God bless විහා

කෙටි කතාවකි

God Bless විහා

"මට සමාවෙන්න නිමාස්.සිය දහස් වාරයක් මට සමාවෙන්න.ඒ වගේම මට යන්න දෙන්න පණ.මට යන්න බෑ.ඒත් මම යනවා.මං හිත හදාගත්තා.ඒ ඇයි දන්නවද?. මං මගේ නිමාස්ට ලං වෙන්න ලං වෙන්න අපෙ අප්පච්චි තව තවත් දරුණු වෙනවා.ඔයාට දුකක් දෙන්න මට බෑ."

විහඟි ඉකිබිඳින්නේ නිමාස් ගේ දකුණු අත තම දෑතට තදින් ලං කරගෙනය. බිඳී ගිය වම් පාදයටවඩා,තුවාල වූ හිසට වඩා,වේදනා දෙන කොන්ඳට වඩාලොකු දරුණු  වේදනාවක් පපුවේ දරාගෙනම නිමාස් තම ප්‍රාණ සම විහඟිට අවසර දෙනවා. ඒ තම ජීවිතයෙන් සදහටම ඈතට යන්නට.

"ආදරෙයි රත්තරනේ හැමදාමත්."

විහඟි නිමාස් ගේ නලලට අවසන් හාදුව දී රෝහලෙන් පිටව යන්නේ තම අප්පච්චිගේ පිළිකුල් ක්‍රියාව හෙලා දකිමිනි. විහඟි අවසන් හාදුව තම නලලට දුන් මොහොතේම නිමාස් ගේ  හිත ඉගිල යන්නේ මීට වසර 3කට පෙර සොඳුරු අතීතයකටය.

"Pls විහඟි, මට ඔයා ගැන යාළුවෙක් විදියට හිතන්න බෑ. I think..... i love you"

"ඒත් නිමාස් අපි අතර තියන පරතරය ගැන හිතන්නකො. අපි කොහොමද ආදරේ කරන්නෙ??"

"විහඟී.... විහඟි.... විහඟි..... ඔයාව මම මගේ ආගමට ගන්නෙ නෑ කෙල්ලේ. මේ අහන්නකෝ අපි මිනිස්සු මරන්නේ නැත්තම්, සත්තු මරන්නෙත් නැත්තම්, හොරකම්, වැරදි  වැඩ කරන්නෙත් නැත්‍තම්, අපි ඔක්කොම එක ආගමේ. මගේ ආගමට ආදරේ කරන්න කියල නෙමෙයි මම කියන්නේ. මට ආදරේ කරන්න. මේ නිමාස් ට ආදරේ කරන්න කියල මම කියන්නේ. අනේ විහා pls... "

"මං ඔයාව ඉස්සර ඉඳලම දන්නවා.ඔයා තරම් මාව තේරුම් ගන්න වෙන කෙනෙකුත් නෑ. ඒත් මට බයෛ නිමාස්."

"I love u. I love u විහා."

"I love u නිමාස්"

"Yoooo hoooo"

නිමාස් කෑ ගසා උඩ පැන්නේ රටක් රාජ්‍යක් දිනුවා සේය.

"නිමාස්, stop that. මිනිස්සු බලන් ඉන්නවා"

නිමාස් විහඟිගේ දඟකාර තරවටුවට අවනත විය. පසුව ඇගේ දෙකොපුලෙන් අල්ලා මදක් පහතට නැමී ඇගේ නලල් තලය ප්‍රථම වතාවට උණුසුම් කලේ දිගු ගමනක ප්‍රථම පියවර තබමිනි

නිමාස් ගේ නලලට හාදුවක් දීමේ උවමනාව විහඟිට තදින්ම දැනේ.

"අනේ.... නිමාස්. චුට්ටක් පහත් වෙන්නකෝ...ඔයා උසයි නේ"

"ඇයි විහා මම පහත් වෙන්න ඕනේ??"

"යනව යන්න. නපුරා.මං තරහයි"

බොරු කේන්තියක් ගත් විහඟිගේ මුහුණට නිමාස් කවදත් ආස කලේය.

"අයියෝ මගෙ බට්ටිච්චිට තරහා ගියාද?? කෝ කෝ ඔන්න මම පහත් උනා."

විහඟි ගේ ප්‍රතම හාදුව තම නලලේ සටහන් වෙද්දී නිමාස් යමක් අදිටන් කරගත්තේ.ඒ දිනක තම වෛද්‍ය සිහිනය සැබෑ කරගෙන, දෙමාපිය ආශිර්වාදය මැද විහඟි තම බිරිඳ කරගන්නා බවය.

විහඟි හා නිමාස් ඉතාමත් ආදරයෙන් වසර 2ක් සිටි අතර මොවුන් පෙනී සිටි අ.පො.ස. උසස් පෙල ප්‍රතිඵල නිකුත් විය.නිමාස් කැලණිය වෛද්‍ය පීඨයට ද විහඟි සෞන්දර්‍ය විශ්ව විද්‍යාලයටද තේරී පත් විය.

මේ අතර නිමාස් ගැන විහඟි ගේ අප්පච්චිට කිහිප වතාවක්ම ආරංචි විය. කොතරම් විහඟිට දඬුවම් කලද මේ සම්බන්ඳය නම් නතර වූයේ නැත.

Happy 3 years anniversary. I love u nimaz!!

12.01 වූ සැනින් නිමාස්ගේ ජංගම දුරකතනයට කෙටි පණිවියකි. ඊට නොදෙවනි වූ නිමාස් තමා පෙර සූදානම් කර සිටි පණිවිඩය ඇයට යැව්වේය

"Happy anniversary my sweety.. i love u vihangi.. thawa paya 7kin mama oyaa gaawa."

තම ප්‍රාණ සම ආදරයට වසර 3ක් සපිරි දින ඇය ඔහු මුණගැසුනි..

"විහා, ඇයි මැණික මේ අඬලා.මම පරක්කු උනේ විනාඩි 4යි නේ.ඇස් ඉදිමිලා හොඳටම.කෝ එන්න මා ගාවට.ඇයි ඇඩුවෙ.මට කියන්නකෝ."

මේ ආදරය ලඟ විහඟි අන්ත අසරණ තත්වයකට පත් විය.ඇය මේ ලස්සන දින පැමිණියේ මේ සම්බන්ඳය නැවැත්වීමටය.ඒ පෙර දින තම පියාගෙන් ලද දරුණු තර්ජන නිසාය. ඔහු නිමාස් ව මරණ ලෙස කෑ ගසා කියා ඇත.

"අප්පච්චි මේක නවත්තන්නලු නිමාස්. මට බයයි ඔයා ගැන.අපෙ අප්පච්චි කියන දේ කරනවමයි.මං ඒක දන්නවා නිමා.මට බයයි මගේ මහත්තයෝ"

"මේ අහන්න විහා මං දැං medical student කෙනෙක්.මගේ අනාගතේ පැහැදිලියි.මට සල්ලි වලින් අඩුවක් නෑ.ඒ වගේම මං ඔයාට කොයි තරම් ආදරේද කියල කියන්න ඕනේ නෑ නේ?ඇයි අප්පච්චි මට අකමැති. මට ඔයාව ඕනේ මැණික"

"එයාලා මහ පටු විදියට හිතන්නේ නිමාස් ඔයාට නරකක් කරයි කියලයි මට බය.මටත් ඔයාගෙන් එහා ලෝකයක් නෑ රත්තරන්."

"මට මුකුත් වෙන්නෙ නෑ. මේ ඔයාට දැං lectures නේද? අපි යමු බබී."

"ඊයේ රෑ පාඩම් කරල ඔයාට නිදිමත ඇති නිමාස්.ගිය ගමන් නිදා ගන්න ටිකක්.අහ්හ් අන්න මට බස් එකක්.මං මේකෙ යනව. පරිස්සමෙන් ගෙදර යන්න පණ.ඉක්මනින්ම ආයේ හම්බ වෙමු"

විහඟි බසයට නැගි පසු නිමාස් නිවස බලා යෑමට හැරුනා පමණි. ඔහු දුටුවේ vihangi constructions ආයතනයට හිමි වෑන් රථයකි.

රෝහල් සයනය මත යලි ජීවය ලද නිමාස්ට ඇසුනේ විහඟි ගේ ඉකිබිඳුමයි.

ආදරණීය විහා... ඇය සමුගෙන ඇත, ඒ ආදරේ, ඒ හුරතල් වචන ආයේ මගේ ලෝකේ නෑ.ඒ අඩුව පුරවන්න කෙනෙක් නෑ අයේ... නිමාස්ගේ හිත ඉකිබිඳී.

සතියකට පසු නිවසට ආ නිමාස් තම දින පොතේ මෙසේ සටහනක් තැබුවේය.

"ආදර විහඟ, මේ ආත්මෙදි අපිට එකතු වෙන්න පිං නෑ මැණික.මට බලන් ඉන්න බෑ ඔයාට අප්පච්චි දඬුවම් කරනවට.මම පරාද වෙන්න කැමති කෙනෙක් නෙමෙයි.ඒත් මගේ දිනුම නිසා ඔයා දුක් විඳිනවා දකින්න මම කැමති නෑ.ඒකයි ඔයාට යන්න අවසර දුන්නේ.මං දන්නවා. ඔයා අඬනවා ඇති.ඔය කඳුළු පිහදාන්න මම අයේ ඔයා ගාව නෑ.මං දන්නවා ඔයාට අප්පච්චි ගොඩාක් දඬුවම් කරා. අදින් පස්සේ ඒවා ඉවර වෙයි.මං ඔයාගෙන් ඈතට යනවා.ඔයා එක්කවත් අප්පච්චි එක්කවත් මගේ තුන් හිතකවත් තරහක් වෛරයක් වත් නෑ.සත්තයි නෑ මැණික.මං finel exam එක ලියලා රට යනවා.ඔයා මම එකට හිටිය මේ ලස්සන රටේ මට තනි වෙන්න බෑ පණ. අපි plan කරපු අනාගතේ ඔයා සැබෑ කරන්න.මම ප්‍රාර්ථනා කරනවා මං තරම්ම ඔයාට ආදරේ මහත්තයෙක් ඔයාට ලැබෙන්න කියලා. ඔයා වගේ දිග ඇස් තියන, දූ පැටියෙක් nursery අරං එන්න. ඔයාලගේ ආගමේ තියන විදියට ලබන ආත්මයක් තියනවා නම්, අපි ඒ ආත්මෙදිවත් එකම ආගමක ඉපදිලා අපේම වෙමු.

" I love you"
God Bless විහා
                             -නිමි-

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment