The fake

#THE #FAKE

කෙටිකතාව

හර්ශනී. ෆේස්බුක් එක තුල පෙනී සිටියේ ව්‍යාජ නමකින්. ඒ ඒන්ජල් නෙතූ යන නමිනි. ⁣බුකිය තුල නිතර හමුවන මිතුරන් සමග චැට් කිරීම ඇයට විනෝදයක් වුනේ නිරායාසයෙන්. ඇගෙ පෙම්වතා වන අරවින්ද කෙතරම් ඇයට කීවත් ඇය බුකියෙන් ඉවත් වීමට කැමති වුනේ නැහැ.

තේරුම් ගන්න පැටියෝ ඕකෙ ඉන්නෙ හොඳ එවුන් නෙවෙයි.

; මටනම් තාම එහෙම අය හමුවෙලා නෑ. ඒ නිසා මම FB යනවා. බබා සොරි.

එතනින් එහාට ඇයට කිසිවක් නොකියන්නට ඔහු තීරණය කලේ ඇගෙ සිත රිදවන්න ඇති අකමැත්ත නිසයි.

නමුත් හර්ශනී හිටි හැටියේම වෙනස් වනිනට පටන් ගත්තා. අරවින්ද හමුවන එක පමණක් නොව. ඔහුට කෙටි පනිවිඩ පවා එවන එක නතර කලා.

කිහිප වරක්ම ඔහු ඇයව සම්බන්ධ කරගන්ට හැදුවත් එය පලක් වුනේ නැහැ.

අරවින්දගේ ලෝකයම දෙදරා යන ප්‍රවෘත්තිය ඔහුගේ කන වැකෙන්නේ මේ අතරයි. ඒ හර්ශනී සියදිවි නසාගෙන ඇති බවටයි. හර්ශනී සියදිවි නසාගෙන සිටියේ ඇගේම කාමරයේ ගෙල වැල ලාගෙනය.

අබි රහස් මරණයක් වුන එය ටික දිනක් ගත වන විට සියලුම දෙනාට අමතක වුනා.

නමුත් අරවින්ද මේ වන විටද ඇගේ මරණයට හේතුවක් සොයමින් සිටියා.

ඇගේ ජංගම දුරකථනය අරවින්ද සොයාගන්නෙ ඇගේ නිවසේ තිබී. එයින් යමක් දැනගත හැකි බව සිතු ඔහු එය පරීක්ෂා කරන අතර. ඩේ⁣ටා ඔන් කර ඇගෙ මැසෙන්ජර් ගිනුම පරීක්ෂා කරනවා. ඔහුගෙ ඇග කිලිපොලා යන දසුනක් දකින්නේ එවිටය. එහි ඇය සමග චැට් කර තිබු අදිසි මිනී මරුවා නම් ව්‍යාජ ගිනුමෙන් අැයට එවු පනිවුඩ ඔහු පරීක්ෂා කලා. ඇය ඔහු සමග පෙමින් බැදී ඇති බවද. ඇය ඔහුට ඇගේ නිරුවත පවා පෙන්වා ඇති බවද අරවින්ද දුටුවා. ඇය තමාව මග හරින්නට හේතුව මෙය බව ඔහු දැන ගත්තා.
දුරකථනයට ; ඉමෝ ; පනිවිඩයක් එන්නේ මේ අතරෙයි. එයද ඔහු විවෘත කලා.

එහි දුටු දසුනින් ඔහුගෙ දෙපා පන නැති වී ගියා.

එහි අවසානයට සදහන් වූයේ සමාවෙන්න මගෙ නංගී යනුවෙනි.

ඇය අන්තර්ජාලය හරහා පෙමින් බැදි ඇත්තේ කොළඹ රැකියාව කරන ඇගෙම සහෝදරයා සමගය. මෙවන් දෙයක් සිදුවිය හැකිද.
සිදුවිය හැක.
ව්‍යාජ නම් වලින් අනන්‍යතාවයක් නැතිවුන් පෙනී සිටිමින් වටිනා ජීවිත දහස් ගනනක් මෙසේ විනාශ වෙනවා.

සිතන්නට අවසර.

මම සෙනා

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment