නෙතුකි

නෙතුකි😍
කෙටි කතාව
..................................
ඈතින් පේන රළ දිහා මං බලාගෙන හිටියෙ හිස් හැගීමෙන්...
හැම දේම තිබිලත් ජීවත් වෙන්න අරමුණක් නැතිව ගෙවන මේ ජීවිතේ ඇත්තටම මට තිත්ත වෙලා තියෙන්නෙ.

මගේ නම නෙතුකි. සාමාන්‍ය පවුලක කෙල්ලෙක් වෙච්ච මම පවුලේ එකම ළමයා. මට හැමදේම තිබුනා. අදටත් තියෙනවා. ගොඩක් අයට වගේ පාසල් ප්‍රේමයක් මටත් තිබුනා....

එයා දෙනෙත්. මුලින්ම නං එයා මගේ හොදම යාලුවා. මගේ හිතේ එයා ගැන පොඩි කැමැත්තක් තිබ්බා. ඒත් ඉතින් අහන්නෙ කොහොමද 🙊🙊 ලැජ්ජයිනෙ අෆ්ෆා 😊

දෙනෙත්.....

ම්ම්ම් මොකෝ....

මේ ගාන හදලා දෙන්නකො. මගෙ හොද ළමයනෙ. මට කම්මැලී අෆ්ෆා. මේ මිස්ටත් ගෙදර වැඩ නොදී ඉන්න බෑ. එයාලා හිතන් ඉන්නෙ අපිට වෙන වැඩ නෑ කියලා.😏😏

මොකද්ද කිව්වෙ....

නෑ මොකුත් නෑ. මට කම්මැලියි. මේක හදලා දෙන්නකො...

නෑ නෑ. හදලා දෙන්නෙ නෑ. හදන්න බැරි නං එන්න කියලා දෙන්නම්....

මට ඔය ජාතියේ ඒවා හදන්න පුලුවන්. කම්මැලි නිසානෙ ඔයාට කිව්වෙ...😉

ඔව් ඉතින් කම්මැලි හිතුනම වැඩ කරලා දෙන්න තමයි අපි ඉන්නෙ. අර කසුන් එක්ක පැය ගානක් කතා කර කර හිටියෙ. ඌට කියලම හදා ගන්නොකො. මට වද දෙන්නැතුව...

හා මං මිට පස්සෙ එයාටම කියන්නංකො😏

ඕන එකක් කරගන්නො

කොල්ලට ලෙසටම මල පැනලා. හොද ගිනි ගෙඩියක් දෙන්න හොදම වෙලාව 😉

දෙනෙත්.....

මොකෝ😡

කසුන් ඇහුවා....

මොකද්ද...

එයා මගෙන් යාලු වෙන්න ඇහුවා.

තමුසෙ හා කිව්වද??

එක පාරට හා කියන්න බෑනෙ.මං කිව්වා කල්පනා කරලා කියන්නං කියලා...

ඒ කියන්නෙ පහු වෙලා කැමතියි කියන්නද ඉන්නෙ ආ....

අකමැති වෙන්න හේතුවකුත් නෑනෙ. නරක කොල්ලෙක් නෙවෙනෙ...

හ්ම්ම්ම්ම්ම්

හම්මේ මූන බලන්න ඕන ඉරිසියාකාරයගෙ. දවසම මූන එල්ලන් හිටියෙ. කතා කරෙත් නෑ මාත් එක්ක හරියට. ඉරිසියාවෙන් පැලිච්ච විදියට නං මං ගැන කැමත්තක් ඒ හිතෙත් තියෙනවා කියලා හිතාගන්න මට එච්චර අමාරු උනේ නෑ.

එදා ගෙදර ගියාට පස්සෙ වෙනදා වගේ දෙනෙත්ගෙන් මැසේජ් තිබුනෙ නෑ. මං යවපු ඒවට රිප්ලයි ආවෙත් නෑ. කෝල් ගත්තට ආන්සර් කරෙත් නෑ. හවස් වෙද්දි ෆෝන් එක ඕෆ් කරලා දාලා තිබ්බා.

දවස් 3ක් මේ මනුස්සයා ඉස්කෝලෙ ආවෙත් නෑ. කාටවත් කතා කරලත් නෑ. හිතට පොඩි බයක් දැනුන හින්දම මං එයාලගෙ ගෙදර ගියා.

මං යනකොට දෙනෙත්ගෙ අම්මා හිටියා.

ඇන්ටි මොකද දෙනෙත් මේ ටිකේ ඉස්කෝලෙ ආවෙ නැත්තෙ?

අනේ මන්දා දුවේ මේ ළමයට මොන යකෙක් වැහිලද කියලා. කන්නෙ බොන්නෙත් නෑ බලාගත්ත අත බලාගෙන ඉන්නවා. ඇහුවට මොකුත් කියන්නෙත් නෑ. මොකක් හරි සම්බන්දයක්වත් තියේද මෙයාට...

අනේ එහෙම එකක් නෑ ඇන්ටි. දැන් කොහෙද ඉන්නෙ.

අන්න කාමරේ ඉන්නවා. ගිහින් පොඩ්ඩක් කතා කරලා එන්නකෝ.....

මං කාමරේට යනකොට දෙනෙත් හොදටම නිදි. මූන ඇදිලා ගිහින් ලෙඩ පාටයි. මෙයාට මොනවා වෙලාද. මං ගිහින් ඇද උඩින් වාඩි වෙලා එයාගෙ ඔලුව අත ගෑවා...

අනේ නෙතූ මාව දාලා යන්න එපා. මං කොහොමද ඔයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා බලන් ඉන්නෙ....

දෙනෙත් එක පාරටම අඩ අඩා කිව්වෙ හරියට පොඩි එකෙක් වගේ.

නෑ දෙනෙත් මං ඔයාව දාලා යන්නෙ නෑ. ඔයා ඇයි මං දාලා යාවි කියලා හිතුවෙ...

කසුන් හොදයි තමයි. ඒත් මට බෑ ඌට ඔයාව දෙන්න. මං ආදරෙයි නෙතූ. මට ඔයාව ඕනෙ...😔😔

හා ඒකද මේ ලමයා කන්නෙ බොන්නෙ නැතුව උපවාස කරන්නෙ. මං එදා ඒක කිව්වෙ ඔයාව තරහා ගස්සන්නනෙ....

මොකක්??? බොරුද කිව්වෙ

හ්ම්ම්

ඇයි රත්තරං එහෙම කරේ. දන්නවද මං කොච්චර පිච්චුනාද කියලා ආ.....

පිච්චුනා 😮😮 කෝ කොහෙද..

පිච්චුන තැන පස්සෙ පෙන්නන්නම්කො.... නෙතූ මට ඔයා නැති කරගන්න බෑ. හැමදාටම මාත් එක්ක ඉන්න කැමතිද....

ඔව් දෙයියනේ ඔව්. ඔය කටින් ඕක අහනකං මං කොච්චර බලන් හිටියද. අහන්නෙ නැති නිසානෙ මට කසුන් ගැන බොරුවක් කියන්න උනෙත්😉

ඔහොම පටන් ගත්ත අපේ ආදර කතාව දෙපැත්තෙම ගෙවල් වල කැමැත්තත් එක්කම හරි ලස්සනට ගලාගෙන ගියා.

අවුරුදු 11 ආදරේ කරලා හැමෝගෙම ආශිර්වාද මැද්දෙ අපි එක වහලක් යටට උනා. ඒත් අපිට සතුටින් ඉන්න පුලුවන් උනේ ටික කාලයයි. දෙනෙත්ගෙ අම්මට මගේ වැරදිම පේන්න ගත්තා. බැදලා අවුරුදු 2ක් ගියත් අපි දෙන්නට දරු සුරතල් බලන්න තරම් වාසනාවක් තිබුනෙ නෑ. වෙනදා කට පුරා දුවේ කියලා කතා කරපු අම්මා මට වද ගෑනි කියලා බැන්නෙ කිසි හිතක් පපුවක් නැති කෙනෙක් ගානට

ජීවත් වෙන්න දැන් මට අරමුණක් නෑ. පන වගේ ආදරේ කරපු මගෙ මහත්තයට දරුවෙක් දෙන්න බැරි තරම් අවාසනාවන්ත ගෑනියෙක් මම. මට කවදාවත්ම දරුවෙක් හදන්න බෑ කියලා හරියටම දැන ගත්තෙ මීට ටිකකට කලින්. රිපෝට් එකත් අරන් ගෙදර යන්න බැරි කමටමයි මෙතනට ආවෙ.

හැම දේම ලැබිලත් මට උතුම් මව් පදවිය ලබන්න තරම් වාසනාවක් නෑ. මං කොහොමද මගෙ මහත්තයගෙ මූන බලන්නෙ. හැමදාම මගේ ලගට වෙලා මං වගේ අහිංසක ලස්සන දූ පැටියෙක් දකින්න හීන දකින ඒ රත්තරං මනුස්සයට දෙන්න දැන් මගේ ලග කිසිම දෙයක් නෑ.

හිතින් දහස් වාරයක් අඩ අඩ මං මුහුද දිහාවට ඇවිදගෙන ගියේ ලබන ආත්මෙවත් මගේ රත්තරංව තාත්තා කෙනෙක් කරන්න පුලුවන් ගෑනියෙක් වෙලා ඉපදෙන්න පුලුවන් වෙන්න කියලා හිතාගෙන

ටික දුරක් ඇවිදගෙන ගිහිපු මං ආපහු හැරිලා බැලුවෙ අතට දැනුන දැඩි ග්‍රහණය නිසා. මැදි වයසෙ කියන්න පුලුවන් ගැහැනියක් මාව නවත්තගෙන හිටියා.

ඒ මූනෙ තිබුනෙ මාව දවලා අලු කරලා දාන පුලුවන් තරම් කේන්තියක්. මං ආපහු අත ගසා දාල යන්න හැදුවත් ඒ අතේ ග්‍රහණය නම් බුරුල් උනේ නෑ.

නංගි ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නෙ. ඔයාට ජීවිතෙන් පැනලා යන්න තරම් ප්‍රශ්න තියෙනව කියලා මට නං හිතෙන්නෙ නෑ. ඒ නිසා පව් වැඩ කරන්නැතුව ගෙදර යන්න

අනේ මට බෑ. මට බෑ ගෙදර යන්න. මට බෑ මගෙ රත්තරංට මූන දෙන්න

නංගි... හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒකට තියෙන එකම විසදුම මැරෙන එක නෙවෙයි. මගේ කතාව ඇහුවොත් ඔයා කවදාවත් ඔය වගේ මෝඩ තීරනයක් ගන්නෙ නෑ

අපි දෙන්නම ගිහින් කෙලවරේ තිබුන බංකුවක වාඩි උනේ ඒ අක්කගෙ කතාව අහන්න.

මගේ ගම මාතලේ. මං බොහොම දුප්පත් පවුලක නංගි. මට නංගිලා දෙන්නෙක් හිටියෙ. අපේ අම්මා අපි පුන්චි කාලෙම වෙන කසාදයක් කර ගත්තා. ඊට පස්සෙ අපි හැදුනෙ අනාථයො වගේ. තාත්තට කිසි ගානක් නෑ. අපි කෑවද බිව්වද කියලා හෙව්වෙ නෑ. සමහර දවස් අපි වතුර විතරක් බීලා ගෙවලා දැම්මා. මං දුක් විදින එක නං ගානක් නෑ. ඒත් මගේ නංගිලා දෙන්නා ??

උත්තර නැති ප්‍රශ්න ගොඩක නංගි මං හිටියෙ. මං කොලඹ ආවෙ සුර සැප හොයාගෙන නෙවෙයි. මගෙ නංගිලා දෙන්නා ජීවත් කරවන්න.

මං මෙහෙදි පොඩි ගාමන්ට් එකක වැඩට ගියා. එහෙදි මට රොශාන් කියලා ගාමන්ට් එකේම සර් කෙනෙක් යෝජනාවක් ගෙනාවා. මාත් වැඩිපුර හිතන්නැතුව කැමැත්ත දුන්නා. අන්න එතනයි නංගි මට වැරදුනේ. මුල් දවස් වල ආදරෙන් සැලකුවත් පහු වෙද්දි එයා මාව පාවිච්චි කරේ එයාගෙ ඕනඑපාකම් සපුරගන්න විතරයි. ඔහොම යද්දි මට එයාගෙ යාලුවො එක්කත් ඉන්න උනා. අන්තිමේදි මගේ රස්සාවත් ඒකම උනා. මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ නංගි. මාත් ඔයා වගේ මැරෙන්න ගියා නං මගෙ නංගිලා දෙන්නට මොකද වෙන්නෙ. මං එහෙම දෙයක් නොකරපු නිසා උන් දෙන්නා අදටත් කාලා ඇදලා ඉන්නවා. පෙර කරපු පවකට මං අද ඒ තත්වෙට වැටිලා ඉන්නවා. ඒත් ඔයාට මොන ප්‍රශ්නද නංගි...
දැං හොද ලමයා වගේ ගෙදර යන්න.

ඒත් අක්කෙ මං කොහොමද ගෙදර යන්නෙ....

හැමදේම හොදින් විසදේවි නංගි. දැන් ගෙදර යන්න....

හ්ම්ම්

මං ගෙදර ආවෙ හිත හයිය කරගෙන. මේ රටේ මිනිස්සු විදින දුක් වල හැටියට මට මොන ප්‍රශ්නද..  අපේ රටේ ගණිකාවක් දිහා හැමෝම බලන්නෙ පිළිකුලෙන්. ඒත් ඒ ගණිකාව එක්ක නිදාගන්න පිරිමියා ගැන එහෙම හිතන්නෙ නෑ මිනිස්සු. ඔවුන් ආසාවට මේ රස්සාව කරන්නෙ නෑ කියලා මං අද ඒ අක්කගෙ කතාව ඇහුවම තේරුම් ගත්තා.

මං ගෙදර යනකොට මුලු ගෙදරම කලුවරයි. වටේ ගෙවල් වල ලයිට් දාලා තිබ්බත් අපේ ගෙදර විතරක් කලුවරේ. මං හෙමීට ගෙදරට ගොඩ උනා. එතකොටම මුලු ගෙදරම ලයිට් පත්තු උනා. හැම තැනම ලස්සනට සරසලා.

මැණික කොහෙද මෙච්චර වෙලා ගියේ... තාත්ති කොච්චර වෙලා බලන් හිටියද අම්මියි දුවයි එනකන්..

අම්මියි දුවයි?????

ආ මට කියන්න බැරි උනානෙ. හොස්පිටල් එකෙන් ඔයාගෙ රිපෝට් එක එවලා තිබුනා. ඔයාට එයාලා වැරදිලා වෙන කෙනෙක්ගෙ රිපෝට් එකක් දීලා තියෙන්නෙ. එයාලා ඒ ගැන ගොඩක් කනගාටු උනා

මොකක්?? වැරදි රිපෝට් එකක්ද මට දීලා තියෙන්නෙ

ඔව් මැණික. ඔයා දැනටමත් ප්‍රෙග්නන්ට්. මං තාත්තා කෙනෙක් වෙන්නයි යන්නෙ.

ටිකකට කලින් මගේ ජීවිතේ බේරගත්ත ඒ කරුණාවන්ත ගැහැනියට හිතින් පින් දෙමින් මං ඔහුගෙ පපුවට තුරුලු උනේ කියාගන්න බැරි සතුටකින්

- පමුදිකා මධුරංගි -
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment