විශ්වාසය

විශ්වාසය - කෙටි කතාව

මම සවිඳු සත්සර මද්දුමාරච්චි
අම්මා තාත්තායි දෙන්නම ගුරුවරු..මට නංගීයෙක් ඉන්නවා...
ජීවිතයට ගොඩක් අය මුණ ගැහෙන්වා ඒ අතරින් බොහොම අතලොස්සක් පමණයි අපේ ජීවිතය ජීවත් කරන්නට උත්සාහ කරන්නේ....
ආදරයත් එහෙම්මමයි...නැගිටීම්
කඩා වැටීම් ,විශ්වාසයන් අවිශ්වාසයන් මැද දිවෙන්නකි..........අපට අහම්බෙන් හමුවන අය සමහරක් වෙලාවටඅපේ ජීවිතයම වෙනවා.....එවන් වූ අභියෝග මැදින් ගලාගිය ආදරයක පහස විදින්න
එකතු වෙන්න..

ආදරයේ සියුම් තැන් ස්පර්ශ කරන්නාවු මේ ඔබගේ හා ඇයගේ කතාවයි........
ඇයව මුලින්ම මම දකින්නේ මට අවුරුදු 17දී....ඒ ජනප්රිය ටියුෂන් පංතියක...
ඒ දවස තමයි මම මුලින්ම ඒ පංතියට ඇතුළු වුනේ වගේම ඇයව මගේ හිතට ඇතුළු වුනේ...ඒ දවස නම් පුදුමාකාරයි...
**************************

අම්මායි තාත්තායි දෙන්නම ගුරුවරු නිසාද කොහෙදෝ මගේ සියුම් ඉරියව්වක වෙනස පවා ඔවුනට වැටහේ....
පුතා දැන් කොහොමද අධ්යාපන වැඩ කටයුතු..පියා නිවුණු ස්වරයෙන් විමසීය..
තාත්තා ECON තමයි පොඩි ගැටලු ටිකක් තියෙන්නේ හැබැයි ඒකටත් හොඳටම මහන්සි වුනොත් හරි යයි තාත්තා.....
හ්ම් පුතා හැබැයි මොනව හේතුවක් නිසාවත් පුතාගේ අනාගතය අතඅරින්න එපා..ඔය වයසේ දරුවන්ට ආදරය ඇතිවෙනවා ඒක සාමාන්යයි හැබැයි තමන්ගේ ඉලක්කය වරද්ද ගන්න එපා
තාත්තා එසේ පවසද්දී මගේ මූණ රතු විය.......
කෙසේ වෙතත් තාත්තා කියූ කාරණව මම තදින්ම හිතේ තබා ගත් අතර මම මූලිකවම ආදරය ගැන නොව ඉගෙනීමට හිත යොමු කළේය........
ඇයව නම් මට නිතරම වගේ මුණ ගැසෙනවා ඒත් ඇයගේ නමවත් මම තාම දන්නේ නෑ.......ඒ කෙසේ වෙතත් ඇයගේ පවුල් පසුබිම නම් අනිවාර්යයෙන්ම සල්ලිකාර පැලැන්තියක් වගේ මොකද ඇය එන්නෙත් කාර් එකේ යන්නෙත් කාර් එකේ මට සිතුණි.

