වෙනතක් පැතූ ඔබ.......
නිමේෂා..නිමේෂා....මගේ කෑම එක හරිද.මේ ගේනවා නිමන්ත.ඇයි අනේ බොරුවට කෑ ගහන්නේ.වෙලාව කීයද.මාවත් හදිස්සි කරවනවා බොරුවට. නිමේෂා තරහා මුහුණක් මවාගෙන ඉවත බලා ගත්තාය.මැට්ටි වෙලා නෑනේ මගේ මැට්ටිව තුරුල් කරන් ඉන්නත් එපෑ..එතකොට වෙලා මදිත් වෙනවා.. එසේ කියමින් නිමන්ත ආදරයෙන් තම බිරිඳ ගේ නලල සිප ගත්තාය..මං එහෙනම් යන්නම්.පරිස්සමෙන් ඉන්න මගේ මැණික..බුදු සරණයි.... ම්ම්ම් පරිස්සමෙන් මගේ මහත්තයත්.බුදු සරණයි..
දොලහටත් වෙලා මේ මැට්ටා කෑවද දන්නෑ...මැසේජ් එකක් යවන්න ඕනා..
Hi...
Hi..hi...kawda Nangi oya...😘😘
Nangi...😨..mata Dan 80th panala lamayo😂😂
A.....ehenam me oyada batakola achchi😕😕
Mokak😡😡😡..mamada.mokatada ehenam batakola achchi kenek bandagatte.
Ammo me mokada.. mage manikata tharaha gihin😂😂
Na na..batakola achchi.😡😡☹☹
Matti badagannako mawa... langa hitiya nam..😍😍
Apo....me mokada..aa..man me kewada Ahanna gatte🍜🍜
Ow manike.oya kewada.
Naha.passe thama badagini na.
මේ විදියට හරිම ආදරනීයව නිමේෂා ගෙත් නිමන්ත ගෙත් ජීවිත ගෙවිලා ගියා...අවුරුදු හතරක් පෙම්වතුන්ව සිට දෙපාර්ශවයේම ආශිර්වාදය ලබා පතිකුලයට පිවිසි ඔවුන් දෙදෙනාටම අද විශේෂ දිනයකි.
නිමේෂා...නිමේෂා..මේ ඇයි ලමයෝ... ඇයි මොකද නිමන්ත කෑ ගහන්නේ ලෝකේ පෙරලිලා වගේ..ඇයි මේ.....ආ ඇත්තද මහත්තයා..හරි ෂෝක්...හරිම ෂෝක්...අද දවසේ මොකද්ද විශේෂත්වය කියලා මතක නෑ...ආ....අද...ම්ම්ම්ම්ම් නෑනේ බබෝ...ඔයා හොද නැ...තරහයි...ඉන්න ඉන්න මතක් කරලා බලන්න....මගේ උපන්දිනේ අගෝස්තු...තව කල් තියේ....ඔයාගේ එක අප්රේල් පලවෙනිදා දිනේටම ඉපදිලා..අනේ නිමන්ත.. මං තරහයි.ඇත්තමයි..නෑ නෑ...ඔයා මාර්තු.ම්ම්ම්...අද.....හූ...හූ....රැවටිච්චී...මට අමතක නෑ....අද අපේ තර්ඩ් ඇනවසරිය නේ....ඔයා හිතුවේ මට අමතකයි කියලා නේද...මම ඔයාව රවට්ටන්න මෙහෙම ඇක්ට් කලේ... නිමන්ත බොරු එපා...ඔයාට අමතක වුනා...නේද..හරි හරි...මැට්ටී....ඊලග එකට අපි ලොකූ පාර්ටි එකක් ගමුකෝ...ඒ අපි දෙන්නා හිටියොත්නේ.....ආ....ඒ මොකෝ..ඇයි එහෙම කියන්නේ.. නෑ නෑ...දෙයියනේ කියන්න ගිය එක නෙමේ කියවුනේ..මෙච්චර සුභ දවසේ...මගේ කට නම්.මම කියන්න ගියේ අපි දෙන්නා තුන්දෙනෙක් උනොත් ඊට කලින් බබා චූටිනේ.එතකොට අමාරුයි.හරි හරි...ඒක එහෙම වෙයි නේද නිමන්ත.... හ්ම්ම්....ඔව්...කෝ එන්න මගේ මැට්ටි.ඒයි ඒයි .. මේ ටවල් එක කැඩෙයි. මේ...අනේ ඔව් උඹේ ඕවා මම දැකලා නෑනේ...මේ හා හා පුරා කියලා බලන්න හදන්නේ....පොඩ්ඩක් ඉන්න අන්න බෙල් එක වදිනවා.ගිහින් බලන්න මම යනවා ඇදුම් ඇදගන්න.
ආ.....අම්මා...කියන්නෙත් නැතුව ඔව් පුතේ...හිතුනා ඉතින් ආවා...එන්න එන්න අම්මේ.. කිව්වා නම් හෙට ඇවිත් කාර් එකේ එක්ක එනව නේ.කෝ දෙන්න බෑග් එක...හානේ අම්මා....ඇයි මේ කියන්නෙත් කියලා එන්න මොකද ලමයි ඉන්නවද මොන්ට්සෝරි ගෙනියන්න අවුරුදු තුනක් වෙලාවත්.ලමයෙක් වත් හිටිය නම් අහලා එන්න තිබ්බා.අනික මට කාගෙවත් අවසරයක් ඕනා නෑ මගේ පුතාගේ ගෙදරට එන්න. අනේ අම්මේ...මම එහෙම නෙමේ කිව්වේ...නිමේෂා අම්මට කන්න එන්න කියන්නකෝ කියව කියව ඉන්නේ නැතුව.
මගේ දෙයියනේ...කිරිබත්..කේක්..ලුනු මිරිස් දහදෙනෙක් ට කන්න.. ආනමාලු..කොන්ඩ කැවුම්.මගේ කොල්ලගේ මාසේ පඩිය ඉවර ඇති මේ ගෙදර උදේ කෑමට.යසයි ගෑනියෙක්ගේ අරපිරිමැස්ම. ඔව් ඉතින් කාට කියලා ඉතුරු කරන්නද...නිමන්ත ඇයි අනේ කියන්නකො අපේ ඇනවසරියට මේ කියලා.අම්මා අද අපේ තර්ඩ් ඇනවස.. ඔව් ඔව් පුතේ උබට හැමදාම ඇනවසරිය තමා සමරන්න වෙන්නේ.දරුවෙක්ගේ උපන් දිනයක් සමරන්න වෙන්නේ නෑ.උබ හිතනවා ඇති අම්මාගේ නපුරුකම කියලා.එහෙම නෑ පුතේ.මාත් ආසයි මැරෙන්න කලින් උබෙන් මුණුබුරෙක් හුරතල් කරන්න.හරි හරි අම්මා...නිමේෂා අඩාගන කාමරේට ගියා.අම්මා මෙතන අඩනවා. හයියෝ....නිමන්ත කෑමත් මග නවතා කාරයට නැග කාර්යාලයට යන්නට ගියාය.
හෙලෝ නිමන්ත ඔයා කෑවද...නිමේෂා ඔයා හිත රිද්ද ගන්න එපා.දන්නවනේ අම්මාගේ හැටි.නෑ නිමන්ත අම්මා හරි.මට බැදලා අවුරුදු තුනක් වෙලත් ඔයාව තාත්තා කෙනෙක් කරන්න බැරි උනා නේ.. හරි ලමයෝ. අපි ඉතින් බෙහෙත් ගන්නවනේ. කී තැනකට බාර උනාද.ම්ම්ම්...බලමුකෝ..
කාලය මාස දෙක තුනක් ගත විය.නිමේෂා හා නිමන්තගේ අම්මා අතර නිතර වචන හුවමාරු වීම් හිත් රිදීම් ඇති විය.මේ නිසා නිමන්ත කාර්යාලයෙන් එන්න පරක්කු විය.සමහරදාට නිමන්ත මත්පැන් පානය කර නිවසට පැමිනේ.නිමේශා නංගී නිමේෂා නංගී...කවුද...මම මේ හිරාන්.ආ...ඉන්න අයියේ දොර අරින්නම්.අනේ මේ මොකද නිමන්ත.. හරි ඉන්න නංගී මම මූව එක්ක යන්නම්.නංගී අඩන්න එපා.දෙහි ඇතිලලුවම ඕවා හරියයි.කොහෙද ඉතින් තමන්ගේ ගෑනිට දරුවෙක් දෙන්න බැරි උනාම පිරිමි ඒ දුක තුනී කරගන්නේ මෙහෙම.කෝ අපේ එකාටත් කිව්වට වැඩක් නෑනේ.අනේ අම්මේ මේ...වදින්නම්.ඔයා නිදාගන්න ගිහින්.මේ වෙලාවේ මට තව දුක් දෙන්න එපා ඔයත්.අම්මා....මේකිගේ කට.තෝ දැන් මට එහෙමයි නේද කතා කරන්නේ.වඳ ගෑනි.අනේ හිරාන් අයියේ තෑන්ක් යූ.නංගී ඔයා ඇන්ටි කියපුවා ගනන් ගන්න එපා.අපි මූට කිව්වා වැඩක් නෑ.මම යනවා නංගී.හරි අයියේ.
නිමේෂා අඩමින්ම නිමන්තගේ සපත්තු ගලවන්නට විය.හිරානයා...උබ.... උබ....දැන් තාත්තා කෙනෙක්....මම තාම සු...සු...සුවාමිපුරුසයා විතරයි.මොකදදදද.... අපේ ගෑනිට ලමයි නෑ...අනේ නිමන්ත... මට සමාවෙන්න මහත්තයෝ...මේක මම හිතලා කරන දෙයක් නෙමිනේ...මට සමාවෙන්න..
නිමේෂා නිමේෂා. කන් ඇහෙන්නැද්ද තමුසෙගේ...ඇයි ඇයි නිමන්ත... එකවරම නිමන්ත ඇගේ කම්බුල හරහා පහරක් ගැසුවාය. ආ......ඇයි මේ...තෝ මොනවද නිමේෂා අම්මට අර හිරානුත් ඉස්සරහා කියලා තියෙන්නේ ආ...තොට කොහෙන්ද එච්චර හයියක්.ආ..අනික තෝ අම්මව යවලා හිරාන් එක්ක මුකුලු කලේ.උබට මගෙන් මොනාද ගෑනියේ අඩු උනේ.උබ මට ලැජ්ජා කරනවා.උඩ සමාව ගනින් මේ දැන්ම අම්මාගෙන්.උබ මාව කෑවා.මගේ ජීවිතේ විනාස කලා.තව තව උබ මගේ අම්මාටත් ලැජ්ජා කරනවා.
නිමේෂා ජීවත් උනේ ඇඩූ කදුලිනි. අම්මාගේ බොරු නිසා නිමන්ත ඇයත් සමග නිතර නිතර රන්ඩු කරගත්තාය.දිනක් රාත්‍රියේ...
නිමන්ත නිමන්ත අයියෝ.. නින්ද ගිහින් හොදටම.කමක් නෑ..මන්ම ආන්සර් කරනවා.හෙලෝ බබා...මේ බලන්නකෝ..මගේ අර ලිප්ස්ටික් එක නැතිවෙලා.අනේ මම ආසම පාට කා එකේ වැටිලද බලන්නකෝ බබා...එකවරම එහා පැත්තෙන් කියවගන කියවගන ගියාය.හෙලෝ...නිමේෂා ඇගේ හඩ අවදිකලාය. ආ මේ රෝන් නම්බර්.දුරකතනය විසන්දි විය.නිමේශා දුරකතනය ගෙන පාස්වර්ඩ් එක ගසා බැලුවාය. එය මාරුකර ඇත. ඇය අඩමින්ම දුවගෙන ගොස් කාරය ඇතුල බලන විට ලිප්ස්ටික් එකක් වැටී තිබුනි.එම දුරකතන ඇමතුම වැරදි එකක් නොවන බවට ඇය තහවුරු කර ගත්තාය. ඇයට තප්පර කිහිපයක් ඇතුලත සිදුවන දේ තේරුම් ගත හැකිවිය.මට සමාවෙන්න මගේ දෙයියෝ.....
අම්මා...අම්මා...ඇයි පුතේ නිමේෂා කෝ..කව්ද බන් දන්නේ මම ඕකී ගැන හොයන්නේ නෑ.මොකෙක් හරි එක්ක පැනලා ගිහිල්ලද දන්නේ නෑ.හයියෝ අම්මත්.මම පාරට ගිහින් බලන්නම්කො.නිමන්ත කාමරේට ගියේ ටී ෂර්ට් එකක් ඇද ගැනීමටය.මේසය උඩ කොලයක් ඇත. ඔහු එය දිග හැර බැලීය.
ආදර නිමන්ත.
මට සමාවෙන්න.අපි යාලු උන දා ඉදන් අද මේ වෙනකන් මගෙන් ඔයාට වරදක් වුනා නම් වුනේ ඔයාට දරුවෙක් දෙන්න බැරි වුන එක විතරයි.ඒත් මම පිලි ගන්නවා ඒක ලොකු වරදක් කියලා.ඒත් මම ඒක හිතලා කරගන්න දෙයක් නෙමේ.අම්මටත් මා එක්ක තරහා හිතෙන එක සාධාරණයි.මම තරහක් නෑ ඔයා එක්ක. ඔයාට තව ටික දවසකින් ඩිවෝස් පේපර්ස් ලැබෙයි.සතුටින් ඉන්න.ආ තව දෙයක් අන්න ලිප්ස්ටික් එක මේසේ උඩ.දුකෙන් ඉන්නේ.ඉක්මනට ගිහින් දෙන්න.
මීට නිමේෂා.
නිමන්ත තම ෆෝන් එක ගෙන බැලුවේය..දෙයියනේ අමන්දා කෝල් කරලා.ෂුවර් ඒක ආන්සර් කරලා නිමේෂා.ශිට්..
දෙයියෝ බැලුවා මගේ කොල්ලා දිහා ඇති යන්තන්. පුතේ දැන් අරකිට දික්කසාදේ දීලා අපි හොද තැනකින් කෙල්ලක් හොයා ගමු.මොකද මගේ කොල්ලට මොනවයින් අඩුවක්ද. අර වඳගෑනිට වගේද.
නිමේෂා හා නිමන්ත දික්කසාද විය.නිමන්ත අමන්දා සමග නැවත විවාහ විය.
පොඩි දුව අවුරුද්දක් වෙන්නත් ආවා.දැන් මදිද ලමයෝ හූල්ල හූල්ල හිටියා. බලන්න අයියයි අක්කලා දෙන්නයි මටයි අප්පච්චිටයි බනින්නේ පොඩි දුව ගැන බලන්නේ නෑ කියලා.මුරන්ඩු වෙන්න එපා.දෙවනි කසාද බැදපු ගෑනු නැද්ද රටේ ලෝකේ.ආ..අනික... අම්මා මට අම්මා කෙනෙක් වෙන්න බෑ.කව්ද එහෙම ගෑනියෙක් බදින්නේ....අනේ මගේ පුතේ නාඩා ඉන්න. උබ වඳ නෑ මයේ අම්මා....ඔයා කියන්න ඔයා කැමති නම් අපි කෙනෙක් හොයන්නද... ආ....කියන්නකෝ...මං ගැන හිතලාවත් මගේ පුතේ....මට නිදහසේ ඇහැ පියා ගන්න වත්.ම්ම්ම් මගේ පුතා ඔහොම ඉද්දි කොහොමද මම හිත සතුටින් මැරෙන්නේ වත්.හරි අම්මා හරී.ඔයාලා කැමති කෙනෙක් හොයන්න. කමක් නෑ...මම ලොකු අක්කට කියන්නම් කෝ පුතේ දැන්ම. අනේ නිමන්ත මට සමාවෙන්න.මම දන්නවා අම්මලට කාවවත් හොයාගන්න හම්බෙන්නෑ.
පොඩි දුව....පොඩි දුව... පුතේ මේ ඉරිදාට ඔයාව බලන්න පොඩි අක්කාගේ යාලුවෙක් එනවලු.හෙට නේ අම්මා....ඉතින් මොකද ඔයාට තියෙන්නේ මෙන්න මේ සාරිය ඇදගන ඉස්සරහට එන්න. අද රෑට අයියටත් එයි.පොඩි අක්කා නම් එන්න වෙන්නේ නෑ කිව්වා.ලොකු අක්කා එයි.මගේ කෙල්ලට තුණුරුවන් සරණයි.අපි කාටත් වරදක් කරලා නෑ.ඒ නිසා වරදින්නේ නෑ අපට.
මම දොරරෙද්දෙන් බැලුවා හොරෙන්..මට වඩා අගල් හතරක් වගේ උස.සුදුමත් නෑ.රැවුල වවලා.. ආ...හිතට ඇල්ලුවද... අනේ යනවා ලොකු අක්කා....මේ අන්න අම්මා එන්නලු. යමු.
ඔය දෙන්නා එලියට ගිහින් කතා කරන්න එහෙනම්
මම භානුක... ඔයා..මම නිමේෂා.නංගි මා ගැන දන්නවද... ඊට කලින් කියන්න අයියා මා ගැන දන්නවද.මම කලින් කසාදෙන් අයින් වුනේ මට දරුවෝ නැති නිසා.අයියෝ....මේ අහන්න.මම වැඩ කරන්නේ ඔයාගේ පොඩි අක්කා වැඩ කරන තැන. ඇත්තටම මට කලින් ගෑනු ළමයෙක් හිටියා.එයා මට බොරු කලා.රැවැට්ටුවා. ඒ මීට අවුරුදු ගානකට කලින්.ඊට පස්සේ මම ආදරයක් ගැන හිතුවේ නෑ.ඊට පස්සේ පොඩි අක්කා ඔයාගේ සිද්ධිය ඒ කාලෙම කිව්වා.මම ගොඩාක් කල්පනා කලා.දුක් විදපු අය හොදට ආදරේ කරන්න දන්නවා.අනික් කෙනාට දුකක් නොදී.ඒකයි මම මෙහෙම තීරනයක් ගත්තේ.එතකොට දරුවෙක්..ම්ම්ම්....ඇත්ත.අම්මලා තාත්තලා නැති දරුවෝ ඕන තරම් ඉන්නවා.නැත්නම් අම්මලා තාත්තලා ඉදලත් හදාගන්න වත්කමක් නැති දරුවෝ.අපි එහෙම කෙනෙක් අරන් හදා ගමු.ඒත් අපි වැරදි ජීවන සහකරුවා හොයා ගත්තොත් හැමදාම මැරි මැරි ඉපදෙන්න වෙන්නේ.හරිද මැඩම්.හ්ම්ම්....තෑන්ක්ස් භානුක.දැන් කියන්න මට කැමතිද....කල් ඕනද හිතන්න.හ්ම්ම්....මට ෆෝන් නම්බර් එක දෙනවද තරහා නැතුව මම නම් ඔයාට කැමති.ඔන්න.හරි මට ටික දවසක් දෙන්න මම කියන්නම්.
සුදූ මේ...තව ටිකෙන් මට අදත් පොඩි නෑනගේ බත් එකේ පිහිට තමා.ඒකනේ...ආ මෙන්න....සුදූ...ඕ කියන්න... අපි යමුද අර කියපු තැනට... අනේ මගේ සුදු නෝනා....තාම අපි බැදලා මාස අටයි.ම්ම්ම්.....ඉන්නකෝ අද රෑත් ඇවිත් මම උත්සහා කරන්නම්. අනේ... ඔයාට විහිලු.විහිලු නෙමේ පන.... අපි බලමු තව ටික දවසක්...මගේ පන මම මොනා නැතත් ආදරෙයි වස්තුවේ..මාත් මහත්තයෝ...හරි මම ගිහින් එන්නම් දැන්.හවස ලෑස්ති වෙලා ඉන්නකෝ.......ඔය..පරිස්සමෙන්..බුදුසරනයි...
සුදු අ.....යි..යේ...අනේ මැණික කෝ කෝ...වෙලාවට මම දුවගන ආවේ නැත්නම් බිම.කෝ ඉදගන්න. ඇයි මේ...මට කලන්තයක් ආවා.යමු යමු ලෑස්ති වෙන්න ඩොක්ට කෙනෙක් ලගට යමු.අනේ නෑ ඕන නෑ.මම ඊයේ රෑට කෑවේ නෑනේ.ඒකයි මේ.මම කන්නම්.ඒකනේ ඕන දෙයක් කියන්න කිව්වා පන්ඩිතකමට කිරි එක ඇති කිව්වේ.කෝ යමු මම කවන්නම් අද.ටරක්කු වෙලා යන්නේ මම ඉන්නකො ලොක්කට කෝල් කරනකන්.
හලෝ සුදූ....මේ අනේ මට ආයේ කලන්තේ හැදුනා. ඇගටත් පන නෑ.එන්නකෝ අයියේ ඔයා.හරි මන් එන්නම්.එතකන් ඇදෙන් බහින්න එපා.ඉන්න මම් ඉක්මනට එනවා.
කෝ එන්න මැණික. ඉද ගන්න.ඩොක්ට මෙයාට කලන්තයක් එනවා උදේ ඉදන් කන්නත් බෑලු. හ්ම්ම්ම් කෝ අත දෙන්න දරුවෝ..ඔයාලා මැරි කරලා කොච්චර කල් ද..මාස අටක් වගේ ඩොක්ට.ගුඩ්..මම විටමින් ටිකක් ලියලා දෙන්නම් වයිෆ්ට දෙන්න.නිතරම එයාව සතුටින් තියන්න.මොකද එයා ඔයාව තාත්තා කෙනෙක් කරන්න යන්නේ...දෙයියනේ සුදු අයියේ.....අනේ ඇත්තමද ඩොක්ට.තෑන්කස්්. දෙයියෝ අපි දිහා බැලුවා රත්තරනේ.....එන්න පරිස්සමෙන්.
අයියේ ඔයා ෆාමසියට යන්න මම අතනින් පලතුරු ටිකක් අලන් එන්න්ම්.හා.පරිස්සමින් මගේ මැණික.හරී...නිමේෂා ඔයා...දෙයියනේ නිමින්ත.මට සමාවෙන්න නිමේෂා.ඔයාට කරපු වැරදි වලට මම දැන් විදවනවා. මම ඔයා උනාට පස්සේ අමන්දාව මැරිකලා.පස්සේ දැනගත්තේ මටයි දරුවෝ නැත්තේ කියලා.අමන්දා මාව දාලා ගියා.මම මහ පවු කාරයෙක් නිමේෂා.ඔයාට කොච්චර වද දුන්න්ද මම විතරක් නෙමේ අම්මත්.ඒවට මම විදවනවා.සොරි නිමන්ත හස්බන්ඩ් එනවා මම යනවා.ඈම් සොරි...
Shashi Dissanayaka
උපුටා ගැනීමකි
No comments:
Post a Comment