-💐පමාවී ආ නව වසර💐-
කෙටි කතාව
"සදීප ෆෝන් එක ආන්ස්වර් කරන්නකෝ....." කෙල්ල හිතින්ම තමන්ට මුමුණා ගත්තා...........
රෑ 11.58 ඉඳල දිල්කි ට්‍රයි කරන්නෙ සදීපට කෝල් එකක් ගන්න.... වෙන මොනාටවත් නෙවෙයි ඉතින් හෙටින් උදාවෙන නව වසරට ඉස් ඉස්සෙල්ලම තමන් ආදරේ කරන කොල්ලට විශ් කරන්න. ......
ඒක එයාගෙ විතරක් නෙවෙයි හැම කෙල්ලෙක්ගෙම වගේ අහිංසක ආසාවක්...
දිගටම නම්බර් බිසී....කොල්ලගෙ ගෙදරින් මේ ගැන දන්නෙ නැති නිසා ගෙදර නම්බර් එකකට ගන්නත් බෑ.....ඒ නැතත් සදීප ගෙදර නම්බර් එකක් ඉල්ලුවට දීලත් නෑ...ගෙදර විස්තර කියන්නෙත් බොහොම අඩුවෙන්.....
ටිකක් වෙලා මෙහෙම ගන්නකොට රෑ 00.10 විතර වෙනකොට රිංග්ස් යන්න පටන් ගත්තා....
හතර පාරක් විතර රිං වෙනකොට නම්බර් බිසී ආයෙමත්.....
ඒ කියන්නෙ සදීප හිතාමතාම කට් කරනව..දැන් ඉතින් දොළහ පහු වෙලා...ඒත් කොල්ලගෙ කටහඬ අහන්න ඕනි කියන ලෝබකමෙන් දිල්කිගෙ හිත පිරිලා....
...දැන් නම් ඇස් දෙකම ඉඳිමිලා ස්ක්‍රීන් එකවත් පේන්නෙ නැති තරම්.....නම්බර්ස් ඩයල් කරන තැන තමන්ගෙම කඳුළු වලින් සේදිලා යද්දී කෙල්ල ඒ කඳුළු උඩින් සදීපගෙ කන්ටැක්ට් එක මත ඇඟිල්ල තියල කෝල් එකක් ගත්තා.....
එක පාරක්වත් රිං වෙන්න නොතියම කෝල් එක කට් වෙනවා... ඒ කියන්නේ අර අහස පොළව තරම් ආදරෙයි,පණ වගේ ආදරෙයි කිව්ව කොල්ලා දැන් දිල්කිගෙ පණ යන වැඩක් තමයි කරල තියෙන්නේ .....
ඒත් ඒ අහිංසක කෙල්ල හිතුවෙම මට වෙන නම්බර් එකක්වත් තිබ්බ නම් එයාට ගන්න කියල .....යාලුවො දෙන්නම ගෙදර ගිහින් පාලු වෙලා තිබ්බ බෝඩිමේ ආයෙ මොන වෙන නම්බර් ද....
බ්ලොක් කරල කියල දැන දැනත් දිල්කි ආයෙම ගත්තා...අතට මහන්සී වුණත් හිතට මහන්සි නෑ...අන්තිමට අඬල අඬල කලන්තෙට ආව තැන ෆෝන් එකත් එක්කම ඇඳ උඩට ඇදගෙන වැටුණා........
අනිත් හැමෝම සතුටෙන් හැපි නිව් ඉයර් කියල එවන මැසේජ් වල ටෝන් එක පිට ඇහෙද්දි දිල්කිගෙ ඔලුව කැරකෙන්න වගේ...ෆෝන් එක සයිලන්ට් කරන්න සිහියක් නැති නිසා සද්දෙ ඇහෙන් නැති වෙන්න ෆෝන් එක කොට්ටෙ අස්සෙ ගහල අඬන්න තවත් හුස්ම නැති වුණත් ඉකිබිඳ බිඳ ඉඳලා කෙල්ල නින්දට වැටුණා....
*******************************************
වෙලාව පාන්දර 3 ට විතර ඇති ......දිල්කි එහෙ මෙහෙ අතගාල ෆෝන් එක හොයා ගත්තේ සදීප පරක්කු වෙලා හරි කතා කරයි කියල තිබ්බ අන්තිම බලාපොරොත්තුව නිසා.
"පමාවී පිපුණ මල් සුවඳයි.. පිපුණි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙංගතුමයී"
ෆෝන් එක දිගටම රිං වුණා..මොන හේතුවක් නිසාද මන්දා ජීවිතේ ට කිසි සම්බන්ධයක් නැති වුණත් දිල්කි ඒ සින්දුවට පුදුම විදියට ආස කළා....
නම්බර් එක කාගෙද කියලවත් බලන්නෙ නැතුවම කෙල්ල ෆෝන් එක ආන්ස්වර් කරේ ඉඳිමිලා තිබ්බ ඇස් දෙක ඒ තරමටවත් ඇරගන්න බැරි නිසා.."
"හැපී නිව් ඉයර් මගේ ප්‍රින්සස්.....මං ඉතින් අපෙ වෙලාවෙන් ඔයාට විශ් කරන්න හිතුවා....එතකොට ඒක ඔයාට සප්‍රයිස් එකක් නිසා...."
සදීපගෙ කටහඬ විතරක් නෙවෙයි හුස්ම ගන්න සද්දයක් පවා අඳුරන්න පුළුවන් තරමට දිල්කි ආදරේ කරා ...ඉතින් දැන් මේ කතා කරන්නෙ සදීප නම් නෙවෙයි කියල කෙල්ලට අඳුර ගන්න ගතවුණේ එක මොහොතයි....
තිබ්බ හිතේ වේදනාවත් එක්ක කෝල් එක කට් කරල දාන්න හිතනකොටම ආයෙමත් ඒ නිවුණ කටහඬ කතා කරන්න පටන් ගත්තා.....
"දිල්කී....මගෙ ප්‍රින්සස් ."
දැන් නම් දිල්කිට අදහගන්න බෑ කවුද මේ කියල ..තමන්ගෙ නම කියල කතා කරන්නෙ නෑ නේ නොදන්න කෙනෙක් නම්....මොකක්ද අර එයාලට නිව් ඉයර් උදා වෙන වෙලාවෙන්ම විශ් කරා කිව්ව කතාව ....
එයා අමාරුවෙන් වුණත් යන්තමට ඇස් ඇරල බැලුවා.. නම්බර් එක ලංකාවෙ නම් නෙවෙයි ...ඒත් පිටරට ඉඳන් තමන්ට කතා කරන්න තරම් උනන්දු වුණේ කවුද...
අඬල අඬලා බිඳිලා සී සී කඩ වෙලා තිබ්බ කටහඬ අන්තිමේදි හුස්මත් එක්ක මුසු කරන්න දිල්කිට පුළුවන් වුණා...
"හැපි නිව් ඉයර් ඔයාටත්...ඔයා කවුද....මට නම් එච්චර හැපි එකක් නෑ..මං අවුලක ඉන්නෙ ..."
"මං දන්නව මැට්ටි .....දන්න නිසා තමයි ඔයාටම තේරුම් යනකන් අද දවස වෙනකන් හිටියෙ.... ඕනිම කෙල්ලෙක් 31 st night දවසෙ තමන්ගෙ කොල්ලට විශ් කරනව... ඔයාට ඒ දේ කරන්න ගියාමවත් සදීප ආදරේ නෑ කියල තේරුම් යනකන් මං හිටියේ... කෝ දැන් නාඩා ඉන්න...."
එහා පැත්තෙන් කතා කරපු කෙනා ටික ටික දිල්කිගෙ හිත හැදුවා...කවුරුත්ම නැති ලයිට් දාල නැති දුරුතු පෝයෙ හඳ එළියෙන් හෙවණැලි විතරක් පේන ඒ පුංචි කාමරේ ඉඳන් දිල්කි එයා කියන දේවල් අහගෙන හිටියා....පැය ගාණක් දොඩමලු වුණා....
"දිල්කී,බබා මේ අහන්න.... සහනි කියන්නෙ මගෙ හිටපු ගර්ල්ෆ්‍රෙන්ඩ් .....ඔයාට තියන දුකම මටත් තියනව ....සදීපත් එක්ක එයා යාලු වෙලා ඩබල් ගේම් එකක් දෙනව කියල දැනගත්ත දවසෙම තමයි මං රට අතෑරල එන්න ආවේ.....
පස්සෙ දැක්කා සදීපත් ඔයා එක්ක යාලු වෙලා ඉන්න ගමන් ඔයාවත් රවට්ටනවා..."
"ඉතින්..." දැන් නම් දිල්කිගෙ ඇඬිල්ල අඩු වෙලා...
" මට එහෙම අවංකව ඉන්නෙ නැති කෙනෙක්ගෙන් වැඩක් නෑ..මං හිතනව ඔයාටත් එහෙම වෙන්න ඇති .... ඔයාගෙ යාලුවා ගිත්මා මගෙ හොඳම යාලුවෙක් ......එයා මට ඔයා ගැන ගොඩක් විස්තර කියල තියනව ......
මං දැන ගත්තා අහිංසක චූටි කෙල්ලෙක් මෙහෙම රැවටෙන්නෙ. සදීප ඔයාට වෙනස්කම් කරනව කියල ... ඔයාට ඒක තේරුම් යන දවසක් එනකන් මං හිටියේ... පහුගිය ටිකේම එයා බොරුවට ඔෆිස් එකේ බිසී ගගා බොරු කිය කිය ශේප් වෙන්න ඇති ..
"ඔයා කොහොමද හරියටම කිව්වේ..." දිල්කි වේලිලා ගිය කඳුලු ටික බාත් රූම් එකට කලුවරේම ගිහින් හෝදලා දාන ගමන් ඇහුවා..දැන් නම් ටිකක් හිත පිරිලා වගේ දැනෙනවා..සදීප කවදාවත් මෙච්චර ආදරෙන් කතා කරල නෑ..
"ම්ම්ම්ම්ම් කොහොම හරි මං හැමදේම දැනගත්තා නේ....මං හිතනව ඔයා තමයි මට ගැළපෙනම කෙනා කියලා ..
අහිංසක චූටි බට්ටියෙක්...සදීපට පින නෑ ඔයා වගෙ කෙනෙක් ලබන්න...හැමදේම වෙන්නෙ හොඳට කියනවලුනෙ ...
දැන් ඉතින් මගෙ නිව් ඉයර් එක නම් හොඳයි ....මුලින්ම මං ආදරේ කරන ප්‍රින්සස් ට විශ් කරානේ....
කැමතිද මට ලබන අවුරුද්දේ මුලින්ම විශ් කරන කෙනා වෙන්න....."
එකපාරටම දැකල නැති කෙනෙකුට එහෙම පොරොන්දු දෙන්න බැරි නිසා දිල්කි ටිකක් කල්පනා කරා...
"ඔයා කවදද ඉතින් එන්නේ.....අපි හම්බෙලා කතා කරමු නේද .."
"කවද්ද දැන් මං එන්න ඕනි..යාලුවෙක් ගෙ කම්පැණි එකකනෙ වැඩ කරන්නේ... කවදා එන්න බැරි ද...මං ලබන සතියේ එන්නම් මැට්ටී........"
අඬ අඬ හිටපු දිල්කි නින්දට ගියේ සදීපගෙ නම්බර් එක ඩිලීට් කරල දාන ගමන්මයී....
*******************************************
මාස කිහිපයකට පසු
"අර සාරී එක ලස්සනයි දිල්කියෝ....ඔයා වෙඩින් එක දවසට ලස්සනට ඉඳී"
"ඒකට වඩා අනිත් එක ලස්සනයි දිල්ල්"
කොල්ලගෙ නමත් දිල්කිට මරුවටම ගැළපෙනව...අර එහා පැත්තෙන් කතා කරපු පමා වෙලා ආව අවුරුදු කුමාරයගෙ නම දිල්රංග........
එකපාරටම දිල්රංග දිල්කිට ඇහෙන් දෙයක් පෙන්නුවා....
සදීප ශොපින් කරන්න ඇවිල්ලා...ඒත් සොනාලි එක්කනම් නෙවෙයි .....
"අර බලන්න කො දිල්කියෝ අර ගෑනු මනුස්සයා තමයි බිල් එක පේ කරන්නේ... මං හිතන්නෙ දත ගලවන සීන් එකක් වගේ... "
"මට එයාව දකින්න්වත් ඕනි නෑ දිල්ල්ල්ල්.... මට දැන් ඔයා වගේ හොඳ මහත්තයෙක් ලැබිලා ඉවරයි නේ.........
අලුත් අවුරුද්ද පරක්කු වෙලා හරි ආවනේ.."
දිල්කි දිල්රංගගෙ අත්දෙක හයියෙන් අල්ල ගත්තා....
"මොන පරක්කුද එහෙ වෙලාවෙන් 12 ට නෙ මං කෝල් කරේ..පිස්සු කෙල්ල..."
*************අවසානයී******************
******************************************
-රුවා අපි-
උපුටා ගැනිමකි
No comments:
Post a Comment