❤💕💞ලස්සන ආදරයක්💞💕❤
"ආපෝ....අන්න අර බඩ තඩියා එනව......."
"ඊයා හලෝ....බලනවකො එකගෙ කැත....කලුම කලුයි.....ඒ මදිව
ට හෙන තඩි බඩගෙඩියක් තියෙන්නේ......."
"ශ්....ශ්.....ඇති...ඇති බං....ඕක නවත්පන්.....ආලවක යකා වගෙ ඔය එන්නෙ.....ඇහුනොත් හරි නැනේ....."
"හලෝ....good morning.....කට්ටියටම...."
"ආහ්.....good mornin....good morning....."
"මොකො කට්ටිය මන් එනකොට හිනා වෙවි ඉදල දැන් හිනාව නැවතුනේ......"
"නැ....මෙි නිකන්....."
"හම්ම්ම්ම්ම්.....මටත් කියන්නකො හිනා වෙන්න...."
"කිවට අවුලක් ගන්න එපා.....අපි හිනා උනේ ඔයා එන විදිහට....බලනවකො චමිදු ඔයාගෙ බඩ....හෙන මහතයි අලියෙක් වගෙ....ඇවිදිනකොට හෙමින් අඩිය තියන්න.නැත්තන් ලෝකෙ පෙරලෙයි......"
"හම්ම්ම්ම්....හා....හා...."
"ඒ බඩා....අඩෝ කලු අලියා....කොහෙද බං මුන එල්ලගෙන යන්නෙ....අඩෝ.....පුට්ටුවා.....හු....හු....බතලයා....."
මම චමිදු දිනංජය.ගුරු දෙපලකගෙ දෙවනි දරුවා උනේ මම.මට හිටියෙ තව අක්ක කෙනෙක් විතරයි.පුංච් කාලේ ඉදලම යාලුවො මට විහිලු කරත් ඒවා එච්චර ගානකට නොගත්තෙ නොතේරුම් කම නිසාමයි....ඉස්කොලෙදිත් යාලුවො කලුවා,බතලයා,තඩියා,අලියා,ගොරිල්ල කිය කියා විහිලු කරත් පිරිමි ලමයි විතරක් ඉන්න ඉස්කොලෙකට ගියපුනිසා මට ඒක එච්චර ගානක් ගියෙ නෑ.....ඒත් උසස්පෙලත් ඉවර වෙලා ප්‍රයිවට් කැම්පස් එකකට ගියෙ මම ගොඩක්ම ආස කරපු IT පැත්තෙන් තව දුරටත් ඉගන ගන්න හිතාගෙනයි.ඉගන ගත්තෙ පිරිමි ලමයි විතරක් ඉන්න ඉස්කොලෙක නිසා කැම්පස් එක ඇතුලෙදි ගැනුලමයි එක්ක කතා කරන්න ලැජ්ජාවෙනුයි හිටියෙත්.....ඒත් ටික කාලයක් යනකොට කට්ටියම හොදට ෆිට් උන නිසා කතා කරනකොට තමා එයාලත් එක එක ඒවා කියන්න ගත්තෙ.ඒ නිසාම තමා............
"අම්මෙි මම කැතයිද....???"
"අනේ නෑ පුතේ.....කවුද මගෙ පුතා කැතයි කියන්නෙ...."
"එහෙනම් කට්ටය කියන්නෙ මන් කලුයිලු,ගොරිල්ලෙක් වගේලු........"
"එයාල ඒ ආදරේට වෙන්න ඇති කියන්නෙ....මගෙ පුතා දැකුම් කලුයි....."
අම්මා එහෙම කීවෙි මගෙ හිත හැදෙන්න කියල මට තේරුනෙ උණහපුලු අම්මටත් උගෙ පැටියා මැණිකක් නමි මගෙ අම්මට මාව ඊටත් වඩා වටිනව ඇති කියල හිතපු නිසාමයි......ඒත් මගෙ මහත ගැන මටම දුක හිතුන නිසයි.......
"අම්මෙි මට ජිම් එකකට යන්ඩ ඕන....."
"ඕවගෙ යන්ඩ හොදනෑ පුතේ....."
"ඕවගෙ ගියාම එක එක විකාර බෙිත් ජාතිත් බොන්න වෙයි ආය....එවා හොද නෑ මයෙ පුතේ....."
"ඒ උනාට මට බෑ තවත් නොන්ඩි වෙන්න...
අවුරුදු 21ක් උනා.තවම කෙල්ලක් නැ.....අඩුම තරමෙි කැම්පස් ඉන්නෙත්.ඒත් යාලුවෙක් විදිහට කතා කරන්න යන්න බෑ උන් මාව විහිලුවට ගන්නව....."
"අම්මෙි මොකද අපේ මෙි ටෙඩිබෙයා අඩන්නෙ....."
"එයාට ජිම් යන්න ඕනලුනෙ...."
"මොකටද ටෙඩියො ජිම් යන්නෙ....."
"අනේ අක්කෙ ඔයත් විහිලු කරනවද.....මම මහත නිසා නෙ මෙි සේරම.....කෙල්ලො මාව විහිලුවට අරන්...."
"උන්ට පිස්සු.....බලන්නකො මගෙ යාලුවො හැමෝම ඔයාට ආදරෙයි....එයාල කියනනෙ....අනේ හලෝ ඔයාගෙ මල්ලි ශෝයි....ස්විට් අනේව්....ටෙඩියෙක් වගෙ කියල......."
"ඉතින් අප්ප ඒ උනාට මම කලු නිසා සේරමල විහිලු කරනව....."
ගෙදරට එහෙම කියල කොහොම හරි ජිම් එකට ගියත් ඒ ගියපු ගමන්ම ජිම් එකේ ට්‍රෙින මගෙ අත් පපුව ඉන එමෙ මැනල කිවෙි....
"ඒ බං මලේ....උබෙි ෆැට් එක මෙි චාට් එකෙත් නෑ බං.කට්ට කන්න වෙනව...."
"කොච්චර කල් යයිද අයියෙ ඇග හදාගන්න...."
"එහෙම කියන්න බෑ බං....මම ඩයට් ප්ලෑන් එකක් දෙන්නම්.එකට කාල සෙට් එක දාමු.....ඉස්සරලම ෆැට් එක බර්න් කරල ඇගේ ශේප් එක ගන්න ඕන ඊට පස්සෙ තමයි මසල් පම්ප් කරල පැක් එක එහෙම හදන්න වෙන්නෙ....."
"කොහොම හරි මට ඉක්මනටම ඇග හදාගත්තනම් ඇති අයියේ....."
"හරි....හරි.....එන්ඩකො ඔයා...."
ජිම් එකටත් මාස දෙක තුනක් ගියත් ඇග නම් අඩුඋනේම නෑ....පොඩ්ඩක් බර අඩු උනත් අර තිබුන මහත ඇග ඒ විදිහටමයි තිබුනෙ.ඒකෙන් මට ජිම් යන එකත් එපා වෙලයි හිටියෙ.සල්ලි ගස්වලින් කඩනවනම් කෙල්ලො වදුරන්ටත් ලව් කරයි කියල අහල තිබුන නිසාම මට ඕන කරේ කොහොම හරි කරල මගෙ ඩිග්‍රි එක ඉවර වෙනකොට ක්ලාස් එකක් එක්කම ඩිග්‍රි එක කරගන්නයි.ඒ නිසාම අනිත් හැමදේම අතෑරල මම ඩිග්රි එකට පාඩම් කරා....ඒ කාලෙදිම තමා......
"මචං.....මෙි කෑල්ලක් ඉන්නව.....උබ ගැන එකි ඇහුව.....පොඩ්ඩක් ලයින් කරල බලපන්....උබ මීටරේනෙ ඉතින්......"
"අඩෝ.....කවුද බං ඒ....."
"අර අපට ජුනියර් බැජ් එකේ ඉන්නව කෙට්ටු කෙල්ලක්.හෙන චුට් එකියක්.හැබැයි මචං එවුන්ගෙ එකෙක්ම තමා කීවෙි උබ ගැන අහනව කියල....."
"අඩෝ....එක සෙට් වෙයිද බං....."
"උබ ටෝක් කරපන්කො.....අහල බලපන් ගියොත් වචනයක්....ආවොත් කෙල්ලක්නෙ බං....."
"හා....හා....ඉදපන්කො...."
යාලුවො කියපු නිසාම වෙනදටත් වඩ පිලිවෙලකට ඇදගෙන ලස්සනට කොන්ඩෙි හදාගෙන ඔලුවෙ ඉදල සෙන්ට් කුප්පියත් හලාගෙන ගියෙ කොහොම හරි එයාව යාලු කරගන්නව කියල හිතාගෙනයි....යාලුවොත් එක්ක ගිහින් ඒ ගැනුලමයා තනියම ඉන්න වෙලාවක් බලල ගිහින් කතා කරේ හිතේ දහසකුත් එකක් බලාපොරොත්තු තියාගෙනයි.......
"හායි....කොහොමද??? අලුත් බැජ් එකෙ නේද....???..."
"ඔ....ඔ....ඔවු අයියෙ...."
කෙල්ල උත්තර දුන්නෙ ටිකක් බයෙන් වගෙනුයි.මොකද රැග් සීසන් එක ඉවර වෙලා ශෝශල් එක තිබුනත් එයා සීනියස්ලට කතා කරෙ පොඩ්ඩක් බයෙනුයි.....
"අයියෝ.....බයවෙන්න එපා නංගි....රැග් කරන්න නෙවෙි ආවෙ.....කතා කරන්න...."
"කියන්න අයියෙ....."
"මෙි මෙිකයි නංගි....මම මෙහෙම ඇහුවට වැරදියට හිතන්න එපා....."
"ඔවු....මොකක්ද ඉතින්...."
"මෙි.....මට දැනගන්න ලැබුනා නංගි මං ගැනහොයනව කියල....."
එහෙම කියපු ගමන්ම වගෙ කෙල්ල මහ හයියෙන් හිනා වෙලා බොහොම අමාරුවෙන් හිනාව නවත්තගත්තා.....
"කවුද අයියට කීවෙි....."
"මෙි....මෙි....මගෙ යාලුවො කිවෙි.....ඉතින් එක නෙවෙි.....නංගි මම ඔයාට ආදරෙයි...."
මං එහෙම කියවත් එක්කම වගෙ මං කතා කර කර හිටපු ඒ ලස්සන චුටි කෙල්ල මං දිහා බැලුවෙ හරිම තරහකිනුයි......
"චිකේයියා බතලයා......බලනවකො තමුසෙගෙ හැටි.....ඈපු.....තඩි බඩා...."
"සොරි නංගි....."
මම එහෙම කියල එතනින් එන්න ආවෙි ඇස්වල කදුලුත් පුරවාගෙනයි.ඒ වෙන මොනවත් නිසා නෙවෙි....මගෙ තිබුන හැම හීනයක්ම එක පාරටම කඩා වැටුන නිසයි............එදා ඉදල මට ආදරේ කියන වචනෙත් එපා වෙලයි හිටියෙ.මැරෙන්න තරම් හිතුනත් ඒත් මැරි මැරි හරි ජිවත් උනේ අම්මගෙ අප්පච්ගෙ ඇස් වලට කදුලක් දෙන්න බැරි නිසාමයි.මන් ලබා උපන් විදිහට උපන් කැතට කවුරු විහිලු කරත් හිත හදාගත්තෙ දෙමවුපියො ගැන හිතලමයි....
කාලයත් එක්ක මගෙ ඩිග්‍රි එකත් ඉවර උනේ මගෙ හිතේ තිබුනා වගේම ක්ලාස් එකකුත් ඇතුවමයි.මෘදුකාංග ඉංජිනේරුවෙක් විදිහට පෞද්ගලික ආයතනයක වැඩ කරල ලස්සන හොද නම කියාගන්නත් අමාරු වාහනයක් එහෙම අරගත්තෙ එතකොටවත් හොද කෙනෙක් හම්බෙයි කියලමයි.ඒත් මනමාලියො කීප දෙනෙක්ම බලන්න ගියත් එයාල හැමොම මට මුලින් අකමැති වෙලා පස්සෙ කැමති උනේ මගෙ වත්කමි දැනගෙනයි.ඒත් මට ඕන උනේ සල්ලි වලට ආදරය නොකර මාව තේරුම් ගන්න පුලුවන් කෙනෙකිවයි......ඉතින් ඔහොම කාලයක් යනකොට තමා අප්පච්චි කිවෙි.......
"පුතේ....තවම හොද කෙනෙක් හම්බුනෙ නැද්ද....කියක් නම් බලන්න ගියාද....."
"වැඩක් නෑ අප්පච්චි...එයා සල්ලි තියෙනකන් ඉදල නැති උනාම වහ දිලා යයි මට...."
"අනේ මන්ද....උබට කියනව වඩා හොදයි බීරි අලියෙක්ට වීනා වැයුවනම්.....මාත් ආසයි මුනුබුරෙක්ගෙ හුරතල් බලන්න.....කියන එකක් අහන්නැනෙ.....එහෙනමි ඔහොම ඉදපන් නාකි වෙවි....."
අප්පච්චි එහෙම කියල ගියෙ තරහකටත් වඩා හිතේ තිබුන දුකටයි.අප්පච්චි මොන දේ කිවත් මම ඉවසන් හිටියෙ මන් වගෙ කෙනෙක්ට කවුරු කැමති වෙන්නද කියල හිතන ගමනුයි.ඒ කාලෙදිම තමා මට මම වැඩ කරපු කම්පැනිඑකෙන් ඔස්ට්‍රෙිලියා වල තියෙන ඒ කම්පැනි එකෙම හෙඩි ඔෆිස් එකට යන්න චාන්ස් එක හම්බෙන්නෙ.ටිකටි වීසා හැමදේම ලැබුනෙ මගෙ දක්ෂතාවය නිසාමයි.......
**----***************--------*********************-------
පාන්දර 2.45ට ෆ්ලයිට් එක තිබුන නිසාම අපි ගෙදරින් කලින්ම ගියා.අපි කටුනායකට යනකොට පාන්දර 1.00ට විතර ඇති.ඒ ගිහින් එයාපොට් එකේ වාඩි වෙලා ඉන්නකොට තරුණ ගෑණු ලමයෙක් කලබලෙන් එයා ඉන්න තැන මොනවදෝ හොයනව දැකපු නිසාම මම එයා ලගට ගිහින් කතා කරේ.......
"එක්සියුස්මි නංගි....මොකක් හරි ප්‍රශ්නයක්ද....මොනාද හොයන්නෙ....."
මම කතා කරත් ඒයාගෙන කිසිම ප්‍රතිචාරයක් තිබුනෙ නැ....ඒ නිසාමයි.....
"නංගි උදවුවක් ඕන නම් කියන්ඩ......මටත් අක්ක කෙනෙක් ඉන්නෙ....මගෙ සහොදරියක්ට උදවුවක් කරනව කියල හිතාන උදවු කරන්නම් මම....."
ඒ වෙලාවෙදි යන්තන් ඔලුව උස්සල බලල කිවෙි....
"අනේහ්....මගෙ බෙිස්ලට් එක නෑ.....මම එක හොයන්නෙ.....මම මෙතන වාඩිවෙන්න එනකොටත් තිබුනා....."
"ආ....හරි....හරි....ඉන්න.....මාත් උදවු වෙන්නම් හොයන්න......"
අන්තිමටම එයාගෙ බෑග් එකට යටවෙලා තිබිල එයාගෙ බෙිස්ලට් එක හම්බුනා.එක එච්චරටම විශේෂ මොකද කියල ඇහුවාමයි කිවෙි.......
"ඒක මගෙ අයියා මම උසස්පෙල පාස් උනාට අරන්දිපු එක....ඒත් එයා අපිව දාල යන්න ගියෙ බයික් ඇක්සිඩන්ට් එකක් නිසයි....."
කතාව කියනකොට කදුලු බිංදු වැටුනත් එවා හිමිහිට පිහදාගෙන මටත් ස්තුති කරා.එහෙම කතා කර කර ඉන්නකොට තමා දැන ගත්තෙ එයත් යන්නෙ ඔස්ට්‍රෙිලියාවටමයි කියල.....ෆ්ලයිට් එකෙත් යනකොට මට එහා පැත්තෙ වාඩි වෙලා අලි කතා කර කරයි ගියෙ.කාත් කවුරුත් අදුරන්නැති රටකදි අපි හොදම යාලුවො උනා.....අපේ යාලු කම අවුරුද්දක් විතර පරන වෙනකොට තමා මට හිතුනෙ එයාගෙන් ආදරේ ගැන දැන ගන්න......
"නංගි මං දෙයක් කියන්නද...."
"හා කියන්න...."
"හැබැයි මෙක කිවට යාලු කම නැති කරගන්න එපා.....ප්ලිස්...."
"මොකක්ද අයියේ....අපෝ...එහෙම නැ....කියන්ඩ ඉතින්..."
"මං කැමති ඔයාට....ඔයා හිතල බලල උත්තරයක් දෙන්න...."
"ආය හිතන්න දෙයක් නෑ....මාත් කැමති.....ඔයා හරිම හොද කෙනෙක්....හරිම අවංකයි...."
අපි ලංකාවට ආවෙත් දෙන්නම එකටයි.ඒ ඇවිත් අම්මල අප්පච්ලගෙ ආශිර්වාදය මැද තමා අපේ විවාහය සිද්ද උනේ......
"පැටියෝ......මං කැතද....."
"අනේ.....කවුද කියන්නෙ....ඔයා තමා ලස්සනම.මට ඕන ලස්සන කෙනෙක් නෙවෙි හදවතට අවංකව ආදරෙ කරන හොද මහත්තයෙක්...."
#ලියන්නෙ : දුෂාන්
ලස්සන කියන දේ තාවකාලිකයි.රූපයට රැවටිලා ආදරය කරොත් ඒ රූපයට වඩා ලස්සන රූපයක් දැක්කම ඒකට ආදරෙ කරන්න හිතෙනව.ඒත් අවංක පිරිසිදු හිතකින් අවංකව හදවතට ආදරේ කරොත් රූපය කොච්චර වෙනස් උනත් ආදරෙ මුලදි තිබුනා වගේම හැමදාමත් තියෙයි.ඒත් අද සමාජේ හැමෝම යන්නෙ ලස්සන රූපයක් පස්සෙ මිස අවංක හදවත් පස්සෙන් නෙවෙි.අවංක ආදරය කරනව නම් ඒ ආදරෙ කරන කෙනා උසද,කලුද,සුදුද,මිටිද,ලස්සනද,කැතද කිසිම දෙයක් අදාල වෙන්නෙ නෑ.....එ දෙවල් නිකන්ම නිකන් බාහිර සාදක විතරයි.
උපුටා ගැනීමකි
No comments:
Post a Comment