සිරවී පෙම් සිහිනයේ

සිරවී පෙම් සිහිනයේ

" තාත්තී... තාත්තී... අනේ නැගිතින්නකූ.. මේ බලන්න තූති පුතා නැගිතලා.ලොකු පුතා තාම දොයි..
හනේ.... "

ඒ තමයි මගේ චූටි පුතු හසරැල් විජේමාන්න.මං නෙත්සර විජේමාන්න.නම ගිය විජේමාන්න ෆැෂන් සෙන්ට(ර්)හි ඕන(ර්).මගේ පැටියා තමයි මගේ ලෝකෙම.මං හිමීට ඇස් ඇරලා බැලුවා.හිතුවත් වගේ ම කොල්ලා "හනේ" කියාගෙන අත් දෙක කම්මුලේ තියාගෙන මං ඇස් අරිනකම් බලාගෙන ඉන්නවා.

"හුලේ... ලොකු පුතා නැගිත්තා... ලොකු පුතා නැගිත්තා.. "

මං එහෙම්මම ඇඳෙන් වාඩිවෙලා කොල්ලව උකුලට අරගෙන හුරතල් කළා.

"පුතා , වැඩට යන් නැද්ද ? "

ඒ මගේ අම්මි.මගේ විතරක් නෙවෙයි මගෙයි පුතුගෙයි දෙන්නගෙම අම්මි.මගේ වයිෆ් 'ඕෂියා' පිටරට කෙනෙක්.පුතු ඉපදෙනකොටම අපිව තනිකරලා එයා යන්න ම ගියා.අම්මා නොහිටින්න මං කොහේ හරි පුතුත් එක්ක ම දුරකට ගිහින්.හැමෝම කියනවට නෙවෙයි තමන් ළඟ තියෙන වටිනම දෙයක් අහිමි වුණ වේදනාව දැනෙනකොට හිත හයිය කර ගන්න අමාරුයි.

" තාත්තී , අයි අඬන්නේ තාත්තී.. උයා ගෙදල ඉන්න.මං අද අඩට නන්නන්.තුත්තක් ඉන්නකූ..ආත්තිත කීලා එන්නන්.. "
" හනේ ඉතින් ඉන්නකෝ.ඔන්න අද පුතයි තාත්තියි දෙන්න ම වැඩට යනවලූ... "

[ තවමත් කිරි සුවඳ දැනේ ඔබේ සිඟිති මුවේ
ඔබ නැති නම් මම දැනටත් මැරී ඇතැයි සිතේ]

හැම කරදරයක් ම පුතා ලඟ ඉද්දි අමතක වෙනවා.ඔෆිස් එකේ වැඩයි පුතුගේ දැඟලිල්ල නිසයි අදනන් ටිකක් මහන්සි.දෙන්නත් එක්ක ම වොෂ් එකක් දාගත්තා.

" පුතේ "
" ඔව් අම්මේ "
" පොඩ්ඩක් පහළට එන්නකෝ.පුතු නිදි නේද ? ඒ දරුවට බඩගින්නෙ ම නිදාගන්න දුන්නද ? "
" නෑ නෑ අම්මා.මගදි පුතාට කන්න අරන් දුන්නා "
" හ්ම්.. එහෙනන් එන්නකෝ "

ටී ෂ(ර්)ට් එකක් උඩට දාගෙන මං පහළට ගියා.ඩැඩී නිව්ස් බලනවා.මාත් එතනින් ම වාඩි වුණා.ටී.වී. එකත් ඕෆ් කරලා ඩැඩී මගේ දිහා බැලුවේ අම්මිටත් ඔළුවෙන් වාඩිවෙන්න අඟවන් ගමන්.

" පුතා.මං දැන් මේක ගොඩ කාලයක් ඉවසගෙන හිටියා.තව කොච්චරකල් බලාගෙන ඉන්න ද ? හිතුමනාපෙට කසාදයක් කරගත්තා.අපි දන්නෙවත් නෑ.පුතාගේ සෙල්ලක්කාරකම අරින්න අර දූව ජොබ් එකට ගත්තා.තමුන්ගේ නොසණ්ඩාල වැඩත් එක්ක ඒ දරුවත් අපිට නොකියම යන්න ගියා.හරි.හරි.ඒක දැන් වෙලා ඉවරයි කියමුකෝ.දැන් දරු පැටියා තනියම හදාගන්න ද කල්පනාව.ම්ම්... "

ඩැඩීට තව එක වචනයක් කතා කරන්න ඉඩ නොදී මං එතනින් නැගිටලා ආවේ මං ගැන ම කළකිරීමෙන්.රූම් එකේ දොරත් ලොක් කරගෙන බැල්කනි එකට ගිහින් සෝෆා එකේ හාන්සි වුණා.පුතා කොට්ට ඔක්කොම තුරුලු කරගෙන නිදි..
මං අහස දිහා බලාගෙන හිටියා.
***********************************
මට නිවුන් සහෝදරයෙක් හිටියා.අපි දෙන්නා ස්කූල් ඉවර වෙලා එනකොට පාර මාරු වෙද්දි එයා ඇක්සිඩන්ට් එකකින් මැරුණා.ඒ සිද්ධිය මට ගොඩක් බලපාලා තියෙනවා.මගේ මතකෙ පවා නැතිවෙලා.බේත් හේත් කරලා බැරිම තැන අම්මිලා මාව ඕ.සී යැව්වා නිදහසක් ලබා දෙන්න.ඉගෙනගෙන එහෙම ලංකාවට ආවේ සෙල්ලක්කාර නෙතුසර  විජේමාන්න කෙනෙක්.කාලයක් යද්දි ඩැඩී මට විජේමාන්න ෆැෂන් සෙන්ට(ර්)හි ඕනර් තනතුරා බාර දුන්නා.ඩැඩිත් ඉන්න නිසා මාත් සතුටින් සුපුරුදු පරිදි සෙල්ලක්කාරකම් මැදින් මගේ වගකීමුත් කරගෙන ගියා.

" පුතා.අද ඉඳන් මේ ග(ර්)ල් තමයි ඔයාගේ ප්‍රයිවට් සෙකට්‍රි. "

ඩැඩී මට පෙන්නුවේ සල්වාර් එකක් ඇඳගෙන ආපු කෙල්ලෙක්ව.

" වට් "
" වට්.වට් නෙවෙයි.නෝ ආගිව්.අද ඉඳන් මේ මිස් හසරැලි නිල්නෙතු තමයි ඔයාගේ ප්‍රයිවට් සෙකට්‍රි.මොනම හේතුවකටවත් මගෙන් අහන් නැතුව ඔයාට බෑ මෙයාව ජොබ් එකෙන් අයින් කරන්න.ඒ වගේ ම දූ ඔයත් ජොබ් එක කරද්දි එන ඕන ම ප්‍රොබ්ලම් එකක් බය නැතුව මාත් එක්ක ඇවිත් කතා කරන්න.ඕකේ "
" ඕකේ ස(ර්) "

අනන්තවත් ඕ.සී.කෙල්ලෝ ආශ්‍රය කරලා තියෙන මට ලංකාවේ වුණත් මේ කෙල්ලගේ අමුතුම ලුක් එකක් තියෙනවා නේද කියලා හිතුණා.ඩැඩී එතනින් ගියා.කෙල්ල තාම හිටගෙන.

" මොකක් ද තමුන්ගේ නම ? "
" හසරැලි නිල්නෙතු වීරතුංග ස(ර්) "

කෙල්ල බිම බලාගෙන ම උත්තර දුන්නා.

" වට්.තමුන් මෙතනට ආවේ ජොබ් එකකට.මූණ බලලවත් උත්තර දෙන්න දන්නැති කෙනෙක්වද ඩැඩී මගේ ප්‍රයිවට් සෙකට්‍රි කරලා ගියේ.ෂිට්. "

කෙල්ලගේ ඇඳුම දිහාත් බලලා මං එහෙම කිව්වේ හිතේ තිබ්බ තරහටත් එක්කයි.

" සොරි ස(ර්).මෙහෙම දෙයක් කොහොමටවත් ආයේ වෙන්නෑ "

තරහින් පුපුර පුපුර හිටිය මම කෙල්ලගේ උත්තරෙත් එක්ක කෙල්ල දිහා බැලුවේ තවත් කේන්තියෙන්.දෙයියනේ ඒ ඇස් දෙක.නිල් පාටයි.හදවත එතනම නතර වුණා නිල්නෙතු.සත්තයි......
***********************************
" තාත්තී .... "

කල්පනාවෙන් මිදුණු මම පුතා ලඟට ගියා.ගිහින් ආයෙත් පැටියව තුරුලු කරගෙන මාත් ඇඳෙන් හාන්සි වුණා.

[මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ..
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ..
ඔබෙන් සිඟිති පුතේ.. මගෙ පාළුව මැකේ..]
***********************************
කාලයත් එක්කම ඒ නිල් ඇස් මගේ ම වුණා.මං ගැන හරියට මුකුත් නොදන්න ඒ අහිංසකී මට ඇත්තටම ආදරේ කළා.ඒත් මං කළේ ඒකි ලඟ තිබ්බ ආඩම්බරකම බස්සන්නයි මගේ සෙල්ලක්කාරකමටයි බොරුවට රඟපෑව එකයි.

දවසක් මං ඔෆිස් යද්දි කෙල්ල හිටියෙ නෑ.එයා එදායින් පස්සේ ආවෙම නෑ.අදටත් මං දන්නෑ ඒ ඇයිද කියලා.ඒත් මොකක්ද මන්දා නුහුරු හැඟීමක් නිල්නෙතු මතකෙට එද්දි හිත ම පුරව ගත්තා.ඒ දවස්වලමයි මං ඕසීවල ඉද්දී මැරි කරපු ඕෂියා ලංකාවට ආවෙත්.හොරෙන් ම මැරි කරපු නිසා ප්‍රශ්න ඇති වුණත් කාලයත් එක්ක ඒ හැමදේම සෙට්ල් වුණා.
*********************************
" තාත්තී.. නැගිතින්නකූ.. පුතා ඔකු වෙලා තාත්ති.නැගිතින්නකූ..තාත්තී .... "

පුතා හයියෙන් කෑ ගගහා කියද්දි මං ඇස් පියාගෙනම කල්පනා කළා.අයියෝ අද කොල්ලගේ උපන්දිනේනේ.ඇස් අගට කඳුළක් ආවේ ඉබේටමයි.

[ පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙ ම වුණේ
කොහොමද මම සිහි කරන්නේ පුතුගෙ උපන් දිනේ]

" අනේ ඔව්මයි.පුතා ලොකුවෙලා නේන්නම්.ඉතින් මගේ ලොකු පුතාට මොනවද ඕනි තාත්තිගෙන් අද.
ම්ම්ම්... "

කොල්ලව ඉඹින ගමන් මං ඇහුවා.

" පංතල් පංතල් නන්න "
" ම්ම්.. එහෙනන් වොෂ් එකක් දාගෙන ම අපි යමු දැන් "

මං හිතත් නිදහස් කරගන්න හිතාගෙන ආවේ මගේ මතකෙ නැති උන කාලේ වෙදකම් කරපු පංසලටයි.බුදුන් වැදලා පුතයි මමයි බෝ මළුවේ වාඩි වෙලා හිටියා.හරි ම නිස්කලංකයි.කාලයත් එක්කම මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා..ලොකු හුස්මක් හෙළුවා.ඒත් එක්ක ම හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් කරා වගේ හැඟීමක් ආවා.

" තාත්තී "
" ම්ම්ම්"
" කවද්ද තාත්ති අම්මි එන්නේ.මං තාම හුද වෙලා නැත්ද ?"

පුතාගේ ප්‍රශ්නෙත් එක්ක ම මං පුතාව පපුවට තුරුළු කරගත්තා.දෙයියනේ පුතාගේ අම්මි දැන් මේ ලෝකේ නෑ කියලා මං කොහොමද මගෙ අහිංසකයට තේරුම් කරලා දෙන්නේ.මගේ පව්කාරකම්වලට පුතාගේ අම්මයි වන්දි ගෙව්වේ මගේ පුතේ.මං මගේ සතුට විතරක් නෙවෙයි පුතාගේ සතුටත් නැති කරා පුතේ.පුතුගේ අම්මි මේ ලෝකේ දාලා ගියේ පුතුව මට දීලයි කියලා ඔයාට මං කොහොමද කියන්නේ මගේ පුතේ.

