පාර්සලය

📦 📦 පාර්සලය 📦 📦

🇨🇴🇴🇮  🇲🇦🇨🇭🇦🇳 🇨🇴🇴🇮


"අඩෝ කසුන් අර බලපංකෝ .."

"කතා කරන්න එපා බං මං කන්න පටන් ගත්තා විතරයි .. උබ කනවා නම් කට වහගෙන කාපං වද දෙන්නෙ නැතුව .. "

"කියන දේ අහලා බලපංකෝ බං අර ටේබල් 1 දිහා .."

"මොන #*=!/$ක් ද ... කන එක කන්න දෙන්නෙත් නෑ ගල් මූසලයා.."

"බලපංකෝ අර ටේබල් එකේ රතු පාට...."

"ඇපල් ද.. ඒ ටේබල් 1 උඩ කොහොමත් ඇපල් තියෙනවා බං .. අනික ඕක දිහා බලන් හිටියට වැඩක් නෑ තරිදුවො ඕක ප්ලාස්ටික් .. "

"කෑම 1 දිහා බලාගෙන බයිලා කියවන් නැතුව අර ටේබල් එකේ ඉන්න කෙල්ල දිහා බලපං.. "

" කවුද බොලේ ඇලිස් .. තරිදුවො කවුද බං ඒ කෙල්ල .. "
හම්මේ දැක්කත් බඩ පිරෙන කෙල්ලෙක් .. ඔලුවෙ ඉදන් කකුල් දෙකම හිරිවැටිලා ගියා වගේ.. ඒ ඇස්.. ඒ තොල්... වළ ගැහෙන කම්මුල් ...

" ඒකි කවුද බං පට්ට ලස්සනක් නෙ තියෙන්නෙ ... උබ දන්නවද ඒකිව... ?....."

" උබට මතකද අපි කලින් හිටපු ගෙදර .. අර බෝගහ ගාව ... "

" මොකද යකෝ මට මතක නැත්තෙ.. අර පන්සල ළඟ තිබ්බ ගේ නෙ.."

ඔව් බං .. ඒ ගෙට එහා පැත්තෙ ගෙදරට අලුතින් ආව family 1 බං ඔය .. කොහොමද කෙල්ලගෙ ලස්සන .."

"මේ මට ඒකිව දාලා දියන්කො බං .. ඒකි පට්ට .. "

" රෙද්දක් කියවන් නැතුව කාපං කසුන් .. අරුන් ටික දැන් සෙල්ලං කරන්න ඇවිත් ඇති යමං.. හිටපං මං බිළ ගෙවලා එන්නම්.."

කමක් නෑ ඩාලිං .. මට අද ඔයාව miss උනාට ... මං හෙට එන්නම්කො ගෙවල් පැත්තට...

" ඕක දිහා බලං භාවනා කරන් නැතුව වරෙන් හිවලො අත හෝදං.. "

"අඩෝ කෝ බං මගෙ ප්‍රින්සස්.. මං අත හෝදං එන ටිකට මාව දාලා ගිහින් නෙ.. ශිට් .. "

"අනේ මේ වරෙන් කසුන් යන්න .."

" අපරාදෙ .. අතට ආපු දේ කටට දාගන්න පින නෑ කියන්නෙ මේවට තමා .. "

"අඩෝ කසුන් අන්න උබෙ ප්‍රින්සස් අමතක වෙලා මොකක්ද දාලා ගිහින් ටේබල් එක උඩ.. "

" හම්මට.. මේ මොකක්ද බං මේ පාර්සලේ .. කෙල්ලගෙ නම් වෙන්න බෑ .. ඒකිගෙ තාත්තා හිටපු තැන නේද බං මේ.. ශුවර් එකටම තාත්තාගෙ වෙන්න ඇති බං .. "

" කාගෙ උනත් කමක් නෑ බං කෙල්ලගෙ ගෙදර කෙනෙක්ගෙ නෙ.. මං ගිහින් පටාර් ගාලා දීලා එන්නම් උබ පලයන් තරිඳු .. "

"ඔහොම කලබල වෙන්න එපා යකෝ .. හරියට දැනගනින් ඕක කාගෙද කියලා .. "

"හරි හරි බං මං ඒක හොයාගන්නම්.. උබ පලයං සෙල්ලං කරන්න මේක දුන්න ගමන් මං එනවා ground එකට.. එහෙනම් මං කැපුනා..."

මං ඔයාව හොයාගෙන එනවා කෙල්ලේ.. කොහේවත් යන්න එපා ඔහොම ඉන්න ..
ඇතුලෙ මොනාද දන්නෑ තියෙන්නෙ .. ග්‍රෑම් තුන්සීයක් හාරසීයක් විතර බරයි.. ඒ මදිවට බත් එකක් ඔතනවා වගේ ඔතලා.. බත් එකක් වෙන්නත් බෑ හිටපු උන් සේරම කාලානෙ ගියෙ.. සල්ලිද දන්නෑ .. මොකක් උනත් ඔතලා තියෙන විදියට නම් වටින දෙයක් වෙන්න ඕනෙ ..

කෝ යකෝ මේ පාරෙ බස්.. මේ අව්වෙ පයින් යනවට වඩා බස් එකේ යන එක හොදයි .. අපරාදෙ අරූගෙන් බයික් එක ඉල්ල ගන්න තිබ්බෙ... මං ඌටයි බයික් එකටයි දෙකටම බැන බැන හිටියෙ බස් එකක් එනකං..

හරි ... බස් එක එනවා.. තව ටිකෙන් මං ඔයාගෙ ගේ ළඟ ප්‍රින්සස් ... ඔහෝම ඉන්න මං එනවා...
                                                              " මල්ලි ඔහොම්ම බස් එකේ ඉස්සරහට යමු ටිකක් .. තව කට්ටිය ඉන්නවා නගින්න .."

"මං තව හෝල්ට් දෙකකින් බහිනවා අයියෙ ... බෝගහ ගාවට ටිකට් එක ගන්ඩ.." 

ෆුට්බෝඩ් එකට බැස්සා නම් ඉක්මනට බැහැගන්න තිබ්බා .. ශිට් මේ මගුල් බස් එකත් ගාටනව නෙ මගෙ කරුමෙට.. මගේ ප්‍රින්සස්ව miss උනොත් නම් කොන්දාවයි ඩ්‍රයිවර්වයි හොයාගන්න ගිහින් කනවා මං ..

බෝගහ ගාව බහින අය බැහැගන්ඩ... කියලා කොන්දා කියනවත් එක්කම ......... ගැහුවා බ්‍රේක් පාරක්.......

ඒ බ්‍රේක් පාරට බහින්න හිටපු ඩබල් ඩෙකර් ඇන්ටිව බැලන්ස් නැතුව වැටුනෙ මගෙ ඇග උඩට.. ඒ ගෑනි මාවත් පෙරලගෙන බස් එකෙන් බිම ... ඒ මදිවට වැටුනෙත් මඩ වලකට...

බුදු අම්මෝ .... කොන්ද කැඩුනද මන්දා ... නැගිටගන්නවත් පණ නෑ .. කොහෙ නැගිට ගන්නද ඇන්ටිගෙ ඇගේ සයිස් එකට...

"අනේ අයියෙ සොරි හොදේ.. කෝ අත දෙන්න නැගිට්ටවන්න.. "
ඇන්ටි කියපි...

අයියෙ .. කවුද යකෝ අයියා .. විලිලැජ්ජාවේ සංතෝසෙ බෑ .. මේකි මට අයියලු.. මට වඩා අවුරුදු 10ක් විතර වැඩිමල් ඇති .. අයියා ලු.. තිබ්බ තරහටම

" ඕනෙ නෑ ඇන්ටි මං නැගිටින්නං.. " කියලා කිව්වා නෙවෙ කිය උනා.. මේකප් උලපු ඇන්ටිගෙ මූණ හතරැස් පෙට්ටියක් වෙද්දි තමා මට මගෙ ප්‍රින්සස්ගෙ පාර්සලේ මතක් උනේ.. දැන් ඉතින් හොයපංකො ඒක ..

හම්මෝ මං එච්චර අවාසනාවන්ත නෑ .. මගෙ ඇගටම යට වෙච්ච ප්‍රින්සස්ගෙ පාර්සලේ හොයාගන්න මට එච්චර වෙලාවක් ගියෙ නෑ .. හැබැයි චුට්ටක් විතර තැලිලා..

අප්පටසිරි මගෙ ඇදුම .... ශිට් මෙහෙම කොහොමද මගෙ ප්‍රින්සස් ළඟට යන්නෙ .... කමක් නෑ එයා තේරුම් ගනී මේක එයාට ගෙනත් දෙන්න මං කොච්චර කට්ටක් කෑවද කියලා .. තව ටික දුරයි නෙ මේකත් දීලා නම්බරෙත් ඉල්ලගෙනම එනවා.. කියලා හිතාගෙන ඇග පුරාම ගෑවුණු මඩ ටික අතින් පිහදාගෙන මං මගෙ ප්‍රින්සස්ව හොයං ගියා....

හරි මේ තියෙන්නෙ අරුන් කලින් හිටපු ගේ.. ඒ කියන්නෙ එහා පැත්තෙ ගේ තමා මගෙ ප්‍රින්සස්ගෙ ...

ගේ ළගට ආවට මොකද ගැට ගහලා ඉන්න බල්ලව දැක්කාම කකුල් දෙක ගිටාර් ගහනවා .. බුදු අම්මෝ උගෙ දත් ටික ...

කමක් නෑ ප්‍රින්සස් අවුල් වෙලා ඇත්තෙ මේක නැති නිසා .. මේක දීලා නම්බරෙත් කොහොම හරි ඉල්ලගෙන යනව සෙල්ලං කරන්න .. කෝ යකෝ බෙල් එක.... ආ ... මේ තියෙන්නෙ ..

ට්‍රීං.......

..................................................................        

"අඩෝ සතිශ්... අර කසුනයානේ මේ පැත්තට එන්නෙ .. ඌගෙ ඇදුමට මොකද බං වෙලා තියෙන්නෙ .. අම්බානකට කාලාද කොහෙද කෙල්ලගෙ ගෙදරින් .. "

"අනේ මංදා බං .. උගෙන්ම තමා අහන්න ඕනෙ .. "

"කසුන් මොකද බං උනේ උබ ගුටි කෑවද ගෑණිගෙන්... "

"ගුටිකෑව නම් දුක නෑ බං .. "

"මොකද උනේ කියපන්කෝ    හු&*% ....."

............. මං ඉතින් වෙච්ච දේ මුල ඉදන් අගටම කිව්වා ......

" හිනා වෙන්න එපා යකෝ ඔහොම .. උබලා මාර යාලුවො නෙ.. "

"හරි හරි බෙල් එක ගැහුවට පස්සෙ මොකද උනේ කියපන්කෝ ... කෙල්ල ආවද ... නම්බරෙ දුන්නද... මොනවද අරකෙ ඇතුලෙ තිබ්බෙ..? ..."

"ප්‍රශ්න පත්තරයක්ම එක පාර අහපි මුන්..

"ප්‍රින්සස් ආවා එයාගෙ හස්බන්ඩ් එක්ක ... පාර්සලේ තිබුනෙ ප්‍රින්සස්ගෙ බල්ලගෙ මස් කටු ටික බං .."

"නොදකින් විතරක් .. උබ එතකොට ඔච්චර කට්ට කාලා පරිස්සං කරන් ගිහින් දුන්නේ බැදපු ගෑණියෙක්ගෙ බල්ලගෙ මස් කටු පාර්සලේ ද.... "

"ඔව් බං ....."

Hashi weerasekara..

🇨🇴🇴🇮  🇲🇦🇨🇭🇦🇳 🇨🇴🇴🇮

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment