" #කෙටි_කථාව
මචං කවියා ඇති බං දැන්වත් යමං.බලහං උබට හොදටම ඩෝප්..ප්ලිස් නැගිටහං යමං බං..
හසිත් බාර් එකේ මේසයක් මත බීලා වැටිලා ඉන්න කවිදුට ගෙදර යන්න කතා කරේ මේ වන විටත් ඔහු හොදටම මත්පැන් පානය කරලා ඉදපු නිසා...
මට ම..ට වද නොදී උබ බලයං මචං..ම ට මට තව බොන්න ඕන හරි..
එි යී වේටර් ගේනවා අයිසේ බ්ලැක් ලේබල් එකක්ම..අහ් ඉක්මනට ගෙනවා හරි..කවිදු වෙරිමර ගාතේ තවත් මත්පැන් ඇණවුමක් දුන්නා..
ඒ උබට පිස්සුද කවියා යකෝ තොට හිටගෙන ඉන්න බැරි තරම් වෙරි.තවත් බොන්න කතා කරනවද..යමං බං කිව්වහම..
යන්න යන්න තෝ පලයං ම ට මට බොන්න ඕන හරි..මට කුඩු වෙලා නැති වෙලා වැටෙනකල්ම බොන්න ඔින.ප්ලිස් හසියා උබ ප ල යං..
උබට තව බොන්න බෑ යමං ගෙදර උබේ ගෑනි තනියම නේද ගෙදර..
ගෑ නී මගේ ගෑනි කවුද බං මං නොදන්න මට ඉන්න ගෑනි.මං බැද ලද යකෝ..කවිදු කියෙව්වේ මේසෙට තට්ටු කර කර..
උබේ නැතුව මගේ ද ගෑනි යමං බං පිස්සු කෙළින්නේ නැතුව දැන් එකොලහත් පහු..උබව දාලා මම ආයේ ගෙදර යන්න ඕන බං..හසිත් කවිදුට බැගැපත් වේවී කිව්වත් ඔහු සුදානම් නෑ දැන්ම මෙතනින් යන්න..
ඉ ති ත් උබ්බ පලයං මං තොව අල්ල ගත්තද නෑනේ නෑනේ..අයිසේ වේටර් මට ගේනවා තව.ග්ලාස් එකක්.
එක්ස්ක්යුස් මී
සර් දැන් බාර් එක වහන්න හදන්නේ සර්ලා බිල් එක ගෙවලා යනවද දැම්ම අපි එකොළහට මේක වහනවා..බාර් එකේ මැනේජර් ඇවිත් කිව්වේ හසිත්ට..
සොරි මිස් ට යාලුවට ටිකක් වැඩි මට ටෙන් මිනිට්ස් දෙන්න මං මෙයාව කාර් එකට දාගන්නකල්..
ඕකේ සර්..
හසිත් බිලත් ගෙවලා ඇවිල්ලා අමාරුවෙන් කවිදුව වත්තන් කරගෙන ඇවිත් කාර් එකට දැම්මේ.එ අස්සෙත් කවිදු වෙමිමර ගාතේ දොඩොනවා..
මච්චන් හසිත්..උබ්බ මගේ බොක්කේ ෆිට් එක නේද?
ඔව් බං ඔව්..මොකක්ද අවුල
එහෙනම් මට්ට හංසි ව හොයලා දියං බං.කොහෙන් හරි මට ඒකී ඕන..උබ්බට පුලුවන් ද ඒකීව මට ගෙනත් දෙන්න..
හරි කවියා මං උබට හංසිව ගෙනත් දෙන්නන් අනිවා..
උම්බ මට පොරොන්දු වෙයං..පොරොන්දු වෙයන්..
හරි බං හරි..දැන් පොඩ්ඩක් නිදා ගනින්..මං ගෙදරට ගිහින් කතා කරන්නන්..
එල්ල බං එල මං දන්නවා උබ මගේ බොක්කේ යාලුවා කියලා..තවත් වේලාවක් කියවපු කවිදු කාර් එකේ ඇතුලෙම නින්නද වැටුනා..
හසිත් එක අතකින් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් බලන් ඉදියේ තමන්ගේ පුංචි කාලේ ඉදන්ම යාලුවා කවිදු දිහා..
ෂිට් මූට වෙච්ච දෙයක්..මොනා වුනත් මූ මේ විදවන්නේ අර කෙල්ලට කරපු දේවල්..ඒත් සමග ඔහුට කවිදු ගැන දැනුනෙ කලකිරිමක්..
විනාඩී විස්සකින් විතර හසිත් කවිදු ගේ ගෙදරට එද්දී කවිදු ගේ බිරිද සිතාරී දොරකඩට වෙලා ඉන්නවා..
හසිත් ගේ කාර් එක දැක්ක ගමන් සිතාරී ඉස්සරහට දුවන් ආවේ..
හසිත්"
මූට හොදටම ඩෝප් නංගි.මං එක්ක ආවේ.දොර අරින්න මං මූව රෑම් එකෙන් තියන්නන්..
කවිදුව කාමරෙන් ගිහින් තියලා හසිත් එ නිවසින් ඉක්මනට පිට වුනේ සිතාරී කවිදුයි පමනක් එම නිවසේ් ජිවත් වුන නිසා..
හසිත් ගියාට පස්සේ සිතාරී ඇස් දෙකේ කදුලු පුරවගෙන කවිිදු ඇදන් ඉදපු ඇදුම් මාරැ කරලා දෙහි ලෙල්ලක් කකුල් වල ඇතිල්ලුවා..
බැදලා අවුරැද්දක්වත් වෙලා නැතුව කවිදු මෙහෙම හැසිරෙන එක ඇයට දරාගන්න බැරි වුනා..
මහත්තයෝ අනේ ඇයි මට මෙහෙම කරන්නේ රත්තරං..සිතාරී නිදාගෙන ඉන්න කවිදු ගේ හිස අතගාන ගමන්ම ඇඩුවා..ඇයගේ ඇඩුම් සද්දෙට කවිිදු ඇස් ඇරියා..
සිත්තාරී තම්මුසේ මොකෝ මේ අඩන්නෙ..කවිදු තමාගේ ලගට වෙලා අඩන බිරිදගෙන් ඇහුවා..
මුකුත් නෑ මහත්තයෝ ඔයා නිදාගන්න..
හරී තමුසෙ යනවා මෙතනින් මට බෑ තමුසෙ එක්ක මේ ඇදේ නිදාගන්න..කවිදු සිතාරව අතින් තල්ලු කරේ් ඇයව ඇදෙන් බිමට වැටෙන්න..අඩ අඩාම බිමට ෂීට් එකක් දා ගත්ත සිතාරී බිම නිදා ගත්තේ එළිවෙනකල් අඩ අඩ..
පසුදා පාන්දර සිතාරී නැගිටිද්දිත් කවිදු හොදටම නිදි..රෑ පුරා අඩපු නිසා ඇස් ඉදිමිලා..එහෙම්ම කුස්සියට ගිය සිතාරී උයලා තේත් හදා ගෙන කාමරේට ආවේ..
කවිදු මහත්තයෝ නැගිටින්න.සිතාරී නිදාගෙන ඉදපු කවිදු ගේ පිටට අතක් තියලා කතා කරා..
ආ මේ තේ බොන්න..
මට ඕන තේ එකක් නෑ.ඕක ඔන්න ඔතනින් තියලා යනවා..කවිදු අනිත් පැත්තට හැරිලා කිව්වා..
කවී අද ඔයා ගෙදර නිසා මාත් ගෙදර ඉන්නද.කාලෙකින් ඔයා අද ගෙදර නිසා?? බයෙන් වගේ ඇය ඇහුවේ..
තමුසෙ යනවා මට නිදහසේ ඉන්න ඕන තනියම.
කවිදු කිව්වට පස්සේ ඇය එතනින් නැගිටලා ගිහින් ලෑස්ති වුනේ ඉස්කෝලේ ට යන්න..
ඇය ගුරැවරියක් විදියට සේවය කරේ..හූල්ල හූල්ල කවිදු දිහා බලන් ඉදපු සිතාරී දොරත් වහගෙන ගියේ හිතේ තිබ්බ වේදනාවෙන්මයි..
සිතාරී ගියාට පස්සේ ගෙයි තිබ්බ පාලූ මූසල ගතිය වැඩි වුනා කියලා ඔහුට දැනුනා..ඔෆීස් එකට කතා කරලා ලීව් දාපු කවිදු සිකරට් එකකුත් පත්තු කරගෙන ඇද වියලට බර වුනා..ඇස් පිය වෙච්ච ගමන් කවිදු ට තමාගේ අතීතය සිතුවම්පටක් වගේ මනසේ මැවුණා..
____________________________________________
කවිදු වත්සල ජයකොඩි...කවිදු මාතලේ ගමක ඉපදුනු කොල්ලෙක් අග හිග කම් මැද්දෙ ඉපදුනත් කවිදු ට දෙවියෝ දිපු වරමක් වගේ හොදට ඉගෙන ගන්න පුලුවන් වුනා.උසස්පෙළ වානිජ අංශයෙන් කරපු කවිදු පේරාදෙණිය සරසවියට ඇතුල් වුනේ පුංචි කාලේ දැක්ක හීනයක් හෑබැ කරගෙන...
පළමු වසර සාර්ථකව ගෙවපු කවිදු විෂ්ව විද්‍යාාලය තුල හැමෝම දන්න ජනප්‍රිය චරිතයක් වුනේ කවිදුගේ ලස්සන දඩබ්බර හිත හොද ගතිගුණ නිසා..
"කාශ්‍යප" කවිදු ට කැම්පස් එකේදි ලැබුන අන්වර්ථ නාමේ..
ඔය අතරේ කවිදුට කැම්පස් කෙල්ලන්ගේ ආදර ඇරයුම් වලින් අඩුවක් තිබ්බෙ නෑ.
කෙල්ලෝ හතර පහක් එක්කම කොකු ගහගන්න කවිදු ට පුලුවන් වුනා..
මාසෙන් දෙකෙන් එ සම්බන්ධතා ඉවර වුනා වගේම අලුත් ඒවා පටන් ගත්තා..
කට්ටිය සීනියර් බැජ් එකේ ඉද්දී ජූනියර් බැජ් එක බදව ගද්දී රැග් දෙන සීනියර් සිසුන් අතරේ කවිදුත් ප්‍රධාන තැනක් ගත්තා..
අලුතෙන් ආපු කට්ටිය අස්සේ කොන්ඩෙ දිගට වවන් ඉදපු හංසිගේ රැව දැක්කහම කවිදු උවමනාවෙන්ම ඇයව රැග් වලින් බේරා ගත්තා.
කවිදු හදන්නේ අලුත් කොක්කක් ගහන්න කියලා දන්න නිසාම අනිත් සීනියර් ලා හංසි ට මුකුත් කිව්වේ නෑ.
මාස හතරක් තිස්සේම හංසි පස්සෙන් ගිහින් අන්තිමට කවිදු ට පුලුවන් වුනා හංසිගේ ආදරේ දිනා ගන්න..
කැම්පස් එකේ හුගක් අය කවිදු ගැන දැනන් ඉදියත් හංසි එ ගැන කිසිම දෙයක් දැන ගත්තේ නෑ..
අක්බාර් පාලම ,ලවර්ස් ලේන් ,රගහල් භූමිය මේ හැම තැනම හංසි ගේ කවිදු ගේ ආදරේ මතක සටහන් වලට එකතු වුනා..
හුගක් වේලාවට කවිදු ට ලෙක්චර්ස් ඉවර වෙනකල් හංසි බලන් ඉදියා..මාස හතරක් ගියත් එක වතාවක්වත් හංසිව සිප ගන්න අවස්ථාවක්වත් ඇය කවිදුට දුන්නේ නෑ..මේ නිසා කවිදු එ ගැන ඉදියේ තරහෙන්..
හංසී,""
ම්ම්..
මං දෙයක් ඉල්ලන්නද මැණික..කවිදු කිව්වේ හංසි එක්ක කැම්පස් එකේ නිදහස් තැනක ඉන්න ගමන්..
මොනාද කවී ඉල්ලන්න ඉතින්..
මට මැණිකගේ මේ රෝස තොල් දෙකෙන් උම්ම්මා එකක් ඕන..කවිදු කියද්දී හංසි පුදුම වෙලා බැලුවා..
ඔයාට පිස්සු ද කවිදු අයියා..අනේ මට බෑ.ගමක හැදුන හංසිට එය නුපුරැදු දෙයක් වුනා..
මොකක්ද ළමයෝ කිස් එකක් කියන්නේ සාමාන්‍ය දෙයක් ලවර්ස්ලට..අනික අපි යාලු වෙලා දැන් මාස හතරක්..
අනේ එ වුනාට බැන්දහම දෙන්නන්..එතකොට මං ඔයාගෙමනේ..හංසි කියද්දී කවිදු එතනින් නැගිට්ටේ ඇයත් එක්ක කේන්තියෙන්..
මොනවද හංසි කැම්පස් ඇවිල්ලත් ඔය සම්ප්‍රදායික අදහස් අත ඇරියේ නැද්ද..වෙන කෙල්ලෝ නම් ඔහොස නෑ ෂිට් මං යනවා යන්න..කවිදු යන්න යද්දි යද්දි හංසි ඔහුගෙ අත අල්ල ගත්තා.
ඇයී?කවිදු ඇහුවේ හංසි දෙසවත් නොබලා..
එන්න..
මොකටද කවිදු හංසි දිහා බලලා අහද්දී කෙල්ල ලැජ්ජාවෙන් අහක බලා ගෙන කිස් එක දෙන්න කියලා මිමිණුවා..
හංසි දිහා බලන් ඉදපු කවිදු එකපාරටම ඇයව ඇදලා අරගෙන එ රෝස පාට දෙතොල් සිප ගත්තා...කවිදුට ඒවා පුරැදු වුනාට හංසි ට ඒක වෙනස් විදියට දැනුන නිසා ඇය දෑස් පියා ගත්තා..දොතොල මුහුණ එක්ක කවිදු ගේ දෙතොල් මුහු වුනා..ඇයගේ ගෙල සිප ගනිද්දී හංසි ඇස් ඇරලා කවිදු ව තල්ලු කරලා හිනාවෙලා දිව්වේ ලැජ්ජාවට..
හංසි පණ වගේ කවිදුට ආදරේ කරද්දි ඔහුට ඕන වුනේ වෙනත් දේවල්..මාසයක් දෙකක් ගෙවිලා යද්දී
කවිදුට හංසි ව සිප ගන්නවට වඩා දුර යන්න ඕන වුනා...
හංසි හෙට ලෙක්චර්ස් කීයටද??
උදේ නැ හවස ඇයි ම්...
නෑ පොඩි ගමනක් යන්න..
කොහෙද කවී..බිමට වැටුනු රොබරෝසියා මල් පෙති අහුලන ගමන් හංසි ඇහුවා..රොබරෝසියා මල් පිපිලා මුළු කැම්පස් එකම වෙනදට වඩා ලස්සනයි..
ඔය මල් අහුල ඉන්නේ එනවා ලගට..කවිදු කියද්දි හංසි ඔහු ලගට ආවා
ඔන්න ආවා කිියන්න හංසි හුරතලේට කියද්දිවත් කවිදු ට ඒවා පෙනුනේ නෑ..
මට ඔයා එක්ක නිදහසේ තනිවෙලා ඉන්න ඕන..කවිදු කියද්දී කලබල වුන පාර අතේ තිබ්බ මල් අහුරම බිමට වැටුනා..
තමුසෙ අදත් කියන්නේ බෑ කියලා නම් දැනගන්නවා හංසි මේ ලව් එක ඉක්මනට නැති වෙනවා කියලා...ඇයි යකෝ මමත් කොල්ලෙක් මටත් හැගීම් දැනීම් තියෙනවා උබ එක්ක යාලු වුන දවසේ ඉදන් මං සිල් ගත්ත එකා වගේ උබ ලග ඉන්නවා.අනිත් එවුන් උං හොදට ලව් කරනවා..කවිදු කේන්තියෙන් කෑ ගහද්දි හංසි කරේ අඩපු එක..
උබට පුලුවන් ටැප් එක ඇරගන්න විතරයි..හංසිව එතනම දාලා කවිදු යන්න ගියා...
සති දෙක තුනක් කවිදු හංසි ව මග ඇරියා.එ විතරක් නෙවෙයි හංසි ව දකින දකින පාරට වෙන කෙල්ලෝ එක්ක කතා කරා..හංසි ට පේන්න මහා පාරේදී සිකරට් බිව්වා..
හොස්ටල් එක ට ගිහිල්ලත් හංසි කරේ කවිදු සිහි කර කර අඩන එක..අන්තිමට හංසි තීරණය කරා කවිදු ගේ කැමැත්තට ඉඩ දෙන්න..
හත්තාන රිසෝල්ට් එකේ කාමරයක් ඇතුලේ හංසි කවිදු තනි වෙද්දී කවිදුට ඕන දේ ලැබුනා..
හංසි ගේ වත දැවටුණ ඇදුම් එකිනෙක ගැලවීලා යද්දි කවිදු ගේ දෙතොල් පිස්සුවෙන් වගේ එ සිරැර මත දැවටුණා.අඩ හෝරාවකට පස්සේ කවිදු හංසි ගේ සිරැරෙන් ඈත් වුනේ තෘප්තිමත් ව...
ගෙවුන අවුරුදු දෙක පුරාවට කවිදු හංසි ව පාවිච්චි කරේ ඔහුගෙ අවශ්‍යතා වලට මිස ආදරේට නෙවෙයි..හංසි කවිදු ගැන හිතලා පාඩම් වැඩ නොකර ලෙක්චර්ස් අතපසු කරගද්දී කවිදු රෑ පුරා පාඩම් කරා යාලුවො එක්ක..
එ අතර වෙනදට දවසෙම හංසි එක්ක ගත කරපු කවිදු හංසි ව එන්න එන්නම මගඅැරියා...
හංසි නොදන්නවා වුනාට කවිදු ගැන දන්න නිසා කවුරැත් පුදුම වුනේ නැ මේ ගැන..
මේ අතර අලුත් බැජ් එකේ ඉදපු සිතාරී ගැන කවිදු උනන්දු වුනා.හංසි වගේම කවිදු ගැන සිතාරී ත් දන්නේ නැතුව ඔහුට කැමති වුනේ.හංසි මේ සියල්ල දැනන් ඉදියේ ඒත් කවිදු හංසිට තර්ජනය කරා සිතාරීට මේ දේවල් කිව්වොත් ඔහුගෙ දුරකතනයෙ තියෙන හංසි ගේ නිරැවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරිනවා කියලා...
කැම්පස් එකේ කවිදුයි සිතාරී එකට ඉන්නවා හංසි බලන් ඉදියේ දරා ගන්න බැරි වේදනාවෙන්..ඊලග නිවාඩුවට ගෙදර ගිය හංසි ආයෙ කවදාාවත් කැම්පස් ආවේ නෑ.
කවිදු සිතාරී මුණ ගැහුනට පස්සේ හංසි ගැන මතකය අමතක වුනා ඉක්මනට..
අවුරුදු දෙකකට පස්සේ සිතාරීව කවිදු මැරි කරා..මෙච්චර කාලෙකට තමා හංසි ගැන හෙහෙව්වේ නෑ කියලා දැනෙද්දී කවිදු ට තමා ගැන දැනුනෙ මහා කලකිරීමක්..
හංසි ගැන කවිදු ගේ මතකය අලුත් වුනේ ඔෆිස් එකෙන් එළියට බහිද්දි දැකපු දසුනක් නිසා..එ දරැවෙකුත් අල්ලන් යන හංසි දැක්කහම.නමුත් එ හංසිම ද කියලා කවිදු හොයා ගන්න කලින්ම එ රැව සෙනග අතරේ නොපෙනී ගියා..
මචං හසිත් උබ වැඩක්ද නෑ
කවියා කියහං මොකද?
නෑ මචං මට උබව පොඩ්ඩක් මීට් වෙන්න ඕන.
හරි උබ ඔෆිස් එක ලගට වරෙං..කා එක තියෙනවද..
ඔව් බං මං දැන් බත්තරමුල්ලේ ඉන්නේ..
හරි උබ ඔහොම්මම අල්ලපන් දියවන්නා රෙස්ටුරන්ට් එකට..මං එන්නන් ඩ්‍රයිවර් එක්ක.උබට පුලුවන් නේ මට හවසට ලිෆ්ට් එකක් දෙන්න..හසිත් ඇහුවේ එළියට එන ගමන්..
ඔව් මං උබව හවසට ගිහින් දාන්නන් ගෙදර.ඉක්මනට වරෙං..
හසිත් ආවාට පස්සේ කවිදු කැම්පස් ඒකේදී වෙච්ච හැමදේම හසිත් ට කිව්වා..
උබ මොනවද බං කරේ කවියා
මට හිතෙන විදියට ඒකී අහිංසක කෙල්ලෙක්.උබ ඒකීව අත ඇරලද එතකොට සිතාරී ව මැරි කරේ..
ඔව් හසියා ඔව් මට තේරෙන් නෑ බං..ඒත් ඒත් මට හිතෙනවා බං මොකක් හරි වැරැද්දක් වෙලා කියලා..ඒකී නිවාඩුවකට ගමේ ගියාට පස්සේ ආයේ කැම්පස් ආවේ නෑ බං..
උබත් අනේ මන්දා බං.උබ නිසා අහිංසක කෙල්ලෙක් අමාරැවෙි වැටිලා .ඒකී ලස්සනද??
ලස්සනයි බං ලස්සනයි සුරංගනාවියක් වගේ ලස්සනයි..මට ඕන වුනේ ඒකී එක්ක නිදාගන්න බං..ඒකයි මං ඒකී එක්ක යාලු වුනෙත්..
කවිදු පිස්සුවෙන් වගේ කියවගෙන යද්දී හසිත් කවිදුට දොස් කිව්වා..
ඒකී අනිත් කෙල්ලෝ වගේ නෙවෙයි බං..උබ දන්නේ නෑ මං ඒකීව කිස් කරේ මාස හතරක් ගිහින්..නිතරම පොඩි දේටත් අඩලා වාතයක් වෙද්දී මට ඒකීව එපා වුනා බං..කවිදු කිව්වේ මත්පැන් වීදුරැවක් එකවර මුවට හලා ගෙන..
හංසි ගැන හැමදේම හසිත්ට කියද්දි කවිදු ට එ ආදරේ මතක් වුනා.තමන්ට ඇය පිස්සුවෙන් වගේ ආදරේ කරපු හැටි මතක් වුනා..හෝටල් කාමරේදී තමා අතින් ගෑනියෙක් වෙද්දී එ ඇස් වල තිබ්බ අසරණකම කවිදු ට මැවී මැවී පෙනුනා..
මේ නිසා එ අතීතේ මතක් වෙද්දී කවිදු කරේ හොදට බොන එක..
හසිත් උබ මට පොරොන්දු වෙයං මට හංසි ව හොයලා දෙනවා කියලා ..
ඒත් බං දැන් උබ බැදලා.ඒකීත් උබව හෙව්වේ නැත්තේ ඒකීත් දැන් බැදලා ඇති බං..නිකං ප්‍රශ්න මොකටද ඕක අත ඇරලා දාපන්..
නෑ හසියා මං නොදන්න දෙයක් තියෙනවා කියලා මට දැනෙනවා බං..කවිදු කියද්දි හසිත් මුකුත් නොකියා නිහඩ වුනා..
මේ විදියට කවිදු හංසිව මුණ ගැහුන දවසේ ඉදන් ඊයේ හසිත්ව මී්ට් වෙලා කතා කරපු දේවල් පවා කවිදුට මතක් වුනා..
.......................................................
කවී කවිදු මේ දොර අරින්න..කවිදු අතීත කල්පනා වලින් මිදුනේ සිතාරා ඇවිත් දොරට ගහද්දී..උදේ ඉදන් පැය ගානක් ගෙවිලා කියලවත් ඔහුට මතක නෑ.
ඔයා නිදා ගත්තද? සිතාරී ගෙට එද්දී කවිදු ගෙන් අහද්දී ඔහු හිනා වුනා..
අම්මෝ යන්තං හිනා වුනා මං හිතුවා තාම වෙරි ගිහින් නෑ කියලා කොල්ලට..
සිතාරී ආවට පස්සේ ගෙදර තිබ්බ පාලුවත් නැති වුනා..
දවස් ගත වුනත් කවිදුට හංසිවව අමතක කරන්න බැරි වුනා..හසිත් හංසි ගැන හෙව්වේ කවිදුගෙන් බේරෙන්න බැරි නිසාමයි..මේ අතර හසිත්ට කොහොම හරි පුලුවන් වුනා හංසිගේ ගෙදර ලිපිනේ හොයා ගන්න..
හසිත් ඉක්මනට කවිදු ට මේ ගැන කිව්වා..
ඔන්න දැන් හරිනේ වීකෙන්ඩ් එකේ යමං එතකොට පුලුවන් ඒකී ගැන විස්තරයක් හොයා ගන්න..හසිත් හංසිගේ ගෙදරට යන විදිය අහ ගත්තට පස්සේ කවිදුට හිතුනා සති අන්තය වෙන්න කලින් හෙටම පොළොන්නරැවට ගිහින් හංසි ගැන හොයන්න.
සිතාරී අද මං කොළඹින් පිට යනවා ඔෆිස් එකේ වැඩකට.ඔයා ස්කූල් ඇරිලා අම්මලැ ගෙදර යන්න..
සිතාරීට කියලා කවිදු ඉක්මනට පොළොන්නරැවට යන්න පිටත් වුනා..
හවස තුන වෙද්දී පොළොන්නරැවට ලගා වෙලා කවිදු පාරේ යන මිනිස්සුන්ගෙන් පාර අහ ගෙන හංසිගේ නිවස හොයා ගත්තා..
වැව ලගින් අතුරැ පාරේටික දුරක් යද්දී කටු මැටියෙන් ගහපු හංසිගේ ගේ දකිද්දී කවිදුගේ ඇස් වලින් කදුලු ගලා ගෙන ගියා..
ගේ ඉස්සරහම වී වේල වේල ඉදියේ හංසිගේ මුහුණවරම තිබ්බ කාන්තවක්..
කවිදුව දැක්ක ඇය කවිදු ලගට ආවේ විමසිලිමත් මුහුණින්..
මේ මහත්තයා..
මේ හංසිලගේ ගෙදරද..
ඔව් මහත්තයා කවුද
මම හංසිගේ කැම්පස් ඒකේ යාලුවෙක්.හංසිව කාලෙකින් දැක්කේ නැති නිසා මේ ලගට ආපු ගමන් අාවේ බලලා යන්න..කවිදු කිව්වේ වෙනස් වුනු ඇගේ මුහුණ දිහා බලාගෙන..
එන්න මහත්තයා ගෙට..
නෑ කමක් නෑ හංසි ඉන්නව නම් ටිකක් කතා කරනවද..
මහත්තයා ගෙට එන්න මම කෙල්ලට කියන්නම්
ගෙට ගියපු කවිදු ට තේ ත් දීලා ඒ කාන්තාව සංග්‍රහ කරා..
මහත්තයා කොහෙද?
මම කොළබ අම්මේ.හංසි මාත් එක්ක එකට ඉගෙන ගත්තේ කෝ හංසි පේන්න නැත්තේ ඇයි??
මහත්තයා එහෙනම් කෙල්ලට වුන දන්නේ නැද්ද..
නෑ ඇයි මොකද වුනේ..
හ්ම්..මං කියන්නම්
අපි බොහොම අමාරුවෙන් කෙල්ලටඋගන්නලා කැම්පස් යැව්වේ මහත්තයෝ.කෙල්ල ඉගෙනගන්න දස්සයි.පේරාදෙණිය විස්ව විද්‍යාලෙට යන්න ඕනම කිව්වා නිසා ඒකීව එහේ යැව්වේ..
කෙල්ල එන්න එන්න වෙනස් වුනා මහත්තයෝ.ඒකී ඉදියේ හුගක් හිත් ආමාරැවෙන්..අන්තිමට අන්තිමට..ඇයට කියන්න කලින් ඇඩුම් ආවා..
අන්තිමට මොකද වුනේ කවිදු ඇහුවේ කලබලෙන්
අන්තිම පාර ඒකී ගෙදර ආවේ තනියම නෙවෙයි මහත්තයෝ..
තනියෙන් නෙවෙයි එහෙනන්..
ඒකී එද්දී ඒකීගේ කුසේ දරැවෙක්..හංසිගේ අම්මා කියද්දි කවිදු ගේ දෑස් විසල් වුනා..
හංසිගේ..
ඔව් මහත්තයෝ ඊට පස්සේ ඒකීට ආයේ යන්න බෑ කිව්වා ඒකීගෙ අප්පා එ දුකටම මලා.රට්ටු ඒකීට හිනා වුනා මහත්තයෝ.කොච්චර ඇහුවත් කිව්වේ නෑ ඒකී ට එ අපරාදේ කරපු නරැමයා කවුද කියලා..දවසක ද මං හේනේ ඉදන් එද්දී කෙල්ල ව මිදුලේ ඇදන් වැටිලා..
කවුරැත් බලලා නෑ එතකොට බඩටත් මාස නමයට කිටුටුයි..ඒකී විළිරැදාවෙන් වැලි පවා කාලා තිබුනා බිම..කවිදු ගේ දෑසින් කදුලු වැටුනෙ අහුරැ පිටින්..
ඊට පස්සේ මං ඒකීව ඉස්පිරිතාලෙට ගෙනිච්චා අනේ මගේ කෙල්ලයි දරැ පැටියයි දෙන්නම එ වෙද්දීත් මේ ලොකේ නෑ මහත්තයෝ..හංසි මැරිලා කියද්දි කවිදු ගේ අතේ තිබ්බ පීරිසි කෝප්පය බිම වැටුනෙ මහා හඩින්..
හංසි හංසි මැරැනා..
ඔව් මහත්තයෝ ඒකී දරැ පැටියයි දෙන්නම එ වෙද්දීත් මැරිලා මහත්තයෝ..හංසිගේ අම්මගේ විළාපය මැදින් කවිදු එතනින් එළියට බැස්සේ වාව ගන්න බැරැව..
ඔය තියෙන්නේ කෙලීගෙ සොහොන මහත්තයෝ හංසිගේ අම්මා ගෙට එහා පැත්තේ තිබ්බ සොහොන පෙන්නද්දී කවිදු පිස්සෙක් වගේ එතනට ගිහින් වළ මත වැටුනා..
හංසි හංසි මගේ මැණික නැගිටින්න රත්තරනේ මං ආවා ඔව් උබේ කවිදු අයියා ආවා නැගිටපන් සුදු නංගියේ..මගේ දරැවත් අරගෙන උබ උබේ අයියව දාලා ගියේ ඇයි දෙයියනේ.හංසිගේ සොහොන උඩින් ඔලුව තියා ගත්ත කවිදු මහා හඩින් හඩද්දී ඔහුගෙ දුරකථනය නාද වුනා.
කීප වරක්ම නාද වුනත් එය අමතන්න තරම් සිහියක් ඔහුට තිබුණේ නෑ..
අන්තිම පාරට ඔහු ෆෝන් එක අරන් කණේ තියා ගත්තේ කදුලු පිසිමින්...
හෙල්ලෝ..
හෙලෝ කවී ඔයා කොහෙද ඉන්නේ..සිතාරී කවිදු ගෙන් ඇහුවා..
මං වැඩක සිතාරී ඇයි??
ඔයාට සුභ ආරංචියක් කියන්න තියෙනවා සුදු මහත්තයෝ
ඔයා ඔයා තාත්තා කෙනෙක් වෙන්න යනවා..සිතාරී සතුටින් කියද්දී කවිදු ගේ අතින් ෆෝන් එක බිමට වැටුනා..
හංසි හංසි ඔයා මගේ දරැවා එක්ක ගියාට මං තරහා නෑ හංසි ආයේ මතු ආත්මෙක හරි මං ඔයාටයි මගේ දරැවටයි යුතුකම් කරන්න බලන් ඉන්නවා..හංසිගෙි වළ මත
අත තියලා කවිදු පොරොන්දු වුනා..
ජිවිතේ දුක්බරම ආරංචිය එක්කම සතුටුම ආරංචියත් අතර අතරමං වෙලා ඉදපු කවිදු හංසි සොහොන් කොත ලගින් නැගිටලා එන්න ආවා..
මට සමාවෙන්න අන්තිම පාරටත් තම සරසවි ප්‍රේමය දෙසු බැලු කවිදු එතනින් ආවේ ජිවිතයය ගැන අලුත් බලාපොරොත්තුවක් හිත ඇතුව...
නුඔ තියා ගිය මතක
හඩා හඩා වැළපේවී
දගකාර සුදු හංසි
යළි එනතුරා..
මල් හීන මට පෑව
හිත තාම ගැස්සෙනවා
නුඹෙ දෑස දැකගන්න
පෙරැමන් පුරා
යළි එන්න එක්වෙන්න
මතුදාක හිනහෙන්න
මං දැක්ක මල් හීනේ
බොදවී ගියා..
මං එදා නැවතිච්ච
තැන තාම නැවතිලා
නුඔ එන්නේ කවදාද
මග බලනවා..
(#කවීකාරි)
උපුට ගැනීමකි
No comments:
Post a Comment