මමයි නුඹේ දෝණි

#මමයි_නුඹේ_දෝණි
   (කෙටි කතාවකි)
   ‎
C  O  O  L    M  A  C  H  A  N   C  O  O  L

👑 මගේ ලොවෙ කිරුළු පලන් රජු නුඹයි තාත්තේ 👑

"මට නම් මේ හැමදේම එපා වෙලා..මොකද සුගත් කියන දේ තෙරුම් ගන්න බැරි...මට නම් මේ ජිවිතේ එපා වෙලා තියෙන්නෙ දැන්"

හැමදාකම වගේ ශශිනි ගෙදර එද්දි ඇහුනේ....තම මවගේත් පියාගෙත් රණ්ඩුවයි...

#ශශිනි ..... තම ජිවත් වු මවගේ ආදරය අහිමි වු අවුරුදු 20 ක අහිංසක තරුණියෙකි... ඇයට ඇගෙ ජිවිතේ හැමදේම වුනේ ඇය මෙන් අහිංසක ඇගෙ පියා වූ...#සුගත්...

සුගත් කියන්නෙ දැනට වසර 2කට පෙර සිටි සුප්‍රසිද්ධ ව්‍යාපාරයක හිමිකරුවෙකි....නමුත් සුගත් අද වෙනකොට බංකොලොත් වෙලයි ඉදියෙ...

මේ බංකොලොත් විම නිසා...සුගත්ට තම මහන්සියෙන් ගොඩනගාගත් ව්‍යාපාරය මෙන්ම.. තම බිරිඳ වු #අමාලිත් අහිමි වුනේ දෛවයේ සරදමක් ලෙසිනි...

අමාලි හා සුගත් විවාහ වු මුල් කාලයේ ව්‍යාපාර කටයුතු හොදින් සිදු වු නිසාවෙන් හැමොම ජිවත් වුනෙ හුගාක් සතුටුන්...එත් ව්‍යාපාර බංකොලොත් වීමත් සමග අමාලිගේ සෑබෑ රූපය මතු වෙන්න ගත්තෙ..ශශිනි වගෙම සුගත්වත් පුදුමයට පත් කරමිනුයි...

අමාලිට හැමදාම ඕනි කලෙ සුගත්ගේ ආදරය නෙවෙයි සුගත්ගෙ සල්ලි....සුගත්ගෙ ව්‍යාපාර බංකොලොත් වු නිසායි අමාලි සුගත් එක්ක හැමදාකම රණ්ඩු වෙන්න ගත්තෙ....

සුගත්ගේත් අමාලිගේත් ප්‍රශ්න නිසා හැමදාකම දුක් වින්දේ අහිංසක ශශිනියි .....

ශශිනි වෙනදා වගෙම කිසිම දෙයක් නොකියා තම කාමරට යන්න ගියේ හිතේ වුනු වේදනවටමයි...ශශිනි කාමරට ගිය විගසම කාමරයට ආවෙ තම ආදරණිය පියා වු සුගත්ය..

"දෝණි...."

"එන්න තාත්තේ ඇතුලට...අදත් අම්මා..."

"ඔයා එවා හිතන්න යන්න එපා....ඔයා දන්නවානේ අම්මා ගැන.. ඔයා දැන් ඔයාගේ විභාගේ ගැන හිතන්න...තව මාසයක්වත් නෑ නෙද"

"ඔව් තාත්තා තව මාසයයි....අම්මා අද උදේද ආවේ"

සුගත්ගෙ ව්‍යාපාරයේ බංකොලොත් වීම නිසා අමාලි සුගත්ව අතහැර තම මහගෙදරට ගියෙ.  තම  එකම දුව වු...ශශිනි ගැනවත් නොසිතාය...නමුත් හැම වෙලාවකම ඇවිත් සුගත් සමග රණ්ඩුවුයේ ශශිනිටවත් සුගත්ටවත් නිදහසේ ජිවත් වීමට වු අයිතිය අහිමි කරමිනි...

"නෑ දැන් ටිකකට කලින් අවේ.."

"ඇයි තාත්තේ අම්මා අපිට මෙහෙම වද දෙන්නෙ...එයා දැන් අපිව දාලා ගිහින් ඉවරයිනෙ..මොකද මෙ හැමදාම එන්නේ...ඒ එන්නෙත් අපෙ දුක සැප බලලා යන්න නෙමෙයිනෙ..අපෙ හිතෙ තියෙන තුවාල තවත් පාරලා යන්නනේ"

"දෝණි..එහෙම කියන්න එපා ඒ ඔයාගෙ අම්මානේ දරුවො..."

"අම්මා කෙනෙක් කොහොමද තමන්ගෙ දරුවන්ට මෙහෙම දෙවල් කරන්නෙ..මගෙ ජිවිතෙ ඉන්න අම්මත් තාත්තාත් ඔයා විතරයි තාත්තේ "

"මන් දන්නවා මගෙ රත්තරන් මටත් හැමදේකටම ඉන්නේ ඔයා විතරනේ!

සුගත් .... ශශිනිව වැලදගත්තෙ හුගාක් ආදරයෙන් .....

😢😢😢😢😢

ප්‍රශ්න බාධක මැද්දෙ සුගත්ගෙත් ශශිනිගෙත් ජිවිත ගෙවිලා ගියෙ...තව තවත් ඒ ජිවිත වලට කදුළු එකතු කරමිනුයි....

ඊට හේතුව වුනේ හැමදාකම වගේ අමාලි...දුක් කම් කටුලු මැද ගෙවුනු සුගත්ගෙ ජිවිතෙට තව තව කරදර ගෙනෙමින් අමාලි සුගත්ව දික්කාසද කල සුගත්ට ඉතුරිව තිබු නිවසත් වන්දි ලෙස ලබා ගත්තෙ...තම එකම දුව ගැනවත් නොසිතාය.....

මේ සියල්ලක්ම සමසෙ දරාගත් ශශිනි වගේම සුගතුත් හැමදෙම අමාලිට පවරලා සුගත්ගෙ මහගෙවල් තිබු නුවර ප්‍රදේශයට පැමිනියෙ ..... ශශිනිගෙ උසස් පෙළ විභාගය අවසන් වු විගසමයි....

"තාත්තා!!....."

කෙල්ල කුස්සියට එද්දිම දැකපු දෙයින් කෙල්ලගෙ හිත දුකින් පිරුනෙ කෙල්ලට තාත්තා ගැන තිබුනු ආදරය නිසාමයි

"මොකද තාත්තේ කරන්නේ"

"අනෙ දෝණි...නැගිට්ටාද...."

"ඔව් අනෙ...මන් කියලා තියෙනවනෙ තාත්තා....මොකට කුස්සිය අස්සෙ රින්ගනවාද මන්දා"

සුගත් කෙල්ලට පන ඇරලා....ඒ නිසායි එදා ඉදන් අම්මා කෙනෙක්ගෙන් වෙන්න ඕනි හැමදෙයක්ම වගෙ සුගත්ගෙ අතින්ම සිදු කලා...එ පුරුද්ද නිසාමයි අදත් සුගත් උදෙන්ම නැගිටලා උයන්න ගත්තෙ..කෙල්ල පුලුවන් හැමවෙලාකම ගෙදර දොරෙ වැඩපල කලත් සුගත් කෙල්ලට වැඩ කරන්න දෙන්නෙම නැති තරම් .

"තාත්තා..කො යන්න දැන්...මන් කිව්වානෙ අනේ...දැන් විභාගේ ඉවර  නිසා මට මේ වැඩ කරන්න පුලුවන් කියලා"

"ඒ වුනාට ..."

"ඒ වුනාට මේ වුනාට නෙමෙයි යන්න ගේ ඇතුලට..."

🌼🌼🌼🌼🌼🌼🌼🌼

කෙල්ල දවල්ටත් එක්කම බත් උයලා...ලග තිබුනු නැන්දාගෙ ගෙදරට ගියේ කෙල්ලට ගෙදර ඉදලා කම්මැලි නිසායි...නුවර පදිංචියට ආවට පස්සෙ තාමගෙත් තම දියණියගේත් ජිවිතය ගෙවා ගැනිමට... සුගත් කුලි වැඩ වලට ගියෙ ... තමන් කාලයක් සුප්‍රසිද්ධ ව්‍යාපාරයක හිමිකාරයෙක්ව සිටිය බව අමතක කරමිනුයි...

"නැන්දා....."

"ආ....මෙ ශශිනි දුව නෙද මන් මෙ බැලුවා කවුද කියලා...මොකද මේ පැත්තේ .... ආවා අවාමයි මේ පැත්තෙ  ආවෙ නැනේ"

"ඒකනෙ නැන්දෙ දැන් ආවෙ"

"හ්ම් හ්ම්ම්ම් දැන් හරි ආපු එක හොදයි...මන් එන්නමයි ඉදියෙ දුවව හම්බවෙන්න"

"ඒ ඇයි නැන්දෙ..."

"දැන් විභාගෙ ලියලා ඉවරයි නෙද"

"ඔව් නැන්දෙ තාම රිසාල්ට් නම් ආවෙ නෑ"

"ආ....ආ රිසාල්ට් එනකන්වත් මොකක් හරි job එකක් කලොත් නරකද"

"කරන්න ඕනි නැන්දා...එත් තාත්තා කැමති නෑනේ"

"තාත්තා නිසා තමයි යන්න කියන්නේ...පෙන්නෙ නැද්ද දුක් විදින හැටි....අමාලි මගෙ මල්ලිගෙ ජිවිතෙ විනාශ කලා..ඔයත් හදන්නේ ඒ මනුස්සයාට තව දුක් දෙන්නද"

"අනෙ ... නැන්දෙ මන් කවදාවත් තාත්තාට නම් දුකක් දෙන්නෙ නෑ...තාත්තා තමයි මගෙ හැමදේම මන් නැන්දා කියන ඕනි දෙයක් කරන්නම්"

"මන් ඔයාට බලකරන්නෙ නෑ..ඔයා කැමති නම් මන් රස්සාවක් හොයලා දෙන්නම්"

"අනෙ...හා නැන්දෙ මන් ඕනිම රස්සාවක් කරන්නම්"

"හා හා..හැබැයි ඕවා තාත්තා එක්ක එහෙම කියන්න යන්න එපා..."

"හරි නැන්දෙ "

කෙල්ල නැන්දා ලගට ගියෙ හිතෙ වුනු කම්මැලිකමට වුනත් එහෙන් එන්න වුනෙ..හිතෙ තිබුනු ප්‍රශ්න වැඩි කරගෙනයි

"දූ මොකද කල්පනාව ආ .."

කුලි වැඩට ගිය සුගත් ශශිනිගෙ කාමරයට ඇවිත් කතා කලෙ ..... ශශිනි.... ගේ ඇතුලේ පෙන්න ඉදපු නැති නිසායි....

"මොකද මේ..."

"තාත්තා...දැන්ද ආවේ"

කෙල්ල තාත්තා ලගට දුවලා ගියේ හිතේ තිබුනු පාලුවටත් එක්කමයි.....

"මොකද මොකද  මේ හුරතලේ ආ..."

කෙල්ල තාත්තාට තුරුළු වෙද්දිම කෙල්ල දැක්කෙ කරගැට ඇවිත් තියෙන තාත්තාගෙ අත් දෙකයි...කෙල්ලට තාත්තා ගැන ඇති වුනෙ කියන්න බැරි තරම් දුකකි...ජිවිතේ සතුටුන්ම ඉන්න ඕනි කාලෙ තාත්තාට ඉන්න වෙලා තියෙන්නෙ දුක් විද විදයි.....සේවකයන් දස දාහකට රැකියා සපයලා සැප සම්පත් මත ජිවිතේ ගෙවුනු සුගත්ට.... අද මෙ උදා වෙලා තියෙන තත්වය ගැන ශශිනිට ඇති වුනෙ දුකකි...ඊටත් වඩා තම මව ගැන ඇති වුනෙ පුදුමාකාර කේන්තියකි මේ හැමදාකටම වගකියන්න වු අමාලි  නිසායි..

"ඇයි මෙ ඇස් වල කදුළු "

"නෑ...තාත්තා මෙ..නිකන් වෙන්න ඇති .... එන්නකො දැන් කන්න යන්න.."

කෙල්ල තාත්තාගෙන් කදුළු හැංගුවෙ තාත්තාට තවත් දුක් දෙන්න බැරි නිසායි...

😢😢😢😢😢😢😢

කෙල්ල තාත්තා විදින දුක ගැන හිතලම නැන්දා කිව්ව දේට කැමැත්ත දෙන්න තිරනය කලා..ඒ නිසායි අද උදෙන්ම නැන්දා හොයලා දුන්න ගාමන්ට් එකෙ රස්සාවට ආවෙ...කෙල්ල හිතුවටත් වඩා කෙල්ලට රස්සාව ලැබුනෙ කෙල්ලගෙ තියෙන අධ්‍යාපන සුදුසුකම් වලටත් වඩා කෙල්ලට තියෙන කාගෙත් හිත යන ලස්සන නිසායි.කෙල්ලට තියෙන්නෙ ඕනි කෙනෙක්ගෙ හිත හොල්ලන්න පුලුවන් ලස්සනක් එ නිසයි කෙල්ලට රස්සාවට ගිය දවසෙ ඉදන් ආදර යෝජනා වලින්නම් අඩුවක් වුනෙ නැත්තෙ...ස්කොලෙ කාලෙත් ඒ යොජනාවලිනුත් අඩුවක් වුනෙ නෑ.  එත් කෙල්ලගෙ ගෙදර තියෙන ප්‍රශ්න නිසා වගෙම තම දෙමාපියන්ගෙ රණ්ඩු සරුවල් දැක දැක ඉදපු ශශිනිට ආදරය ගැන කිසිම විශ්වාසයක් තිබුනෙ නෑ..ඇය විශ්වාස කල එකම ආදරය වුනෙ තම පියාගෙන් ලැබුනු ආදරයයි ....

"ශශිනි......"

"ඇයි මනොජි...."

"බොස් උබට එන්න කියලා කිව්වා..."

"ඒ...ඇයි..."

"ඒකනම් දන්නේ නෑ කෙල්ලෙ ගිහින්ම බලපංකෝ මොකද කියලා"

නිතේශ්....කියන්නෙ ශශිනි වැඩ කරපු තැන බොස්...කඩවසම් පෙනුමක් තිබුනු මොහුගෙනුත් ශශින්ට ආදරයට යොජනාවක් ආවෙ වැඩට ගිය මුල් කාලයේදිමයි..

වැඩට ඇවිත් මාස ගානක් ගියත් නිතේශ්ගෙ කරදරෙ නම් අඩුවක් වුනේ නෑ...නිතේශ් කියන්නෙ සල්ලි පෙනුම කොච්චර තිබුනත් චරිතයෙන්නම් හොද මනුස්සයෙක්නම් නෙමෙයි..එ ගැන ශශිනිට දැනගන්න ලැබුනෙ ශශිනිට නිතේශ්ගෙන් ආදර යොජනාව එන්නත් කලිනුයි...

ශශිනි වැඩට යන්න තාත්තාගෙන් කැමැත්ත ගත්තෙ හුගාක් අමාරුවෙන් ඒ නිසා කෙල්ල හැමවෙලාකම පරිස්සමින් කෙල්ලගෙ වැඩ ටික කරගත්තෙ අනවශ්‍ය ප්‍රශ්න වල පැටලෙන්නෙ නැතිව..මොකව කෙල්ලට හැමදේකටම වඩා තාත්තා වටින නිසා වගේමතාත්තාගෙ විශ්වාසය වටින නිසයි.

තාත්තාට නිතේශ් ගැන කිව්වෙ නැත්තෙත් තාත්තා නිකරුනෙ කලබල වෙයි කියන බයටයි.එත් එන්න එන්න නිතේශ්ගෙ කරදරෙ වැඩි වුනේ කෙල්ලට හිතාගන්නවත් බැරි විදිහටයි..

කෙල්ල නිතෙශ් ඉන්න කැබින් එකට ගියේ දහසක් ප්‍රශ්න හිතෙ තියාගෙනයි  .

"සර්..may I coming "

"Yes. Yes..coming"

"මන් ඔයා එනකම් තමයි බලන් ඉදියේ. "

"ඒ ඇයි සර්..."

"තාමත් මන් අහපු දේට බෑමද ශශිනි ???"

"අනෙ..සර්..මන්...."

"හරි හරි මන් දන්නවා ඔයා මට කැමති නෑ එකට කමක් නෑ.මන් ඔයාට එන්න කිව්වෙ personal දෙයක් ගැන කතාකරන්න නෙමෙයි..official දෙයක් කතාකරන්නයි"

"ඒ මොකක්ද සර්.."

"එන්නකෝ ඇවිත් ඉදගන්න්කො ...."

කෙල්ලට නිතේශ්ගෙ මේ වෙනස හිතාගන්න බැරිවයි ඉදියේ..මොකද ශශිනිව දකින් හැමවෙලාකම වගෙ නිතෙශ්ගෙ කටෙ තිබුනෙම කමැත්ත  ගැන අහන වචන විතරයි...කවදාවත් නැතිව වැඩ ගැන කතාකරන්න ශශිනිට මෙ කතාකරාමයි...

"අද හදිසි ඕඩර් එකක් තියෙනවා ඒක අද රැ 10 ට ජලින් යවන්න ඕනි ඒ නිසා පැකින් සෙක්ශමන් එකෙ අය ඉන්න ඕනි"

"කීය වෙනකන්ද සර්.."

"ගෑනු ලමයි ටික නම් 9 වෙනකොට වගෙ යවනවා..ඔයාල එක්ක වැඩ කරන අය ගෙන් ටික දෙනෙක් නවත්තගන්නවා ඔයත් ඒ list එකෙ ඉන්නවා..ඒ list එකෙ ඉන්න අයට මන් පෞද්ගලිකවම කිව්වා මොකද රෑ වෙනකන් ඉන්න ඕනි නිසා ඒ අයගේ කැමැත්ත වැදගත් වෙනවනේ..මොකද කියන්නෙ ශශිනි ...ඉන්න පුලුවන්නෙ.."

"ඔව් සර් මට පුලුවන් අනිත් අයත් ඉන්නවන්නේ.."

"ඔව් .... එහෙනම් දැන් ගිහින් වැඩ පටන් ගන්න.."

කෙල්ල තාත්තාට කෝල් එකක් දිලා අද එන්න පරක්කු වෙනවා කියලා කිව්වෙ තාත්තා කෙල්ල එනකම්ම පාරට වෙලා බලන් ඉන්න නිසායි...කෙල්ල රෑ වෙනකම් වැඩ කරන්න කැමති වුනේ.. නිතෙශ් එක්ක තවත් ප්‍රශ්න දා ගන්න තියෙන අකැමැත්ත නිසායි..

"ශශිනි එන්නෙ නැද්ද යන්න.."

"ඇයි මන් කිව්වෙ සදමාලි අක්කෙ අද මන් රෑ වැඩ තව අය ඉන්නවා කිව්වානේ අක්කලා යන්න "

කෙල්ල වැඩට ආපු දවසෙ ඉදන් කෙල්ල ලගම ඉදන් කෙල්ලට උදව් කරපු කෙනෙක් තමයි සදමාලි කියන්න...සදමාලිත් ශශිනි වගේම දුප්පත්කම නිසා ජිවිතෙ හුගාක් කරදර වලට මූන දෙන්න වුනු කෙල්ලෙක්...ඒ නිසාම වෙන්න ඇති සදමාලි මේ තරම්ම ශශිනිට ලංවෙන්න ඇත්තෙ...

සදමාලි ගියාට පස්සෙ  කෙල්ල වොශ් රුම් එකට ගියෙ එක දිගටම වැඩ කරලා මහන්සි නිසායි...කෙල්ල වොශ් රුම් එකට ගිහින් එනකොට දැකපු දෙයින් කෙල්ලට හීන් දාඩිය දැම්මා

වැඩ කරන තැන කවුරුවත්ම නෑ..හෑමොම ගිහින් එත් නිතෙශ් කිව්වෙ ගොඩාක් අය අද නවත්තගන්නවා කියලයි..කෙල්ලට හුගක් බය හිතුනා.මොකක් හරි කරදරයක් වෙන්න තියනවා වගෙයි කෙල්ලට දැනුනෙ එ නිසයි කෙල්ල ... කෙල්ලගෙ බෑග් එකත් අරන් ඉක්මනට වැඩ කරන තැනින් එන්න හැදුවෙ එත් කෙල්ලට එතනින් එන්න වුනේ නෑ එතනට හිනා වෙවි ශශිනි දිහා කාමුක ලෙස උඩ ඉදන් පහලට බල බල ආවෙ වෙන කවුරුවත් නෙමෙයි නිතෙශ්

"ස...ර්..."

කෙල්ල බයෙන් බයෙන් පිටි පස්සට ගියත් නිතෙශුත් ශශිනි ලගට ගියෙ..ඒ කෑදර බෑල්ම තව තවත් වැඩි කරන ගමන්මයි...ඒ ඇස් රතු වෙලා...ශශිනිව අද කොහොමහරි තමුන්ගෙ කරගන්නවා කියන බලාපොරොත්තුව නිසායි නිතෙශ් කෙල්ලට බොරු කියලා office  එකෙ නතර කරගත්තෙ

නිතෙශ්ට ශශිනි ගැන තිබුනෙ ආදරයක්ම නෙමෙයි .. නිතෙශ් ආදරය කලෙ කෙල්ලගෙ ඇගටයි...එ නිසයි නිතෙශ් මේ වගෙ දෙයක් කරන්න තීරනය කලෙ අනිත් කෙල්ලො සල්ලි විසික් කරපු ගමන් නිතෙශ් ලගට ආවෙ නිතේශ් ලග තිබුණු සල්ලි වල බලයටයි..

නිතෙශ් කෙල්ල ලගටම ඇවිත් කෙල්ල ඇදන් ඉන්න ඇදුම ටික ටික පාත් කලෙ කෙල්ල අඩද්දිමයි

"අනේ ස...ර්..ර්  මට යන්න දෙන්න.."

කෙල්ල නිතෙශ් ලග වැද වැටුනෙ හිතෙ තියෙන බයට වගෙම හිතේ තියෙන අසරණකමටයි...

"අනෙ කෙල්ලෙ...යන්න දෙන්නෙ කොහොමද..මම් ඔයාව බොරු කියලා නවත්ත ගත්තෙ එහෙම යවන්න නෙමෙයිනෙ..."

නිතෙශ් තව තවත් ශශිනිට ලං වුනෙ කෙල්ලට මුනට නිතේශ්ගෙ හුස්ම වැටෙන ගානටයි..එත් එක්කම වගෙ නිතෙශ් ශශිනිව අත් දෙකින් අල්ලගත්තෙ ශශිනිට හෙල්ලෙන්නවත් බැරි විදිහටයි...

කෙල්ල කොච්චර පොරබැද්දත් ඒ හැම දෙයක්ම නිශ්ඵල වුනා ... කෙල්ල නිතේශ්ගෙන් බේරෙන්න හැදුවත් ඒ හැමදේම ආසාර්ථක වුනේ...දෛවයත් නිතේශ්ගෙ පැත්ත ගත්ත නිසා වෙන්න ඇති..

අවසානයෙදි...නිතේශ් නතරවුනේ... කෙල්ල අවුරුදු 20 ක් පරිස්සම් කරගත්තු..ඒ පිවිතුරුකම විනාශ කරායින් පස්සෙ තමයි...නිතෙශ්.... බිම වැටි අඩ අඩ ඉන්න කෙල්ල දිහා බල බල හිනා වෙවි යන්න ගියෙ වීරකමක් කර්පු ගානටයි...අහිංසක කෙල්ලගෙ ජිවිතය විනාශ කරපු එක ගැන දුකක් වෙනුවට එ දෙ කරපු එක ගැන නිතේශ් ඉදියෙ සතුටින් ආඩම්බරයෙන්...

ශශිනි කොච්චරනම් ඇඩුවාද කියලා කිව්වොත් ඇත්තටම කෙල්ල පැය ගානක් ඇඩුවා.....ඉකි ගගහා ඇඩුවා එත් කෙල්ලගෙ ඇඩිල්ලෙ ඉවරයක් වුනෙ නෑ..එත් එක පාරටම කෙල්ලගෙ ඇඩිල්ල නතරවුනේ කෙල්ලට තාත්තා මතක් වුනු නිසායි..හැමදාමත් වැඩ ඉවර වෙලා ගෙදර එනකන් බලාගෙන ඉන්න තම අහිංසක පියා මතක් වුනු ශශිනිගෙ නතරවුනු ඇඩිල්ල ආයෙත් පයන් ගත්තෙ...අද දවසෙ වුනු ඒ  අවාසනාවන්ත සිදුවීම පෙලින් පෙලට මතක් වුනු නිසා..කෙල්ලට මහ අසරණකමක් දුකක් දැනුනෙ....තම ජිවිතය දැන් කිසිම පලක් නෑ කියලා දැනුනු ශශිනිට මැරෙන්න හිතුනු වාර අනන්තයි...එත් කෙල්ල ඒ හැම හැගිමක්ම යටපත් කටගත්තෙ තම අහිංසක තාත්තා නිසායි .... අවසානයේ කෙල්ල කදුළු පිහදාගෙන වුන්නු තැනින් නැගිටලා...සේවකයන්ට වෙන් කරලා තිබුනු වොශ් රූම් එකට ගියේ කාමතුරයෙකට හසු වි විනාශ වුනු තම ශරීරය පිරිසිදු කරගෙන....මෙ කිසිදු දෙයක් නොදැන තවමත් ශශිනි එනකන් මග බලන් ඉන්න සුගත් වෙනුවෙන් ඉක්මන්ට ගෙදර යන්නයි..

**** **************************

ශශිනි ඉක්මනින් ගෙදරට ආවත් හැමදාකම ශශිනි එනකන් මග බලන් ඉන්න තාත්තා පාරෙ ඉදපු නැති නිසා කෙල්ල මහ අමුතු බයක් හිතට දැනුනා..එ නිසායි කෙල්ල ඉක්මනින් ගෙදරම ගියෙ...ගෙදරට යද්දිම කෙල්ල දැකපු දෙයින් කෙල්ලගෙ මුලු ඇගම පන නැතුවෙලා යනවා වගෙයි දැනුනෙ...

මුලු ගෙදරම කලුවරයි....ගෙ ඇතුලට ගිහින් බැලුවත් කෙල්ලට තාත්තාව හොයාගන්න බැරි වුනේ කෙල්ලගෙ බය තව තවත් වැඩි කරමින්...

කෙල්ලා අඩ අඩම නැන්දාගෙ ගෙදරට දුවගෙන ගියෙ..තාත්තා එහෙදිවත් හමුවෙයි කියන විශ්වාසටයි..එත් කෙල්ල නැන්දාගෙ ගෙදරට යද්දි නැන්දාගෙ ගෙදර දොර ලොක් කරලා තිබුනෙ..එතකොට තමයි කෙල්ලට මතක් වුනෙ නැනදලා අද මාමාගෙ මහගෙදර තියෙන අනුරාධපුරයට ගියා කියලා...

කෙල්ලට මහ බයක් වගේම මහ අසරණකමක් දැනුනා.
කෙල්ල කොහෙන් කියලා තාත්තාව හොයන්නද..කෙල්ලට ප්‍රශ්න පිට ප්‍රශ්න .... කෙල්ලගෙ ජිවිතේ කාලකණ්ණිම දවස අද කියලායි කෙල්ලට හිතුනේ ඒකත් ඇත්ත...තම ජිවිතේ වටිනාකම සුන්නත්දූලි වෙලා ගිය අද වගෙ දවසක ඒ දුක බෙදාගන්න තම ජිවිතෙ වටිනාම  වස්තුව වුනු කොහෙ ගියාද කියලා හොයාගන්න බැරිව ඉදපු කෙල්ල ආයෙත් අඩන්න ගත්තේ කෙනෙක්ට බලාගෙන ඉන්නවත් බැරි විදිහටයි ..

කෙල්ල අඩ අඩ ඉද්දිමයි කෙල්ලගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තෙ...කෙල්ල ඉක්මන් කරලා ෆෝක් එක අතට ගත්තේ කෝල් එක සුගත්ගෙන් කියන බලාපොරොත්තුවෙන් එත් ඒ හැම බලාපොරොත්තුවක්ම සුනුවිසුනු වුනේ කෝල් එක ආවෙ නොදන්න නම්බර් එකකින් නිසායි..එත් කෙල්ල ඉක්මනින් කෝල් එක ආන්සර් කලේ තාත්තා ගැන විස්තරයක් දැනගන්න පුලුවන් වෙයි කියන විශ්වාසයෙන්...

"හෙ...ලො"

"හෙලෝ..ශශිනි දුවද කතාකරන්නෙ.."

"ඔව්ව්...මේ කවුද ."

"ආ...මන් ඩොක්ටර් සුමනසේකර ..මතකද මාව මන් ඔයාගේ තාත්තාගෙ හොදම යාලුවා.."

"ඔව් අන්කල් මට මතකයි..ඉස්සර අන්කල් අපේ ගෙදර එනවානේ...අන්කල්ට කොහෙන්ද මගේ නම්බර් එක...ඇයි අන්කල් රෑ වෙලා මොකක්හරි හදිසියක්ද"

"නෑ නෑ බය වෙන්න එපා..හදිසියක් නෑ..මන් දැන් වාහනයක් එවන්නම් ගෙදරට දූ එකෙ එන්නකෝ...තාත්තා ගැන බය වෙන්න එපා තාත්තා මා එක්ක ඉන්නෙ හොදෙ..."

කෙල්ලට දැන් තමයි හැමදේම තෙරුම්ගන්න පුලුවන් වුනේ...කෙල්ල ඉක්මන් කරලා පාරට ආවේ සුමනසේකර එවන වාහනේ එනකන්...තාත්තාට මොකද වුනේ ඇයි සුමනසේකර අන්කල් එක්ක තාත්තා ඉන්නෙ..ඇයි තාත්තා කතා නොකර සුමනසේකර කතා කලෙ කියන කුතුහලයෙන් ශශිනිගෙ හිත පිරිලා තිබුනෙ

ඩොක්ටර් සුමනසේකර එවපු වාහනේ කෙල්ලවත් අරගෙන කෙලින්ම ආවෙ ප්‍රදේශයේ තියෙන ජනප්‍රිය පෞද්ගලික රෝහලකටයි...කෙල්ලගෙ බය එන්න එන්න වැඩි වුනේ රෝහල ඉදිරිපිටි ඉන්න සුමනසේකර දැක්ක නිසායි ...

"අන්කල්..."

"ආ. ආවද දුව...එන්නකෝ යන්න.."

"ඇයි අන්කල්..."

"බය වෙන්න එපා තාත්තා දන් ඉන්නෙ හොස්පිටල් එකෙ..."

"අනේ...මොකද මගේ තාත්තාට "

කෙල්ල කෑගහලා අඩද්දි සුමනසේකර කෙල්ලවත් අරගෙන් සුමනසේකරගෙ කැබින් එකට ඇවිත් කෙල්ලට කිව්වේ...සුගත් කාලාන්තරයක් තිස්සේ හදවතේ රෝගයකට බෙහෙත් ගන්නවා කියලා ඒ වගේම...අද එක පාරටම අසනීප තත්ත්වය වැඩි වෙලා සුගත් සුමනසේකරට කෝල් කරාම...අසනීප තත්වය වැඩි නිසා කෙලින්ම හොස්පිටල් එකට ගෙනාවා කියලා...

කෙල්ලව කරකවලා අතහැර දැම්මා වගෙයි දැනුනෙ..මොකද කරන්නෙ කියලා කෙල්ලට කිසිම තෙරුමක් නෑ..ඊටත් වඩා සුගත්ව නවත්තලා තිබුනෙ පෞද්ගලික රෝහලක නිසා කෙල්ල හිතුවෙ කොහොමද මේවෙව් බිල් ගෙවන්නේ කොහොමද තාත්තාව බේරගන්නේ කියලා..

"අන්කල්...මන් තාත්තාව ගවර්න්මන්ට් හොස්පිටල් එකකට අරන් යන්න්ම් අන්කල්...අන්කල් දන්නවානේ අපිට දැන් ඉස්සර වගෙ සල්ලි නෑ කියලා.."

"අනේ දරුවෝ එවා ගැන හිතන්න එපා මන් මේ හොස්පිටල් එකට ගෙනාවේ ඔයාලගේ සල්ලි ගන්න නෙමෙයී සල්ලි ගැන වද වෙන්න එපා...ඔයා බලන්න ඕනි දැන් කොහොමද තාත්තාව බේරගන්නේ කියලා"

"ඇයි අන්කල් තාත්තාට බෙහෙත් ..."

"බෙහෙත් දිලා තියෙන්නෙ දුව එත් තාත්තාව බේරගන්න නම් පැය 6ක් ඇතුලත තාත්තාට ගැලපෙන් හාර්ට් එකක් බද්ධ කරන්න ඕනි.. "

"මොකක්..."

"ඔව්...දුව එකයි මන් ඔයාට එන්න කිව්වේ..අපි කොහොමහරි හාර්ට් එකක් හොයාගන්න ඕනි මන් දන්න හැම තැනකටම වගේ කිව්වා...ඔයාත් හොයලා බලන්න..."

"අනේ තාත්තාව බේරගන්න පුලුවන් වෙයි නෙද..."

"ඔව් ඔව් දූ බයවෙන්න එපා....තාත්තාව සනීප කරගන්න පුලුවන්"

"අනේ මට තාත්තාව බලන්න ඕනි"

කෙල්ලගෙ වුවමනාවට සුමනසේකර කෙල්ලව  සුගත් ඉන්න කාමරයට යැව්වා..සුගත්ව දකිද්දි කෙල්ලට හුගාක් දුක හිතුනා...
සුගත්ට තවමත් සිහිය නැතිව ඇදේ ඉන්න හැටු දැක්කාම කෙල්ලට දරාගන්න බැරි වුනා...

"තාත්තේ අනේ නැගිටින්නකෝ තාත්තේ..අනේ ඇයි මටම මෙහෙම වෙන්නේ පොඩි කාලෙ ඉදන් අම්මාගෙ රන්ඩුමයි.මට හැමවෙලාවකම මන් ලග ඉදියේ ඔයානේ තාත්තෙ අම්මා වගෙ ...අම්මා මාව දාලා ගියාමවටත් මට මෙහෙම දුකක් දැනුනේ නෑ තාත්තේ .... අනේ ඔයා දන්නවද මට අද වුනු දේවල් අද ඔයා මැණිකක් වගේ හැමදාම රැකගත්ත දෝණිගේ ජිවිතේ විනාශ වෙලා ගියා දන්නවාද ඔයා මට මැරෙන්න හිතුනා තාත්තෙ මගෙන් දැන් කිසිම වැඩක් නෑ...එත් හිත හදාගෙන මන් ආවෙ ඔයා නිසා.මට මොනා නැති වුනත් කමක් නෑ ඔයා ලග ඉන්න නිසා..."

"මොකක්ද තාත්තෙ ඔයා කරන්නේ ඇයි මාව දාලා යන්න හදන්නේ ඇයි කිව්වේ නැත්තේ ඔයාගේ ලෙඩේ ගැන ඇයි...ඔයා මේ ලෙඩේ තියාගෙන වැඩ කලේ මන් නිසා නෙද...බය වෙන්න එපා තාත්තේ මන් තාත්තාව කොහොමහරි බේරගන්නවා මේ ඔයාගේ දෝණීගේ පොරොන්දුවක්."

කෙල්ල හොස්පිටල් එකෙන් එලියට ආවේ කෙල්ලගේ ජිවිතෙ ලොකු තීරනයක් අරගෙන ඒ තමන්ගේ ආදරණිය තාත්තාව....තමන් වෙනුවෙන් හැමදේයකම කැපකරපූ ඒ තාත්තාව බේරගන්නවා කියන බලාපොරොත්තුවෙන් ...

කෙල්ල දන්න කාලේ ඉදලා කෙල්ල ලග තාත්තෙක් වගෙව් විතරක් නෙමෙයි අම්මෙක් යාලුවෙක් විදිහටත් ලග ඉදියේ සුගත් ......සුගත්ගේ බංකොලොත් වීමත් එක්ක සුගත්ට හැමදේම නැතිවුනත් සුගත් කිසිම් දිනක කෙල්ලට කිසිම දේයකින් අඩුවක් කලේ නෑ...එ නිසාම තමයි කෙල්ල ගාමන්ට් එක්ව්ව් රස්සාවට යනවටත් අකමැති වුනේ...එත් කෙල්ලගේ බලකිරීම නිසා අවසානයේ වැඩට යන්න කැමැත්ත දුන්නාට හිතේ බයෙන් තමයි සුගත් කෙල්ලව වැඩට යැව්වෙ

"මට සමාවෙන්න තාත්තේ...ඔයා කොච්චරනම් එපා කිව්වාද වැඩට යන්න එත් මන් වැරදි තාත්තේ..ඔයා කියන දේ ඇහුවනම් අදටත් මන් එදා ඉදපු ඔයාගේ පුංචී දෝණිමයි"

කෙල්ල හොස්පිටල් එක ඉස්සරහා තිබුන බස් හොල්ට් එකට වෙලා අඩන්න ගත්තෙ සුගත් ගැන ඇතිවුනු දුකටයි....

එක පාරටම අඩ අඩ ඉදපු කෙල්ල හිටපු තැනින් නැගිටලා වේගේන් ආපු බස් එකට පැන්නේ කෙල්ලව විසික් වෙලා තාරපාරට වැටුනේ ලේ විලක් මැද කෙල්ලගේ දෑස් පියවෙන ගමන්මයි .......

කෙල්ල තමන්ගේ ජිවිතේ නැති කරගන්න තීරනය කරගත්තේ තමන්ගේ ජිවිතෙන් දැන් වැඩක් නෑ කියලා දැනුන නිසායි...කෙල්ලගේ ජිවිතේ විනාශ වෙලා ගියත් කෙල්ල ජිවත් වෙන්න තීරනය කලේ තාත්තා නිසායි..එත් දැන් කෙල්ල ජිවත් වුනත් සුගත්ට ජිවත් වෙන්න තිබුනු අවස්ථාවක් නැති නිසායි කෙල්ල මැරෙන්න තිරනය කලේ ඒ තමුන්ගේ තාත්තාගේ ජිවිතේ බේරගන්න තියෙන බලාපොරොත්තුවෙන්...

මොකද තාත්තා ජිවත් වෙන එක කෙල්ලට හුගාක් වටිනවා...තාත්තා දැනගත්තොත් කෙල්ල නිතෙශ් කියන කාමතුරයා නිසා කෙල්ල දූශනය වුනා කියලා ඒක තාත්තාට දරාගන්න අමාරුවෙයි කියලා

ඒ හැමදේකටම හොදම විසදුම තමයි කෙල්ල මැරෙන එක..එකෙන් තාත්තත් බේරගන්න පුලුවන් වෙනවා වගේම කෙල්ලට වුනු කරදරය ගැනත් දැනගන්න වෙන්නෙ නෑ කියන අවසන් බලාපොරොත්තුව තමයි කෙල්ලට තිබුනේ

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

මාස දෙකකට පසු.......

දෛවයේ වාසනාවට ශශිනිගෙ කැපවීම අපතේ ගියේ නෑ...ශශිනිට රිය අනතුරු වුනු ගමන්ම වගෙ කෙල්ලව ලග තිබුනු සුගත් නවත්තලා තිබුනු හොස්පිටල් එකටම තමයි ගෙනාවේ ඒ වගේම කෙල්ලගේ හදවත සුගත්ටම බද්ධ කරන්න පුලුදන් වුනේ හරියට හාසමක් වගේ  ඒ තමයි කෙල්ලගේ කැමැත්ත අද කෙල්ල ඉන්න තැනක සතිටින් ඇති..මොක්ද කෙල්ල මැරුණත් කෙල්ලගේ හදවත් තාම ගැහෙනවා...එ තමන්ගේම තාත්තා තුල..

අදටත් සුගත් දන්නේ නෑ...තමුන් බේරුනේ ශශිනි නිසා වගේම ශශිනිට වුනු කරදරය ගැනවත්....සුගත් දන්නෙ කෙල්ලට රිය අනතුරක් වෙලා මියගියා කියලා කියන එක විතරයි...එත් සුගත් නොදන්න ඒ ඇත්ත තමයි තමන්ගේ ජිවිතේ බේරුනේ තමන් පන වගේ ආදරය කරපු දෝනි නිසා කියන එක.......

සුගත්ට අදටත් එයාගේ ආදරණිය දෝනි මතක් වෙන වාර අනන්තයී ඒ හැම වෙලාවක සුගත්ගේ හදවත වේගෙන් ගැහෙනවා..ඒ ශශිනිගෙ හදවත ශශිනි ලග ඉන්නවා කියනඑක සුගත්ට දැනෙන්නයි...ශශිනි මියගියත් ශශිනිගෙ සුගත් කෙරෙහි වුනු එ ආදරය නම් අමරණීයයි

🌹🌹🌹🌹🌹සමාප්තයි🌹🌹🌹🌹🌹

#රොෂානි_තක්ෂිලා

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment