කලවා බන්ධනය

2016 මැයි මාසයේ  තංගල්ල ප්‍රදේශයේ සිදු වු සත්‍ය සිදූවීමක් ඇසුරින්  ලියැවෙන මෙම කෙටි කතාවෙහි එන සියලු නම් හා ගම් මනඃකල්පිත ඒවාය

#කලවා_බන්ධනය ( කෙටි කතාව )

        පුබුදි  වෲත්තියෙන්  රජයේ ප්‍රසිද්ධ බැංකුවක  ගණකාධිකාරිවරියක ලෙස සේවය කරන  අතර  ඇයගේ අතගත්  හසරැල් වෲත්තියෙන් ඉංජිනේරුවරයෙකි.  යෝජනාවක් මත සිදු වු මේ විවාහ මංගල්‍යයේ මධුසමය චාරිකාව සඳහා මනාළ යුවල  තම නැදෑ මිතුරන්ගේ සුබ පැතුම් මධ්‍යයේ පිටව  ගියේ  තම විවාහ දිවියේ ඇති අපමණ බලාපොරොත්තු පෙරදැරි කරගෙනය.

" මොකද පුබුදි... අවුලෙන් වගේ ඉන්නේ.. අද ගොඩාක් ලස්සන දවසක්නේ...."

" අනේ...නෑ...හසරැල්...අපේ වෙඩිං කාර් එකට හෝටලයට එන අතරමඟදි පූසෙක් අහු වෙලා මැරුණ එකට...හරි...අවුල්..."

" ඔය මනස්ගාත ඔලුවෙන් අයින් කර ගන්නකෝ...හැමදෙයක්ම ගැනම හොඳ විදියට හිතන්නකෝ.....අපි කාලා ඉක්මනටම නිදා ගන්න යමුකෝ...අද රෑට අපිට දෙන්නාට ගොඩාක් වැඩ කර ගන්න තියෙනවානේ...."

" මොනවාද අනේ...ඔයා...ලැජ්ජා නැතුව මේ කියවන්නේ..."

පුබුදි හා හසරැල්  සඳ ඇති රැයක මංගල යහනේදි....!

" මොකෝ හසරැල් ඔයා අපසෙට් ගිහින්..."

" හෙට උදේ මම අපේ අම්මලාට , නැදෑයින්ට කොහොමද මුහුණ දෙන්නේ කියන්නකෝ...හෙට උදේ  ඔයාගේ පිරිසිදුකම බලන්න...රෙදි නැන්දාත් එක්ක එයාලා හෝටලයට එනවා...අනේ මන්ද..."

" මටත් හිතා ගන්න බැහැ...පුදුම වේදනාවක් හසරැල් තියෙන්නේ....ඔයාත් එක්ක එකතු වෙන්න ගියාම...මගේ යට කොටස හිරිවැටිලා වගේ....අනේ ප්ලීස් මාව තේරුම් ගන්නකෝ...බබා...ඔයාට ආදරය නැතුවා නොවෙයි අනේ...."

" ලක්ෂ ගණන් සල්ලි වියදම් කරලා  සති ගණන් හනිමුන් ට්‍රිප්වලට හොටෙල් බුක් කරේ මොන කරුමයකටද කියලාත් හිතෙනවා...පුබුදි...මේක මොකක් හරි ලෙඩක්වත්ද....? "

" අනේ...හසරැල් අපි දෙන්නා මේ ගැන අපේ දෙමාපියන්ට කියමු...ඇත්ත විස්තරය...."

" අපි උඩරට.....මේවා කොහෙන් කෙළවර වේවීද දන්නේ නැහැ....පුබුදි...."

**********************
දැන් පුබුදි හා හසරැල් දැන් විවාහ වී සතියක් ගෙවුනද ඔවුන් දෙපළට මේ දක්වා කිසිම කායික සම්බන්තාවයක් පවත්වා ගැනීම නොහැකි විය. ලිංගික සංසර්ගය සඳහා උත්සාහ කරන මොහොතක් මොහොතක් පාසා පුබුදිට දැනුනේ මහත් වේදනාකාරී අත්දැකීමකි. මොවුන් දෙපළ අවසානයේදී  ලංකාවේ සිටින ප්‍රසිද්ධ  විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ගියේ මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය.

" මිසීස් පුබුදි...ඔයාගේ යෝනි මාර්ගය අවට තියෙන සියලුම  මාංශ පේශිවල කිසිම අවුලකුත් නැහැ....ඇඟ ඇතුළේ කිසිම ලෙඩකුත් නැහැ....මේ ටෙස්ට් වල රිපොට් එකේ හැටියට...ඔයාලව මනෝ වෛද්‍යවරයෙක් ගාවට යවලත් මනෝ විද්‍යා ප්‍රතිකාර ලබා දීලා තියෙනවා සෙක්ස් කරන්න කලින් ජෝඩුවක් කොහොමද පෙර සුදානම් වෙන්න ඕනේ කියලා....වෙරි සොරි.."

" අනේ....ඩොක්ටර් දැන් මම මොනවාද කරන්නේ...හසරැල්ට මාව එපා වෙලා...එයාලගේ අම්මා කියනවා ඩිවෝස් කරන්න කියනවා...."

" පුබුදි හැම දෙයක්ම...මේ නවීන විද්‍යාවට අහු වෙන්නේ නැහැ ....සමහර ගුප්ත , අද්භූත දේවලුත් මේ  ලෝකේ තියෙනවා.. ලංකාවේ ප්‍රසිද්ධ යකැදුරෙක් ඉන්නවා අනුරාධපුර පැත්තේ....ගුරුකමක් කපන්න ගිගින් එයාගේ ඇස් දෙකම අන්ධ වෙලා.. ඉන්නේ ...එයා මේ වගේ වැඩවලට දක්ෂයි..හැබැයි කුකුළා හඩළන්න කලින් එයා ගාවට යන්න ඕනේ...ඔයා ගෙදර මොකක් හරි සලකුණක් තියලා යන්න ඕනේ...එයාගේ බලයෙන් ඒ සළකුණ ගැන කියනවා

" අනේ...පිං සිද්ද වෙනවා....ඩොක්ටර්...ඔය  විස්තර ටික මට දෙන්නකෝ...."

*******************

ඊට පහුවැනිදාම අලුයම් කාලයේදි  හසරැල් හා පුබුදි අනුරාධපුර ප්‍රදේශයේ යකැදුරා හමුවීම සඳහා පිට වී ගියා.

" ඔය ළමයින් ගෙදර තියලා ආපු සලකුණ ි පැන් කලයක් නේද...?"

" එහෙමයි ගුරුන්නාන්සේ...? "

"  මේ ගැහැණු දැරිවියට බලවත් ගුරුකමක් කරලා...රොඩී දැහැනින් ජීවම් කරපු එකක්....කපන එක ලේසි වෙන්නේ නැහැ....මේකට කියන්නේ කියන්නේ  " කලවා බන්ධනය" කියලා....මේ ගුරුකමට හසු වු ගැහැණු කෙනෙකුට කවදාවත්ම පිරිමියෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න බැහැ....! කෙනෙක්ගේ කේන්දරයේ නරකම වේලාවක් බලලා කරලා තියෙන්නේ ... "

" කවුද මේක කරලා තියෙන්නේ ගුරුන්නාන්සේ ....? "

හසරැල් පෙරලා ප්‍රශ්ණ කළේය.

" අංජනම් කණ්නාඩියේ හැටියට නම් මේ දැරිවියගේ පරණ පෙම්වතා තමයි...මේ ගුරුකම කරලා තියෙන්නේ...."

"  මොකක්ද ගුරුන්නාන්සේ රොඩි දැහැන කියන්නේ..."

" බිම්තැන්නේ වැද්දන්ගෙන් තවමත් පැවැත එන කුලයෙන් අඩු ජන කොට්ඨාසයක්...ගුරුකම්වලට පුදුම දක්ෂයි...උන්ගේ ගුරුකම් හැමෝටම කපන්න බැහැ....කපන යකැදුරාත් ආරක්ෂා   වෙන්න ඕනේ...නැතිනම් යකැදුරා කම්මුතුයි...ඔය වගේ එක කපන්න ගිහින් තමයි....මඟේ ඇස් දෙකත් අන්ධවෙලා ගියේ..."

" අනේ සල්ලී කීයක් ගියත්...කමක් නැහැ... ඒ හූනියම අපිට කපලා දෙන්න ගුරුන්නාන්සේ....මේ ප්‍රශ්ණය නිසා අපි දෙන්නා දැන් දික්කසාද වෙන තැනට ඇවිත්.."

" ලබන අමාවක පෝය දවසේ මේක කපමු... මේ බන්ධනය ඉඩමේ වල දමලා තියෙන්නේ...මේක කපන්න ඕනේ මිනි ඔලුවක්....නරි ඔලුවක්....දිය මස්....."

වැනි පූජා භාණ්ඩ ලැයිස්තුවක් මොවුන් අත තැබුවේය.

*************************

බන්ධනය කපන දිනය උදා විය....!

යකැදුරා දිෂ්ඨියෙන් දුම්මල පන්දම අතින් ගෙන ඉඩමේ එහා මෙහා  ඇවිදියි.

" දරුවනේ මෙතැන ගැඹුරට හාරලා බලපල්ලා....."

" එහෙමයි...ගුරුන්නාන්සේ...."

පෙන්වූ එම ස්තානය  ගැඹුරට හෑරීමේදි කුඩා වීදුරු බෝතලයක තුළට ඔතා දමා ඇති තඹ තහඩුවක් හමු විය. එම තඹ තහඩුවේ  කාන්තා රූපයක ඇඳ තිබු අතර එම රූපයේ ලිංගික ප්‍රදේශයේ ඉඳිකටුවක් ගසා බන්ධනය කර තිබේ.

මෙය ඇස් දෙකින් දුටු කොයි කාගේත් ඇඟේ හිරිගඩු පිපෙන්නට විය.

බලවත් වින බන්ධයක් බැවින් හසරැල්ට මෙන්ම පුබුදිටද ආරක්ෂාවක් දමා එම නිවසට හා නිවැසි සියලු දෙනාටමද  ආරාක්ශාවක් සලසන ලදි. ඒ අනුව පුබුදිට ලිංගික සම්බන්ධයක් පැවැත්වීමට පෙර යටිකය ප්‍රදේශයේ තිබු හිරිගතිය පහ වී ගියේ මෙම ශාන්ති කර්මයෙන් පසුවය. හසරැල් හා පුබුදු පලමු වරට ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වුයේ  තම විවාහයෙන්  මාස 03 කට පසු යැයි කිවහොත් ඔබ තවත් පුදුමයට පත් වෙනු ඇත. ඇය එතෙක් කන්‍යාවියක් ලෙස හසරැල්  සමඟ එකට ශයනය කළාය. ද

මෙම වින කැපුම කොතරම් බලවත් දැයි කිවහොත්  මෙම වින කැපුමට සම්බන්ධ ඇස් දෙක අන්ධ  යකැදුරා ඊට පසුදිනම තම  නිදන කාමරයේදීම  නින්දෙන් මිය ගොස් සිටියේ කොයි කවුරුත් පුදුමයට පත් කරවමිනි. පුබුදිට කළ වින බන්ධනය අවසානයේදි එය කැපු යකැදුරා පිටින් ගියේය. ඒ බන්ධනය කළ පුබුදිගේ පරණ පෙම්වතාද  බන්ධනය කපා  සතියක් ඇතුළත හදිසි රිය අනතුරකින් මිය ගියේය. ඒ සියල්ල සිදු  වුනත් පුබුදි හා හසරැල්  දරු සුරතල් බලමින් යහපත් පවුල්  ජීවිතයක් ගත කරමින් සතුටු ජීවත් වෙයි.

                         ~   නිමි ~

==================================
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment