මුතුගේ පන්හිදෙන්

ටිකක් දිග කතාවක් කියවලම බලන්නකෝ

ට්‍රීං ට්‍රීං ට්‍රීං ⏰ වෙලාව උදේ 7.00යි
හ්ම් අද ඉරිදා නේ sunday funday
ම්ම්ම් සුදු මැණික ගුඩ් මෝනින්.... 🌄
ම්ම්ම් ගුඩ් මෝනින් මහත්තයෝ ...😘
ඇයි රත්තරං
ඔලුව පැලෙන්න වගේ 😢 මහත්තයෝ ....
අනේ මැණික එහෙනම් ඔහොම්මම ඉන්න දැන්ම නැගිටින්න ඕන නෑ අද ඉරිදා නේ
ඉන්න මං ඕඩික්ලෝන් ටිකක් දාලා ඔලුව ටිකක් අතගාන්නම්😘❤️
හ්ම්ම්ම් පව් නින්ද ගියා කෙල්ලට සනීපෙට......
මං මොනවහරි උදේට කන්න හදනවා 🍜එතකොට නෝනට පුළුවන් නැගිටලා මොනවහරි කන්න
ම්ම්ම්ම් මොනවද මං හදන්නේ 🤔
හරි බත් උයලා කරවල තෙල් දාලා පොල්සම්බලක් හදනවා ☝️ කෙල්ලගේ ආසම කෑම❤️...

හරි බත් එකයි පොල් සම්බලයි නම් හරි ඒත් කරවල එක තෙල් දාන්නේ කොහොමද 🤔
හරි අම්මට කෝල් එකක් දීලා අහනවා....

හෙලෝ අම්මේ ගුඩ් මෝනින් 😊
ගුඩ් මෝනින් මහත්තයෝ 😊 මොකෝ මේ උදෙන්ම 🤔
අනේ අම්මේ මට කියන්නකෝ කරවල තෙල් දානේ කොහොමද කියලා.....
ඇයි පුතේ ඒ අද පුතාද උදේට උයන්නේ 😊

අනේ නෑ අම්මේ නංගිට ඔලුවෙ කැක්කුමක් හැදිලා මං කිව්වා නැගිටින්න එපා කියලා ......
ඉතිං මට හිතුනා එයා ඇහැරෙනකොට කන්න මොනවහරි හදලා තිබ්බොත් හොඳයි කියලා..... බත් උයලා පොල් සම්බල් හැදුවා තව කරවල තෙල් දාන්න හැදුවේ

අනේ පුතේ ඔක්කොටම කලින් කෙල්ලගේ ඔලුවට ඕඩික්ලෝන් ටිකක් දාලා ඔලුව අතගාන්න පොඩ්ඩක් නළල දෙපැත්තේ සිද්ධාලේප ටිකක් ගාන්න
පව් කෙල්ලට අමාරු ඇති...

අනේ ඔව් අම්මේ නැත්නම් ඔහොම නිදාගෙන ඉන්නේ නෑ...
මං ඕඩික්ලෝන් දාලා ඔලුව ටිකක් මසාජ් කලා ඊට පස්සේ නින්ද ගියා

හරි මහත්තයෝ එහෙනම් අහගන්නකෝ කරවල එක හදන හැටි.......👉

ම්ම්ම්ම් මහත්තයෝ ඔයා කෝ..
ආ මැණික නැගිට්ටද මං ඔයා නැගිටිනකම් හිටියා.. දැන් කොහොමද මැණිකට ....

අනේ දැන් නම් හොඳයි මහත්තයෝ .....
ඔයා ඔලුව අතගාද්දි සනීපෙට නින්ද ගියා.. 😘❤️

හ්ම්ම්ම් එහෙනම් දැන් ගිහිල්ලා මූණ සෝදන් එන්නකෝ...

හ්ම්ම්ම් බඩගිනි .....
ආ........ අනේ පව් මහත්තයෝ ඔයා 😢 ඇයි මහන්සි උනේ ....

පිස්සුද මෝඩියේ ඕක මොකක්ද ....
මට හැමදාම කන්න බොන්න හදලා දෙන කෙනාට එක දවසක් කන්න හදලා දුන්නා කියලා මොනවා වෙනවද😘

දැන් කන්නකෝ .... ඊට පස්සේ ටිකක් රෙස්ට් එකේ ඉඳලා හවස පන්සල් ගිහිල්ලා එහෙම්මම අම්මලාගෙ ගෙදරත් ගිහිල්ලා ඊට පස්සේ ඩිනර් ගන්න එලියට යමු 😘❤️

ආදරෙයි රත්තරං මහත්තයෝ 😘😘😘😘😘😘

👇👇👇👇👇
(පවුල් ජීවිතයක් සාර්ථක වෙන්න නම් සැමියා බිරිඳ විතරක් නෙවි අනෙක් පාර්ශවයන්ගේ බැඳීම අන්‍යොන්‍ය අවබෝධය ,සමගිය මේ හැම දෙයක්ම තියෙන්න ඕන....
ඉව්වට, රෙදි ටිකක් සේදුවට, මිදුල ටිකක් අතුගෑවට පිරිමිකමට හානියක් වෙන්නේ නෑ..... වෙනස තියෙන්නේ ආකල්ප වල.....ආකල්ප ලස්සනයි නම් ජීවිතෙත් ලස්සනයි ❤️❤️❤️)

#මුතූ
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment