යාලුවනේ ටිකක් දිග කෙටි කතාවක් චුට්ටක් කියලා බලන්නකෝ
සුද්දී නැගපං කාර් එකට.........
ඒ තරහාව ඒ කෙන්තිය ඒ කටහට මට හොඳට මතකයි. දෙයියනේ සනිරු. මං ඒ පැත්ත බැලූවා. ඒ කඩවසම් සිරුර කෙන්තියෙන් පිරුණු නිල් ඇස් තවමත් ඒ වගේමයි. මගේ දිහා බලාගෙන හිටියේ මාව කන්න වගේ. ඒත් ඒ ඔක්කොටම කලින් මගේ ඇස් වලින් කඳුලූ වැටුණේ වැහි බිංදු වගේ. සනිරුව දැක්ක ගමන් මගේ ඇග පණ නැතුව ගියා දෙයියනේ. මං ආදරය කරපු මට නපුරුකම් කර කර ගොඩාක් ආදරය කරපු මගේ ම සනිරු. එදා වාගේම අදත් මං වැටෙන්න යනකොට මාව අල්ල ගත්තේ සනිරු.
‘‘සුද්දී.... කතා කරනවා..... සුද්දී....’’
සනිරුගේ ඇස් කලබලවෙනවා. එදා වගේමයි කොච්චර නපුරු වුණත් මගේ පොඩි වෙනසක්වත් එයාට දරා ගන්න බෑ. මගේ ඇස් පිය වුණා.
ඇස් විවර කරන කොට මං හිටියේ ලස්සන කාමරයක් ඇතුලත. සනිරු මං දිහාම බලාගෙන හිටියේ පුටුක් උඩට වෙලා. සනිරුගේ කෙන්තිය ගැන දන්න නිසාම ආපහු මගේ ඇස් වලට කදුලූ ආවා.
‘‘වක් කරන්න තියා ගන්න එපා තෙසිඳි කණ පුපුරන්න ගහනවා ’’
සනිරුගේ හඩට මගේ බය වැඩි වුණා. ඒක නිසා හයියෙන් ඉකි බිඳුනා.
‘‘කට වහගනිනං යකෝ උඹට දන්නවානේ උඹ අඩනවට මං කැමති නෑ කියලා. උඹ දන්නවා නේද?’’
මං ඔලූව වැනුවා.
’’එහෙනං කට වහගනිනං. මං අහන දේවල් වලට විතරක් උත්තර දීපං හැබැයි ඇත්ත විතරක් උඹ දන්නවානේ මට බොරුව පෙන්න බෑ කියලා බොරු කියලා අහුවුණොත් හම ගහනවා.’’
අපරාදේ කියන්න බෑ එයා මාව හම ගහයි. ඒ වගේ කෙනෙක් සනිරු. ආදරේ වගේම තමයි කෙන්ති ගියාම යක්‍ෂයා පරාදායි.
‘‘දැන් කියපං උඹ මෙච්චර කල් කොහේද ගියේ? ඇයි ගියේ? මොකටද ගියේ? හ්ම් කියපං ඉතින් ’’
සනිරු.... ප්ලීස් පහුගිය දෙවල් ගැන අහන්න එපා. මට යන්න දෙන්න. ’’
මං අඩ අඩම කිව්වා. එකපාරටම මගේ බෙල්ල හිර වෙන්න තරමට සනිරුගේ අත මගේ බෙල්ලට හිර වුණා.
‘‘උඹට මගෙන් අච්චර දෙයක් වෙලා තියෙද්දීත් උඹේ හැමදේම මට දුන්නට පස්සේද උඹට මේ හැම දේම පරණ දේවල් වුණේ කියපං
අනේ මට රිදෙනවා සනිරු අනේ අප්පච්චි අතාරින්නකෝ’’
මට වෙනදා වගේම පුරුද්දට කියවුණා. සනිරු මගේ බෙල්ලෙන් අත ගත්තේ විදුලයටත් වඩා වේගයෙන්.
‘‘අනේ මගේ කෙල්ල’’
සනිරු මාව රිදෙන තරමට වැළඳ ගත්තා. ඒ උණුහුමට මං කවදත් ආසයි. ඒ පපුවේ තියෙන සැනසීම මට කවදාවත් කෙදීනකවත් හම්බවුණේ නෑ. කාලයකට පස්සේ ලැබුණු ඒ ආදරය උණුසුමට මං තවත් ගුලි වුණා. මගේ ඇස් වලින් වැටුණු කදුලූ නිසා සනිරුගේ ෂර්ට් එක දියවුණා. සනිරු තාමත් ඉන්නේ මාව තුරුල් කර ගෙන.
මට දුක මගේ සනිරු එක්ක බෙදා ගන්න ඕන වුණා. මං එයාට කිව්වා. ඔව් හැමදේම කිව්වා.
සනිරු කියන්නේ මගේ ස්මාර්ට් ඩ්‍රේස් එකේ මීළග අයිතිකරු. මාත් වැඩ කරේ සනිරු යටතේ. ඒත් සනිරුගේ මං ගැන විශේෂයත්වයක් තියෙනවා කියලා මට තේරුණ නිසා ඔෆිස් එකේ හිටියත් වැඩිය සනිරුගේ කැබින් එක පැත්තේ ආවේ නෑ. ටික කාලයක් ඔහොම ම`ග ඇරියා. ඒත් දෙයියනේ එක දවසක් මං ටිකක් උදෙන්ම ඔෆීස් එකට ආවා. ඉරිදා දවසක්. සීසන් එක ළග නිසා කරන්න වැඩ වගයක් තිබුණා.
‘‘ඔහොම ඉන්නවා’’
දෙයියනේ සනිරු සර් මගේ කකුල් දෙකම පණ නැති වෙලා ගියා. මාව වැටෙන්න ගියා. ඒවුණාට මාව ඒ ශක්තිමත් අත් වලට අසුවුණා.
‘‘තමුසේ මං කතා කරාමත් ඔච්චර බය වෙනවද?’’
ඇත්තමයි ඒ සුන්දර හිනාව ළග ඕනම කෙල්ලෙක් නවතිනවා. මාත් නැවතුණා.
‘‘මං අහන්නමයි හිටියේ තමුසේ මොකද දැන් මගේ කැබින් එක පැත්තේ එන්නේ නැත්තේ?
නෑ සර් .... මේ.... මං....
බොරු කියන්න හදන්න එපා තෙසඳි. හරි මේ අහනවා මට ඔය වටින් ගොඩින් කියන්නවත් වචන ලස්සන කරලා කියන්නවත් මං දන්නේ නෑ මං තමුසේට ඇත්තටම ආදරෙයි’’
දෙයියනේ ඒ වචන මට ඇහුණා විතරයි. මට දාඩිය දැම්මා. මට මැවිලා පෙනුනේ රංජිත් සර්ගේ බියකරු මුණ. මට බැ කොහොමටත් කැමති වෙන්න.
හැබැයි එදායින් පස්සේ සනිරු මට කරදර කරේ නෑ. හැබැයි හැම වේලාවෙම මගේ ළග මං දිහා බලාගෙන හිටියා. ඒ ඇස් වල ආදරය පිරිලා තිබුණා. ඒත් මට බෑ ආදරය කරන්න. මං මගේ හිතේ ආදරය හිර කරගෙන හිටියා.
‘‘නංගි තමුසේ හිතාගෙන ඉන්නේ තමුසේ රත්තරං කියලද?’’
මේ මොන හෙණ ගෙඩියක් ද මං කෑම කන්න ලන්ච් රූම් එකට යන කොට සනිරු සර්ගේ හොඳම යාලූවා රන්දික සර් මහා හයියෙන් කෑගැහුවා.
‘‘ඇ...ඇයි සර්
ඇයි සර් තමයි. මේ අහපං නංගි තමුසේ හිතාගෙන ඉන්නේ ඌ තමුසෙගන් බොරුවට යාලූවෙන්න ඇහුවා කියලද මෝඩියේ ඌ පණ ඇරලා තමුසේට. තමුසේ හින්දා ඌ ?ට බොනවා ඌත් එක්ක හිනාවුණාම තමුසේ දත් ටික බලෙන් කඩලා අරගෙන යන්නේ නෑ. ඌ ආදරේයි ඕයි තමුසේට පොඞ්ඩක් හිතනවා’’
රන්දික මහත්තයා ආපු වේගයෙන්ම ගියා. ඒත් මං නැවතිලා. එදා ? බෝඩිමට ගිහින් ගොඩාක් වෙලා කල්පනා කරා. රංජිත් සර්ලා මොනවා කිව්වත් මං සනිරු සර්ට ආදරේ කරනවා. එයාට කවදාක හරි යන්න ඕන උනොත් මං යන්න දෙනවා.
පසුවෙනිදා ගොඩාක් සතුටින් මං වැඩට ගියේ. එදා මං මටම ලස්සනයි කියලා හිතුනා. කලූ පාට සාරියට ගොල්ඞ් පාට පටියක් ගිහිල්ලා තිබුණු සාරියක් තමයි මං එදා ඇදගෙන ගියේ. මං ගෙට්ටුවෙන් ඇතුලූ වෙන කොටම මං දැක්කේ මං දිහා ඇහි පිල්ලමක්වත් ගහන්නේ නැතුව ඉන්න සනිරුව. ඇත්තමයි සනිරුගෙත් වෙනසක් නෑ නිල් පාට ෂර්ට් එක වැලමිට ලගට නවලා හිර කරලා යන්නමින් වැවුණු රැුවුල මනමාල හිනාව ලස්සන ඇස් මට වෙනදාට ලස්සනට පෙනුනා. සනිරුටත් හිතෙන්නැති මගේ වෙනස.
මං මගේ කැබින් එකට ගිහින් දොර අරින කොටම සනිරුත් මගේ පිටිපස්සෙන්ම ආවේ දොරත් වහගෙන.
සර්....
මොකද තමුසේ බයවෙලා? මං තමුසෙගේ බොස් මට ඕන තැනක යන්න පුලූවන්
ඇත්තද මහත්තයා. ඒ වුණාට මේ කැබින් එක මගේ
මොකද කෙල්ලගේ කට පණ ගහලා වෙනදට බයේ වෙව්ලනවා
මගේ මහත්තයා එක්ක කතා කරන්න මං බය නෑ
සනිරු හිනා වුණා. එයාට මං කියපු දේ හරියට තේරුණේ නෑ. ඒත් ටික වේලාවක් යද්දී මගේ දිහා බැලූවේ බය වෙලා.
මොකක්ද සුද්දී කිව්වේ?
මුකුත් නෑ
මුකුත් නෑ ඉන්නවා මං බලලා කියන්න මුකුත් නැද්ද කියලා’’
සනිරු එනපොට හරි නෑ කියලා මං දැනගත්ත ගමන් එතනින් දුවන්න හැදුවේ. අපරාදේ මගේ මහන්සිය. කොහේ දුවන්න ද ඒ අත් වලට අහුවුණාම. මම පරාද වුණා.
‘‘කියනවා තමුසේ ඇත්තටම මට ආදරේද?
හ්ම්.
මං ඔලූව වැනුවා. ඒත් ඒ ඇස් බලන්න ලැජ්ජයි. මාව සනිරු එයාගේ පැත්තට හරව ගත්තා. සනිරු බලාගෙන හිටියේ මගේ තොල් දිහා. ඒ ඇස් අඩවන් වෙලාම මගේ දෙතොල් වලට පාත් වුණා. කවදාවත් නොලැබුණු ආදරයක් ඒ මොහොතේ ලැබුණා. සනිරු මගේ දෙතොල් වලින් එයාගේ දෙතොල් ගත්තේ සෑහෙන වෙලාවට පස්සේ. ඊට පස්සෙත් ඉතින් මට ඒ ඇස් දිහා බලන්නම බෑ.
‘‘මොකද තමුසේ ඔච්චර ඇඹරෙන්නේ. ඕන නං තව එකක් දීලා මට ඔය ලැජ්ජාව නැති කරන්න පුලූවන්
ෂික් පොඩා’’
මං සනිරුව කැබින් එකනේ එළියට දැම්මා.
එදා ඉදන් සනිරු මට ආදරේ කරේ මට දරා ගන්න බැරි විධියට. කාලයක් යද්දී සනිරු මට මටම කියලා පුංචි හුරුබුහුටි ගෙදරක් අරගෙන දුන්නා. සනිරු වැඩි හරියක් හිටියේ එයාගේ ගෙදර නෙමේ මාත් එක්ක. එයාගෙන් ගෙදර යන්නේ නැද්ද කියලා අහපු ගමන් කියන්නේ ඒක ගෙදර නෙමෙයි මැණික ඒක වදක බන්ධනාගාරයක් කියලා. පව් සනිරුටත් රංජිත් සර් සලකන්නේ හරිම නපුරු විධියට. රන්දික අයියා තමයි හැම එකටම උදව් කරේ. දැන් අපි දෙන්නා නිකං අලූත බැදපු ජොඩුවක් වගේ.
‘‘අප්පච්චි මෙහෙට එන්නකෝ ඉක්මනට’’
මං වෙනදා වගේම කුස්සියේ ඉදන් කෑගහුවා.
‘‘මොකද බං?
අනේ මට පොල් ටිකක් ගාලා දෙන්න
මොකක්ද? හයියෝ මට මෙච්ච දෙයක් රන්දිකයා එහෙම දන්නවානම් මට දිවිනහ ගන්න වෙයි යකො’’
සනිරු එහෙම කියන කොට මං හිනා වුණා. හැමදාම මං උයන කොට ඔය යුද්දේ තමයි. හැබැයි ඉතින් කුටු කුටු ගා ගා මට උදව් කරනවා. එතකොට මට පුදුම ආදරයක් හිතෙන්නේ.
අනෙක් යුද්දේ පටන් ගන්නේ උදේට නැගිට්ටවන්න. අනේ මන්දා මේයාව ගෙදර දී කව්රු නැගිට්ටනවද කියලා.
‘‘අප්පච්චි නැගිටින්න වේලාව හතයි. දැන් කීයටද ඔෆිස් යන්නේ? මටත් පරක්කු වෙනවා අනේ නැගිටින්නකො මැණික’’
මැණික නෙමේ මොනවා කිව්වත් මේකා නෙමයිනේ නැගිටින්නේ. අදනං හොඳ පාරක් දෙනවා කියලා හිතාගෙන ඇඳ ළගට ආවා. ඒත් මාත් හිතපු නැති විධියට සනිරු මාව එයා ලගට ඇද ගෙන මාව එයාට යට කර ගෙන මගේ ලැමැදින් හිස තියාගෙන ආපහු නිදා ගත්තා. මාත් ඒ උණුසුමට ගුලි වුණා.
‘‘නැගිටින්නකො බාබා
අනේ අම්මි චුට්ටක් කට වහගෙන ඉන්නකො උදේ පාන්දරම කච කච ගාන්නේ’’
සනිරු කිව්වේ පොඩි ළමයෙක් වගේ. ඇත්තටම සනිරු තාම මට පොඩි ළමයෙක් වගේ තමයි. කොහොම හරි නැගිට්ට ගෙන ඇදුම් අන්දලා ඔෆීස් යවනවා කියන්නේ ළමයි සීයක් ඉස්කොලේ යැව්වා වගේ මට මහන්සියි. සනිරු ඔෆීස් ගියාට පස්සේ තමයි මාත් ඔෆීස් යන්නේ.
ඔහොම මාස ගාණක් ගෙවිලා ගියා. අපි දෙන්නා එක වහලක් යට හිටියට සනිරු තාම මට අතක්වත් තියලා නෑ. ඒ තරම් ආරක්‍ෂාවක් සනිරු ළග මට තිබ්බා. මං පොඞ්ඩක් හරි ඔෆීස් ඇරලා එන්න පරක්කු වුණොත් බයෙන් වෙව්ලනවා. පව්. එහෙම දවසට මං හොඳටම බැනුම් අහනවා. මගේ ඇස් රතු වෙච්ච ගමන් මාව හුරතල් කරලා එයා මාව තුරුලූ කරගෙන නිදාගන්නවා.
දවසක් සනිරු ගෙදර එනකොට මං වොෂ් රූම් එකේ ඉදන් එළියට බැස්සා විතරයි. සනිරුව දැක්ක ගමන් මට තරු විසි වුණා. ඇයි ඉතින් ඇදලා හිටිය තුවායත් ඇදලා හිටියට වඩා හොඳයි නෑද හිටියනං. ඒ තරම් කොටයි. සනිරු මං දිහා බැලූවේ අමුතු මනමාල හිනාවකින්.
‘‘තමුසේ හදන්නේ රොන් සයිඞ් යන්න තෙසඳි
ඇයි?
ඇයි කියලා අහන්නේ උඹ හිතුවද මං සෝවාන් වෙලා කියලා මටත් හැගීම් දැනීම් තියෙනවා බං ඒක නිසා දෙයියනේ කියලා ගිහින් ඇදුමක් ඇද ගනිනං ඉක්මනට’’
සනිරු දගකාර විදියට හිනා වෙලා කිව්වා. ඇත්තටම සනිරු එහෙම හිනාවෙනකොට පුදුම ලස්සනයි. මගේ පිස්සා. හැබැයි මට ඒ වේලාවේ මතක් වුණේ මං ඉක්නමට ඇදුමක් දා ගන්න ඕන කියලා. ඉතින් මං දිව්වා අල්මාරිය ළගට. වෙනදට ටක් ගලා අතට අහුවෙල රෙදි ඕන වේලාවට රෙද්ද එකක්වත් නෑ. මං මටම බැන ගත්තා.
සනිරු ආපහු කාමරයට එනකොටත් මං තුවාය පිටින්. සනිරු ආපසු අර ලස්සන මනමාල හිනාව දැම්මා.
‘‘මං කිව්වා සුද්දී නිදාගෙන ඉන්න කොටි ඇහරවන්න එපා කියලා කෝ ඉතින් තමුසේ අහනවැ ඉතින්’’
සනිරු මං ලගට ආවේ ඒ සුන්දර හිනාවෙන් සිනා වෙලා. මං පස්සෙන් පස්සට ගියේ සනිරුගේ දගකාර පෙනුම දැකලා. මං ළගට ඇවිත් ෂර්ට් එකේ බොත්තම් කිහිපයක් ගලවලා ෂර්ට් එක උරහිසෙන් පිටිපස්සට තල්ලූ කරා. ඇත්තමයි පුදුම ද`ගකාරකමක්. තුවායේ ගැටයෙන් ඇදලා ගත්තා මං නැවතුනේ ඒ නිරුවත් පපුවේ මාව සීතල වෙලා ගියා. ඉස්සරට වැටුණු කොණ්ඬේ අයින් කරලා මගේ ගෙල පා මුල ඒ තොල් තිබ්බේ මෘදුවට මාව හිරි වැටිලා ගියා. මං නොදැනුවත්වම මං සනිරුව වැලඳ ගත්තේ ඉවසගන්න බැරි ආදරයකින්. සනිරුටත් එකම දැනෙන්න ඇති.
සනිරු මාව දෝතට ගෙන ඇදෙන් ගිහින් තිබ්බා. ෂර්ට් එක ගලවලා පුටුව උඩටට දාලා මගේ වතට බර වුණා. සනිරුගෙන් මං දැක්කේ කවදාවත් නොදැකපු ආදරයක්. ඒ ඇස් බාගෙට පියවීලා. ටික වෙලාවෙක් මගේ මුණ දිහා බලන් හිටපු සනිරු මගේ දොතොල් සිප ගත්තේ පුදුමාකාර ආදරයකින්. ඒත් මොහොතකින් නැගිට්ටා. මාව ගැස්සිලා ගියා
‘‘ඇයි සනිරු?
ඇතත්ටම තමුසේට මොලයක් නැද්ද?’’
ඒ චවන වලට මං බය වුණා.
‘‘මේ අහන්න බාබා මං ඔයාට ආදරේයි තමයි. ඒත් මාත් පිරිමියෙක් ’’
සිනිරු ගැන මගේ හිතේ තිබ්බ ආදරේ තවත් වැඩි වුණා. මං සනිරුගේ නිරුවත් පපුව බදාගත්තා. සනිරු නැගිටින්න හැදුවත් මං මගේ අත් ඇතැරියේ නෑ.
‘‘හෙට උදේට තමුසේ මට වෛරයි කරයි තෙසිඳි
නෑ දෙයියෝ තවදාවත් නෑ’’
එච්චරයි මට කියන්න පුලූවන් වුණේ සනිරු මගේ වතට බර වුණා. ඒ දෙතොල් නොවසිලිවන්තව මගේ හැමතැනම ගියා. ඒ හුස්ම වැදිච්ච නැති තැනක් තිබුණේ නෑ. මගේ නපුරා කොච්චර ආදරයකින් සිප ගත්තද කියනවානම් මට කිසිම දෙයක් මතකයට ආවේ නෑ. මාත් ඒ උණුහුමට ගුලි
වුණා. සනිරු මගෙන් ඈත් වුණේ මාව සම්පූර්ණයෙන්ම එයාගේ කරගෙන.
‘‘ආදරේයි තෙසඳි ගොඩාක්’’
සනිරු මගේ දෙතොල් සිප ගෙන කිව්වා. සනිරු තවමත් සිටියේ මගේ පපුව උඩ හිස තියාගෙන.
‘‘බාබා
හ්ම්......
අපි හෙටම බඳිමු
මොකක්ද?
ඇයි තමුසේට කණ ඇහෙන්නේ නැද්ද? තමුසේ මගේ ගෑණි තමුසේ මට හැමදේම දුන්නේ මට ආදරේ නිසා මාත් පිරිමියෙක් තෙසඳි මට බෑ තමුසේට වැරැුද්දක් කරන්න ඒක නිසා හොඳට අහගන්නවා හෙට උදේ මං තමුසේව බඳිනවා එච්චරයි.’’
එතනින් කතාව ඉවරයි. සනිරු වෙනදා වගේම ඕෆීස් ගියා. මාත් වෙනදා වාගේම ඕෆීස් ගියා. එදා හැමෝටම උදේ රංජිත් සර් මීටින් එකක් තියලා තිබ්බා. ඉතින් මාත් ගියා. මං ගියා විතරයි සනිරු මගේ දිහා බලලා ද`ගකාර විධියට ඇහැක් ගැහුවා. අනේ අම්මපා මේ කොල්ලනන් මං රවලා අහක බලා ගත්තා. සනිරු මනමාල විදියට හිනා වුණා.
එදා රංජිත් සර් කිව්ව දේ නිසා මාව භාගෙට මැරුණා. ඒ සනිරුව රංජිත් සර්ගේ යාලූවෙක්ගේ දුවෙක්ව කසාඳ බන්දලා දෙනවා කියලා. ඒ අයත් ලොකු සල්ලි කාරයෝ. මගේ ඇස් වලට කදුලූ ආවා. සනිරු මගේ දිහා බලාගෙන හිටියේ තිගැස්සීලා. එකෙන් මං තේරුම් ගත්තා සනිරුත් මේක ගැන දන්නේ නෑ කියලා. මට බෑ දෙයියනේ තවත් ඉන්න මං පඩිපෙල බැහලා ගෙදර දුවගෙන ආවා. මං ගෙට ඇතුල් වුණා විතරයි මගේ පිටිපස්සෙන් ඇවිත් මාව වැළඳ ගත්තේ සනිරු.
‘‘ඇයි දෙයියනේ මාව එතන දාලා දුවගෙන ආවේ? අඩන්න එපා මං ඉන්නවා මං ඔයාගේ විතරයි මේ පපුවේ ඉන්නේ උඹ විතරයි ’’
සනිරු මොනවා කිව්වත් සිනරුට රංජිත් සර්ට විරුද්ධ වෙන්න බෑ කියලා මං දන්නවා. මට හොඳටම ඇඩුණා. අඩන කොට සනිරුට කෙන්ති ගියා.
‘‘මේ අහනවා තෙසිඳි උඹ මගේ ගෑණි ඒක වෙනස් කරන්න කාටවත්ම බෑ. උඹ ලෑස්ති වෙලා පාරට වරෙං රන්දික ඇවිත් උඹව ගනි අද අපි බඳිනවා බැඳලා රට යනවා. එච්චරයි
අනේ සනිරු
මාව යක්‍ෂාරුඩ කරගන්න එපා තෙසඳි උඹ දන්නවානේ මං ගැන මං කිව්වොත් කිව්වා. ඉක්මනට ලෑස්ති වෙලා වරෙං’’
සනිරු කෑගහලා කියලා එළියට ගියා.
මමත් සනිරුටම බයේම ලෑස්ති වෙලා පාරට ආවා. ඒත් ආවේ රන්දික නෙමේ රංජිත් සර්. මගේ කකුල් දෙකත් පණ නැති වුණා.
‘‘සර්....’’
එත් එකපාරටම රංජිත් සර්ගේ අතක් මගේ කම්මුල හරහා වැදුණා. මට නිකං හෙණයක් ගැහුවා වගේ. මගේ කදුලූ පිරුණු ඇස් වලින් කෝපයෙන් පුපුරණ රංජිත් සර්ගේ මුණ දිහා බැලූවා.
‘‘උඹ හිතුවද උඹ වගේ හි`ගන ගෑණියෙක්ට මගේ පුතා දෙයි කියලා මං දැනගෙන හිටියේ උඹේයි මගේ එකාගෙයි සම්බන්දේ මං හිතුනේ ඌ ඒක ජොලියට කරනවා කියලා ෂික් මේ හරකා උඹව බඳින්නත් හදනවා. උඹ මොනවා දීලද මගේ කොල්ලව අල්ල ගත්තේ
සර් මං...
චනයක්වත් කතා කරන්න එපා කොහේවත් යන වේස ගැණුන්ට මගේ එකාව දෙන්න ලෑස්ති නෑ. උඹ මගේ දරුවත් එක්ක යාලූවුණා. ආදරේ කරා ඒ හැමදෙයක්ම ඉවරයි. මේ අහපං මං උඹට පැය විසි හතරක් දෙන්නම් උඹ මගේ කොල්ලව ඇතෑරලා යන්න ඕන එහෙම නැත්නම් මගේ එකා කියලා බලන්නේ නැතුව උඹවයි මගේ එකාවයි දෙන්නවම බාවනවා. උඹ දන්නවානේ මේ රංජිත් කියන්නේ කව්ද කියලා
අනේ සර් සනිරුට මුකුත් කරන්න එපා මමයි වැරදි මං යන්නම් ’’
මං රංජිත් සර්ගේ කකුල් දෙක ළග වැඳ වැටුණා. ඒත් ඒ ඇස් කෝපයෙන් බැබලූනා මිසක අනුකම්පාවත් ඒ හිතට ආවේ නෑ.
‘‘හරි මුලින්ම උඹ පලයංකෝ ඊට පස්සේ අපි බලාගමු. හැබැයි මතක තියාගනිනං උඹ මේ පැත්තේ ආපහු ආවොත් උඹට කොහොම වුණත් මගේ එකා ඉවරයි තව එකක් මට දරුවට වඩා වටින්නේ මගේ ආත්ම ගරුවත්වය. ඒකට හානි වෙනවාට මං කැමති නෑ මගේ දරුවා උනත් එච්චරයි’’
රංජිත් සර් එහෙම කියාගෙන වාහනයේ නැගලා ගියා. මං ඇඩුවා ගොඩාක්. මං දුක අහන්න කව්රුත් ආවේ නෑ. තනියම පාරේ වැටිලා ඇඩුවා. හති වැටෙනකන් අඩලා පාරේ දුවලා ගියා පිස්සියෙක් වගේ.
ඒ ගියපු ගමන් මට දැන් සනිරුව හම්බවුණේ අවුරුද්දකට පස්සේ. ඒත් ඒ එදා තිබුණු ආදරය එහෙම්මයි. වෙනසක් නෑ. මං ඔක්කොම කියලා ඉවර වෙන කොට සනිරුගේ අස් වලින් කදුලූ බේරෙනවා. ඊටත් වඩා ඇස් වලින් කෝපය පිට වුණ විධියට ඒ මුණ දිහා බලන්නත් මට බය හිතුනා.
‘‘සනිරු........’’
මං සනිරුගේ උරහිසට අතක් තිබ්බා.
‘‘අත ගනින් උඹට ඔච්චරටම මාව අවිශ්වාස වුණද ගෑණියේ උඹ හිතුවද මං මැරෙන්න බයයි කියලා උඹ දන්නවා නේද උඹට මං කොච්චර ආදරේ කරාද කියලා උඹ එදා එක වචනයක් හරි මට කිව්වනං මේ දේ වෙන්නේ නෑ. අනික උඹ කොහොමද හිතුවේ උඹ නැතුව මං ජිවත් වෙයි කියලා කියපං’’
සනිරු වේදනාවෙන් කියන කොට මට තවත් ඇඩුණා.
‘‘දන්නවද මං උඹව හෙව්ව නැති තැනක් නෑ මායි රන්දිකයි උඹව බලන්න හැම තැනම ගියා. මගේ හිතේ වද දුන්නේම එදා සිද්දියෙන් පස්සේ මගේ දරුවෙක්වත් උඹට ඇවිනං උඹ අසරණ වෙනවා නේද කියලා ඇයි බං උඹ මං තරම් වත් මට ආදරේ කරේ නැත්තේ?
ආදරේ කරා දෙයියනේ ආදරේ කරා ඒකයි මං ඔයාගේ දරුවට පණ වගේ බලාගත්තේ’’
මං අඩමින්ම ආපහු ඒ පපුවේ ගුලි වුණා. සනිරු මාව තදින්ම වැළඳ ගත්තා.
‘‘මොකක්ද තමුසේ කිව්වේ? මගේ දරුවා මේ මගේ ලේ වලින් හැදිච්ච දරුවා? කෝ එයා? කියපං බං ෂුවර් එකටම මං වගේම කොලූ පැටියෙක් නේද?
සනිරු සතුටින් කෑගහුවා.
‘‘කොලූ පැටියෙක් නෙමේ සනිරු දෙන්නෙක් ටුවින්ස්ලා
අනේ දෙයියනේ කොහොමද උඹ එච්චර බඩක් උස්සනගෙන හිටියේ? මං දුකක් දුන්නා නේද මගේ අම්මිට’’
සනිරු වෙනදා වගේම මගේ උකුලේ නැලවුණා. ඒත් විනාඩියයි. ඉක්මනට නැගිට්ටා.
‘‘දැන් තමුසේ මේ ඇවිදින්නේ මගේ ළමයින් දෙන්නව තනියම දාලද? ආ... කියනවා.... තමුසේ කොහොමද එහෙම දෙයක් කරන්නේ....
නෑ සනිරු මගේ අම්මා ඇවිත් ඉන්නේ
අපි යමු මට ඉක්මනට මං දරුවෝ බලන්න ඕන. ඒ ඔක්කොටම කලින් මට උඹව බඳින්න ඕන නැත්නං මගේ කොල්ලෝ දෙන්නා ලොකු වුණාම මට පාට් එක දායි අම්මාව බැඳලා නැතුව බබලා හැදුවා කියලා යමන් යමන්’’
සනිරු සතුටින් කියන කොට මං ඇදෙන් බැස්සා. සනිරු මාව වෙනදා වගේම දෝතට ගත්තා. හරිම ආදරයෙන් මගේ මුණ බැලූවා.
‘‘බාබා ආදරය කියන්නේ අකුරු හතරක් නෙමේ. ඒකට ලොකු තේරුමක් තියෙනවා. මං ඒ බැඳීමට ආදරේයි. ඔයාව තියාගෙන හිටපු මේ පපුව වෙන කාටවත් දෙන්නේ නෑ මං එහෙම ගන්නවානම් මං මැරෙන්න ඕන. මං ඔයාට පුදුම විදියට ආදරේ කරා. ඒ ආදරේ හැම ආත්මේම එහෙමමයි’’
සනිරු ආදරයෙන් මගේ නළල සිප ගත්තා. එදා දැනුනු ආදරය සෙනෙහස රැුකවරණය අදටත් මට සනිරුගෙන් ලැබෙනවා. සනිරු කවදාවත් එයාගේ තාත්තාව බලන්න ගියේ නෑ. මං කොච්චර කිව්වත් එයා ඒක ඇහුමේම නෑ. එයාගේ ලොකේ හිටියේ මමයි අපේ දරුවෝ දෙන්නයි විතරයි.
ඔයලා දන්නවද යාලූවනේ මගේ යාලූවෙක් එක දවසක් මට කිව්වා කොල්ලෙක් හදවතින්ම එකපාරක් ආදරය කරොත් ඒක ඇත්ත කියලා. එහෙම ආදරයක් කොල්ලෙක් නිකම්ම ඒ අතාරින්නේ නෑලූ ඒ ආදරේ නැති වෙලා යන්න දෙන්නෙත් නෑලූ එක ඇත්තද බොරු ද කියන්න මං දන්නේ නෑ
by - ridmi dileka liyanage
උපුටා ගැනීමකි
No comments:
Post a Comment