පුංචි කතාවක් ..... කියවලා බලන්නකෝ ... ඔබේ ජීවිතේටද වැදගත් වියහැක..
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
මම තරිණි .... ගම මාවනැල්ල ..... අපේ තාත්තා නෑ .. අම්මානම් කිව්වේ පොල් කඩන්න ගිහින් ගහෙන් වැටිලා මැරුණා කියලා .. ඒත් ගමේ එවුන් කියන්නේ හොරකමේ ගිහින් පොලුපාරක් කාලයි මැරුණේ කියලා .. ඒ මරණෙ කොයි කොහොම උනත් මට වැඩක් උනේ නෑ .. මොකද මට තාත්තගේ මූනවත් මතක නෑ .. අපේ ගෙදර තාත්තගේ පොටෝ එකක්වත් නෑ ....
.....
අපේ ගෙදර කිව්වට කටුමැටි බිත්ති හතරකින් මැදිවුනු එක කාමරයයි .. වහලට තාර ෂීට් .. අපි නිදාගත්තේ , ඉව්වේ , කෑවේ .. ඔක්කොම ඒ කාමරේ ... මට කවදාවත් තාත්තගේ අඩුව දැනෙන්න තිබ්බෙ නෑ මගෙ රත්තරන් අම්මා ... මගේ අම්මා තමයි මේ ලෝකේ මම දැකපු ශක්තිමත්ම ගැහැණිය ..
.....
මට හොඳට මතකයි මම ලොකු ළමෙක් වෙච්ච දවස එතකොට මම දහය වසර .. පාටි, සැරසිලි , තෑගි .. මොකුත් නෑ .. අම්මා හදාගෙන ආපු නැකතට නෑව්වා .. මට හොඳට මතකයි .. එදා මගුල් මේසේ තිබුණෙ කිරිබතුයි සීනි කෙහෙලුයි විතරයි ... එදා අම්මා මාව බදාගෙන ගොඩක් වෙලා ඇඬුවා ... ගොඩක් අවවාද දුන්නා ... ඒත් මට ඒ දේවල් ගැන එච්චර හැඟීමක් තිබුණෙ නෑ .. සමහරවිට ඒ මගේ නොදැනුවත්කම වෙන්න ඇති ......
......
මම ලස්සනයිලු මම නම් දන්නෙ නෑ .. ඒත් පංතියේ කෙල්ලො කියනවා ... කොහොම උනත් කොල්ලො හතර පස් දෙනෙක් මගේ පස්සෙන් ආවා ... ඒත් මට ඒ දේවල් ගැන හිතන්න තරම් වෙලාවක් කොහෙද .. උදේට කෑවොත් දවල්ට කන්නේ කොහොමද කියලයි අම්මයි, මමයි කල්පනා කරන්නේ .... එහෙම ඉන්න මට මොන ආදරේද .........
....
ඒත් එක දවසක් ..... අම්මත් එක්ක පොළට ගිය වෙලාවක .. අහම්බෙන් දැක්කේ ඒ ඇස් දෙක .. මගේ දිහාම බලාගෙන ඉඳලා හිතුවක්කාර හිනාවක් දැම්මා .. කවදාවත් නැතුව හිත හිරිවැටුනෙ ඇයි කියලා මමවත් දන්නෙ නෑ ... පාට ගිය චීත්ත ගවුමක් ඇඳගෙන හිටපු හිඟන මේ මට ඔච්චමට වෙන්න ඇති හිනාවෙන්න ඇත්තේ .. මට එහෙම හිතුනත්...
ස්..ස්..ස්.. නංගි ... ඔයාගෙ නම මොකක්ද ..
අම්මා එළවළු තෝරන අතරෙදි ඒ හිතුවක්කාර ඇස් තියන කොල්ලා මගේ ලඟට ඇවිත් ඇහුවම මට දාඩියත් දැම්මා ...
... මේ මගේ Number 1 ගෙදර ගිහින් call 1ක් ගන්න ..
මම එපා නියන්න ඉස්සල්ලා කොල කෑල්ලක් අතේ ගුලිකරලා ඒ පිස්සා දුවගෙන ගියා .....
....
මොනවා උනත් හරි පරිස්සමට ගුලිකරගත්ත කොල කෑල්ල ගව්මේ සාක්කුවට දාගත්තේ ඇයිද කියලා මටවත් හිතාගන්න බැරිවුණා ..
Number එක ගත්තට මම මොකෙන් කතාකරන්නද .. මට කොහෙන්ද Phone එකක් ... ඒත් ... මට මතක්වුණේ නිමාලි .. මගේ හොඳම යාළුවා ... එයා යාළු වෙලා හිටියේ ආමි එකේ අයියා කෙනෙක් එක්ක .. ඒ අයියා නිමාලිට Phone එකක් අරන්දීලා තිබ්බේ.. මම පහුවදා ඉස්කෝලේ ගිහින් නිමාලිට සම්පූර්ණ සිද්ධිය කිව්වා ... එයානම් කිව්වේ කතාකරලා බලමු කියලා ... ඒත් මගේ හිතේ තිබ්බෙ බයක්ද, ලැජ්ජාවක්ද කියලා මම දැනන් හිටියේ නෑ ... කොහොම හරි මම Call එකක් ගත්තා ....
..
Hello.... කව්ද මේ ...
එහාපැත්තෙන් ඇහුන කටහඬ ඒ පිස්සගෙමයි කියලා මට හිතුනා ..
..
මම මේ ..මේ..එදා ඔයා අර පොලේ ඉඳන් Number එක දීපු නංගි ...
මම බොහොම අමාරුවෙන් කියාගත්තේ ...
...
එදායින් පස්සේ ඉඩ තියන හැම වෙලාවකම මම නිමාලිගෙ Phone එකෙන් කතා කලා ...
.....
තරිණි ... මම ඔයාට ආදරෙයි .....
ඒ තමයි මගේ ජීවිතේ මම අහපු ලස්සනම වචන ටික ...
මමත් ඔයාට ආදරෙයි ...
මම කිව්වා නෙවෙයි කියවුණා ...
එදා ඉඳන් කසුන් තමයි මගේ මුළු ජීවිතේම උනේ .. ආ කියන්න අමතක උනා .. ඒ පිස්සගෙ නම තමයි කසුන් ...
.. දවසක් කතාකරද්දි කසුන් කිව්වා මාව බලන්න ඕනි කියලා.. මමත් ආශාවෙන් හිටියේ එයාව දකින්න ... අම්මට ජීවිතේ පලවෙනිපාරට බොරුවක් කියලා ගෙදරින් ආවා ... මාවනැල්ල ටවුන් එකට ඇවිත් .. ටිකක් වෙලා ඉඳිද්දි තමයි කසුන් ආවේ ..
...
අපි කොහෙද යන්නේ ...මම ඇහුවම
මට ඔයත් එක්ක ටිකක් නිදහසේ ඉන්න ඕනි ..
අපි නිදහස් තැනකට යං ...
එයා කිව්වා ... මාවනැල්ලෙන් ටිකක් ඈතට වෙන්න තිබ්බ හෝටලේකට එයා මාව එක්කන්ගියා .. එයා ඒ හෝටලේ කාමරේකට මාව එක්කන් ගියා.. මට එයා ගැන අවිශ්වාසයක් තිබ්බෙ නෑ ... ඒ උනුහුමට ගුලිවෙලා හිටියේ හරිම ආශාවෙන් ... ජීවිතේ රැකගත්ත දේවල් නැතිවෙලා ... එදා එයා අතින් මම ගෑණියෙක් වෙනකොට මම යම්තම් එකොලහ වසර ... ජීවිතේ ගැන කිසිම බරපතලක් නොතේරෙන වයස ...
.....
ගෙදර ඇවිත් ටික දවසක් ගතවෙනකොට මට උදේ පාන්දර කරකැවිල්ලක් හැදිලා වමනේ ගියා .. අම්මා මේක දැකලා .. මගෙන් හැමදේම ඇහුවා .. මම හැමදේම කිව්වා .. එදා තමයි මම අම්මගේ ආදරේ හරියටම දැක්කේ .. අම්මා මාව බදාගෙන ගොඩක් ඇඬුවා .. ඒත් .. මට එක වචනයකින්වත් බැන්නේ නෑ ....
....
පහුවදා මම හංදියට ගිහින් කසුන්ට කතාකරලා කිව්වා මේ ගැන ...
.. තමුසෙට පිස්සුද තරිණි ... එහෙම දෙයක් වෙන්න කිසිම විදිහක් නෑ ... තමුසෙ වෙන මිනිස්සු එක්ක බුදියලා මගේ ඇඟේ එල්ලෙන්න එනවා නේද .. අනික මම බැඳපු මනුස්සයෙක් ....
ඒ වචන ඇහෙද්දි මට හිතාගන්න බැරිවුණා මේ මට ආදරේ කරපු කසුන්මද කියලා ....
...එයාව හොයාගෙන යන්න ඕනි උනත් මම දැනගෙන හිටියේ නෑ එයා කොහෙද ඉන්නේ කියලා .. මම කවදාවත් අහලා තිබ්බෙත් නෑ එයාගෙන් ...
.... දවසින් දවස කුස මෝරද්දි ගමෙන් අහපු කතන්දර .. නිමක් නෑ .. දෙවියන් බුදුන් පවා නොබලපු මා දිහා .. අම්මා ඒ හැම වචනයක්ම මහමෙර වගේ අහගෙන හිටියා ...
..
මට අමාරුවෙලා ඉස්පිරිතාලෙ නවත්තපු දවසේ අම්මා කෙනෙක්ට දරුවෙක් ඉපදෙනකොට තියෙන්න ඕනි කිසිම දෙයක් මගේ ලඟ නෑ .. කොහොම හරි මට පුතෙක් හම්බවුණා .. උප්පැන්නේ තාත්තගෙ නමට ඉස්සරහින් ඉරක් . ඒ කියන්නේ මගේ කොල්ලා අවජාතකයෙක් ... මම අවුරුදු දාසයක අම්මා කෙනෙක් .. මේ හැමදේම හීනයක් වගේ .. වේලක් ඇර වේලක් කාලා හරි අපි ඉස්සර සංතෝසෙන් හිටියා .....
......
දැන් මම අරාබියේ ඉන්නේ .. මට අවුරුදු විස්සයි පුතාට අවුරුදු හතරයි .. එයා තාත්තා ගැන අහනවා ..මම මොනා කියන්නද ...
..
ජීවිතේ වැරදුණා .. ඒ මගේ නොදැනුවත්කම හින්දා ... ආදරේදී මිනිස්සු ඕනිවට වඩා විශ්වාස කරන්න ගිහිල්ලා ....
......
... දුලංග රත්නායක ....
..
( සත්‍යය කතාවකි .. නම් ගම් වෙනස්කර ඇත ... මුහුණු පොතේ මිතුරියක් විසින් පලකරන්නයැයි කියා පැවසූ ඇගේ කතාවයි ..)
...
" ආදරණීය නංගියේ ...ආදරේ සුන්දරයි .. අපි හැමෝම විඳින්න ආසයි ... අපි ඇත්තටම ආදරේ කරද්දී .. ආදරෙන් අන්ධ වෙනවා කියන්නේ ඇත්ත.. මොකද එතකොට හොඳ , නරක කියන්නේ මොකක්ද කියලා අපිට පේන්නේ නෑ .. අපිට හොඳ නරක පේනකොට ජීවිතේ වරදින්න ඕනි ගොඩක් තැන් වැරදිලා ඉවරයි ... ආය කවදාවත් හරිගස්සන්න බැරි විදිහට ... කොල්ලෙක්ට වැඩිය කෙල්ලෙක්ට ජීවිතේ වරදින්න තියන ඉඩකඩ , අවස්ථා වැඩී ..
ඒ නිසා .. පරිස්සමින් ....)
Dulanga Rathnayaka
උපුටා ගැනීමකි
No comments:
Post a Comment