💛ආදරණීය කතාවක්..❤️.😗
මායාව ලොව රවටනා...
මායාවා මායාව......
එතනින් එහා සිංදුවෙ එක පදයක් කියන්න වුනේ නෑ..
පොඩි අක්කාගෙ ටිං බෙලක්ක කටේ සද්දේ..
ඕක නවත්තනවකො පොඩී,
පොතක් බලන්න නෑ පටන් ගත්ත නේද?
කසුන්ගෙ මූන නිකන් කෝච්චියට අහු වුන රුපියලේ කාසිය වගේ වුනා..
ගනන් ගන්න එපා යකූ අපේ පොඩි අක්ක ඔහොම තමා..
අපි ඊට වඩා සද්දෙට කියමු ඔන්න.
මමත් වැඩේ අතේරියෙ නෑ..
පොඩි අක්කා එක්ක ගේමට වගේ මගේ යළුවො හතර දෙනා එක්ක ආයෙ සිංදුවක් කියන්න පටන් ගත්ත..
කොහෙද ඉතින් අපිටත් දාංගලේනෙ..
පොඩී..
එකපාරට පොඩි අක්කා කාමරෙන් එලියට ආව
අපි හතර දෙනා එක පාරට බය වුනා..
උඹට සිංහල තේරෙන්නෙ නැද්ද ?
ආ.
අක්කගෙ මන්ද්‍ර ස්වරේ උචිත නීච වෙලා..
යකෝ ඒ අක්කද ?
ම්ම්
මං හිතුවෙ අම්ම කියල.
උබ ඔය කන්න හදන්නෙ ජ්නියෝ
ඔක්කොටම හිනා.
හැම ඉරිදාට අපි හතර දෙනා සෙට් වුනේ එහෙමයි.(නොනිමි කඳුළ)
කොහෙද මේවගේ ආතල් එක පොඩි අක්කලාට තෙරේනවයැ..
මෙන්න වැන්ද කසුන් මේ ගෙදරනම් ආයෙ එක මොහොතක් ඉන්න බෑ යමන් එලියට.
චාමරගෙ බර බරේ..
යමන් යමන්..
මේ උබලගෙ අක්කා ,
අම්මෝ යකෝ..
ගනන් ගන්න එපා බං
මේ ලගදිනෙ ඕ ලෙවල් රිසාල්ට් ආවෙ
ඒකි හිතන් ඉන්නේ කැම්පස් සිලෙක්ට් වුනා කියලා ..
පව් බං ..
පහුවෙද්දි ඇරිල යාවි..
*********
හතයි විස්සයි
හොදටම පරක්කු වුනා
හතයි විසිපහේ බස් එක මිස් වුනොත් අද ස්කූල් ගිහිල්ලත් ඉවරයි.
මං හති දමාගෙන හංදියට දිව්වා..
අම්මෝ ඇති යන්තම් ජිනිය,චාමරය තරින්දුව මගේ මගෝඩි
යාළුවො තුන් දෙනා ඇස් දෙක නලලෙ තියන් කට කනේ තියන් මම එනකම් බලන් ඉන්නව..
උන්ටත් ඉතින් මං නැතුවම බෑ.
මොකෝ හූ....පරක්කු ..
නින්ද ගියා බං .
යකෝ අපිත් නිදාන්නව
නිදා ගන්නව කියල ඔහොමත් නිදා ගන්නවද..
මුන් තුන්දෙනාගෙ බර බරේ..
හතයි විසිපහ බස් එක ඈතින් එනව පේනව
හත්වලාමයි අදත් කට කපල සෙනග
අදත් දොරේ තමා..
අපි හතර දෙනා බස් එකේ එල්ලුනා..
මේ කොහොම හරි ඇතුලට රිංගන්න බලපං.
මගේ එක කකුලක් එලියෙ.
ජ්නිය කෑ ගහනව.
ආයේ නැවැත්තුවද?
මේ ප....හිතුවද මේක ඇතුලෙ බදාගෙන යන්න පුලුවන් කියල.
තරිදු කොන්දට රවන ගමන් කියනව.
මල්ලිලා නගින්න දොරෙන් උඩට.
කොන්ද පිස්සෙක් වගේ කෑ ගහනවා..
මූට පිස්සුද,
කොහේ නගින්ද මුගේ කරට තමා නගින්න ඕන.
ජනියගෙ කතාවට බස් එකේ ඉදපු අයටත් හිනා..
එතකොටම නවත්තපු බස් එකට කෙල්ලෙක් ගොඩ වුනා..
අම්මෝ මගේ හිත හිරි වැටිල ගියා...
ඒ ඇස් දෙක..
මගේ හාට් එක බීට් වුනා..
කට කපල සෙනග පිරිච්ච බස් එකේ මිනුස්සු අතරෙ හිර වෙච්ච ඒ ඇස් වලට කදුලු ඇවිත්...
මම හොරට හොරට ස්කූල් එකට යනකම් බැලුවෙ ඒ මූන දිහා....
පිස්සු හොදේ.
කසුන්...
උබ ගණිතෙ වැඩ කළාද?
අම්මට සිරි ගෙදර වැඩත් දුන්නද?
තොට මතක නැද්ද සිකුරාද දුන්නේ.
මං දන්නේ නෑ මට මතක නෑ..
තෝ ඕක කියාපන් හැලපයට..
ආ..හැලපය කිව්වේ අපේ ගණන් සර්ට..
අම්මෝ ඔව්නෙ මට දැන් මතක් වුනේ..
අද කෑමක් තියෙන්නේ ...
හිතුව වගේම හැලපය මායි ජනියයි චාමරයි, තරිදුවයි පංතිය ඉස්සරහ දනගැස්සුව
අපේ කාඩ් ලොස්.
අනිත් ක්ලාස් වල අය මකර තොරන් බලනව වගේ අපි දිහා බල බලා යනව.(නොනිමි කඳුළ)
පොඩි අක්කාවත් මේ පැත්තෙ ආවොත් වහ කන්න තමා වෙන්නේ..
ඒ අන්න අන්න.
ජනිය ඇහෙන් පෙන්නුවෙ.
මොකද්ද බං..
අර අර..
අම්මෝ යකෝ අර අර් උදේ ..
ඔව් ඔව් ඒකි ඒ ලෙවල් වලට අලුතින් ඇවිත්ලු..
මගේ හාට් එක බීට් වුනා..
මේ ඒකි මට මැච් වෙනවනේ..
මං චාමරගෙ කනට ලං වෙලා ඇහුවෙ ..
ම්ම්ම්..ම්ම්ම්....
ගැලපෙනවනම් තමා.
ඒත් හූ..අක්කා කෙනෙක්..
තෝ මගේ ආදරේ උපන් ගෙයිම මරල දාන්නද හදන්නේ ?
(නොනිමි කඳුළ)
මං විහිළුවෙන් වුනත් කිව්වේ ඇත්තට..
උඹ ඒකිට ලව්ද?
ජනියගෙ කට කනේ..
නෑ නෑ බං ජෝක් ජොක්ස්..
ඒත් මගේ හිත තිබුනෙ ඒ සුදු මූන ලග නතර වෙලා..
පිස්සු වැඩ ගොඩාක් එක්ක ඒ සතිය ගෙවිල ගියේ හරිම ඉක්මනට ..
ඒත් අර සුදු මූන මගේ හිතේ නිතරම හොල්මන් කළා...
ඔන්න අදත් වෙනද වගේ ඉරිදා අපි හතර දෙනා සෙට් වුනා..
ඔන්න අදනම් සුපිරි පන් එකක් ගමු.
අද අර යස්සනී නැද්ද?
නෑ නෑ පොඩි අක්කා හංදියට ගියා යළුවෙක් එක්කන් එන්න කියලා .
පැය ගානකට එන එකක් නෑ..
බේසම අනිත් පැත්ත ගහල සිංදුවෙ තාලෙ ඇල්ලුවෙ තරිදුව
අදත් පටන් ගත්ත නේද..
පොඩි අක්කා ගේ ඇතුලට ආවෙ කෑ ගහන්..
දෙවියනේ..
පොඩි අක්කා ලග ඉදියෙ අර සුදු මූන..
මගේ උගුර කට වේලිලා ගියා..
දැන් දැන් මගේ හුස්ම ටික හිර වේවි කියල මට හිතුන...
මං ඒ සුදු මූනට ආදරේ කරන්න පටන් අරන් කියල මට තේරුනා..
ඒත් ඒත් ඒ ආදරේ කියා ගන්න බැරුව මම දුක් වින්ද තරම්..
මං දිහා හොරහින් බල බලා ඒ සුදු මූනත් මං එක්ක හිනා වුනා..
පොඩි අක්කා දැක්ක නම් ඒ කට ගලක තියල තලනව ආයේ දෙකක් නෑ..
පොඩි අක්කා ඒ තරම් මට ආදරෙයි....
දින සති මාස ගෙවිල ගිහිල්ල අපි ඕලෙවල්ස් ලියන දවසත් ආව.
එක්සෑම් ඉවර වෙලා ස්කෝලෙ දාල එන්න බැරුව අපි අසරණ වුනා..
අපි පිස්සු නටපු අපේ පංතිය ,අපේ ගුරුවරු හැමදාම අපිව දනගස්සපු ගණන් සර් හැමෝම දාල එද්දි හදවත හඩා වැටුන..
අපි ආයෙ මේ වගේ සෙට් වෙන්නේ නැද්ද කසුන් මේ පංතියෙදි?
(නොනිමි කඳුළ)
ජනිය එහෙම කියද්දි නම් කොල්ලෙක් වුනත් මට මගේ කදුළු නවත්ත ගන්න බැරි වුනා..
********
පොඩි අක්කා ආච්චි බලන්න අම්මලා එක්ක ගමේ ගියා.
මං විතරයි ගෙදර හිටියෙ..(නොනිමි කඳුළ)
කවුදෝ දොරට ගහන සද්දෙට මට ඇහැරුනෙ..
කවුද යකෝ මේ උදේ පාන්දර දොර කඩන්න හදන එකා..
කියළා හිතන ගමන් මම ගිහින් දොර ඇරියේ.
දෙවියනේ අර සුදු මූන..
අවුරුදු ගානක් හිතේ හිර කරන් ඉදපු
ආදරේ.
තවත් හිතේ හිර කරන් ඉන්න බැරි වුනා..
මම එහෙමම ඒ කෙල්ල ඇදල අරන් පපුවට තුරුල් කර ගත්තා .
මගේ නිරුවත් පපුවෙ උනුසුම දැනිල වගේ ඒ සුදු මූනත් එහෙමම ඉන්නව ..
ඇයි මට තවත් හංගන්නේ ඔයා මට ආදරෙයි නේදා?
හැම දේම විහුලුවට ගන්න මගේ හිත ඇතුලෙ මෙච්චර සීරියස් මනුස්සයෙක් ඉන්නව කියලා ජීවිතේ පලමු වතාවට මම දැන ගත්තේ අද.......
ඇයි මේ ඇස් වල කඳුළු ?
මං ලඟ ඉද්දි කඳුළු බෑ.
කියන්න ඇයි මට තවත් හංගන්නේ
ඔයත් මට ආදරෙයි නේද?
ඔව් කසුන් ,
සුදු මූන කදුලු අතරින් කියනව.
මට දරා ගන්න බැරි තරම් සතුටුයි.(නොනිමි කඳුළ)
*************
දින සති මාස ගෙවිල ගියේ හරිම ඉක්මනට.
ආදරේට බාදා එනව කිව්වට අපේ ආදරේට නම් බාදා ආවෙම නෑ.
ඒ අපේ ආදරේ කවුරුවත් දැනන් හිටියේ නැති නිසාද මංදා,
ඕලෙවල්ස් රිසාල්ට් ආවෙත් මේ අතරෙ හිතුවටත් වඩා හොදට මම
මගේ යළුවො තුන් දෙනාත් රිසාල්ට් අරන් තිබුන.
අම්මෝ යකෝ කසුන් දැක්ක කල්.
ඔන්න ඉතින් ජනිය වෙනද වගේම කතා පෙට්ටිය පටන් ගන්න හදන්නේ..
කොල්ලා තව සුදු වෙලා වගේ නේද?
ම්ම්ම්ම්ම්...
------*****------
මම ලයිබ්‍රියට ආවා කෙල්ලව මීට් වෙන්න හිතාගෙන..
මගේ සඳ..
කෙල්ලගේ නමත් සඳමාලි..
මං ඒ නිසා කතේ කලේ සඳමාලි කියළා..
පුංචිම පුංචි ලස්සන දේවල් ටිකක් එක්ක කාලෙ ගෙවිල ගියේ පුදුම තරම් ඉක්මනට.
මම කෙල්ලව ගෙදර පාර ලඟට ඇරලවල එහෙමම ගෙදර ආවා....
පොඩී ඔහොම නතර වෙනවා..
අක්කා මගේ ඇඟට කඩාගෙන පැන්නේ ආවේෂ වෙලා වගේ..
ඇයි පොඩි දූ..
තාත්තා කාමරේ ඉඳලා එලියට ආවා.
(නොනිමි කඳුළ)
මෙයා මගේ ක්ලාස් එකේ සඳමාලි එක්ක යාළු වෙලා තාත්තා.
පොඩි අක්කා හිතක් පපුවක් නැති
එකියක් වගේ තාත්තාගෙ කනේ කේලම තිබ්බා.
තාත්තා අඩියට දෙකට පැනලා මගේ කම්මුලට ගැහුවේ මාව විසී වෙන්න තරම් වේගෙන්..
තාත්තා...
උඹ මට තාත්තා කියන්න එන්න එපා බල්ලෝ.
කවදාවත් නැතුව එ ඇස් වල තිබ්බෙ පුදුම තරම් කේන්තියක්..
ඇයි මහත්තයා මේ මොකද ඇයි කොල්ලට මෙහෙම ගහන්නේ..
අම්මා තාත්තාව තල්ලු කරලා මාව ලඟට ගත්තේ අඬන ගමන්..
නවත්ත ගනින් උඹේ ඇඬිල්ලත්..
ඔහේ දන්නවද මූ අවුරුදු එකහමාරක් ඉඳන් මූට වඩා වැඩිමල් එකියක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා..
මට තේරුනා හැමදේම ඉවරයි කියලා.
මොනවා.
ඒ පාර අම්මා මාව අත ඇරලා මගේ මූන දිහා බැලුවා..
කතා කරපන් පුතේ..
ඔ ඔව් ඔව් අම්මා..
තාත්තා ගහපු පාරේ වේදනාව ඉවර වෙන්න කලින් අම්මගේ අතත් මගේ කම්බුලට පාත් වුනා..
පොඩි අක්කා ලොකු හපන් කමක් කලා වගේ පැත්තකට වෙළා බලන් ඉන්නවා.
මොන ලැජ්ජ නැති වැඩක් ද උබ මේ කරලා තියෙන්නේ.
උඹට වඩා වයසින් බාල කෙල්ලෝ ඉදියෙම නැද්ද..
අම්මත් ඒ ගමන තාත්තා ගේ පැත්ත අරගෙන..
උඹව අවුරුදු දාහතක් හැදුවේ මේක අහන්නද පුතේ..
අම්මා ඉකි ගහ ගහා අඬනවා.
කසුන් උඹ ඔය සම්බන්දෙ නතර නොකරොත් දැන ගනින් උබේ අම්මා මැරැණා කියලා..
මං කාමරේට ආවේ ජිවිතේම නැති වුනා වගේ..(නොනිමි කඳුළ)
ඇස් වල කඳුළුත් පුරවන්..
------*****-----
හෙලෝ කසුන්..
කෙල්ලගෙන් කෝල් එකක්..
කියන්න මගේ අම්මී..
ම්ම් මොකද කරන්නේ මහත්තයෝ..
කෙල්ල වෙනදා වගේම හුරතල් වෙද්දී පපුව පැලෙන්න තරම් දුකක් දැනුනේ..
ම්ම්..(නොනිමි කඳුළ)
ඔයා ඔයා ප්‍රශ්නෙකද අප්පච්චී?
කෙල්ල ඇහුවේ බයෙන් වගේ..
මගේ හුස්මක වෙනසත් කෙල්ල අඳුරනවා..
නෑ මැණික මට ඔයාව හම්බෙන්න ඕන..
හිතලා හිතලා මං කිව්වේ තවත් මේව ඉවස ඉන්න බැරි වුන නිසා..
ම්ම් මං හෙට ලයිබ්‍රියට යනවා.
ඔයා එහෙනම් එනවද මහත්තයො..
හරි මං එන්නන් ඇවිල්ලා ඉන්න..
රෑ එළිවෙනකල් මම කල්පනා කරේ මොනවද කරන්නේ කියලා..
මට පොඩ්ඩක්වත් නින්ඳ ගියේම නෑ.
අපි ලොකු මිනිස්සු නෙමෙයි අම්මයි තාත්තායි මාව හැදුවේ ගොඩාක් දුක් විඳළා..
ඒත් අක්කා කෙනෙක්ට ආදරේ කරන එක වැරැද්දක් විදියට එයාලා දකිද්දී කොහොම ඉවසන්නද..
ඒත් මං ඒ කෙල්ලට ආදරේ කළේ ඇත්තටමයි..
ඔව් ඒ මගේම කර ගන්න හිතාගෙන.
අපි මුණ ගැහුන හැටි,
ආදරේ කළ හැටි ඒ සුදු මූණ දිහා බලන් ඉඳපු කාලේ අවසානයට අපි ඇවිත් කියලා මට තේරැනා..
මොනව් වුනත් මාව දුක් විඳලා හදපු අම්මා තාත්තාට පිටුපාන්න තරම් ශක්තියක් මට තිබුනෙ නෑ.
උදේම අවදිවුනා.
ගෙදර කවුරුත්වත් මූණවත් බැලුවේ නෑ..
අම්මා තේ එකවත් හදලා නෑ..
වෙනද උදේම අවදි වෙන පොඩි අක්කත් අද නිදි.
හිස් බඩින්ම ඇඳුමක් දාන් පාරට ආවා.
ලයිබ්‍රියට යන්න
හිතාගෙන..
(නොනිමි කඳුළ)
මං යනකොටත් කෙල්ල ලයිබ්‍රිය ලඟ බෙන්ච් එහෙකට වෙලා මග බලන් ඉන්නවා..
මාව දැක්ක ගමන් කෙල්ල හිනාවෙළා දුවගෙන ආවා.
මගේ පපුව පිච්චිලා ගියා.
අම්මී මට ටිකක් කතා කරන්න ඕන.
කෙල්ල බය වෙලා වගේ මූණ දිහා බැලුවේ..
අපි යං බීච් එකට..
මම කෙල්ලත් එක්ක බීච් එකට ආවා.
වෙනද වගේ හුරතල් වෙලා කෙල්ල මගේ ලඟින් වාඩි වුනා.
වෙච්ච හැමදේම එකින් එක කියද්දී කෙල්ලගෙ ඇස් වල කඳුළු.
මට තේරෙනවා මහත්තයො
අපිට අපි කොච්චර ආදරේ කරත් අපිට අපිව හිමි නෑ කියලා..
අන්තිමට මං අපේ ආදරේ අවසානෙට ආවා..
අමාරුවෙන් වුනත් ඇත්තට මූණ දෙන්න වෙනවා මැණික.
අමාරැම වචන ටික මං කෙල්ලට කියලා දැම්මා..
කෙල්ලගේ කඳුළු නතර වුනේම නෑ.
ඒත් මට කෙල්ලව අරංගිහින් තනි තීරණයක් ගන්න තරම් ශක්තියක් තිබුනෙ නෑ.
ආදරේ කියන්නේ එකට නිදා ගන්න එක
ළමයි හදන එක,
එකට ජිවත් වෙන එක නෙවෙයි මැණික.
ආදරේ කියන්නේ හදවතේ ඇති වෙන උතුම් දෙයක්..
කවදාවත් මේ ආදරේ හිතෙන් අයින් වෙන්නෙ නෑ මැණික.
මැරෙන්න තරම් දුකක් හිතේ හිර කරන් මම වචන ගැලපුවේ..
ඒත් හැගීම් වලට වහල් වෙලා අම්මා තාත්තා, අක්කට දුකක් දෙන්න
මට බෑ.
ඈත්වෙලා යන්න බැරුව මම සඳමාලිව බදාගෙන ඉකි ගහ ගහා ඇඬුවා..
දරාගන්න බැරි දුකත් හිතේ තියාගෙන .
එදා ගෙදර ආවේ මගේ හුස්ම තරම් වටින ආදරේ අහිමි කරගෙන
අම්මා තාත්තා,
පොඩි අක්කා ගැන හිතේ තරහක් තිබුනෙ නෑ.
එයාලා කරේ හරි දේ වෙන්න ඇති..
------****-----
ඊටක් කාලෙකට පස්සේ
මම කැම්පස් අවුට් වෙලා ජොබ් එහෙකට ආවා.
අදටත් හිතේ වෙනසක් නැතුව තියෙන්නේ ඒ ආදරේ.
"ආදරේ කියන්නේ හිමිවීමම නෙමෙයි මගේ මැණික.
සමහර මිනිස්සු ඈත් වෙලා යන්නේ ආදරේ නැති නිසාම නෙමෙයි..."
අවසාන වතාවට මගේ පපුවට තුරුල් වෙලා කෙල්ල කිව්ව වචන ටික අද වගේ මතකයි..
තව ටික දවසකින් අම්මලා හොයලා දෙන කෙනෙක් මගේ බිරිඳ වේවි.
ඒත් ඒ අහිංසක කෙල්ල නමින් මේ හිතේ තියෙන මහ මෙරක් තරම් ආදරේ සදහටම මේ පපුවේ ගැඹුරුම තැනක හැංඟිලා තියේවි මගේ අන්තිම හුස්ම පොද යනකම්ම....
නිමි.
--------******-----
Page of -නොනිමි කඳුළ.
(උපුටා ගැනීම )
No comments:
Post a Comment