#රාගයද #ආදරේ
"අම්මා අම්මා....."
"මොකද පුතා කෑ ගහන්නේ?"
සාලේ සෝපාවට වෙලා කෑමොර දෙන නිම්සරගේ සද්දෙට මිසිස් වීර්සූරිය පය ඉක්මන් කරලා තරප්පු පේළිය දිගේ ඉක්මනින්ම පහළට බැස්සේ එක අතකින් තමන් ඇඳ සිටි ඔසරියද ඔසවාගෙනයි.
"බලන්නකෝ අම්මා.අර මන් ඇප්පලයි කරපු කම්පිටිශන් එකට ඉන්වයිට් කරලා ලෙටර් එක ආවනේ... "
තමන් අතේ තුබුන ලියුම මිසිස් වීර්සූරිය දිහට දික් කරන ගමන් නිම්සර සතුටෙන් ඉපිලුනා.
"ආ මේ අර ද බෙස්ට් කැමරම්න් ඔෆ් ද ඉයර් එකද? මන් විශ් කරනවා ඔයාට සුදු පුතා."
මවගේ උණුසුම් හාදුවෙන් තවත් දිරිමත් උන නිමසර උඩු මහලේ තිබූ තමන්ගේ කාමරයට ගියේ අඩියට දෙකට.
නිම්සර කියන්නේ ඉතාම ඉවසිලිමත් තරුණයෙක් වගේම ජිවිතේටත් වඩා කැමරාවට ආදරේ කරන කෙනෙක්.පැය ගානක් උනත් එකම තැන ඉදන් තමන්ට ඕනි ජායාරූපය ලබා ගැනීම ඔහුගේ පුරුද්ද.කොලයක් දිගේ පිනි බිඳුවක් වැටෙනක් ඔහු දිනක් වරු ගානක් කැමරාවත් අටවගෙන බලාගෙන හිටියා.ඔහුගේ කැපවීමට මේ ලැබුන අවස්ථාව මහ ඉහළින් පිළිගන්නේ ඒ නිසාමයි.
කාමරයට ගිය සැනින් ජංගම දුරකතනය අතට ගත් නිමසර තමන්ගේ කල්‍යාණ මිත්‍රයා වන සදේන්ට ඇමතුමක් ගත්තා.
"හෙලෝ.... සඳයා....උඹ කොහෙද ඉන්නේ?"
"අයියෝ නිමා මොකද්ද බන්.මන් ඊයේත් උබට පැහැදිලි කරානේ අද කෝල් කරලා ඇනයක් වෙන්න එපා කියලා.මන් මේ අරකිත් එක්ක ඉන්නේ බන්."
"අනේ සොරි මචන් මට අමතක උනානේ.කවුද බන් කෑල්ල.අර පෙරේදා සෙට් කරගත්ත එකද."
"ඔව් ඔව් ඒකි තමයි.ඉතින් කියහන්කෝ ඇයි ගත්තේ."
"මට අර කම්පිටිශන් එකට ඉන්වයිට් එක ආවා බන්.හොඳ ෆොටෝ ටිකක් ගන්න ඕනි.යමුද රවුමක් දාලා එන්න හෙට අනිද්දට"
" අඩෝ පට්ටනේ මචන්.යමන් යමන් හදට උනත් යමන්.හැබයි පුතේ අද ටිකක් අමාරුයි.දන්නවනේ ඉතින්."
"ඉදකින් කුපාඩියා.හරි හරි වැඩේ කර ගෙන හවස් වෙලා මේ පැත්තේ වරෙන්කෝ."
දකින දකින කෙල්ල පස්සේ ගිහින් තමන්ගේ ඕන එපාකම් සපුර ගන්න සෙල්ලක්කරෙක් උනත් සදේන් කියන්නේ නිම්සරට පන උනත් දෙන්න සූදානම් යාළුවෙක්.සදේන්ගේ මේ වැඩ වලට නිමසර හවුල් නොවුනත් වෙලාවකට අල්ලන් හොද නරක කියාදිලා තමන්ම සවුත්තු වුන වාර නිම්සරට නැතුවම නෙවෙයි.
මෙතෙක් කල් තමන් ගත්ත ජායා රූප නැවතත් මුල සිට අගට බලන්න නිම්සර ලැප්ටොප් එකත් අරන් ඇඳට ගියේ තරගයට සුදුසු එකක් ඇත්තැයි බැලීමටයි.එක එක ෆෝල්ඩර්ස් වල තිබුන සිය දහස් ගනන් ඡායාරූප නැවතත් මුල ඉදන් බලන්නට උන නිම්සර එක පාරටම නැවතුනේ පාත්තරයත් අතේ තියන් සංවර ලීලාවෙන් බිම බලාගෙන දනට වඩින මෙහෙනින් වහන්සේගේ ඡායාරූපය ඉදිරියෙයි.ඇස් කොනක කඳුළු බිඳුවක් නලියනවා වගේ නිම්සරට දැනුනේ ඒ ජායාරූපයේ සිටින අවුරුදු ගානකට කලින් කොල්ලෙක් නිසා අනාත වී ගිහි ජීවිතය අත්හරපු තමන්ගේ වැඩිමහල් නැගනිය සිහි වීමෙනි.කාටත් හොරෙන් පරිස්සම් කරන ඒ ඡායාරූපය අද වෙනකම් දැක ඇත්තේ නිම්සර පමණි.
නැගනියන් දෙදෙනෙක් සිටි නිම්සරගේ වැඩිමහල් නැගනිය වුනේ සිතාරා.ඉතාම රූමත් රූ සපුවක් හිමි සිතාරා හැදුනේ තමන්ගෙ මවගේ දැඩි ආරක්ෂාව යටතේ.කොල්ලෙක්ට බලන්නවත් බැරි තරමට ඇයව සිර කරන් හැදුවේ ඇගෙ තිබූ ආකර්ෂණීය රූ සපුව නිසාමයි.මේ අතර සෙල්ලක්කරෙක් සමඟ සිතාරාගේ සම්බන්ධයක් තිබෙන බව වටින් ගොඩින් ගෙදරට ආරංචි වෙන කොට සිතාරා බඩට මාස දකෙක් සම්පූර්ණ උන මවකි.ඒ වන විට දාහත් වියේ සිටි සිතාරා ජිවිතය විනාස කර ගෙනතිබුනේ නිම්සරලගේ මුලු පවුලෙම දැලි ගාගෙනයි.අම්මගේ දැඩි බල කිරීමෙන් සිතාරගේ කළලය විනාශ කර දැමුවේ පියෙක් නැති අනාත දරුවෙක් පවුලටම කැලලක් නිසයි.මේ දේවල් නිසා ජීවිතය කළකිරුන සිතාරා ගිහි ගෙය අත හැරියේ කාටවත් නොකියාමයි.අදටත් නිම්සරගේ ගෙදර තහනම් වචනය සිතාරා.
"අඩෝ නිමා නැකිටපන්කෝ.බලහන් මන් දැන් කී පාරක් කතා කරාද?"
දන්නෙම නැතුව නින්දට ගිහින් හිටිය නිම්සර උඩ ගිහින් ඇහැරුනේ සදේන්ගේ සද්දෙට.
"අඩෝ හවස් වෙලා නේද බන්? නින්ද ගියානෙ දන්නෙම නැතුව.මේ ඒක නෙවෙයි කෝ කෑල්ල?"
ඇද උඩ වාඩි වෙලා හිටපු සදේන්ගේ පිටට තට්ටුවක් දාන ගමන් නිමසර ඇහුවා.
"ගෙදර ළඟට ගිහින් දැම්මා.ඒකි වැඩක් නෑ බන්.. අර නිමේෂයත් හොඳට ආතල් අරන් ඒකිගෙන්.මාත් තව ටිකක් කල් ඉඳලා ශේප් වෙනවා."
"පවුකාරෙක් වෙන්න එපා සදේන්.කෙල්ලෝ අසරණයි ඒ අතට මේ අතට යන්න වෙන්නේ කොල්ලො හින්දමයි.උබම බල්හන් කෙල්ලෝ කියක් එක්ක ඉඳලා ඇත්ද.ඒ මදිවට තව පත්තිනි අම්මලා හොය්නවා කසාද බදින්න."
"මේ නිමා උබේ බණ අහන්න නෙවෙයි මන් අවේ.මොකද්ද අපි කරන්නේ.මේක පොඩි ගේමක් නෙවෙයිනේ.මුළු ලංකාවෙන්ම තියෙන එකක්."
"ඒක තමයි බන්.වෙනස්ම විදිහෙ එකක් ගන්න ඔනී මේ පාර.අනික තමයි තව මාස හයක් වගේ තියෙන්නෙත්.ආ තව එකක් මේකේ නීතිය තමයි මිනිස්සුන්ගේ ෆොටෝස් වෙන්නත් ඕනි මචන්."
"එහෙනම් මචන් අපි නෙක්ස්ට් සන්ඩේ යමු අනුරාධපුරේ.එහේ හොඳ තැන් තියෙනවා."
සදේන්ගේ අදසට එකඟ උන නිම්සරගේ එකම හීනේ උනේ කොහොමහරී මේ තරගයෙන් දිනන්න.
දවස් ගත වෙනවත් සමගම ගමන දා ගත්ත ඉරිදා දවසත් ආවා.උදේ පාන්දරම සදේන් නිම්සරලගේ ගෙදර ආවේ නිම්සර ගේ කාර් එකේ යන්න හිතාගෙන.දෙන්නම අවශ්‍ය කැමරා බඩු ටිකත් අරන් ගෙදරින් පිට වුනේ අම්මගෙ ආශිර්වාදයත් එක්කම.
"මචං නිමා.අපි ලස්සන කෙල්ලෙක් බලල ගමුද හොඳ ෆොටෝ ටිකක්.මල් කෙල්ලෙක් වගේ හොඳයි බන්."
"ගන්න තිබ්බා පව් ඒ අහිංසක කෙල්ල.උබට ඉතින් නාඩි වැටෙනවනම් පොල් පිත්තක් උනත් කමක්නෑනේ.අන්න ඒ නිසා මන් කෙල්ලන්ගෙ ගන්නෑ කියලා හිතා ගත්තා."
නිම්සර වාහනේ පදවන ගමන් ලැප්ටොප් එක කඩල්ලන සදේන් දිහා බලලා නෝන්ඩියට වගේ කිව්වා.හිනා වෙවි හිටිය සදේන් එක පාරටම බය වෙලා වගේ ලැප්ටොප් එක දිහා බලාගෙන නිම්සරගේ අතින් අල්ල ගත්තා.
"නිමා........ මේ ෆොටෝ එක බලපන්කෝ.මේක කොහෙන්ද උබට?"
"පීලිස් මචන් ලැප් එල වහපන්.මන් කැමති නෑ ඕය ගැන කතා කරන්න."
සඳේන් දිහා බලන්නෙවත් නැතුව නිම්සර දිගටම වාහනේ පදෙව්වා.
"කාට හැංගුවත් මූට හංගන්න බෑනේ"
නිම්සර තනියම කියා ගත්තේ තමන්ගේ නංගිව සඳේන් අඳුර ගෙන යැයි හිතාගෙන.සිතාරා සඳේන් වැඩිය දැකලා නොතිබුනාට වෙච්ච හැම දේම නිම්සර සදේන්ට කියලයි තිබුනේ.සඳේන් පොඩි කාලේ ලංකාවෙන් ගිහින් අවුරුදු ගානකින් ආයෙත් ආවේ.එතකොට සිතාරා ගෙදර හිටියෙත් නෑ.
"ඇත්ත කියපන් නිමා.කොහෙන්ද මේ ෆොටෝ එක ගත්තේ.පොඩ්ඩක් මේ පැත්ත බලපන්කෝ."
"මට බෑ මචන් තවත් ඔය රූපේ බල්න්න.මටමැරෙන්න හිතෙනවා.ප්ලීස් මචන් ඕක වහපන්."
සඳේන් මෙච්චර සීරියස් ඉන්නවා නිම්සර කවදාවත් දැකලා තිබුනෙ නෑ.
"නිම්සර මචන් මට කියන්න දෙයක් තියෙනවා.උබට මතකද මන් රට ඉදන් ආපු අලුත් මගෙ අතින් කෙල්ලෙක් අනාත උනා.මේ ඒකී යකෝ."
සඳේන්ගේ වචන වලින් නිම්සරට අකුණක් වැදුනාවගේ කාර් එක කොහෙට කැපුනද කියලවත් හිත ගන්න බැරි උනා.ලොකූ වැලි ලොරියක් ඉස්සරහට එනවා විතරයි ඔවුන් දැක්කේ.
"නිම්ස.............ර්ර්ර........."
**********
මාස දෙකකටත් වැඩි කාලයක් රෝහල් ගතවෙලා හිට්පු නිම්සර ගෙදර ආවේ වෙනදා වගේ නෙවෙයි.එක කකුලක් පුපුරා ගිය නිසා වෛද්‍යවරුන්ගේ උප්දෙස් පරිදි අත් වාරුවෙන්.
"සුදු පුතා ලබන සතියේ සඳේන්ගේ තුන්මාසේ දානේ.අපි යන්න ඕනී නේද?"
"සඳේන් කියලා එකෙක් නෑ.........."
ගෙදරට ඇවිත් වාඩි උනා විතරයි අම්මා කියපු දේට මාස ගන්කින් වචනයක්වත් කතා නොකරපු නිම්සර පිස්සෙක් වගේ කෑ ගහලා කිව්වා.උඩට නගින්න අමාරු නිසා නිම්සර වෙනුවෙන් අම්මලා පහළ මාලයේ කාමරයක් ලැස්ති කරලා තිබුනේ නිම්සරගේ කාමරේ තිබුන හැමදේම ඒ විදිහටම අහුරලයි.
වෙනදා වගේ නෙවෙයි දැන් නිම්සර ගොඩක් සැර ඉක්මනින්ම කෙන්ති ගන්න දරුණු මනුස්සයෙක් වෙලා.අම්මා නිම්සරව ඇදෙන් වාඩි කරවනවත් සමඟ නිම්සර දැක්කේ එදා ඇක්සිඩන්ට් එක වෙලේ තිබුන එයාගෙ පරණ ලැප්ටොප් එක.
"ඕකට මුකුත් වෙලා තිබුන්නෑ පුතා.වීසි වෙලා තිබුනා.ඒ වට පිටාවේ කෙනෙක් තමයි අපිට ගෙනත් දුන්නේ.ගෙනත් දෙනකොටත් වැඩ.චූටි නංගි තමයි අතට ගත්තේ.කවුද කෙල්ලෙක්ගේ ෆොටො එකක් ඉස්සරහම තිබුනලු."
අම්මගේ වචනවලට නිම්සර කැරකෙනවා වගේ දැනුනා.ඒත් එක්කම චූටි නංගි නිම්සර ළඟින් වාඩි වෙලා ඒ ඡායාරූපය නිම්සරට පෙන්නන හෙව්වා.
"මං ගිහින් තේ එකක් හදන් එන්නම්.දූ අයියා ළඟින්ම ඉන්න."
"ආ මේ තියෙන්නේ අයියේ.කවුද මේ ප්‍රෙග්නන්ට් ලේඩි ලස්සන කෙල්ල කොච්චර උනත්."
"දෙවියනේ මේ එදා අපි නුවරඑළියේ ගිය දවසේ මගේ කැමරාවට අහම්බෙන් වැදුන කෙල්ලනේ."
අතේ තිබුන ලැප්ටොප් එක විසි කරලා දාපු නිම්සර අත් වාරුවෙන් නැගිටලා ගිහින් පොඩි කාලේ එයයි සඳේනුයි එකට ඉන්න ඡායාරූපය අතට ගත්තා.
"සඳයා........ මොකද්ද උබ මට එදා කියන්න ගියේ.මේකද උබ මට පෙන්නපු ෆොටෝ එක.ඇයි සඳේන් මට උබ ගැන වැරදියට හිතුනේ...සඳේන් ආයෙත් වරෙන් මචන්..... ආයෙත් වරෙන්...."
නිම්සර කෑ ගහලා අඬන්න උනේ සිදු ඌ දෙය වැටහුනාට පසුවයි.
ටික දවසක් ගත වෙලා යනකන් නිම්සර හිටියේ කාත් එක්කවත් කතා නොකර.සඳේන් ගැන නිතරම මතක් උනත් නිම්සර අමාරුවෙන් හිත හදා ගන්නවා.සඳේන් ලංකාවට ආපු මුල් දවස් වල කියපු කතාවක් නිම්සරට මතක් උනේ සඳේන් රට ඉඳලා නිම්සරට ගෙනත් දීපු එලාම් ඔරලෝසුවේ සද්දෙට.
"මචන් මේක පරිස්සම් කරගෙන ගෙනාවේ උඹටමයි."
"පරිස්සම් කරගෙන? කාගෙන්ද උබ ඔරලෝසුවක් පරිස්සම් කර ගත්තේ? "
"නෑ බන් මන් පෙරේදා කැන්ඩි ඉදලා එනකොට කෙල්ලෙක් මහ රෑ කාරෙක ඉස්සරහට පැන්නනේ.මන් නවත්තලා දා ගත්තා ඒකිව.ඒකි හොදටම බය වෙලා බන් හිටියේ.ඒකි පස්සෙන් කොල්ලො ටිකක් පන්නන් ඇවිල්ලා.මන් ඒකිව ගෙදරට ගිහින් දැම්මා.පස්සෙ ඉතින් උන්ගේ ගෙදරින් මට සැලකිවා ඉස්ම යන්න."
"අප්පටසිරි මරුනේ.හැබයි ඉතින් පව් ඒකි.උබට අහු උනා කියන්නේ ඉවරයිනේ.මොකද්ද ඔරලෝසුවේ සීන් එක"
"ආ ඒකි මේ ඔරලෝසුව තියා ගන්න හැදුවා.පස්සේ මන් කිව්වා මගේ යළුවට වෙලාවට වැඩක් කර ගන්න බෑ ඕක ඌට දෙන්න ගෙනාවේ කියලා."
"පුතා මේ තේ එක බොන්න."
අම්මගෙ සද්දෙට නිම්සර පියවි සිහියට ආවේ උඩ ගිහින්.
"ඔහොම තියලා යන්න..."
යන්තම් ඇවිද ගන්න පුළුවන් උන නිම්සර කණ්ණාඩිය ඉස්සරට ගියේ තේ එකත් අතට අර ගෙන.තමන්ගේ රූපේ දිහා බලන් ඉන්නකොට නිම්සර එකපාරටම දැක්කේ සඳේන් කණ්ණාඩිය ඇතුලෙ ඉදන් නිම්සරට කතා කරනවා වගේ.
"මචන් නිමා.ඒකි මන් අතින් අනාත උනා.ඒකී කෝ බන් ඒකි කෝ?"
සඳේන් අන්තිමට නිම්සරට කිව්ව ටිකම ආයෙත් නිම්සරට ඇහෙන්න පටන් ගත්තා.
"සඳේන්..... උබ කොහෙද බන්.... වරෙන්කෝ.මන් ඒකිව දන්නෑ සඳේන් මන් දන්නෑ"
නිම්සරගේ කෑ ගැහිල්ලට අම්මයි නංගි දුවගෙන ආවා.එනකොට නිම්සර බිමට වැටිලා හිටියා.
ටික දවසක් ගෙවුනා නිම්සර හැමදාම සඳේන්ගේ නම කියලා කෑ ගැහන්න උනා.
පාන්දර එකට විතර හීනෙන් අවදි උන නිම්සර එකපාරටම සදේන්ගේ ෆොටෝ එක අතට අරගතතා.
"හරි සඳේන් උබ කියන්නේ මට ඒකිව හොයන්නනම් මන් දැන්ම යන්නම්."
නිම්සර ලහිලහියේ ලැස්තී වී කාරයද පන ගන්වගෙන එදා ඒ ගැබිනි කාන්තාවගේ ඡායාරූපය ගත්ත තැනට යන්න පිටත් උනා.උදේ හය විතර වෙන කොට ඒ තැනට යන්න නිම්සරට පුළුවන් උනත් නිම්සර පුදුම උනේ එදා එතන තිබුන පොඩි ගේ අද නැති බව දැන ගත් පසුවයි.උදේ පාන්දර කුඹුරට යන වයසක මනුස්සයෙක් නවත්තගෙන නිම්සර ඒ කෙල්ලගේ ෆොටෝ එක පෙන්නලා විස්තර අහන්නට උනා.
"අනේ මහත්තයෝ ඒකිලා දැන් මේ පළාතේ නෑ.ඒකිගේ ළමයා උපන් ගෙයිම මැරුනා.පස්සේ මහ උන්දෙන්නා ඒකිට මගුලක් කරලා දෙන්න කියලා හදද්දි ගෙදරින් පැනලා ගියානේ.දැන් ඔන්න අනුරාධපුර පැත්තේ ආරමයක මහන වෙලාලු.ඕන් බලන්න ජීවිතේක හැටි."
ඒ දේවල් ඇහුවයින් පස්සේ නිම්සර දෙලොවක් අතර නැවතුනා වගේ කල්පනා කරන්නට උනා.නිම්සරට මතක් උනේ තමන්ගේ නංගි.සිතාරා.නිම්සර එවෙලෙම ගියේ සිතාරාව හොයාගෙන.
ඇය දැන් සුජාතා මෙහෙනින් වහන්සේ.ගෙදර කාත් එක්කවත් සම්බන්ධයක් නොතිබුනාට නිම්සර එක්ක මෙහෙනින් වහන්සෙ කතා බහා කලා.නිම්සරත් නිතරම වගේ ඇය ගැන හොයලා බැලුවේ ගෙදරට හොරෙන්.
හවස හතර වෙනකොට නිම්සර ආරාමයට යන්න පුළුවන් වුනා.යනකොටම එළියට ආපු සුදු ඇඳගත්ත කාන්තාව නිම්සරට ඇතුළට එන්න ආරදනා කලා
"නෑ අම්මා මෙහෙම හොඳයි.මට ඉක්මනින්ම මෙහෙනින් වහන්සේව මුණ ගැහෙන්න ඕනි."
"ඔහොම ඉන්නකෝ මහත්තයෝ මෙහෙනින් වහන්සෙලා මළගමකට වැඩියා පාන්සකූලේ දෙන්න.ආන් කියනකොටම අර වඩින්නේ පොළිමට."
ඉදිරියෙන්ම ලොකු මෙහෙනින් වහන්සේත් පසු පසින් පොඩි මෙහෙනින් වහන්සේලාත් පොලිමට වඩින්න උනා.සුජාතා මෙහෙනින් වහන්සෙ නිම්සරව දැකලා ඔහු ළඟට වැඩියා.නිම්සර දනගහලා ඇයට වැන්දා.
"සුවපත් වේවා...අයියා මේ හදිස්සියෙම.කිව්වෙවත් නෑනේ.අම්මා එහෙම සනීපෙන්ද?"
නිම්සර සියලුම විස්තර මෙහෙනින් වහන්සේට කිව්වා.
"ඔය රූපේ හැටියට මන් හිතන්නේ මේ ඉන්නේ උත්පලවන්නා වෙන්න ඕනි.අපි යමු.මෑනියන් දැන් පහළ ගල තලාවෙ භාවනා කරනවා."
නිම්සරගේ ඇස් අදහා ගන්නත් බැරි උනා.ඒ ඇයම වග නිම්සර දැන ගත්තේ ඇගේ දකුණු කම්මුලේ තිබුන උපන් ලපය දැක්කයින් පසුවයි.
සුජාතා මෙහෙනින් වහන්සේ කලින් ගිහින් විස්තර කතා කර ගන්නකම් නිම්සර තමන්ගේ කාරය වෙත් ගියේ එහි තිබුන කැමරාව ගෙන ඒමටයි.ඇස් අදහා ගන්න බැරි උන ඒ රූපය කැමරාවට සටහන් කර ගන්න නිම්සර දෙපාරක් හිතුවෙ නෑ.
සුජාතා මෙහෙනින් වහන්සේ නිම්සරට අවස්ථාවක් ලබා දුන් පසු ඇය ළඟට ගිය නිම්සර දනින් වැටී ඇයට නමස්කාර කලා.
"සුවපත් වෙත්වා......මන් හැමදේම දන්නවා උපාසක මහත්තයෝ.සුජාතා මෙහෙනින් වහන්සේ ඔක්කොම කිව්වා මට.ඔව් මන් තමයි සඳේන් මහත්තයා අතින් අනාත උන සමාධි.මන් එදා සදේන් මහත්තයට කියන්න කියලා කෝල් එකක් ගත්තම එයාගේ අම්ම මට හොඳටම බැන්නා.එයා බැඳලා කියලත් කිව්වා.පස්සේ මන් සඳේන්ව මග ඇරියා.එයා ගොඩක් කල් මාව හොයන් ආවා.මන් හැංගුනා.පස්සේ දරුවා නැති උනයින් පස්සේ මට ගිහි ජීවිතේ එපා උනා මහත්තයෝ."
"ඔබ වහන්සේ දන්නවද සඳේන් නැති උනා."
"ඔව් මට සුජාතා මෙහෙනින් වහන්සේ කිව්වා.දුක කියන්නේ මිනිසාට උරුම දෙයක්.ඉපදෙන හැම කෙනෙක්ම දවසක මැරෙනවා.ඒක තමයි ලෝක ස්භාවය.ආදරයයි රාගයයි පටලවගෙන තරුණ තරුණියෝ කී දෙනෙක් අද දුක් විඳිනවද.අපි දැන් ඉතින් සඳේන් මහත්තයට පින් දෙමු.ඉන්න තැනක හොඳින් ඉන්න."
නිමි.
Thisuri Perera
උපුටා ගැනීමකි
No comments:
Post a Comment