" මං කිව්වනේ පුතු අම්මි දුර ගමනක් ගියා කියලා.පුතා හොඳට ඉගෙනගෙන තව ගොඩාක් හොඳ ළමයෙක් වුණා ම තමයි අම්මි එනවා කිව්වෙ පුතු "

කඳුළුවලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා මං පුතාව තවත් පපුවට තුරුළු කරගත්තා.

[ ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගෙ දෙනෙත්වලට කඳුළු පිරෙයි පුතේ]

" තාත්තී ... හනේ ... අල බලන්නකූ ලත්තනයි "

පුතාට නොපෙනෙන්න කඳුළු පිහදා ගත්ත මම පුතා පෙන්නපු දිහාව බැලුවා.පංසලට ටිකක් දුරින් පිහිටපු ගල් පොත්තක පොඩි දරුවෙක් වාඩි වෙලා ඉන්නවා.මං පුතාවත් අරගෙන ඒ පැත්තට ගියා.

" දූ ඔයා මොකද මෙතන කරන්නේ "

මගේ කටහඬ්න් ගැස්සිලා මගේ දිහා බලපු දරුවා දැක්කම මට මොකක්දෝ හුරුබවක් දැනුණා.

" මම හඳ පායනකන් අහස දිහා බලාගෙන ඉන්නවා.මෙතන ඉන්නකොට හඳ ලස්සනට ලොකුවට පේනවා.හඳ වැවෙනුත් පේනවා. "

පුතුත් මගෙ අතින් පැනලා එතනට ගිහින් වාඩිවෙලා ඒ පැත්ත බලාගෙන ඉන්න පටන් ගත්තා.

" ඔය දරුවො මෙතන මොකද කරන්නේ "

මෙහෙණින් වහන්සේ නමක් අපි දිහා බලාගෙන හිටියා.මං ගිහින් වැන්දා.පුතුත් ඇවිත් කකුල් දිග ඇරලා වැඳලා ආයෙත් ගිහින් වාඩි වුණා.මෑණියොත් එක්ක අපේ දරුවගේ විස්තර කියන ගමන් අර දරුවා ගැනත් විමසුවේ හිතට දැනුණ හුරු ගතිය නිසයි.ඇගේ මව ඇය තව ටිකක් තේරුම් ගන්න පුළුවන් වයසකට ආවම ශාසනයට ඇතුළත් වෙන්නයි හදන්නේ.හ්ම්ම්ම්ම්.......

" ම්.... බොහොම පින් ඇති දරුවෙක් ..
එහෙනන් මහත්තයෝ මහත්තයලා යන්න.අපිත් යන්නන්.දැන් රෑ බෝවේගෙනත් එනවනේ.නෙතුසරී අපිත් යමු දරුවෝ.අන්න අම්මා හොයනවා.ඔය කියනකොටත් එන්නේ. "

අඳුරේ ම ගල් පොත්ත දෙසට ඇඳුණු රුව නෙතුසරීව වඩා ගත්තා.

" බායි මාමි.මල්ලිත් එක්ක පරිස්සමින් ගිහින් එන්න ආයේ "
" බායි දූ.මල්ලි මමයි එන්නන්කෝ වෙලාවක දූව බලලා යන්න. "

ඇගේ මවත් මං දිහා බැලුවා.

" නිල්නෙතු ඔයා "

දරුවත් වඩාගෙන ම නිල්නෙතු ඉක්මනින් ම ගල්පොත්ත බැහැලා දිව්වා.ජොබ් එකෙන් අයින් උනාට පස්සේ මැරි කරන්න ඇති.පව්.මං වගේ ම එකෙක් අහිංසකීව රවට්ටන්න ඇති.ඔයා වගේ අහිංසක කෙල්ලොන්ට දීපු ගින්දර තමයි මට දැන් විඳින්න වෙලා තියෙන්නේ නෙතූ.මට සමාවෙන්න.

" මහත්තයා ඒ දැරිවි දන්නවද ? "

මං පියවි සිහියට ආවේ මෑණියන්ගේ කටහඬ්න්.

" ඔ. ඔව් "
" මහත්තයගේ නම මොකක්ද ? "
" නෙතුසර විජේමාන්න "
" හ්ම්ම්... ඒකත් එහෙමද "
" මෑණියනේ මට ටිකක් නිල්නෙතුව මුණගැහෙන්න පුළුවන් ද ? "

ටිකක් වෙලා කල්පනා කරපු මෙහෙණින් වහන්සේ ,

" හ්ම්.. මහත්තයෝ ඒ දැරිවිගේ අකමැත්තක් නැත්තන් විතරක් කතා කරන්න.ඒ වගේ ම මහත්තයෝ මේ පින් බිමක් "

මෙහෙණින් වහන්සේ ව්‍යංගයෙන් කියපු දේ මට තේරුණු නිසා මං ඔළුව වනලා පුතුත් වඩාගෙන ම නිල්නෙතු ගිය පැත්තට ඇදුණා.මං යනකොට මැටි ගහපු බණ ශාලාවක් තුළ දරුවත් තුරුළු කරගෙන බුදු රුවා දිහා බලාගෙන නිල්නෙතු අඬනවා.පව්.මට මූණ දෙන්න බැරුව ඇති.මගෙනුත් එයාට වැරද්දක් වුණානේ.මං ළඟට ම ගියා.

" නෙතූ "

මගේ දිහා බලලා දරුවත් එතනම තියලා නෙතූ එළියට ගියා.මාත් පුතුව දරුව ළඟින් තියලා ඇගේ පස්සෙන් ම වැටුණා.අපි  අතරේ තිබ්බ නිහඬතාවය බිඳිමින් නෙතූ ම කතා කළා.

" මහත්තයලා මෙහේ ආවේ විශේෂ වැඩකටද ? "

නෙතූ මේ අවුරුදු ගාණට තවත් සංවර වෙලා.ඇගේ වචනවල පවා තිබ්බේ ශාන්තබවක්.

" අම්මී "

නෙතූගේ දුව ඇවිත් ඇගේ අතින් අල්ලා ගත්තා

එතකොටයි මං දූ දිහා හරියට ම බැලුවේ.දෙවියනේ ඒ ඇස්..

" නෙතූ.. මේ මේ.. "
" ඔව්. මේ මගේ දරුවා. "
" නෑ නෙතූ දූගේ ඇස් "
" බලන්නවත් එපා මගෙ දරුවා දිහා "
" නෙතූ මෙ මෙ මේ මගේ ඇස් නෙතූ "

මට නිකන් අකුණක් වැදුණා වගේ.මං එතනම වාඩි වුණා.දෙයියනේ ඒ කියන්නේ නෙතුසරී මගේ දරුවා.නිල්නෙතු කාටත් නොකියම යන්න ඇත්තේ මං බැඳලත් මගේ අතින් එයා අනාථ වෙච්ච නිසයි.මං වගේ පව්කාරයෙක්.මං ඔළුවත් බදාගෙන ඇඬුවා.

" තාත්තී.අයි අඬන්නේ තාත්තී.මේ අම්මි ද තාත්තී.අම්මි ආවට තාත්තිට තතුටුයිනේ.ඒකනේ අඬන්නේ.අම්මි දුර ගීන් ආවද අම්මි පුතු බාන්න.මං තාත්තිට කිව්වනේ මං ඔකුයි කීලා.මං හුඳ ළමයෙක්.ඒකනී අම්මි ඇවිත් තීන්නේ අද.හුලේ.. "

පුංචි පුතු සතුටින්.මං නෙතූ දිහා බැලුවා.එයත් පුදුමෙන් මං දිහා බලන් ඉන්නවා.මං එහෙම්ම ම කඳුළු පිහදාගෙන නැගිට්ටා.

" නෙතූ මට සමාවෙන්න නෙතූ.මගේ අතින් ලොකු වරදක් වුණේ.ඒක හදන්න බෑ.මං කරපු වැරදිවලට දෙයියෝ මට දඬුවම් දුන්නා නෙතූ.ඕෂියා පුතු ඉපදුණු වෙලාවෙම මේ ලෝකෙන් ගියා.මං කරපු වැරදිවලට මගේ අහිංසකයා දුක් විඳිනවා නෙතූ අද.බලන්න.මං ඔයාට කරදර කරන්න ආවේ නෑ නෙතූ.ගොඩක් කල් හිතෙන් විඳෙව්වා මං ඔයා වගේ කෙල්ලොන්ව රවට්ටලා ඒ පව නිසා මගේ දරුවා තනිවෙලා දුක් විඳිනකොට.මට සමාවෙන්න නෙතූ.මගේ අතින් ලොකු වරදක් වුණේ ඔයාට.ඔයාගේ අකමැත්තක් නැත්තන් මං මගේ දූව මගේ ළඟට ගන්නන්.ඔයා කැමති තීරණයක් ගන්න.මං බලපෑම් කරන් නෑ.ඒත් රත්තරනේ මේ පව්කාරයට සමාව දෙන්න. "

මං නෙතූගේ කකුල් දෙක ළඟ වැටිලා සමාව ඉල්ලුවත් නෙතූ මං දිහා බලන්නෙවත් නැතුව දරුවො ළඟට ගියා.පුතු ඈ යනවත් එක්කම අතේ එල්ලිලා ,

" අම්මි අමු නේද අක්කිත් එක්ක ම ගෙදල.පුතුට පාළුයි අම්මි.තාත්තිත් මට හොලෙන් රෑට අඬනො අම්මි නෑ කීලා.පුතුටත් දුකයි අම්මි එතකුට. "

මගේ හිත කෑලී කෑලීවලට පුතුගේ වචනත් එක්ක ඉරිලා යනවා වගේ.පපුවත් එක්ක ම රිදෙන්න පටන් ගත්තා.පුතු ඉකි ගගහා නෙතූට තුරුළු වුණා.

" අම්මි. ආයේ  පුතුව දාලා යන් නෑ පුතු.අක්කියි අම්මියි දෙන්න ම ඉන්නව දැන්. "

නෙතූගේ උත්තරෙත් එක්ක ම මං නෙතූ දිහා බැලුවේ පුදුමෙන්.

" නෙ නෙතූ "
" ඔව් මහත්තයෝ මං මගේ තීරණේ කිව්වා.එතකොට ඔයාගේ තීරණේ මොකක් ද ?  ම්ම්ම්ම්.... "

ඉස්සර වගේ ම හුරතලෙන් දරුවො දෙන්නත් වඩාගෙන නෙතූ අහද්දි මං තුන් දෙනාවම අඬ අඬා බදාගත්තේ කියන්න බැරි සතුටකිනුයි.සතුටු කඳුළු මැද විනාඩි කිහිපයක් ම ගෙවුණා.

අපි හතර දෙනාම මෑණියන්ගෙන් යන්න අවසර පැතුවා.

" තුනුරුවන් සරණයි "
..................................................
" ආදරෙයි නෙතූ "
" ආදරෙයි මහත්තයෝ "
" අපිටත් "

අපි දෙන්න ම දරුවො දෙන්නව තුරුලු කරගෙන පංසලෙන් එළියට ආවා.පුතුගේ උපන් දිනේ දවසෙම පුතුට අම්මා ලැබුනා.ඒ නිල්නෙතූ.මගේ පුතු හසරැල්.ඇයව මතක් වෙන්නයි මං පුතුට ඒ නම දැම්මේ.මගේ දූටත් අද එයාගේ තාත්තා ලැබුණා.දූ නෙතුසරී.මං නෙත්සර.කාටත් නොදැනුණු හිතට දැනුණු අපේ ආදරයයි ඒ.. ආදරෙයි මගේ පුංචි කැදැල්ලට මං හැමදාමත්.

අදින් අවසර මැකී යන්නට හැඟුම් මඟ අවුරා...

*************  සිරවී පෙම් සිහිනයේ *************

ලියන්නේ
gayani c dhar.
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment