❤අපිටත් සොදුරු ලොවක්❤
"අනේ මෙි සමීර අයියෙ බෙල් ඔතන නවත්තන්ඩ එපා බං....බලනවකො උදේ පාන්දර දැක්කත් මුස්පේන්තුයි...."
"මොනව කරන්නද බං....අර ඩ්‍රයිවරයා කියන දෙයක් අහනවැයි....."
"අපෝ....අදත් නැග්ග අන්න අර මොංගලය....."
"ඇන්ටි...ඔය මොංගල් ඩබලත් අරගෙන වෙන බස් එකකට නගින්ඩකො.....මෙික අපේ සිසු සැරිය......"
ඒ හැමදාම උදේට කුලියාපිටිය කුරුණෑගල සිසු සැරියෙ ඇහෙන වචන ටිකක්.හැමදාම උදේටයි හවසටයි ඒ ලමයි දෙන්නත් එක්ක එයාලගෙ අම්ම අපේ සිසු සැරියෙ තමා යන්ඩ ආවෙි.කෙල පෙරාගෙන ඉන්න විකෘර්ති මුනක් තිබුන කමිසෙ කෙලවරෙ ත්‍රිකොණ හැඩෙිට නවපු ලෙන්සුවකුත් හැට්ට කට්ටකින් ගහපු වතුර බොතරෙ බෙල්ලෙ එල්ලාගෙන අමිමගෙ අතේ එල්ලිගෙන බස් එකට නගින ඒ ලමයි දෙන්නට අපේ සිසුසැරියෙ ගියපු කිසිම කෙනෙක් කැමති උනේ නැ....මොකද එයාල නැග්ගම එයාලට සීට් එකක් දෙන්න වෙන නිසත් උදේ පාන්දර සපත්තු දෙක පැගෙනවටත් කවුරුත් අකමැති උන නිසාමයි.එදා ඉස්කොලෙදි සිද්ධවෙච්ච දෙයක් නිසා තමා මට ඒ ළමයි එක්ක කතා කරන්න හිතුනෙ....
"තමුසෙලාගෙ පංතියෙ කවුද ප්‍රොජෙක්ට් එක දුන්නැත්තෙ......සේරමල මම තව සතියක් දෙනව එ් වෙනකොට ගෙනත් දුන්නෙ නැත්තන් මම ආය ගන්නැ...."
එදා සර් ඇවිල් අපට එහෙම කෑගහල ගියපු නිසාම මටත් හිතාගන්න බැරුව හිටියෙ මම මොකක්ද කරන්නෙ කියල.එ් වෙලාවෙදි තමා මට අපේ සිසු සැරියෙ ආව අර ලමයි දෙන්නව මතක් උනෙ....හැමොම පිලිකුල් කරත් මම එදා හවස ඒ ලමයි ගාවින් වාඩි උනා.......
"ඇන්ටි මගෙ උසස්පෙල කේවල ව්‍යපෘතියට මෙයාලවගෙ ලමයි ගැන කරන්න ඉන්නෙ.මෙයාලගෙ ඉස්කොලෙට ආවොත් විස්තර ටිකක් ගන්න පුලුවන්ද......"
"අනේ පුතේ....මෙයාල ගැන මොනව ලියන්නද....හා....එන්ඩකො එහෙනමි....මම ටීචර්ට කියන්නමි....."
ඒ මවගෙ මුහුනෙ තිබඅනෙ දුක්මුසු හැගිමක්.නෙතගින් රූරා වැටුනු කදුලු බිදුවක් හොරෙන්ම ලෙන්සුවෙන් පිහින ගමන් අර ලමයි දෙන්නගෙ ඔලුව අතගැවා.......
පහුවදා උදෙන්ම මම මගෙ කැමරාවත් පොඩි පොතකුත් අරගෙන ගියෙ අඩුමානසික තත්වයක් තියෙන විශේෂ අධ්‍යපන එකකයෙ ලමයින්ගෙ ඉස්කොලෙකට.ඒ යනකොටත් අපේ සිසු සැරියෙ අවා ලමයි දෙන්නත් එක පංතියක හිටියා.....
"එක්සියුස්මි මැඩම්....මම මෙි අර ඉසිකොලෙ A/L බයෝ කරන ලමයෙක්.මගෙ ප්‍රොජෙක්ට් එකට මම තොරගත්තෙ මෙි ලමයි ගැන ප්‍රොජෙක්ට් එකක් කරන්.ඒකට විස්තර ටිකක් ගන්කයි මම ආවෙි....."
"ආ....හරි පුතේ....අපට වඩා මෙි ලමයින්ගෙ දෙමාපියන්ගෙන්ම අහන්නකො....එයාල කියයි ඔයාට....."
****************************************************
මම මගෙ පොඩි පොතයි පෑනයි අරන් විස්තර අහනකොට කිව කතාවක් නිසා මගෙත් ඇස් අදහා ගන්න බැරි උනා.....
"වැඩක් නැ පුතේ මෙයාල ගැන ලියල....මගෙ නම් ලොකු ලොකඅ බලාපොරොත්තු නැ.....මගෙ ඇස් පියවෙන්න කලින් මෙි ලමයි දෙන්න මැරිල ගියොත් මට ඒ ඇති....."
කිසිම මවක් කිසිම දවසක නොකියන කතාවක් නිසාමයි මම තවත තවත් ප්‍රශ්න ඇහුවෙි.
"ඇන්ටි මම මෙහෙම ඇහුවට තරහ ගන්න එපා....අම්ම කෙනෙක්ට දරුවො සම්පතක්ලුනෙ....ඒත් ඇයි ඇන්ටිට මෙයාලව වදයක් වෙන්නෙ...."
"මෙයා දෙන්නම නිවුන්නු.මෙයාලට තව නංගි කෙනෙක් ඉන්නව.එයා හොද සාමාන්‍ය ලමයෙක්.මෙයාලගෙ තාත්ත මෙි ලමයි තුන්දෙනා පොඩිකාලෙදිම මැරිල ගියා.එදා ඉදන් මන් තනියම බලාගත්තෙ.මෙයාට ගමෙි මිනිස්සු විහිලු කරනව.සෙල්ලම් කරන්න ගියාම ගල් ගහනව.මොංගලයා,පිස්සා කියනව.බස් එකකට ගන්නෙ නැ...මෙයාලගෙ නංගි පොඩි කාලෙදි මෙයාලට ආදරෙන් හිටියට දැන් දැන් එයත් වෙනසිකම් කරනව......අවුරුදු 16ක්ම මොන්ටිසොරියකට එක්කගෙන ගියා.පස්සෙ එකෙ දෙමාපියො බැනපු නිසා තමා මෙි ඉස්කොලෙට ගෙනත් දැම්මෙි........එත් ඉතින්.....මම නැති දවසක කවුද මුන් දෙන්නව බලාගන්නෙ.කාගෙ කාගෙ හරි ගල් පාරවල් කයි.විහිලුවලට අහුවෙයි.එක එක විකාර කරයි.එකයි මුන් දෙන්න මට කලින් ඇහැපියාගන්නවට කැමති.නැත්තන් මට මැරුණත් සැන සිමක් නැනෙ පුතෙ......මෙික මගෙත් පව....."
එහෙම කියන ගමන් දිග සුසුමක් ඇ පිටකර ඒ ලමයි දෙන්න දිහා බලාන හිටියා.මගෙ අතේ කැමරාවක් තියනව දැකල එක ලමයෙක් ඇවිත් මට තට්ටු කරල.......
"හී.....ලාලු....පොතෝ...පොතෝ....ලාලු.....හී....හී......."
මොකක්ද කිවෙ කියල මට තේරුම් ගන්න බැරි නිසාම මම එයාලගෙ ගුරුතුමි දිහා බැලුව.....
"එයා ෆොටො ගන්නවට ආසයි....එකයි ඒ යාලු ෆොටො එකක් ගන්න කියල කිවෙි පුතේ...."
"ආහ්....එහෙමද....."
"හා...කො හිනාවෙන්නකො එහෙනමි...."
මම එහෙම කියනකොට සතුටෙ උඩ පැන පැන බෙල්ල ඇද කරගෙන හිටපු ඒ ලමයා අමාරුවෙන් බෙල්ලත් කෙලින් කරගෙන සිරුවෙන් හිටියෙ ෆොටෝ එකක් ගන්නකන්......ඒ ලමයගෙ ෆොටො එකක් ගත්ත කියල සතුටට එයාලට එදා වූල් නූල් වලින් ගොතන්න කියල දිපු ෆ්‍රෙන්ශිප් බෑන්ඩ් එකකකුත් මට දිලා මගෙ අතින් ඇදගෙන අනිත් යාලුවො ගාවට ගියා.....
"ෂිෂ....මශෙ ලාලු....පොතො...පාතො.....හී....ශොයි.....ලාලු ශිෂ......"
එයාලගෙ ටීටචටත් මාව අදුන්ල දුන්නෙ එයාගෙ අලුත් යාලුව කියලයි.මම කැමරාව පැත්තකින් තියල තවත් එක ලමයෙක්ගෙ අම්ම කෙනෙක්ගෙන් විස්තර අහනකොට අර ෆොටො ගන්න කියපු ලමයා එයාගෙ යාලුවොන්වත් එක්කගෙන ඇවිත් මාව පෙන්න පෙන්න එයාගෙ යාලුවෙක් කිවා....මම විස්තර අහපු හැම දෙමව්පියෙක්ම මට කිවෙි.....
"අනේ පුතේ මෙිවා අපේ කරුම.....පාරක යන්න බැ.....මිනිස්සු බනිනව....පිස්සා මොංගලයා මන්දබුද්ධිකයා කියනව.බස් වල යනකොට සමහරු විහිලු කරනව.ඉක්මනට මැරිල ගියානම් අපි නිදහස්.මෙි කරුම ගෙවන්න වෙන්නැ.....මගෙ දරුවගෙ පපුවෙ සිදුරක්ලු එකලු කතා කරන්න බැරි.ඩොක්ටල කිවෙි සති දෙකෙන් විතර මැරෙයි කියල.ඒත් තවම ජිවත් වෙනව.දැන් අවුරුදු 20ක්.ඉක්මනටම මැරෙනවනමි ඒක අපට ලොකු සැනසිමක්.මෙතන ඉන්න හැම දෙමව්පියෙක්ම බලන් ඉන්නෙ තමන්ගෙ දරුව තමන්ට කලින් මැරිල යනකන්.කිසිම අම්මෙක් නොපතන දෙයක් තමා අපි පතන්නෙ.මෙි ලමයින්ට සමාජෙට යන්න දෙන්නැ....මිනිස්සු කොන්කරනවනෙ.ගල් ගහනව,වද දෙනව.අපි නැති දවසක මුන් කොහොම ජිවත් වෙන්නද පුතෙ....."
ඒ හැම දෙමාපියෙක්ගෙම කතාකරනකොට නෙතගින් කදුලුබිදු රෑරා වැටුනා......මම එතනින් එන්න හදනකොටත් එතන හිටපු ලමයි සේරම බලාන හිටියෙ හරිම අහිංසක විදිහකට......මගෙ ලග තිබුන සල්ලි වලින් මම කඩෙන් රු.5 චොක්ලට් අරගෙන හැමොටම බෙදුව.ඒ බෙදන වෙලාවෙදි සමහරු....
"තැතු......."
"ලාලු....ලාලු.....තැතු......හි....හි.."
"මශි...මශි....ලාලු...මශි තැ...."
ඒ වෙලාවෙදි දැකපු එක දෙයක් නිසා මටත් දුක හිතුනා.අර අපේ සිසු සැරියෙ ආව ලමයි දෙන්නට චොක්ලට් දිපු ගමන්ම එයාල දෙන්නම දිවෙ එයලෙගෙ අම්ම ගාවට.අමිම ගාවට ගිහින් අම්මට එකක් දිලා ඒ දෙන්නම එකක් දෙකට කඩාගෙන කෑවා.......එයාලට ඒ දුන්න පුංචි දේනුත් සතුටු වෙන හැටි බලාන ඉදල මම ගෙදර ආවෙි......
****************************************************
(මාස 03කට පසු)
මගේ උපන් දිනය දවසත් එලබුනා.මට යාලුවොන්ට එන්න කියල එයාල කෑම බිම දිල සංග්‍රහ කරන්න හිතුනත් මගෙ පර්ස් එකේ තිබුන ෆ්‍රෙන්ඩ්ශිප් බෑන්ඩ් එක දැක්කම මට මතක් උනේ මගෙ අලුත් යායුවවයි.එයාලගෙ ඉස්කොලෙ ලමයින්ට දවල්ට කෑම වෙලකුත් අම්මට කියල උයාගෙන සෙල්ලම් බඩු ටිකකුත් අරගෙන එදා මගෙ පම්සෙන් පොතො පොතො කිය කියා ආව කෙනාට සෙල්ලම් කැමරාවකුත් අරන් මම ගියත් එදා ඒ ලමයි දෙන්ගෙන් හිටියෙ එක්කෙනයි......
"ඇන්ටි කො අර මගෙ යාලුව....."
"එයා නැති උනා පුතෙ.....දැන් සති දෙකක් විතර ඇති.ඩොක්ටල කිවෙි මෙයත් තව සතියකින් විතර මැරෙයි කියල....."
ඒ වචන ටික ඇහෙනකොටත් මට දුකක් දැනුනත් ඒ ලමයින්ගෙ අම්ම එක කිවෙි තරමක් සතුටකින්.මොකද ඒ හැම මවගෙ පැතුම වෙලා තිබුනෙ තමන්ට කලින් දරුවො දෙන්න මැරෙන එක.මොකද එයා මැරුනට පසිසෙ ඒ ලමයින්ට අත්වෙන ඉරනම නිසාමයි.....
*ලියන්නෙ : දුෂාන්
#සත්‍ය සිදුවිමක් නම් ගම් මනඃකල්පිතයි#
*පොත් මෙිසේ උඩ තිබුන අඩුමානසික තත්වයක් ඇති දරුවන්ගෙ අධ්‍යපනික සංවර්ධනය කියන මගෙ A/L ප්‍රොජෙක්ට් එක දැක්කට පස්සෙ එක ගැන ලියන් හිතුනා.කවදාවත් අඩු මානසික තත්වයක් තියෙන කෙනෙක්ට විහිලුවට ගන්න එපා.මොකද එකෙන් එයාල විතරක් නෙවෙි එයාලගෙ දෙමාපියොත් විදවනව.පුලුවන් නම් ඒ වගෙ කෙනෙක්ට පුංචි රුපියගෙ ටොෆියක්වත් දෙන්න.එකෙනුත් එයාල ගොඩක් ලොකු සතුටක් ලබනව.අපට මහගොඩක් දේවල් කරන්න ඕන නෑ....අපි කරන පුංචි දේකින් එයාල ලොකු සතුටක් ලබනව.එයාලගෙ ජිවිතේ ආයුෂ අඩුයි.ඒ නිසා ඒ වගෙ කට්ටියව සතුටින් තියන්න උත්සාහ කරන්න.අද ගොඩ දෙනෙක් ඒ වගෙ අඩුමානසික තත්ව තියෙන අයව විහිලුවට ගන්නව.එකෙන් කරන්න හදන්නෙ තමන්ගෙ මානසික මට්ට සමාජෙට පෙන්නන්න හදන එක.පුලුවන් විදිහකට ඒ වගෙ අය සතුටින් තියන්න උත්සහ කරන්න.#
උපුටා ගැනීමකි
No comments:
Post a Comment