නොරේපාං

❣💛💙❣නොරේපං❣💛❤️❣

  එක දිගටම නාදවන  දුරකථනයේ හඬින් මා අවදවීමි.

ෂික් ඉරිදටවත් ටිකක් නිදහසේ නිදාගන්න නැහැනේ..

මම එසේ සිතමින් දුරකථනය අතට ගතිමි..
ඇමතුම මගේ මිතුරකු වූ සාලකගෙනි..

හලෝ ,
ඇයි මචං ..

මොකෝ සාගර කරන්නේ?

නිදාගෙන හිටියේ බං.
උඹේ කෝල් එකට ඇහැරුනේ..

සොරි බං කරදර කළා නම්.

නෑ නෑ බං මේ සීතලේ එලියට යන්න කම්මැලි බං.
ඒකයි උඹලගේ කාමරේ පැත්තේ ආවේ නැත්තේ..

සීතල නැති කර ගන්න පොටි එකක් තියෙයි.
අපි යන්න හදන්නේ එනවද?

අනිවා කොහෙ හරි කමක් නෑ එහෙනම් යමන්.
ඇඳුමක් දාන් විනාඩි දහයෙන් මං එන්නම්.

හරි මචං.

                 -----****-------

මමත් සාලකත් තවත් මිතුරන් කිහිපදෙනෙක්ද පැමිණියේ නොරේපං (සිංඳු කාමරේ)  වෙතටය.

නොයෙක් ගීත ගයමින් මදුවිතෙන් සප්පායම් වන ගෑණු පිරිම් අතරට අපිද එක් වූයෙමු..

මම සෝජු වීදුරුවක් පානය කළෙමි.
එයින් මා සෑහීමකට පත් නොවීය.
නැවත නැවතත් මා සෝජු පානය කළේය.
මට එක ඉරියව්වකින් හෝ හිඳ ගත නොහැකි විය.
මා සෝජු වීදුරුව සමග
අසල සිටි කාන්තාවකගේ ඇඟේ වැදිනි.
සෝජු වීදුරුව බිම වැටී බිඳිනි.

මියානයෝ මියානයෝ(සමාවෙන්න )

මම පැවසුවෙමි..

ඇයගේ ඇඟපුරා සෝජු විසිර තිබින..

නූප්ලා ගතරයි කුම්?

(เกิดอะไรขึ้น ,තායිලන්ත
  වචනයකි.)
(මොකොද වුනේ?)

ඇගේ මිතුරියක් පැමිණ විමසුවේය.

නූප්ලා යනු ඇගේ නම විය යුතුයැයි මම අනුමාන කළෙමි..

ඇය මට රවා බැලුවාය.

මම නැවත් මියානයෝ යනුවෙන් පැවසීය.

ඇය වහා එලියට ගියාය.
මමද ඇය පසු පස දිව ගියෙමි..

කොහෙද සාගර යන්නේ?
උඹලට බිව්වම උන්හිටි තැන් අමතක වෙනවනේ,
මේ ලංකාව නෙමෙයි.
යමන් පිස්සු නටන්නේ නැතුව කාමරේට..

බ් බෑ බෑ බ් බෑ...
ඒකි පට්ට ඕයි..

මම බීමතින් පැවසුවේය.

මෙහේ සෙල්ලම් බෑ පුතේ.
නීති තදයි.

එසේ පවසමින් සාලක මගේ අතින් ඇද ගෙන ගොස් ටැක්සියට ගොඩ කළේය.

              -------*****-----

මා ඉරිදා වනතුරු නොයිවසිල්ලෙන් සිටියෙමි.
නූප්ලා තව වරක් දැකීමට මා සිත ආශා කළේය.
ඇය පියකරුය.
වැඩුනු අඟ පසඟකින් යුත් ඇය දකින කවරකුට වුවද හිත යාම අරුමයක් නොවේ...
  
      මා නොරේපමට වී ඇය එතැයි බලා සිටියෙමි..
එහෙත් ඇය නොපැමිණියාය.
මා නැවත  මාගේ කාමරයට පැමිණියේය.

        එලඹුන අලුත් සතියේ ඉරුදින නැවත මා නොරේපමට පැමිනියෙමි..
රෑ දහයත් පසුවින.
එහෙත් මගේ සියලු බලාපොරොත්තු සුනු විසුනු කරමින් ඇය මෙදිනද නොපැමිණියාය.
මසිතට කනස්සල්ලක් දැනින.

               ------****------

හදිසියේ  මට රැකියා ස්ථානය මාරු කරන්නට සිදු විය.
මගේ රැකියා ස්ථානය මාරු නොවූවානම් මේ කතාව මේ ලෙස නිමා නොවෙන්නටද ඉඩ තිබුනායැයි මට දැන් දැන් සිතේ..

        හායි..
මා පිටුපස සිට ඉංග්‍රීසීයෙන් යමක් දොඩනා තරුනියකගේ හඬ මට ඇසිනි.
මට එහෙත් එය නොතේරේ.
මට ඉංග්‍රීසි වහ කදුරුය.
අංඩර දෙමළය.
මා නෑසුනාක් මෙන් සිටියෙමි.

නැවත මට ඒ හඬ ඇසිනි.
මා පසු පස හැරිනි.
මා දෑස් අදහා ගත නොහැකි විය.
මා පසු පස සිටියේ නූප්ලාය.
ඇය සිනාසී මා දෙස බලා සිටී.
මමද සිනාසුනෙමි.

ඇය නැවත ඉංග්‍රීසියෙන් යමක් පැවසීය.
මා මුනිවත රැක්කෙමි.

මට ඉංග්‍රීසි බැරි බව ඇයට වැටහුනාක් මෙන් ඇය කොරියානු භාෂාව කතා කරන්නට පටන් ගත්තාය.

ඊයෙද ආවේ?

ඔව්.

මම මෙහේ වැඩ කරන්නේ.
ගොඩාක් කල්..

ම්ම්.එහෙමද...

මමත් නූප්ලාත් මිත්‍ර වූයෙමු.
ඇය සමාජශීලී තරුණියක් බව මට වැටහිනි.
ඇය මගේ දුරකථන අංකයද ඉල්ලා ගත්තාය.

              ------****------

ඉරුදින උදාවිනි.
අලුත් රැකියාවත් සමග මිතුරන් මගෑරිනි.
මා කාමරයට වී සිටියේය.
දුරකථනය නාද විනි.
තිරයේ දිස් වූයේ නූප්ලාගේ දුරකථනය අංකයයි..

මොකද කරන්නේ?

මොකුත් නෑ..

මේ ලඟ සිත්තමක් තියෙනව යමුද කෑම කන්න.

යමු යමු.

මා පෙරලා පිළිතුරු දුනි.
ආහර ගැනීමෙන් පසු බිල ගෙවීමට මා මුදල් කවුන්ටරය වෙත ගියෙමි.

මම ගෙවන්නම්.

නූප්ලා බිල ගෙව්වාය.

ඔන්න ඊලඟ පාර මම ගෙවන්නෙ.

ඇය සිනාසුනාය.

අපි කඩසාප්පුවල ඇවිද්දෙමු.

ඔයා කැමති දෙයක් ගන්න.
මම ඇයට මගේ බැංකු කාඩ් එක දිගු කළෙමි.
එසේ කිරීම වීරකමක් යැයි මට සිතින.

ඇය සිනාසී කාඩ් එක අතට ගත්තාය.
මම ජයග්‍රාහී හැඟීමකින් යුතුව ඇය දෙස බැලුවෙමි.
නැවත් කාමරයට පැමිනෙන විට බොහෝ රෑ බෝ වී තිබින.

                  ------****------

මම දුරකථනය අතට ගතිමි.
එහි මගහැරුනු ඇමතුන් හතලිහක් විය.
ඇමතුම් පැමිණ තිබුනේ මාගේ බිරිඳගෙනි..

මම ඇයට ඇමතුමක් ගතිමි..

හෙලෝ..

තමුසෙට මම ඊයේ ඉඳලා කෝල් ගන්නවා.
කොහෙද ඉන්නේ?

බිරිඳ මට බැන වදින්නට විය.

ඊයේ වැඩ ඕෆ් වෙද්දි රෑ වුණා..

ඇයි දැන් තමුසෙලාට රෑත් වැඩද?
ආ..

බිරිඳ කේන්තියෙන් කෑ ගසයි..

මම හොයා ගන්නම්කො තමුසෙට වැඩද නැද්ද කියළා බිරිඳ දුරකථනය විසන්ඳි කළාය.

මාගේ මිතුරා වූ සාලකට ඇමතුමක් ගත්තේය.

හෙලෝ සාලක

ඔව් කියපං මචං.

අපේ ගෑණි උඹට කෝල් එකක් ගනීවි.
මම ඊයේ වැඩද අහලා.
ඒකි හැම මගුලටම උඹටනේ කෝල් ගන්නේ.
උඹ ඔව් කියපං.

මොකෝ උඹ ඊයේ කොට්ටක්වත් පනින්න ගියාද?

නෑ බං ඊයේ යාළුවෙක් එක්ක පාටියකට ගියා එද්දි රෑ වුනා.

කවුද බං  යාළුවා ?

උඹ දන්නේ නෑ කිව්වට.

හරි හරි දැන් උඹට අපි නොදන්න යාළුවොත් ඉන්නව එහෙනම්..
මේ සාගර උඹ මොන පිස්සුව නැටුවත් මතක තියා ගනින් ලංකාවේ ගෑනියකුයි දරුවෙකුයි ඉන්නව කියලා..

සාලකගේ බන වලින් මට වැඩක් නැත.
ඌට ඉරිසියාව.
කොහෙද උන් දිහා සුදු කෙල්ලෙක් හැරිලවත් බලන එකක්යැ.
මම එසේ සිතමින් දුරකථනය විසන්ඳි කළෙමි.

නැවත ටිකකින් බිරිඳගෙන් ඇමතුමක් ලැබින.

අපේ මහත්තයා ..

ඇය මට ආදරයෙන් ආමන්ත්‍රණය කළාය.

ඇයි මොකෝ?

මට තරහ ගියානේ අනේ.
ඔයා ඊයේ ඉඳලා ෆෝන් එක ගත්තෙ නැහැනේ.

ඇය අහිංසක ලෙස පැවසීය.

ම්ම්ම්..
කෝ දරුවා.
මේ ඉන්නේ.

පුතේ තාත්තා කෝ හලෝ කියන්න..

තාත්...
තාත්...

දරුවාගේ කට හඬ ඇසිනි.
මා කොරියාවට පැමිනෙන විට දරුවා ලැබී මාස හතරකි.
දරුවා මා නොහඳුනති.
මා දැන් කොරියාවට පැමින තෙවසරකුත් මාස හයකි.
එනම් දරුවාට දැන් අවුරුදු තුනකුත් මාස දෙකකි. 
බහ තෝරන වයසේ සිටි දරුවා තාත් තාත් කියමින් මා අමතයි.

මම නිදාගන්න ඕන.

බුදුසරණයි මහත්තයො.

ඇගේ කතාව අවසන් වීමටත් පෙර මා දුරකථනය විසන්ඳි කළේය.

මා සිත නූප්ලා කෙරේ බෙහෙවින් ඇදී ගොස් හමාරය.
බිරිඳ දැන් දැන් මට රූස්සන්නේ නැත.

              ------****------

මමත් නූප්ලාත් නොරේපං එකක් සොයා පැමිණියෙමි.
නූප්ලා මා දෙස බලා සිටී මම සෝජුවලින් සප්පායමි වීමි.

මට කාමරයට යාමටවත් සිහියක් නොමැති විය.
නූප්ලා මා වත්තන් කර මගේ කාමරයට පැමිනියාය.

සියලු සිතුවිලි පරදවා මම නූප්ලාගේ පහස පතන්නට විය.
මා උදෑසන අවදිවත්ම මා සිටියේ නූප්ලා සමග සයනයේය.
නූප්ලා මාගේ නිරුවත් ලැමැදට බරව නිදා සිටී.
මෙතරම් පියකරු කාන්තාවක්  එක් රැයකට හෝ ලැබීම කෙතරම් භාග්‍යයක්දැයි මට සිතින.
මාගේ බිරිඳ තලෙලුය.
ඇයට ඇත්තේ කෙසඟ සිරුරකි.
ඇය කනාටු ගැහැනියක් නොවේදැයි මට සිතින.
මාගේ බිරිඳත් ,දරුවාත් ,නූප්ලාත්  තරාදියක දා කිරූ කළ නූප්ලා සැම විටම සිටියේ තරාදියේ බර වැඩි පැත්තේය.
එතරම් මා ඇයට ඇළුම් කළාය.

    මම දැන් යන්න ඕන.

නූප්ලා වහා නැගිට ඇඳ පාමුල තිබූ ඇඳුම් ඇඟලා ගත්තාය.

අදත් ඉඳළා යන්න.

බෑ යාළුවො බලන් ඉන්නවා..

නූප්ලා මගේ මුව සිප කාමරයෙන් පිටවූවාය.

            ------****-------

ගෙදර කුලියවත් දෙන්න සල්ලි දාළා නෑ.
සල්ලි වලට මොනව කරනවද මිනිහෝ?

බිරිඳගේ ඇනුම් බැනුම් වල නිමාවක් නොවීය.
ඇය කෙදිනකවත් මේ තාක් කෝපයෙන් මා අමතා නැත.
එහෙත් දැන් දැන් ඇයද වෙනස් වෙමින් සිටී.
ඇය වෙනස් වූවා නොව මාගේ වෙනසට ඇය හුරුවූවායැයි මට දැන් දැන් සිතේ..

තමුසෙ මොකද මං හම්බ කරන සල්ලි ගැන අහන්නේ?
තමුසෙ ගෙදරට වෙළා පොඩි එකා බලන් ඉන්න එකනේ ,
මම එහෙමද මැරිලා මැරිලා හම්බ කරන ඒවා..
උඹත් කට ඇරන් බලන් ඉන්නවා  සල්ලි ගන්න..

මමද කෝපයෙන් බැන වැදුනාය.
ඇය නිහඬව සිට නැවතත් කතා කළා ය.

අපිට සැප විඳින්න ඕන නෑ.
අපි සැප විඳපු මිනිස්සු නෙමෙයි. පොල් සම්බෝලයි බතුයි කාලා හරි අපිට ඉන්න පුළුවන්.
ඒ වගේ නෙමෙයි මේ පොඩි එකාට මොනව හරි බඩ පිරෙන්න කන්න දෙන්න ඕන.

ගෙවල් කුලී කාරයා ඇවිල්ලා ඊයේ සවස කෑ ගැහුවා.

ඇය අසරණ ලෙස ප්‍රකාශ කළාය .

ගෙවල් කුලී කාරයාට කියන්න සල්ලි ගස්වලින් කඩන්නෙ නැහැ කියළා.
පොඩ්ඩක් ඉවසල ඉන්න කියලා.

වෙනද ඔයා දාසය දාහත වෙද්දි සල්ලි දානවා නේ,
දැන් සල්ලි එවන්නේ නැහැ ඇයි ඒ?

මම එක පාරක්  උඹට කිව්වනෙ මං හම්බ හම්බ කරන ඒව ගැන අහන්න එපා කියලා..

ගෙවල් කුලී හරි ගෙවන්න මට සල්ලි එවන්න.
නැත්තං දරුවා අරන් අර මට පාරට බහින්න වෙන්නේ...

ඇය දුරකථනය විසන්ධි කළාය.

මා ජැකට් එකක් ඇඟලා පාරට පැමිණියෙමි.
ඇයට මුදල් දැමිය යුතුය යන සිතුවිල්ලෙනි.

        ඇයට මුදල් දැමීමට තරම් ශේෂයක් මගෙ ගිණුමෙ නොමැති විය.
ගිය දවස් ටිකේ  නූප්ලා සමඟ ගමන් බිමන් ගොස් තිබූ මුදල් සියල්ල විය පැහැදම් වී ඇති බව මට පසක් විය.
මුදල් පිළිබඳව නූප්ලාගෙන් ඇසීම ඇගේ සිත රිදෙන කරුනක්  වේයැයි මට බිය සිතින.
ඒ නිසා මාගේ ගිණුමේ තිබූ මුදල් පිළිබඳව මම ඇයගෙන්
නොඇසුවෙමි.
මා බිරිඳගෙ දුරකථන අංකය බ්ලොග් කර දැමුවෙමි.
එවිට ඇයට මට දුරකථන ඇමතුම්දී දෝෂාරෝපණය කිරීමට නොහැකි වනු ඇතැයි මම සිතුවෙමි.

                -----****------

සෑම සෙනසුරාදා දිනකම මාගේ කාමරයට පැමිණ ඉරිදා උදෑසන නැවත නූප්ලාගේ කාමරයට යාම ඇයගේ ජීවන රටාවේ පුරුද්දක් වූවාය.
මමද ඇගේ පැමිණීම අපේක්ෂාවෙන් පෙරමඟ බලා හිඳියෙමි.
දරුවාගේ හෝ බිරිඳගේ මුහුණ මට කිසි විටෙක මතකයට ආවේ නැත.
සියලු බැඳීම් පසෙක ලා නූප්ලා මා සිතේ පෙරමුණ ගෙන සිටියාය.
මම ඇයට බෙහෙවින් ඇලුම් කළාය.

                   -----****------

හෙලෝ සාගර ..

දුර ඇමතුම ලැබුණේ සාලකගෙනි.

උඹ දවස් තුන හතරකින් කතා කළේ කලේ නෑ කියලා උඹේ වයිෆ් අඬ අඬා කෝල් කලා.

උඹ මොකද කිව්වේ ?
මම කිව්වා උඹ කම්පැනි මාරු කලා .
ඒ නිසා අපිට හමුවෙන්නෙ නෑ කියලා.

ඔව් එහෙම කියපු එක හොඳයි.

උඹට මොන යකෙක් වැහිලද අර අහිංසක ගෑනිටයි දරුවටයි ඔහොම කරන්නේ ?

ඇයි සාලිත උඹට දුකද?

අහපන් සාගර.
උඹ දැං ආවත් හරි අවුරුදු තුනකින් එක වැකේෂන් එකක් ගියේ නෑ.
ඒ අහිංසක ගෑනි දරුවත් හදාගෙන උඹ  එනකන් බලාගෙන ඉන්නවා.   වෙන ගෑනියෙක් නම් මෙලහකට වෙන මිනිහෙක් එක්ක ගිහින්.
ඒ ගෑනි ඒ අතින් රත්තරං....

සාලක පැවසුවේ සැබෑවකි.
මගේ බිරිඳ මට බෙහෙවින් ආදරය කළාය.
ඇය මට හොඳ බිරිඳක් වූවා සේම මගේ දරුවාට ද හොඳ මවක් විය.
එහෙත් අප මිනිසුන්ගේ සිත් පුදුමය.
සම්මතයට වඩා අසම්මතයට ඇලුම් කරයි.
මම ද එසේය.
නූප්ලාගේ රන්වන් පැහැති අඟ පසඟට මාද බෙහෙවින් ඇලුම් ඇළුම් කළේය.

                  ------****------

මට නූප්ලාගේ පහස නිතැතින් අවශ්‍ය විය.

මට ඔයාව මැරි කරන්න ඕන.

මම දිනක් නූප්ලාට පැවසුවෙමි.
මම ඇයට එසේ පවසන්නට හේතු වූයේ ඇගේ පහස තවකෙකුට ලැබැතියි යන බියෙන් විය යුතුය. මන්ඳ ,
ඇය විවාහ කරගෙන දරුවන් ලැබීමේ ආශාවක් මා සිත තුල නොවීය.

මම කැමතියි.

ඇය එකවර පිළිතුරු දුන්නාය.
මා සිත ඉමහත් ප්‍රීතියෙන් පිනා ගියේය.
මා විවාහක එක්දරු පියෙක් බව ඇයට පැවසීම අනුචිත යැයි මට සිතිණ.
එවිට ඇය මා ප්‍රතික්ෂේප කරති යන බිය මා සිතට ගලා ආවේය.
මා ලංකාවට ගොස් මගේ බිරිඳගෙන් දික්කසාද වී නැවත කොරියාවට පැමිණ,
ඇය සමග විවාහ වීමට විවාහ වීමට තීරණය කළෙමි .

   නූප්ලා මම මාස තුනකට ලංකාවට යනවා.
මම ගිහින් දෙමව්පියන්ට මේ ගැන කියලා අවසර අරගෙන එන්නම්.

මම නූප්ලාට මුසාවක් පැවසුවෙමි.
එහෙත් ලංකාවේ මට කියා කිසිවෙකු කිසිවෙකු සිටියේ නැත. මාගේ දෙමාපියන් හදිසි අනතුරකින් මිය ගියේය.
මා හැදී වැඩුනේ මිත්තනිය ලඟය. ඇයද මා කොරියාවට ඒමට දෙමසකට පෙර මිය ගියාය.
මගේ කියා කීමට සිටියේ බිරිඳත් දරුවාත් පමනි.

                 ----****---
මා සජානිම්ගෙන් (බොස්)
ලංකාවට ගොස් තෙමසකින් නැවත ඒමට අවසර ලබාගතිමි.

මාගේ හදිසි පැමිණීම නිසා  දරුවාත් බිරිඳත් බෙහෙවින් සතුටු වූහ.
ඇය මා  අසලට වී නිතරම දැවටි දැවටී සිටියාය.
ඇයගෙන් දික්කසාද වීමට මා ලංකාවට පැමිණි බව
නොදන්නා ඇය

"ඇයි හදිසියේම ආවේ.."

යනුවෙන් නිතරම නිතරම විමසුවාය. 
ඇය සමග සමඟ රණ්ඩු සරුවල් වී කෙසේ හෝ ඇයගෙන් වෙන්වීමට මගක් පාදා ගත යුතුයැයි මම නිතරම සිතුවෙමි.

ඇයි තමුසෙ කියන්නේ මට මේ ගෙදරට එන්න එපා කියලද?

මම ඇගේ කම්මුල හරහා වැරෙන් පහරක් එල්ල කළෙමි.
ඇය විසි වී ගොස් බිම ඇද වැටුණාය.
නිදා සිටි දරුවා අවදි වී හඬන්නට විය.

ඔයා මට කවදාවත් අතක් උස්සල නෑ.

ඇය ඉකිගසමින් පැවසුවාය.

ඇය ඊට පසු මගෙන් කිසි දෙයක් විමසුවේ නැත.
පෙරටත් වඩා ආදරයෙන් සැලකුවාය.
මට ඇය ගැන කණගාටුවක් දැනින.
එහෙත් මට නූප්ලාගේ පියකරු මූනත්..
සියුමැලි ස්පර්ෂයත් සිහිවිය.
ඇය මා එනතුරු බලා හිඳී...

                 -------*****-----

බිරිඳගෙන් වෙන් වීමට තියා රංඩු වීමටවත් ඇය අතින් වරදක් සිදු වූයේ නැත.
අඩුම තරමේ නූප්ලා ඇමතුම් දෙද්දී මම දුරකථනය රැගෙන එලියට ගියද ඒ පිළිබඳ වත් ඇය විමසුවේ නැත.
ඇය මගේ ඕනෑ එපා කම් ඉටු කරමින් මා අසලට වී සිටියාය.

                  ------****------

කාලය පිළිබඳ මට හැඟීමක් නැතුවා සේ විය.
මා තව සතියකින් නැවත කොරියාව බලා යායුතුය.
රංඩු වී ඇගෙන් වෙන්වීම සාර්ථක කරුණක් නොවූ හෙයින් මම ඇය සමග කතා බහ කොට මෙය විසඳා ගැනීමට තීරණය කෙළෙමි.

      මට ඔයාගෙන් දික්කසාද වෙන්න ඕන.

මම නිදාගන්නට ඇඳට පැමිණි කළ ඇයට පැවසුවෙමි.
ඇය පුදුමවී මා දෙස බැලුවාය..

විහුලු කරනවද ඔයා?

ඔයා මට ආදරේද?

ඔව් මගේ පණටත් වඩා.

ඇය පිළිතුරු දුන්නාය.

එහෙනම් මට දික්කාසෙදෙ දෙන්න.
මට වෙන කෙනෙක් ඉන්නවා.
එයාගෙ රට තායිලන්තේ.
මම එනකම් කොරියාවට වෙළා බලන් ඉන්නවා.

මගේ බිරිඳගේ ඇස් වලින් නොනැවතී කඳුළු වැටිනි.
ඇය දරුවා ඇහැරෙතියි යන බිය නිසාදෝ සිහින් හඬින් ඉකිබින්ඳාය.

මම ඩිවොස් එක දෙන්නම්.
මට එක පොරොන්ඳුවක් වෙන්න.

ඇය කඳුළු අතරින් පැවසුවාය.
මොකද්ද ?

තව දවස් හයයිනේ ඔයා මං එක්ක ඉන්නේ.
ඒ දවස් හයේ මට ආදරෙන් ඉන්න.
මට තුරුල් වෙළා ඉන්න දෙන්න..

මට ඇය ගැන දුක නොදැනුනා නොවේ.

මම දරුවට වන්දි මුදලක් දෙන්නම්..

එපා..

      ඔයාට ආදරේ නිසා තමා ඩිවොස් එක දෙන්නේ.
කාගෙ ලඟ උනත් කමක් නෑ සතුටින් ඉන්න.
මට මේ ඔයා දීපු වස්තුව ඉන්නවනේ ඔයා මතක් වෙන්න මුළු ජීවිත කාලෙටම.

ඇය දරුවා දෙසට අත දිගු කර ප්‍රකාශයට කළාය.

      ඊට පසු දින මමත් ඇයත් ලෝයකෙනෙක් ලඟට ගොස් දික්කසාද වීමට සියළු කටයුතු සූදානම් කර ගත්තෙමු.
ඇයගේ දෑසේ කඳුළු නතර නොවිනි.

                   -----*****-----

මේ ඔයාගේ තුරුල්ලේ ඉන්න අන්තිම දවස නේද මහත්තයො.

ඇය මගේ පපුවට බරවී පැවසුවාය.

ම්ම්ම්ම්.

මේ ආත්මෙ ආයේ කවදාවත් අපි හමුවෙන එකක් නැද්ද ?

ඔව් සමහරවිට.

මම තායිලන්ඩ් යන්න ඉන්නේ නූප්ලා එක්ක..

හැමදාම සතුටින් ඉන්න.
ඇය මගේ ලයේ මූණ තබා දෑස් පියා ගත්තාය.

                  ------****-----

ඇය මට අවශ්‍ය සියලු ඇඳුම් බෑගයට දමා පිලියෙල කළාය.

ඉක්මනට ලෑස්ති වෙන්න දැන් වෑන් එක එනව ඇති..

මම ලෑස්ති වී කාමරයට ගියෙමි.
දරුවා සුවෙන් නිදා සිටී.

මම ගියාම ඔයා මොකොද කරන්නේ?

මම බිරිඳගෙන් ඇසුවෙමි.

මේ ගේ බාර දීලා,
මම දරුවත් අරන් ලොකු අක්කා ගාවට යනවා.

මම කිසිත් නොපැවසුවෙමි..

මට දුකයි,දරා ගන්න බැරි තරමට දුකයි,

ඇය මගේ දෙපා අල්ලා හඬා වැටුනාය.

මම නිසොල්මනේ බළා සිටියෙමි.

    කාටවත් කියන්න එපා අපි ඩිවොස් වුනා කියළා.
දන්නවනේ ගෑණියෙක් තනිවුනාම මේ කාලේ ලේසි නෑ.
මිනිස්සු මට කියාවි වැන්ඳඹු ගෑණි කියලා.
කරදර කරන්න ඒවි...

ඇය හඬ්මින් නැවත ප්‍රකාශ කළේය.

නෑ මම කාටවත් කියන්නෙ නෑ.
මම දරුවාගේ මුව සිපගත්තෙමි.
ඔහු තාමත් කිරි සුවඳය.

මම යනවා..

ඇය මට දණගසා වැන්ඳාය.

ඉන්න තැනක සතුටින් ඉන්න.
කොහේ කා ලඟ හිටියත්...

ඇය මගේ අත අල්ලා අවසාන වරට ප්‍රකාශ කළාය.

               -----****------

නූප්ලා මා එනවිට ඉන්චොන් එයාර්පෝර්ට් එකට පැමිණ සිටියාය.

                    ------****-----

දැන් මා නිදහස්ය.
රිසි සේ ජීවත් වීමට හැකි නේදැයි මට සිතුනි.

නූප්ලා අපි කවද්ද මැරි කරන්නේ?

බලමුකෝ..

ඇගේ පිළිතුර අවිනිශ්චිත බව මට වැටහිනි..

නූප්ලා පුරුදු පරිදි සෙනසුරාද මගේ කාමරයට පැමිනියාය.

කවද්ද අපි මැරි කරන්නේ?

බලමු...

ඇගේ පිළිතුරු වෙනසක් නොවීය.

    කාලය ගතවිනි.
මාගේ වීසා කාලයද තව තෙමසකින් නිමාවේ.

නූප්ලා ඉක්මනට තීරණයක් ගන්න ඕන.
වීසා ඉවර වෙන්න කලින් මැරි කරමු.

ඇය ටිකක් වෙළා මා දෙස බලා සිටියාය..

මම තායිලන්තෙට ගිහින් දෙමාපියන්ගේ කැමැත්ත අරන් එන්න ඕන.

ඉතින් ගිහින් එන්න.

සල්ලි කෝ?

කීයක් ඕනද?

ලක්ශ තිහක්වත්.
මොකොද ඔයා තායිලන්තෙ මං එක්ක පදිංචියට යනවනම් මං එහේ ඔක්කොම වැඩ හදළා එන්න ඕන.
මට ඒකට සල්ලි ඕන..

ඇය පැවසුවාය.

මම මිතුරන් කීපදෙනෙකුගෙන් නයට මුදල් ඉල්ලා ඇයට දුන්නාය.

දෙමාපියන්ගේ අවසර ලබාගෙන නැවත කොරියාවට එන්න..

මම ඇයව එයාපෝට් එකට ඇරලුවෙමි.
    
දින කිහිපයක් ගතවිනි.
නූප්ලාගෙන් එකදු දුර ඇමතුම් නොවීය.

මම ඇගේ මිතුරියන් සොයා ගියේය.
ඔවුන් මා දුටු විගස හඬ නගා සිනාසුනෝය.

නූප්ලගේ ෆෝන් එක වැඩ නෑ.
ගෙදර දුරකථන අංකයක්වත් ඉල්ල ගන්න ආවේ..

ඔවුන් යලි සිනාසුනෝය..

ඇය ඊයේ විවාහ වුනා.
ආයේ කොරියාවට එන්නේ නෑ.

මට උන්හිටි තැන් අමතක විය.
මා එක පිම්මට කාමරට දුව ආවේය.
නූප්ලා මා රවටා සියල්ල මට අහිමි කළේය.
මට නැවත ලංකාවේ යා නොහැකිය.
මා යාළුවන්ගේ ණය මුදල් පියවීමට වීසා නොමැතිව හෝ කොරියාවේ රැඳී සිටිය යුතුය.
මා කොහේ කියා යන්නද?
මගේ බිරිඳට දුන් වේදනාව මට පලිසන් දුන්නාය,
හෘද සාක්ෂිය මට වද දෙන්නට විය.
මම බෑග් මල්ලක සඟවා තිබූ බිරිඳගේත් දරුවාගෙත් චායාරූපය අතට ගතිමි.

සැමදා මාගේ සතුටම පැතූ ඇය,
කොහේ කා ලඟ හිටියත් හැමදාම සතුටින් ඉන්න."
මට අවසාන වරට කියූ වදන් සිහිවී දෑස කඳුලින් බොඳවිය..
යළි කෙදිනකවත් අපිට අපි මුණ නොගැසෙනු ඇත.
බොඳ වූ දෑසින් මා කොරියාවේ අහස දෙස බලා සුසුමක් පා කළෙමි...

                -------නිමි-----

ඔබට සිතන්නට යමක් ඉතිරි වූවායැයි මම සිතමි..

නම් ගම් මනංකල්පිතයි.
සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දකි..

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment