#නමක්_නැති_බැඳීමක්..
අදත් ඔයාගෙ careing... ❤️ මට හිතාගන්න බෑ ඒ ආදරේද.. නැත්තන් සහෝදරකමද.. නැත්තන් ෆ්‍රෙන්ඩ්ශිප් එකද කියලා...
ක්ලාස් ඇරිල එලියට යාලුවො එක්ක එද්දි.. මාව පික් කරන්න සමන් අන්කල් ඇවිත් නෑ වෙනදා වගේ.. මට තනියෙන් ඉන්න පුරුදුත් නෑ... බයවෙලා අයිනකට ගිහින් ගෙදරට කෝල් ගත්තෙ අන්කල්ගෙ නම්බර් එක මං ලඟ නැති නිසා.. මගේ පණ්ඩිතකමට මං ඉල්ලගත්තෙවත් නෑ අම්මිගෙන්.. මොනා කරන්නද ඉතින්.. දැන් එනකම් ඉදපන්කො... 😒😒
කෙල්ලො ටිකත් ඔක්කොම ගියා.. මගේ බොක්කෙ කොල්ලො යාලුවො සෙට් එක නම් ඉන්නව.. උන් එක්ක ඔයත් ඉන්නව ඉතින් බයිසිකලේ බදන්...😂😂... මට මතකයි.. දවසක්දා.. අපේ මැත්ස් ක්ලාස් ඇරිලා.. ලමයි කවුරුත් ගිහින්.. ඔයයි මමයි විතරයි ඉතුරු උනේ.. එදත් මාව පික් කරන්න අමතක වෙලා අපේ ගෙදර අයට.. ඔයාට මතකද දන්නෙ නෑ... ඔයා හිටියා මාව එක්ක යන්න එනකම් අපේ ගෙදරින්.. ඔයාගෙ තාත්ති ආවත්... 😌 මට ඒක මතක් උනා ඉතින්...
දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා.... ඔයා ආෆ්ට ඒලෙවල් වෙන බෝයිස් ස්කූල් එකකට ගියා තාත්තිගෙ කීමට.. අපේ සෙට් එකෙන් ගියපු එකම බෝයි ඔයා... මං දන්නවා.. ඔයා ගියේ තාත්තිගෙ කීමට විතරක් නෙමෙයි... ඔයාට එයාව අමතක කරන්න හිත හදාගන්නත් ඕනි නිසා.. මං මුකුත්ම කිවුවෙ නෑ... අපි වෙන ස්කූල් එකකට නොගියෙ ස්කූල් එකට තියෙන ආදරේට.. අනික ඔයාගෙ තාත්ති වගේ අපේ ගෙවල් වලින් එහෙම බලපෑමක් තිබ්බෙ නැති නිසා..
කොහොම හරි.. ඔයා ගියා... එදයින් පස්සෙ මහා ලොකුවට කිසිම සම්බන්දකමක් තිබ්බේ නෑ ඔයාගෙයි මගෙයි.. කොටින්ම.. වචන 10ක් වත් කතා කරලා නැතිව ඇති අපි දෙන්නා ක්ලාස් එකකදි මීට් උනත්..ඒත් ඔයා මගේ හොඳම යාලුවෙක් අදටත් මගේ.. මගේ හිතේ ඉපදුනු කුලුඳුල්ම ආදරේ ඔයා... 9 වසරෙදි.. ඒක ඒකපාර්ශ්විකයි.. කොහොම කියන්නද මේ ආඩම්බර කෙල්ල ඔයාට කැමැත්තෙන් හිටියා කියලා.... දන්නව නම් අපේ උන් හිනාවෙයි මට... 😌😌
"ඒ දිල්.... බං"
මං ගැස්සිලා බැලුවෙ.. කවුද කියලා..
මගේ පිටිපස්සෙ ඉදන් කතා කරේ ඔයා. බයිසිකලෙත් එක අතකින් අල්ලගෙන... ෆයිල් එක අනිත් අතින් අල්ලන්.. මහා ලොකු ලස්සනක් නෑ.. තලෙලුයි... රැව්ල වවලා දැන් නම්...😂.. හැබැයි.. වයසට නොතියෙන්නෝනි පෞරුෂයක් තියෙනවා එයාට...මං බලන් හිටියෙ ඒ දිහා...
" ආහ්.. මොකෝ බං.." මං ඇහුවෙ මුකුත් නොදැනෙන්න...
"උබ ගෙදර යන්නෙ නෑ??? " එයා ඇහුවා..
" නෑනෙ බං බලපන්කො.. අන්කල් ඇවිත් නෑනෙ.. මං අම්මටත් කෝල් කරා...😥😥"
" යකූ උලමියෙ.. අන්කල් නැත්තන් කෝල් කරන්නෝන අන්කල් මිසක් අම්මටයෑ.. පිස්සුද බොට😡"
"හී හී.. හලි හලි ඉතින්.. අන්කල්ගෙ නම්බර් එක නෑ බං මං ලඟ... 😥 මට ඉදල පුරුදුත් නෑ මෙහෙම.. 😔😔😔"
" හ්ම්ම්... අපි දැන් යන්න හදන්නේ... තනියම ඉන්නත් බෑනෙ නෙහ්...🤔"
දෙයියනේ.. අවුරුදු 4කට පස්සෙත්.. එයා මෙහෙම ... මේ වගේම වෙලාවක.. වෙනස තිබ්බෙ.. එදා වැස්ස දවසක්.. අද.. හොදට පායලා... වෙලාව නම් එකම වෙලාවද කොහෙදෝ...
"මොකෝ බං උබෙන් ඇහුවෙ මං..."😡 "කොයි ලෝකෙද ඉන්නෙ...??" "ආහ්.. කොල්ලා ගැනද නම්කි හිතන්නෙ ඈ....."
මං හිනාවුනා... මොනා කියන්නද.. ඇති කොල්ලෙක් නෑනෙ මට😒
" පිස්සුද බං..කොහෙ ඉන්න කොල්ලොද අපිට...😂😂"
"හ්ම් හ්ම්.. මේ යන්නෙ කොහොමෙයි දැන්... ??"
" අවුලක් නෑ බං.. දැන් එයි අන්කල්.... උබල යමන්ලාකෝ.. අවුලක් නෑ ටුඩූ...😋😋"
"හ්ම් හ්ම්.. මෙතන ඉන්නෙපා.. කොල්ලො වැඩී.. ඉස්සරහට ගිහින් ආසිරි එක පැත්තට වෙන්න ඉන්න.. අන්කල් එන්නෙ ඒ පැත්තෙන් නේ??? "
"හුම්ම්ම්.. ඕඕඔ... "
" අනිත් දවසෙ වෙලාව කියපන් බං හරියට... මෙතන රස්තියාදු වෙන්නෝනනෑනෙ නිකන්.. "
"හා හරි බං.. මං යන්නම් එහෙනම් ඉස්සරහට... "
"එල.. අපි යනෝ එහෙනම් හොඳේ. බුදු සරනයි.. අපි ගියා...😁.."
"හා හා මචං.. බුදු සරනයි.. පරිස්සමින් පල..."😊😊
අම්මෝ.. ගොඩ කාලෙකට පස්සෙ ඔහොම හරි කතා කරාමද කොහෙද... ඒත් කමක් නෑ.. ඔහොම හරි කතා කරානෙ...
ඒත් කොහොම අමතක කරන්නද මං.. ඒක attraction එකක් විතරයි.. ඒත්.. අදටත් ඔයාගෙ careing... 😍😍 ඒක මට ගොඩක් ස්පෙශල්... මං දන්නවා ඔයා වෙන කෙල්ලොන්ට ඕම නෑ කීලා..😌😌😌😌
මොකක් උනත්.. නමක් නැති ඒ බැඳීමට .. මං ගොඩක් ආදරෙයි... සත්තයි...💝 ඔයාට හම්බෙන්නෝනි.. ඔයා වගේම ඔයාට ආදරේ දෙන්න පුලුවන් කෙනෙක්.. කවදාහරි... 💝❤️💜
මම..
දිල්..❤️
හැමෝටම ආදරෙන්😌
(පින්කි සදරුවනි)
උපුටා ගෑනීමකි
No comments:
Post a Comment