දිනූගේ පන්හිදෙන්

කෙටි කතාව....
*."මට තෝව අප්පිරියයි දැන්.තොට ආදරේ කරාට වඩා හොඳයි පාරෙ ඉන්න බැල්ලියෙක් අරන් ඇවිත් හදා ගෙන ඌට ආදරේ කරා නම් "
*." ඒ කියන්නේ පන ,මන් පාරෙ ඉන්න බැල්ලියෙක්ටත් වඩා පහතට වැටුණා ද .මොකක්ද මන් කරපු වැරැද්ද අයියෙ."
*."ඔව් උබ වටේ යන හු&*%යක්.වේ&*&... කම් කරන...බැල්ලි"
*."ඔයා ඇයි අයියෙ මට මෙහෙම බොරු කිය කිය බනින්නෙ.මන් වටේ ගියා කියන්නේ ඇයි?මන් ආදරේ කරේ ඔයාට විතරයි පන.මට මෙහෙම කතා කරන්න එපා.මන් මැරිලා යයි."
*."ඉතින් මැරියන් තෝ....තෝ මහ පව්කාරියක් .තොගේ පව් නිසා තමා මටත් දියුණු වෙන්න බැරී "
*."හ්ම් පන.මන් පව්කාරයෙක් තමයි.ඔය කතාව ඔයා මට මීට කලින් කිව්ව නම් මන් ඔයාගෙන් අයින් වෙනව පන.මන් අයින් වෙන්නම් ඔයාගෙන්.එතකොට ඔයාට හොඳට දියුණු වෙන්න පුලුවන්.එදා ට මාත් සතුටු වෙනව පන,මන් අයින් වුන නිසා ඔයා අද හොඳ තැනක කියලා ."
*."අනේ පලයන් ඉතිම් .තෝ මට මාර වදයක්.මට උබට වඩා හොඳ ලස්සන කෙල්ලෙක් හොයා ගන්න පුලුවන් .උබ ලස්සනයි ද බම්.උබගෙ ලස්සනක්වත් තිය ද ...බලපන් මන් හෙට ම උබට වඩා ලස්සන කෙල්ලෙක් සෙට් කරගෙන උබට පේන්න ඒකි එක්ක යනව."
*."හ්ම්.තරහක් නෑ අයියෙ.මන් ලස්සන නැත්තං ඇයි යාලු වුනේ.කමක් නෑ මන් මේක නවත්තනව.ඔයා සතුටින් ඉන්න"
*."සතුටින් ඉන්නව තමා.මට උබ නැති වුනා කියලා මන් අඩ අඩ ඉන් නෑ ."
මන් අනූ.මේ මගේ ආදරේ .මීට මාස නමයට විතර කලින් අපි යාලු වුනේ.ගොඩාක් ආදරෙන් හිටිය අපි.ඒ වුනාට දැන් මට නම් හිතට බරක් විතරයි මේක.මාත් ආසයි වෙන කෙල්ලො වගේ සතුටින් ඉන්න.ලස්සන ආදරයක් ලැබෙනවා නම් .ඒත් මේක...,අපායක් හා සමානයි.විදවනව විතරයි .සතුටක් නෑ .මන් තීරනය කරා එයාගෙන් අයින් වෙන්න.මෙහෙම ප්‍රශ්නයක් වෙන්න හේතුව වුනේ මන් ජිම් යන්න ආසයි කිව්ව එක.එයා කිව්වෙ ජිම් යන්නෙ වේ&*&... ගැනු කියලා .ඊයෙ උදේ .....
*."පන මට ජිම් යන්න ඕනි "
*." මොකක්ද උබ කිව්වෙ..?"
*."මට ජිම් යන්න ආසයි කියලා ."
*." ඇයි තෝ ජිම් යන එකෙක් එක්කත් යාලු ද .ජිම් යන්න ඕන වෙලා තියෙන්නේ .ගෙදර ට වෙලා ඉදපන්"
*." මොකක්ද අයියේ ඒකෙ වැරැද්ද...කෙල්ලො ඕන තරම් ජිම් යන්නෙ.ඔ‍යාට ඕනි මාව ඉස්සර ගැනු වගේ ගෙදරට හිර කරල තියන්න ද ?"
ඔන්න ඔහොම තමයි ප්‍රශ්නෙ පටන් ගත්තෙ.මේ වෙද්දී එයාට මාව වටේ යන බඩුවක්,වේ$%ක්,හු..%&ක් වෙලා ඉවරයි.එයා මෙච්චර ගොඩේ ද කියලා හිතෙනව.එහෙම හිත හිත ඉද්දී එයාගෙන් කෝල් එකක් ආව.
#."යකෝ හු&%&යෙ මන් මේක නවත්තනව."
මොන කෙල්ලට ද අහන් ඉන්න පුලුවන් ආදරේ කරන කෙනා මෙහෙම කතා කරද්දී .මන් මෙච්චර වෙලා ඉවසුවට මන් එහෙම ඉවසන්න පුලුවන් කෙල්ලෙක් නෙමේ.ඒ කතා කරන විදියට මට දුක හිතුනටත් වඩා මගේ යකා ආවේස වුනා......නිදා ගෙන හිටපු යකාව එයා ඇහැරෙව්ව.මන් හොඳට හොඳ යි.මන් වරදක් නොකර මට කියවනව නම් මගේ සීමාවත් පනිනව.
#." නවත්තපන් ඉතිම් රෙද්ද .මොකට ද කියව කියව ඉන්නෙ .මන් නම් මේක නවත්තල ඉවරයි."
#."හු&*%යෙ තොට හු*&%වනව මන් වේ&."
#."හු.%&තො තෝ කාට ද කතා කරන්නෙ.මෙච්චර වෙලා ඉවසන් හිටියම කරේ නගිනව ද .උබ උබගෙ අම්මට කතාකරන්නෙත් ඔහොම ද .ශික් ඕයි..කෙල්ලෙක්ට කතා කරන්න දන්නේ නැද්ද උබ."
#."අනේ මේ නන්ගි උබෙ අම්මටත් මන් හු*&%ව බලා ගනින්"
ඒකට නම් මට ගිනි පිටවෙන්න ගත්තා.මට මොනව කිව්වත් කමක් නෑ .ඒත් මගේ අම්මට එහෙම කියන්න.එයා අපේ අම්මට එහෙම කිව්ව නම් මටත් පුලුවන් එයාගෙ අම්මට එහෙම කියන්න.මට වටින්නෙ මගෙ අම්ම විතරයි .ඒයාගෙ අම්මගෙන් මට වැඩක් නෑ .
#."තොට ඔච්චර අමාරු නම් තෝ ගිහින් තොගෙ අම්මට හු%&$න්.බල්ල.මට පාඩුවෙ ඉන්න දීපන් "
කියල මන් කට් කරා.කට් කරල මන් එයාගෙ නම්බර් බ්ලොක් කරා.ඊමො,වයිබර්,මැසේජර් බ්ලොක් කරල දැම්මා .කොච්චර කරත් අන්ෆ්‍රෙන්ඩ් කරන්න හිතෙන් නෑ .

ජීවිතේ ම තිත්තයි.
මියයන්න සූදානම් පැරදුම දරන්...සමරන්න එනවා ද සුදු මල් අරන්........
වෙන නම්බර්ස් වලින් කෝල් අරන් එයා කියනව මන් එයාගෙන් අයින් වුනොත් අම්මට කෝල් අරන් මන් එයා එක්ක යාලු වෙලා හිටිය කියල කියනවලු.මගේ ෆෝන් එකෙන්මයි එයා අපේ අම්මගෙ නම්බර් එක අරන් තිබුනෙ.එයාට මගෙන් මොනව ද ඕනෙ.මන් විදවනව බලන්න ඇයි ආස එයා.මට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ එක දෙයයි.මන් යනවා.
පෝස්ට් එකකට කමේන්ට කරල එයා මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඉස්සරහ මාව නෝන්ඩිත් කරා.තවත් මොනව වෙන්න ද .මගේ හොඳ ම යාලුවෙක් මන් එක්ක chat කරා.ඒ තරූ.එයාගෙගෙන් මන් එක දෙයයි ඉල්ලුවෙ.
*."මචෝ මොකෝ සීන් එක.දීපන් මට අයියගෙ නම්බර් එක.මන් කතා කරන්නම්"
මන් අයියගෙ නම්බර් එක ස්ක්‍රීන් ශොටක් ගහල ඌට යැව්වා .
*."ඒ බම් මට උදව්වක් කරපන් "
*." මොකක්ද කියපන් බම්."
*."මන් ගොඩාක් ආසාවෙන් හිටියෙ බම් ෆොටෝ වල වගේ කවදා හරි දවසක අයියත් මට උස්ස ගන්නවත් බැරී ලස්සන රතු රෝස මල් ලොකූ පොකුරක් ගෙනත් දෙයි කියල.මගෙ ඒ ආසව ඉශ්ඨ වුනේ නෑ .ඒක වෙන්නෙත් නෑ .එයාට කියන්න ලස්සනම ලස්සන ලොකූ සුදු මල් පොකුරක් අරන් මව බලන්න එන්න කියන්න.ටිකක් මාත් එක්ක කතා කරල යන්න කියන්න.එදා ට මට නම් එයා එක්ක කතා කරන්න බැරී වෙයි.මන් අහන් ඉන්නව කියන්න.පුලුවන් නම් මාසෙකට සැරයක් මාව බලල කතා කරල යන්න එන්න කියන්න.
මගෙ චූටි කියලා ආදරේන් කතා කරන්න කියන්න.මන් ආසයි එයා මට ආදරේන් කතා කරනවට.එදා ට මට ගොඩාක් සතුටු හිතෙයි.තව එක දෙයක් දෙයක් තියනව බම්.අයියට කියන්න දවසක මන් ආසවෙන් හිටිය වගේ ලස්සන චූටි දු පැටියෙක් අරන් මාව බලන්න එන්න කියන්න.අයියට කියපන් මේ ටික.සතුටින් ඉන්න කියන්න බන්."
*."තොට පිස්සු ද යකෝ...මොනා ද උබ කියවන විකාර.උබට මොනවත් වෙන්න දෙන් නෑ බම් අපි.උබට අපි ඉන්නව කවුරු නැතත් ."
*."මන් මොනවත් කර ගන් නෑ බම්.ඒ වුනාට මට ජීවිතේ ගැන කිසි ආසවක් නෑ දැන් .මට හිතෙනව මන් ඉක්මනට යයි කියල.ඒකයි බම් මන් මෙහෙම කිව්වෙ."
*."හ්ම් බම්.මන් කතා කරන්නම් අයියට."
මන් හිත හදා ගත්තා සේරම අමතක කරන්න.
මන් ක්ලාස් ගියා.ක්ලාස් ගියාට උගන්න ඒව අහන් ඉන්නවත් හිතක් නෑ .ඇස් වලින් කඳුළු එලියට පනින්න බලන් ඉන්නෙ.මන් අමාරුවෙන් ක්ලාස් එකේ හිටියෙ.ඩෙස් එකේ ඔලුව ගහ ගත්තෙ සර්ට ඔලුව රිදෙනවා කියල.හිතට මහා මූසල හැඟීම්ක් දැනුණේ .ක්ලාස් ඉවර වෙලා යාලුවො එක්ක පාරට ආව.මට ඉක්මනට ගෙදර යන්න ඕනි වුනා නිදහසේ පාඩුවෙ ඉන්න.
*."ඒ බන් ටව්න් යමන්."
ඒ සකූ.අපි ක්ලාස් ඇරිලා ටව්න් එකේ ඇවිදල තමා ගෙදර යන්නෙ.
*."අනේ මට බැ සකූ.මගේ ඔලුව රිදෙනවා .උබල පලයල්ල..මන් ගෙදර යනව බම්."
*."හ්ම් කෙල්ලෙ.උබ ඕව ගැන හිතන් එපා.උබ පරිස්සමින් ගෙදර පලයන්.බුදු සරනයි බන්."
*."උබලත් පරිස්සමින් බම්.මන් යනව.බුදු සරනයි.බායි."
එහෙම කියලා මන් හෝල්ට් එක පැත්තට ගියා.ඉස්සර අයියා පාරෙන් එහා පැත්තෙ මන් එනකන් බලන් ඉන්නවා.මැවී මැවී ඒව මට පේනවා.මන් දැක්ක අයියා ඉන්නව එහා හෝල්ට් එකේ.හෝල්ට් එකට ටිකක් දුරින් මන් හිටියෙ.මට හිතා ගන්න බැරී වුනා අයියා එතන ඉන්නව ද ,මට ඒ වගේ පේනව ද කියල.මගේ ඔලුව පිස්සු නටනව වගේ දැනෙද්දී මන් අවසිහියෙන් වගේ පාර පැන්නා .මන් පාරෙ මැද හරියට යද්දී ම වගේ වේගෙන් ආපු තන්ගල්ල කොලඹ ප්‍රයිවට් බස් එකක් මන් ලගටම එනව වගේ දැක්ක.මට කිසිම දෙයක් හිතා ගන්න බැරී වුනා.එච්චරයි දැනුණේ .මට ලොකූ වේදනාක් දැනුණා ඔලුවට .එහෙම්ම මන් හෝල්ට් එක දිහා බලන්න හැදුවා .මට තේරෙන් නෑ හෝල්ට් එක තියෙන්නෙ මොන පැත්තෙ ද කියල.
මගේ ඇස් පියෙවෙන්න බර වෙනව වගේ දැනුණා.මන් අයියව හිතින් මවා ගත්තා.ඒ එක්කම කවුරු හරි මාව තද කරල තුරුල් කර ගත්ත වගේ දැනුණා .ඔව් ඒ උනුසුම.ඒ කටහඩ.එයා අඩනවා.මට ඇස් අරින්න අමාරු වුනත් පුලුවන් විදියට බැලුවා .
*."අ.....යි.යා....... ප...න...
*."ඔව් පන අයිය තමා .නැගිටින්න මගෙ රත්තරනෙ.ආයෙ මන් ඔයාට කුනුහර්ප කියන් නෑ .තරූ කිව්ව වගේ මන් ලස්සන රෝස මල් පොකුරක් දෙනවා මගේ පනට"
ඇස් වලින් කඳුළු බේරෙද්දී මන් මගේ අත අයියගෙ කම්මුලෙන් තියල මන් කවදත් ආස එයාගෙ රැවුල අත ගැව.මන් අමාරුවෙන් ඇස් වලින් ලන් වෙන්න කිව්වම එයා මගේ මූනට ලන් වුනා .මන් ඒ තොල් වලට ලන් වෙද්දී අයියත් මගේ තොල් වලට බර වුනා.මගේ කම්මුල් දීගේ කඳුළු බේරෙද්දී මන් එයාගෙ හුස්ම වැදෙන ගානට මූන අරන් ඒ මූන දිහා බලන් ඉද්දී මට සේරම කලුවර වෙනව වගේ දැනුණා .
*********************************************************
මන් ගොඩාක් සැහැල්ලුවෙන් වගේ හිට ගත්ත.හිට ගන්න බැහැ මට මන් කුරුලු පිහාටුවක් වගේ පා වෙනව විතරයි.එතන එක කලබලයයි.
අයියා පන නේද මේ අඩන්නෙ පාර මැද කෙල්ලෙක් බදා ගෙන.ඒ මදිවට මිනිස්සු පිරිල .සකූලත් අයිය ලගම ඉදන් අඩනවා.
*."අනේ චූටි නැගිටින්නකො රත්තරන්.කෝ මන් දිහා බලන්න මගෙ පන"
මොකක් චූටි....අයියගෙ චූටි මන්නේ .අයියා පිස්සෙක් වගේ අඩනවා.එහෙම හිතල මන් අයිය ලගට ගිහින් එයාගෙ උරහිසට අත තිබ්බා .අනේ එයාට දැනෙන්නේ නැහැනෙ මන් ඇල්ලුවට. මන් එහෙම්ම බැලුවා අයියා කාව ද තුරුල් කරන් ඉන්නෙ කියලා .............
දෙයියනේ ..............................මේ මන්නෙ.......එතකොට මන් කොහොමද මෙහෙම ඉන්නෙ.එතකොටයි මට තේරුනේ.ඒ මගේ පන නැති ශරීරය විතරයි කියලා .මට දැනුණ දුක වචනෙන් කියා ගන්න බැහැ.මේ මන් ආදරේ කරපු මගේ ශරීරය මගේ ඉස්සරහ කිසි ප්‍රානයක් නැතුව වැටිලා තියනවා.
මට යන්න වෙලා සේරම දාල .දෙයියනේ,පන ඔයා මගේ ශරීරය තුරුල් කරන් ඉන්නවා වගේ මටත් ඔයාව තුරුල් කර ගන්න තිබ්බ නම්........
පුදුම ලෝබ කමකින් මන් අයියගෙ ආදරේ දිහා බලන් හිටියෙ.ඇයි පන ඔය ආදරේ මට කලින් දෙන්න බැරී වුනේ.අනේ පන මට ඔයා එක්ක කතා කරන්නවත් තිබ්බනම්....................නෑ මන් ඔයාගෙන් අයින් වෙන් නෑ පන.ඔයා එක්කම ඉන්නවා අයියා පන.
ඒ එක්කම ගිලන් රථයක් ඇවිත් මගේ ශරීරය දාගත්ත.අයියත් නැග්ගා .මාත් නැග්ගා ඇතුළට .මාත් අයියගෙ උකුල උඩින් වාඩි වෙලා හොස්පිටල් එකට යන්න ගියා.ඒ පපුවට තුරුල් වෙලා මන් කිව්ව වැඩක් වෙන් නෑ පන හොස්පිටල් ගියාට කියලා .
ඒ එක්කම මගේ හිත සැනසෙනව වගේ දැනෙන්න ගත්ත නිසා මන් අයියගෙ උකුලෙ ඉදන් ම වට පිට බැලුවා.
*****************ඉස්සරහින් තිබ්බෙ මාතර බෝධිය ***************
මන් ඉස්සර ඉදන් ම ආසයි බෝධියට.ක්ලාස් ගිහින් එද්දී බෝධියටත් ගිහින් ගෙදර යන්නෙ.මාව අයියගෙ උකුලෙන් බෝධිය පැත්තට ඇඳිලා යන්න ගත්තා.අයියත් වාහනෙ ඇතුලෙ ඉදන්ම බෝධිය ට වැඳ ගෙන මොනවාද ප්‍රාර්ථනා කරන්න ගත්තා.මන් අයියා ලගට ගිහින් එයාව තුරුල් කරන් එයාගෙ මූනම කිස් කරල,ඒ තොල් සිප ගෙන අයිය පනගෙ ඔලුවත් අත ගාල,මන් ආසම රැවුලත් ආදරේන් අත ගාල ඒ මූන දිහා බලන් ඉද්දී මාව ඇඳිලා පාවෙලා බෝධිය පැත්තට ගියා.........
මගේ හිත නිදහස් වුනා වගේ දැනුණා .............
**************මන් යනවා පන.උම්මා.ආදරේයි ගොඩාක් ****************
****දිනූ****

දිනුගේ පන්හිදෙන්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment