#කොහොමද___ඒක.....
"ටාං...ටාං....ටාං..."
අඩෝ දනුවා...Interwl ඉවරායි...ඉක්මනට කාපියකො ලෙවකන්නෙ නැතුව..
"අඩේ කැන්ටිමේ ඇන්ටිගෙ වඩේ මාර රසයි බං".
හරි හරි යමං ඉක්මන්ට..දැන් සිංහල පීරියඩ් එක..උඹ දන්නවනෙ professor ගෙ හැටි...
"අඩෝ විකුමො"
මොකද යකෝ..
"Home work කරන්න බැරිවුනා බං".
ආ....උඹ හදන්නෙ පීරියඩ් එක කට් කරන්න නේද.ඒව කොහෙද මගෙත් එක්ක..
"අඩේ මගෙ හොඳ යාලුවනෙ උඹ.උඹට මන් සූටි නංගි බබෙක් යාලු කරල දෙන්නම් හාද".😁
යකෝ ඕම බටර් ගාන්න එපා.කූඹි කයි...😣
____________________________
"විකුමෝ"....
ම්ම්ම්ම්.
"අර බලපන්කො".
මොනාද බං..
"සූටි සූටි කෙල්ලො ගොඩායි බං"😋.
මේ..දනුවෝ..මගෙන් කුනුහරුප අහගන්නෙ නැතුව ඉන්නවද..
"යකෝ කුනුහරුප කියන්නෙපා මෙතන.මේක තොපෙ ගෙදර නෙවෙයි..පුස්තකාලෙ".
ඒක තමයි මී හරකෝ කියන්නෙ..මෙතන ලව් කරන්නෙ නැතුව පොතක් බලාගනින්..උඹ හින්ද සිංහල පීරියඩ් එකත් කට් කරන්න උනා...
ආ..දනුෂ්ක,විකුම්...අන්න උඹල දෙන්නටම සිංහල සර් එන්න කිවුවා..
"අම්මට සිරි..ගම කනවා"වර යන්න..
____________________________
"ආ....මේ මහත්තුරු දෙන්න කොහෙද ගියෙ".
"සිල් ගන්න ගියා හාන්දූනේ".
දනුව කටවහගං..
"මොකක්ද යකෝ කිවුවෙ" පීරියඩ් එක කට් කරලා තව එකට එක කියන්නත් එනවද..වරෙව් දෙන්නම ඉස්සරහට..දනගහපියව් දෙන්නම..😣.
"උඹට දැන් සතුටුද" විලි ලැජ්ජාවෙ බෑ..පන්තියේ ඔක්කොම හිනා වෙනව බං.
'යකෝ..මෙහෙම පන්තියක් ඉස්සරහ දනගහන්නත් පින තියෙන්න ඕනි බං'.උඹ සතුටු වෙයං මං වගේ යාලුවෙක් සෙට් උන එකට..
"ආ..කොහොමද ඒක..උඹ බබානෙ...වරෙන්කො දෝතට අරං නලවන්න"..
'චී..කැත කතා කියන්න එපා බං..ඕන්නම් හවස එන්නම් ගෙදර එතකොට නලවපන්කො.😁
"කට වහපියව් දෙන්නම"😣....
_____________________________
"ඇයි බං අව්ලෙන් වගේ ඉන්නෙ".පොඩ්ඩක් ආතල් එකේ හිනා වෙලා හිටපංකො අපි වගේ..😁
'මේ මචං' උඹට ඉගෙන ගන්න බැරිනම් උඹ ඉස්කෝලෙ එන්න එපා..අපිට පාඩුවේ ඉගෙන ගන්න දීලා උඹ ගෙදරට වෙලා හිටපං..
උඹ නිසා මං හැමදාම චාටර් වෙනවා..උඹලා වගේ යාලුවෝ නිසා තමයි අපිට අපේ ගමන යන්න බැරි..ඒක නිසා උඹ ඕන දෙයක් කරගනින්..මන් කැමති නෑ උඹේ මූනවත් බලන්න....
"විකුම්..උඹ සිරාවටමද කිවුවේ".
ඔව්..
"හ්ම්ම්ම්.සොරි මචං".😢
____________________________
"අනේ විකුම් අයියේ" මට බයයි..
'ඇයි 'ශානිකා' නංගි..අම්ම බැන්නද?.
"අනේ නෑ..ඔයාට ගොඩාක් ගැහුවද?..රිදෙනවද අයියේ..😭😢.
"මොනාද ශානි මේ කියන්නෙ" කවුද ගැහුවෙ..කාටද ගැහුවෙ..
"එ..එ..එතකොට අපේ ලොකු අයියා ඔයාට ගැහුවෙ නැද්ද?.
'පිස්සුද මැට්ටි'
"අයියා ඔයාට ගැහුව කියලා යාලුවෙක් අතින් කියනව මට ඇහුනනෙ".
පිස්සු...
"එහෙනම් ඔයා දුකින් ඉන්නෙ ඇයි".
"මං දනුෂ්කට බැන්නා නංගි ".
අනේ ඇයි...දනුෂ්ක අයිය ඔයාගෙ හොඳම යාලුවනේ..
"හ්ම්ම්ම්".එදා ඉඳල ඌ ඉස්කෝලෙ එන්නෙත් නෑ..
"පව් අයියෙ..දනුෂ්ක අයිය ගොඩාක් හොඳ කෙනෙක්..ඔයා කතා කරන්න එයාට..
"අනේ උගෙ හොඳේ..ඌ වගේ එකෙක් එක්ක හිටියොත් මට මොනා වෙයිද දන්නෙ නෑ...
"ඒයි විකුමා" අන්න උඹේ අතිජාත මිත්‍රයා 'hospitl' එකේලු..ගියෙ නැද්ද බලන්න..
"කවුද බං".
"දනුවා බං".
____________________________
"මොකෝ බං කරගත්තෙ".
ආ විකුමා..උඹ ආවද මාව බලන්න.
"ලැජ්ජයි යකෝ...බස් එක්ක නැගල යන්න බැරි බබෙක්ද උඹ..
"මොකක්ද ඒ කතාව"..
"ඇයි උඹලගෙ අම්ම තමා කිවුවෙ උඹ බස් එකෙන් වැටිල අඬු කඩාගෙන කියලා..
"හ්ම්ම්ම්".
"අනේ හුකේ..උඹ වගේ මොන්ටිසෝරි බබෙක්නෙ මන් මෙච්චර කාලයක් ආශ්‍රය කරල තියෙන්නෙ..
"හා..හා..ඔය ළමය පොඩ්ඩක් එලියට යන්න..අපිට මෙයාගෙන් කට උත්තරයක් ගන්න තියෙනවා"..
____________________________
"දනුවා..මට ඇත්ත කියපං"..
"මොනවද බං".
උඹට කවුද ගැහුවෙ...
"උඹට පිස්සුද බං" උඹ හිතුවද මං එක එකාගෙන් ගුටි කයි කියලා..
"යකෝ බොරු කියන්නෙපා" මට ඇහුනා පොලිස් රාලහාමි උඹෙන් අහපු දේවල්..ලැජ්ජ නැද්ද බං එක එකාගෙන් ගුටිකාලා තව බොරුත් කියන්න..හොඳ වෙලාවට මන් එදා උඹත් එක්ක ගියෙ නැත්තෙ..එහෙම ගියානම් උඹේ පරිප්පු හොද්ද මටත් කන්න වෙනවා..
"ඔව් විකුම්" උඹ හරි..එදා උඹ මගෙත් එක්ක ආවනම් උඹටත් ගුටිකන්න වෙනවා..කෝකටත් උඹ පරිස්සමෙන් ඉඳපම්..
"ඒ මොකද මං පරිස්සම් වෙන්න ඕන" මට ඇත්ත කියපං..කවුද උඹට ගැහුවෙ..
"ශානිකාලගෙ අයියා".
"මොකක්"..
ඔව් බං..එදා මං තනියම යනකොට ඌ තව කොල්ලො දෙන්නෙක් එක්ක ආවා..ඇවිත් ඇහුවා කව්ද "විකුම්" කියන්නෙ කියලා..මට තේරුනා බං උඹේ ලව් එක මාට්ටු වෙලා තමා කියලා.
උඹ තමා බං මගේ හොඳම යාලුවා.
මං නිසා උඹ කොච්චර පෝරියල් කාලා තියෙනවද.ඒත් උඹ වෙනුවෙන් මං මොකුත්ම කරල නෑනෙ බං.ඒක නිසා මං කිවුව "විකුම්" කියන්නෙ මට කියලා..ඒත් උන් ඒක පිලිගත්තෙ නෑ..එකෙක් මගෙ බෑග් එක උදුරලා ගත්තා..
ඊටපස්සෙ බෑග් එකෙන් පොතක් අරං නම බැලුවා..
ආහ්..කියන්න අමතක උනා..එදා මට homework කරන්න බැරිවුන නිසා මං උඹේ සිංහල පොත ගත්තා..උන් බැලුවෙ ඒ පොත..නම දැක්ක විතරයි බඹරු ගැහුව වගේ නෙලන්න පටංගත්ත බං මට..සිහිය එනකොට මං hospital එකේ බං..😑
"ඇයි මචං කලින් කිවුවෙ නැත්තෙ"😢
"යකෝ මෙච්චර ගුටිකාලත් මං ඇඬුවෙ නෑ..උඹ මොකෝ මේ😂.
"මට සමාවෙයං දනූ".උඹ යාලුවෙක් නෙවෙයි මචං සහෝදරයෙක්😢😢.
"ආයි..ආයි..ගොනෝ අතෑරපිය මගෙ අත..
"අඩේ සොරි බං"තුවාලෙ කියල අමතක උනානෙ😁.
"ආ..කොහොමද ඒක."
😂😁😂😁😂😁😂😁😂😁😂😁😂
___නිමි___
......වියරු......
උපුටා ගැනීමකි
No comments:
Post a Comment