යන්න අවසරයි

#යන්න අවසරයි
(කෙටි කතාවකි)

" මං කවදාවත් කාටවත් ආදරේ කරලා නෑ අයියේ..
මට බයයි ඔයා මාව රවටිටයි කියලා..

නෑ නංගි මම දුක් වින්ද කොල්ලෙක්..
කවදාවත් මම වින්ද දුක ඔයා⁣ට දෙන් නෑ..

අනේ මන්දා ගිහාන් අයියේ මගේ ඔයාට අකමැත්තක් නෑ..
ප්ලිස් මාව රවට්ටන්න නම් එපා..

මම කවදාවත් එහෙම කරන් නෑ ලමයෝ..
මාව ව්ශ්වාස කරන්න.."

............

" ඇයි බං ඇත්තටම හිරැ උඹව දාල ගියේ..

අනේ මන්දා බං මට තාම හිතා ගන්න බෑ...මම හිතුවේ නෑ බං මං නටාශ එක්ක චැට් කරාට ඒකි එහෙම අවුල් යයි කියලා..

ඉතින් දැන් මොකද වෙන්නේ..

අනේ මංදා මංජුවා මට නම් හිතා ගන්න බෑ මොනවා කරන්නද කියලා..

අවුලක් නෑ බං අවුලක් ගන්න එපා..
ඕවා ඔහොම තමා.
වරෙන් අද බොමු..

බෑ බං මුඩ් එකක් නෑ..

හම් දැන් ඔය දාගෙන කොටන්නේ කාටද උඹ ගිහානයෝ..
හිරැද..

නෑ බං මේ අලුත් කෙල්ලෙක්..
මනිශා කියලා..
ඒකි හරි හොදයි බං..
අද මට සෙට් උනා ඒකි.
අරිකගෙන් කාපු බුට් එක අමතක වෙන්නත් එක්ක මේක කරනවා බං..

අනේ යකෝ...
උඹට එකක් නැත්තම් එකක් දෙනව නේද දෙයියෝ..

එහෙම තමා බං අපි කියන සුරංගනා කතා වලට මුන් රැවටෙනවටනේ..

ඉතින් උඹ ඕක සිරාද කරන්නේ..

ඒකිට සිරා කියලා කියනවා බං..
ඒ උනාට මම මේක කරන්⁣නේ හිරැව අමතක කරන්න විතරයි බං..
මට හිරැ නැතුව වෙන කෙල්ලෙක් ඕනේ නෑ බං..
.....

" සුදු අයියේ..

කියන්න නංගි.

ඔයා මං වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ..

හම් මොකද්ද..

අපි දෙන්නා දැන් යාලු වෙලා මාස තුනක්..
දැන් ඔයා බොන එක නවත්තන්න ඕනේ..

හම් බලමු..

බලමු නෙමේ..
මාව වටින් නැද්ද ඔයාට...
ප්ලිස් ඔය දහ ජරාව බොන එක නවත්තන්නකෝ රත්තරන්...

හම් හරි මං නවත්තන්නම්..

හොද පැටියා.."

........

" කෙල්ලේ ..

මොකෝ බං මේ මහ රැ මාව මතක් වෙලා..

නෑ බං අද වෙලාසනම අයිවට නින්ද ගිහින්..

ඉතින් මොකෝ මාව මතක් උනේ..

අනේ නෑ බං ඉතින් උඹට මැසේජ් එකක්වත් දාන්න බැරි උනානේ..

අනේ මනිශා උඹට අයියෙක් හම්බුනා විතරයි අපිව අමතකව වෙලා නේද..

එහෙම නෑ බං.."

..........

" කාලෙකින් ගිහානය සෙට් උනේ අපි ආ..

ඔව් බං අරකි බර බරේ දානවනේ බං බොනවට..
අදත් මං නිදි කියලා ආවේ..

ඒකි බර බරේ දැන්මට උඹ නොබි ඉන්නවද බං..
අපි අපේ සැප ගන්නවනේ..
දෙය්යෝ..

එකෙන්ම..
එ්කි හිතන් ඉන්නේ මම බොන් නෑ ඒකි කියන දේ අහනවා කියලා..
බංබුව තමා..
මගේ හිරැ නැතුව ඒකි මට කව්ද බං..

උඹ ඕක දිගටම අදිනවද බං..

