ඒ සෙනෙහස

❤💞💗ඒ සෙනෙහස💗💞❤

"අම්මෙි අද ඉස්කොලෙ ගුරුදෙගුරු සමිතියක් තියෙනවලු.......අම්මයි තාත්තයි දෙන්නවම එක්කන් එන්න කිවා....ඒත් අම්මෙි......මට තාත්ත නෑනේ එක්කගෙන යන්න....."

"හම්ම්ම්ම්ම්.....මම ටීචට කියන්නම් පුතේ.....අම්ම හරි ඉන්නවනෙ මගෙ පුතාට......"

එහෙම කියන ගමන් අම්ම මාව අම්මගෙ පපුවට තුරුල්කරගෙන ඔලුව අතගෑවා........

මම සවිදු තාරක.මගෙ තාත්ත නැති උනේ මං පුචි කාලෙදිමයි.එතකොට මට යන්තන් අවුරුදු 5ක් විතර ඇති.මගෙ තාත්ත යුධ හමුදාවෙයි හිටියෙ.මාව ටවුමෙ ලොකු ඉස්කොලෙකට දාගන්න ඕන නිසා කියල ක්‍රියාන්විතයෙ ඉන්න අයගෙ ලමයින්ට වැඩි ලකුණු හම්බෙනව කියල තිබුන නිසා මන් ගැන හිතලමයි තාත්ත යඅද්ධය දරුනුවටම තිබඅන පැත්තකට ගියේ.....
ඒත් මගෙ අවාසනාවකට මට ඉස්කොලෙකට යන්නත් කලින්ම තමා මගෙ තාත්ත ⁣තස්ත්‍රවාදින් ගහපු මෝටාර් එකක් වැදිල අම්මවයි මාවයි මෙි ලොකෙ සදහටම තනිකරල අපිව දාල යන්නම ගියෙ......එදා ඉදල මගෙ හැමදේම හොයල බලල අඩුවක් නොදැනෙන්න මාව බලා ගත්තෙ අම්මා.මගෙ එකම බලාපොරොත්තුව වෙලා තිබුනෙ තාත්ත ආස කරපු ඒ හිනෙට කොහොම හරි යන්නයි.අම්මගෙ ඇස්වලට සතුටු කදුලකුත් දීලා තාත්තගෙ බලාපොරොත්තුවත් ඉශ්ට කරගෙනමයි මම 5වසරෙ ශිෂ්‍යත්ත විභාගෙ අපේ ඉස්කොලෙන්ම වැඩිම ලකුනු අරගෙන ටවුමෙ ලොකු ඉම්කොලෙකට ගියෙ.........එදා අලුත් ඉස්කොලෙට ලමයි බාරගන්න දවසෙදි මම අම්මත් එක්කයි ගියෙ....

"සවිදු........"

"ඉන්නව ටීච......"

"කො අම්මයි තාත්තයි ආවද...."

"ටීච මම විතරයි ආවෙි.....පුතාගෙ තාත්ත නැති වෙලා......"

"ආහ්...හරි.....හරි.....එහෙනමි පහසුකම් හා සේවාගාස්තු ගෙවල පංතියට ගිහින් දාන්න...."

"හරි ටීච....."

එදා අම්ම මගෙ අතින් අල්ලගෙන එක්කගෙන ගිහින් පංතියෙනුත් ඉන්දවලයි ආවෙි......අලුත් ඉස්කොලෙට ගියපු දවසෙ ඉදල අම්ම මට කිවෙි.....

"මගෙ පුතා හොදට ඉගනගෙ දොස්තර මහත්තයෙක් වෙන්න ඕන පුතේ......."

අම්ම හැමදාම මන්තරයක් මතුරනව වගේ හැමදාම මට කිවෙ ඒ දේ විතරමයි.....ඉස්කොලෙ පලවෙනි වාර ඉවර වෙලා ප්‍රගති වාර්තා පොත දුන්නට පස්සෙ මම ගෙදර දිව්වෙ අත්තටු ලැබුන අලුතෙන් පියාබන්න ආසාවෙන් දගලන පුංචි කුරුලුපැටියෙක් වගෙයි........

"අම්මෙි.....අම්මෙි........."

ගෙදර ගේට්ටුව ගාව ඉදල කෑගහපු සද්දෙට අම්ම බයවෙලා එලියට දුවගෙන ආවෙ මට ප්‍රශ්නයක් වෙලාද කියලයි.....

"ඇැයි මගෙ පුතේ.....ඇයි....."

"අම්මෙ...අම්මෙ....මම තමා පංතියෙ පලවෙනියා.....මගෙ තමා වැඩිම ලකුණු......"

"රත්නත්රෙ පිහිටයි මයෙ පුතාට.....පුතාට වරදින්නෑ පුතේ......හැමදාම දැන් පලවෙනියම වෙන්ඩ ඕන හරිද......"

"හම්ම්ම්....හරි....හරි....මම හොදයි කියලත් ටීච මට කිවා......"

"මොනවද මගෙ පුතාට දැන් ඕන......"

"අම්ම්ම්මිම්........මට අලුත් පැන්සල් පෙට්ටියක් ඕන....."

"හමිමිමිම්.....හා පුතෙ....මන් අරන් දෙන්න්කො...."

එදා ඉදල හැමදාම මම මහන්සි වෙලා වැඩ කරේ පංතියෙ පලවෙනියා වෙන්ඩමයි.මොකද පංතියෙ පලවෙනියා උනොත් අම්ම මට මොනව හරි තෑග්ගක් අරන් දෙනව කියල මම දන්න නිසාමයි...........

****************************************************

කාලයත් එක්කම මම සාමාන්‍යපෙල විභාගයටත් හොදටම මුණ දුන්න......මම සාමාන්‍යපෙල විභාගයත් අපේ දිස්‍ත්‍රික්කෙන් පලවෙනියා වෙලයි පාස් උනේ......මට ඒ නිසා කොළඹ ලොකු ඉස්කොල වලින් පවා ගෙදරට ලියුමි ආවෙ උසස්පෙල කරන්න එ් ඉස්කොල වලට එන්න කියලයි.....

"අම්මෙ මොකද කරන්නෙ කියන්ඩකො......"

"පුතා කැමති දෙයක් කරන්න මගෙ පුතේ....."

"මට හිතාගන්න බෑ.....මම ගියාම අම්ම තනියමනෙ....."

"කමක්නැ මගෙ රත්තරනේ.....තාත්ත ආස කරෙත් මගෙ පුතා ලොකු ලොක්කෙක් වෙනව දකින්නනෙ......"

"එ්ත්.....අනේ මන්ද....."

"පුතා කොළඹ ඉස්කොලෙට යන්ඩ පුතේ....මම වියදම් කරන්නමි....."

අම්ම බල කරපු නිසාමයි මම කොළඹ ලොකු ඉස්කොලෙකට ගියෙ.උසස්පෙලට ජිව විද්‍යා අංශයෙන්ම තොරගත්තෙ මගෙ එකම පැතුම ඩොක්ට කෙනෙක් වෙන එක නිසාමයි......

මම කොළඹ ඉන්නකොට බොඩිමක නැවතිලා හිටපු නිසාම අම්ම මට ෆෝන් එකක් අරන් දුන්නෙ මාව විස්වාස කරපු නි⁣සාමයි.........කාලයක් යනකොට අලුත් ඉස්කොලෙ යාලුවො ටික ටික අදුරගන්න ලැබුන නිසාම හොද අමතර පංති ටිකකුත් හම්බුනෙ.........

"මචං සවිදුවා.....උබ බයො වලට කාගෙද බං යන්නෙ....."

"තාම නෑ බං....මම මෙහෙ වැඩිය දන්නැ...උබල කියපල්ලකො හොද සර්කෙනෙක්ව....."

"ආහ් අපේ ක්ලාස් වලටම වරෙන් මචං....සර් සුපිරි ඉතින්....."

අලුත් යාලුවො හම්බුන නිසාම අලුත් පංති වලට යන්න පුලුවන් උන නිසා අම්මට කියල සල්ලිත් ඉල්ලගත්තෙ පංති යන්නමයි..........

කාලයක් පංති යනකොට මාත් එක්ක හිටපු හැමොටම gf කෙනෙක් හිටපු නිසාමත් මටත් අවුරුදු 19ක් විතර වෙන නිසා මාත් පොඩි ලමයෙක් නොවුන නිසාමයි මාත් මගෙ ප්‍රථම ආදරෙ පටන් ගත්තෙ.......එයත් අපේ ක්ලාස් වලටම ආපු ගෑණු ලමයෙක්.කවිත්මා දෙහන්සි......ඒ තමා මම ආදරෙ කරපු පලවෙනිම ගෑණු ලමයා.....මම එයාට හිතින් ආරෙ කරත් එයාට ඒ ගැන නොකියා හිටියෙ එයා මට බෑ කිියයි කියල තිබුන බයටමයි.....එයා සුදු ලස්සන සිහින් සිරුරක් තිබුන කෙල්ලක්.මගෙ යාලුවන්ගෙන් මම එයා ගැන අහනකොට......

"සවිදුවා.....උබ එකට ට්‍රයිද....කියපන්කො....."

"නෑ මචං මෙිකයි ඉතින්....."

"හරි හරි බං.....ලැජ්ජ නැතුව කියහන්....ගේම ගහල දෙන්නම්....."

"ආහ්....හරි....හරි....කැමතිනම් තමා....ඒත්....."

"අන්න....ඒ වචනෙ ඇති....ඉදපන්කො....."

මගෙ යාලුවො ගිහින් කවිත්මගෙන් මාව පෙන්නල ඇහුවත් එයා ඒ තරහෙන් වගෙයි මම දිහා බැලුවෙි.....ඒත් ඉතින් කාලයක් යනකොට එයා මට කැමැත්ත දුන්න.....ඒත් එයාට තෑග්ගක්වත් අරන් දෙන්න සල්ලි නොතිබුන නිසාමයි.......

"හෙලො අම්මෙි.....අනිද්දට ඉස්කොලෙට සල්ලි වගයක් ගේන්න කිවා....."

"මොකටද පුතේ....කියක්ද ඕන....."

"මොකක්ද මන්ද වැඩකටලු....2000ක් විතර ඕනලු...මගෙ පොතට දාන්ඩ...."

"ඒත් පුතේ මෙි හදිස්සියෙ කොහෙන්ද සල්ලි....."

"අ⁣නේ ඉතිින්....කොහොම හරිි එවන්ඩ....."

"හා පුතේ....මම මාලෙවත් බැංකුවෙ තියල සල්ලි එවන්නමි....."

අම්මට බොරුවක් කියල සල්ලි ඉල්ලගත්තෙ මගෙ කවිත්මට මොනව හරි තෑග්ගක් අරන් දෙන්න හිතාගෙනමයි.......පහුවදා උදේම මම බැංකුවට ගියෙ අමිම සල්ලි දාාල තියෙනව කිව නිසාමයි......

අම්ම එවල තිබුන සල්ලිත් අරගෙන මම කවිත්මට ලස්සන බෙිස්ලට් එකකුයි මාව මතක් වෙන්න පොඩි ටෙඩිබෙයා කෙනෙකුයි අරන් දුන්න.......අපේ ආදරෙ මෙ⁣හෙම ගලාගෙන ගියෙ අම්මට හොරෙනුයි.....මෙහෙම කාලයක් යනකොට තමා මම දවසක් හදිසියෙම ගෙදර ගි⁣යේ.එදා උදේ පාන්දර එයා හදිසියෙම මට කොල් කරා ඒත් ෆොන් එක ආන්ස කලෙ මම නෙවෙි......

"හෙලො සවිදු.....අනේ බබා...මෙි අද අපි ක්ලාස් කට් කරල බීච් යමුද????බීච් ගිහින් අපි ලන්ච් එක හොටෙල් එකකින් ගමු......"

"කවුදෙ මෙි උදේ පාන්දර නලව නලව කතා කරන්නෙ...."

"ඔයා කවුද????ඇයිමගෙ සවිදුගෙ ෆෝන් ඔයා ආන්ස කරෙ...."

"මොනව මගෙ සවිදු කවද ඉදලද දන්නැ මගෙ පුතා ඔහෙගෙ උනේ....අනේ මෙි දරුවො මගෙ එකාට ඉගන ගන්න දෙන්ඩ...."

"කවුද ඔයා.....ඔයාට පිස්සුද.....අනුන්ගෙ කොල්ස් වලට ආන්ස කරන්නෙ....."

ඒත් එක්කම මට ඇහරුනෙ අම්මගෙ කටහඩ ඇහුන නිසාමයි......

"ච්....මොනාද අම්මෙි කරන්නෙ මෙි මගෙ ෆොන් අරගෙන....."

"ආ.....උබ කොලඹට වෙලා මෙිකද කරෙ.....තො ඉගන ගන්නැතුව මගෙ සල්ලි නාස්ති කරා නේද....."

"මොනවද කියවන්නෙ....බලපන් කවුද කතාකරපු නැට්ටිච්චි කියල....තාත්ත නැ කියල උබට අඩුවක් නොකර සලකපු නිසාද උබ මෙහෙම කරේ......"

අම්මගෙ ඒ වචන මට දැනුනෙ හරියට පිහියකින් අනිනව වගෙයි.මෙච්චර කාලයක් ආදරය කියල මායාවක් පස්සෙන් දුවල අම්මගෙ සල්ලි ටික වියදමි කරපු එක විතරයි කරේ.......ඒ ගැන මතක් වෙනකොටත් මට විකාර වගෙ උනේ මම කරපු මොඩ වැඩ නිසාමයි.......මම පලවෙනි පාර විභාගෙට නොලියා හිටියෙත් මට පංති යාගන්න බැරි උන නිසාමයි.....ඒත් මම කොළඹ ඉස්කොලෙකට ගියත් ආයෙත් අපේ ගෙදර ඉදල පංති ගිහින් බැරි උන හැම දේම ඉගන ගත්තා....මම විභාගෙ ලිවෙි මට වඩා අවුරුද්දක් බාල අය එක්කයි....ඒත් මම කොළඹ දිස්ත්‍රික්කෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයට තේරිල තිබුන.එදා මම ආදරෙ කරපු කවිත්මා අද එදා මගෙ අතේ එල්ලිලා ගියා වගෙ වෙන කෙනෙක් එක්ක යනව දැක්කත් මට දුකක් හිතුනෙ නැත්තෙ මම මගෙ අරමඅණට ආපු නිසාමයි.......

***************************************************

(වසර 05 කට පසු )

"අම්මෙි ඔන්න අම්මගෙ පුතා දොස්තර කෙනෙක් උනා එහෙනම්......"

"හම්ම්ම්ම්ම්.....මගෙ හීනේ හැබැ උනා......උබ ඉපදුන දවස් වලම තමා පුතේ මට පියයුරු පිලිකාවක් හැදුනෙ.....උබට කිරි දුන්නෙ මම එක පියයුරකින් විතරයි මයෙ පුතේ....කට්ටිය කිවෙි උබ  කිරෙන් බාල වෙලා කියල.ඒත් උබ විභාග පාස් කරනකොට තමා ඒ කතා කියපු අයගෙ කටවල් වැහුනෙ පුතේ.......මට බොරු කරල පංතිත් කට් කරා නේ....."

"දැන් එහෙම නැනෙ අම්මෙ.....මං දැන් ඩොක්ට කෙනෙක්....අම්මගෙ හීනෙ හැබෑ උනා....."

"රත්නත්තරේ පිහිටයි මගෙ පුතේ.....උබට වරදින්නැ මගෙ පුතේ....."

#ලියන්නෙ : දුෂාන්

*#අම්මගෙ ආදරෙ ගැන කියල ඉවර කරන්න නම් බෑ....මොකද අපි මෙි ලොකෙ එලිය දකින්නත් කලිනුයි අම්මා අපට ආදරෙ කරන්නෙ......ඒ ආදරේ වචන ⁣වලට පෙරලන්න නම් අමාරුයි....ඒත් එක දෙයක් කියන්නම්.පොඩ්ඩක් හිතන්න.....ක්ලාස් යනව කියල බොරු කරල අම්මගෙ සල්ලි ඉල්ලගෙන කොහෙහරි ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට කන්න බොන්න තෑගි බෝග අරන් දෙන වෙලාවෙදි ඒ සල්ලි අම්මා දිපු විදිහ හිතුවද.අම්මගෙ සල්ලි අරන් ගිහින් විනොද වෙනකොට අම්ම ගෙදරට වෙලා කිරිහොද්දක් එක්ක බත් එක කන්න ඇති.ඒත් ඒ තමන්ගෙ දරුවගෙ අනාගතේ ගැන හීන මව මව....කොච්චර ආස කෑමක් උනත් එපා මගෙ පුතා කන්න.මම කැමති නෑ කියන්නෙ අම්ම විතරයි.යාලු වෙලා ඉන්න කෙල්ල හරි කොල්ල හරි තරහ උනාම ඌගෙ කට හපල මුන ලෙවකාල ඌ ආපහු යාලු කරගන්න පුලුවන් නම් ඇයි බැරි තමන් පොඩි කාලෙදි කැත කුණු අතගාල කිරි ටික දිලා උස් මහත් කරපු අම්මට හාදුවක් දෙන්න බැරි.වෙන උන්ට ක්ලාස් කට් කරල අම්මගෙ සල්ලි වලින් කන්ඩ අරන්දෙන වෙලේ ඒ සල්ලි වලින් ඉගන ගෙන අම්මට කෑම වෙිලක් දුන්නොත් නරකද????අම්මට කොච්චර වෛර කරත් අම්ම තමන්ගෙ දරුවන්ට වෛර කරන්⁣නැ....හිතන්ඩ පොඩි දෙයක් අද මහලු නිවාස වලට ගිහින් දාන්නෙත් තමන්ව බලාගත්තු අම්මව නේද....අම්මගෙ අාදරේ ගැන හිතල අම්මට ආදරෙයිනමි අම්මව දුකක්නොදි බලාගන්න.ලොකයේතිය තියන ආදරණියම අකුරු තුන අම්මා ⁣නේද???පුංචි දරුවෙක් උනත් ඉස්සරලම කතා කරන්නෙ අම්මට.ඒඅම්මගෙ ආදරේ නිසාමයි.
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment