පිය සෙහනෙහසටබ්කවි ගොඉ ලියවුන මදි

...පිය සෙනෙහසට කවි ගී ලිය වුණා මදි...

"මොකෝ නෙතුනීයෝ ,මුණ දෙක කරන්
අදත් උදේ පාන්දර දා ගත්තද රණ්ඩුවක් තාත්තා එක්ක..."
නෙතූනි මගෙ පන්තියෙ ඉන්න යාලුවෙක්.
උදේ පාන්දර මුණ එල්ලන් ඉන්නවා කියන්නෙ එයා එයාගෙ තාත්තා එක්ක රණ්ඩුවක් තමා කියන එකයි..
"ඔව් බන්, අදත් මං ඉස්කෝලෙ එද්දි මාව එයා ගෙනල්ලා ඇරලන්න හදනවා ..
එයාට තාම මන් පොඩි එකෙක් වගෙ පේන්නේ...
මං එන්න ආවා  එයා පිටි පස්සෙන් බයිසිකල් එකේ ආවා..ළමයි හිනා වෙනවා බන්.
ලැජ්ජාවෙ බෑ.."
"නෙතුනී; මේ අහපන්කො  උඹේ තාත්තාට ඉන්නෙ උඹ විතරයි නේ. එයා බය ඇති උඹත් එයාට නැති වෙයි කියලා..."
"මන් ඉස්කොලෙට එයා නැතිව ආවා කියලා මාව හොරු අරන් යනවාද බන්..."'
"උබව නම් නිකන් දුන්නත් හොරු අරන් යන්නෙ නෑ...
එත් ටිකක් හිතපන්. අම්මා නැති වුණ දා ඉදන් උබව එයා බලා ගත්තා එයා ගැනවත් හිතන්නෙ නැතිව..
පව් ඒ අහිංසක තාත්තාට එහෙම බණින්න එපා..."
"අනේ මේ, නිකන් ඉදපන්.
එයාට මං කීවේ නෑනේ වෙන කසාදයක් කර ගන්න එපා කියලා...
උඹගෙ තාත්තාත් උඹ යන එන හැම පස්සෙන්ම ආවා නම් තේරෙයි උඹට. මං යනවා කැන්ටින් එකට
.එනවා නම් වරෙන්.."
ඇයගේ අන්තිම වචන කිහිපයට මං නිහඬ වුණා..මගෙ තාත්තා මා ලඟ නැති අඩුව මේ ලෝකේ නැති අඩුව හැම වෙලේම මට දැණුනා...එ පාලුව තනිකම සමහර වෙලාවල් වලදි මට ජිවීතේ පවා එපා කරන තරමට අසරණ කලා.
"අනේ මගෙ තාත්තා උන්නා නම් "කියලා කොයි තරම් හිතෙන්න ඇතිද..
(අවුරුදු 5කට පසු)⏰⏰⏰⏰⏰
"සචිනී උබ කොහෙද මේ.."
ගොඩ කාලෙකින් නෙතුනිව මට හමු වුණා රෙදි කඩේකදි...
"නෙතුනී,මං උඹව හැම තැනක හෙව්වා..කොහෙද බන් ගියෙ..
.මෙහෙ මොකෝ කරන්නෙ..."
"මන් මෙකේ වැඩ කරන්නෙ බන්.උබ ෂොපින් කරන්න ආවාද?"
"ඔව් බන්, ලබන සතියෙ මගෙ වෙඩින් එක
උඹ බැන්ඳද ?තාම නෑනේ..."
"නෑ බං මන් හදිසි තිරණයක් ගත්තා  ඒ නිසා මට වැරදුනා..."
"එ මොකෝ නෙතුනි ඒ..."
"තාත්තා මං ගැන ඕනවට වඩා හොයන එක කරදරයක් කියලා මන් එ කාලේ හිතුවා...
මගෙ පස්සෙන් ආවා ලස්සන කොල්ලෙක් සල්ලි කාර විදියට ඇඳ පැළඳගෙන කාර් එහෙකින්..."
"ඉතින්.ඊට පස්සෙ..."
"එයා මට බොරු සුරංගනා ලෝකයක් පෙන්නුවා..මට ඕනෙ හැමදෙම කරන්න,  ඕනෙ හැම තැනම යන්න,  ඕනෙ හැම දෙයක්ම අඳින්න පළඳින්න දෙන්නම් කිව්වා..
මං හිතුවා ඒක තමා මං හොයන ලෝකේ කියලා..."
"ඇයි කෙල්ලෙ එයා උඹව දාලා ගියාද??"
"ඔව් බන් ..එයා ගැන මං ගෙදරට කිව්ව දවසෙ තාත්තා එයාට කැමති වුණේ නෑ..
මං රණ්ඩු කලා ..මං එයා එක්ක ගියා ..එයා මාව බැන්ඳේ නෑ...ටික දවසකින් මට දැණුනා එයාගෙ වෙනසක් ...
එයා මං හිතපු කෙනා නෙවේ..එයා වැඩ කරන තැන මහත්තයාගෙ කාර් එකේ ඇවිල්ලා මාව රවටලා තියෙන්නෙ.
එයාට හැම තැනම කෙල්ලො ඉන්නවා..."
"දෙවියනේ මේකට හෙණ ගහන්න එපැයි..මෙහෙම කෙල්ලො රවටනවට..."
"දැන් එයාට හෙණ ඉල්ලලා වැඩක් නෑ බං..
මගෙ වරද මන් මගෙ රත්තරන් තාත්තාගෙ වචනෙ ඇහැව්වා නම් මෙහෙම වෙන්නෙ නෑනේ..."
"කමක් නෑ බං උඹ ඔහොම හරි බේරුණා නේ..
හොඳ කෙනෙක් හම්බ වෙයි උඹට කවදා හරි ..
දැන් උඹ කොයිද ඉන්නෙ..."
"දැන් මං කාව බඳින්නද බං.අනික කව්ද බං දරුවෙකුත් එක්ක මාව බාර ගන්නෙ...?"
"උඹට දරුවෙකුත් ඉන්නවාද? කෝ දැන් එයා..."
"එයා මගෙ තාත්තා ළඟ දාලයි මං වැඩට එන්නෙ.."
"මතකද ඉස්සර හැමදාම මං උඹට කිව්වා තාත්තාගෙ ආදරේ වදයක් කියලා හිතන්න එපා කියලා..උඹ මට බැන්නා මගෙ තාත්තා එහෙම පස්සෙන්ම ආවා නම් තේරෙයි කියලා..
එහෙම පස්සෙන් එන්න මගෙ තාත්තා මේ ලෝකේ නෑ බන්..මන් හැම විනාඩියකම තාත්තාව හෙව්වා..මන් හැම වෙලෙම අසරණ වුණා.
තාත්තාගෙ හෙවණ නැතිව..තාත්තා පේන මානෙක නැති නිසා එක එක පිරිමි අය පවා මගෙන් ප්‍රයෝජන ගන්න පස්සෙන් ආවා..වාසනාවකට මං රැවටුණේ නෑ..
මං ඉවසුවා..අද මට තාත්තාගෙ ආදරේ දෙන්න පුළුවන් හොඳ මහත්තයෙක් ලැබුණා..."
"ඒක ඇත්ත. 
මට මං ලග තිබුන ඒ ආදරෙ තේරුම් ගන්න බැරි වුණා සචිනි.මොනා කරන්නද?"
😢😢😢😢😢😢😢😢
යාළුවනේ, අපිට අපේ අම්මලා තාත්තලාගෙ ආදරේ ගොඩාක් වෙලාවට තේරුම් ගන්න බෑ..ඒ ආදරේ ඒ රැකවරණය අපිට එක වෙලේකට වදයක්, ඒ අපෙ තරුණ ගැම්ම නිසා..එ ආදරේ තමා අපේ ශක්තිය අපිට නොතේරුණාට...ජිවත් වෙන්න හැම වෙලේම අම්මා තාත්තාගෙ ආදරෙ පලවෙනි දේ කරන්..
ජිවිතේ වරදින්නෙ නෑ..කොහේ කොතනක ජිවත් වුනත් මොන තරාතිරමක උන්නත් අම්මා තාත්තාගෙ ආදරේ ඕනෙ හැම වෙලේම..තාත්තෙක් කියන්නෙ දුවෙකුගෙ ශක්තිය හෙවණැල්ල දුවෙක්ගෙ ලෝකේ පළමු වීරයා..ඒ වීරයාව නැති කර ගන්න එපා...මගෙ තාත්තා මේ ලෝකේ නෑ..එත් මං හිතනවා මං ගාව එයා ඉන්නවා කියලා..ජීවිතේ එන හැම ප්‍රශ්නෙකටම මං මූණ දෙන්නෙ තාත්තෙ මට උදව් වෙන්න කියලා හිතින් එයාගෙ ෆොටෝ එක දිහා බලන් කියන ගමන්...වැඩි වැඩියෙන් ආදරෙ කරන්න ඔයාගෙ අම්මාට තාත්තාට...
"පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ..."
ඔයාගෙ තාත්තා ඇස් දෙකේ කදුළු පුරවන් මේ සින්දුව කියන එකක් නෑ ඔයා හොඳ දුවෙක් වුණොත්......🍁

(දුලා)
උපුටා ගැනිමක්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment