සදවති
"ඔයා හරියට තරුවකට ආදරේ කරන හදක් වගේ.."
"ඇයි ඒම කිව්වේ?"
"ම්ම්.. අමාවකදාට අහසේ තියෙන්නේ තරු විතරයි.. තරු වලින් මිනිස්සුන්ට වැඩක් නෑ.. එලිය දෙන් නෑනේ"
" ඒත් තරු වලට මිනිස්සු ආදරෙයිනේ.. "
"හදට තරම් තරු වලට මිනිස්සු ආදරේ නෑ බබා"
"ඒමද, මං දන් නෑ"
"ම්ම්.. හද ටික ටික පිරෙද්දි අහසේ තරු ටික ටික නොපෙනී යන්වා.. පසලොස්වක දාට තරු පේන්නේම නෑ"
"නෑ නෙවෙයි අනේ, මාත් දැකලා තියේනේ තරුවක් දෙකක් තියෙනවා.. "
"ඒ තරු නෙවෙයි නේ, ග්‍රහ ලෝක නේහ්.. තිබ්බත් එකයි දෙකයිනේ.. හදට ලගම තරු කෝමත් පේන් නෑනේ..."
" දන් නෑ වෙන්න ඇති, ඉතිං..."
"හද පිරෙද්දි තමා මිනිස්සුන්ගේ ආදරේ වැඩි වෙන්නේ හදට, අමාවකට මිනිස්සු කැමති නෑ .. හද නැති රෑ හරිම මූසලයි..."
"හ්ම්ම්"
"ගොඩක් අය හිතන්නේ මටත් හද වගේ වෙන්න තිබ්බා නම් කියලා.. ලෝකෙටම ඉහලින් පායලා ලස්සනට රෑට එලිය දෙන්න තියේනම් කියලා.. අනික හද ලස්සනයි, හදට හැමෝම ආදරෙයි, ඉතිං අපිට වගේ නෙවෙයි හදට මොනද තියන ප්‍රශ්න කියලා.. "
"ඒත් ඇත්තනේ... "
"මෝඩියේ, ඒත් කවුරුවත් අහලා නෑනේ කවදාවත් හද ඔයා සතුටින්ද ඉන්නේ කියලා.. ලස්සනට මාසෙකට සැරයක් රවුමට පායද්දි සේරම සම්පූර්ණ නිසා තමා ඔය ලස්සනට ඉන්නේ කියලා හැමෝම හිතන්නේ.. "
"හ්ම්ම්"
"ඒත් හද දුකෙන් ඉන්නේ, එයා ආදරේ තරුවකට නිසා.. හද ලස්සනට හැඩ වෙලා මාසෙකට සැරයක් එන්නේ ඒ තරුවට පේන්න.. ඒත් එදාට හදේ එලිය නිසා අහසේ ඒ තරුව පේන්නේ නෑ.. ඒ දුකට අළු පාට වලාකුලු අස්සේ හැංගිලා හද අඩනවා.. ඒක කවුරුත් දකින්නේ නෑ.. අහන්න කවුරුත් නෑ.. "
"ඉතිං හදට පුලුවන්නේ හදෙන් භාගයක් පේන්න හැමදාම එන්න.. එතකොට තරුවත් ඉන්නවා හදත් ඉන්නවා.."
"ඔය කිව්වේ හරකි. මං හිතුවා ඕම කියයි කියලා... කවි හිතකුත් නෑ, විද්‍යා දැනුමකුත් නෑනේ අප්පා මේකිට.."
"හිකිස් ඉතිං ඇත්තනේ මං කිව්වේ"
"ම්ම් මේම හිතන්නෙකෝ.. තරුවත් හදට ගොඩක් ආදරෙයි. එයත් කැමති පසලොස්වකදාට.. එකට අහසේ පායන්න බැරි උනත් දුරින් හරි ඉදන් ලස්සන බලන්න."
"ආ ඒම"
"ඒත්, හද අයිති පොලවට, ඒකේ මිනිස්සුන්ට."
"හ්ම්ම්"
" ආදරේ කියන්නේ ලබාගැනීමම නෙවෙයි, කැපකිරීමත් ආදරේ කියලා හද තේරුම් ගත්ත දවසට හද මෙච්චර කාලයක් පෑව්වට වඩා ලස්සනට පායයි"
"ඒ කිව්වේ? "
"ලෝකෙට පේන්න බොරුවට හිනා වෙලා හිටියට, ලං වෙන්න බැරි, ලබාගන්න බැරි, නොගැලපෙන කෙනෙක්ට ආදරේ කරලා විදවනවට වඩා තමුන්ට ලං වෙන්න පුලුවන්, ගොඩක් ආදරේ කරන ගැලපෙන කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් නම් හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න පුලුවන්... එතකොට ඒ හිනාව තවත් ලස්සනයි.. "
"ඉතිං හද කෝමද තරුව අමතක කරන්නේ... තරුවටත් දුක හිතෙයිනේ... "
"තරුව හදට ඇත්තටම ආදරේ කලා නම්, තේරුම් අරං හිටියානම් යන්න දෙනවා දෙන්නගෙම සතුට වෙනුවෙන්.. අනාගතේ වෙනුවෙන්... මං හිතන්නේ එතනයි ආදරේ තියෙන්නේ.."
" අනේ එතකොට කෝමද හද තරුව අමතක කරලා දාන්නේ... අනික එකම අහසේ පායනවනේ... "
"මගේ කෙල්ලේ, එක පාරක් නෙවෙයි හිතේ ආදරේ ඉපදෙන්නේ.. අනික අමතක කරන්න කිව්වේ කව්ද ආ හදට තරුව.. හදට තියෙන්නේ කාලෙට ඉඩ දීලා ඉන්න, එයාට ආදරේ කරන වෙන කෙනෙක්ට ලං වෙන්න ඉඩ දීලා.... දැන් හද ඔයා තරුව මං කියලා හිතලා කියපු ටික ගැන ආයේ හිතලා බලන්න"
"අනේ, මං කෝමද ඔයා නැතිව ඉන්නේ.. "
"ඇතුවත් බැරි නැතුවත් බැරි ආදරයක් නෙවෙයී, ඔයාට නැතිවම බැරි ආදරයක් තමා ඕනි කරන්නේ.. අපි දෙන්නට එක වහලක් යට ඉන්න බෑ කියලා දැනගෙන මේක දිගට කරන් යන්නේ ඇයි මැණික.. අපි කොච්චර උත්සාහ කලාද මේක රැකගන්න... ඒත් ඉවර වෙන්නේ හිත් රිදීමකින්මනේ.... නේද..."
"අනේ අයියේ... "
"අපි බැන්දොත් අපේ රන්ඩු නිසා නොගැල්පීම් නිසා ලමයිනුත් දුක් විදී.. අපි අපිට වෛර කරයි දැන් හරි තීරනේ නොගත්තොත්.. අපි දැන් මේම වෙන් උනොත් හිතේ ආදරේ හැමදම රැකිලා තියෙයි ලස්සන මතකයන් එක්කම.. "
"ඔයාට මාව අමතක කරන්න පුලුවන්ද"
"හරි අමරුවෙන් මේ ටික කියන්නත් හිත හදන් ආවේ... ඕම ප්‍රශ්න මගෙන් අහලා මාව අසරණ කරන්න එපා කෙල්ලේ.. "
"ඒත්... හදේ දුක අහන්න, තේරුම් ගන්න කෙනෙක් හිටියේ නෑ, තරුව විතරයි හද තේරුම් ගත්තේ. ඒ වගේ මටත් මාව තේරුම් ගන්න කෙනෙක් නැති උනොත්... "
"ඒම නෑ.. හද කවදාවත් වෙන කෙනෙක්ට එයාට ලං වෙන්න ඉඩ දීලා නැතුව ඇති තරුවට ඇරෙන්න.. අනික තරුව කැමති නැතුව ඇති වෙන අය එයාලගේ ප්‍රශ්න දැනගන්නවට... ඒක වෙන්න ඇති එයාලා මොන ප්‍රශ්නේ තිබ්බත් පුරුදු විදියටම පායන්නේ.. එතකොට අනිත් අය එයාලා දුකෙන් කියලා දන්නේ කොමද... ඔයා ඒම වෙන්න ඕනි නෑ.... ඔයාට ආදරේ කරන කෙනෙක්ට ලං වෙන්න ඉඩ දෙන්න... ලෝකේ හැමෝම එක වගේ නෑ.. මං ආදරේ කරනවට වඩා කෙනෙක් ඔයාට ලැබෙයි.."
"හැමෝම ආදරේ පුන් හදට.. එකෙක්වත් නෑ අමාවකට පස්සේ දා හදට ආදරේ කරන.. තරුව විතරයී හැමදාම එකම විදියට ආදරේ කලේ.. ඉතින් එතකොට.."
"මිනිස්සු ඒම තමා.. දළබුවාට ඊයා කියනවා.. සමනලයා පට්ටයි කියන්වා.. ඒත්.... දළබුවටත් ආදරේ කරන අය ඉන්නවා.. එයාලා වැඩිය පේන්න එන් නෑ... හිතින් ආදරේ කරනවා දුර ඉදන්.. "
"මං ඔයා ඇර ඒම කෙනෙක් දන්නේ නෑ"
ඔයා ඒලෙවල් කාලේ කොල්ලෙක් පස්සෙන් ආවා මතකද.. ඔයා එයාට බෑ කියලා මට හා කිව්වා.. ඒකා මගේ යලුවෙක් කියලත් දන්නවනේ.. මට ලගදි හම්බුනා ඒකව. මං විස්තර අහද්දි කිව්වා එක කෙල්ලටයි ආදරේ කලේ.. ඒකිත් බෑ කිව්වා.. වෙන හිතට හරියන කෙල්ලෙක් හම්බුන් නෑ කියලා. "
"හ්ම්ම්"
"මං නොදන්න ගානට අහුවා තාම ඒ කෙල්ල ගැනද හිතේ තියෙන්නෙ කියලා.. හිනා වෙලා ඔව් කියලා කිවුවා ඒකා තාම බලන් ඉන්නේ ආදරේ ලබන්න බැරි උනත් අඩුම ගානේ යලුවෙක් වත් වෙන්න කියලා.. "
"ඒ මොන පිස්සු කතවක්ද ඒ.... කෙල්ලෝ නැද්ද ආ ලංකාවේ....මං හිතුවෙ දැන් ඒකා බැදලත් ඇති කියලා.. එතකොට දැන් මාව දන් දෙන්නද කල්පනාව.. "
"දන්නෑ තීරනේ ඔයාගේ අතේ.. ඔයා පොලවේ පය ගහලා ඉන්න කෙල්ලෙක්, හිතට වහල් වෙලා මෙච්චර කල් වැඩ කරලා නෑ.. හරි තීරණයක් ගන්න ඕනි.. "
"අම්මත් කිව්වා ඔයාට පිස්සු හදන් නැතිව කරන දෙයක් ඉක්මනට කරන්න කියලා.. "
"හ්ම්ම් මේ අපේ අන්තිම හමුවීම කරගමු මැණික.. ඉස්සරහට ගත්ත අඩිය පිටිපස්සට නොතියා මං යන්නම් කෙල්ලේ අපි දෙන්නා වෙනුවෙම්ම.. ඔයා මාව දාලා යන් නෑ.. මං වත් යන්නම් ඒනම්.. සතුටින් ඉන්න.. තරුවට හද අයිති නෑ මැණික... මං ඈත ඉදං බලලා සැනසෙන්නම්... "
චමරි
උපුටා ගැනීමකි
No comments:
Post a Comment