එසේ දින සති ගෙවී ගියේය පළමු වාර පරීක්ෂණය දෙවන වාර පරීක්ෂණය ඒ වගේම තෙවන වාර පරීක්ෂණයද ඇය පංතියෙන්ම පළමු වැනියා විය....ඇය එලෙස දිනද්දී මම සැමදාම හදවතින්මු සතුටු විය...ඇය පළමු වෙනියා වෙද්දී මම පංතියේ පහ හය අතර විය...විශාල ළමුන් පිරිසක් පැමිණෙන එය තුළ පහ හය මට ඉහටත් උඩින්ය..
ඔහොම්මම දිනෙන් දින උසස් පෙළ විභහගය ලං වුණි..මම කෙමෙන් කෙමෙන් මගේ පාඩම් කිරීමේ කාල සීමාව වැඩි කරන ලදි ගොඩක් ආමාරු තැන වලට වැඩි අවධානය යොමු කළේය..
පංතියේ අවසන් විභහගය පැවැත්වූණි.....
අද මට ගොඩක් සතුටුයි..ඒ මේ පංතියේ කොල්ලක් අද පළමු වැනියා වෙලා තියෙනවා.....හැබැයි ඒ කියන්නේ මේ පංතියේ හැමදාම එක වුණු කෙල්ලට ස්ථානය අහිමි වෙලාද නෑ නෑ මේ දෙන්නම සම ලකුණු අරන් පළමු ස්ථානය හිමි කරගෙන පංතියේ සර් මෙසේ පැවසුවේය.හැමෝම දන්නවා කෙල්ල හැමදාම වගේ සජානා කියලා ඒත් කොල්ලා කවුද?????මමත් කුතුහලයෙනි........
ඒ තමයි ඒ තමයි...
අනේ සර් ඉක්මනින් කියන්න

ළමයි කෑ මොර දෙයි.....
සවිඳු සත්සර මම උඩ බිම් බැලීය මගේ මිතුරා පිටට තට්ටු කර මචං උඹ තමයි...කීය...සැවොම ඉදිරියට එන්න කියා මාව සහ ඇයව ඇගයීමට ලක් කෙරිණි....මමයි ඇයයි එකම තැනක එකම වේදිකාවක එකට හිද හිටි පළමු අවස්ථාව......
පංතියේ අන්තිම දිනය අමතක නොවන දිනයක් වුණි.....සර්ත් සමඟ ටික වෙලාවක් කතා කර අප සියල්ලම පිටත් වුණි....
මම පිටතට පැමිණෙද්දීම පිටුපසින් මගේ නම ඇසුණී.
සවිඳු............ඒ ඇයයි....
Congratulations සවිඳු....ඇය පළමු වතාවට මා සමඟ කතා කළේ එදායි....Thank you සජානා..එහෙනම් මම යනවා කාර් එක ඇවිත්...ආ ඕකේ All the best..හොදට එක්සෑම්
කරන්න.....ඔයාටත් කියා ඇය නික්මුණා..
හොදින්ම උසස් පෙළ විභහගය සදහා පාඩම් කර තිබූ හෙයින් මම විභාගය සදහා හොඳින් මුහුණ දුන්නේ අම්මාගේයි තාත්තාගේ ආශිර්වාදයෙනි...
************************

සියලු දෙනා බලා සිටි මොහොත පැමිණියේය...උසස් පෙළ ප්රතිඵලය AAAලෙස සටහන් විය...
දෙමාපියන් ඉමහත් සතුටෙනි.....සජානාගෙත් ප්රතිඵල දැන ගැනීමට මට ඉවසුමක් නොවීය.......එක වරම මගේ දුරකථනය නාද විය.
හලෝ කවුද කතා කරන්නේ
මම සජානා...ඕ ඕඕ මම මේ ඔයාට කතා කරන්නේ කොහොමද කියලා හිතුවා විතරයි......ඇය මහත් සතුටෙන් වග කටහඩින් දැනුනි.....මම පාස් සවිදු ඔයාට කොහොමද මාත් එහෙම්මම තමයි.....මට ගොඩක් සතුටු මගේ රිසාල්ට් එකට නෙමෙයි සවිදු ඇය කීය.....

එහෙනම් ඔයාගේ රිසාල්ට් එකට.....
මමයි ඇයයි ඉන්පසු ගොඩක් ලංවුවා...ඇයගේ ප්රශ්න මට කීවා මගේ ගැටළු ඇයට කීවා දෙදෙනාට දෙදෙනා ගොඩක් ලගින් ආශ්රය කරා...
ඒදා ජුලි පහ මම කීවා ඇයට අද අපි හමුවෙමුද කියා...ඇය කීවා අම්මාගෙන් අහලා මම කියන්නම් කීයා..
ටික වෙලාවට පසු ඇය මට දුරකථන ඇමතුමක් ගෙන හරි අද හම්බවෙමු...මම තැනයි වෙලාවයි කියා මම ඉක්මනින් ලෑස්ති වී එළියට බහිද්දීම
අම්මා අයියා අද ජැන්ඩියට ඇදලා අක්කාව බලන්නද කොහෙදෝ....මම නැවත් මොන අක්කද මැට්ටි...අනේ මේ....මම යනවා අම්මේ.
කියා වැද පිටත් වුණි......
මම ඇය එනතුරු බලා සිටියි...සවිඳු ....
කියු ඈගේ අත
මගේ උරහිස මත විය..ආ මම බලන් හිටියා...

මම ගොඩක් ලේට් උනාද නෑ නෑ අයියෝ එහෙම නිසා නෙමෙයි මම කිවුවේ....අද ඩ්රයිවර් මාමා එන්න ලේට් උනා ඒකයි.....
හ්ම් දෙදෙනාම මොහතක් ඉන්පසු නිහඬ විය.....මම එම නිහඬතාවය බිදිමින් මොකෝ සද්ද නැත්තේ...ෆෝන් එකෙන්නම් හොදට කතා....නෑ නෑ අනේ මම කතා කරනවා....
හ්ම් ඉතින් කොහොමද කතාව පටනා ගන්නේ....

මොන කතාවද සවිඳු
මම එක පාරින්ම අපේ කතාව කීය..ඇය සිනාසුණේ හරියට ඒ දේ බලාපොරොත්තුවෙන් සිටියාක් මෙනි.
ඒක නෙමෙයි සජානා මම අහන්නමයි හිටියේ...ඇය තිගැස්සුණි... මම ගැන වැරදියට හිතන්න එපා අවුරුදු දෙකක් තිස්සේ මේක අහන්න හිටියේ.....

ඇය මා දෙස විමසිල්ලෙන් බලා සිටියි..මා කියන්නේ කුමක්ද යන්න හිතා ගත නොහැකිවය..........මම අහන දෙයින් අපේ යාළුකමට ගැටළුවක් වෙන්න බෑ හොඳද....
හරි හරි ළමයෝ කියන්න ඇය කීය......
මම ඔයාට මගේ යාලුවෙකුට එහා ගිය ආදරයක් දෙන්න කැමති..කෙලින්ම කියනවා නම් මම ඔයාට කැමැති.
ඇය කලබල විය...නෑ නෑ සජානා ඔයා කලබල වෙන්න එපා...හිතලා බලලා කියන්න....කැමති නැත්නම් ඒකත් කියන්න මම තරහා නෑ...මොකද ඕක ඔයාගෙ ජීවිතය නේද????????????
නෑ නෑ සවී එදා ක්ලාස් එකේ දෙන්නම ස්ටේජ් නැග්ගා මතකද ඔයාට...
හ්ම් ඔව් මොකෝ අමතක මට......අන්න එදාම මම ඔයාට මගේ හිත දුන්නා...ඒ ගැන නොකිව්වේ විභහගය අස්සේ ඔයාට ඕක කියන්න බැරි නිසා සවී......හී හී ඔය යෝජනාව තවත් මගේ හිතට ආවේ ගෑණු ළමයි මට කතා කරේම ඔයාගේ නම කියලා තමයි........

ආ ඒක නෙමෙයි සජානා ඔයාගේ පවුලේ විස්තර කියන්නකෝ...
හ්ම්ම් මම චනුත්මි සජානා වීරසේකර..අයියෝ ළමයා මම ඕක දන්නවා....අම්මායි තාත්තායි නංගී තමයි මට ඉන්නේ...
තාත්තා ලෝයර් කෙනෙක්...අම්මා නම් ගෙදර තමයි ඉන්නේ..
මගේ විස්තර නම් දන්නවානේ ඔයා....
දින සති ගෙවී ගියේය...
කැම්පස් පටන් ගත් අතර දෙදෙනාම පේරාදෙණිය කැම්පස් එකේ මැනේජ්මන්ට් වලට තේරී පත් විය.
දෙදෙනාම කැම්පස් යන අතර වාරයේ පෙම් බස් වලි නැහැවී ගිය අතර දෙදෙනාට දෙදෙනා නොමැතිව බැරි විය......

අවුරුදු හතර කාලය ඉක්මව ගොස් දෙදෙනාම ඉහල පෙළේ බැංකුවක රැකියාවක් කළේය...
සැමදාම සජානාව ඇහැරවන්නේ මම තමයි..නමුත් දිනක මට එසේ කිරීමට නොහැකි විය..
ලොකු දූ ලොකු දූ නැගිටින්න.... අද ඔෆිස් යන්නේ නැද්ද....යනවා තවම 5යි නේ...නෑ පුතේ 5යි 45යි වේලාව මොනවා.....
හී හී අද මගේ කොල්ලාට නින්ද ගිහින් ඇති.....හොඳ වැඩේ මාව උදෙන්ම ඇහැරනවට..
මම අද ලෑස්ති වෙලාම කෝල් එකක දෙනවා...ඇය සිතීය...
ඇය ලෑස්ති වී ෆෝන් එක අතට ගෙන මට කෝල් කරයි.
හතර වරක් ෆෝන් එක නාද විය...ඇය බය වී..ගෙදර දුරකථනයට වහා කෝල් කරයි....

හලෝ සවිදු ඉන්නවද???එහා පැත්තෙන් චූටි හඩක් විය....අම්මා අයියට කෝල් එක...හලෝ කවුද මේ කතා කරන්නේ. ..අම්මා මම සජානා කතා කරන්නේ සවිඳුගේ යාළුවෙක්...
ආ දුව ඔව් සවිඳු උණ හැදිලා ඊයේ මහ රෑ බෙහෙත් ගෙනාවා....දැන් නිදි....ඒ නිසා ෆෝන් ගන්නේ නැතිව ඇති....ආ හරි අම්මේ මම තියන්නම්...කියද්දී ම ඇය දුව නේද අපේ පුතාගේ.....කියා නැවැත් වීය..තවත් සැගවීමට දෙයක් නැති නිසා..ඔවු අම්මා..මම එයා තමයි...දුව අද වැඩට යන්න ඕන නම් බලලා යන්න එන්න මගේ අකමැත්තක් නෑ......මට ඕන වුන දෙයම සිදු විය...
ඇය ඉකමනින් බැංකුවට ගොස් නිවාඩු දමා කෙලින්ම ආවේ අපේ ගෙදරයි...

ගෙදර කවුද ?????????
නංගී ඉදිරියට පැමිණෙයි...කාවද අක්කා හොයන්නේ..සවිඳුලාගේ ගෙදර නේ???ආ ඔවු ඔවු අක්කා සජානා නේ...හ්ම් නංගී...නංගී මාව දන්නවාද ඔවු අය්යා මට කියලා තියෙනවා..
ආ දුව එන්න.
අම්මා ඉදිරියට පැමිණෙයි...චූටි දු අක්කාව අයියාගේ රූම් එක පෙන්වන්න...යමු අක්කේ..ඇය මගේ අතින් අල්ලාගෙන එක්කන් යයි..මම දුටු දෙයින් මගේ හිත රිදුණි...එතරම් හැඩි දැඩි තරුණයා ඇදක් උඩ ඔහේ සිටි නිසාවෙනි...අක්කා ඉන්න මම එන්නම් ඇය පහලට ගියේ අපට කතා කරන්න ඉඩ වෙන් කරමිනි......
ඇය සෙමෙන් මගේ හිස පිරි මදින වග දැණිනි..
මම නින්දෙන්ම චනූ මට ලෙඩක් හැදුනත් නිදා ගන්න දෙන්නේ නැතිව හීනෙන් එනවද???අනේ......
මම මගේ දෑස් ඉතා අමාරුවෙන් ඇර බලද්දි ඇය මාගේ ඇදේ වාඩී වී සිටියි..චනූ ඔයා....ඔයා කොහොමද ආවේ..අම්මලා ඉන්නවානේ....ඔයා කොහොමද? ?????සනීප නෑ නේ හාන්සි වෙන්න.
මට එන්න කිවුවේ මගේ අම්මා තමයි..
.අපේ අම්මාද???ඔවු ඔවු...
මේ චනු අර අල්මාරියෙන් මට ටී ෂර්ට් එකක් අරන් දෙන්න......

අම්බෝ ෂුවර් නැති කෙල්ලෙක් ලගනේ මට මොනව හරි කළෝත්...
අනේ වැඩේමනේ මෙයාට...බෙහෙත් බිවූවද නෑ තමා නෑ..වෙලාවට බෙහෙත් බොන්න නැත්නම් කොහොමද හොඳ වෙන්නේ..මගේ කොල්ලට...
කෝ එන්න ළගට ටිකක් උණද බලන්න...අම්බෝ අපි ලැජ්ජා බයට හැදුණු කොල්ලා.....අම්බේ මොකට කියනවද ඒ ගැන. ..මම දන්නවානේ ඒ ගැන ඇය කීය..

කෝ එන්නකෝ....එපා අනේ මම ආවේ නැත්තේ ඔයාටත් හැදුනොත් ඒ හරි යන්නෑ නේ....අනේ මේ විකාර...හැබැයි ඔයා ආවේ නැත්නම් මම එනවා....
මෙන්න අම්මේ පුතා ඉවරායි...ඇය කෙලින්ම පැමිණ මාව වැළඳ ගත්තේය..ඉන්පසු බබා ගොඩක් රස්නෙයි නේ රත්තරන් කීය.හ්ම් ඔයා ඔහොම ඉන්නවා නම් දැනෙන්නේ නෑ අමාරුව..මගේ වුණු දවසට එහෙම තියාගන්නම්කෝ....අම්මා එනවද කොහේදෝ...ඇය ඉක්මනින් මා ලගින් ඉවත් විය ...හු හූ රැවටුණා.....අනේ සවී..
මට දවස් ගණනක් උණ තිබූ අතර ඇය සැමදාම මා බැලීමට පැමිණියහ.

දින තුනකින් පමණ පසු මම යථා තත්ත්වයට පත් වුවද මව මෙන්ම ඇයද ඔෆිස් යාමට ඉඩ ලබා නොදුනි....
දිනක් සවස බැල්කනියට වී අද ඇය නොපැමිණේ....ගොඩක් හවස් වෙලානේ... කියා කල්පනා කරමින් සිටියදි පිටුපසින් මා වැළඳ ගෙන අල්ල ගත්තා මගේ කොල්ලාව කියා ඈ කීය...නොටියා මම ගැස්සුණා..එනවාකෝ අනේ ඉස්සරහට ටිකක්..බෑ අනේ. මූණ බලන්න ...බෑ...ඇය කීය..මේ ඒක නෙමෙයි තේ බිවුවද???????නෑ නේ......
අම්මා අම්මා සජානා ඇවිත්.....තේ එකක්. ...
එපා අම්මා මම තේ බීලා ආවේ.......මේ මම ඔය තේක මට දෙයි කියලායි නෑ කිවුවේ මෝඩයා..අයියෝ ආ ආ ගන්න..එපා එපා දැන් ඕන නෑ.....අනේ මේ...ගන්න ගන්න ....
ආව වගේ නෙමෙයි මාව බලන්න කොහොමද දැන් යන්නේ. ...????ඩ්රයිවර් අන්කල් එයිද.නෑ අද අන්කල් නිවාඩු වීල් එකක් අරන් යනවා....පිස්සුද චනූ..ඔයා තනියෙන් යන්න. මම තනියෙන්ම යවයි කියලා හිතනවද මම එක්කන් යන්නම්..
.....අනේ එපා බබා ඔයා කරදර වෙන්න...පොඩ්ඩක් හොඳ උනා විතරයි....නෑ නෑ යමු.........
..පුතා පුතා
අම්මා කියන්න.. දුව කොහොමද යන්නේ. ...කවුරුත් නැත්නම් ඔයා ඉක්මනින් ගිහින් දාලා එන්න..
හරි ඔන්න අම්මා තමයි කිවුවේ..අපි දැන්වත් යමුද මැඩම්.....
යමු යමු
ආ අපේ තාත්තාත් ඇවිත්...තාත්තා මේ තමයි සජානා.....කොහොමද දුව මෙයා කිවුවේ නැති උනාට අපි නම් දූ ගැන දන්නවා....
ඇය තාත්තාට අම්මාට වැද නංගීටත් කියා යන්න පිටත් වුණා.මම ඉක්මනින් මෙයාව දාලා එන්නම්....පුතා බයික් එකේ යන්න එපා මගේ කාර් එකේ යන්න......

ආ හරි තාත්තේ මේ මෙයාට බයික් එකේ යන්න ඕනලු....
ආ හරි පුතා දූ ගේ කැමත්තක්...
මෝඩයා තාත්තාට මාව පාවා දුන්නා නේ....හ්ම් මම කිවුවා නම් මොනවා හරි කියලා ලේලිට මුකුත් නෑ. එහෙම තමයි මගේ තාත්තා.අප්පද බොලේ මෙන්න ඔක්කොම මෙයාගේ වෙලා...හා .හා ඔහොම යමුකෝ...ඇයි ඇය විමසීය..හැමෝම ඔයාගෙ මම පිට නේ.....අනේ මගේ පන ඔයා නිසා නේ එ හැමෝම මගේ වෙන්නේ..හ්ම් එකත් එහෙමද..
ඔන්න මැඩම් ගේ ගාවටම ආවා.....බහින්න..තව ටිකක් මෙහෙම ඉන්න ඕන ඇය කීය...බබා හිටියා වගේ නෙමෙයි ඔයාගෙ නපුරු තාත්තා ආවොත් ඉවරායි..අනේ මේ මගේ තාත්තා නපුරු නෑ හොඳද ...කාගෙද බබා අර කාර් එක...ආ

මට පේන්නේ අපේ රට අයියද කොහෙද??කවුරු අර ඔයාට ඇහැ දාපු එකාද..ඌ මොකද මෙහෙ රිංගන්නේ..ආ සජානා.....මට..බබා ඔයා කේන්තියෙන් නේ...ඔයා මට තරහා ගිය වෙලාවට විතරයි සජානා කියන්නේ...ඔව් මට තරහා ගිහින්..ඔයා යන්න ගෙදරට මම යන්නම්...අනේ මගේ බබා පරිස්සමෙන් ගෙදර යන්න හොඳද පන..අනේ මම කියන දේ අහගෙනද ඔයා ඉන්නේ කියන්න...හරි මම යනවා චනූ..ඔයා පරිස්සමෙන් ඉන්න...
.i love you baba.ඇය මගේ කනට කෙදිරීය...මම ඇය යනු බලා හිද වේගයෙන් නැවත ගෙදරට බයික් එකෙන් පියඹා ආවේය...කෙලින්ම මම කාමරයට රිංගා ගත්තේ හිත නොසන්සුන්කම නිසාමය.
පුතා පුතා..අම්මා මට ටිකක් ඉන්න දෙන්න ප්ලීස්......

මම එසේ පවසා කෙලින්ම ගියේ මගේ ඇදටයි.......ඇය දෙවරක් තුන්වරක් මට කෝල් කර තිබුණි..එහෙත් මම එය ආන්ස්වර් නොකර සිටියේ ඇගේ වරදකටද නොවය.....දෙතුන් වතාවක් ගත් ඇය අපේ ගෙදරටද කතා කර තිබුණි........ මම මටම දොස් පවරා ගත්තේ මගේ කෙල්ලට දුක් දෙන්නේ ඇයි කියාය.ඉන්පසු මගේ කේන්තිය ටිකක් අඩු වු පසු මම ඇයට කතා කිරීමට කෝල් එකක් ගන්න සැනින්ම ඇය හලෝ බබා කියන්න කීය..ඇය මම කතා කරනතුරුම මග බලන් හිද ඇත......පන හ්ම්ම් මා එක්ක තරහද???මම කොහොමද අනේ මගේ පන එක්ක තරහා වෙන්නේ කියන්නකෝ ඇය කීය....මේ මට ටිකක් තරහා ගියා....ඔයාට ඒදා කරදර කරන්න ආපු මනුස්සයව අද ගේ ඇතුලේ දාගෙන...ඉතින් තරහා යන්නේ නැද්ද...කියන්නකෝ...

ඔව් ඒක ඇත්ත බබා මම පිළිගන්නවා තාත්තාගේ බිස්නස් වැඩකට ඇවිත් තියෙන්නේ......බම්බුවේ බිස්නස්....එක මගේ හඩ වැඩිවීය....හෝව් හෝව් මගේ කේන්තිකාරයා...තරහා ගන්න එපා නාකි වෙයි....එතකොට අපේ බබාලට යාලුවෝ විහිලු කරයි තාත්තා නාකි කියලා......මම මහ හයියෙන් සිනාසුණේය..අන්න මගේ කොල්ලා ඔය ඉන්නේ...ඒක නෙමෙයි මැණික කාලද ඉන්නේ.????

නෑ ඔයා කෑවෙත් නෑ නේ....හරි කලා එමුකො නිදා ගන්න..මේ අරූ ඉන්නවනම් යන්න එපා හොඳද පහලටවත්...හ්ම් මම යන්නෑ....
ඉන් පසුව මම ඇයට කිහිපවරක්ම ඇමතුම් ලබා දුනානද ඇය දුරකථනයෙන් මා සමග සම්බන්ධ නොවුනි.වෙනදට ගෙදර ගිය පසු දුරකථතන ඇමතුම් කිහිපයක් ලැබෙයි.නමුත් අද මටම කියා ගත්තේ ඇය මා මග හරින බවයි...ඒ මදිවට මට ඇයගේ ගෙදර සිටින අයියත් කෝල් කර පැවසුවේ ඇයව අයිති ඔහුට පමණක්ම බවයි...ඒ තුළින් මා තවත් අවුලෙන් අවුලට පත්වුණි.
නිදා ගන්න ගොස්ද දුරකථතනය දෙසට දෙනෙත් යොමු උනේ ඉබේටමය....
ඉන් පසුව ඇය දිගට හරහට මට ඇමතුම් ගත්තද මම ඇයව මග හැරීමට තීරණය කලේ ඇය මා මග හරින වග යන්තම් දැනුනු නිසාය...
ඇයි දන්නේ නෑ මාව මතක් වෙලා ....
මම දුරකථතනයට උත්තර නොදීය.......
ඇයි බබා ආන්ස්වර් කරන්නේ නැත්තේ.....තරහා වෙලාද...ඇය මට මැසේජ්ස් එක පිට එවා තිබුණි.......
පසු දින මම ඇයව නොගෙනම වැඩට යාමට තීරණයය කල අතර ඇයව නියමිත ස්ථානයෙන් ගැනීමට ටැක්සියක් යැව්වේය.........අක්කා අයියා ඔයාව ඔෆිස් එක්ක යන්න කිව්වා...ඇයි මල්ලී අයියා කෝ..ආ එයා මේ දැන් හදිසියක් කියලා ඔෆිස් යනවා කිව්වා.........ආ එහෙමද මල්ලී...
අනේ මෙයාට මොකද වෙලා තියෙන්නේ..........ඇය තනිවම සිතයි......ලන්ච් එකේත් ඇය මාව අමතා තිබුණි....ඔෆිස් එකටත් අරගෙන තිබුණි....මම කාර්යබහුල බව පැවසීමට මම දුරකථන ඇමතුම් සම්බන්ධ කරන කෙනාට කීය..........

වැඩ නිම වී වෙනදා ඇයව දැකිම මගේ සතුට විය..නමුත් මම සිතුවේ ඇගේ සතුට වෙනුවෙන් මගේ සතුට කැපකිරීමටයි....එම නිසා හවසද මම ටැක්සියක් යැව්වේය.....
මම තනියම අපි දෙන්නා හමුවන තැනට ගියේ හිතේ දුක යටපත් කර ගැනීමටයි..ටිකක් වෙලා කල්පනාවක ගිලිහී ගිය මා දුටුවේ ඈතින් චුට්ටේ මල්ලීගේ ටැක්සිය මේ පැත්තට එනවා...මම ඉක්මනින් බයික් එක පණ ගන්වා යාමට සුදානම් වෙත්ම ඇය පිටුපසින් හිදගෙන දැන් යමු කීය...කොහෙ යන්නද බහින්න බහින්න.මට පරක්කු වෙනවා....ඇයි කොහේ යන්නද පරක්කු ඇය ඇසීය......මාව අතරමග මෙහෙම අතරමං කරලා යන්න පුළුවන්ද මෝඩයෝ ආ කියනවා මට ඇය මගේ පිටට හොඳටම තඩි බෑවේය.හේ යි රිදෙනවා බබා
රිදෙනවා.....

එපා මට බබා කියන්න.....මෝඩයා. .ඇයි කියනවා මගේ කෝල්ස් ආන්ස්වර් කරේ නැත්තේ ඇයි මැසේජ් වලට රිප්ලයි නැත්තේ...ඇයි උදේ ටැක්සියක යැව්වේ..ආ උත්තර දෙනවා..........මම නිහඬව බිම බලාගත්තේය...ඇයි මට වඩා ලස්සන කෙල්ලෙක් සෙට් කර ගත්තාද.....

හා හා මහ හයියෙන් මම සිනාසීය...මොකෝ හිනා වෙන්නේ කියනවා මෝඩ මැට්ටා කියනවා.....
ඔයාගෙ ප්රශ්නේ මොකක්ද සවි...කියන්න එවර නම් ඇය ගොඩක් මට ලංවී හඩමින් කිවේය.......ඇයි මෙච්චර මට ආදරේ කරපු කෙනා වෙනස් උනේ.....මට උත්තර දෙන්න...
මේ අහන්න බබා මම ඔයාට පණටත් වඩා ආදරෙයි...ඒත් අපි අතරට තුන්වෙනියෙක් ඇවිත් නේද????එයා ඔයාලගේම කෙනෙක්...මට මොනා උනත් කමක් නෑ ඔයාට මොනවත් වෙනවා දකින්න බෑ මට.....ඇයි අරයා මුකුත් කිව්වද......නෑ නෑ.....එයා මෙතනට අදාල නෑ සවී...ඔයා මට ආදරෙයි නම් මම ඔයාට ආදරෙයි නම් එච්චරයි....එතනින් එහාට කතා ඇති සවී....ආයි එක එකා නිසා මාව මග ඇරියොත් මාව අමතක කලොත්......

ඔව් අමතක කලොත් ඇයි නොනා කියන්න මොනාද කරන්නේ.....ඇත්තටම මම මරනවා ඔයාව මගේ මෝඩයා...කොහොමද මැට්ටෝ මාව අමතක කරන්න හිත හදා ගත්තේ....දවසක් දකින්න නැතිව මම පිස්සුවෙන් හිටියේ....ඇයි මාව දැක්කේ ඔයා...කොයි වෙලාවෙද...මහ ලොකුවට ටැක්සියේ යන්න කියපු කෙනා ආවේ පස්සෙන්...මම දැක්කා එනවා......අම්බෝ එකත් දැක්කාද...මේ ගෑනු නම් සේරම එකයි.......

දැන් කතා ඇති මාව තුරුල් කර ගන්නේ නැද්ද සවී.....හ්ම් එන්න එන්න...දෙදෙනාම දිගු සුසුම් පිටකර පෙම් වදන් මුමුණන්නට පටන් ගනියි...
මේ විශ්වාසය මට හැමදාම ඕන සවී......හැමදාටම ආදරෙයි.......
S.K
උපුට ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment