මං නැතිදා

😟😟😥😥**මං නැතිදා**😥😥😖😖

"සුදු අම්මා .....අම්මා...කෝ ඔයා"

"මොකද අනේ බෙරිහන් දෙන්නේ මං මෙහේ"
මම මහා හයියෙන් කෑ ගැහුවේ නෝනා පේන්න නැතිනිසා...ඒකට පිලිතුරනම් ආවේ නානකාමරය පැත්තෙන්.මමත් හීමීට රිංගුවා ඒක අස්සට.

"ඊයා අනේ ලැජ්ජ නැද්ද ගෑණු නාද්දි එන්නේ"
"ඒකට තමයි නෝනේ දොරට ලොක් එකක් දාලා තියෙන්නේ ඇයි ලොක්කරේ නැත්තේ ඇරලා තිබ්බෙ මට එන්නනේ නේද"

එයා බාගෙට නාලා හිටියේ ඒ දිග කොන්ඩේ පිටදිගෙ වැටිලා මට ඉතින් මොන මොනවද හිතෙනවා.
"අනේ මහත්තයා මේ රෙදිටික වනන්නකෝ"

මදැයි මං කරගත්තදෙයක් දැන් ඉතින් බෑ කියන්නද මම ඔන්න ඔහේ රෙදිටිකත් උස්සගන එලියට ආවා.
පව් එයා ගෙදර හැමවැඩක්ම කරනවනේ මටත් පුළුවන් එයාට උදවුකරන්න මම හිතාගත්තා .එයා නාලා එද්දි මම රෙදිටික සේරම වනලා තිබ්බේ ....නාල එද්දි රෝසමලක්වගේ මම එයාව හරහට වඩාගත්තා .
"මොකද අනේ අද වෙලා තියෙන්නේ"

නෝක්කාඩුවට එයා කීවට හරි කැමැත්තෙන් මගෙ බෙල්ලෙ එල්ලිලා ඉන්නේ .

"දරැවෝ ඉන්නවා කියල‍ කියන්නවත් බෑ බං උබේ ලස්සන"

මං එයාව ඇදටඋස්සගන ගියා.එයාව තදින් තුරැල්කරගත්තා.එතකොටම
"අම්මී.."
මදැයි ඉතින් පුතන්ඩියා නෝනා සමච්චලේට හිනාවෙනවා පව් අප්පා මං.

"ඇයි පුතු"

"අම්මි පුතුට තේ තිබහයි"

"අනේ එන්න එන්න යමු තාත්ති තේ බොන්න "

මම පැංචව වඩාගත්තා .

"අම්මිත් නගින්න තාත්තිගේ කරේ"

ඔන්න ඉතින් දෙන්නම උස්සගන මම කුස්සියට ගියා ..මගෙ සුදු අම්ම් පව් මට හිතුනා අද තේ හදන්න.

"අම්ම්යි පුතුයි වාඩිවෙන්නකෝ අද තාත්ති තේ හදන්නෙ"
මම එහෙම කීවම නෝනා පුදුමවෙලා මගෙ දිහා බැලුවා.

"ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ රත්තරං"

"ඇයි මං තේ හැදුවම බොන්න බැරිවෙයිද?"

"හා  හා හදන්නකෝ"

මම රසම රස තේ එකක් හදලා ඒ දෙන්නට දුන්නා .දෝණී පංති ගිහින් හිටියේ එයාගෙ තේ එක ප්ලාස්ක් එකට දැම්මා .හැමදාමත් අපි වෙනුවෙන් ගෙදර හැම වැඩක්ම කරන්නේ  නෝනා ඉතින් මගෙ නිවාඩු දවසට මට පුළුවන්නේ එයාට උදවුකරන්න.
****************************
මගෙ රත්තරං මට ගොඩාරියක් ආදරෙයි දරැවන්ටත් එහෙමයි අපි පුදුමාකාර සමගියකින් ජීවත්උනේ.එයාට මම නැතුව රෑට නින්ද යන්නෙ නෑ හැමදාමත්  මගෙ පපුවට තුරැල්වෙලා අතක් බදවටේ දාගන තමයි නිදාගන්නෙත් .

"සුදු අම්මා ..ඔයා  ඇදිලා ගිහින් වගේනේ ....මේ බලන්න මූනත් එක්ක කැතවෙලා"

"දැන් කැතට වෙන්නැති පේන්නේ නේද"

"අනේ නෑ රත්තරං ඇත්තමයි මගෙ මැණික කොහොම හිටියත් මට ලස්සනයි ඒත් ඔයා ආසයිනේ ලස්සනට ඉන්න "

"දැන් ඉතින් කාට බලන්නද"

"ඇයි  අම්මා එහෙම කියන්නෙ කොහොමත් ඔයා ලගදි ඉදලා හරි වෙනස්"

"ඔවි ඔව් දැන් හැමදේම ඔයාට පේන්නේ එහෙම නේද"

එයා හයියෙන් කෑ ගැහුවා ටික දවසක ඉදලා මට එයාගෙ හැසිරීමේ වෙනසක් දැනුනා දරැවෝ දෙන්නට උනත් ටිකක් සැරෙන් කතා කරනවා දැක්කා මං නැතුව නින්දයන්නෑ කීව එයා දෝණී එක්ක තනියම නිදාගත්තා.මට ඒක දරාගන්න පුළුවන් උනේ නෑ මගේ අම්මා මම ඉවසුවේ ඔයාට තිබ්බ ආදරේ නිසා ...වෙනදට පුංචි කෙල්ලක් වගේ මාත් එක්ක හුරතල් උනේ ඔයා. මට අහන්න ගොඩක් දේවල් තිබ්බත් ඔයා හිතාමතාම මාව මගඇරියා .දවසක් මම  වැඩකර කර ඉද්දි ඔයාගේ පෝන් එකෙන් කෝල් එකක් ආවා .මට පුදුමත් හිතුනා දැන් මාස ගානකඉදන් ඔයා මට කෝල් ගන්න එකත් නතරකරා මම හේතු හොයන්න නොගියෙ රන්ඩුවෙන්න බැරි නිසා රත්තරං

"හලෝ"

"ආ මල්ලි පොඩ්ඩකට ගෙදර එනවද"

කතාකරේ  එහා ගෙදර අක්කා මට බයක් වගේම  ලොකු කුතුහලයකුත් දැනුනා මම එහෙම්ම වාහනෙට නැගලා ගෙදර ආව‍ා.
                  දෙවියනේ අපේ මිදුල පිරෙන්න අහලපහල කට්ටිය ඇවිත්. මේ මොකද මගේ ඇගට දාඩියක් දාගන ආවා මම හිතට   ශක්තිය අරන් වාහනෙන් බැස්සා.ඒ එක්කම අර කතාකරපු අක්කා මගෙ ලගට ආවා පුතුවත් දුවගන ආවා එයා තාමත් මොන්ටිසෝරි ඇන්ද ඇදුම පිට්න්  මම පුතුවව වඩාගත්තා.

"මල්ලි නංගිව හොස්පිටල් නතරකරා ඔයා ඔහෙම්ම ගියොත් හොදයි මම පුතාව බලාගන්නම්"

"ඇයි අක්කේ මොකද උනේ"

"නංගි කලන්තේ දාලා වැටිලා හිටියා පුතා කෑ ගහන සද්දෙට මං ආවේ.එයාට සිහිය ආවේ නැතිනිසා අපි හොස්පිටල් අරන් ගියා ."

දෙවියනේ මගෙ රත්තරං ඔයාට මොකද උනේ මම ඉක්මනට රෝහලට ගියා ඒ වෙලාව ලෙඩ්ඩු බලන වෙලාවක් නොවුනත් මට යන්න දුන්නා .මම දුවගනවගේ ගියේ එයා දැම්මා කීව වාට්ටුවට ඒත් එයා එතන හිටියෙනෑ.හෙදියක් ඇවිත් මාව දැඩිසත්කාර ඒකකයට එක්ක ගියා. 
       අනේ මගේ අම්මා ඔයා මලකදක් වගේ ඔහේ වැටිලා ඉන්නවා.ඇගපුරාම බට ගහලා වයර් දාලා.
"නෝනා....මගේ  සුදු අම්මා ..."

මම කතාකරා එයා එකපාරම ඇස් ඇරලා බැලුවා.ඇස් කෙවෙනි මත්තේ පුංචි කදුලක් ගලා ගියා.මට වාවගන්න  බෑ රත්තරං මට ඉකි ගැහිලා ඇඩුනා. ඒත් එක්කම මට ඩොක්ටර් කතාකරා මම ආයාසයෙන් ඇඩුම වාවගන එතෙන්ට ගිය‍ා.
"වෙරි සොරි මිස්ටර් මේ ඔයාගෙ නෝනා නේද?"
"ඔව් ඩොක්ටර්"
"කලින් දන්නවද මෙයාට කැන්සර් එකක් කියලා"

"න්...නෑ..ඩොක්ටර්"

"දැන් කරන්න මොකුත්ම ඉතුරැවෙලා නෑ මිස්ටර් හිත හදාගන්න නෝනට තියෙන්නෙ ගැබ්ගෙල පිලිකාවක්  මේක මීට අවුරැද්දකට විතරකලින් නෝනා දන්නවා ඔයාලට කියලා නෑ."

"එය‍ා දන්නෙ කොහොමද ඩොක්ටර් "

"අපි  ලංකාවේ හැම තැනකම සුවනාරි කියලා  පරීක්ෂනයක්කෙරනවා ඒකට ඔයාගේ නෝනා  ගිහින් තියනවා ඒකේ රිපෝට් එක හොදනැති නිසා ආයේම මෙයාව කැදවලා තියනවා ඒත් ඇවිදින් නෑ මේ විස්තර අපිට  ලැබුනේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි කාර්‍යලයෙන්."

"මම  මේ කිසිදෙයක්  දන්නෙ නෑ.....එයා දවසක් මට කීවා moh   යන්න ඕන   ම්ස් එන්න කීවා කියලා.මම එයා කවදාවත් තනියම යවලා නෑ  එද‍ා එයා කීවා ඒකට පිරිමි යන්නෙ නෑ මම තනියම යන්නම් කියලා මම එයාව moh එක ලගින් දාලා වැඩට ගියා.මට ඒක ගැන අහන්න ගානක් තිබ්බෙ නෑ."

මට ඉකිගැහිලා ඇඩුන‍ා මගෙ රත්තරං මැනික ඒක තමයි එයා බලගෙන ඉද්දි විරැපඋනේ මාත් එක්ක රන්ඩු උනේ
හැමදාම  ඔළුව රිදෙනවා කිය කිය පැනඩෝල්  කොච්චරනම් බීවද ඒ වේදනාව දරාගන්න බැරිව වෙන්න ඇති මගෙ අම්මා ඉස්සර ඔයාට චූටි ඔළුවෙකැක්කුමක්වත් දරාගන්න බෑ හයියෙන් කෑ ගහලා අඩනවා.මම රෑ එලිවෙනකන් ඔළුව අතගානවා ඔයා සනීපෙට ඉන්න හැටිදැක්කම මට ඔයාව බිම්න් තියන්න හිතෙන්නෑ.මම කීයට හරි ඔයා  ඇහැරෙනකන් ඉදගන ඉන්නවා .ඔයා ඇහැරැනාම අඩනවා.

"අනේ මහත්තයෝ  ඔයාටමං වද දෙනවා වැඩ කරලා ඇවිත් මාවත් නලවන්න ඕන නේද....නිදාගන්න දැන් මට හොදයිනේ "

එහෙම කියලා හා පැටියෙක් වගේ එයා මගෙ උනුසුමට තුරැල්වෙනවා .ඒ හැමදෙයක්ම මට මැවෙන්න ගත්තා.මම තවත් ටික වෙලාවක් මගෙ මැණික දිහා බලන් හිටියා එයාගේ ඇස් මලානිකවෙලා...මාව අදුරගන්නවත් පුළුවන්කමක්  තිබ්බේ නෑ.මම එහෙම්ම ගියේ ගැටබේ බොධිය ලගට මම ඉල්ලපු හැමදේම මට දුන්නේ මේ බෝධිය  මම බොධිය දිහා බලාගන ටිකවෙලාවක් භාවනාකරලා  හිත චුට්ටක් හරි හදාගන්න උත්සාහාකරා මම මගේ රත්තරංගෙ ජීවිතේ ආපහු දෙන්න කියලා ඉල්ලුවා නෙලෙැබෙන බව දැන දැනත් මම ඉල්ලුවා.එයා හොස්පිටල් හිටියේ දවස් තුනයි........මාව පිච්චෙනවා  රත්තරං මං කන්නේ බොන්නෙ මොනවද කියලා මංවත් දන්නෙ නෑ.මම ඔහේ ඇවිදිනවා.රෑ වෙනවා එලිවෙනවා මට දැනෙන්නේ නෑ.සත්තයි සුදු අම්මා කිසිදෙයක් දැනෙන්නෙ නෑ. දවස් තුනකට පස්සේ මගෙ රත්තරං අපි තුන්දෙනාව සදහටම තනිකරලා දාලා මේ ලෝකෙන් යන්න ගිය‍ා.එයාගේ සිරැර බදාගන මම  පිස්සෙක් වගේ ඇඩුවා මට සිහියක් තිබ්බේ නෑ කවුරැ මොනවා කීවත් මට අහන්න උවමනාවක් තිබ්බේ නෑ.මගෙ රත්තරං මගෙම කරපිටින් අරන් ගිහින් තනිකරලා එන්න මට පුළුවන්ද දෙවියනේ .....මාව බලෙන් වගේ එයාගෙන් වෙන්කරල‍ා ගෙදර එක්ක ආවේ .මුළු ගමම අඩපු එකම දවස අද මගෙ රත්තරං ඔයා හැමෝටම උදවුකරගන  ලස්සනට හිටපු ගෑණියක් ඒත් අපි කාටවත්ම නොකිය‍ා ඔයා යන්නගියේ ඇයි මගෙ රත්තරං.දවස් හතේ දානේ දීලා මගෙ අම්මට ආයේ කවදාවත් මේ වගේ අකල් මරනයක්නම් වෙන්නඑප‍ා කියල‍ා පාර්ථනාකරා ..මගේ අහිංසක දරැපැටවුදෙන්නා දාලා මට එන්න බෑ ...අනේ මගේ දෝණී තාම දෝණිට වයස දහයයි.එයාට අම්ම‍ා ඕනකාලෙම එයාට අම්මා නැතිඋනා........මොනවා කරත් මට ලොකු  ගැටළුවක් හිතේ  තයෙනවා ඇයි නෝන‍ා එයාගේ ලෙඩේ අපෙන් හැංගුවේ කියලා. මම එයාගේ අල්මාරිය ඇරියා මෙච්චරකාලෙකට මම කවදාවත් එයාගේ පෞද්ගලික ජීවිතේට ඇගිලි ගහලා නෑ ...එයා දිනපොතක්  පාවිච්ච්කරා.අල්මාරියේ ලාච්චුවේ පොත් තුනක් තිබුනා .එකක් එයාගේ  ඉස්කෝලේ යනකාලේ ගත්ත සමරැපොත අනික මමයි එයයි ආදරේකරපුකාලේ එයා ලියපු දේවල් තිබ්බපොත. අනිත් එක දිනපොත මම දිනපොත ගැහෙන අතැගිලිවලින්පෙරලුවා.

අපේ ආදරනීය ජීවිතේ ඒකේ මුල් පිටුවල ලියල‍ා තිබුනා.

""""මතකද ඔයාට  දෝණී හම්බෙන්න ඉද්දි  මම ඉස්සරහා පඩිය ලග වැටිලා වගේ හයියෙන් කෑ ගැහුව‍ා ...ඒ ඔයාව අවුස්සන්න හිතාගන ඒත් මගේ වස්තුව මාව හරහට වඩාගන කාර් එක අැතුලෙන් ගිහින් තිබ්බේ හොස්පිටල් යන්න ...මම හය්යෙන් හිනාවෙලා ඔයාගේ බෙල්ල බදාගන ඉබින්නගත්තා ...මේ තාම හිනා...ඔයා දෝංගාලා මාව කාර්එකේ ෂීට් එක උඩට අතඇරලා යන්න ගිය‍ේ තරහින් අම්මෝ ඒකනම් රිදුනා සුපිරියටම."""

මගේ ඇස් බොදවෙනවා මේවා මම කියවන්නෙ කොහොමද දෙවියනේ මට හුස්ම හිරවෙනවා වගේ දැනනා.මම අවසාන පිටු පෙරලුවා.

"""දෙවියනේ මට කැන්සර් එකක්ලු ...අනේ මගේ දරැවෝ මම මොනපවක් කරාටද මේ ....අපි හැමෝම පාරට වැටෙයි අමාරැවෙන් ගොඩනගාගත්ත හැමදේම නැතිවෙලායයි. මම නොකා නොබීකල්පනාකරා ...මම  මේක මහත්තයාට කියනවද නැද්ද කියලා .කීවත් නැතත් මම මැරෙනවා ඒක ස්ථීරයි ..මට ලොකු හුස්මක්පිට උනා.අපි දෙන්නයි දරැ දෙන්නයි ජීවත් උනේ පනට පන නේද මහත්තයෝ මං දොහොමද මැරෙන්නේ අනේ මට මැරෙන්න බෑ රත්තරං ........"""

මට  තවත් ඒක කියවන්න  ශක්තියක් තිබුනේ නෑ.මගේ අැස් බාෙදවෙලා ගියා පපුව හිරවෙනවා වගේ දැනුනා මම පොත හිරකරලා බදාගත්තා මගෙ  මැණික තනියම මොනතරම් දුකක් විදින්න ඇද්ද දෙවියනේ.මම හිතඩ, දැඩිකරගන ආයේමත් කියවන්න ගත්තා.

"""ඔයාට මතකද රත්තරං  මම සුවනාරි  කරන්න ගියා  ..අපේ  මිඩ්වයිෆ් ම්ස් මට කෝල් කරලා එන්නකීවා.මම දන්නවා මහත්තයෝ රිපෝට් අප්සට් අයට තමයි කෝල්කරලා කියන්නේ කියලා ඔයාට නොකියා මම ගියා .එතනදි ඩොක්ට මට කීවා ඔයාව එක්ක එන්න කියලා මම කීවා ඔයා එන්නේ මාස දෙකකට විතර පස්සෙ ගෙදර දුර වැඩ කියලා.ඊට පස්සේ කීවා මට ගැබ්ගෙල පිලිකාවක් වැඩි දුර පරීක්ෂන කරන්න ඕන කියලා...මට මහන්සියි රත්තරං මේකවත් ලියාගන්න බෑ...මම එදා මගෙ මරනසහතිකේ අරන් ගෙදර ආවා මම මැරෙනබව මම දන්නවා තව අවුරැද්දක් දෙකක්  ජීවත්වෙයි ඒත් මම දන්නවා මගෙ මහත්තයා තියන දෙයක් විකුනලා හරි මාව සනීප කරගන්න බලනවා
කියලා අන්තිමට ඔයාලට මාවත්  නෑ.ගෙවල් දොරවලුත් නෑ.මටබෑ මගෙ දරැවො දෙන්නයි ඔයයි පාරට දාලා මැරිලා යන්න ......ඒකයි රත්තරං මං නපුරැඋනේ ඔයාව ඈත්කරේ දරැවන්ට නපුරැකම්කරේ ..මුළුදවසම මම ගෙව්වේ කදුළු එක්ක මගෙ මහත්තයෝ......දුක්වෙන්න එපා මගෙ වස්තුවේ ...ඔයා මේක කවදා කියවයිද මම දන්නෑ ...හැබැයි එදාට මම ඔයාලා හැමෝම දාලා ගොඩක් දුර ගිහින් ඉදී.
ඉපදෙන හැමෝම මැරෙනවා තමයි ඒක තමයි ලෝක  ස්භාවය අපට වෙනස්කරන්න බෑනේ .....මගේ පුතුවා පව්  අම්මි කුක්කු හොයයි මොන්ටිසෝරි ඇරිලා ඇවිත් . එයාව ආදරෙන් බලාගන්න ..දෝණියට හැමදේම කියලා දෙන්න මම එයාට තනියම වැඩකරගන්න  කියලාදීලා තියෙන්නේ  ඒත් එයාව ඇස්දෙක වගෙ පරිස්සම් කරගන්න එය‍ා ලොකුවෙද්දි මම වගේම ඉදී නේද රෝස කම්මුල් ලොකු ඇස් ඔයා ආසම දිග කොන්ඩේ .......හා...හා ...අඩන්න එපා රත්තරනේ  මතු උපදින  හැම බවයකදිම  මම ඔයාලා ගාව  ඉපදෙනවා රත්තරං .ආදරෙයි මම මහ ගොඩක් ."""

දෙවියනේ මගෙ මැණික ඇයි දෙයියෝ තව ටික කාලයක්වත් අපිත් එක්ක ඉන්න බැරිඋනේ දෝණියා ලොකු ළමයෙක් වෙනකන්වත් මට වඩා  ඔයාව ඕන එයාලටනේ රත්තරනේ  ....දැන් මම මොනවා හිතුවත් වෙන්න ඕන දේ වෙලා ඉවරනේ....මම ඔයාලට දෙයක් කියන්නම් ..ඔයා ගෑණු කෙනෙක්නම් අනිවාර්යෙන් මේ ගැබ්ගෙල පිලිකා පරීක්ෂනය කරගන්න එයානම් ගියා ඒත් අසරන උනේ අපේ දරැවෝ නේද ?...දරැවන්ට ආදරෙයි නම් ඔයා ඔයාගැන සැලකිලිමත් වෙන්න ..කලින්ම දැනගත්තොත් අපට පුළුවන් ලෙඩේ සුවකරගන්න .ලැජ්ජාවෙන්න බයයවන්න  කිසිම දෙයක් නෑ.

අවසානයි.
*************
-Chandrika kumari-

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment