පතන්නෙමි සැමදා

" පතන්නෙමි සැමදා.."
                    ( කෙටි කතාවක්...)

" පුතේ ලෑස්තිද....ලොකු මාමා ඇවිත්..."

" හරි හරි අම්මා....."

ෂනූදි අම්මායි මල්ලී එක්ක ජීවත් උන ගමක හැදුන සාමාන්‍ය කෙල්ලක්.....තාත්තා ඩෙංගු හැදිලා මැරුනෙ ෂනූදි පොඩි කාලේ.....
         පවුලෙ බර කරට ගත්ත අම්මාට ෂනූදිට වාගෙම මල්ලිටත් හොදට උගන්නන්න පුලුවන් උනා...ෂනූදිලාට කාටවත් අත පාන් නැතිව ජීවත් වෙන්න පුලුවන් උනේ අක්කර දෙකක විතර තිබුන පොල් ඉඩම හින්දා....

" අම්මා මම යන්නම්....."

" බුදු සරනයි මැණික පරිස්සමින්..."

  ෂනූදි පාත් වෙලා අම්මටයි මාමටයි වැන්දා....
             තාත්තා නැති දවසෙ ඉදන් ෂනූදිලාට පිහිටට හිටියෙ මාමා.....හැමදේම හොයලා බැලුවෙ මාමා.....ෂනූදි.. මල්ලි පොඩ්ඩාගෙ ඔලුවත් අත ගාලා මාමාගෙ බයික් එකට නැග්ගා.....

    කෙල්ල මේ යන්නේ එයාගෙ පලවෙනි ඉන්ටව් එකට.....රටම පිලිගත් " PND Construction ...
..."ගැසට් කරලා තිබුනත් කෙල්ල ඒකට ඉල්ලුම් කරේ කිසිම බලාපොරොත්තුවකින් නෙමෙ...ඒත් ෂනූදිගේ පිනකට ඉන්ටව් කැදවලා තිබුනා......ලියුමේ තිබුනේ උදේ 8 වෙද්දි ඉන්න කියලා....

       තද නිල් පාට සාරියෙ කලු පාටුන් බෝඩරේ තිබුන සාරිය කෙල්ලව තවත් හැඩ කරා....දේපාරක් විතර කෙල්ල සාරිය ඇදලා තිබුනේ...හුරුත් නෑ වාගේ....සාරියෙ පොට හද හද ෂනූදි කලුතරින් බහිද්දි වෙලාව හත හමාරයි.....ෂනූදිව දැන්නම් හොදටම ගැහෙනවා...
                        ෂනූදි බස් එකෙන් බැහැලා ලියුමෙ තිබුන ඇඩ්ඩ්‍රස් එක හොයන්න ගත්තා.......

      " PND Construction ...."  සිල්ව පාට බෝඩ් එකක රත්තරන් පාටින් ගහලා තියෙන තට්ටු හතක විතර බිල්ඩින් එක හොයා ගන්න කෙල්ලට අමාරු උනෙ නෑ.......
             ඉන්ටව් තියෙන්නෙ හයවෙනි එකේ.....

" දෙයියනේ හයට යනකන් පඩිපෙලේ ගියොත් හොද පන යයි....ඒත් ලිෆ්ට් එකේ යන්න බයයි..."

   කෙල්ල පඩිපෙල ලගට වෙලා තමන්ටම කියා ගත්තා......

" මිස්...ඔතන...."

        වයස අවුරුදු හතලිස් පහක විතර කෙනෙක් ඇවිත් පඩිපෙල දිහා බලන් ඉන්න කෙල්ලගෙන් ඇහුවා.....

" ම්....ම්..මට ඉන්ටව් කෝල් කරලා තිබුනා...."

" ආ එන්න මිස් යමු හයේ නේද තියෙන්නේ....."

ෂනූදි හිනාවෙලා ලිප්ට් එකට නැග්ගා.....
               
                 ෂනුදි බයෙන් බයෙන් ලිප්ට් එකෙන් එලියට ගියා....

" ගුඩ් මෝනින් මිස්..."

" ගුඩ් මෝනින්..."

" මිස් ඉන්ටව් නේද.."

" ඔව්..."

" එන්න මිස්..."

  ෂනූදි බයෙන් බයෙන් ඒ කෙල්ල පෙන්නපු දොරෙන් ඇතුලට ගියා.....

" දෙයියනේ..."
 
කෙල්ල මිමිනුවා....

වෙලාව හතයි හතලිස් පහයි....ෂනූදිට පෙන්නපු කාමරේ ඇතුලේ තව පස්දෙනෙක් විතර ඇවිත් හිටියා....
      ඒත් ඒ ඔක්කොම එක එක ඇදුන් ඇදගෙන හිටියෙ....සාරිය ඇදන් හිටියෙ ෂනූදි විතරයි......පපුව ගැහෙද්දි ෂනූදි සෝපාවට බර උනා....
එහා පැත්තේ හිටපු කෙල්ල ෂනූදි දිහා බලලා කටකොනකට හිනා වෙනවා කෙල්ල දැක්කා.....දැන්නම් ෂනූදිට නැගිටලා යන්නමයි හිතෙන්නෙ.....දෙපාරක්ම නැගිටින්න හැදුවත් කෙල්ලට නැගිටින්න බැරි උනා.....ඒත් කෙල්ලව මෙතන කොන් වෙනවා කියලා කෙල්ලට හොදටම තේරුනෙ ඇවිත් හිටපු අය ෂනූදිට එක එක ඒවා කිය කිය හිනා වෙනව කියල දැනුන වෙලාවේ.....

" සිට් සිට්....ගුඩ් මෝනින් නැගිටින්න ඕනේ නෑ...."

  ෂනූදිගේ ඇස්වලට කදුලුත් ආවා...බයටයි..ලැජ්ජාවටයි....කෙල්ල යනවමයි කියලා නැගිටින්න හදද්දිම දොරෙන් ඇතුල් උන තුන් දෙනාගෙන් ඒ කඩවස්ම් කොල්ලා ෂනූදිට කිව්වා...ෂනූදිගේ හිත ගැස්සුනා....කෙල්ල ආයේ එහෙම්මම පුටුවට වැටුනා....ඒ කඩවසම් කට කාරයා එහා පැත්තේ දොරෙනුත් ඇතුල් උනේ ෂනූදි දිහා බලාගෙනමයි කියලා කෙල්ල දැක්කේ එයත් ඒ පැත්ත බලන් හිටපු හින්ද.....
  ඉන්ටව් කරන්න පටන් ගද්දි අටයි කාලට විතර ඇති....ඔක්කොම හිටියෙ පහලවක් විතර...ඒ ඔක්කොම කෙල්ලෝ...අනික මේකප් දාලා, කොට ටයිට් ස්කට්, ටයිට් ගව්ම් ඒ ඔක්කොම ඇදන් හිටියෙ....
              ඊලගට ඉන්ටව් කරන්න තියෙන්නේ ෂනූදිව....කෙල්ල නැගිටලා ඉන්ටව් රූම් එකට ගියෙ කිසි විශ්වාසෙකින් නෙමේ.....

" ගුඩ් මොනින් මිස්...සිට්..."

" ගුඩ් මොනින් සර්..."

        එතන තුන් දෙනෙක්....අර ඇතුලට ආපු තුන් දෙනාම එතන ඉන්ටව් කරන්න ඉදගෙන හිටියා....ඉස්සරහ තිබුන පුටුවෙ කෙල්ල ඉද ගත්තෙ හිත ගැගෙන වේගෙ වැඩි වෙද්දි....ෂනූදිට බයයි එලියටත් සද්දෙ හැහෙයි කියලා....
ෂනූදිගේ කොලිෆිකේෂන්ස් ෆයිල් එක මැද හිටපු ඒ ගාම්බීර උස සුදු උඩු රැව්ල තිබුන කෙනාට දුන්නා....
            කව්රුත් කතා කරන්නෙත් නෑ.....කෙල්ල ඔලුව ඉස්සුවා...එතකොටත් අර කෙල්ලට ඒවා මේවා කියපු කොල්ලා හිනා වෙවී ඉන්නවා....

" මිස් ජොබ් එක්ස්පීරියන්ස් එකක් නෑ නේද එතකොට..."

" ඔව් සර් මේ මගෙ පලවෙනි ඉන්ටව් එක..."

    ෂනූදිගේ ෆයිල් එක එහා කෙලවරේ හිටපු ඒ කට කාරය අර ගත්තා....මූනට ලොකු බැරෑරුම් පෙනුමක් අරන් බලද්දි ෂනූදිට බයත් එක්ක....

" මේකෙ තියෙන ඇඩ්‍රස් එකේද මිස් දැන් ඉන්නෙත්...."

" ඔව් සර් ...."

    කොල්ලා ඇහුවෙ ඉන්ග්ලිස් වලින්....කෙල්ලත් උත්තර දුන්නා....

" එතකොට ඇයි මිස් ඉන්ටව් එකට සාරියක් ඇන්දේ...."

  ඒක අහද්දිනම් කෙල්ල හොදටම බය උනා...ඒත් මැද ඉදගෙන හිටපු අයිතිකාරයා කියලා හිතන්න පුලුවන් ඒ තේජවන්තයා කොල්ලා දිහා රවලා බැලුවා.....ඉබ්බා කට්ට අස්සට රින්ගනවා වාගේ කොල්ලා බිම බලා ගත්තා....කෙල්ලට හිනා යන්නත් ආවා....

" අපි කෝල් කරන්නම් මිස්..."

" තැන්කිව් සර්...."

කෙල්ල එලියට ආවා .....ගෙදර යනකම්ම කෙල්ලට මතක් උනේ ඒ කටකාරයව.....

" අනේ පුතේ ආවද...හොදටම මහන්සි පාටයි...."

" ඔව් අම්මා....ඒ ජොබ් එක ගැනනම් අදහස අත් ඇරගෙනමයි ආවේ අම්මා...."

" ඒ මොකද පුතේ...කමන්නෑ..මගෙ පුතාගේ පලවෙනි ඉන්ටව් එකනේ....අනික ඉගනගෙන නැතුවයැ..."

     දවස් සති ගෙව්ව්නේ ඉගිලෙනවා වාගේ....

  " පුතේ ඔයාට ලියුමක්..."

  " අර දාපුවගෙ ඉන්ටව් එකක්වත් වෙන්න ඇති අම්මේ...."

කෙල්ල එහෙම කිය කියම ලියුම කැඩුවා....ෂනූදිගේ මූන වෙනස් වෙනවා ඇස් ලොකු වෙනවා අම්මා බලාගෙන හිටියේ....

" ඇයි පුතේ...."

" අම්මේ PND එකෙන් වැඩ බාර ගන්න එන්නලු පලවෙනිද...."

" අනේ මගෙ කෙල්ලට වරදින්නෑ කවදාවත්... "

     ෂනූදිට ගොඩක් සතුටුයි....කෙල්ල කීවේ නැති උනාට එයාගෙ හිතේ ඒකෙ වැඩට යන්න ලොකු ආසාවක් තිබුනා....එක දවසක් හීනෙනුත් පෙව්නා......

" ඇයි මේ අම්මයි දුවයි එලියෙ...."

" අනේ අයියෙ දුවට අර ගියපු ඉන්ටව් එක පාස් වෙලා වැඩ බාරගන්න එන්න කියලා ලියුමක් එවලා..."

" ආ එහෙමද...පුතාට වරදින්නෑ....කවද්ද යන්න තියෙන්නේ..."

" පළවෙනිද මාමේ.....පලවෙනිද එන්නේ එන සදුදා නෙමේ ලබන සදුදා...."

       එදා ඉදන් කෙල්ල හැසිරුනේ ගොඩක් සතුටින්...දවස් ගෙවිලා ඒ දවසත් උදා උනා.....
            අම්මා උයපු කිරිබතුත් කාලා අම්මටත් වැදලා ෂනූදි වැඩ බාරගන්න ගියා....ලා කහපාට සාරිය ෂනූදිගේ ඇගේ පාට තවත් වැඩි කරා....රත්තරන් පාටට හුරු දිලිසෙන හමක් තියෙන...දිග කොන්ඩෙ කෙල්ලව තවත් ලස්සන කරා....

" ගුඩ් මොනින් මිස්..."

" ගුඩ් මොනින්..."

" මිස් ඔහොම්මම් සර්ගෙ කැබින් එකට යන්න.....සර් ඇවිත් ඉන්නේ..."

ෂනූදි බයෙන් බයෙන් කියපු ඒ කැබින් එකට ගියේ......ඒත් මිස්ටර් ප්‍රතාපසින්හ...එයාගෙ සේවකයන්ට තමන්ගෙම අයට වාගෙ සලකන බව තේරුනේ ටික දවසක් ගියාට පස්සේ....
         එදා ඉදන් ෂනූදිත් PND පවුලෙම කෙනෙක් උනා.......කෙල්ලට ඒ පොස්ට් එක හම්බුනෙ කලින් හිටපු කෙනාට ඊටවඩා උසස් පොස්ට් එකක් හම්බුන හින්ද......ෂනූදිට තිබුනෙ එකව්න්ටන් පැත්ත.....එක්වුන්ටන් හදන රිපෝට් එක ආපහු එයා අතින් චෙක් වෙලා තමා බොස් ලගට යන්නේ.......

" ආ කැලෑ මල ගුඩ් මෝනින්...."

" ගුඩ් මෝර්නින් සර්...."

           ඒ තමා PND Construction එකේ එකම උරුමක් කාරයා...රොෂේන්..කෙල්ලව හැමදාම විහිලුවට ගන්න එක එයාගෙ විනෝදාන්සෙ වෙලා.....

  දවල්ට කන්න ගියාම අනිවාරෙන් ෂනූදිගේ කෑම එකෙන් කටක් හරි කන්න රොෂේන් ඔෆිස් එකේ හිටියොත් අමතක කරන්නෑ.....එච්චරකට නිහතමානී කීවොත් හරි.....

" මට බත් කටක් කවනවකෝ...."

කෙල්ලට ලැජ්ජත් එක්ක...ඒත් බෑ කියන්නත් බෑ....කෙල්ල කටක් කැව්වා....

" ආ...."

කොල්ලත් බත් කටක් අනලා කෙල්ලගෙ කටට ලන් කරා....ෂනූදි බයත් උනා...පපුවත් ගැහෙනවා...කොල්ලා බලාගෙන් ඉන්නෙත් ඇස් දෙක දිහාමයි....කෙල්ල ඉක්මනට බත් කට කෑවා.......
ඒ විදියට අවසානෙට බලද්දි බත් එකෙන් බාගයක්ම කෙල්ල කොල්ලට කවලා......

" මොකද්ද රනවීර අංකල් ....."

" මිස් දැන් ගොඩක් ඒවා ඉගෙන ගත්තනේ....මිස් දැන් මේ බිල් එක චෙක් කරන්න....අද ඉන්නෙත් පොඩි බේබි.... "

" අනේ අංකල් ඒත් මට බයයි .."

" එහෙම කියලා බෑනෙ මිස් ඕක බලන්න්කො චුට්ටක්...."

ඒ රනවීර....ෂනූදි එන්න කලින් ඒ පෝස්ට් එකේ හිටියෙ රනවීර....දැන් කෙල්ල ඇවිත් මාස තුනක් විතර ට්‍රේනින් උනා........
                   ෂනූදි බිල් එක චෙක් කරද්දි කෝල් එකක් ආවා...

" හෙලෝ...."

" බිල් එක චෙක් කරලා ඉවරනම් ඉක්මනට අරන් එන්න...."

කෙල්ල හා කියන්නත් කලින් කෝල් එක කට් උනා.....වෙලාවට හදලා ඉවර උනා විතරයි......එකව්‍න්ටන්ගෙයි ෂනූදිගේ බිල් එකෙයි ලක්ෂ 15 විතර වෙනසක්....ෂනූදිටත් පුදුම හිතුනා......වැරදිලාද කියලා ආයෙත් කෙල්ල බිල් එක චෙක් කරා....ඉක්මනට දිව්වා සර්ගෙ කැබින් එකට.......

  " කාගෙ අතින්ද මේක චෙක් වෙලා තිබුනේ....."

" මිස් සැන්‍ඩ්‍රා සර්..."
                   කෙල්ල එහෙම කියලා ඒ එකවුන්ටන්ගෙ අත්සනට අත තියලා පෙන්නුවා.....

" මෙච්චර වෙනසක් උනේ කොහොමද......"

" මිස් සැන්ඩ්‍රාට වැරදිලා වෙන්න ඇති සර්..."

                 ෂනූදි බිම බලන් උත්තර දුන්නා....රොෂේන් වෙනදා වාගේ නෑ කියලා කෙල්ලට තේරුනා....ඔෆිස් ආවෙත් දවස් ගානකට පස්සේ.....
               කෙල්ල එහෙම ඉද්දි මිස් සැන්‍ඩ්‍රාට කෝල කරලා එන්න කීවා....ෂනූදිට බයයි...කොල්ලා යකා වාගෙ අද....

" සර් ඔය මම තනියම හදපු පලවෙනි බිල් එක....සර් බලන්න ටිකක්....මිස් සැන්‍ඩ්‍රාට මොනාත් කියන්න කලින් ආපහු සර් බිල් එක බලලා ඉන්නවද... "

" ඒක මගෙ වැඩක්...අනික තමුන්ව මේකෙ වැඩට ගත්තේ ඒකටනේ....මම ඒක සැන්‍ඩ්‍රා එක්ක බලා ගන්නම්...තමුන්ට යන්න පුලුවන්... "

                     කවදාවත් ෂනූදිට මෙහෙමෙ කතා කරලා නෑ....රොෂේන් එහෙම තරහ ගන්න කෙනෙක් නෙමේ....ෂනූදිටත් පුදුමයි....කදුලු පේලි දෙකක් කඩා වැටෙද්දි කෙල්ල කැබින් එකෙන් එලියට ආවා....
      එදා ඉදන් කැබින් එකේ ඉන්නේ රොෂේන් නම් කෙල්ල කිසි වැඩකට කැබින් එකට ගියෙ නෑ......
    එක දවසක් උදේක මිස්ටර් ප්‍රතාපසින්හ ඔෆිස් එකට ආපු වෙලාවක ෂනූදි බිල් හයක් විතර එකතු උන ෆයිල් එක අරන් දිව්වේ අදත් මිස්ටර් ප්‍රතාපසින්හ කලින් යයි කියලා...එහෙම උනොත් අදත් අත්සන් ගන්න වෙන් නෑ....දැන් දවස් තුනකින් විතර මිස්ටර් ප්‍රතාපසින්හ ඔෆිස් ආවෙ නෑ...හිටියෙ කොල්ලා රොෂේන් .....රොෂේන් ඉද්දි කෙල්ල කැබින් එකට යන් නෑ......

" ගුඩ් මෝනින් සර් ....."

කෙල්ල එහෙම කියන ගමන් බිල් හයක් විතර තියෙන ෆයිල් එක මේසෙ උඩින් තිබ්බා.....

" ගුඩ් මෝනින් ෂනූදි ....මම දැන් යනවා.....පුතා බලලා සයින් කරයි එයාට දෙන්න ....."

ප්‍රතාපසින්හ එහෙම කියාගෙන කැබින් එකෙන් එලියට ගියේ කෙල්ල කැබින් එක ඇතුලේ ඉද්දිමයි......

" ඇයි මෙච්චර බිල් එකතු වෙලා...මේ දවස් ටිකේම මම හිටියනේ ඔෆිස් එකේ....."

   කෙල්ල ඔලුවවත් උස්සන් නෑ....රොෂේන්ගෙ ඇස් දෙකෙන් ගිනි විසික් වෙනවා වාගේ.....
                 ගොඩක් හොදට ඔෆිස් එකේ අයත් එක්ක යාලුවෝ වාගෙ හිටපු රොෂේන්ට මොකද උනේ කියලා කාටවත් හිතා ගන්න බෑ
....ඒත් එ ඔක්කොටම වඩා චූටි දේකිනුත් ෂනූදිට රොෂේන් ගොඩක් නපුරු වෙලා....පොඩි දේටත් කෑ ගහන්න අරන්....

" මම දෙයක් එහුවා...එහුනෙ නැද්ද...."

ඔලුවවත් උස්සන් නැතිව බිම බලන් ඉන්න කෙල්ලගෙන් එහුවෙ යකෙක් වාගෙ.....

" සොරි සර්..."

ආයෙත් මුකුත් කියන්න කලින් ෂනූදි කැබින් එකෙන් එලියට ආවෙ රොෂේන් ගින්දර පිට වෙන ඇස් දෙකෙන් බලන් ඉද්දී.......
                 රොෂේන්ගෙ කැබින් එකෙන් වාවගෙන ආපු කදුලු ෂනූදිගෙ කැබින් එකෙන් දියවෙලා වැක්කෙරෙන්න ගත්තා.........
                   දැන් ටික දවසක ඉදන් රොෂේන්ගෙ මේ වෙනස හැමෝම දැක්කා.....ෂනූදිගේ කෑම එකෙන් පවා කාපු රොෂේන් දැන් කෙල්ල දිහා නිකන් බලන්නෙත් ගිනි විසික් වෙන ඇස් වලින්.............කෙල්ල ගෙදර ගියත් කල්පනා කරේ ඒක....ගොඩක් වෙලාවට හිතෙන්නෙ ඔෆිස් එකෙන් අයින් වෙන්න...ඒත් ෂනූදි තාමත් ඉක්මන් තීරනයක් ගන් නැතිව ඉවසනවා.....
            ඉස්සර ඔෆිස් එකට කොච්චර ආසවෙන්ද ආවෙ කියල කෙල්ලට මතක් වෙනවා...දැන්නම් එන්නෙ කරන්න දෙයක් නැති හින්ද ......
              ෂනූදිගේ කල්පනාව බිදුනෙ එහා පැත්තෙ තිබුන ෆෝන් එක රින්ස් උන හින්ද...

"  MS ප්‍රොජෙට් එකේ හාඩ්වෙයාර් වල බිල් ඔක්කොම ක්ලොස් කරා නේද අපි....."
          
              හෙලෝවත් කියන් නැතිව එහා පැත්තෙන් එහෙම් කියවගෙන කියවගෙන ගියා....ෂනූදිට හිතා ගන්න බෑ මොනාද උනේ කියලා...අනික ඒක ෂනූදිගෙන් අහන්න ඕනේ දෙයක් නෙමේ....ඒක රනවීර අංකල්ගෙ ජොබ් එක.....රනවීර අංකල් ඒවා එක දවසක්වත් පහු කරන්නෑ කියලත් දන්නවා.....තප්පර ගානක් කෙල්ල කල්පනා කරේ මොකද කියන්නේ කියලා....

" සර්... රනවීර අංකල්ගෙන් තමා අහන්න වෙන්නේ...."

" අද රනවීර නෑ....ඒ ෆයිල් එක හොයලා මට ගෙනත් දෙන්න...."

            ෂනූදි හා කියන්නත් කලින් ෆෝන් එක කට් උනා....අනික ක්ලෝස් කරපු ෆයිල් එකකින් වැඩක් නෑ කියලා කෙල්ල දන්නවා.....

" මොන කෙහෙල්මලක්ද මන්ද...."

              ෂනූදි එයාටම මුමුනන ගමන් එලියට ගියේ ඒක හොයන්න.....ඒත් කෙතරම් හෙව්වත් ඒක හොයා ගන්න බැරි උනා....ඒ හින්දම ෂනූදි රනවීරට කෝල් කරා.....

" හෙලෝ අංකල් මම ෂනූදි ....."

" ඇයි මිස් හදිස්සියක්ද... "

" අනේ අංකල් අර MS ප්‍රොජෙක්ට් එකේ ෆයිල් එක කොහෙද.....රොෂේන් සර් ඉල්ලනවා...හැමතැනම බැලුවා....ඒක නෑ එකයි අංකල්ට ගත්තේ...."

  "  අනේ......මිස් මම ඒක රොෂේන් සර්ටමනෙ දුන්නේ....මම හිතන්නෙ සර් අත්සනුත් කරා....ලොකු සර් මේ දවස් වල ලංකාවෙ නැති හින්ද රොෂේන් සර්ටමයි දුන්නෙත් ඒක....මිස් පොඩ්ඩක් සර්ගෙන් අහන්න මම කීවා කියලා....."

" අංකල් ෆයිල් එක මොන පාටද...."

" නිල් පාට එකක් මිස්...."

" හා මම බලන්නම් අංකල්...."

       ෂනූදි ෆෝන් එක තිබ්බා....ඒත් දැන් කොහොමද අංකල් කියපු විදියට මම ගිහින්. අහන්නේ....බැනුන් අහන්න වෙයි.....කෙල්ල හිත හිතාම ඕනේ දෙයක් කියලා කැබින් එකට ගියා......
            ඇතුල් වෙද්දිම දැක්කේ කකුලක් පිට කකුලක් දාගෙන පෑනෙන් මේසෙට ගගහා දොර දිහා බලන් ඉන්න රොෂේන්ව.....

" සර්.... රනවීර අංකල් සර්ට ෆයිල් එක දුන්නා කීවා..."
                       බයේ බයේ ගොත ගගහා කෙල්ල එහෙම කීවෙ බොහොම අමාරුවෙන්..........

" මට දුන්න නම් කියනවද හොයලා දෙන්න කියලා...."
                       ඒ හිටපු විදියටම කැරකි කැරකි සැරෙන් වාගෙ ඇහුවෙ කෙල්ලගෙ ඇස් දිහා බලාගෙමයි....කෙල්ලට විදුලි කෙටුවා වාගේ.....කියන්න දේකුත් නෑ....

" සර් ටේබල් එක උඩ තියෙන ෆයිල් ගොඩේ මම ටිකක් බලන්නද....."

" තමුසෙට කීවා නේද එක පාරක් දැන් මෙතන තියෙනවා නම් මම දැන ගන්න ඕනෙනේ......."

               කෙල්ල බිම බලා ගත්තේ මොනා කීවත් බැනුම් අහන්න හිතා ගෙනමයි...ෂනූදි මුකුත්ම කියන් නැතිව වැටන කදුලු ඔහේ වැටෙන්න දුන්නා.....

" හ්ම්ම්ම් බලනවා මෙතන...."

  ජම්බු ගෙඩිය වාගෙ රතු උන මූන බිමට හරවගෙන ඇවිත් එතන තිබුන ෆයිල් ගොඩ ඇවිස්සුවා......නිල් පාට මැදට වෙන්න තිබුනු ෆයිල් එක කෙල්ල බැලුවෙ සැකේට....ඔව් ඒක තමා....ෆයිල් එකෙ සුදු පාටින් MS Project කියලා ගහලා තිබුනා....

" සර් ෆයිල් එක...."
  
ෂනූදි ඒක ආපහු අරන් මේසෙ උඩින් තිබ්බා....ඇස් දෙකේ හිරවෙලා වාගේ තිබුන කදුලු බින්දු දෙකත් ඇවිත් මේසෙ උඩට වැටුනා....ෆයිල් එක දුන්න ෂනූදි වචනයක්වත් කියන් නැතිව..... කියන්නත් කලින් කැබින් එකෙන් එලියට ආවා........
              ඇඩෙනවා...ගොඩක් අමාරුවෙන් කදුලු නවත්ත ගත්තේ......ෂනූදිට ආපු බිල් එකක් හදන්න ගත්තේ පරක්කු උනොත් ඒකටත් බැනුම් අහන්න වෙයි කියලා......

" ෂනූදි යමන්කො බන් කාල ඉන්න...දැන් දෙකයි....ඔයා එයි එයි කියල බලලා ආපු නැති හින්දා මම ආවේ...."

" දැන් මේක හදලා ඉවර උනේ දිලිනි...ඉන්න මේක දීලා එන්නම්...."

" අනේ මේ ඕක කාලා ඇවිත් අරන් යමන්...වෙලාව කීයද...කෑමත් නරක් වෙලා ඇති...."

          දිලිනිගෙ බල කිරීම හින්දම ෂනූදි කන්න ගියා......කෙල්ල කාල කාමරේට ඇතුල් වෙද්දිම ෆෝන් එක රින්ස් යනවා.....කෙල්ල අත පිහ පිහ ඇවිත් ෆෝන් එක ආන්සර් කරා.....

" SLB එකව්න්ට්ස් චෙක් කරලා ඉවරද....."

" ඔව් සර්...."

" චෙක් කරලා ඉවරනම් ඔතන තියන් ඉන්නේ ඉක්මනට අරන් එනවා....."

        ෆෝන් එක කට් උනා.....කාපුවා පිච්චුනා....උදේ එක පාරක් හොදටම බැනුම් ඇහුවෙ කිසිම වැරැද්දකට නෙමේ .......දැනුත් බැන්නොත්නම් තීරනයක් ගනවා.....කෙල්ල එහෙම හිත හිත ඇතුලට ගියා....

" ඕක චෙක් කරානම් තියන් ඉන්නේ මොන කෙහෙල් මලකටද.....අරන් එන්න දන් නැද්ද...."

  " දැන් ටිකකට කලින් හදලා ඉවර උනේ සර්....කන්න ගියා....."

" වෙලාවට වැඩ කරන්න බැරිනම් අයින් වෙලා යනවා...."

     ඒක කීවට පස්සෙනම් ආයෙ කෙල්ලට එතන එක තත්පරයක්වත් ඉන්න බැරි උනා....හයියෙන්ම ඉකිය පිට වෙද්දි කෙල්ල කැබින් එකේන් එලියට ගියා.......
             එයාගෙ කැබින් එකට ගිහින් මේසෙ ඔලුව තියන් හොදටම ඇඩුවා....ආයෙ අඩන්න තරම්වත් පනක් නැති තරම්....

" ෂනූදි මොක්ද මේ...."

       දිලිනි කැබින් එකට ආවා.....ඇතුල් වෙද්දිම දිලිනිට එහුනා ෂනූදි ඉකි ගහ ගහා අඩනවා......ෂනූදි අඩ අඩ ඔක්කොම කීවා දිලිනිට.....කෙල්ලගෙ ඔලුව අත ග ගා දිලිනිත් ඔක්කොම අහගෙන හිටියා......

" ෂනූදි මම දෙයක් කියන්නම්...තරහ වෙන්න එපා බන්...."

" මොකද්ද...."

" රොෂේන් සර් මැරි කරන්න හිටපු ගර්ල් ඔයා වාගේ......"

        ෂනූදි බයවෙලා වාගේ ඔලුව ඉස්සුවෙ එතකොට......

" ඔව් ෂනූදි ඔයා ඉන්ටව් ආව දවසෙ නිෂානි රැවටිලත් එක්ක....ඒත් ඒ කෙල්ල වෙන බෝයි කෙනෙක් ඉදලා සර්ගෙ අතටම අහු වෙලා....අර පහුගිය දවස් ටිකේ සර් ආවේ නැත්තෙත් ඒ හින්දලු....."

" ඉතින් ඒවට පලි අපිද දිලිනි....අනික මාව මරන් කන් නැති ටික විතරනේ.....ඔයා කියන්නේ ඒ ගර්ල් මම වාගෙ හින්ද මගෙන් පලි ගත්තාම හරිද දිලිනි.....එයා කරන්නේ ඒකනේ....මම ආයේ එන් නෑ ඔෆිස්....."

ඒ කෙල්ලගෙ අවසන් තීරනේ විය.....එදා කෙල්ල ගෙදර ගියේ හෙට රිසයින් ලෙටර් එක ගෙනත් බාර දෙනවා කියලා හිතන්.....

  " හෙලෝ ගුඩ් මෝනින් දිලිනි....තාම ෂනූදි ඔෆිස් ආවෙ නැද්ද....."

" ගුඩ් මෝනින් ....නෑ සර් තාම...."

       දිලිනි කෝල් ගත්තත් ෂනූදිගේ ෆෝන් වැඩ නෑ....දිලිනිට බයයි ආයේ කෙල්ල එන් නැතිවෙයි කියලා...වෙලාව දහයත් පහුවෙලා.....කවදාවත් එහෙම පරක්කු වෙන කෙනෙක් නෙමේ ෂනූදි .......

" එක්ස්කිව්ස් මී සර්....."

         රොෂේන්ව ගැස්සුනා..... පුටුවෙ ඉදන් උඩ බලන් කල්පනාවක හිටපු කොල්ලව යතා තත්වෙට ආවෙ ඒ හඩත් එක්ක......කොල්ලා බලන් හිටියෙ අද කෙල්ලගෙ ලස්සන දිහා....ඇස් අහකට ගන්න හිතුනෙත් නෑ කොල්ලට.....

" ඇයි එන්න පරක්කු උනේ....ඔය ඔෆිස් එන වෙලාවක්ද......"

" සොරි සර්...ඒත් මම අද ආවේ වැඩ කරන්න නෙමේ...."

" මොකක්...."

" ඔව් සර් මේ මගෙ රිසයින් ලෙටර් එක......"

එහෙම දෙයක් කියන්නවත් කෙල්ලට ශක්තියක් තිබුන එක ගැන කෙල්ලටම පුදුමයි........

" වට්.....මම නෙමේනේ ඔයාව ගත්තේ තාත්තිනේ...මට ඕක බාර ගන්න බෑ......තාත්ති ආපු දවසට එයාට දෙන්න....."

කෙල්ල එක එල්ලෙම කොල්ලා දිහා බලන් හිටියා....රොෂේන් ගොඩක් බය උනා කි‍යල එයාගේ මූනෙන් පෙනුනා....ෂනූදිගේ ඇස් දෙකේ කදුලු පිරෙද්දී කෙල්ල කැබින් එකෙන් එලියට ආවා........
               ෂනූදිට ඉතුරු වෙලා තිබුනේ අඩ අඩ හරි වැඩ කරන එක විතරයි.......එයාගෙ කැබින් එකට ගියත් වැඩක් කරන්න තරම් නිදහස් හිතක් නෑ...කරේ මේසේ ඔලුව ගහන් අඩපු එක......
              ෂනූදි ඔලුව ඉස්සුවෙ එයාගෙ ඔලුව අත ගානවා දැනිලා.....

" ෂනූදි.......සොරි කෙල්ලෙ...මම මහ කාලකන්නියෙක්....අඩන්න එපා....මම හින්ද ඔෆිස් එක දාලා යන්නත් එපා....."

         කොල්ලා ඔලුව අත ග ගාම කෙල්ලට එහෙම කීවා....ෂනූදිට හිතා ගන්න බැරිව මොනාද වෙන්න කියලා රොෂේන්ගෙ මූන දිහාම බලන් හිටියා......රොෂේන්ගෙ ඇස් දෙකෙන් එලියට පැනපු කදුලු බිංදු දෙක රූටලා ඇවිත් කෙල්ලගේ මූනට වැටුනා.......ෂනූදි මොනාත් කියන්න කලින් රොෂේන් කැබින් එකෙන් එලියට ගියා......
             ෂනූදි ගොඩක් කල්පනා කරා....කෙල්ල දැන් හොදටම තේරෙනවා රොෂේන් ඉන්නේ ලොකු ප්‍රශ්නෙක කියලා....ඒත් ඒකට පලි මමද.....කෙල්ල තනියම කල්පනා කරනවා.......

" හෙලෝ ෂනූදි චුට්ටක් මගෙ කැබින් එකට එන්න...."

" ඕකේ සර්...."

        ෂනූදිට පුදුමත් එක්ක....නිව්නු කටහඩකින් අද කොල්ලා කතා කරේ.....ඉස්සර වාගේ....ෂනූදි සාරි පොටත් හද හද කැබින් එකට ගියා....

" සර්......"

" සොරි ෂනූදි ......ගොඩක් සොරි ......"

කෙල්ල හිනා උනා විතරයි.....තාම උදේ අඩපු ලකුනු මූනේ තිබුනා...කෙල්ලගෙ මූන ඉදිමිලා වාගේ තිබුනේ........

" හෙට අපේ ගෙදර පොඩි පාටියක් තියෙනවා රෑ.....ඔයා එනවා නේද....ඔෆිස් එකේ හැමෝමත් එනවා....."

" අනේ සර් රෑ නම් බැරිවෙයි....අම්මයි මල්ලී විතරනේ ගෙදර...අනික රෑ මම....."

කෙලලට කියන්න හම්බුනෙ එච්චරයි........

" හෙට හවස හත වෙද්දි මම වාහනේ එවනවා...ලෑස්‍ති වෙලා ඉන්නවා.....දැන් යන්න පුලුවන්....."

ආයේ මුකුත් කියන්න කලින් කෙල්ල එලියට ආවා.....

" ෂනූදි ඔයා හෙට එනවා නේද සර්ගෙ පාටියට....හෙට සර්ගෙ බර්ත්ඩේ එක...."

" බලමු දිලිනි.....රෑනේ අනික...බලමුකෝ..මම යනවා දිලිනි...."

      එදා ඉරිදා.....ඔවුන්ගෙ නිමඩු දවස.......

" අම්මා අද හවස සර්ගෙ ගෙදර පාටියක් තියෙනවා.....ඒත් රෑ වෙයි අම්මේ.....මම යන් නැතිව ඉන්නම්...."

" එපා මැනිකෙ ඉස්සරලම ඔෆිස් එකේ ඔයාට කියපු පාටියනේ ඔයා යන්න මැනික මාමාට කියලා ගිහින් දා ගන්න... "

" නෑ වාහනේ එනවා අම්මේ.....

  අම්මගෙ අකමැත්තකුත් නැති නිසා කෙල්ල කලු සාරියෙ සිල්ව ගල් අල්ලපු සාරිය ඇන්ද....උපන්දිනේට කෙල්ලට ඒක හම්බුනේ....කෙල්ල ඒ සාරියට ගොඩක් ආස කරා.....පොට අතට කඩා දාලා සාරිය ඇදලා ඒකට ගත්ත ජුවලරි ටිකත් දාලා.....කොන්ඩෙ පිට දිගේ කඩලා දැම්මා.... පොඩි මේකප් එකකුත් දා ගත්තා .....එතකොටම වාහනයක් ඇවිත් හෝන් කරා.....

" මම යන්නම් අම්මා....පරිස්සමින් ඉන්න....පොඩ්ඩො ඉස්කෝලෙ වැඩ කරන්න....අම්මව බලා ගන්න මල්ලි ...."

කෙල්ල පාත්වෙලා අම්මට වැදලා මල්ලිගෙ ඔලුවත් සිප ගත්තා.....
                   අද කෙල්ල ගොඩක් ලස්සනයි කියලා අම්මටත් හිතුනා...ඇස් වලට කදුලු ආවේ ඒ දුව ගැන ආඩම්බරේට....
               
" යමු අංකල්....."

" යමු මිස්....අනේ අද මිස්ගෙ ලස්සන...."

" තැන්කිව් අංකල්....."

" හෙලෝ දිලිනි ඔයා කොහෙද......"

      කෙල්ල කාර් එකට නැගලා දිලිනට කෝල් එකක් ගත්තා....

" මම යන ගමන් ෂනූදි .....ඔයා කොහෙද...."

" මාත් එන ගමන් දිලිනි ....අනේ මම එනකන් ඔයා වාහනේට වෙලා ඉන්න දිලිනි ...."

" හරි ඔයා එන්නකො කෙල්ලේ...."

                ඒත් එක්කම ෂනූදි ගිය කාර් එක වේගෙන් ආපු කාර් එකක් හරස් කර නැවැත්තුවා..... කාර් එකේ නොවැදි බේරෙන්න ගහපු බ්‍රේක් පාරට කෙල්ලගෙ ඔලුව ඉස්සරහ සීට් එකෙ වැදුනා....ෂනූදි ගොඩක් බය උනා.....

" අංකල් බහින්න එපා ඔහොම ඉන්න...."

" චුට්ටක් ඉන්නකො මිස්...."

කෙල්ල බයේ ගැහෙනවා....මොනාද වෙන්නේ කියලා හිතා ගන්න බෑ.....ඒත් ආපහු කාර් එකට නැගපු රුව දැක්කාම කෙල්ල තවත් බය උනා....

" සර්...."

            ෂනූදි මිමිනුවා.....ඉතා වේගෙන් ඉදිරියට ගිය වාහනේ එක තැනකදි නතර උනා....රොෂේන් කාර් එකෙන් බැස්සා.....

" බැහැලා ඉසසරහට එන්න...."

            එහා පැත්තෙන් පිටිපස්සෙ දොර ලගට ආපු කොල්ලා දොර ඇරලා ෂනූදිට කීවා.......
                        කොල්ලගෙ මූන දිහා බලන් හිටපු කෙල්ල බැහැලා ඉස්සරහට ගොඩ උනා.......ආයෙත් වාහනේ ඉගිල්ලුනා.....
                   දෙන්නට දෙන්නා කතාවක්වත් නැතිව ඔහේ ගියා....ෂනූදිගේ නම් හදවත ගැහෙන සද්දෙ එලියටත් ඇහෙන තරම්.......වෙන්න මොනාද කියලා හිතා ගන්න බැරිව කෙල්ල අහක බලන් හිටියේ.......
                          තවත් ටික දුරක් ගිය කාර් එක නතර උනේ ලයිට් එලියක්වත් නැති පාලු පාරක.....දැන්නම් කෙල්ලට හොදටම බය හිතුනා......බයවෙලා වාගෙ රොෂේන් දිහා බලපු කෙල්ල කලුවරේ උනත් දැක්කා කොල්ලා එයා දිහා බලන් ඉන්නවා කියලා...අඩ අදුරෙ උනත් දෙන්නගෙ නෙත් තත්පර ගානක් එකට ගැටිලා තිබුනා.....
 
" මම මෙච්චර දේවල් කරලත් තමුසෙට තේරෙන් නැද්ද මගෙ ආදරේ....."

        ෂනූදි දිහා බලන් හිටපු කොල්ලා කෙල්ලව හයියෙන් ඇදලා අරන් පපුවට තුරුල් කර ගත්තා....ෂනූදි කියන්න දෙයක් නැතිව...වෙන්නේ මොනාද කියලා හිතා ගන්න බැරිව කොල්ලගෙ අත් දෙකට හිරවෙලා එහෙම්මම හිටියා.....

" ඔව් ෂනූදි ....මගෙ ආදරේ තේරෙන් නැති වෙද්දි මම ඔයාට නපුරු උනා.....අවසානේ මම කලින් ගර්ල් ඔයා වාගෙ කියලා බොරුවක් හදලා දිලිනිට කියලා ඔයාට කියෙව්වා.....ඒ වෙලාවෙ ඔයාගෙ මූන වෙනස් උන හැටි.... ඔයා අඩපු හැටි....අවසානෙට ඔයා ඒ හින්ද නේද අයින් වෙන්න තීරනේ කරේ....ආ මගෙ බැනුන් අහපු හින්දා නෙමේ නේද....ඇයි ඔය හිතේ තියෙන ආදරේ මට දෙන් නැත්තේ මගෙ මැනිකේ...."

            ෂනූදිට කියන්නට දෙයක් නැත....කොල්ල කියූ අයුරින් තව ඇත්තේ හිතේ තියෙන ආදරේ එලියට දැමීම පමනි......කදුලු පේලි කම්මුල් දිගේ වැක්කෙරෙද්දි කෙල්ල කරේ රොෂේන් බදාගෙන අඩපු එක පමනි.....නිකටින් කෙල්ලගෙ ඔලුව උස්සපු රොෂේන් දෙන්නගෙම කුලුදුල් හාදුව දෙතොල් වල පතිත කරා........

" අදින් පස්සෙ මේ ඇස් වල කදුලු උනන්නවත් තහනම්...හ්ම්ම්ම්ම් තේරුනාද....ගොඩක් ආදරෙයි මැනික....."

" ආදරෙයි මගෙ සර්...."

          කාර් එක ඉගිලුනා...ෂනූදිට කොල්ලගෙ මූන බලන්නත් ලැජ්ජයි වාගේ....ඒත් හොරෙන් හොරෙන් කොල්ල දිහා බලන කෙල්ලගෙ අත කොල්ලා හයියෙන් හැපුවා.....

" ආයි...තියෙන මනමාල කම......"

      හොටෙල් එකකට සමාන තට්ටු දෙකේ ගෙයක් ලග කා එක නතර උනා....

" බහින්න සුදු....."

     කෙතරම් ආදරේ කරත් කෙල්ලට දැන්නම් ගොඩක් බයයි...මේ කරන්නේ තමන්ගෙ තාත්තා වාගේ ඉන්න සර්ට ලොකු වැරැද්දක් කියලා හිතිලා ආයෙත් කදුලු අලුත් උනා.......

" මේ මොකද....මම කීවා නේද කදුලු බෑ කියලා...."

" සර්....සර් යන්න මම එන්නම්...."

" පන්ඩිත නැතිව බහිනවද ආච්චි...."

       කෙල්ලගෙ අත ගත්ත කොල්ලා ඒ මාලිගාව ඇතුලට එක්ක ගියෙ කසාද බැද ගෙදර යන අලුත් කපල් එකක් වාගේ...ඒත් ගොඩ දාපු මාලුවෙක් වාගෙ කෙල්ල ගැහෙනවා කියලා කොල්ලට තේරුනා....
                ෂනූදි ආයෙත් කලබල උනේ ප්‍රතාපසින්හ සර් එක්ක ඉන්න තමන්ගෙ අම්මයි මල්ලී දැක්කාම....ප්‍රතාපසින්හ සර්ට එහා පැත්තෙන් එයගෙ නෝනත් හිටියා....ඉස්සරහට යන්න ගියපු කෙල්ලගෙ කකුල් එහෙම්මන නතර උනා.......බයවෙලා වාගේ කොල්ලා දිහා බලපු කෙල්ල දැක්කෙ ජයක්ග්‍රාහී හිනාවෙන් කෙල්ල දිහා බලන් ඉන්න කොල්ලව.......සියල්ල පැහැදිලිය....යලි අසන්නට දෙයක් නැත........කෙල්ලගෙ අවසන් කදුලු පේති දෙකත් ඇස් දෙකෙන් ගිලි හෙද්දී කෙල්ල කොල්ලගෙ පපුවට තුරුල් උනා.... . 

             🌷🌷 නිමි 🌷🌷

ලියන්නේ :- ජනූ......
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment