කෙටි කතාවක් ..
නිහඬ පෙම්වතිය
මේ වෙලාවට සාරිත් ඇදන් bus එකේ යනව කියන්නෙ එපා වෙන වැඩක්. සල්ලි ගානට දුන්නම කොන්දොස්තර දන්නව බහින තැන. ඒ නිසා හොදයි .
මං සිතුමි ප්‍රියවදනි. නම එහෙම උනාට මොකද මගෙ වචන ප්‍රියද නැද්ද කියලා බලන්න අද වෙනකන් කාටවත් බැරිවුණා . හ්ම්ම් මං ගොලුයි කන් ඇහෙන්නෙත් නෑ . මගේ වයස 26යි. මං රත්මලානෙ අන්ද ගොලු බිහිරි විද්‍යාලයේ ගුරුවරියක් .
අදත් ඉන්නව. Office kit එකට match වෙන්නම ඇග තියනව. ගානට කපපු රැවුල jel කරල් උඩට හදපු කොන්ඩෙ. ඇත්තටම කඩවසම් . දැන් මාසෙක විතර ඉදන් මං එනකන් bus එකට නගින්නැතුව බලන් ඉන්නව. Bus එකට නැග්ග වෙලේ ඉදන් එයා බහින්නොන halt එක වෙනකන්ම නේත්‍රා පූජාව වගෙ තමා
පුදුමයි .. අද sheet එකක් තියනව. මං ගිහින් ජනෙල්ලෙ අයිනෙ වාඩි උනා. හරියට නොබැලුවට මොකද එයත් මං ලගින් වාඩි උනා මට දැනුන. පිළියන්දල පහු උනා විතරයි එයා මගෙ අතට තට්ටු කරල මොකක්ද ඇහුව. "කොහොමද උත්තර දෙන්නෙ"
මං යන්තන් හිනාවෙලා අහක බලාගත්තෙ ඇස් වලට කදුලු පිරුන නිසා.
එයා මගෙ ඔඩොක්කුවට කොලයක් දැම්ම . මං පුදුම වෙලා එයා දිහා බැලුව . අදයි හරියටම එයාගෙ හිනාව දැක්කෙ. ඒ හිනාව හිත පිස්සු වට්ටනව.
එයා බැස්සට පස්සෙ කොලේ දිග ඇරල බැලුවෙ "077******* call me. Dilruk " මං කොලේ පරිස්සමට bag එකට දාගත්ත .
ඉස්කෝලෙ ඇරිල ගෙදර ආව. දවස ගෙවෙන්නෙත් නෑ . දැන් රෑ 12ත් පහු වෙලා. නින්ද යන්නෙත් නෑ . මොනව වෙලාද මංද.
වෙන්දට වඩා උදෙන් ඇහැරුනත් ගෙදරින් එද්දි පරක්කු උනා. අද කණ්නාඩිය ලග හිටිය වැඩීද කොහෙද.
මාව දැක්ක විතරයි එයා ලස්සන හිනාවක් එක්ක good morning miss කියල කියුව. ඒක ඇහුන නෙමේ කියුවෙ ඒකයි කියල තේරුනා. මං හිනාවෙලා bus එකට නැගල ඉදගත්ත.
" මං ගැන නොදැනයි එයා මං ගැන හිතන්නෙ. මං රවට්ටනවද එතකොට දිල්රුක්ව . මං කියන්නොනෙ මං ගැන . ඒත් කොහොමද."
මං bag එකෙන් කොලයක් අරං ලියුව " දිල්රුක් , මට කතා කරන්න බෑ . මං ගොලුයි. " මං එයාට කොලේ දුන්න.
එයා හිතුවෙ මං number එක දුන්න කියල. Phone එක පෙන්නල call කරන්නම් කියල එයා බැස්සෙ කොලේ බලන්නෙත් නැතුව
දිල්රුක්ව දැං මන් දකින්නෙත් ඉදල හිටල. bus එකේදී හම්බුනත් එයා මාව මගාරිනව. මට තේරෙනව .
අපි හිතන් හිටියට අපි බලන හින්දි film වගේ නෙමෙයි ජීවිතේ . ඒවෑ නම් මොන බාදක ආවත් අන්තිමට කෙල්ලයි කොල්ලයි එකතු වෙනව ආදරේ නිසා. ඒත් ඇත්‍ත ජීවිතේදි ගෑනු ලමෙකුයි පිරිමි ලමෙකුයි එකතු වෙන්න ආදරේ විතරක් තිබිල මදි මං හිතන විදිහට...
නිමි.
උපුටා ගැනීමකි
No comments:
Post a Comment