කෙටි කතාව
මියෙනා තුරා
"දසුන්, පරක්කුයී... එන්නකො අනේ"
"තමුසෙගෙ ඔරලෝසුවේ වෙලාව වැඩ කරන්නෙ පැයකට කලින්ද බං, තාම 6.15යි යකෝ"
දසුන්ගේ කතාවට මට යකා නැග්ගෙ නෑ කිව්වොත් බොරු,මම එහෙම්මම කඩුල්ල පැනල දසුන්ලගෙ ගෙදරට ගියා.
"තාම ලෑස්ති වෙලා නැද්ද ඒ කියන්නෙ,"
ශෝට පිටින් නිදි මරගාතෙ දොර ඇරිය දසුන්ව දැකල මම උඩ ගියා. ඇයි දෙයියනේ අද උදේ 6.30ට ෆිසික්ස් පංතියක් දැම්මනෙ ඉස්කෝලේ. මේ යකාට ඒක අමතක වෙලා.
"මාල නැන්දේ... මේ.... අහ්"
දසුන්ගෙ අම්මට කතා කලා විතරයි දසුන් මගෙ කට වැහුව
"විනාඩි 10ක් දියන්, මම එනවා. අම්ම ගහයි යකෝ මට උදේ පාන්දර
අහ්හ් හංසි මේ පොත් ටික අස් කරනවකෝ. මෙන්න බෑග් එක "
කෝමින් කෝමහරි දසුන්ගෙ පොත් ටිකත් අස් කරගෙන දසුන්වත් ඇදගෙන ඉස්කෝලෙට එනකොට 6.35යි.
දසුන් මගෙ යාලුවා. හොඳම යාලුවා. අපේ ගෙවල් එක ලඟ. අපි ඉස්කෝලෙ ගියේ එකට. ඉස්කෝලෙ පටන් ගන්න පැය කාලක් තියල තමයි අපි යන්නේ. ඒ තරම් ඉස්කෝලෙ ලඟයි.
අපේ අම්මල ගොඩාක් හිතවත්, අපි දෙන්නගෙම තාත්තල නෑ. මම පොඩි කාලෙම තාත්ත අපිව දාල ගිහින්. දසුන්ගෙ තාත්ත නම් නැති උනා.අපි සාමාන්‍ය පෙල කරද්දි. සාමාන්‍ය පෙල කරන කාලෙ ඉඳල තමයි අපේ යාලුකම වැඩි උනේ. දසුන් පාඩම් කරේ අපේ ගෙදර ඉඳලා. දෙන්නම උසස් පෙලට ගණිත අංශය තෝරගත්තා.
අපි දෙන්නා රණ්ඩු වෙනවා. ගහගන්න වෙලාවලුත් තියනවා.ඇත්තටම දසුන් මට අයිය කෙනෙක් වගේ.වෙලාවකට තාත්ත වගෙ. ඒ තරමට මාව පරිස්සම් කරනවා.එයාට හොඳට ගනන් හදන්න පුලුවන්බොහෝ දුරට මට පාඩම් කියල දෙන්නෙ එයා.
ඉන්ටවල් එකේදි මම කවීශා එක්ක කැන්ටිම ගාව ඉද්දි දසුන් දුවගෙන ආව.
“හංසියෝ. අනේ පොඩි උදව්වක් කරනවකෝ..”
“ඒපාර මොකෝ”
“නෑ හංසි, මේ ආර්ට් සෙක්ශන් එකට අලුතෙන් කෙල්ලෙක් ඇවිත්. විහාරා කියලා”
“හරි ඉතින් “
‘’නෑ මේකයි. ඔයාගෙ යාලුව ඉන්නෙත් ආර්ට් එකේ නේද?”
“දසුන්, ඔයා දැං යන්න.මම විහාරාට ඔයා ගැන කියන්නම්, හැබැයි ඒ එයා කැමති උනොත් විතරයි”
“ගොඩ ගොඩ. මම දන්නවනේ සුදූ ඔයා මට ඕනි උදව්වක් කරනව කියලා, “
“ හා හා බටර් එපා. යනව පංතියට. ඉන්ටවල් ඉවරයි.”
එතනින් එහාට මට කිසිම පාඩම් වැඩක් හරියට කරගන්න බැරි උනා
මොකද්ද දෙවියනේ මේ වෙන්නේ. දසුන් කෙල්ලෙක් ගැන ඇහුව විතරයි මම අවුල් වෙන්නෙ ඇයි.....
සතියක් ගෙවුනා. පුරුදු විදියටම. ඒ අතර මම විහාරගෙන් ඇහුවා. එයා දසුන්ට කැමති බව තේරුනා.
"හංසියෝ, ඔහොම ඉන්නව මම එනකල්"
එදා මම ඉස්කෝලෙ ඇරිලා දසුන් එක්ක පුරුදු විදියටම ගෙදර යන්න බලද්දි දසුන් විහාරා එක්ක කතාව. කරදර කරන්න හොඳ නැති නිසා මම තනියම එන්න ආවා.
"ඔයා විහාර එක්ක කතා කරල එන්න දසුන්,මම යන්නම්. ටිකක් සනීපමදි."
"පරිස්සමට යනව එහෙනම්, අහ්හ් මම 4 වෙද්දි එනව, ඔයාට අනුකලනය ගනන් ටික කියල දෙන්න"
"හරි. 5ට වගේ එන්න. මම ටිකක් නිදාගන්නව. ඔයත් පරිස්සමෙන් දසුන්, විහාරව මතක් කලා කියන්න."
හිතේ තිබ්බ අමුතු කලබලයත් එක්කම මම එන්න හැරුණා. විහාර මං දිහා රවල බලනවා මම දැක්කා.
ගෙදර ආවත් මට මහා අමුත්තක් දැනුනා. හරියට මට තිබ්බ වටිනම දෙයක් හොරු අරං ගියා වගේ.
ඒ හැඟීම සතියක් තිස්සෙම මගේ හිතේ හොල්මන් කරා. මට එහෙම්මම නින්ද ගියා.
දසුන් ආව 5 වෙද්දි. ඉස්කෝලේ ටීචර් කියල දුන්නට වඩා මට පැහැදිලිව ඉගැන්නුවා.
"හංසි. මම යන්නම්, අහ්හ් මේ අපි ඉස්කෝලෙදි කතා නොකර ඉමු ආයේ. විහාර ටිකක් අකමැතියි අපි කතා කරනවට. "
"හරි. මමත් ඔයාට ඕක කියන්නමයි හිටියේ. ඊයෙත් මම දැක්ක විහාර රවාගෙන ඉන්නව ඔයා මා එක්ක කතා කරද්දි. මම තනියම ඉස්කෝලෙ යන්නම්, ඇරිල එද්දිත් එහෙමයි. නිකන් ප්‍රශ්න ඇති කරගන්න එපා විහාර එක්ක."
"තෑන්ක්ස් හංසි. මාව තේරුම් ගත්ත ඒත් මතක තියාගන්න. අපේ යාලුකම, සහෝදරකම, හැමදාම වෙනස් වෙන්නෙ නෑ"
හෙමින්, නමුත් ස්ථීර හඬින් දසුනේ ටික කිව්ව.
පැයගානක්ම ඇඬුවා. හේතුවක් නැතිවම ඇඬුවා.
''උඹ දසුන්ට ආදරෙයි.''
හිත ඒකමයි කිව්වේ.
අපිටත් නොදැනිම කාලය ගතවෙලා යනවා.දසුන් විහාරා කියන්නේ ඉස්කෝලේ හරි ප්‍රසිද්ද යුවලක්. දසුන්ව මම දකින්නෙ පංතියේදි විතරයි. ඉස්සර තරම් මම ගෙදරින් එලියට ගියෙත් නෑ. දසුන්ව දැක්කොත් මේ හිත ආයිම කැඩෙනවා.මම තනියම පාඩම් කලා.
දවසක් පාඩමක් තේරෙන්නෙ නෑ.දසුන්ගෙන් අහන්න තරම් හිත හයිය නෑ.
මම පුස්තකාලෙට ගියේ පොතක් අරං තනියම පාඩම ඉගෙනගන්න.
පුස්තකාලය ගාවදි දැක්ක දෙයින් මගෙ ඇඟට කරන්ට් එකක් වැදුනා වගේ.
ඒ විහාරා. කොල්ලෙක්ගෙ අතේ එල්ලියා ෆිල්ම් හෝල් එකෙන් එලියට එනවා.
විහාරත් මාව දැක්කා. අමුතු නෝන්ඩි හිනාවක් දාලා ඒ කොල්ලගෙ අතේ එල්ලිලාම ගියා.
අනේ දසුන් පවු.
ඒ සිතුවිල්ලෙන්ම මම පුස්තකාලයට ඇවිත් වැඩේ කරගෙන හවස් වෙලා ගෙදර ගියා.
ගෙයි එලියට වෙලා දසුන් වාඩිවෙලා ඉන්නවා. මට මහා ලෝබකමක් දැනුනා.
ඕනම දේක වටිනාකම ලඟ නැති උනාමනේ.දසුනුත් ඒ වගේමයි. ඉන්න කාලේ විහිලු කලා, රණ්ඩු උනා, ආදරයක් හිතුනෙම නෑ. ඒත්..
"අහ්හ් මේ ආවෙ කුමාරිහාමි. බැලුව ෆිල්ම් එක ලස්සන ඇති"
අම්මගෙ කටහඬින් පියවි ලෝකයට ආවත් අම්ම කිව්ව දේ තේරුම් ගන්න මට ටික වෙලාවක් ගියා.
"මිනිහත් නැතිව මම හම්බ කරලා මේකිට උගන්නනවා, මේකි එක එකා එක්ක ෆිල්ම් හෝල් ගානෙ යනවා. උඹට පවු හිතෙන්නෙ නැද්ද යකෝ මේ අම්ම ගැන. ඇහේ තියන් උඹව හදපු මේ අම්මටද තෝ මෙහෙම කලේ."
ඒක කියලා ඉවර වෙන්නත් කලින් අම්මගේ අත නතර උනේ මගේ කම්මුලේ. අමුතු හිරිවැටිල්ලක් එක්ක වේදනාවක් කම්මුලට දැනෙද්දි හිතේ දුක දියකරගෙන කඳුලු එන්න ගත්තා.
"ඇති නැන්දේ. අපි අහමු මොකෝ උනෙ කියලා."
"මොනා අහන්නද පුතේ. මේකිට මගුල් විසේ. මේකිව බන්ඳල දුන්නම හරිනේ"
තව කතා කරල වැඩක් නෑ. මම එහෙම්මම කාමරේට ගියා. දෙනෙතින් කඳුලු ගලාගෙන යද්දි මම ඔහේ කල්පනා කලේ මොකෝ උනේ කියලා
"හංසී, එන්නද මම ඇතුලට"
"එන්න දසුන්"
"මේ දවස් ටිකේ හරියට කතා කරේවත් නෑ මම ඔයා එක්ක.ඔයාට කොල්ලෙක් නෑ කියල මාත් දන්නව හංසි.ඒත් මේ දේ අහපු ගමන් මට ශොක් එකක් වගේ උනා."
"දසුන්, මොකද උනේ කියන්න මට කරුණාකරල."
මම හිතේ ආවේගයත් එක්ක කෙලින්ම ප්‍රශ්නෙ ඇහුවා.මේක තනිකරම පැටලිච්ච නූල් පන්දුවක්.
"අහනවකෝ. ඔයාගෙන් ගත්ත කෙමිස්ට්‍ර් නෝට් එක මම ආපහු දෙන්න ආවා. මේ 1ට විතර. ඔයාලගෙ අම්ම කිව්ව ඔයා පුස්තකාලෙ ගියා කියලා, ඉතින් මම ගෙදර යන්න හදද්දිම විහාර ආවා."
"විහාරා කිව්වා මම කොල්ලෙක් එක්ක ෆිල්ම් හෝල් එකේ හිටිය කියලා??"
වෙලා තියන දේ පැහැදිලිවේගන එද්දි මම දසුන්ගෙ කතාවේ ඉතිරිය සම්පූර්ණ කලා.
"නෑ. ඊට වඩා දේවල් කිව්වා.ඔයා ෆිල්ම් හෝල් එකේ ඉඳලා එලියට ආවේ හසිත එක්කලු. ඔයා දන්නවනේ ඌ එච්චර හොඳ එකෙක් නෙමෙයි කියලා"
"දසුන්, ඇති.
මේක අහන්නකෝ
ඔයා මාව කොයි තරම් දුරට දන්නවද මම දන්නෙ නෑ. ඒත් ඔය කිසිම දෙයක් මම කලේ නෑ.ඕන විදියකට ඔප්පු කරන්නම්, හැබැයි ඔයාල කියනව නම් විතරක්.
දසුන්, ඔයා දැං යන්න.ආයේ මේ හංසි එක්ක කතා කරන්න එපා.
හැබැයි. විහාර ගැන ටිකක් හොයල බලන්න. මගේ අයියා, මගේ හොඳම යාලුවා, මට වටිනවා. විහාරට කලිනුයි මම ඔයාව දන්නේ."
"හහ්, තමුසේ මාර කෙල්ලෙක්නේ හංසි. මම තමුසෙට උදව්වක් කරන්න ආවම, තමුසෙ විහාරගෙ පිට වරද පටවන්නද හදන්නෙ, ලැජ්ජයි ඕයි. ඔහොම දෙකයි පනහෙ වැඩ කරන්න එපා. විහාරත් තියන හිතවත්කමට තමුසෙගෙ වරද පෙන්නුවෙ, ශික් තමුසෙ ගැන මට ලැජ්ජයි"
ලෝකයම අනිත් පැත්ත පෙරලුනා වගේ දැනුනා ඒ ටික ඇහුනම.
***********************************************
ඔය ප්‍රශ්නෙ වෙලා අදට මාසයයි. උසස්පෙලට තව සති දෙකයි.
මම හිත හදාගත්තා ගොඩාක්. අම්ම උනත් මගෙ එක්ක කතාවක් නෑ. දසුන් නම් මූණ බලන්නෙවත් නෑ. මේ ඔක්කොම මැද මම පාඩම් කලා, රෑක් දවාලක් නැතුව පාඩම් කලා.
දසුන් විහාර දකින් දකින වාරයක් පාසාම මම ඇඬුවා ඔය අතර අර මම පුස්තකාලෙ ගිය දවසෙ හිටිය කිව්ව හසිත කියන නරක කොල්ල, අන්න එයත් එක්කත් විහාර ටවුන් එකේ ඉන්නව දැක්ක මම. ඕව කියල නිකම් වැරදිකාරය වෙන්නෙ මොකටද. හැමදේම මේ ගැහැණු හිත දරාගෙනම හිටියා.
කොහොම හරි උසස්පෙල විභාගයත් ඉවර උනා.මොරටුයන්න තරම් පාස් නැතිවෙයි මම.
විභාගේ අන්තිම දවසේ මම ගෙදර එන්න හදද්දි මම දසුන්ව දැක්කා. පංති කාමරයක් ඇතුලෙ ඉන්නව දැක්කේ. මේසයකට ඔලුව තියාගෙනම අඬනවා. යාලුවො දාල යන දුකටද?? නෑ දසුන් එහෙම කොල්ලෙක් නෙමෙයි.
මම ආයෙත් දසුන් හිටිය පංතියට ඔලුව දාල බැලුවා, අන්න තමුසෙගෙ සපුමල් කුමාරය අඬනව, ගිහින් නලවගනින්,
ඒ විහාරා. දැක්ක මුල් දිනේ මම හිතුවේ විහාරයක් තරම් හිත පිරිසිඳු කෙල්ලෙක් කියලා, විහාරයක් තරම් තැම්පත් කෙල්ලෙක් කියලා. ඒ හැම දෙයක්ම දසුන්ට කලින් මම මේ ඇස් ඉස්සරහම ඔප්පු උනා.
මම දසුන් ලඟට ගියා.
"හංසි,"
දසුන් මාස 2කින් මගේ නමින් මට කතා කලා. හිත පිරුණා මගේ. මහා ලොකු අනුකම්පාවක් දැනුනා.
"මුකුත්ම නොකිමගේ එක්ක එන්න දසුන්"
මගෙම ලේන්සුවෙන් ඒ කඳුලු පිහිදලා මම දසුන් එක්ක පාරට ආවා. පයින් එන දුරින් තිබ්බ පුස්තකාලෙට එක්කන් ගියා. පුස්තකාලායාධිපති තුමියට කියලා පාඩම් කරන ලමයි අත්සන් කරන පොතේ ජූනි මාසෙ 9 වෙනිද මම අත්සන් කරපු වෙලාවල් දසුන්ට පෙන්නුවා.
"හ්ම්ම්ම්. ඒ කියන්නෙ විහාරා එදා බොරුද කිව්වෙ හංසි?? "
"ඒක දැං ඔයාටම තේරෙනව නේද දසුන්? ඒ වගේම මම එදා විහාර ගැන හොයල බලන්න කිව්ව හේතුවත් තේරුනා නේද? මොකද එයා තමයි එදා කොල්ලෙක් එක්ක ෆිල්ම් හෝල් එකෙන් එලියට ආවේ."
"ඇති හංසි. විහාර ගැන කතා කරන්න එපා. ඒත් ඒ දවස එච්චරටම මතක මොකෝ ඔයාට?"
"තමන්ගෙ උපන්දිනේ තමන්ට අමතක වෙන්නෙ කොහොමද අයියේ."
"ආහ් හං.."
"ඔවු,මගේ උපන්දිනේ දවසේ. ඔයාගෙන් එදාවත් සුබපැතුමක් බලාපොරොත්තුවෙන් ආව මට තමා එහෙම උනේ. "
"සමාවෙන්න හංසි"
"එපා. මම තරහ වෙලා හිටියෙ නෑ දසුන්. එකම එක පොරොන්දුවක් වෙන්න.
විහාරව අමතක කරල සතුටින් ඉන්න
මතක තියාගන්න.
ඔයාට නැති උනේ ඔයාට ආදරේ නොකරන කෙල්ලෙක්ව
ඒත් විහාරට නැති උනේ එයාට ලෝකෙටත් වඩා ආදරේ කරපු කොල්ලෙක්ව.
විහාර දවසක පසුතැවෙයි.
ඔයා. දුක් නොවී ඉන්න. "
"ඒ ටික නම් හරියට හිතට වැදුනා. මම විහාරව අමතක කරනවා. පොරොන්දුවෙනවා හංසී"
ඔහොම කාලය ගත උනා. දසුන් මොරටුව ඉංජිනේරු පීඨයට තේරුණා. මම විද්‍යාපීඨ තේරුණා. ඉස්සර යාලුකම එහෙම්මම තිබ්බා.ඒ යාලුකමේ පොඩි වෙනසක් සිද්ද උනා. ඒ මම දසුන්ගේ පෙම්වතිය වෙලා.
### වසර 6කට පසු###
අද තමයි මගෙ ජීවිතේ ලස්සනම දවස. දසුන්ගේ පතිනිය වීමට තරම් මං පිං කරල තියනවා.
"හැමදේම ලස්සනට සිද්ද උනා නේද මහත්තයෝ"
හැමෝටම සමුදීලා දසුන් එක්ක නුවරඑලියේ පිහිටි හෝටලයට එන අතරතුර මම ඇහුවා.
"ම්ම්ම් ඔවු... මගෙ චූටි ටීච හරිම ලස්සනයි අද,"
"ඔයත් ගොඩාක් ලස්සනයි "
"මම අද මේ තැන ඉන්නේ ඔයා නිසා. විහාරා කිලිටි කරල ගිය මගෙ හිත හදලා, මට ජීවිතේට අරමුණක් දුන්නෙ ඔයා. අද විහාර ඉන්න තැන දැක්කම දුකයි. කෙල්ලෙක්ට ඒ තරම් දුකක් විඳින්න බෑ. මොකද මේ සමාජෙ පිලිනොගත්ත රස්සාවක් එයා කරන්නේ. මම බේරුණා, නෑ ඔයා මාව බේරගත්තා.ගොඩාක් පිං හංසි.මේ අත,මගෙ අතින් ආයෙ අත්ඇරෙන්නෙ නෑ."
අසීමිත සෙනෙහසකින් මම දසුන්ගේ පපුවට තුරුල් උනේ ජීවිතයේ හැම ජයග්‍රහනයක්ම ලැබුවා කියන චේතනාවෙන්.
ඉඳින් මියෙනා තුරා මම ඔබේමයි😘😘
නිමි....
චලනී
උපුටා ගැනීමකි
No comments:
Post a Comment