...
හරි මිස් මං මගේ උපරිම සාධාරණය ඉශ්ඨ කරනවා සේවක සංගමය වශයෙන් ...ආන්‍යා එතැනින් පිටත් උනත් ඒ විනාඩි කීපයනම් අචින්තට අමතක කරන්න බෑ
...............................
කාර්යාලයේ වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් වොශ් එකක් දාන් fb ඇවිත් search කරේ ඒ නම...
ආන්‍යා දේවසරණා ටිකිරිබණ්ඩාර
මේ ඉන්නෙ අචින්ත පටස් ගාලා රික්වෙස්ට් එකක් දැම්මම පැයකට විතර පස්සෙ ආන්‍යා ඇක්සෙප්ට් කරලා තිබ්බා ..

-Hiiiii.....පරිස්සමෙන් ගෙදර ආවද?
- ඔව් සර්, සර්ට ගොඩක් පින් ...

- අහ්හ්හ් සර් කියන්න ඕනි නෑ මේ ඔෆිස් එක නෙවෙයි නේ ..අචින්ත අයියා කියලා කියන්න ..මන් ඔයාගෙ වැඩේ හදලා දෙන්නම්..
- අනේ සර් , නෑ අචින්ත අයියේ ගොඩක්  තෑන්ක්ස්.....

අචින්ත ආන්‍යා යට උදව් කරන්න හිතුවේ ඇය ඔහුගේ හිත හොල්ලපු නිසාම නෙවෙයි ...ඔහුට කොහොමත් අසාධාරණයක් පේන්න බැරි නිසා ...
ගෙදර වගකීම එක්ක ආන්‍යා ට ආදරෙට ඉඩක් තිබ්බෙ නෑ ...

කොළඹ කාර්යාලයේ , කළමනාකරණ සහකාර නාකි ඇන්ටි කෙනෙක් විශ්‍රාම යනවා කියලා අචින්තගේ කනට වැටුනේ එතකොට....හ්ම්ම්ම්ම් ආන්‍යා මෙතෙන්ට ගත්තා නම් ප්‍රශ්නේ ඉක්මනට විසදන්න තිබ්බා .. ඒත් නුවර ඉදන් කොළඹ එන්න කැමති වෙයිද ??
රෑට චැට් එක්ක දාලා බලනවා..

නංගී ඔයාගෙ වැඩේ ඉක්මනට මට කරලා දෙන්න පුලුවන් but කොළඹ එන්න වෙන්වා මාරුවක් හදාගෙන ...ඔයාට පුලුවන්ද ? වෙන කෙනෙක් විශ්‍රාම යන්වා...එතන පුරප්පාඩුවට ඔයාව දාලා ස්ථිර කරලා දෙන්නම්..

අනේ ගොඩාක් පින් සර්ර්, ඒත් මට නවතින්ඩ තැනක්..ගෙදර තාත්තායි නංගී ඉන්න නිසා ප්‍රශ්නයක් නෑ ..සිකුරාදාට ගෙදර යන්න තිබ්බොත් ඇති...

හරි මන් ඒවා බලාගන්නම්..

කළමනාකරු මානවසම්පත් ප්‍රියන්ත සර්ට කියලා කොහොම හරි ආන්‍යාව කොළඹට ගෙන්න ගත්තා ...නවත්තන්න ඇන්ටිකෙනෙක්ගේ ගෙදරක් ලෑස්ති කරලා දීලා..
දැන් ගින්දරයි පුලුනුයි එක තැන ...
............................................
ටික දවසක් ඉදලා අචින්තට නින්ද යන්නෑ
අචින්ත මොකක්ද බන් උඹට වෙලා තියෙන්නේ ...අචින්ත එයාගෙ හිතෙන්ම අහනවා ...මගෙ හිත කියන්නෙම මන් ආන්‍යාට ආදරෙයි කියලා ..ඒත් රැඩිකල් කොල්ලෙක්ට එයා කැමති වෙයිද? ආදරයට එහා ගිය සමාජ මෙහෙවරක් මන් කරන්නේ....
...........................
මෙච්චරත් ලගට අරන්, මං දන්නවා එයා මට ආදරෙ කියලා ...ඇයි අනේ අචින්ත අයියේ මගෙන් අහන් නැත්තේ ..එදා රෑ ආන්‍යා එහෙම හිතුවේ තවත් ඒ පුරුදු බව ඉවසගන්න බැරි නිසා...
තවත්නම් මට ඉන්න බෑ එතන ඉන්න කොල්ලන්ගෙ පුදුම කරදරයක් මට තියෙන්නේ ...ඕනි මගුලක් වෙයන් අචින්ත අයියේ මන් අහනවා හෙට ඔයාගෙන්...
........................................
කාර්යාලයේ කට්ටිය lunch එකට යනකං ඉදලා ආන්‍යා අචින්තගේ කාර්යාල කාමරයට රිංගාගත්තේ හිත නිදහස් කරගන්න ...

ඉදගන්න ආන්‍යා ඇයි..

අචින්ත අයියේ ...මන් දන්නවා ඔයාට ගොඩක් වැඩ කියලා බිසී කෙනෙක් කියලා ඒත් ඔයාට ජීවිතයක් නැද්ද ? හැගීම් දැනීම් නැද්ද ??
අචින්ත බය වුනා ඇයි ආන්‍යා එහෙම අහන්නේ

මට තවත් බෑ ඉවසන්න ...ඔයා පිළිගත්තත් නැතත් මන් ඔයාට ගොඩක් ආදරෙයි.....එහෙම කියලා අඩාගෙන දුවන්න හදද්දී අචින්ත ආන්‍යාව
අතින් ඇදලා අල්ලාගත්තා...
බලනවා ඇස් දෙක දිහා...රැඩිකල් කොල්ලෙක්ට ආදරෙ කරන්න කැමතිද වස්තුව ...ඔයාට එපා වෙයි...

මාත් කැමති ඔයාට උදව් කරන්න..ඔයා තනියම කරන වැඩ බෙදාගන්න..මට වේගයෙන් ලියුම් ටයිප් කරන්න පුලුවන් ...වැඩ ඇරිලා ගියාම කම්මැලි ...බෝඩිමේ වැඩකුත් නෑ..ඔයා මට ඒවා දෙනවනම් කරලා දෙන්නම්...

අහ්හ් එහෙමද ආස? අද රෑ diner එකට ගෝල් ෆේස් යමු වස්තූ ඔයා එක්ක නිදහසේ ඉන්න ..ලියුම් විතරක් නෙවේ ජීවිතේම බෙදාගන්න...මගෙ ආදරේ කිවුවෙ නැත්තේ ඔයාට මගෙ වැඩ දිරවන් නැති වෙයි කියලා හිතලා..
ඔයාගෙ වැඩ නැත්නම් අද මන් මෙතන නෑ ..ඈ දොතොල සිපගෙන දිවුවා.....
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment