ට්‍රීං... ට්‍රීං....
"හලෝ.."
"මේ මිස්ටර් ආදිත්‍යද..."
"ඔව් එයා තමයි...මේ කව්ද.."
"මම ඩොක්ටර් සේනාරත්ත..නවලෝක හොස්පිට්ල් එකෙන්..."
"ආ කියන්න ඩොක්ටර්...ඇයි දන් නැ..."
"මිස්ටර් ආදිත්‍ය..මේ දැන්ම නවලෝක හොස්පිට්ල් එකට එන්න...ගේට් එක ලඟට ඇවිත් මට කෝල් කරන්න..."
"හරි ඩොක්ටර්..."
ආදිත්‍යගේ හඳවත වේගයෙන් ගැහෙන්න ගත්තා...මේ මොකටද එන්න කියන්නේ කියන කාරණේ ගැන..ආදිත්‍ය ඉක්මනින්ම කාර් එකේ යතුරත් අරන් පහලට යද්දි අම්මාගේ ඇඟේ වැදිලා අම්මාගේ අතේ තිබුන වතුර වීදුරුව බිම වැටිලා කුඩු වෙලා ගියා...අම්මාව ගිහින් සෝෆා එකට වැටුනා...
"අම්මා අම්මා ඔයා හොඳින් නේද.."
"ඔව් පුතේ කොහෙද මේ ගාලකඩාගෙන දුවන්නේ..."
"හොස්පිට්ල් එකට අම්මා මොකටද මන්දා නවලෝකෙන් ඩොක්ටර් කෙනෙක් කතා කරා..."
"අනේ රත්තරනේ දැන්ම යන්න එපා..අසුභ ලකුණක්නේ..."
"පිස්සුද අම්මා...හොස්පිට්ල් එකෙන් කතා කරේ..විනෝද ගමනක් නෙමෙයි පහුකරන්න...මං යනවා..."
කොල්ලා අම්මටත් වැඳලා යන්න ගියා...විනාඩි 30කින් විතර නවලෝකෙට යාගන්න පුලුවන් වුනා..ගිය ගමන් කොල්ලා එයාට කොල් එක ආපු නම්බර් එකට ගත්තා..
"හලෝ ආදිත්‍ය ඔතන ඉන්න ගාර්ඩ් කෙනෙක්ට කියන්න ඩොක්ටර් සේනාරත්න එන්න කියපු කෙනා කියලා...එයා එක්ක එන්න..."
"හරි ඩොක්ටර්.."
අාදිත්‍ය එතන හිටපු ගාර්ඩ් කෙනෙක් එක්ක ඇතුලට ගියා...ඔහු ගෙනගියේ ඩොක්ටර්ලා ඉන්න පෞද්ගලික කාමරයට...එ් නිසා ආදිත්‍ය හිටියේ අවුල් ජාලයක පැටලිලා...
"ඩොක්ටර් මේ මහත්තය කිව්වා.."
"ආ හරි...සුමනේ දැන් යන්න..."
ඩොක්ටර් එහෙම කිව්වම ගාර්ඩ් යන්න ගියා...
"ඩොක්ටර් මට එන්න කිව්වේ..."
"ආදිත්‍ය මේක අහලා කලබල වෙලා දුවන්න හදන්න එපා...එහෙම වුනොත් මෙතන ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා...ඒ නිසා මං කියන එක අහලා කලබල වෙන්න එපා..ආදිත්‍ය දන්නවද දිනූෂි කියලා කෙනෙක්..."
"දිනූෂි අනේ ඇයි ඩොක්ටර් මගේ කෙල්ලට මොකද..කෝ එයා දැන්..."
ආදිත්‍ය හොස්පිට්ල් කාමරය දෙවනත් වෙන්න කෑගහන්න ගත්තා...
"දරුවෝ කාම්ඩව්න්...මං කිව්වනේ..."
"හරි ඩොක්ටර් කියන්න කෝ මගේ කෙල්ල..."
"ආදිත්‍ය දැන් ටිකකට කලින් එයා අපිව දාලා යන්නම ගියා.."
"මොනවා..නැ එහෙම වෙන්න බැ එයාට බැ මාව දාලා යන්න...බැහැ එයාට යන්න දෙන්න බැහැ මට එයාව ඕනි..."
ආදිත්‍යට එතනම සිහිය නැතුව වැටුනා...වෛද්‍යවරු ඔහුට සිහිය ගත්තේ පැය තුනකට පසුව...ඒත් ඔහුට යන්නට පනක් තිබුන් නැ..දිනූෂිගේ මිනියත් තිබුනේ එයාගේ ගෙදර...
"ආදිත්‍ය මං දන්නවා ඔයාට මේක දරාගන්න අමාරුයි කියලා...ඒත් දරුවෝ දැන් අඩුවයි කියලා එයා එන්නේ නැ..එයා නැතිවුනේ නිවුමෝනියාව හැදිලා...සෙම තිබුනට බෙහෙත් අරගෙන නැහැ...ඊයේ වෙනකල් ෆෝන් එකෙන් ඔයාගේ පොටෝ බලබල හිටපු කෙල්ල දවල් මට කතා කරලා විනාඩි ගානක් ටයිප් කරලා පෝන් එක මට දුන්නා සුදු අයියට දෙන්න කියලා...ඊටපස්සේ විනාඩි දහයකින් විතර එයා ගියා අපිව දාලාම...මේ තියෙන්නේ පෝන් එක..."
වෛද්‍යවරයා පෝන් එක ආදිත්‍යට දීලා ලඟම තිබුන පුටුවෙන් වාඩිවුනේ උදාවෙන ඕනිම අවස්ථාවකට මුහුණ දීමේ අරමුණින්...
ආදිත්‍ය කෙල්ලගේ පෝන් එක ඔන් කරලා ඔහේ ඒක දිහා බලන් හිටියේ පාස්වර්ඩ් එක නොදන්න නිසා..ඒත් ටික වෙලාවකින් ආදිත්‍යව පැරණි මතකයකට ගෙනිච්චා..
👇👇👇👇👇👇👇👇👇
"සුදු අයියේ..."
"ම්ම්ම්..."
"ම්ම්ම්..."
"මොකෝ..."
"සුදු අයියා දෝනි හදිසියේ මැරුනොත් මොකද කරන්නේ..."
"මොනා කරන්නද මලගෙදරට ඇවිත් යනවා..."
"හ්ම්ම්.."ආදිත්‍ය දිනූෂි දිහා බලද්දි සට සට ගාලා කෙල්ලගේ ඇස් වලින් කඳුලු වැටෙනවා...
"අනේ රත්තරනේ මොකද මේ මං විහිලුවක්නේ වස්තු කරේ...මැණික නැති ලෝකයක් මට නැ...මගේ මැණික මාව දාලා යන්නෙත් නැනේ..."
"සුදු අයියේ බැරි වෙලාවේ හරි මං මැරුණොත් මගේ පෝන් එකේ නෝට් පෑඩ් එක බලන්නකලාස් ේ තියෙනවා ඔයාට ලියපු ලියුම් කවි ඔක්කොම...පොන් එකේ පාස්වර්ඩ් එක ආදිත්‍ය&දිනූෂි හොඳේ...නෝට්පෑඩ් එකේ පාස්වර්ඩ් එක සුදුඅයියගේසුදුදෝනි හරිද..."
"හරි හරි ඒක එදාට බලමුකෝ..."
"හ්ම්ම්ම්..."
👆👆👆👆👆👆👆👆👆👆👆👆
කොල්ල පොන් එකේ පාස්වර්ඩ් එක ගහපු ගමන් ඒක විවෘත්ත වුනා...නෝට්පෑඩ් එකත් එහෙමයි...ඒත් ඒකේ ලියුම් කවි ගොඩාක් තිබුන් නැ තිබුනේ එකම එක ඡේදයයි...
👇👇👇👇👇👇
මගේ සුදු අයියාට...
මට සමාවෙන්න අයියේ එදා රණ්ඩු කලාට. මං සුදු අයියට ගොඩාක් ආදරෙයි සුදු අයියත් මට ගොඩාක් ආදරේ ඇති ඒත් අයියේ ඔයා පොඩ්ඩක්වත් මං ගැන හිතන් නැනේ...මං හරි ආසාවෙන් බලන් ඉන්නේ ඔයා මට කියනකල් දෝනි මං දැන් කන්න හදන්නේ කමු කියලා...ඒත් ඔයා එහෙම කියන් නැ...මං ඔයා කියයි කියලා බලන් ඉඳලා කනවා...ඔයා ගෙදර ඇවිත් මැසේජ් එකක් දානකල් මං බලන් ඉන්නවා ඒත් සුදු අයියා මැසේජ් කරන්නේ හොඳටම රෑ වෙලා ඒත් සුදු අයියට නින්ද යනවා ටක් ගාලා...මං ඒවා ගැන අහද්දි සුදු අයියා හැමදාම කියන්නේ මහන්සි දෝනි වෙලාවක් නැ කියලා...මට මැසේජ් එකක් දාන්න විනාඩියක් නැද්ද අයියේ ඔයා ලඟ...
මං කොච්චර බලන් ඇතිද එ් දේවල් ලැබෙයි කියලා ඒත් මං ඒවා ලබන්න පිං කරලා නැ...ආදරේ කියන්නේ කාමය නෙමෙයි අයියේ ආරක්ෂාවක් දැනෙන්න ඕනි...සුදු අයියගේ ආදරේ නිහඬයි...ආදරයක් නෙමෙයි අනුකම්පා කරලා මට මැසේජ් එකක් දාන්න හිතෙන්නේ නැද්ද...මං දන්නවා අයියගේ ලෝකේ ගොඩාක් අය ඉන්නවා ගොඩාක් ලොකුයි...ඒත් මගේ ලෝකේ මගේ පව්ලයි ඔයයි විතරයි...මං ආත්මාර්ථකාමී අැති ඒකට මං මොනා කරන්නද...මං මේ දවස් ටිකේ අසනීපෙන් හිටියේ ඒත් අයියට මං වෙනුවෙන් වෙලාවක් තිබුන් නැනේ...ඊයේ මං අයියගෙන් ඇහුවම අයියා කිව්වේ දෝනිට දැනෙන්න ආදරේ කරන්න මට තේරෙන් නැ...දෝනිට යන්න ඕනි නම් යන්න මං බලෙන් තියාගන් නැ කියලා..ඔව් අයියේ ඒක ඇත්ත මං ඔයා එක්ක ඉඳලා පිච්චි පිච්චි ඉන්නවට වඩා ඔයා නැති දුකින් ඉන්න එක හොඳයි...ඒක නිසා මං යන්නම් බුදුසරණයි මගේ අයියට...මං ආදරෙයි ගොඩාක්...
මට මේ ලොකෙනුත් යන්න වෙලා අයියේ.... ඔයාට ලියපු ඔක්කොම කවි මේ හිතුවක්කාර මුරණ්ඩු කෙල්ල මැකුවා..මං අද තව ටිකකින් යන්නම යාවී...ඔයා හොඳින් ජීවත් වෙන්න...ඔයාගේ සුදු දෝනි ගොඩාක් ආදරෙයි අයියේ....ඇස් රිදෙනවා...සුදු අයියගේ සුදු දෝනි යන්නම යනවා...😂😂 මේ මං අඬන් නැ ඔයත් අඬන්න එපා...සතුටින් හිනා වෙලා ඉන්න තෙරුවන් සරණයි මගේ අයියට...
ඔයාගෙම සුදු දෝනි,
දිනූෂි...
👆👆👆👆👆👆👆👆
කොල්ලා ඒක කියවලා ඉවර වෙද්දි හොඳටම ගැහෙනවා...පොන් එක විසික් කරලා ආදිත්‍ය ඇඳෙන් පැනලා දුවගෙන ගියේ දිනූෂිලගේ ගෙදරට ඒ යද්දි දිනූෂිගේ මිනිය සාලේ මැඳ නිසලව තිබුනා..රෝහල් කම්කරුවන් සමඟ එකතු වෙලා අදිත්‍යව අමාරුවෙන් නවත්තගෙන ඩොක්ටර් රිය පදවන් ආ නිසා ඔහුට කරදරයක් වුනේ නැ...
අාදිත්‍ය මිනිය බදාගෙන කෑමොර දුන්නත් ආයි වැරදි කරන් නැ කියලා පොරොන්දු වුනත් දිනූෂි ගිහින් ඉවරයි...ටික වෙලාවකින් ආදිත්‍යටත් හෘදයාබාධයක් වැලඳුනේ මේ සිදුවීම දරාගන්න බැරි නිසා...දිනූෂි එක්කම ආදිත්‍යත් ඒ විදිහටම මේ ලෝකෙන් සමුගත්තා....
👋👋👋👋👋👋👋👋👋👋👋👋
නිමි(මයුරි පහන්දි)
No comments:
Post a Comment