සල්ලි කොලේට වැහුණු සෙහෙහස

සල්ලි ජීවිතයක් කරගත්ත ඔබට සිතන්නට යමක්...
😓😓😓
෴ සල්ලි කොලේට වැහුණු සෙනෙහස ෴
අකුණක් සමඟ ආපු ගිඟුරුම් සද්දෙටම බයවෙලා ඇහරුනේ  අවුරුදු හතක් පමණති පුන්චි සුරංගනාවියකි. අම්මේ අම්මේ කියා අඬාගෙන ඇඳෙන් බැස මේසයක් ලඟට ගොස් ඇය අතට ගත්තේ මල්මාලාවක් දාල තිබ්බ ඇයගේම මවගේ ෆොටෝ එකය.
අම්මේ... මට මේක ඇතුලේ තනියෙන් ඉන්න බයයි අම්මේ. මං තාත්ත ලගට යන්න ඕනේ. මට තාත්තව බලන්න ඕනේ.. ඇය වෙලාව බලනවා. වෙලාව 1යි.
හම්ම්ම්... ඒත් මේ වෙලාවට තාත්තා නිදි ඇතිනේ.. කමක් නැහ තාත්තා උදේට වැඩට යන්න කලින් මන් ඇහැරෙන්නම්කෝ...
කියලා ඇය ආයිමත් ඇඳට වැටෙනවා..
______________________________________
උදෙන්ම ඇහරිච්ච ඇය තාත්තේ තාත්තේ කියාගෙන ඔහුගේ කාමරයට ගියත් ඔහුව පේන්න හිටියේ නැහ..
අයියෝ.... තාත්තා අදත් මන් නැගිටින්න කලින් ගිහින්..
- සුදු බේබි.. ඉස්කෝලෙ යන්න වෙලාව හරි.
ඒ ගෙදර වැඩට ඉන්න කමලාගෙ හඬය.
අද නම් තාත්තව කොහමහරි අල්ල ගන්න ඕනේ. තාත්තා එනකම් නිදාගන්නෙතුව ඉන්න ඕනේ....
_________________________________________
Re වෙලත් නිදාගන්නෙතුව තාත්තා එනකම් ඉන්න ඇයට ඇහෙන්නේ තාත්තගෙ කාර් එකේ සද්දය.
ආයියියියි..... තාත්තා එනවා තාත්තා එනවා.... කියා ඇය සතුටෙන් ඉපිලෙයි...
තාත්තේ.... කියාගෙන දුවගෙන ගියත් ඇයට ඔහුව බදාගන්නවත් වාසනාවක් තිබ්බේ නැහ.
-මෙච්වර re වෙලාත් ඇයි තාම නිදාගත්තේ නැත්තේ? කෝ මේ කමලා?
-කමලා නැන්දා ගෙදර ගියා
-වෙලාවට පඩිය විතරක් ගන්න දන්නවා. ඒත් ලමයව වෙලාවට නිදාකරවන්න දන්නේ නෑ..
-තාත්තේ... හෙට මාත් එක්ක සෙල්ලම් කරන්න එන්නකෝ.
-බැහ.. බැහ.. තාත්තට හෙට වැඩ ගොඩාක් තියෙනවා. ඔය ගිහින් නිදාගන්න දැන්
- (දුක්මුසු කටහඬින්) ඇයි තාත්තේ ඔයා මන් වෙනුවෙන් ඉන්නේ නැත්තේ
- ගිය සතියෙ ඔයා වෙනුවෙන් පැය දෙකක් ඔයාලගේ ඉස්කෝලෙට ඇවිත් හිටියා. මතක නැද්ද?
- ඒත් ඔයා ටීව එක්කනේ කතා කර කර හිටියේ
-ඔයා කතා කරනවා වැඩී. දැන් ගිහින් නිදාගන්න.
එලෙස දුවට අණ කර ඔහු තමන්ගේ කාමරයට ගොඩවෙයි. දුව ද ඇඳට යන්නෙතුව හෙමින් සීරුවෙන් ඔහුගෙ කාමරයට රිංගයි.
- තාත්තා මොකද කරන්නෙ
- මගේ ප්‍රොජක්ට් වැඩ ටික කරනවා
- ඒ කියන්නේ
- ඔයාට ඒවා තේරෙන්නේ නැහ... ලොකු ලොකු අන්කල්ලා කියන ටික අපි කරල දුන්නොත් තමයි තාත්තට එයාලා සල්ලි දෙන්නේ
- සල්ලි කොච්වරක් දෙනවද තාත්තට
- ඔයත් එක්ක තියෙන කරදරක්... හ්ම්ම්ම්ම්...
- කියන්කෝ තාත්තේ
- හ්ම්ම්ම්.... විනාඩියකට රැපියල් සීයක් හම්බෙනවා. දැන් ඇති කතා කර කර හිටියා. ගිහින් නිදාගන්න.
පුන්චි දුව කල්පනා කර කරම කාමරෙට යනවා..
විනාඩියට රැපියල් සීයක් නම් තාත්තා මාත් එක්ක විනාඩි දහයක් ඉන්න ඕන නම් මන් තාත්තාට කීයක් දෙන්න ඕනද... අයියෝ... මට තේරෙන්නේ නැහනේ...
_____________________________________
(පහුවදා උදේ)
- පොඩි ළමයින් ට සල්ලි ඕනෙ නම් සපත්තු පොලිෂ් කරනවා. මන් ටීවිවල දැකල තියෙනවා. මාත් දැන් ඕක තමයි කරන්න යන්නේ...
ඇය එසේ කියාගෙන තමන්ගේ බයිසිකලයේ කූඩයට සපත්තු පොලිෂ් එකයි බ්‍රෂ් එකයි දාගෙන බයිසිකලයත් අරන් පාරට බැස,
- ෂූ පොලිෂ්  ෂූ පොලිෂ්... ෂූ පොලිෂ්  ෂූ පොලිෂ්...
ෂූ පොලිෂ්  ෂූ පොලිෂ්...  ෂූ පොලිෂ්  ෂූ පොලිෂ්...  කියා කැගැහුවත් කිසිම කෙනෙක් සපත්තුව පොලිෂ් කරගන්න ආවේ නැහ..
- මේ වැඩේ හරියන්නේ නැහ වගේ.. දැන් මන් මොකක්ද කරන්නේ... කොහමහරි සල්ලි එකතු කරන්න ඕනනේ... හ්ම්ම්ම්ම්ම්.....
(ඇය ටික වෙලාවක් කල්පනා කරයි)
- අයිඩියා.....
තමන්ගේ කෑම පෙට්ටි අතට ගෙන,
- සෑර්..... සල්ලි දාන්නකෝ..  ඈන්ටි.. සල්ලි දාන්නකෝ.. ඈන්ටී.. ප්ලීස් මට සල්ලි දාන්නකෝ... සෑර් මට කීයක් හරි දාන්නකෝ..
මෙසේ ඇස්වල කඳුලු පිරිච්ච පුන්චි සුරංගනාවිය දැකපු සියලු දෙනාම ඇයට අනුකම්පා කර කීයක් හෝ ඇය අතට දීලයි ඇයව පහුකරන් ගියේ.... ඇයගේ උත්සාහය තවම ඉවර නැත. දුරකථන සංවාදයක යෙදිල ඉන්න මහත්තයකුගේ පිටුපසින් ගොස්,
- සෑර්......
(ඔහු පිටුපස හැරෙයි)
- හ්හ්හ්.... තාත්තේ...
- මොකක්?? ඔයා හිඟා කනවද?? අදනම් මේ කමලාව අස් කරනවමයි...
- තාත්තේ.. තාත්තේ..
- වහගන්නවා කට
- තාත්තේ... මෙතන කීයක් තියෙනවද ගණන් කරන්නකෝ
- හිඟා කෑවා මදිවට හිඟා කාපු සල්ලි මට ගණන් කරන්නත් කියනවද? මන් මේවා ගණන් කරන්නෙත් නෑ
- අනේ තාත්තේ.. මන් වෙනුවෙන් ගණන් කරන්නකෝ..
(අප්පිරියාවෙන් ඇඟිල්ලක් දිගු කර මුහුණත් ඇඹුල් කරගෙන සල්ලි ටික ගණන් කරයි.)
- මෙතන හාරසිය පනහක් විතර ඇති
- හාරසිය පනහ කියන්නේ විනාඩි කීයක්ද තාත්තේ?
-විනාඩි ද?? මොනවද කියවන්නේ ඔයා?
- තාත්තනේ කිව්වේ විනාඩියට රැපියල් සීයක් කියලා. ඔයා මාත් එක්ක විනාඩි දහයක් ඉන්න ඕන නම් මන් ඔයාට තව කීයක් දෙන්න ඕනද තාත්තේ??  (දුක්මුසු කටහඬින්) මේ ටික මදිද??
දුවගේ අසරණ වචන හමුවේ ඔහු තිගැස්සිලා අත තිබූ ලැප්ටොප් බෑගයද බිමට වැටෙන්නේ ඔහුට නොදනීමය. ඔහු අඬාගෙන අත් දෙක ඔලුවේ තියාගෙන චූටි දුව ඉස්සරහ දන ගසය.
- මදි නම් කියන්න තාත්තේ මන් හෙටත් සල්ලි එකතුකරන් දෙන්නම්...
- අයියෝ දෙයියනේ.... මන් කරගත්ත දෙයක්... මට සමාවෙන්න දුවේ. මගේ සල්ලි හම්බ කරන ආවේගය අන්තිමට මගේ දුවව හිඟා කන්න තිබ්බනේ.. සල්ලි තිබ්බොත් ඕන දෙයක් ගන්න පුලුවන් කියලා හිතුවා. ඒත් මට මගේ දුවගේ ආදරය ගන්න බැරිවුනා.. සල්ලි තිබ්බොත් සල්ලිකාරයෙක් කියල හිතාගෙන හිටියා. ඒත් ඔයාගේ ආදරය නැතිව මෙච්චරකල් මන් හිඟන්නෙක් වෙලාමයි හිටියේ... මට සමාවෙන්න දුව.. අයි ලව් යු ස්වීටි..
- අයි ලව් යු තාත්තේ.....
___________
෴මේ වගේ අම්මලා තාත්තලා තාමත් අපි අතරේ ඉන්න පුලුවන්. ඒ වගේම හුඟාක් පොඩි ලමයින්ගේ හිත්වල මේ වගේ සිතුවිලි පහලවෙන්නත් පුලුවන්. කොච්චර හම්බ කරත් වැඩක් නැහ අම්මා තාත්තගේ ආදරය ලමයින්ට තදින්ම දැනුණේ නැත්තම්.෴

____________

Writer -: Mohomed Samhan
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment