කන්නකී ඇයයි

#කන්නකී #ඇයයී

මම සල්ලාලයෙකී...
ටවුමේ කරක් ගහන මා.සල්ලාලයෙකී ...
කොන්ඩ ය බෙල්ල ලගට වවා, වම්කන ලගිනි බාබර් කැපූ ඉරි දෙකකී...වම් ඇහි බැමත් එයටම නෑකම් කියයී...

වැරදිලාවත් කෙල්ලේ කූ නම් මා දෙස බලන්නේ නැත..
බෙල්ලට ටයි එකක් නැත... ජිම් ගොස් පුම්බා ගත් මස් ගොබ ද නැත..
ජැන්ඩි පහට ඇදීමට ඇදුම් ද නැත....

මාගේ හිත ගිය කෙල්ලේ කී...අවසර බැලීමට පමණ කී.....
ඇයට කොල්ලේක් සිටී
මට නැතී සෑම දේම ඔහුට ඇත...
හයිබ්‍රිඩ් ප්‍රියස් එකකී..
දෑස් වල අවු කන්ණාඩියකී...

එකී කෙල්ල වැරදිලාවත් බිමට බහින්නේ නැත... උඩගූ කෙල්ලේකි.. වරක් බැලිමී

දෙවරක් බැලිමී..මට අහිමි මගේ වස්තුව නිසා නැවතත් බලා සිටියෙමී...

බෙල්ල තද විය...

ජැන්ඩි පහට ඇදගත් කොල්ලාය...

මන් තුස්නිම්භූත විමි....
බෙල්ල අතෑරි ඔහු මගේ ශර්ට් එක පිහදන්නට විය...

"කිරි කෑල්ල න්හ්...."

"උබටත්  රන් කරන්න ආසද...."

තොල් අග සිරවූ දුම් වැටියකී

"උගුරක් ..."

දුම් ගුලි විසිරමින් මට දුම්වැටිය දුගු කලේය.

මන් අතින් එපා යැයි සන් කලේමී....

පව් අහිංසක කෙල්ල මටම සිතිනි...

ගිහින් කියන්නද...කීවොත් නම් කනේ පාරකී  ..ඒ සමාජ යේ මගේ තැනය... එහෙත් ජැන්ඩි පහට ඇදපූ කලිසමට ඔය කෝකත් කැමතිය...

"උවමනාවක් උනොත් කියපන්...මේකී දිගටම රන් කරන්න අයිඩියා එකක් නෑ...
ඩීල් එකට කැමති නම් කෝල් එකක් දියන් ...."

අත තැබුවේ නම ලියූ කාඩ් පතකී..

සාක්කුවේ දාගතිමි...

අවසන් වරට දැකිමි කතාකලෙමි..
මට ඇය රැවීය...

දින සති මාස අවුරුදු ගෙවිය...

කාලය ගෙවිනී.. ඒ රුව නැත ... නමුත් ඔහු හමුවිය..  ඇය සිටි තැන අලුත් කිරි කෑල්ලකී

විටෙක ඩාලින් ය..තවත් විටෙක වස්තුය...
අතේ ෆෝන් දෙක තුනකී...

එක පිට එකාට මැසේජ් යවයි.....  මන්හිස් ඌ දෑසින් බලා සිටියෙමී

ඒ රුව මතුවිය...

මේ තරුනයාට ගානක් නොවීය... ඇය ඔහු වෙතටම ඇවිත් සිනාමුසුමූනේන් සංග්‍රහ කලාය...

"මන් හෙට එබ්‍රෝඩ් යන්වා ෆියොන්සි එක්ක... .."

ඔහු ඇය ආ විගසම දමා ගැසුවේය...මූනේ දාඩිය මුගුරුය. සුදු සම රතුවී තිබීනී..

මගේ හිතේ ආදරය උත්සන්න විය..

"ඩාලීන්... "

ඔහුගේ අතේ එල්ලූනේ කාර් එකේ සිටී  උඩැක්කීයයී

මට මහත් දුකක් දැනිනි..

කාලය ගතවිනී

යම් තරමක පිලිවෙලක් උනෙමී .. මටම බිස්නස් එකක් පටන් ගතිමි ... බ්ලොක් ගල් වැඩපලකී... අතමිට සරු විය... නපුත් මගෙ පෙනුම වෙනස් කිරීමට අවශ්‍ය නොවිනී.එහෙත් යම් තරමක් වෙනස් විනි . ඇග පිම්බිනි...
එහෙත් ජිම් නොගියෙමි ...දිනපතා බර වැඩ කලෙමී.. ..

ටවුන් එකෙ කරක් ගැසිමි..
කෙල්ලන් වරින් වර හැරී බලයී...
කෙල්ලන් නිසා චාටර් වීමට උවමනාවක් මට නොවිනී..

ඒ රුව සෙව්වේමී

බැදාලා ඇති..බාගදා බබාලත් ඇතී මටම කියාගතිමී..

නිශ්පල විය.ගෙදර යන්නට ආවේමී...

සිවුරු හන් බාමිනි ඉදිරියට ගියෙමී .. ඇගේ හැපිනී...

වහා සිසි කඩ විසීරී තිබූ දෑ එකින් එක ඇහින්දෙමී...

"සමාවෙන්න '

මන් එසේ කි විට ඇය මා සමග සිනාසුනේය

අවිශ්වාස ය මන් දෑස් පිහ බැලුවෙමී..
ඇය එතනමය..
මගේ සිත් ගත් රුව විය....
ඈ මා මගහැරියාය.. අලුත් බලාපොරොත්තු වකි...
දිනක් බැලුවෙමි දෙකක් බැලුවෙමී... ඒ රුව නැත...

ජැන්ඩි පහට ඇදගත් තරුනයාද මාස ගානකින් මුන නොගැහිනි....

අදහස අත් නොහැරිමි... 

දිනෙන් දින මග බැලිමි

කාලය ගත විනී...

මාත් ප්‍රියස් එකක අයිති කාරයෙක්මී...

ඇය ...😮

බලාසිටියෙමී...

ගිනි අව්වේ පයින් යන ඇයට ලිෆ්ට් එකක් දෙන්න ඕනේ උනත් ඇය ගැන නිගමනේකට එන්නට මට අවශ්‍ය විය...

හබාගියෙමී .. නතර විනි...

අපේක්ෂා රෝහලයී

වාහනයෙන් බැස පසුපසින් ගියෙමි...

පිරිමි වාට්ටූවයී...

දෑස් මවිත විය.. ජැන්ඩි පහට ඇදි තරුනයා... ඇටසැකිල්ලක් මෙන් ගිලන් ඇදක විය... .සත්තකින්ම හිත කම්පා උනී....

'අහිංසකී "

මටම කියවිනි...
මටම විකුනන්නට හදපූ ඈ.. අද ඔහුටම උපස්ථාන කරයී... පින්කතකී... .

මම ආපසූ හැරුනී..

දෛවයේ සරදම ... ඔහු සිටින් තැනත් මා සිටින තැනත් උඩු යටිකුරු කල අරුමය...

මෙවන් ගැහැනුන්  අතලොස්සකී.......
මදක් සිතන්න... ඔබේ ආදරවන්තිය..ආදරවන්තයා..බිරිද ස්වාමිපුරුෂයා ......

ඒ කවුරුන් හෝ ඔබට වඩා ඉදිරියෙන් සිටින වග අමතක නොකරන්න ....
සියලූ දෑ හමුවේ මෙවන් කැපකිරීම් කරන මනුශයයෝ හමුවන්නේ අතලොස් පිරිසකටය...

🌷🌷🌷පියුමි සේනාධීර 🌷🌷🌷

උපුටා ගැනිමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment