❣❣💙💛තාත්තා ❤️💛❣❣
පොඩි දුවේ..
තාත්තා මගේ කාමරේ දොර ලඟට ඇවිත් කතා කළා..
මොකද?
මම සැරෙන් වගේ ඇහුවේ..
තාත්තා කියන්න ආපු දේ නොකියම යන්න ගියා...
ඊට ටික වෙලාවකට පස්සේ මම කාමරේන් එලියට ආවේ..
තාත්තා මං එනකම් කාමරේ අයිනට වෙලා ඉඳලා.
මේ තේ එක පුතේ...
තාත්තා අහිංසක විදියට කිව්වේ ..
මට ඕන නෑ තේ කහට.
මහ රෑ වෙනකම් මොකට ඇහැරන් ඉන්නවද?
ආව මෙතන කහට එකක් උස්සන්..
තේක දිහාවත් බැලුවේ නැතුව මම කාමරේට ආවා.
මම පාඩම් කරන හැම දවසකම තාත්තා මෙහෙමයි.
නිදා ගන්නෙ නෑ.
සාලෙට වෙලා බුලත් විටක් කකා වාඩි වෙලා ඉන්නවා.
අපේ අම්මා නැති වුනේ මම පුංචි කාලේ..
ඒ නිසාද කොහෙද මට අම්ම ගැන ලොකු මතකයක් නෑ.
තාත්තා තමා මාව බලා ගත්තේ..
තාත්තා රැකිවාක් කියල කලේ අඳේට කුඹුරු වැඩ.
මලකඩ කාපු බයිසිකලෙන් උදේ හවා කුඹුරට යන එන එකමයි තාත්තාගේ වැඩේ.
-----****------
උදේ අවදි වෙනකොටත් තාත්තා මට කෑම එක හදලා කෑම පෙට්ටියටත් දාළා.
ෂික් පරිප්පුයි බතුයි.
මම කෑම පෙට්ටිය ඇරලා බලලා සද්දෙට කිව්වේ.
මොකද්ද පුතේ කිව්වේ ?
කිව්වේ, මගුල හැමදාම එක්කෝ පරිප්පු.
නැත්නම් අල..
මට ලැජ්ජයි මේක ස්කෝලේ ගිහින් කන්න.
ළමයි කඩෙන් කන්නේ.
කෑම අරන් ආවත් මස් මාලු එක්ක ගේන්නේ.
ඒකටත් එක්ක මම ෂික්..
මම එක හුස්මට කියාගෙන ගියේ.
තාත්තා ටිකක් වෙලා මගේ දිහා බලන් ඉඳලා යන්න ගියා.
----****----
කලබලේටද කොහෙද කෑම එක ගෙදර අමතක වෙලා දාළා ඇවිත්.
ඉන්ටවල් එකේ ගේට්ටුව මුර කරන මනුස්සය මට එන්න කියළා ගිහින් බැලුවම තාත්තා ගේට්ටුව ලඟ ඉන්නවා.
බුලත් විට කාපු දත් ටිකත් විරිත්තන්.
කිලුටු සරමකුයි කමීසයකුයි ඇඳන්.
කොන්ඩෙත් ඉදිලා..
ඒ මදිවට මලකඩ කාපු බයිසිකලෙන් ඇවිල්ලේ..
සඳුනි කියන්නේ ඔය ළමයද?
ඔව්...
අර සීයා කෑම එකක් ගෙනත්..
මම ස්කූල් ගේට්ටුවෙන් එලියට ආවා...
මොකද ආවේ?
මම තරහින් ඇහුවේ..
කෑම එක ගෙදර දාළා ඇවිත්නේ දවාලට උඹ බඩගින්නේ නිසා අරන් ආවා..
මට ලැජ්ජ කරන්නද ආවේ?
තාත්තාගේ ඇස් වලට කඳුළු ආවා.
මට දුක හිතුනෙ නෑ.
මම කෑම එක තාත්තාගේ අතින් ඇදලා අරන් මූනවත් බැලුවෙ නැතුව හැරිල ආවා.
කවුද සඳුනි ඒ...
අපේ ගෙවල් ගාව සීය කෙනෙක්..
මම යාළුවන්ට තාත්තව හඳුන්වල දුන්නේ එහෙමයි.
-----****------
කුස්සිය පැත්තෙන් මිරිස් බදිනව.
මම කාමරේට වෙලා වාඩි වෙලා හිටියේ....
මොන මගුලක් කරනවද ගේ ඇතුලේ ඉන්න නෑ..
මම කෑ ගහන් කුස්සියට ගියේ..
මිරිස් ටිකක් බැද්ද පුතේ රෑට උයන්න..
ඔහේ විතරක් නෙමෙයිනේ මේ ගෙදර තව මිනිස්සු ඉන්නවනෙ.
ඒ නිසා කරන මගුලක් කරනව මට වදයක් වෙන්නෙ නැති වෙන්න.
තාත්තා හනික කුස්සියෙ දොර ජනෙක් ටික ඇරලා දැම්මා..
පුතේ එන්න බත් කන්න.
මම එලියට ආවේ තාත්තා බත් කන්න කතා කලාම..
ඔන්න අද බඩ පිරෙන්න කන්න පුළුවන් ..
ඇයි?
මම වී කවර දෙකක් විකුනල මස් කිලෝ එහෙකුයි.
ගෙදරට ඕන අඩුමකුඩුම ටිකකුයි ගෙනාවා..
තාත්තා මට බත් පිඟාන අතට දෙන ගමන් කිව්වේ .
මම බත් කනකම් තාත්තා මගේ ලඟින් හෙලවුනේ නෑ.
මම පිඟාන හෝදන්නම් පුතා ගිහින් පාඩම් කරන්න.
තාත්තා එහෙම කියළා පිඟාන අරන් කුස්සියට ගියා..
හෙට ස්කෝලේ පාසල් සංවර්ධන සමිතියද පුතේ..?
මම සාලෙට එනකම් බලන් ඉඳපු තාත්තා අහිංසක විදියට ඇහුවේ..
ඔව් කව්ද කිව්වේ ?
ඊයේ කූඹුරෙ ගිහින් එද්දි ජානකී දුව හමුවෙලා කිව්වේ..
උදේ පහට විතර කුඹුරට ගියාම වතුර හරවල අට වෙද්දී ස්කෝලෙට එන්න පුළුවන් වෙයි..
නෑ නෑ තාත්තා එන්න ඕන නෑ.
මම පුටුවත් තල්ලු කරන් කාමරේට ආවේ..
-----****-----
ස්කෝලේ ඇඳුම අතට ගත්තා විතරයි.
කොලර් එක පුරාම කුනු.
තාත්තා ඇයි පුතේ
තාත්තා කුස්සිය පැත්තේ ඉඳලා දුවන් ආවා..
මේ සුදු ගව්මේ කොලර් හෝදන්නෙ නැද්ද ?
කුණු..
මම ගව්ම ගුලි කරලා බිමට විසික් කලා.
තාත්තා ඒකත් ඇහිඳගෙන යන්න ගියා..
------*****-----
මට ෆෝන් එකක් ගන්න සල්ලි ඕන..
මම කුස්සියට එබිලා තාත්තාට කිව්වේ .
තාත්තා හොද්දක් හැඳි ගාන ගමන් හිටියේ ඒක නවත්තලා මං ලඟට ආවා
ෆෝන් එකක් කීයක් විතර වෙයිද?
දෙතුන් දාහක් විතර තිබුන නම් ඇති.
බලමුකෝ..
තාත්තා අසරණ විදියට කිව්වේ..
බලන්නේ මගුලද?
හරියට කටට රහට කෑමක් නෑ.
අඳින්න නෑ..
මොකට මෙහෙම හිඟන පවුල්වල ඉපදුනාද?
මම කෑ ගහන් සාලෙට ආවේ..
ඊට ටික වෙලාවකට පස්සේ තාත්තා වී කවර දෙකකුත් බයිසිකලේ බැඳන් යනව දැක්කා..
------****-----
තාත්තා පයින් ආවේ?
මම බැලුවෙ කෝ මේ මලකඩ කැසිකබල් බයිසි කලේ කෝ කියළා.
තාත්තා හිනාවෙලා මම ලඟට ආවා.
මෙන්න ෆෝන් එකක් ගන්න.
මෙතන තුන්දහක් තියෙයි.
මම හරි සතුටින් සල්ලි ටික අතට ගත්තේ..
කෝ බයිසි කලේ?
වී ගනන් බැහැලා.
කවර දෙකටම රුපියල් දෙදකට වඩා ගන්න බැරි වුනා.
බයිසිකලේ විකුනුව.
ඒක කොහොමත් පරනයිනේ..
තාත්තා එහෙම කියන්න ඇත්තේ මට දුක හිතෙයි කියලා වෙන්න ඇති කියළා මට හිතුනා.
මොකොද තාත්තා ඒ බයිසිකලේ මලකඩ කාලා පරන වුනත් වැස්සකට අහුවුනත් පැය ගානක් පිහිදාන හැටි මම දැකලා තියෙයිනෙ.
-----*****----
මම වෙනදා ස්කෝලේ යන්න ලෑස්ති වෙද්දී තාත්තා ඉස්සර පුටුවක් උඩට වෙලා පාර දිහා බලන් බුලත් විටක් හප හපා ඉන්නවා.
ඒත් අද මටත් කලින් තාත්තා කොහෙද යන්න ලෑස්ති වෙළා .
කොහෙද උදේම යන්න හදන්නේ මම නෝක්කාඩුවෙන් වගේ ඇහුවේ..
උඹලගේ ස්කෝලේ ලඟ පාර හදනවනේ අත් උදව්වට ගියාම රුපියල් හයසීයක් දෙනවලු.
උඹට කටට රහට කෑම ටිකක් දෙන්න පුළුවන් වෙයි..
තාත්තා එහෙම කියළා ඉස්සර වුනා.
යමු..
තාත්තා යන්න මං පරක්කු වෙලා එන්නේ..
මට තාත්තා එක්ක යන්න ලැජ්ජ නිසා මම එහෙම කිව්වේ.
මම ස්කෝලේ ඇරිලා එද්දි තාත්තා ගිනි අව්වේ දාඩිය පෙරාගෙන පාරේ වැලි අදිනවා..
මාව දැකලා අහිංසක විදියට හිනාවුනා.
මම නොදැක්ක වගේ අහක බලන් ආවා..
හවස ගෙදර ආපු තාත්තා අත්වල කකුල් වල සිද්දාලේප ගානව මම දැක්කා..
------*****-------
තාත්තාගේ සල්ලි වලින් ෆෝන් එකක් ගත්තම තමයි රෝන් නම්බර් එහෙකින් තරිඳු හමුවුනේ.
තරිඳු මාව බලන්න ආපු මුල්ම දවසේ මට කතා කළා හොටේල් එහෙකට යන්න..
ගොඩ දවසක් ෆෝන් එකෙන් කතා කරපු නිසා මමත් බය නැතුව ගියා.
ඒක කවුරු හරි දැකලා තාත්තාට කියළා.
තාත්තා ටවුන් එකේ හැම හොටෙල් හොටෙල් එකක් ගානෙම අඬ අඬා මාව හොයන් ඇවිත්.
-----*****----
මම පහට විතර ගෙදර ගියා.
මං යනකොට තාත්තා එලිපත්තට වෙලා අඬ අඬා ඉන්නවා..
මාව දැක්ක විතරයි මම ලඟට දුවන් ආවා.
කොහෙද අද උඹ ගියේ ආ..
කවදාවත් මත් වතුරක් කටේ නොතියන තාත්තා හොඳටම බීලා.
උඹ කා එක්කද ගුබ්බෑමක රිංඟුවෙ ආ..
තාත්තා මගේ උරහිසෙන් හොලවල ඇහුවේ..
මම සද්ද නැතුව කාමරේට ආවා ..
තාත්තා අඬ අඬා මට බනිනව ඇහුනා.
ඒ හිතේ දුකට වෙන්න ඇති කියළා මට හිතුනා.
ඊට පස්සෙන්ඳ මම තරිඳු එක්ක ස්කොලේ ගියපු ගමන් පැනලා ගියා.
තාත්තා අඬ අඬා ස්කෝලේ මුලු ගමේම මාව හෙව්වලු.
මං ගෙදරින් ගියපු එකේ දුක දරා ගන්න බැරුව අසනීප වෙළා ස්පිරිතාලෙත් ඉඳලා කියළා මං දැනගත්තේ පස්සෙදි.
----****-----
ඊට අවුරුදු හතරකට විතර පස්සේ තාත්තා කොහෙන්දෝ ඇඩ්ඩ්‍රස් එක හොයන් මාව බලන්න ආවා.
තරිඳු වැඩට ගිහින් මම විතරයි ගෙදර හිටියේ..
තාත්තා බොහොම අමාරුවෙන් ඇවිදන් ආවේ එක අතක හැරමිටියක්.
සර්ට් එකේ උඩ බුලත් කෙලත් ගෑවිලා.
පුතේ....
තාත්තා මාව දැක්ක ගමන් පොඩි දරුවෙක් වගේ අඬන්න පටන් ගත්තා.
අම්මා නැති දවසෙ ඉඳලා උඹ මලක් වගේ හැදුවෙ මං.
දැලි කුණු ටිකක්වත් ගෑවෙන්න නොදී..
තාත්තා හිතේ දුකට කියවන්න ගත්තා.
තාත්තේ මේ අඬා වැටෙන්න එපා.
මෙහේටත් ආවේ මගේ පවුල්ජීවිතේ කඩල දාන්නද?
තාත්තා බය වෙලා වගේ මගේ දිහා ටිකක් වෙලා බලන් ඉඳියා..
නලලෙන් දාඩිය බේරෙනව.
ගමන් දුර නිසා වෙන්න ඇති..
මම වතුර එකක්වත් දුන්නේ නෑ...
ඇස් වල කඳුළු පුරවන් තාත්තා හැරිලා යන්න ගියා...
----****----
මට දරුවෙක් ලැබෙන්න ආපු දවසේ තමයි මට මුලින්ම තේරුනේ දරු සෙනෙහස කියන්නේ මොකද්ද කියලා.
මාව උස් මහත් කරපු තාත්තා කනවද බොනවද කියලවත් හොයපු නැති නරුම දුවෙක් නේද මම කියළා හිතුනා..
අම්මා නැති වෙද්දී තාත්තා තරුණයි.
තාත්තාට ඕන නම් තිබුනා තව විවාහයක් කර ගන්න ඒත් තාත්තා එහෙම කළේ නෑ..
මට මතකයි ආච්චි ජීවත් වෙලා ඉන්න කාලේ තාත්තාට හතර පස් වතාවක්ම කිව්වා
කටයුත්තක් බලන්නම් කැමතිද කියළා ..
එතකොට තාත්තා කිව්වේ මගේ කෙල්ලට පිට ගෑණු වෙනස් කම් කරයි ඒ නිසා කෙල්ලවත් හදන් තනියම ඉන්නව කියළා.
එහෙම හිතපු තාත්තාටනේ මම වෙනස්කම් කලේ..
ජීවිතේ පලවෙනි වතාවට තාත්තා නමින් මගේ ඇස් වලට කඳුළු ආවා..
-----****-----
උදේ ටෙලිග්‍රෑම් එකක් ආවා හදිසියේම.
කාගෙන්ඳ කියළා බලන ගමන් මං ඒක දිගෑරියෙ.
තාත්තා අන්ත්‍රාවුනා වහාම එන්න"
ඒ අකුරු තාත්තාගේ කියළා මට අඳුරගන්න අපහසු වුනේ නෑ.
තාත්තාට මාව බලන්න ආසාවට එහෙම ටෙලිග්‍රෑම් එකක් එවන්න ඇති කියළා මට හිතුනා..
පව් හරියට ඇවිදින්න බැරි නිසා එන්නෙ නැතුව ඇති මෙහේ..
මම තාත්තා මගේ ගෙදරට එක්ක ඇවිත් මගෙන් වුන වැරදි වලට වන්ඳි ගෙවන්න හිතන්.
තාත්තා බලන්න ගමට ආවා
ගෙදරට කිට්ටුව පාරවල් වල සුදු කොඩි දාලා..
ගෙදර ඉසරහත් සුදු කොඩියක් දාළා..
කට්ටිය පිරිලා..
අවුරුදු ගානකින් මාව නොදැකපු නිසා ගමේ අයට මාව අඳුර ගන්න බැරි වුනා.
මම ටික ටික ගෙට කිට්ටු වුනා.
දෙවියනේ තාත්තා ..
සාලේ මැද පෙට්ටියක.
සදහටම නිදාගෙන.
ගමේ අය කම්මුල් වලට අත් තියන් තාත්ගේ මිනිය දිහා බලන් ඉන්නවා..
අනේ බුදු තාත්තේ...
මම අඬාගෙනම තාත්තා බදා ගත්තා.
ගෙමේ මිනිස්සු එතකොට තමා මාව අඳුන ගත්තේ.
අනේ ඇලිස නැන්ඳේ තාත්තාට මොනව වෙලාද නැති වුනේ?
ඊයේ කාටදෝ ටැලිග්‍රෑම් එකක් ගහන්න ගිහින් ඒ එද්දි බස් එහෙක හැපිලා..
මට දැනුනේ දරා ගන්න බැරි වේදනාවක් .
මට ටෙලිග්‍රෑම් එක එවණ්න ගිහින්ඳ තාත්තා ණැති,වුනේ?
අනේ තාත්තේ මට සමාවෙන්න ..
මම අඬ අඬා තාත්තාගේ නිසල සිරුර බදා ගත්තා..
--------****-------
මොහොතක් සිතන්න :-
වයසට ගියද කෙදිනකවත් ඔබගේ මවු පියන් තනි කරන්න එපා.
දිනෙක මේ ලිපිය ලියන මමත් මෙය කියවන ඔබත් මවුපියන් වනු ඇත.
එදවස මෙවැනි දෙයක් සිදු වුවහොත් ඔබටද මටද ඇති වන්නේ පසුතැවිල්ලක් පමණි.
උපුටා ගැනීමකි
No comments:
Post a Comment