#කුඩු_කොල්ලා
කෙටි කතාව
ඔව් ජිවිතේ ලස්සනට තිබ්බ මගේ ජිවිතේට මොනවද වුනේ කියලා අදටත් මට හිතා ගන්න බෑ.මගේ නොසැලකිල්ල නිසා ජිවිතේ වටිනම හැමදේම නැති වෙලා ගියා..
එක දෙයක් ඇර..මගේ ආදරේ ඇර අද මට ජිවිතේ කිසි දෙයක් නෑ.අම්මා තාත්තා සහෝදරයෝ නෑයෝ.කවුරැත් නෑ අඩු තරමේ ඉන්න තැනක් නෑ..ඒත් මැරෙන්න ගිය මට එක බලාපොරොත්තුවක් තියෙනවා ඔව් එ බලාපොරොත්තුව, මගේ ආදරේ නිසා මං අද හුස්ම ගන්නවා මේ කුඩ්ඩා හුස්ම ගන්නවා..
නවීන් සංජය මුතුහෙට්ටි..මධ්‍යම පන්තික පවුලක බාල පුතා අම්මා ගුරැවරියක් තාත්තට තිබුනා තොග බඩු කඩයක්..අක්කලා දෙන්නයි අම්මයි එක්ක ගෙවපු සුන්දර ජිවිතේ මගේ..අදටත් ඇස් වහ ගත්තහම මැවිලා පෙනෙන තරම් එ ජිවිතේ සුන්දරයි..
චුටී මල්ලි චුටී මල්ලි,, එ මගේ අක්කා මල්කි..පොඩි කාලේ ඉදන්ම මං ලග ඉදපු මගේ දෙවනි අම්මා.
කෝ මේ හොර කොල්ලා..ඔන්න මං එනෝ..
අක්කා එක්ක හැංගිමුත්තන් තියද්දී දැනුන සතුට ආයේ.කවදාවත් ලැබෙන එකක් නෑ..
හැංගි මුත්තෝ හැංගියෝ නොපෙනී තැනක හැංගිලෝ මල්ලි හොයන් මං එනවෝ..පුරැදු තාලෙට අක්කා ඔය සිංදු ව කියද්දී මට හයියෙන් හිනා යනවා..එතකොට අක්කා දන්නවා මං හැංගිලා ඉන්නේ කොහෙද කියලා..
ඔන්න අල්ල ගත්තා..අක්කා ඇවිල්ලා මාව අල්ලගන්නේ අත් දෙක යටින් අත.දාලා මාව වඩා ගන්න ගමන්
ඔන්න චුට්ටා පරාදයි හරී..දැන් ඉතින් බත් කන්න ඕන හරිද..ඔව් හැමදාම අක්කයි මායී ඔට්ටු දානවා..එ මට බත් කවන්න.ගියහම..
ඔට්ටුව පරාද වුනහම නොකා ඉන්න බෑ.මගේ අක්කා මාත් එක්ක තරහා වෙනවා..
මාලුයි අලයි ගොටුකොළ සම්බෝලයි එක්ක අක්කා මට අනලා කවපු බත් කටේ රස අදටත් මට දැනෙනවා..
අම්මා ගුරැවරියක් නිසා අම්මා පුංචි කාලේ ඉදන් මට කිට්ටු වුනේ නෑ එ වගේම තාත්තත්..පොඩි අක්කා ඉස්කෝලේ දහයේ..එතකොට ලොකු අක්කා උසස්පෙළ කරනවා..
යන්තන් බහ තෝරද්දී ඉදන් මං අම්මා කිව්වේ අක්කට..මගේ අම්මා මගේ සුරංගනාවි වුනේ මගේ අක්කා..අක්කයි මමයි සුදු ම සුදුයි..පවුලේ හැමෝම කිව්වේ අපි දෙන්නා තරම් හොද එකමුතු ලමයි දෙන්නෙක්.කවදාවත් දැකලා නෑ කියලා..
අක්කට අවුරුදු විසිහතරක් වෙද්දී මම සාමාන්‍ය පෙළ පන්තියේ ඉදියේ..කොච්චර ලොකු වුනත් අක්කට මාව පොඩි දරැවෙක්.
චුට්ටා තෝ බොන්න, චුට්ටා බත් කන්න ,චුට්ටා රෙදි ටික.තියන්න මම හෝදන්න..ඔව් එ එයාගේ ආදරේ කරැණාව..වදපු අම්මටත් වැඩියෙන් මං ඇයට ආදරේ කරා..අම්මා තාත්තා සල්ලි පස්සේ නැහෙද්දී මට අම්මා වුන මගේ අක්කා..
චුට්ටා..
මොකු අක්කි..
නෑ මේ..
කියනොකෝ ඉතින් ඇයි කියලා..මං අක්කගේ මූනෙන් දැක්කේ අලුත් පැහැපත් පෙනුමක් එ ඇස් දිලිසෙනවා..
නෑ අර රට ඉන්නේ මගේ යාලුවෙක් හසංක කියලා..
ඉතින් ඔව් මං දන්නවා අර හැන්ඩි පොරනේ..ඉස්සර මෙහේ එන්නේ..
ඔව් එයා තමයි..අක්කා කියන්න ආපු එක නතර කරලා ලැජ්ජාවෙන් බිම බලා.ගත්තා..
මොකද ලොකු මේ..ඇයි කියනවකෝ..වද කරලා අක්කගෙන් මම ඇහුවා..
හසංක මාව මැරි කරන්න කැමති වුනා..අක්කා එහෙම කියලා ගෙට දිව්වා..
මට එදා කරන්ට් එක වැදුනා වගේ වේදනාවක් දැනුනෙ..මගේ අක්කා මගේ අක්කා කාටවත් දෙන්න තරම් හිත හයිය නෑ මට..
හසංක අයියා ගෙදර ඇවිල්ලා ගෙදරින් ඇවිත් අක්කා ගැන ඇහුවේ..හසංක අයියා ගොඩක් හොද මනුස්සයෙක් නිසා ගෙදරින් එයාට කැමති වුනා.
විෂ්වාස කරන්න මේ පිරිමි ඇස් දෙක එදා කාමරේ දොර වහගෙන හොදටම ඇඩුවා..මං කොහොමද දරා ගන්නෙ.
අක්කා බැදලා ගියහම මම තනි වෙනවා කියලා මම දැනන් ඉදියා ..
එදායින් පස්සේ මම පුරැදු වුනා අක්කව මග අරින්න..හසංක අයියා ගෙදර ඇවිත් අක්කා එක්ක කතා කරද්දි මහා රිදුමක් දැනුනා පපුවට.
මල්ලි මල්ලි දොර අරින්න පැට්ටෝ තේ එක ආ,,,
අක්කා කාමරේ දොර ලගය ඇවිල්ලා කියද්දී මං සද්ද නැතුව ඉදියා..
දොරට ගහලා ගහලා අක්කා දොර ලගින් ගියේ මම.කතා නොකරපු නිසා..
අක්කා මට ඉස්සර වගේ ආදරේ කරත් සැලකුවත් මට එ ආදරේ අඩුවක් දැනුනා..මට හිතුනේ හසංක හින්දා මාව අමතක වෙලා කියලා ..
කාලයක් එක්ක මං හුදකලා වෙද්දී මහා පාලුවක් තනිකමක් දැනුනා මට..
ඒක වැඩි වුණේ අක්කා හසංක ව බැදලා ගෙදරින් යද්දී..වෙඩින් එක දවසේ අක්කගේ මූණේ තිබ්බ සුරංගනා පෙනුම මට පුංචි කාලේ මතක් කරා..
හවස පිට වෙලා යද්දී අක්කා ඇඩුවේ අම්මා තාත්තා දාලා යන්න බැරි දුකට නෙවෙයි මාව දාලා යන්න බැරි දුකට..එදා අක්කව තුරැල් කරන් පොඩි එකෙක් වගේ මං ඇඩුවා..තාත්තා ලගට ඇවිත් මාව අයින් කරේ ඇස් වල කදුලු පුරවන්...
අවුරැද්දක් ගෙවුනේ අක්කා නැති වේදනාවෙන් මං හැමදාම විදවද්දී..
චුට්ටා බත් කෑවද?? ගෙදර ඉද්දි මට එ ආදරේ පිරිච්ච කඩහඩ දෝංකාර දුන්නා...
පුලුවන් හැම වෙලෙම අක්කා ගෙදර ආවා මට කතා කරා..අක්කා හසංක එක්ක ඉදියේ හුගක් සතුටින් කියලා එ මූන බැලුවහම පෙනුනා..
ඔන්න චුට්ටා ඔයාට සුභ ආරංචියක්,,අක්කා ගෙට ගොඩ වුනේම එහෙම කියාගෙන..
මොකක්ද ??
ඔන්න ඔයා බාප්පා කෙනෙක් වෙන්න යනවා අක්කා මගේ ලගට ඇවිත් කියද්දී මට දැනුන සතුට..
ඔය ඇත්තමද? මං ඇහුවේ පොඩි දරැවෙක් වගේ උඩ පැන පැන..
ඔව් ඒත් මගේ පළවෙනි දරැවා ඔයා තමයි..අක්කා හැගීම්බරව කියද්දී හිත පිච්චුනා..
මාස නවයක් වෙනකල් අක්කා කන්න ආස දේවල් මං හොයා ගෙන අරන් ගියා..මල්ලි වුනත් පිරිමියෙක් වෙච්ච මං එ ඉදිමෙච්ච කකුල් පවා තැව්වා.පව් නෑ මේ ඉන්නේ මගේ අම්මා අක්කා නෙවෙයි..
ජිවිතේ කනපිට හැරැණේ එක මූසල වැහි දවසක..මගේ අක්කට දරැවා ලැබෙන්න අමාරැ වුනා..මං ඉදියේ උසස්පෙළ ට ලෑස්ති වෙමින්..
එකවරම නිවසේ දුරකථනය නාද වුනා..මං ගෙදර තනියම ඉදියේ ඉක්මනට දුරකතනය ලගට ගියේ කවුද බලන්න..
මල්ලි මල්ලි මජ හසංක අයියා.එ කටහඩේ තිබ්බෙ කලබල ගතියක්..
ඇයි ඇයි අයියයෙි කියන්කියන්න..මං ඇහුවේ හිතට දැනිච්ච බයට..
කතා කර කර ඉන්න වේලාවක් නෑ බං ඉක්මනට හොස්පිටල් එකට වරෙං..අක්කට අමාරැයි..අයියා කියද්දී සත්තයි ගැහුනා මාව..
ඇදන් ඉදපු ඇදුම පිටින්ම වීල් එකක නැගිලා හොස්පිටල් එකට ගියේ දෙයියෝ බුදුන්නට වැද වැද මගේ අහිංසක අක්කට කරදරයක් වෙන්න එපා කියලා..
හොස්පිටල් එක ලගින් මං බැස්සා නෙවෙයි පැන්නා .ඉක්මනට දුවන් ගියේ සූතිකාගාරයට ලගට.යද්දී හසංක අයියයි එයාගේ ගෙදර අයයිත් එතන..
අයියේ අක්කලට කොහොමද?
අක්කගේ පෙෂර් වැඩි වෙලා මල්ලි..බබෙක් ලැබෙන්න ඉද්දී ඒවා නෝමල් වෙන්න ඔන..
අයියා කියද්දී මට දැනුනෙ පපුව හිර වෙනවා වගේ..
අක්කට නෝමල් ඩිලිවරි එකකට යන්න බෑ සීසර් කරනවලු..අක්කගේ නැන්දම්මා කියපු වචන පිච්චුනා මාව..
විනාඩි තිහකට පස්සේ තියටර් එකෙන් එළියට ආවා වෛද්‍යවරයගේ මූණේ තිබ්බ අදුර දැක්කහම හසංක අයියට කලින් මම ඩොක්ටර් ලගට දිව්වා..
ඩොක්ටර් ඩොක්ටර් මගේ අක්කට කොහොමද එයා හොදින් නෙිද..එක දිගට මං අහ ගෙන ගියා..
ඩොක්ටර් මුකුත් නොකියා බලන් ඉද්දී හසංක අයියත් ඒකම ඇහුවා .
අයිම් සොරි මිස්ට අපිට වයිෆ් ව බේර ගන්න බැරි වුනා..දරැවා ජිවතුන් අතර..එගෙයින් සොරි අපි උත්සහ කරා..ඒත්
එතනින් එහාට මට මුකුත් ඇහුනේ නෑ.එතනම බිම ඉද ගත්තා මම..දෙයියනේ මගේ අක්කා මගේ සුරංගනාවී..මං රෝහල දෙවනත් වෙන්න කෑ ගැහුවා..හසංක අයියා අඩන්නෙ ගත්තේ බිත්තියේ ඔලුව ගහගෙන..
ජිවිතේ නැවතුනෙ වැරදුනේ මගේ අක්කගේ මරණෙත් එක්ක..දවස් තුනක් අක්කගේ නිසල දේහය ලග මං බලන් ඉදියා කිසිම කෑමක් බීමක් නැතුව..
පුංචි කාලේ කරපු සෙල්ලන්,එයා කියලා දීපු කතන්දර මට මතක් වුනා ඇඩුවේ නෑ ඒත් පපුව ඇතුල ගිනි ගොඩක්..
සුදු සාරීය ඇදලා ඉදපු එ ශාන්ත රැව වෙනදටත් වඩා.ලස්සනයි..ඒත් එයා කතා කරේ නෑ..මං දිහා හැරිලා බැලුවේ නෑ අඩන්න එපා.චුට්ටෝ කිව්වේ නෑ..
මාව පොඩි කාලේ ඉදන් වඩාගෙන.නලවපු මාව.කරේ තියං ඇවිදපු මගේ අක්කගේ නිසල සිරැර ගෙදරින් අරන්.යද්දි මං මහා හයියෙන් බෙරිහන් දුන්නා..
යන්න එපා අක්කේ මාව දාලා යන්න එපා මගේ රත්තරං සුරංගනාවි නැගිටින්න..,,
මලගෙදර ඉදපු හැමෝම ඇඩුවා..මේ තරම් දැඩි සහෝදර බැදීමක්..
අක්කගේ දේහයට එක කොනකින් කරට ගත්තේ මං..එයා මාව කරේ තියං ගියා වගේ අද එයා මගේ කර උඩින් යනවා..
අක්කව මිහිදන් කරපු වළ ලගින් මාව අරන් යන්න කාටවත් බැරි වුනා.එ වළට මාවත් දාන්න කිව්වා..
හැමදේම වෙනස් වුනේ එදාට පස්සේ.ගෙදර මිනිස්සු අතරින් මං දුරස් වුනා.අක්කගේ මතක අතර මං ජිවත් වුනේ..ගෙදර ඉද්දී අක්කා ඇදපු රෙදි වලින් මට එ සුවද දැනුනා..
ජිවිතේ තිත්ත වුනා..එපා වුනා..මේවයෙන් නිදහස් වෙන්න හිතුනා..
ඔය අතර තමයි මං සිකරට් බොන්න පුරැදු වුනේ අන්තිමට අරක්කු..
යාලුවො එක්ක එකතු වෙලා තූල් පාරවල් දැම්මා ජොයින්ට් ගැහුවා..හැමදේටම ඇබ්බැහි වුනා.බොන්න සල්ලි හොයා ගත්තේ ගෙදරින් හොරකං කරලා..අම්මගේ රත්තරං බඩු අරගෙන විකිනුවා..
මේ අතර ගෙදර මිනිස්සු දැන ගත්තා මං හොරකන් කරනවා කියලා..එ පපුවල මං වෙනුවෙන් දුකක් තිබ්බෙ නෑ..
පස්සේ දැන ගත්තේ මං අරන් හදාගත් දරැවෙක් කියලා..ඔව් ඒකයි මාව නොබැලුවේ..අනාථ මට ආදරේ කරැනාව දුන්නේ මගේ අක්කා විතරයි..එයත් මාව දාලා ගියාට පස්සේ මං තනිවුනා..අන්තිමට ගෙදරින් මාව එලෙව්වේ මං මත්ද්‍රව්‍ය වලට හුරැ වෙලා කියලා දැනගෙනමයඑදා ගෙදරින් බැස්සේ කාත් කවුරැත් නැති අනාථයෙක්..
අම්මා තාත්තා පොඩි අක්කා කාටවත් මං ගැන දුකක් තිබ්බෙ නෑ.වෛරයක විතරයි ..තිබ්බ ඇදුම් ටිකත් අරන් ගෙයින් එලියට බැස්සේ ලොකු අක්කගේ ලස්සන ෆොටෝ එකකුත් අරන්..
යන්න තැනක් නෑ අනාථයෙක් මං.
"මච්චං නවියා..අප්පට උබව දැක්ක කල්..බෝක්කුව ලගි වාඩි වෙලා ඉද්දි එතනට ආවේ රාජා අයියා..
රාජා අයියා,,
නවින් මල්ලි උබට මොකක් හරි අවුලක් ද.?රාජයියා සුහදව අහද්දී මං හැමදේම කිව්වා මුල ඉදන් කිව්වා..
එතකොට උබට ඉන්න තැනක් නෑ..
මං හිස වැනුවේ ඔව් කියන්න.
හරි මෙහෙම කරමු.උබ යමං අපේ ගෙදර.හැබැයි කොල්ලෝ උබට උබේ ගෙදර වගේ පහසුකම නම් නැ එහේ
.
කමක් නෑ රාජයියා දැන් උලත් එකයි පිලත් එකයි..
හරි එහෙනම් යමං..
එදා මං රාජයියා එක්ක ඔහුගෙ මුඩුක්කු වේ පැලට.ගියා..මගේ අලුත් නවතැන වුනේ එතන..රාජයියා කන්න හොයා ගත්තේ හොරකං කරලා..මාත් එ වැඩේට බැස්සේ රස්සාවකට යන්න කිසිම ලියකිවිල්ලක් මං ලග තිබුණේ නැති නිසා..
හොරකං කරන එකෙනි මං කරේ ගංජා ගහපු එක..මුඩුක්කුවේ කොල්ලෝ එක්ක අරක්කු බීපු එක..එ විතරක් නෙවෙයි අන්තිමට භයානකම දේ කුඩු..ඔව් මං කුඩු ගැහුවා.මුලින් නුහුරු වුනත් පස්සේ මට කුඩු නැතුව ඉන්න බැරි වුනා..
කුඩු බොන්න සල්ලි නැති වෙද්දී අත පයකපා ගත්තා වෙව්ලුවා මාව..අක්කා නැති දුක මං නැති කරගත්තේ කුඩුකාරයෙක් වෙලා..කවුරැත් හිතන්නේ නෑ තමන්ගේ අක්කා මැරිච්ච දුකට කොල්ලෙක් කුඩු ගහනවා කියලා..ඒත් ඒකයි ඇත්ත..
දවසක් කුඩු නැතුව අමාරුවෙන් ඉද්දි සල්ලි නැති වුනා පැකට් එකක් ගන්න ..කරන්න දෙයක් නැති පාර අවුරුදු විස්සක විතර කෙල්ලෙක් ගේ මාලේ කඩන් දිව්වා..එතකොට කෙල්ල කෑ ගහද්දි තමයි කවුරැ හරි මට ගහන්න අල්ල ගත්තේ..
ඒත් දෛවය පුදුමයි..එ කෙල්ල එ මිනිස්සුන්ගෙන් මාව බේර ගත්තා..එ ඇස් වල තිබුණේ අමුතු පෙනුමක්..කට්ටිය එතනින් ඉවත් වෙද්දී කෙල්ල මං ලගින් වාඩි වුනා.
ඇයි මගේ මාලේ කඩන් දිව්වේ..ලතාවකට පොඩි කට අමුතු කරලා අහද්දී මං ගොලු වුනා..
ඔයා ගොලුද ඇය එ පාර හිනාවෙනවා..මං එ කතා කරන ඇස් දිහා බලන් ඉදියේ වශී වෙලා..
හරි හරි කතා කරන්නේ නෑනේ.ඔන්න මං ගියා..ඇය යන්න හැරැනා..
ආ මේ ඔන්න ආයේ මේවා කරලා අහුවෙන්න එපා හරිද? මං වගේ කවුරැත් බේර ගන්න එකක් නෑ..කියලා ඇය එතනින් ගියා..
කවදාවත් නැතුව හිත හෙල්ලුනා..දවස් ගානක්.කල්පනා කරේ ඇය ගැන..එ කතා කරන ඇස් හිනාව මට මැවිලා පෙනුනා..
මාසයක් ගිහින් අහම්බෙන් ටවුමෙදී ඇයව දැක ගත්තේ
කොට ෂෝට ඇදන් සිකරට් එකක් බීබි ඉන්න මාත් එක්ක ඇය හිනාවුනේ සුහදව.
කිසිම ආඩම්බරයක් නෑ..එදා පුලුවන් වුනා එයාගේ නම්බර් එක ඉල්ල ගන්න ..ටික කාලයක් යද්දී ඇය මට මගේ අක්කා තරමට සුහද වුනා ලං වුනා..
ඇයම මට ආදරේ කියද්දී මට හිතා ගන්න බැරි වුනා..මං කුඩ්ඩෙක්.ගංජා කාරයෙක්.බේබද්දෙක්..ඒත් මට මං වගේ කාලකන්නියෙක්ට ආදරෙයි කිව්ව පලවෙනි කෙල්ල..
අක්කට තරමට මං සවිනිට ආදරේ කරා..කුඩු වලට වගේම මං එයාට ඇබ්බැහි වුනා..
ඇය මට කුඩු බොන්න එපා කිව්වේ නෑ වෙනසක් කරේ නෑ.සවිනි තේරුම් ගත්තා මට කුඩු නැතුව ඉන්න බෑ කියලා..
ගාමන්ට් ගිහින් ගත්ත හැම සතේම මට වියදම් කරා..ඒත් කවදාවත් මං අසිහියෙන් ඉදියත් සවිනිට කරදරයක් කරේ නෑ.වෙන කොල්ලෝ වගේ රෑම් එක්ක ගියේ නෑ..
සවිනි මාව පන්සල් එක්ක යන්න පුරැදු වුනා..කලුතර බෝධීයට හැම ඉරිදම එක්ක ගියා..හිත වෙනස් කරා..මටම තේරැම් යනකල් කුඩු ගංජා ගහන එකේ පල විපාක..ඒත් අමාරැයි කුඩු නැති වෙද්දී අත පය කපා ගත්තා..
අන්තිමට සවිනි තීරණය කරේ පුනුරුත්ථාපන කදවුරකට මාව යොමු කරන්න..අවුරුදු දෙකක් කදවුරේ ඉද්දි මට තේරැනා මං හුගක් දේවල් ඉගෙන ගත්තා..අන්තිමට මාව හරි පාරට යොමු කරේ මගේ කෙල්ල සවිනි..අක්කට පස්සේ මට මුණු ගැහුන වටිනම වස්තුව..
කුඩුකාරයෙක් කියලා සමාජ මාව හංවඩු ගහද්දි සවිනි මාව තේරුම් ගත්තා මාව දාලා නොගිහින්..එ ආදරේ මාව හොද මිනිහෙක් කරා..කවුරැත් පිලිගන්න එකක් නෑ මං කුඩ්ඩෙක් වුනේ කෙල්ලෙක් ගේ ආදරේ නිසාවත් වෙන හේතු නිසාවත් නෙවෙයි..අක්කා ගෙවුන හැම දවසකම මගේ හිතේ ජීවමාන වෙලා ඉදියේ..එ ආදරේ අදටත් මට වටිනවා..
අද මං පුනුරුත්ථාපනය කදවුරෙන් එළියට එන දවස..මගේ සවිනි මං එනකල් බලන් ඉන්නවා..
ජිවත් වෙන්න අරමුණක් දීපු ආදරේ මූන බලා ගන්න මම කදවුරෙන් එළියට ආවේ නොඉවසිල්ලෙන් ..ලබන මාසේ සවිනි මායී බදිනවා..
කාලය ගිහින් හරි ඉක්මනට..පුංචි දරැවෙක් වෙලා ඉදපු අද මම දරැවෝ දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්..ඉතින් එච්චරයි ඔව් එච්චරම තමයි...
(#කවීකාරි)
උපුට ගැනීමකි
No comments:
Post a Comment