“ලා....ලල ලා..ලල ලා..ලල ලා....
යන්න රට වටේ
එන්න මා ප්‍රියේ
ලස්සන ශ්‍රී ලංකාවේ..
ලා.....ලල..ලා...ලල..ලලා....”
ඔලුව විතරක් නෙවේ අතපය හතරම එලියේ දාගෙන ඇගෙන් භාගයකුත් එළියේ දාගෙන සිංදු කිය කිය තාලෙට අත්පුඩි ගහ ගහ අපි මේ යන්නේ නුවරඑළියේ...හම්මේ......ඉටිං දන්න සේරම මායම් කැටයම් දාලා අම්මගෙන් කැමැත්ත ගත්තේ සති ගාණක් නාහෙන් අඩලයි..ගෙදර එකම ලමයා වුනාමත් හලි කලඩලේ අෆ්ෆා...අම්මටත් උම්මා කෝටියක් දීලා තාත්තටත් උම්මා වරුසාවක් දීලා හා.....හා පුරා කියලා පාන්දරම ගෙදරින් ආවේ රෑ වෙන්න කලින් නුවරඑළියට යන්නයි..
“ඒ බං ෂානියෝ තව ඩිංගක් ගියොත් උබ දඩිං බිඩිං ඩෝං බිම පතබෑරියන් හොදේ..”
මලළසේකරයි රංජිනියෝ කියලා ඇත්ත නේන්නම් කකුල් දෙක විතරයි ඇතුලේ.....ආ....පූ සකූගේ සද්දෙට කාර් එකේ ඉදපු සේරම අංශක 120ට ඔලු ගෙඩි ටික හැරෙව්ව කැත...විලිලැජ්ජයි පිංවතුනේ...
“ගිහින් දාපන් ලංකාදීපේ....නෙද්දකිං බෝර කටී..”
ආ...කියන්න බැරි වුනානේ මගේ නම රොෂානි...රොෂානි නිකේෂලා..ඒ කෑ ගහපු පිත්තල පඩික්කන් කටී තමා සකූ නොහොත් සකුණි නෙතුපමා..ඉවර නෑ තව ඉන්නවා අශී නොහොත් අශිනි සදූ නොහොත් සදුනි යන කිබුලියන් දෙන්නෙක් ඇතුලු අපි සිව්වනක් පිරිස තමා මේ නුවරඑළි යන්නේ...මාස ගානක ප්ලෑනක ප්‍රථිපලයක් තමා අද මේ යන ට්‍රිප් එක..අද අපි නවතින්නේ අපේ අතිජාත සුකෝමළ මලකෝලං බොක්ක නොහොත් කාංචනාලාගේ ගෙස්ට් හවුස් එකේ..නුවරඑළියේ ටිකක් ඈතට වෙන්න කදු වලින් වට වෙලා තියෙන ඒ ගෙස්ට් හවුස් එක ඇත්තටම හරිම ලස්සන තැනක්..ඒ වාටේට තියෙන මල් වගාවත් පළතුරු වගාවත් රාෆ්ටින් හා කදු නගින්න තියෙන නිසා ඇත්තටම හැමෝම අතරේ හරිම ජනප්‍රිය විශේෂයෙන් තරුණයන් අතර ජනප්‍රිය තැනක්...හී....අපි මේ යන්නේ එහේලු ඉටිං..
“බුදාම්මෝ....ඇති යන්තම් උබලා ආවා..කීයේ ඉදන්ද මේ අපි බලන් ඉන්නේ...”
ඒම කියාගෙන කාංචනා අපේ කරේ එල්ලුණා..රෑ අට විතර වෙනකොට අපි නුවරඑළියට ආවා..
කාමර දෙකකට වෙන් වුන අපි උදේ වෙනකම් මැරුවා සේ නින්ද ගියේ ගමන් මහන්සිය නිසයි..උදේ මම ඇහැරෙනකොට උදේ නවයත් පහු වෙලා..කාමරේ ජනේලේ ගාවට ගිය මං ජනෙල් රෙදි අයින් කරපු මම දැක්කේ ඉර එළිය ලස්සනට වැටුන කදු යායයි..රෝස මල් පාත්තී යාය දිහා ආසාවෙන් බලන් ඉදපු මං කාමරෙන් එළියට ආවේ අපේ කච කච නංගිලාගේ කිසිම සද්දයක් නැති නිසයි..කාමර දෙකටම ගියත් මුං උස්සන් ගියා වගේ නෑ අප්පා...යකූ මුංව කවුරු හරි කුදලන් ගියාද අප්පා..කියලවත් කර ගන්න බැරි දෙයක් අප්පා..නත්තල් තෑගි හම්බුනා වගේ...තෑම්ස් නත්තල් පප්පේ..
ඔලුවත් කහ කහ පහලට බැස්සේ ෂුවර් එකටම මුං උදේ කෑම දෙසනවා ඇති කියලා හිතාගෙනයි..යකූ මුං නෑනේ හත්තිලව්වේ.....ෂුවර් නාට්ටාමියෙක් උස්සලා මුංව..අහක බලාගෙන ස්විමින් පූල් එක ගාවින් ගිය මාව ලගින් ගිය කෙනෙක්ගේ ඇගේ වැදිලා කැරකිලා ගියේ වැදුන පාරටයි..ස්විමින් පූල් එකට වැටෙන්න ගිය මාව ස්විමින් පූල් එකට නොවැටී ඉන්නේ එයා මාව අතින් අල්ලන් ඉන්න නිසයි...ඇයි යකූ මොන හෝතම්බුවාද යකූ උදේ පාන්දර අත පය හතර හතර වටේටම වන වන ගියාට මදිවට මගේ කොණ්ද අතට ගලවලා දෙන්න හදන උගුඩුවා..කේන්තියෙන් රතු වුන මූණෙන් මං ඒ මූණ දිහා බැලුවේ මාව ඇදලා ගන්නවද නැත්නම් දවසම මේම ස්විමින් පූල් එකට ඇල කරවගෙන ඉන්නවද කියලා බලන්නයි.....
මාව එක පාරටම ගැස්සිලා ගියේ ඒ පිරිමි ඇස් දෙක මං දිහාම බලන් හිටිය විදියටයි..කවදාවත් පිරිමියෙක් ගැන කවදාවත් නොදැනුන මට ඒ ඇස්දෙක මහ අමුතු විදියට දැනුනා..තත්පර ගානක් ගෙවුණි..යකූ මූ මගේ කොන්ද ගලවන්න හදනවද යකූ..කපටි හිනාවක් දාපූ එයා මාව ස්වීමින් පූල් එකට තල්ලු කරලා දැම්මා..කෑ ගහගෙන ස්වීම් පූල් එකට වැටුනු මම සීතලම සීතල වතුරෙන් නෑවිලා ෆ්‍රිජ් එකට දැම්මා වගේ වුනා..
“පොල් මී හරක් දන්ඩා...අඩු කඩනවා මං අතේ අරන් යන්න.”
“ඊට කලින් පුංචි නෝනා ස්විමින් පූල් එකෙන් එළියට එන්නකෝ..”
ඒත් එක්කම හිකි හිකි හිනා හඩක් ආපු පැත්ත මං බැලුවා...නෙදකින් අපාය සහයිකාවෝ..මුං බලන් ඉදලා...අම්මපා මූං මටම හරි ගිය රට වැස්සියෝ ටිකක්..චික්..හිටපන්කූ මං ගොඩට එනකම්...තොපිලා මරන් කනවා මං..හිනා වෙවී ආපු සදුනි අත දී මාව ඇදලා ගත්තා ස්විමින් පූල් එකෙන් ගොඩට..ඒ බං මාර ලස්සන හැංඩියෙක් නේද...පිස්සු හැදෙනෝ අප්පා...මුංට අර හිපාටුවා ඒ තරම් ගතිද....එක්කෝ මුංට පිස්සු.....නැත්කම් මුං එක්ක ඉන්න මට පයිත්තියන්.....දැන් මාලුවෙක් ගොඩ දැම්මා වගේ ගඩ ගඩ ගාලා මාව වෙව්ලන්න ගත්තා...අර අහංකාර බක පණ්ඩිතයගේ මුලු නෑදෑ සංහතියටම දෙස් තිය තිය කාමරයට ආපු මම නාගෙන උදේටත් කාලා යාලුවෝ කට්ටියත් එක්ක ඇවිදින්න ගියේ මේ ලස්සන වට පිටාවට ඒ තරම්ම ආස කල නිසයි..සෙල්ෆි මේනියාවේ සහලෝලා තිබුන මම හතර වටේටම කැරකි කැරකි සෙල්ෆි ගත්තා..රෝස මල් යායක් මැද්දේ ඒ මල් දිහා පිස්සුවෙන් වගේ රෝස මලක් ඉබින්න ගිය මම ගැස්සිලා ගියේ මගේ මූණට වැදුන කැමරා ෆ්ලෑෂර් එකක එළියෙන්..ඔලුව උස්සලා බලපු මම දැක්කේ මගේ ෆොටෝ ගන්න අර ආම්බරකාර උලම් පැටියා..
“මොකද මගේ ෆොටෝ ගන්නේ ආ...”
“කවුද ඔයාගේ ෆොටෝ ගත්තේ...මං ගත්තේ මේ මල් යාය් ෆෝටෝ..ඔයත් හිටියද..”
අම්මපා මූ යකූ වැරැද්ද කරලා මෙතන තව කියවනවා...හිටපිය තොට මම දෙන්නම් ගෙදර දුවන්නම..අතේ පයේ වීරිය අරන් දෙනවා අද රම්පෙට පොරි පොප්කෝන් වෙන්න..
“නෑ....මගේ ලොකු අම්මා හිටියේ මෙතන..ලොකු අම්මා මෙච්චයිනේ පේන් නැති වෙන්න පොල් රිටක් වගේ ඉන්න මේ සද්ධන්ත පුත්තරයා..හහ්”
“නෑ.....ඇත්තටම ඹයාට ලස්සවන දුවෙක් ඇති නේද”
මං හිතුවා හරී මූට පයිත්තියන්...පීඩියා ප්‍රෝ එකක් දෙන්න ඕනි මූට..
“මට..”
“ඇයි මොන්ටිසෝරී එක්කන් යන්නද”
“නෑ....මට බැදගන්න”
“ඊ......යා...බාල අපරාද මෙව්වා..”
“පිස්සුද මෝඩියේ...ලොකු අම්මා මේම ලස්සනනම් දූ පොඩ්ඩත් ලස්සන ඇතිනේ..”
“හී......මං හිතුවේ මොලේ විතරයි හොද නැත්තේ කියලා..බලනකොට ඇස් පේන්නෙත් නෑනේ..”
“ඇයි මොකක්ද මං කිව්ව ඇස් නොපෙනෙන දේ..”
“මං ලස්සන නෑනේ..සුදුත් නෑ..”
“මුණේ මැටි පාට විතරක් නෙවේ මොලෙත් මේකිගේ මැටි අප්පා..”
“හෑ...අද මොකද දත් නැතුව බත් කන්න ආසද..??” “ඇයි මැට්ටියේ..සුදු ලස්සනද..සුදු කියන්නේ පාටක් මැට්ටියේ..ලස්සන කියන්නේ සුද නෙවේ..ඒනම් පට්ට ගහපු කිකිළියෙකුත් ලස්සනයිනේ...පට්ට සුදුනේ...”
“හී.....කෝමත් ගැලපෙනෝ...”
“කාවද..??”
“පට්ට ගහපු කිකිළියෙක්...”
“හචිස්...හචිස්..හචිස්..”
“ආ.....අවුරුදු ගාණකින් එක්කෙනෙක් නාලා කුණු ගිහින්ලූ....වෙනදා බෘමැන්ඩල් ගේ දොරකඩ වගේ ඇති නේහ්”
“අම්මපා....මගේ ඇගේ මාලු ගගේ නටනවා දැන්නම්...”
මං ගස්සගෙන ආවා එන්න...
“ඒ..ඒ... කොච්චි කරල..”
අඩි කිහිපයක් ඇවිදින් ආපු මං මූණ තරහෙන් පුරවන් හැරිලා බැලුවා.
“අරින් එකෙක් අල්ලා තියන්න හොදේ”
“මොකෙක්ද..??”
“අර නටනවා කියපු මාලුවා...මං පීනන මාලු විතරයි දැකලා තියෙන්නේ..නටන මාලු දැකලා නෑනේ..”
ගස්සලා අහක බලා ගත්ත මං ආවේ තරහෙන් පුපුරමින්..
යාලුවෝ එක්ක තවත් ඇවිදලා ගෙස්ට් කලුවර වැටීගෙන එනකොටයි..ඇගට අමාරු ගතියක් දැනුන නිසාත් සීතල ගතියත් නිසාත් බෙඩ්ෂීට් එක ඇතුලේ ගුලි වුන මම ඇහැරුනේ සකූගේ සද්දයටයි..තදින්ම උණ ගැනිලා මම වෙව්ලන බව දන්නේ එතකොටයි මම...ඕඩිකොලෝන් ප්ලාස්ටර් නළලට දාලා මගේ ඔලුව අත ගාමින් ලගටම වෙලා ඉන්න සකූ දැක්ක මට දැනුනේ පුදුම ආදරයක්...එන්න එන්න උණ වැඩි වෙන්න ගත්ත අතර කවුරු හරි ඇගට අත තියලා උණ බලන බවක් හීනයෙන් වගේ දැනුනත් උණ වැඩිකමට සිහිය නැති වෙලා තියෙන බව දන්නේ පහුවෙනිදා උදෑසන ඇහැරුනාමයි..
ඇහැරිලා වට පිට බලපු මට දැනුනේ මේ ගෙස්ට් හවුස් එක නෙවේ කියලයි..හිතුනා හරි මං ඉන්නේ ඉස්පිරිතාලයක..වටපිට බලපු මම අන්දුන් කුන්දුන් වෙලා හිටියේ උන දේ හිතා ගන්න බැරිවයි..ඒත් එක්කම කාමරය ඇතුලට ආවේ සකූලා..බෑග් මලු අතින් කටින් එල්ලන් එන සකූ දැකපු මා හිනා ගියේ මං සදහටම නවතින්න ආපු විදිටයි.. මොකද උබ හිනාවෙන්නේ...??”
“නෑ බං..ගෙදර තිබ්බ සේරම ඇදුම් උස්සන් එනවා දැකයි හිනා ගියේ මට..ගෙදර ටොමියත් ගෙනත් ගැට ගහපන් මෙතනින්……. අපරාදේ බං සකු අපේ ට්‍රිප් එක...”
“උබ අප්සට් ගන්න එපා බං උබට ඉක්මනට සනීප වෙයි බං..”
“හැබැයි බං දොස්තරව දැක්කාම මෙයාගේ ලෙඩ වැඩි වෙයිද දන් නෑ බං..”
ඒත් එක්කම තේ එකක හදලා මගේ අතට දෙන ගමන් සදූ කිව්වා..යකූ මුං මොන අන්ඩරදෙමළයක් කියවනවද මංදා රට පැටලෙනෝ..එක්කෝ මුංට සහලෝලා උණ..ඒ ගැන හිත හිත තේ එක අතට ගත්ත මගේ මෙන්ම අපි හැමෝගෙම ඇස් ගියේ මං ඉදපු රෝහල් කාමරයට ඇතුලු වුන රුව දිහාටයි...බිබී හිටිය තේ එක පවා ඉස්මොල්ලේ යන්න ආවේ දැකපු රූපේ නිසයි...
මාව ස්වීමින් පූල් එකට තල්ලු කල අර පණ්ඩිත කොල්ලා...වෙද නලාවයි සුදු කෝට් එකයි දාන් හිටිය ඒ රූපේ දැකපු මම ගල් ගැහුනේ එයා ඒ තරම්ම හැන්ඩ්සම් නිසයි..
“කෝමද පූල් එකේ බල්ටි ගහපු කෙල්ලට දැන්…?”
මු යකූ....මේ වෙලේට තමා හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න දෙන්න හිතෙන්නේ...
“මමයෑ....ඩොක්ටර්නේ මාව තල්ලු කලේ..”
මං එක්ක ඉදපු යාලුවෝ ටික හවසට එන්නම් කියමින් ගෙදර ගියෙත් අර බක පණ්ඩිතයා මං ලගට ඇවිත් නළලට අත තියලා බැලුවෙත් එකම වෙලාවටයි..
“තව උණ තියෙනවා පණ්ඩිත ආච්චිට..ආ..පු වතුර ටිකක් ගෑවුන ගමන් හෝ ගාලා උණ ගන්නවා...”
“අනේ...මේ ඒම නෑ හොදේ...මෙහේ වතුර සීතල වැඩී මට ඒකයි වුනේ ඩොක්ටර්..”
මොනා වුනත් ගරු කරලා කතා කරන්න එපැයි.මට පිටිගැස්ම හැදිලා වල කජ්ජ ගහන්න බෙහෙතක් දුන්නොත් එම ...මූව ෂුවර් නෑ මට සත පහකට...
“මට ඩොක්ටර් කියන්න එපා..මගේ නම සදීප...සදීප තේජාන් වික්‍රමසේකර..”
“හා ඩොක්ටර්...”
“ඔය ඉතින්...”
“හී...”
ඕම දවස් දෙකක් ගෙවී ගිය අතර මට හොදටම සුව වී ට්‍රිප් එකත් අවසන් කරලා ගෙදර ඇවිත් පහුවෙනිදා මගේ කොම්පියුටර් කෝස් එකට ගිහින් ඇවිත් නාගෙන මහන්සියට ඇදට ආව ගමන් මගේ ෆෝන් එකට මරසේජ් එකක් ආවා..
“Hi..”
“Hii.. kawd me? ”
“Aduranna puluwanda? ”
“Bane..”
“Aiyyoooo.. wedak ne ehenam.”
“Anee.. kiyannako kawd me..? “
“Man sadeepa..”
“ Aneee…sry…komada aiyye..”
“Man hodin kella,oyata kohomada”
“Mth hodin aiyye..itin komada wistara”
ඕම කතා කරන්න ගත්ත අපි මිතුරන් වුනා..ගොඩක් විස්තර කතා කල අපි නතා නොකර ඉන්න බැරි වුනා..අම්මා ගුරුවරියක් වුන අතර තාත්තා තමන්ගේ බිස්නස් බලාගත්ත අතර සදීපට තවත් අයියා කෙනෙක් හිටියා..අයියා මැරි කරලා ඉන්නේ...මගේ පවුලේ විස්තරත් දැන ගත්ත සදීප අයියලාගේ ගෙදර අය අපේ ගෙදර යන්න එන්න පවා ගත්තා..අපේ අම්මලා තාත්තලා හොදම මිතුරන් වුනා..හරිම සතුටින් කාලය ගතකලේ...හැමදේම කතා කල අපි ආදරය කියන දේ ඇරෙන්න අනිත් හැමදේම කතා කලා..මටත් හොරා මම සදීප අයියට ආදරය කරන්න ගත්තේ ස්විමින් පූල් එකේ මාව වට්ටපු දවසෙමයි..ඒත් සදීප අයියා ආදරය ඇරෙන්න අනිත් හැම දේම කතා කලා...දවසක් සදීප අයියා අපේ ගෙදර ආපු දවසක අපේ තාත්තා සදීප අයියගෙන් අපි හැමෝම ඉස්සරහම ඇහුවේ “පුතා...දැන් බදින වයසත් හරි නේද..?”
“ඔව් අංකල්....ඒත් අම්මලා හොයලා දෙන කෙනෙක් තමයි ඉතිං..”
“හ්ම්...පුතාගේ හිතේ කවුරුවත් නැද්ද ඉතිං..”
“අනේ නෑ අංකල්..ඒම හිටියත් ඉතිං වැඩක් නෑනේ අම්මලාට පිටින් යන් නෑ මං..”
සදීප අයියා ගියාට පස්සේ අම්මයි තාත්තයි කතා වෙකවා ඇහුනේ මෙච්චර දවසක් ටම් ගෙදරට ආවේ මං හිතුවේ අපේ දුව ගැන අදහසින් කියලයි මං හිතුවේ..ඒත් ඒත ඒම නෙවේ..අපේ කෙල්ලත් අපිට පිටින් යන් නෑනේ..මගේ යාලුවගේ බාල පුතාට අපේ දුව අහලා තිබ්බා..කොල්ලත් හොදට ඉගෙන ගත්ත කොල්ලා..අපිට ගැලපෙනවා...
අම්මා කාමරයට ඇවිත් කියලා ගියේ අනිද්දා තාත්තාගේ යාලුයගේ පුතාට මාව බලන්න එන බවයි..හිතේ ඇතිවුන ආදරය හිත ඇතුලෙම වල දාන්න වුන එක ගැනත් සදීප අයියාට මං කොයිතරම් ආදරය කරත් එයා මට කවදාවත් ආදරය කරලා නැති බව දැනගත්තට පස්සේ මෙලොව එළිය නොදුටු කළලයක් මෙන් මගේ ආදරය හිත ඇතුලෙම මැරිලා යන බව දැනගත්තට පස්සේ දරා ගත නොහැකි වේදනාවෙන් කරන්න පුලුවන් වුන එකම දේ අඩන එක විතරයි..මාව බලන්න කෙනෙක් එන බව දැන ගත්ත සදීප අයියා අපේ ගෙදර ඇවිත්
“ෂානි ඇත්තද මේ කතාව”
“මොන කතාවද”
“හෙට ඔයාව බලන්න එනවා කියන එක..?”
“ඔව්”
“ඉතිං ඌට කැමතිද”
“අම්මලා තාත්තාලා ළමයින්ට වැරදි දෙයක් කරන් නෑනේ..එයාලා ගන්නේ හරිම තීරණ..”
සදීප අයියගේ වචන වලින්ම මම සදීප අයියට දමලා ගැහුවා.. කේන්තියෙන් නැගිට්ට සදිප අයියා මගේ මූණවත් නොබල තරහෙන් යන්න ගියා
ඇයි ඒ කියලා නොදන්න මට කල හැකි වුයේ අඩන එක පමණි..දෛවය මේකනමි ඒක වෙනස් කරන්න කාටවත් බැරි බව හිතමින් හිත හදා ගන්න දැඩි වෙහෙසක් ගත්තේ කොට්ටයට කදුලු දිය කර හරිමින්ය.පසුවෙනිදා මං නැගිට්ටේ කම්පියුටර් ක්ලාස් යන්න හිතාගෙනයි..බස් එකෙන් බැහැලා ක්ලාස් එකට ඇවිදන් යනකොට මට කෝල් එකක් ආවා..*** සදීප අයියගෙන්
“හෙලෝ”
“කොහේද ඉන්නේ”
“මං අයියේ ක්ලාස් එකට යන ගමන්..”
“හ්ම්..මං එනවා ඔතනම ඉන්න”
“හා.”
ෆෝන් එක කට් කල සදීප අයියා විනාඩි දහයෙන් මං ගාවට ඇවිත් කාර් එක නැවැත්තලා නගින්න කිව්ව අතර මං කාර් එකට නැගලා සදීප අයියා වේගයෙන් කාර් එක අරන් ගියේ වැඩිය කවුරුත් නොයන සෙනග අඩු පාරක කාර් එක නැවැත්තූ සදීප අයියා මං දිහාට හැරිලා ඇහුවේ
“ඌව බදිනවද..?”
“අම්මලා මට ලමයින්ට වැරදි දෙයක් කරන් නෑනේ..”
සදීප අයියගේ වචන වලින්ම දමලා ගැහුවේ එයාට රිදෙන්නමයි..
“ඌට ආදරෙයිද..?”
සදීප අයියට රිද්දන්න ඕනි නිසාම “ඔව්” කියලා කිව්වා
වේගයෙන් මං දිහාට හැරුන සදීප අයියා කේන්තියෙන් ආයෙම කියනවා බලන්න..
“ඔව් මං ආදරෙයි...”
හිතා ගත්ත බැරි වේගයෙන් චටාස් ගාලා වැදුන කම්මුල් පාරට ඇස් නිලංකාර වෙලා ගියා..කම්මුල පුපුරු ගහනවා දැනුනි. අඩාගෙනම වාහනයෙන් බහින්න ගිය මගේ අතින් අල්ලගත් සදීප අයියා “ඇයි රත්තරනේ මට ආදරේ නැද්ද කෙල්ලේ..මගේ ආදරේ උබට මදිද රත්තරං..”
ඇස් වල කදුලු පුරවන් මගෙන් ඇහුව සදීප අයියා මං ලෝකේ වැඩියෙන්ම අහන්න කැමති දේ ඇහුවා.
“අඩ අඩම ඔයා නරකයි සදීප අයියේ...ඇයි ඒක අහන්න මෙච්චර කල් ගියේ..”
“ඒ කිව්වේ මැණික”
“මං ආදරෙයි ඒත් ඒ අරයට නෙවෙයි”
“එහෙනම්..?”
“ඒ ඔයාට මගේ අයියේ..පණ වගේ ආදාරයි...මං ආදරේ කලේ එදා මාව ස්විමින් පූල් එකට තල්ලු තරපු දවසෙමයි..”
“මගේ පිස්සු කෙල්ල ඇයි රත්තරනේ ඒත නොකිව්වේ..?”
“මං බලන් හිටියේ ඔයා කියනකම්”
“මගේ කෙල්ල....ආදරෙයි රත්තරනේ..”
මාව තුරුලට ගත්ත සදීප අයියා මගේ දෙතොල් සිප ගෙන තුරුලු කර ගත්තේ හරිම ආදරයෙන්..
කම්මුලේ ඇගිලි පහම හිටිලා..මෙහාට වරෙන් අතගාන්න..උබට වඩා මට රිදෙනවා මේ පාර... කම්මුල ආදරයෙන් සිප ගත් ඔහු හරි ආදරයෙන් මාව තුරුල් කර ගත්තේ රටක් රාජ්ජයක් ලැබුන සේය..
-------------------------------------------------------------------------------------------------------------------------------
තමන් කෙනෙක්ට ආදරෙයිනම් ඒ ඇදරය ඇයට/ඔහුට කියන්න..සමහර විට ඔවුන් වෙන කෙනෙකුන් රැගෙන යාවී..එදට ඔබට දරා ගත නොහැකි වේදනාවක් වේවී...ඒ නිසා ඔබේ ආදරය ප්‍රමාද නොවී පවසන්න..
***********ෂානි***************
උපුටා ගැනීමකි
No comments:
Post a Comment