පිස්සුද යකෝ..
ඒකි හිතන් ඇති මං සිරා කියලා..
තව දෙපාරක් විතර ඇදලා ඒක නවත්තලා දානවා බං..

මට එ්කිගේ රෙද්දේ ආදරෙන් වැඩක් නෑ.."

........

" කි පාරක් කියන්නද තමුසේව මට එපා..
මට කොල් කර කර වද දෙන්න එපා..
සිංහල තේරෙනවනේ..

අනේ සුදු අයියේ මං ඔයා නැතුව ඉන්නේ කොහොමද..
මං ඔයා කියන ඕනේස විදිහකට ඉන්නම්..
මාව දාලා යන්න එපා..

මේ අහනවා ඔයාගේම හොදට කියන්නේ..
මාත් එක්ක හිටියොත් ඔයාට දුක විතරයි..
ඔයාගෙම හොදට මාව අමතක කරල දානවා.
ඔයාට මාත් එක්ක ජිවත් වෙන්න බෑ..ඔයා හොද කෙනෙක්..
ඒත් අපි ගැලපෙන් නෑ

ඔයා එක්ක ඉදලා ඕන දුකක් විදින්නම් අනේ අයියේ මාව දාලා යන්න එපා..

බායි කියන දේ අහනවා..."

...........

" කවදා වෙනකන් උඹ ඌ වෙනුවෙන් අඩන්නද බං..
උඹ ඕක අමතක කරලා දාල නිකන් හිටපන්..

නෑ බං ආයිත් කෝල් එකක් අරන් බලනවා..
මං හොයලා බැලුවා බං අයියට කෙල්ලෙකුත් නෑලු..
කවදා හරි මගේ අගේ තේරෙයි බං..
එදාට අයියා මං ගාවට හොයන් එයි..
මං අයියට පේන්න බං මේ fb එකට ෆොටෝ එහෙම දාන්නේ..
එයාට ඒවා දැක්කාම දුක හිතෙයිනේ..
මට එයා නැතුව ඉන්න බෑ බං.."

...............

" අයියේ එක පාරක් මාව හම්බෙන්න එන්න ප්ලිස්..

අනේ ආන්සර් කරලා කතා නොකර ඉන්න එපා අයියේ..

අනේ ඔයා නැති උනොත් මං මැරෙනවා අයියේ

අනේ මට මෙහෙම කරන්න එපා

දෙයියනේ මට දරා ගන්න බෑ

අඩුම ගානේ මේ මැසේජ් දැක්කා කියන්න මට රිප්ලයි එකක් එවන්න

මම සදහටම ඈත් වෙලා යනවා අයියේ..
ඔයාට මගෙන් වරදක් උනානම් සමාවෙන්න..
හැමදාම මම ඔයාට ආදරෙයි"
....

" කව්ද බං ඔය තරම් මැසේජ් එවන්නේ ගිහානයා..

අර මනිශා මල හොන්තුව බං ඒකි මල වදයක් උනා දැන් නම් බං..
ඒකි හිතන් ඉන්නේ මං ඒකිට ආදරේ කරා කියලා...

උඹට මං කිව්වා ඕක වදයක් වෙයි කියලා..උඹ ආදරේ නොකරනම් ඇයි බං ඒකි එක්ක යාලු උනේ..

මට එවලේ ඕනේ උනේ දුක නැති කර ගන්න විදිහක් විතරයි බං.."

"මචං අර එන්නේ සදුනා නේද බං..

අඩෝ සදුනා දැක්ක කල්..

දැන් මොකෝ කරන්නනේ..

මොනවද ඉතින් ජොබ් තමා..

අන්න කෙල්ලෙක් කෝච්චියට පැනල බං වරෙන් යන්න..

හම්මට වරෙන් ගිහින් බලමු..."
........

" වරෙන් මෙහෙන් මුන පේනවා දැන් අරන් යයි බොඩිය හොස්පිටල් එකට ඊට කලින් බලපන් අදුරන එකද්ද කියලා...

කෝ මටත් බලන්න එහාට වෙයන්...

දෙයියනේ මනිශා..
මම මොකද්ද මේ කරේ දෙයියනේ..
ඔයාට මෙහෙම නෙමේ ඈත් වෙන්න කිව්වේ...."

.......................

නිමි ❤️
උපුටා ගැනීමකි

 

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment